සීසර්ගේ දේ සීසර්ට - මහින්දගේ දේ මහින්දට

මහින්ද රාජපක්ෂවාදියකු වන පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න සිය ෆේස්බුක් පිටුවේ සුසිල් ප්‍රේමජයන්තගේ ඡායාරූපයක් පළ කරමින් THIRAYEN PITUPASA MAHINDA WENUWEN AYOMAYA SHAKTHIYA යි සටහන් කර තිබිණි.

පූජකයෝ ජේසු අමාරුවේ දාන්න මිනිසුන් ලවා ප්‍රශ්නයක් ඇසූ බව බයිබලයේ සඳහන් වෙනවා. අහපු ප්‍රශ්නය තමයි සීසර්ට බදු ගෙවිය යුතු ද යන්න. එපා කිව්වා නම් ජේසු අමාරුවේ වැටෙනවා. ගෙවන්න කිව්වා නම් යුදෙව්වන් ඒ අදහසට විරුද්ධ වෙනවා. කාසියක් ගෙන්වා ගත් ජේසු ඇහුවා එහි තිබෙන්නේ කාගේ රූපය ද, නම ද කියා. එහි තිබෙන්නේ සීසර්ගේ නම හා රූපය යි පැවසූ විට ජේසු කීවේ ‘සීසර්ගේ දේ සීසර්ට දෙන්න. දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න' කියා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් ද තිබෙන්නේ මෙවැනි පිළිතුරකි. එහිදී කීමට සිදු වන්නේ ‘මහින්දගේ දේ මහින්දට දෙන්න. දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න' යි කියා ය.

මෙතැනදී දෙවියන් යනු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නො වේ. මේ වන විට ඔහු ජනවාරි 08 විප්ලවයේ බලාපොරොත්තු සුන් කරන යම් ක්‍රියාමාර්ග ගෙන හමාර ය. එක පැත්තකින් එය ඔහුගේ වරදක් නො වන්නට ද පුළුවන. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාර ගනිද්දී එතරම් ගැඹුරට සිතා නො බැලුවා විය හැකි ය. සරළව කිවහොත්, ඔහු විසින් පරදවන ලද, ඔහුව පැරදවීමට ගොස් අසාර්ථක වූ පක්ෂයකට ඔහුට නායකත්වය දිය නො හැකි ය. එහි මූලික සදාචාරාත්මක ප්‍රශ්නයක් ද බැඳියා පිළිගැටුමක් (conflict of interests) ද තිබේ.

පවතින ශ්‍රීලනිපය යනු මහින්ද රාජපක්ෂගේ නිර්මානයකි. එය සමන්විත වන්නේ මහින්ද රාජපක්ෂ රජකු සේ ප්‍රවර්ධනය කළ, ඔහුගේ ඒකාධිපති පාලනය නිහඬව ඉවසා සිටි, රාජපක්ෂ පවුලට පක්ෂයේ බලය පවරා දුන්, රාජපක්ෂ පවුලේ අත පල්ලෙන් වැටෙන දෙයකින් සැනසුණු, මහජන දේපල සොරකමින් ධනවත් වූ, තමන් කළ අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගෙන් මුක්තිය අපේක්ෂා කරන බලවේගයකිනි. ඇමතිවරුන්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෝ ඊටත් පහළ මට්ටම දක්වා ම තත්වය එයයි. මෙම බලවේගය මහින්ද නැවත බලයට පත් කිරීම සඳහා වෙහෙසෙන්නේ හේතු ඇතිවයි. ඔවුන්ගේ පැවැත්ම තීරණය වන්නේ මහින්දගේ පැවැත්ම මත ය. මහින්ද යනු හුදු පුද්ගලයෙක් නො වේ. සමාජ ක්‍රමයකි.

මෛත්‍රීපාල සිරිසේන යනු මේ ක්‍රමයට ඇතුළතින් ම අභියෝග කළ පුද්ගලයෙකි. එහෙත්, ඔහු ජනාධිපතිවරණය ජය ගත්තේ රාජපක්ෂ ක්‍රමයේ අනුගාමිකයන්ගේ ඡන්දයෙන් නො වේ. ඔහු දිනුවේ රාජපක්ෂ ක්‍රමයට එරෙහිව සටන් කළ මිනිසුන්ගේ ඡන්දයෙනි. ඔහුට ශ්‍රීලනිපයෙන් ඡන්ද වැටුණේ අතළොස්සකි. එහෙව් පක්ෂයක නායකත්වය අතට ගැනීම හා දැන් එය ගොඩ දමන්නට වෙර දැරීම යනු මහත් අභාග්‍යසම්පන්න තත්වයකි.

ඔහු මහින්ද රාජපක්ෂ සමග කුමන අන්දමේ සම්මුතියකට එළඹ තිබේ ද යන්න අපැහැදිලි ය. එහෙත්, දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් මෛත්‍රී හා මහින්ද යන දෙදෙනා ම තරග කරන්නට සැරසෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි.

අගමැති අපේක්ෂකයෙකු නම් නො කරන බව ද අධ්‍යයනය කර තිබේ. එසේම, මහින්ද රාජපක්ෂ තම අපේක්ෂකයන් වෙනුවෙන් වෙනම ද, මෛත්‍රීපාල සිරිසේන තම අපේක්ෂකයන් වෙනුවෙන් වෙනම ද කැම්පේන් කරන්නට යන බව දැනගන්නට තිබේ.

එසේ සිදු වේ නම්, මේ වනාහි මෛත්‍රීපාල සිය දිවි නසා ගැනීමක් බඳු ය.  මහින්දගේ ජනප්‍රියත්වය පාවිච්චි කරමින් සිය ගෝලබාලයන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න වැනි අය බෝඩ් කර ගන්නට ඔහු උත්සාහ කරන බව පෙනේ. එහෙත් මහින්ද සමග සම්මුතියකට ගියහොත් මෛත්‍රී පිලේ නියෝජිතයෝ නියත වශයෙන් ම පරදිනු ඇත. ඔවුන්ට ලැබෙන ඡන්දයෙන් ද සිදු වන්නේ මහින්ද පිලේ චෞරයන් ම වැඩිපුර බලයට පත් වීමයි.

මේ අන්දමින් ඡන්ද කෙරුවාව කළහොත් මෛත්‍රීට අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙක ම නැති වනු ඇත. කොයි ආකාරයෙන් ආවත් ශ්‍රීලනිපයට මෙම ඡන්දය දිනන්නට බැරි ය. මහින්දගේ අගමැති සිහිනය සැබෑ වන්නේ ද නැත. එය සැබෑ වුණහොත්, මෛත්‍රීගේ ජනාධිපති ධුරයට වතුර බෝතලයක පිහිට ය.

මෛත්‍රීට තවමත් කරන්නට දේ ඉතිරි වී තිබේ. මහින්දගේ දේ මහින්දට දිය යුතු ය. ඒ කියන්නේ ඔහු නායකත්වය දෙන චෞර කැළට ඔහු සමග ම යන්නට ඉඩ දිය යුතු ය. සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා වැනි තිරයෙන් පිටුපස සිටින මහින්දගේ අයෝමය ශක්තීන්වලට ද තීරණයක් ගන්නැයි දැනුම් දිය යුතු ය. කරන්නේ කුමක්දැයි නො දැන නිදි කිරන නිමල් සිරිපාලට ද තීරණයක් ගන්නට බල කළ යුතු ය. මහින්ද සමග මෛත්‍රී කිසිදු සම්මුතියකට යා යුතු නැත.

ශ්‍රීලනිපය මහින්දගෙන් වෙන් විය යුතු ය. චෞරයන්ට නායකත්වය දීමේ වගකීම මහින්දට ම භාර දිය යුතු ය. මෛත්‍රීපාල විසින් කළ යුතුව තිබෙන්නේ ශ්‍රීලනිපයේ අලුත් පිරිසක් ඉදිරියට ගැනීමයි.

ශ්‍රීලනිප රාජපක්ෂ ක්‍රමයෙන් ගලවාගෙන නවීන පක්ෂයක් බවට පත් කිරීම මෛත්‍රීපාලට පැවරී තිබෙන යුගයේ කාර්යභාරයකි. ශ්‍රීලනිපය මහින්දගෙන් බේරා ගැනීම යනු රට දූෂණයෙන් බේරා ගැනීමේ ම අදියරකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ‘‘ශ්‍රීලනිපය මහින්දගෙන් වෙන් විය යුතු ය. චෞරයන්ට නායකත්වය දීමේ වගකීම මහින්දට ම භාර දිය යුතු ය. මෛත්‍රීපාල විසින් කළ යුතුව තිබෙන්නේ ශ්‍රීලනිපයේ අලුත් පිරිසක් ඉදිරියට ගැනීමයි.

    ශ්‍රීලනිප රාජපක්ෂ ක්‍රමයෙන් ගලවාගෙන නවීන පක්ෂයක් බවට පත් කිරීම මෛත්‍රීපාලට පැවරී තිබෙන යුගයේ කාර්යභාරයකි. ශ්‍රීලනිපය මහින්දගෙන් බේරා ගැනීම යනු රට දූෂණයෙන් බේරා ගැනීමේ ම අදියරකි.‘‘

    සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. This is the real summery of the article.

      Delete
  2. මෛත්‍රී හොරු සමග හෙලුවෙන් ඉන්නෙ නැතුව සීසර්ගෙ හොරු ‍රැල සීසර්ටම භාරදී අලුත් ගමනක් යායුතුයි. හූණු බිජ්ජක මොලයක් තියෙන මිනිහෙක් මේ හොරු ‍රැලට ඡන්දෙ දෙයිද? හූණු බිජ්ජක තරම්වත් මොලයක් නැත්නම් රටේම අවාසනාව තමයි.

    ReplyDelete
  3. ලිපියට අදාළ දෙයක් නෙමේ නිකන් ලියන්න හිතුවේ,

    සීසර් ගේ දේ සීසර්ට දෙන්න සහ දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න කියලා යේසුස් වහන්සේ කිවුවේ තමන්ගේ බේරුමට නෙමේ. එතන එතුමා අදහස් කලේ ලෝකයේ දේවල් සහ අධ්‍යාත්මික ලෝකයේ දේවල් ගැන. අපේ ආත්මය අයිති දෙවියන් වහන්සේට ඒක උන්වහන්සේට දෙන්න කියන එක අදහස් කලේ. මොකද මේ කෙටි බයිබල් පදය තුල තියෙන වාක්‍ය අනෙකුත් පද කීපයක් එක්ක එකට සම්බන්ධයි.. හි හි ඇනෝ මාමලා බයින්න ඔට්ටු නෑ හොඳේ දේශපාලනය ගැන අවබෝධයක් නැති හින්දා නිකන් මේක කොටලා යන්න හිතුණා .. :D

    ReplyDelete
  4. BALA WALAPEMI NELAGANU BERI HANTHANA SIHINE...

    ReplyDelete
  5. මහින්ද යනු වසර 45 කට අධික කාලයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ හොඳින් පදම්වුණු චරිතයකි. මහින්ද ජනාධිපතිවරණ පරාජයෙන් පසු මෛත්‍රීපාල අතට පත්කළේ පක්ෂ නායකත්වය යන සුක්ෂම කාල බෝම්බයයි. මෛත්‍රීපාල සහ ඔහුගේ අගසව්වන් වන රාජිත සහ චම්පික ගණන් හැදුවේ මෛත්‍රීපාලගේ පක්ෂ නායකත්වය නිසා, පැරදුණු මහින්ද වෙතින් ඈත්වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මෛත්‍රීපාල වටේ රොක්වෙයි කියාය. ඒ අතර රනිල් උත්සාහ කළේ පස්සා දොරෙන් ජනාධිපති බලතල තමන්ට ලබාගන්නය. ඒ අතරම ඔහු රහසිගතව මහින්ද ආරක්ෂා කරණ තැනකට ගියේ මෛත්‍රීපාල දුර්වල කරන්නය. ශුර දේශපාලකයකු වූ මහින්ද කල් යල් බලා නැවත සැලසුම් සකස් කළේය. ජනපතිවරණ හංස සන්ධානය සමග සිටි සුළු පක්ෂ මහා මැතිවරණයට වෙනම තරඟකරයි. ශ්‍රීලනිපය තුළ සහ එජනිස තුළ මෛත්‍රීපාලගේ බලය දුර්වලය.ඔහුට ශ්‍රීලනිප සහ එජනිස චන්ද පදනමින් 10% ක් වත් ඇද්දැයි සැකසහිතය. තම බලය පක්ෂය හෝ සන්ධානය තුළ තහවුරු කරගැනීමට ඔහුට කාලයක් නැත. එජාපය " සිංහල බෞද්ධ ගම" තුළ තවමත් දුර්වල අතර රනිල් සිහින දකින ආසන 125 දවල් හීනයකි. දැන් දැන් දැඩි මහින්දවාදීන් කියන්නේ මෛත්‍රීපාල සමග එකඟතාවයක් අවශ්‍ය නැති බවත් එකඟතාවයක් තිබ්බත් නැතත් ඊළඟ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි වන්නේ තම කණ්ඩායමට බවත්ය. මෛත්‍රීපාල සමග එකඟතාවයක් සහිතව මහා මැතිවරණයට තරඟ කළත් මහින්දවාදීන් බලවත්වීම වැළක්විය නොහැකි අතර රාජිත සහ චම්පික වැන්නවුන් අද පත්ව ඇත්තේ ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී තත්ත්වයකටය. මේ කණ්ඩායමට මොන තත්වයක් යටතේවත් ශ්‍රීලනිප සහ එජාප චන්ද ලැබෙන්නේ නැත. මැදිහත් විචාරකයන්ගේ අදහසවන්නේ මහින්ද කණ්ඩායම සරල පාර්ලිමේන්තු බහුතරයකට ආසන්න චන්ද සංඛ්‍යාවක් ලබන බවත් ඉන්පසු අවශ්‍ය බහුතරය ලබාගැනීමේ කලාව ඉතා හොඳින් ප්‍රගුණකර ඇති මහින්ද ඊළඟ ආණ්ඩුව පිහිටවන බවත්ය. නමුත් මගේ විශ්වාසය වනුයේ මහින්ද "රනිල්ගේ සර්ව පාක්ෂික සුළුතර එකතුවකින් සැදුනු අස්ථාවර සිහින ආණ්ඩුවට" ජිනීවා යුධ අපරාධ චෝදනා ඉදිරිපත්වීම දක්වා කෙටි කාලයක් ඉඩහරිනු ඇත යන්නයි. මහින්දට විරුද්ධව යුධ අපරාධ චෝදනා එල්ලවීම වැළක්විය නොහැකිය. මහින්ද එය දකිනුයේ මහා ආශීර්වාදයක් ලෙසය. මහින්ද දේශපාලනය කරන්නේ ජිනීවාවල නොව ලංකාවේය. ඔහුව යුධ අපරාධකරුවෙකු ලෙස ලංකාවේ දේශපාලනය කරන කිසිවෙකු හැඳින්වුවහොත් එය එම පුද්ගලයාගේ දේශපාලනයේ අවසානය බව ඔහු හොඳින් දනී. එම චෝදනාවන් සමගම මෛත්‍රීපාල සහ "රනිල්ගේ සර්ව පාක්ෂික සුළුතර එකතුවකින් සැදුනු අස්ථාවර සිහින ආණ්ඩුව" බරපතල අර්බුදයකට යාමට නියමිත අතර මහින්දගේ ජනප්‍රියත්වය ඉහලම අඩියකට පත්වීම නොවැලක්විය හැකිය. රටතුල ඇතිවන එම "දේශප්‍රේමී උමතුව" තුළ රනිල්ගේ සිහින ආණ්ඩුව මන්ත්‍රී මාරුවක් මගින් පෙරලා දැමීම මහින්දට පැය හෝ දින කිහිපයක සරල කාරණයකි. එය මෛත්‍රීපාලගේ දේශපාලනය අවසන් කිරීමේ මුල් පියවර වනු ඇත. කණගාටුවට කාරණය නම් දෙවියන් වහන්සේ පය බිම තැබීමට කල්පනා කරමින් සිටියදී සීසර් තමාට දෙවියන්වහන්සේවද අන්දවා පිනුම් ගැසීමට පිටිය සකස්කර අවසන් වීමයි. පිනුම් වලින් පිනායන " සිංහල බෞද්ධ මනස " නිසා සීසර්ට තමන්ගේ කොටස පමණක් නොව දෙවියන් වහන්සේගේ කොටසද නිසැකවම ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ["රනිල්ගේ සර්ව පාක්ෂික සුළුතර එකතුවකින් සැදුනු අස්ථාවර සිහින ආණ්ඩුවට" ]

      සුලුතර පක්ෂ එකතුවෙලා හැදුනු පලියට ඒක කොහොමද හලෝ අස්ථාවර ආන්ඩුවක් වෙන්නේ... ඉන්දියාවෙ කොන්ග්‍රස් එක අවුරුදු 10 (2004-14) ගෙනිච්චෙ පක්ෂ කීයක් එකතුවෙලා හදාගත්ත සභාග ආන්ඩුවකින්ද?

      [මහින්ද දේශපාලනය කරන්නේ ජිනීවාවල නොව ලංකාවේය. ඔහුව යුධ අපරාධකරුවෙකු ලෙස ලංකාවේ දේශපාලනය කරන කිසිවෙකු හැඳින්වුවහොත් එය එම පුද්ගලයාගේ දේශපාලනයේ අවසානය බව ඔහු හොඳින් දනී. ]

      ජිනීවා කේස් එකේදි වෙන්නේ මෙච්චරයි.. ඕක 2016 මාර්තු වලට කල්යනව.. සැප්තැම්බරයේ පිහිටුවාගන්න අලුත් ආන්ඩුවට තව කල් දියයුතුයි කියල තමයි ජාත්‍යන්තර මතය හැදෙන්නෙ...
      2016 මාර්තු වෙනකොට මරාගෙ 'කැරිස්මා' එක ඉවරයි... මරා වෙනුවෙන් මිනිස්සුන්ට ඔය හිතන විදිහෙ කැක්කුමක් නෑ.. ගත්ත ලක්ෂ 58න් ලක්ෂ 20 විතර මේ වෙනකොටත් හැලිල ඉවරයි...

      අනෙක් අතට යුධ අපරාධ වලට මරාට වඩා ඉලක්ක වෙන්නෙ ගෝටව.. ඒකාලෙ වෙනකොට ගෝටා හිරේ ඉන්නත් පුලුවන්.. අනෙක් අතට ගෝටා ඇමරිකානු පුරවැසියෙක් හින්දා ඇමරිකානු නීතිය යටතේ අත් අඩංගුවට ගත්තොත් කාටවත් කරන්න දෙයක් නෑ...

      Delete
    2. 2000 -2014 කොංග්‍රස් ආණ්ඩුව පක්ෂ ගණනාවකින් සැදුනු එකක් වූ බව සැබෑය. වසර 10 ක් ආණ්ඩු කළ බවත් සැබෑය. නමුත් සැබවින්ම බොහෝ විට ඉන්දියාවේ බිහිවන්නේ පක්ෂ කිහිපයකින් යුතු ආණ්ඩුවකි. භාරතීය ජනතා පක්ෂයට පැහැදිලි ලෝක් සභා බහුතරයක් තිබුනද අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට පක්ෂ 13ක් ඇතුලත්ය. ඉන්දීය සභාග දේශපාලනය ශ්‍රී ලංකා සභාග දේශපාලනයට වඩා බෙහෙවින්ම වෙනස්ය. මේ ගැන ඔබ හදාරනවානම් ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආරම්භයේ පටන් හැදෑරිය යුතුය. එය බ්ලොග් වල කමෙන්ටු ලිවීමට වඩා ඉතා වෙහෙසකර කාර්යයකි. මම මහින්දට විරුද්ධ වුවත් හොඳට හෝ නරකට යොදාගතහැකි ඔහුගේ හැකියාව අවතක්සේරු නොකරමි. ඔබත් රනිල් මෙන්ම වර්තමාන එජාප හැකියාවන් පිළිබඳව අධිතක්සේරුවෙන් යුතුව කටයුතු කරන්නෙකි. මහින්දගේ ලක්ෂ 58 න් 20 ක්ම හැලී ඇත්නම් මෛත්‍රීපාලට සහ රනිල්ට ගෙදර ඉඳගෙනම ඊළඟ මහා මැතිවරණය දිනිය හැකිය. නැපෝලියන්ගේ පුනරාගමනයට පෙර 18 වන ලුවී කල්පනා කළේද මෙසේමය. නැපෝලියන්ගේ සුප්‍රකට දින සීය වෝටර්ලු පරාජයෙන් අවසන් වීමට වෙලින්ටන් සහ බ්ලුචර් මෙන්ම කාලගුණය සහ නේ ගේ ප්‍රමාදයද ඉවහල් විය. එය සිදුවුනේ 18 වන දිනකය.ඔබගේ ජිනීවා න්‍යාය ගැන වැඩිදුර කථා කිරීමට අවශ්‍ය වුනත් දැනට කාල වෙලාව නොමැත. නමුත් අප සැමට අගෝස්තු 17 වන දිනෙන් පසු රනිල් නිවාඩු ලබාදෙනු ඇත. එවිට මේ ගැන අපට වැඩිදුර කතා කල හැකිය. කරුණාකර ප්‍රවීණ දේශපාලන විචාරක ක්‍රිෂාන්ත කුරේවද රැගෙන එන්න.

      Delete
    3. බ්ලොග් අඩවිවල කමෙන්ටු නිදහස සාමාන්‍යයෙන් බ්ලොග් ඇඩ්මින් සතු දෙයකි. එය ඇඩ්මින්ගේ අදහස මත පදනම්ව විවිධාකාර වෙයි. ඒ ගැන මා හට නම් ප්‍රස්නයක් නොමැත. කමෙන්ටු නිදහස අතින් වඩාත් ඉදිරිගාමී අදහසක සිටිනුයේ අජිත්ය. මම බ්ලොග් කමෙන්ටු සම්බන්ධයෙන් නවකයෙක්මි. මාගේ කමෙන්ටු අත්දැකීම් මාස කිහිපයකට සීමා වෙයි. අජිත්ද " නාමල්ගේ ගුවන් සේවිකාව " සහ " 8 වනදා කුමන්ත්‍රණය " සම්බන්ධයෙන් මා ඉංග්‍රිසි භාෂාවෙන් පලකළ අදහස් හැර මාගේ සියලු ඇනෝ කමෙන්ටු පලකිරීමට කාරුණික විය. මාතලන්ද ඉහල ලෙස උපහාසාත්මක භාෂාව හැසිරවීමට සමතෙකි. බ්ලොග් සම්මාන ලාභියෙකි. නමුත් එමගින් ඔහු ගැඹුරු දේශපාලන කතිකාවත් දැවැන්ත ලෙස " සිල්ලර කරණය " කරයි. දිගු සංවාදයකට තුඩුදෙන කමෙන්ටු වාරණය කරයි. "
      " මහින්ද යනු වසර 45 කට අධික කාලයක්.." - Anonymous , June 29, 2015 at 2:31 PM සහ "2000 -2014 කොංග්‍රස් ආණ්ඩුව පක්ෂ ගණනාවකින් සැදුනු එකක් වූ බව..." - Anonymous - June 29, 2015 at 10:15 PM යනු " සීසර්ගේ දේ සීසර්ට - මහින්දගේ දේ මහින්දට" යන අජිත්ගේ ලිපිය සම්බන්ධයෙන් මා යොමුකළ කමෙන්ටු දෙකක් වන අතර අජිත් ඒවා පලකිරීමට කාරුණික විය. සමාන කරුණු අන්තර්ගතවන මාතලන්ගේ ලිපියක් සම්බන්ධයෙන් මා මාතලන්ට යොමුකළ මාගේ එම කමෙන්ටු අද දක්වා " මාතලන්" තුළ නැත. අජිත් මේ කමෙන්ටුව පල කරයි ද නැද්ද යන්න මා දන්නේනේ නැත. පලකළහොත් ඉතා දීර්ඝ විවාදයක් සඳහා මා සුදානම්ය. එසේම සහෝදර බ්ලොග් රචකයින් දෙදෙනෙකු කෙටවීමේ අදහසක්ද මා තුල නොමැත.

      Delete
  6. ඔහුව යුධ අපරාධකරුවෙකු ලෙස ලංකාවේ දේශපාලනය කරන කිසිවෙකු හැඳින්වුවහොත් එය එම පුද්ගලයාගේ දේශපාලනයේ අවසානය බව ඔහු හොඳින් දනී.

    මේහම වෙන්නෙ ඉතින් රටෙ කරුමෙට තමා

    ReplyDelete
  7. පිනුම් වලින් පිනායන " සිංහල බෞද්ධ මනස " නිසා සීසර්ට තමන්ගේ කොටස පමණක් නොව දෙවියන් වහන්සේගේ කොටසද නිසැකවම ලැබෙනු ඇත.

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    මසුරන් කතාව.... ලන්කාවෙ දේෂප්‍රේමීයන් කෙලවගන්නෙ ඔතනින් තමා

    ReplyDelete
  8. මෛත්‍රී පාල යනු රනිල් මෙන් නිසඟ විජාතික චින්තනධාරියෙක් නොවෙයි. ඔහු තුල ජාතිකත්වය සැඟ‍ීතිබේ දැන් එය අවදි වෙමින් පවතී.

    ReplyDelete
  9. To these people Ravi, Ranil Arjuna Mahendran etc. are not thieves! They are pure politicians! Only Mahinda family is attacked! Those who destroyed LTTE are being hated! This is truth. Now SATHOSA is being privatized! Foreigners are playing in the playground of SL! You all are hapoy. The Noryhern provincial council is being called Northern provincial GOVERNMENT! But you utter only Hora!, Hora! Hora! Gamini Dissanayaka was branded as ?Hora and the same people said: Gamini has an apple plantation in Australia!

    ReplyDelete
  10. දෙමළ බෙදුම්වාදීන් යුධ අපරාධ චෝදනා පරීක්ශණයක් ගැන මෙතරම් උනන්දු වන්නේ පසුගිය දශක දෙක තුල දෙකඩ උන රටවල් තුනෙන් දෙකක්ම කොසොවෝ සහ දකුණු සුඩානය, දෙකඩ උනේ මෙම මෙම ක්රදමය පාවිච්චි කිරීමෙන් නිසාය. සර්බියාවේ ස්ලොබොඩාන් මිලොසෙවික් සහ සුඩානයේ සුඩානයේ ඔමාර් අල් බශීර් මහින්ද මෙන්ම බටහිරට කට මැත දොඩවා තම රටවල් දෙකඩ කර ගත්හ. මාර්තුවේ ඉදිරිපත් වීමට තිබූ වාර්තාව ඇමෙරිකානු සහයෙන් කල් තබා ගත්තේ රනිල් ය. මහින්ද නැවත පාලකයා වුවහොත් මෙම වාර්ථාවෙන් පසුව ලංකාවට අපේ විශාලම ගැණුම්කරුවන් වන ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් ආර්ථික සම්භාධක පැනවෙනු ඇත. ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සහයෙන් ජනමත විචාරණ පවත්වා රට දෙකඩ වනු ඇත. මෙය වැලැක්වීමට බටහිර රටවල් අපේ පැත්තට නම්මව ගත යුතුය. සිහළුන් රැවටීමට පපුවට ගසා ගත්තාට බටහිර රටවල් මහින්දගේ බොරු වීට කථා වලට රැවටෙන්නේ නැත. රට බෙදීම වැලැක්වීමට හැකි බටහිරට හිතවත් රනිල්ට මිස බොරු ශෝ මහින්දට නොවේ.

    ReplyDelete
    Replies
    1. බටහිරට නම් 'රට බෙදන්න' අහවල් ඇම්මක් නෑ.. මේ ඇබිත්තන් දූපත කීයට බෙදුනත් නැතත් උන්ට ඇති වාසියක් හෝ අවාසියක් නෑ..
      ඔබගේ උදාහරන 2කේම (සර්බියාවේ හා සුඩානයේ ) අලුත් රාජ්‍ය බිහිකෙරුනේ ඒවායේ ජනකොටස් 2 නැවැත්විය නොහැකි සිවිල් යුද්ධවල පැටලී සිටිය නිසා සාමය ති කිරීමේ අවසාන උත්සහයක් වශයෙන්.. සර්බියාවේ මිලසොවිච් රුසියාවෙන් ආධාර ලබා තම රටේ මුස්ලිම් ව්සමූල ඝාතනය කල නිසා තමා ඔහුව යුද්ධාධිකරනයට ගෙනියන්නේ...

      අද සර්බියාව හා කොසෝවෝ යන 2කම සාමකාමී රටවල් (අනෙකුත් යුරෝපීය රටවලට සාපේක්ශව දුප්පත් උනාට ) නමුත් එක රටක් විදිහට තිබුනානම් තාම ලේ විලක්..
      නමුත් ලංකාවේ එහෙම තත්වයක් නෑ... දෙමල සහ සිංහල මිනිස්සු මහපාරේ ඇනකොටාගන්නෑ..

      යුධ අපරාධ ගැන ලෝකයේ කථා කෙරෙන්නේ එසේ අපරාධ යුද්ධයේ අවසන් සති කිහිපය ඇතුලේ සිදුවුනු නිසා.. ඒවා කලේ ආරක්ශක අංශවල සුලු පිරිසක්.. ඒගැන සොයාබලා වින්දිතයින්ට යුක්තිය ඉටු කල යුතුයි.. ඒ බටහිරුන් හෝ වෙනකිසිත් නිසා නොවේ.. ඒ අයත් අපේම ශ්‍රීලාන්කිකා සහෝදර පුරවැසියන් නිසා...

      Delete
  11. පැරාට වැරදිලා.සීසර්ගේ දේත් මහින්දට,ක්ලීයෝපැට්‍රාගේ දේ ශිරන්තිට.ඒකයි මහින්ද [ගූ]චින්තනයේ හරය.

    ReplyDelete
  12. අපි හදල දුන්න ආණ්ඩුවෙන් චන්ද්‍රිකා අමාත්‍යංශ පවරාගත් වෙලාවේ බටහිර රටවල ආශීර්වාදයෙන් රනිල් කළ එඩිතර වීදි සටන අප මතකයේ සදා රැඳේ. සැබවින්ම ආසියාව පිලිබඳ ඇමරිකානු සහ යුරෝපා න්‍යාය පත්‍රයේ අංක එක රනිල් සහ ඔහුගේ පැවැත්මය. මක්නිසාද යත් රනිල් නොමැති වුනොත් ආසියාව සම්බන්ධව ඔව්න්ගේ බලපෑම ඉතා අවම වන බැවිනි.

    ReplyDelete
  13. මහින්දට කඩේ යන පොන්න anonymous එවුන්ට දවල් හීන තියෙනවා තමා.. ඒකට අපි මක්ක කොරන්නෙයි ...

    මහින්දවාදී වහල් රැළට රනිල් කියන්නේ මහා බියකරු හීනයක්... උන්ට ඕන මහින්ද වගේ මෝඩ පකීර් කෙනෙක් ...

    ඇත්තට මහින්ද රට පාලනය කරා නම් අද ඔය මෝඩ පකීර්ට වෙලා තියෙන දේ වෙන්නේ නෑ .. මහින්ද බලයේ සිටි කාලය පුරා රට පාලනය කරේ බැසිල් සහ ගෝටා ... රියල් ඇත්ත එක තමා... ෂෝ එකේ ජෝකර්ලා මාර පුත්‍රයෝ තුන් දෙනා ... මහින්දයා කරේ මයික් කටා සීන් එක.. අන්තිමට අඟුරු කාපු උන් පැත්තක ඉද්දි ගින්දර රෙන්ඩ වෙලා තියෙන්නේ මහින්දට... හැබැයි එකෙන්ම පොරට එක වෙන්ඩ ඕන .. මොකද ජනතාව ජනාධිපති කරපු එකා තමයි වගකියන්ඩත් ඕනා. මහින්දට විතරක් නෙමේ ..මෛත්රිටත් එකෙන්ම ඒ තියරිය අදාලයි.. වැඩේ බාරගත්තා නම් කරන්න ඕන... පස්සේ පුක දානවා කියලා අඬන්න ඔට්ටු නෑ .

    දැන් අද කතාවට එමුකො... කවුරු මෝඩ ආතල් වල හිටියත් මේ election එකෙන් පස්සේ මහින්ද හැඳිගැවීලාම යනවා. ඊට පස්සේ හිරෙත් යනවා .. සමහරවිට හිරේ යවලා ජනාධිපති නිදහසක් දෙයි war account එකට දාලා .. හැබැයි දවසකට හරි ජම්පරේ අන්දවයි. මහින්ද පස්සෙන් ගිහින් වැඳ වැඳ ඉල්ලන්නේ ඔය ටික...

    පොරට දොසක් කියන්න බෑ .. බුදු බණ බොරු කරන්න මහින්දට තියා ඥාණසාරටවත් බෑ ...තමුන් විසින් කරන දේ තමුන් පසුපස එනවා ... ගැල පසුපස එන රිය සක ලෙස ... කරන කලට පව් මීරිය මී සේ ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ....

    නාමල්ට රැවුල වැව්වට සොබාව ධර්මයා රවට්ටන්න බෑ .. රැවුල ඇතා නැතා එයා දෙන වෙලාවට issue එක ගානට දෙනවා .. අපි දන්නේ නැත්තේ දිනෙයි වෙලාවයි විතරයි. හැබැයි බඩු නම් සුවර්ම තමා.. දැක්කනේ ජනවාරි අට... අහසේ හිටපු මහින්දව පොළොවට පත බාවලා හෙලිකොප්ටරෙන්ම මැදමුලනට transer කරපු හැටි.. පුක දන්නෙත් නෑ රිව්වද කියලා...

    ප. ලි .

    සමහර වචන අසභ්‍ය යැයි හැඟේ නම් හිටපු අධ්‍යාපන ඇමති , ටියුෂන් චක්‍රවර්ති අමතන්න . අසභ්‍ය වචන සඳහා සභ්‍ය වචන අරුත් ගැන්වීම එතුමා බලෙන් රෙද්ද අස්සේ රුවාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. රනිල් යනු බටහිර බූරු කුට්ටමට නැතිවම බැරි කොළයකි. ජෝකර් කොල නොමැතිව බූරු කුට්ටමක් සම්පුර්ණ නොවේ.

      Delete
  14. The country and the Nation is on a forward march thanks to the younger generation that voted the new president to power.. The age of idiots is over. This election will prove it.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා