මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම සංවාදශීලී සම්මන්ත්‍රණය මතුගමදී

ඉදිරි මහ මැතිවරණයේදී පුරවැසියන් වශයෙන් අප ඉතා සැලකිල්ලෙන් හා වගකීමෙන් අපේ ඡන්දයව පාවිච්චි කළ යුතුයි. උත්තරීතර යයි සැලකෙන අපේ රටේ පාර්ලිමේන්තුව පසුගිය කාලයේ මහජන මුදල් මංකොල්ලකන්නන්ගේ, කුඩු වෙළෙන්දන්ගේ, එතනෝල් ජාවාරම්කරුවන්ගේ, කැසිනෝකාරයන්ගේ, ඔට්ටුකරුවන්ගේ, අපරාධකරුවන්ගේ, ස්ත්‍රී දූෂකයන්ගේ හා මැරවරයන්ගේ තෝතැන්නක් විය.

පාර්ලිමේන්තුව යනු අපේ ජීවිතයට බලපාන වැදගත් තීන්දු, තීරණ ගන්නා, නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනයකි. එවැනි තැනක් මෙවැනි දූෂිතයන්ගෙන් පිරී ගිය විට අපේ හා අනාගත පරම්පරාවල ජීවිතය අතිශය ඛෙදජනක තත්වයට පත් වීම වළක්වන්නට බැහැ.

එබැවින් මැතිවරණයේදී අපේ ඡන්දය පාර්ලිමේන්තුව පිරිසිදු කරන ඡන්දයක් බවට පත් කර ගත යුතුයි. ඉහත කී ආකාරයේ ජාවාරම්කාරයන් හා දූෂිතයන් පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි. අපගේ ඡන්දයෙන් පත් විය යුත්තේ ජනතා හිතෛෂී දේශපාලකයෝයි.

පාර්ලිමේන්තුවට පිරිසිදු දේශපාලනඥයන් පත් කර යැවීමේ වගකීම අප අතට ගත යුතුයි.

අප පත් කර යවන මහජන නියෝජිතයන් ජාතිවාදීන් නො වන, නිතිය සුරකින, අධිකරණයට ගරු කරන, මහජන දේපල මංකොල්ල නො කන, අල්ලස් නො ගන්නා වෘත්තිකයන් පිරිසක් විය යුතුයි.

මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම
සංවාදශීලී සම්මන්ත්‍රණය
කථිකයෝ:
රාවය කර්තෘ වික්ටර් අයිවන්
සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක
මාධ්‍යවේදී චූලානන්ද සමරනායක

ජුනි 21 සවස 3ට
මතුගම ශ්‍රවණාගාරයේදී

පුරවැසි පවුර - මතුගම


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මතුගොම ඉන්න ගෝත්‍රිකයන් ට ඔවුවා තේරෙනවද මාස්ටර්?

    ReplyDelete
  2. සම්මන්ත්‍රණයට ප්‍රශ්න ටිකක්
    අපි “ජාතිවාදීන් නො වන, නිතිය සුරකින, අධිකරණයට ගරු කරන, මහජන දේපල මංකොල්ල නො කන, අල්ලස් නො ගන්නා වෘත්තිකයන් පිරිසක්“ කියල තමයි මනාප ඉල්ලන සේරම අය කියන්නෙ. ඒක මහජනයාට ඒත්තු ගන්වන්න හැකි අය මනාප ගනීවි. 20 සම්මත වුනත් ඡන්ද ගනීවි. jvp එකට නම් බලය දෙන්න තවමත් මිනිස්සු ලෑස්ති බවක් පේන්නෙ නෑ. ඒ ගොල්ල කරන්නෙත් යටින් ගේම් ගැහිල්ලක් කියලයි දැන් දැන් මිනිස්සු කියන්නෙ නේද ? අඩුම වශයෙන් මාර්තු 12 ප්‍රකාශනයට අත්සන් කරපු පක්ෂ ඒක හරියට ක්‍රියාත්මක කළොත් චුට්ටක් බලා පොරොත්තු තියන්න පුළුවන් වේවි. හැබැයි අන්තිමේ දි කොච්චර වංචා කරල දූෂණ කරල තිබ්බත් ඇස් බැඳල ඉන්න කෙනා එහෙම ක්ව්වෙ නෑ කියල කියන්න සේරම ලැහැත්ති වේවි නේද ? එහෙම වුනොත් පුරවැසියො මොකද කරන්නෙ කියන එකට විසඳුමක් තියේද ?

    ReplyDelete
  3. සැලකිල්ලෙන් කරන්න උූෟමනාවක් නෑ..එහෙම වුනොත් ඕක සලක සලක ඉන්න පැය ගානක් යයි..ඇතුලට ගිහින් ඊලග විපක්සෙ වෙය ිකියල හිතන ජනතා විමුක්ති පෙරමුණට කතිරෙ ගැහුව නම් ඉවරයි..ඉතිරි පක්ෂ දෙකම පරාජය වුනත් විපක්ෂයට යන්න සූදානමක් නැහැ..ඔවුන් බොහෝවිට යාන්තමින් හරි ආන්ඩුවට පුක තියාගනීවි..

    ReplyDelete
  4. මේක මතුගම තියෙනවාට වඩා වැඩිදෙනාට සහබාගී විය හැකි සේ කොලඹ නගරය ආශ්‍රිතව තිබ්බනම් හොද නැද්ද?

    ReplyDelete
    Replies
    1. පැරාගෙ ගමේ වැඩේනෙ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා