රජය නීති විරෝධී ඝාතන සිදු කරන වධකාගාරයක තත්වයේ සිට ශිෂ්ට ආයතනයක් බවට පත් කිරීම

පසුගිය කාලයේ සිදු වූ පැහැරගැනීම් හා නීති විරෝධී ඝාතන පිළිබඳ දැන් යම් යම් පරීක්ෂණ සිදු වෙමින් තිබේ.

දෙහිවල ප්‍රදේශයේ වෛද්‍ය ශිෂ්‍යයින් දෙදෙනකු ඇතුළු ළමයින් පස්දෙනකු අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ හබයාස් කෝපුස් පරීක්ෂණයේ සාක්ෂි දෙමින් රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසුවේ නාවික හමුදාවේ කමාන්ඩෝ භටයින් ළමයින් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි බව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නා‍ගොඩ ඇතුළු නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් දැන සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

කැරැළි මර්දනය මුවාවෙන් රාජ්‍ය ත්‍රස්තවාදයේ යෙදීම පිළිබඳ නිදහස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවල අපකීර්තිමත් ඉතිහාසය 1971 කැරැල්ලට පෙර වකවානුව දක්වා ම විහිදෙයි. 1989 කැරැල්ල සමයේදීත් රාජ්‍ය ත්‍රස්තවාදය මහා පරිමාණෙන් දියත් වූ අතර, මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී දෙමළ කැරැල්ල සමග එය උපරිම මට්ටමට ළඟා විය.

මෙම වකවානුවල කැරැලිකාරී ව්‍යාපාර ත්‍රස්තවාදී කටයුතුවල යෙදුණු බව සැබෑ ය. එහෙත්, මහජන පරමාධිපත්‍යයට යටත් රජයක් විසින් කැරැලි මර්දනය සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගැනීම ලොව කිසිදු ශිෂ්ට ආයතනයක් හෝ පුද්ගලයකු විසින් හෝ අනුමත කරන්නේ නැත. අසවල් රට එසේ කරන නිසා ඒ රටට එරෙහිව කතා නො කරමින් අපට එරෙහිව කතා කිරීම වැරදි ය යන තර්කය රාජපක්ෂ ආණ්ඩුව විසින් නිතර මතු කරනු දක්නට ලැබිණි. මෙය ඉතා අශිෂ්ට තර්කයක් බව අමුතුවෙන් කිව යුතු නැත. කවුරු අශිෂ්ට වුණත් උදාර මිනිස්සු සිය ශිෂ්ටත්වය අහිමි කර ගන්නේ නැත. 

අනෙක් පැත්තෙන්, රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගන්නේ නැතිව කැරැලි මර්දනය කළ නො හැකි ය යන්න ද ඉතා පුහු තර්කයකි. කොටි සංවිධානය අවසන් වශයෙන් පරාජය වූයේ යුදමය ක්‍රියාමාර්ග නිසා මිස රාජ්‍ය ත්‍රස්තවාදය නිසා නො වේ. යුද්ධයේ අවසන් අදිය‍රේදී භාර වූ කැරැලිකරුවන් මරා දැමීම වැනි නීති විරෝධී ක්‍රියාවලින් යුද ජයග්‍රහණයේ කීර්තියට හානි වූවා මිස අන් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් අත් වූයේ නැත. ජාතිවාදී වීමට රජයට අයිතියක් නැත. එහෙත්, ජාතිවාදී නිලධාරීන් විසින් කරන ලද ඇතැම් ක්‍රියා හේතුවෙන් අද වන විට යුද්ධයෙන් පසු ස්ථිර සාමයක් හා සංහිඳියාවක් ගොඩනැගීමට බාධා සිදු වී තිබේ. 

රාජ්‍ය ත්‍රස්තවාදය සම්ප්‍රදායිකව ම කැරැලිකාර ව්‍යාපාරවලට ආශිර්වාදයක් ලෙස සලකනු ලැබේ. කැරලිකරුවන්ට එරෙහිව රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩාවට පත් වන ජනතාව කැරැලිකරුවන්ට සානුකම්පිත වන බවට පිළිගැනීමක් තිබේ. 

එහෙත්, දරුණු මර්දනීය ක්‍රියාමාර්ගවලින් ජනතාව බියපත් කිරීමෙන් අසාධාරණකම්වලට එරෙහිව ජනතාව නැගී සිටීම වැළැක්විය හැකි ය යන විශ්වාසයක් බලය සමග හැමදාමත් බැඳී පවතී. ආණ්ඩුවේ සිට පවුලේ මව්පියන් දක්වා ම බලවත්තු මෙම විශ්වාසයෙන් යුතුව කටයුතු කරති. බලයෙන් සියල්ල කර ගත හැකි බව විශ්වාස කරන්නෝ අශිෂ්ටයෝ ය. එවැනි අය අවසානයේදී බලය නිසා දූෂණය වී එයින් විනාශය අත් කර ගනිති. 

පෞද්ගලික කාර්යයක් වන ආගම් ඇදහීම ප්‍රසිද්ධියේ කරමින් එයින් ප්‍රචාරය ලබා ගන්නා, සුදු ඇඳුම් අඳින, ටයි හා සාටක අාදිය පළඳින, ඉංග්‍රීසියට හා බටහිර සංස්කෘතියට වඳින පුදන, ඒ අනුව ජීවත් වෙමින්, තම දරුවන් ද ඒ අනුව හැඩගස්වන, සුරංගනා කතා කියන, මහජන මුදලින් වරප්‍රසාද ලබන දේශපාලකයන් හා නිලධාරීන් තමන් විසින් නායකත්වය දෙනු ලබන ජනතාව ම පැහර ගන්නා, වධ බන්ධනයට ලක් කරන, ඝාතනය කරන, අතුරුදහන් කරන පිරිසක් බවට පත් වීම තරම් නින්දිත, අශීලාචාර තත්වයක් තවත් කොහි ද?

තවද, මේ වැඩිහිටි මිනිසුන්ගේ අනුදැනුමින් මෙසේ ඝාතනය කර තිබෙන්නේ බාල වයස්කාර ළමයින් නම්, එය කෙතරම් තුච්ඡ තත්වයක් ද? 

ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය අවසන් කළ යුතුව තිබේ. ඒ සඳහා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම මෙන් ම රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුණුවුන්ට සංකේතාත්මකව හෝ දඬුවම් පැමිණවීම අත්‍යවශ්‍ය ය. 

ජනවාරි 08දා සිට මේ දක්වා කාලය තුළ මේ රටේ රාජ්‍ය ත්‍රස්තවාදය අවම වී තිබේ. මෙම සමය තුළ රජය විවේනය කළ දේශපාලකයන්, මාධ්‍යකරුවන් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ඝාතනයට ලක් වුණේ හෝ අතුරුදහන් කරනු ලැබුවේ නැත. භයානක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වූවන් කිසිවෙක් පැන යාමට උත්සාහ කළා ය කියා මරා දැමුවේ නැත. රජය එසේ නීත්‍යානුකූලව කටයුතු කළා ය කියා මේ රටේ අලුත් කැරැලි පැන නැගුණේ ද නැත. අපරාධවල සුවිශේෂ වර්ධනයක් සිදු වුණේ ද නැත. 

පසුගිය කාලයේදී අවනීතිය සාමාන්‍යකරණය විය. ඒ නිසා දේශපාලකයෝ හා රාජ්‍ය නිලධාරීහු ද තම සීමාවන් අමතක කර දමමින් අවනීතියට අනුගත වූ හ. එසේ නො කර පැවැතිය නො හැකි තත්වයක් මේ රටේ තිබිණි. මේ ක්‍රමය වෙනස් කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. [යුද්ධයේ අවසන් අදිය‍රේදී භාර වූ කැරැලිකරුවන් මරා දැමීම වැනි නීති විරෝධී ක්‍රියාවලින් යුද ජයග්‍රහණයේ කීර්තියට හානි වූවා මිස අන් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් අත් වූයේ නැත. ]

    ඔන්න ඔය කථාව සමහර බූරුවන්ට තේරෙන්නෙ නැති හැටි...
    යුද්ධයේදී සිවිල් ජනයාට ඝාතනය වුනු සමහර දේවල් (උදා: ශෙල් වෙඩි, ගුවන් ප්‍රහාර ) නොකර බැරිවුනත් ඔය යටත් වූ කොටි සාමාජිකයින් ඝාතනය, ඉසිප්‍රියා බාලචන්ද්‍රන්, නැගෙනහිර පාසැල් සිසුන් 5 දෙනා, කොලඹ සුදුවෑන් වලින් පැහැරගෙන් ගිය අය ඝාතනය ආදී හමුදාවේ කාලකන්නියන් කිහිපදෙනෙක් කරපු බලුවැඩ වලින් වුනේ රටේත්, හමුදාවේත් කීර්තිනාමයට හානිවුනු එක..

    පුදුමය කියන්නේ දකුනේ සිංහල ෆැසිස්ට්වාදීන් මුන් අතින් මැරුන අය "දෙමල වීම" නිසාම මේ ඝාතකයින් ආරක්ශා කරන්න, මුන්ට විරුද්ධව පරීක්ශන තියන්න එපා, ලෝකයා හමුවේ මේවා වසන් කරන්න (හැබැයි ජාත්‍යන්තරයට මේවා ගෑ ඔනෑතරම් ශාක්ෂි ලැබිලා තියෙනවා ) කියලා අන්තිම පහත් මතයක් දරනවා...

    ReplyDelete
    Replies
    1. can not agree... do not mix up intelligence service's actions and military forces actions. intelligent groups work as per the national strategy, in sri lanka we have a problem with national strategy .. however even comd of the force does not know what that group is doing... in our country these groups failed in proper intimidation.. then media got involved,,, however im not going to describe more, but need to say that these type of actions are being done all around the world as well in most of the peaceful countries too...

      Delete

    2. AnonymousJune 25, 2015 at 6:43 AM

      Thanks. You have explained everything on need to know basis. Some lost people in information and their ideologies think that there are Countries in the World that even a Mosquito will not be killed even after a painful bite.

      Delete
  2. Most important part of the article
    "පෞද්ගලික කාර්යයක් වන ආගම් ඇදහීම ප්‍රසිද්ධියේ කරමින් එයින් ප්‍රචාරය ලබා ගන්නා, සුදු ඇඳුම් අඳින, ටයි හා සාටක අාදිය පළඳින, ඉංග්‍රීසියට හා බටහිර සංස්කෘතියට වඳින පුදන, ඒ අනුව ජීවත් වෙමින්, තම දරුවන් ද ඒ අනුව හැඩගස්වන, සුරංගනා කතා කියන, මහජන මුදලින් වරප්‍රසාද ලබන දේශපාලකයන් හා නිලධාරීන් තමන් විසින් නායකත්වය දෙනු ලබන ජනතාව ම පැහර ගන්නා, වධ බන්ධනයට ලක් කරන, ඝාතනය කරන, අතුරුදහන් කරන පිරිසක් බවට පත් වීම තරම් නින්දිත, අශීලාචාර තත්වයක් තවත් කොහි ද?"

    ReplyDelete
  3. Now Batalanda democracy is in power! Blind people never see this. A war against terrorism was ridiculed by these Yahapalana clique! If Ranil is allowed to be in power, he will act as a Batalanda ex-expert! History cannot be erased! See how Ranil acts in the parliament. Sans power he acts as a dictator. If he is given power, he will allow Arjuna Mahendran to plunder entire central bank! You are suffering from megalomaniac-inferiority complex, Mr!

    ReplyDelete
    Replies
    1. Wake up Sid!
      http://www.imdb.com/title/tt1324059/

      Delete
  4. රාජ්‍ය විරෝධී ඝාතන කියලා නේද මාතෘකාවේ තියෙන්නේ? එතකොට රාජ්‍යපක්‍ෂ ඝාතන (රාජපක්‍ෂ ඝාතන?) කියලා දේකුත් තියනවද?

    ReplyDelete
  5. නීතිය පවා අවනිතික තත්වයකට ගියා නේද පහු ගිය පාලන කාලයේ. ඒත් මේවා නිවැරදි වෙන වේගය ගැනනම් කොහෙත්ම සෑහීමකට පත් වෙන්න බැහැ.http://syberheartblog.blogspot.com/

    ReplyDelete
  6. පොලොස් කොට්ටෝරුවෝ පෝලීමේ කොලනැති ගහට නියම වෙනවා., විස්සක් පාස්කරගන්න බැරිව ලතවන කවුන්සිලේට කොලනැති ගහ මතක් කොලානං එක පැයෙං ඕය ගහ කූටු ගාලම දායි, ඕ පුච්චගන්නවනං රොටිය.
    දැං ඔය නඩු පෝලිමේ කලඑලි බහින්නේ පහුගිය කාලේ රාජපස්ස ඇබේ වැදිල තිබ්බලුද? මැද මූකලාන දිහාවේ උනුත් ඉන්නැහේ ඒම වෙන්ටෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා