කුමන්ත්‍රණ ඔස්තාද්ලාගේ වැල් බයිලා සහ චතුර බෙලිඅතු යාම

2015 ජනවාරි 08දා ලංකාවේ සිදු වූ දේශපාලනික පෙරළිය දේශපාලන අරුතකින් විග්‍රහ කරනවා වෙනුවට පෞද්ගලික කුමන්ත්‍රණවල ප්‍රතිඵල හුවා දැක්වීමේ ප්‍රයත්නයක් දැකිය හැකි ය.  

ජනවාරි 08 විප්ලවය තමන්ගේ කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් යයි උදම් අනන අය අතර අතුරලියේ රතන හිමි, චම්පික රණවක, රාජිත සේනාරත්න, චන්ද්‍රිකා බණ්ඩාරනායක පමණක් නොව ලංකාදීප පුවත්පතට ලිපි මාලාවක් ලියන තුසිත හල්ලොලුව සහ ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න ද සිටිති. 

මේ අය අතරින් ඇතැමෙක් තමන් ගැන මාර අභිමානයකින් පෙළෙන අතර එහි තරම කොච්චර ද යන්න චතුර සේනාරත්න පසුගියදා කළ ප්‍රකාශයකින් පෙනේ. චතුර සේනාරත්න බෙලිඅත්තෙන් ඡන්දය ඉල්ලා මහින්ද රාජපක්ෂ පරදා ඔහුගේ දේශපාලනය අවසන් කරන බවට දෙඩූ වහසි බස අර තුසිත හල්ලොලුවගේ ලිපි වැනි ම හෝ ඊටත් වඩා ගොන් පාට් එකකි. 

ජනවාරි 08 ඔය කියන තරම් කුමන්ත්‍රණයක් තිබුණේ නැත. ඒ වනාහි මේ රටේ ජනතාව විසින් නිර්මානය කරන ලද මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් මිස අන් යමක් නො වේ. එහි ප්‍රධාන භූමිකාව රඟ පෑවේ ඔය කියන කයිවාරුකාරයන් නො ව එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපාල සිරිසේනයි. 

මෛත්‍රීපාල සිරිසේන ඔය කාගේවත් නිර්මානයක් නො වේ. ඔහු දේශපාලනයේ සිටි අයෙකි. රාජපක්ෂ ආණ්ඩුව තුළ අසහනයෙන් සිටි දේශපාලකයෙකි. ඔහු පොදු අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වීම යනු කාගේවත් කුමන්ත්‍රණයක් නොව ඒ සඳහා ගත්, අභියෝගාත්මක එඩිතර තීරණයකි. 

මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරයේ බරින් වැඩි ප්‍රමාණයකට උර දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඊළඟට වැදගත් ම භූමිකාව කළේ ජනවාරි 08 විප්ලවය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළ ජනතා බලවේගයි. කුමන්ත්‍රණකරුවන් මෙම ක්‍රියාවලිය තුළ පුංචි දැති රෝද ටිකක් වුණා මිස ඔය කියන තරම් වැදගත්කමක් තිබුණේ නැත. ඇත්ත එයයි. 

තමන්ගේ දේශපාලන කුමන්ත්‍රණ ගැන අධි තක්සේරුවකින් සිටින මේ වැඩි දෙනෙකුට ඇත්තම කිව්වොත් මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වී ආසනයක් දිනා ගැනීමේ හැකියාව ද නැත. අරයා, මෙයා සමග රහසිගත සාකච්ඡා පවත්වමින්, ඒවා මාධ්‍යවලින් ප්‍රචාරය කරමින් මාර ගේම් ගහන මාර පොරවල් ලෙස පෙනී සිටින්නට මොවුන් දරන උත්සාහය වනාහි අනුකම්පා සහගත අසරණකමක් මිස අන් යමක් නො වේ. 

මීළඟ මහමැතිවරණයේදී මේ කුමන්ත්‍රණ ඔස්තාද්ලා ගැන ද ජනතාව වග බලා ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මුන්ගෙන් එකෙක් xxx xxxරිගේ ට අමු කුණුහරුපෙන් බැණලා තිබුනා, මේ ඉවෙන්ට් එකට එව්ව ඉන්විටේෂන් එක එව්ව තැනට කතා කළාම.

    ReplyDelete
  2. චන්දෙට කලින් මුන් කොහේද දන්නෙ නෑ හිටියෙ.... නරි හූ කියනව කියන්නෙ මෙන්න මේවට තමයි.....මෙන්න මුන් වගේ උන තමයි මහින්ද ලඟ නැති තැන බැනල, මහින්ද දැක්කම වඳින්නේ....මේවට ඉතින් ....න් හිනා යනව....

    ReplyDelete
  3. ඇත්තටම වත්මන් ආණ්ඩුවේ සැබෑ බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය. එහෙත් නැට්ට නැති හිකනල්ලු කීප දෙනෙක් මහා පොරවල් වී සිටිති.ඒ මෙය සංක්‍රාන්ති කාලයක් නිසාය. ලක්ෂ 62 යනු එජාප ,දෙමළ සංධාන ,මුස්ලිම් පක්ෂ හා ජවිපෙ ඡන්දදායකයන්ය. කට මැත දොඩවන වෙන කිසි එකෙකුට ඡන්ද පදනමක් නැත.
    රහසිගත මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඒවා හිතවත් මාධ්‍ය කරුවන් ලවා ප්‍රචාරය කරවමින් සාහසික වාග් ශෛලියෙන් අනුන්ට අපහාස කරමින්,මාධ්‍ය සාකච්ඡාවලදී චන්ඩින් ලෙස රගපාමින් පොරවල් වීමට දගලන මුන්ට නිකම්ම නිකම් පංචස්කන්ද පමනි.
    ඔය හරක් පැටියගෙ කතාවටනම් ඉතින් හිනාවීම ඇර වෙන කරන්න දෙයක් නැත. අද ඔවුන්ගෙ පවුලට රටම බනිනවා රටම හිනාවෙනවා

    ReplyDelete
  4. මේක තමන්ම SMS දාලා Idol තරගය දිනන්න හිතනවා වගේ කතාවක්!

    ReplyDelete
  5. MATANA KIYALA TIYANA








    තුසිත හල්ලොලුව????

    ReplyDelete
  6. වෙනස වෙනස් වෙන සුළුය.June 22, 2015 at 2:32 PM

    චතුර සේනාරත්න ගැන කියන්න වචන නෑ.රාජිත වගේම ආත්මයක් නැති නරුමයෙක්. අනුන්ගේ රැස්වීම් මැදට පැනලා උගේ වගේ කතාකරන හැටී.මහින්දට කිංඩී දාන මුන් නම් දස සිල්. තාත්තා ඉන්දියන් සාගරේම කෑවා.මල්ලිට ගෑනූ කේස්. මූ දැනටමත් දාන්නේ ලක්ෂ 9 -10 සපත්තූ, පෑන ලක්ෂ 05 යී.
    තව පාර්ලිමේන්තුවටත් ගියොත් කොහොම ඩීල්දැමිල්ලක් දමයි ද? රාජපක්ෂලා අවුරුදු 10න් කාපුවා මුන් සුමානෙන් කනවා.
    මේ වගේ තව එකෙක් දෙන්නෙක් උන්ගේ කක්කුස්සි කටවල් ඇරියොත් යහපාලනයට සොරිම තමා. ජනවාරි 08 වෙනිදා අභීත මිනිසුන් ලක්ෂ 62 ක ගේ ජවයෙන් උපන් යහපාලනය, මේ වගෙ පජාතීන් 7- 8 ක් කාබාසීනියා කරනවා පැරෝ. අහෝ දුකකී !


    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මට නම් රාජිතය දකිනකොටත් වමනෙ යන්ඩ වගෙ.ඕකට කිසි කෙනෙක් කැමති නෑ .පවුලම මොන්ගල් පවුලක්

      Delete
  7. තුසිත හල්ලොලුව කියන්නේ කවුද පැරා , මම පත්තර බලන්නැති නිසයි ඇහුවේ.
    "මමයි අලිගොල්ලයි තමයි වැඩේ දුන්නේ" කියලා කියන ජාතියේ කටුස්සෙක් ද?

    ReplyDelete
    Replies
    1. තුසිතලගෙ අලින්ගෙ වැඩ තමයි ඉතින් ආ වැරදුනා චතුරත් ඉන්නව නේද

      Delete
  8. ඕං එහෙනං බලන්ට හෙඳේ .....

    http://lankaenews.com/news/2127/si

    ReplyDelete
  9. You are sure that USA was not behind this " victory"? Anyway your popular victory is now showing its real head! UNO letter calls: Northern Provincial GOVERNMENT!!! Separate state is being carved out! U.S. Government was pouring dollars to YAHAPALANAYA campaign! These are facts!

    ReplyDelete
    Replies
    1. මහාතිත්ථJune 24, 2015 at 3:40 PM

      Can you please tell me what would US Government gain by supporting a separate state in SL ? Or is this another nationalist fantasy ?

      Delete
  10. චතුර බෙලිඅත්තේ යන්නේ මත්තලින් බැහැලද.

    ReplyDelete
    Replies
    1. මත්තල කිව්වම මතක් උනේ. අන්න මත්තල අදි වේග පාරේ ගම්මිරිස් වේලනවලු!

      Delete
  11. පැරා, ඕකුන් දෙන්නගෙම කට නම් හොද නැහැ තමයි. නිහතමානී කම කියන ඒක නම් ගවිලවත් නෑ මුන් දෙන්නටම. එත් චතුර, සොබිත හිමි සහ රතන හිමි තමයි මුලින්ම මහින්ද පරදවන්න ඕනේ සහ පුළුවන් කියන විශ්වාසයෙන් හිටපු පුද්ගලයෝ. චම්පිකලා වුනත් කට්ටිය එකතුවෙලා පොදු සන්දානේ ශක්තිමත් වෙනකම්ම මහින්ද පස්සෙම තමයි ගියේ. චතුර ජනවාරි 8 වෙනිදා රාත්‍රියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිරීක්ෂණයේ සිටි බවට මැතිවරණ කොමසාරිස්තුමා ම ගොඩක් කලින් පැවසුවා මතක ඇති. ඇත්තටම ඒක ඒ වෙලාවේ මරණය සමග සෙල්ලම් කිරීමක් බව ඕනෙම කෙනෙක් දන්නවා. අද බොහෝ දෙනෙක් සිටියත් ඒ අවිනිශ්චිත මොහොතේ ජීවිත අවදානම නොතකා රාජිතලා චතුරලා, රතන හිමි වගේම ජෙප්පොත් හිටියා. මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරයේ බරින් වැඩි ප්‍රමාණයකට උර දුන්නේ එක්සත් ජාතික පක්ෂය බලවේග බව ඇත්ත්තක්. එත් මෛත්‍රී මහත්තය පැත්ත මාරු කරන්න වගේම රනිල් මහත්තයාගෙන් අපේක්ෂම කම මෛත්‍රීට අරගෙන දෙන්න මේ කුමන්ත්‍රණ කරුවෝ කියලා ඔබ හදුන්වපු බලවේගය ගොඩක් වැදගත් වුනා. ජනවාරි 08 මේ රටේ ජනතාව විසින් නිර්මානය කරන ලද මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් බව නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඒක මෘදු නැති නිසා. ඒක හරි රළු දෘඪ එකක්. අලුත් පරපුර වගේ අයත් ලක්ෂ්මන් විජේසේකර වැනි අයත් ජයතිලක බණ්ඩාරලත් ඒ හලහප්පෙම් වලට මුහුණ දෙමින් සටනට ජවයක් ගෙනාව. ජනතාව අවදිවීමක් වෙලා චන්දෙ නොදාන්න හිටපු බොහෝ මද්යම පන්තිකයෝ චන්ද්පොලට ගෙනියන්න ඒ සටන වැදගත් වුනා. ඒ විප්ලවයේ නියමුවා වුන මෛත්‍රී කරලියට එන්න කලින් තිරය පිටුපස ගොඩක් ජවනිකා රගදක්වුන බවයි මම දන්නේ. ජ්‍යාත්‍යන්තර මට්ටමේ දේශපාලනයක් එතැනදී තිරය පිටුපස සිදු වුනා. චතුරට රාජිතට දුමි දිසානායකට, එම් කේ ඩී එස්, චම්පික, සේනසිංහ වගේ මුලින් මේ මරණෙට කරගහන්න ආපු එවුන්ට ඔවුන් ගත අවදානම අනුව ජයග්‍රහණයේ ප්‍රමාණික අයිතියක් තිබිය යුතුයි. හැබැයි මුන් දෙන්න නම් අවලම් කට නිසා ඒ අයිතියත් නැති කරගන්න බව තමයි මට නම් පෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සෝමා සමග ටෝගාJune 25, 2015 at 12:27 AM

      අපි නොදන්න ජනවාරි 08 ,

      *ජනවාරි 08 වෙනසට මූලිකව දායකවු ශ්‍රිලාංකිකයන්,
      මෛත්‍රිපාල සිරිසේන
      රනිල් වික්‍රමසිංහ
      චන්ද්‍රිකා බන්ඩාරණායක
      චම්පික රණවක
      රතන හා සෝබිත හිමිවරු.
      ටි.එන්.ඒ / දෙමළ පක්ෂ
      මුස්ලිම් පක්ෂ
      ජවිපෙ
      මංගල සමරවීර
      යුධ හමුදාපතිවරයා
      පොලිස්පතිවරයා
      මැතිවරණ කොමසාරිස්වරයා
      6200000 නිවහල් මිනිස්සූ.

      *ජනවාරි 08 වෙනසට මූලිකව දායකවු ශ්‍රිලාංකික නොවන්නන්,
      ඉන්දියාව
      අමෙරිකා එ.ජ
      බ්‍රිතාන්‍යය
      යුරෝපා සංවිධානය
      එක්සත් ජාතීන්ගේ සංවිධානය.
      ------------

      2015 ජනාධිපතිවරණ කාලසීමාවේ මහින්ද කල්ලියෙන් වෙඩිකාපු ,ගුටිකාපු හා දේපල විනාශකරගත් දහස් ගනනක් ගැන අද කතා නැත. සත 5ක වාසියක් බලාපොරොත්තු නොවී වෙනස වෙනුවෙන් කැපවුවන් අද අකැප වස්තුය.
      හැබැයි...
      මහින්ද පරදවන්න ඕනේ සහ පුළුවන් කියන විශ්වාසයෙන් මුලින්ම හිටපු අය,
      මහින්ද පරදිනවා මුලින්ම හිනෙන් දැකපු උදවිය,
      මහින්ද පරදවන්න ඕනේ සහ පුළුවන් කියලා මුලින්ම අවංක සිතුවිලි පහල වුනු අය,
      මහින්ද පරද්දන්න කියලා වැඩිපුර හස්තමෛතුන්‍ය කරපු අය,
      ආදී වශයෙන් මහින්ද පරදවන්න(?) මූලික වූ, අප නොදන්නා කිහිපදෙනෙක් අද පුස් චන්ඩීන් වී ඇත.
      ටොයියනී වෙනස දැන්නම් සනීපයී නේ....
      --------------
      Anonymous June 23, 2015 at 12:52 PM ඔයත් ජීවිත අවදානම නොතකා මෘදු ප්‍රජාතාන්ත්‍රික විප්ලවය කරන්න බෙලිඅත්තේ යනවැයි ? ඉහි... ඉහි.. ..ක්‍රෑෂ්....බ්ලග්.. පුක් ..

      Delete
    2. @සෝමා සමග ටෝගා, //*ජනවාරි 08 වෙනසට මූලිකව දායකවු ශ්‍රිලාංකිකයන්//

      මෙතැන කෝ යකෝ වැදගත්ම කටයුත්ත කරලා දීපු සුමනදාස ? උබලට මුල අමතක වෙනවා කියන්නේ ඕකනේ!! :D

      Delete
    3. සෝමා සමග ටෝගාJune 25, 2015 at 2:05 PM

      AnonymousJune 25, 2015 at 9:19 AMට ස්තූතියී.
      සෝමා සමග ටෝගා ට වු වරදට සමාවන්න!


      ------දෙවන සංස්කරණය ------
      අපි නොදන්න ජනවාරි 08 ,

      *ජනවාරි 08 වෙනසේ සැබෑ හිමිකරු,
      නවග්‍රහ මණ්ඩලයම ඇටබෝල දෙකෙන් පාලනය කිරීමේ ක්‍රමය මහින්ද රජතුමාට හදුන්වාදුන් රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනයන්ය.
      The case is closed.

      ඊඊයාහ්....ඌහ්හා....

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා