ආර්ථික අර්බුදයේ ඇත්ත කතාව හා විමර්ශකයන් ගල් ගසා මැරීම

ඩී.වී. උපුල් 
ජුනි 03දා පාර්ලිමේන්තුව රැස් වුණේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීන් නො වන නියෝජිතයන්ගේ නම් අනුමත කර ගන්නට ය. එහෙත්, එය කල් ගියේ ය. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද තවමත් තිබෙන්නේ ඇදි ඇදී යන ගමනක ය. ප්‍රධාන පක්ෂ දෙකට ම එය සම්මත කර ගැනීමට උවමනාවක් ඇති බවක් නො පෙනේ. එක්සත් ජාතික පක්ෂය පවත්නා ක්‍රමය යටතේ ම තවත් මහ මැතිවරණයක් පවත්වන්නට සූදානම් බව පෙනේ. එහෙත්, බෙදී ගොස් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම සූදානමක ද නැත. ජුනි 03දා ශ්‍රීලනිප මාධ්‍ය සාකච්ඡාවේදී ඩලස් අලහප්පෙරුමගේ මල්ලෙන් එළියට පැන්න ආකාරයට ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ නිමල් සිරිපාල ද සිල්වාගේ අගමැතිත්වයෙන් හෝ ආණ්ඩුවක් පිහිටුවාගෙන ඡන්දයට යන්නට ය.

ශ්‍රීලනිපයේ ඡන්ද කෙරුවාව ගැන පසුගිය සමයේ අත්දැකීම් අනුව මේ උපායමාර්ගය තේරුම් ගැනීම පහසු ය. රාජ්‍ය බලය නොමැතිව ඡන්ද කරන්නේ කෙසේ ද යන්න තේරුම් ගන්නට බැරි තරමට ශ්‍රීලනිපය මැතිවරණ දූෂණයේ ගිලී තිබේ.

ජනවාරි 09දා සිට ගත වූ කාලය තුළ මේ රටේ යම් සාධනීය වර්ධනයන් රැසක් සිදු වී තිබේ. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්වය මෙහිදී විශේෂ ය. ජනවාරි අටවෙනිදා දක්වා ම රාජ්‍ය මාධ්‍ය අපහරණයේ යෙදුණු හඩ්සන් සමරසිංහ වැනි වෛරී මාධ්‍යකරුවෙකුට පවා එළිපහළියේ ජීවත් වන්නට පුළුවන් වාතාවරණයක් දැන් තිබේ. ජනමාධ්‍යකරුවන් දැඩි භීෂණයකට ලක් කළ ගෝඨාභය රාජපක්ෂ වැනි දේශපාලක නිලධාරීන්ට තිබූ බිය දැන් පහව ගොසිනි. රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා පවා දරුණු ලෙස විවේචනය කරන, උපහාසයට පමණක් නොව අපහාසයට පවා ලක් කරන පුවත්, වාර්තා, කාටුන් ආදිය ඕනෑ තරම් පළ වේ. ආණ්ඩුවට එරෙහි බලවේගයන්ගේ වෛරී ප්‍රකාශවලින් සමාජ මාධ්‍ය උතුරයි.

එහෙත්, මේ සියල්ල අතරමැද පවා ජාතිවාදයේ පසුබෑමක් පැහැදිලිව දකින්නට තිබේ. එසේ සිදු වී තිබෙන්නේ ජාතිවාදයට එරෙහිව ගන්නා ලද ප්‍රබල ක්‍රියාමාර්ග කිසිවක් නිසා නො වේ. එහෙත්, රජය ඉතා පැහැදිලිව ම ජාතිවාදය දේශපාලනික වාසි සඳහා භාවිතා කළේ නැත. එම තත්වය උතුරේත්, දකුණේත්, සිංහල, දෙමළ, මුස්ලිම් සමාජයන් අතර සංහිඳියාවට ඉවහල් වී තිබේ. මෙම තත්වය හමුවේ ජාතිවාදයට ලොකු වෙළඳපොළක් නිර්මානය කර ගන්නට බැරි වී තිබේ. තිබෙන වෙළඳපොළට මහින්ද රාජපක්ෂ ආමන්ත්‍රණය කරමින් සිටියි. ඉන් එහාට බඩු විකුණාගන්නට ගලගොඩඅත්තේ, ඉත්තෑකන්දේ ගනින්නාන්සේලා අසමත් වී සිටිති.

දෙමළ ජාතිවාදය පැත්තෙන් ගත්තත් තත්වය එවැනි එකකි. ආණ්ඩුව ජාතිවාදය මත පදනම් නො වන කල, දකුණේ ජාතිවාදී ව්‍යාපාර අකර්මන්‍ය වී තිබෙන කල දෙමළ ඩයස්පෝරාවේ ජාතිවාදීන්ට ද ඉදිරියට ගන්නට සටන් පාඨයක් නැති තත්වයක් නිර්මානය වී තිබේ.

මෙම සංදර්භය තුළ දේශපාලනික අවධානය ආර්ථිකය වෙත යොමු වී තිබීම සුබවාදී තත්වයකි. එය මහජන අවධානය සත්‍ය ප්‍රශ්න වෙත යොමු කිරීමට ඉවහල් වේ.මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ද වෙනත් රටක පුරවැසියෙක්‌ද යන්න පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ජුනි 03දා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එයට පිළිතුරු ලෙස අගමැතිවරයා පැවසුවේ ඕනෑම රටක පුරවැසියකුට තවත් ඕනෑම රටක සේවය කිරීමට ඇති අවකාශය අනුව ශ්‍රී ලංකාවේ රැකියාවක්‌ කිරීමට විදේශීය පුරවැසියන්ට බාධාවක්‌ නැති බවයි.

ලංකාවේ මහේක්ෂ ආර්ථිකය පාලනය කිරීම වනාහි එක්තරා දුෂ්කර ක්‍රියාවකි. පසුගිය දිනවල ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයෙහි යම් පහත වැටීමක් සිදු වූ නමුත් මේ වන විට එය යළි ස්ථාවර වී තිබේ. සුපුරුදු පරිදි ම මේ ආණ්ඩුව ද කරමින් ඉන්නේ විදේශ ණය ගැනීමයි. පසුගිය මැයි 28දා ශ්‍රී ලංකා මහ බැංකුව වසර 10 ක පරිණත කාලයක්‌ සහිත එක්‌සත් ජනපද ඩොලර් මිලියන 650.0 ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර ස්‌වෛරීත්ව බැඳුම්කර නිකුතුවක් ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළට නිකුත් කළේ ය. එය 2007 සිට කරන ලද එවැනි අටවන නිකුතුවයි.

රටේ ආර්ථික අර්බුදය ආණ්ඩුව මේ අන්දමින් එදිනෙදා කළමනාකරණය කර ගනියි. පී.බී. ජයසුන්දර සමයේ කරන ලද්දේ ද මෙය ම ය. ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරි බවත්, රට ආර්ථික අර්බුදයක ඇති බවත් මහින්ද රාජපක්ෂ හා ශ්‍රීලනිපය පවසති. ඔවුන්ගේ සමයේ ද ආර්ථිකය තිබුණේ අර්බුදයක ය. මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ නාස්තිකාරී ක්‍රියා හා දූෂණය වර්තමාන තත්වයට ප්‍රධාන හේතුවයි.

පසුගිය සතියේ වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ලක්දාස් පනාගොඩ විසින් හෙළිදරව් කරන ලද පරිදි මේ වසරේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය වෙනුවෙන් රුපියල් බිලියන හතක් චීනයේ එක්සිම් බැංකුවට ගෙවිය යුතු ය. එයින් බිලියන තුනක් ජනවාරියේදී ගෙවන ලද අතර බිලියන හතරක් මේ මාසයේ ගෙවිය යුතු ය. ඩොලර් මිලියන 500ක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය පසුගිය වසර හතරක කාලය තුළ උපයා තිබුණේ රුපියල් බිලියන 1.2ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ 2014 අගෝස්තු මස පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ ය. රජය මෙමගින් රු. බිලියන 15ක වාර්ෂික ආදායමක් ඉලක්ක කළේ ය. දැනට හම්බන්තොට වරායේ කිසියම් සාර්ථකත්වයක් තිබෙන්නේ වාහන ආනයනය හා ප්‍රතිඅපනයනය කොළඹ වරායෙන් හම්බන්තොටට යොමු කර තිබෙන නිසා ය. මෙවැනි දැවැන්ත සුදු අලින් සාර්ථක ව්‍යවසාය බවට පත් කිරීමේ අභියෝගය ආණ්ඩුව අබියස තිබේ. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වැනි ව්‍යාපෘති සාර්ථක කර ගැනීම නම් දැනට තිබෙන්නේ සිහිනයක මට්ටමේ ය.

වරාය අධිකාරියේ සභාපතිවරයා විසින් හෙළිදරව් කරන ලද පරිදි චීනයේ එක්සිම් බැංකුවෙන් ගන්නා ලද ණය වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු වූ 2%ක් පමණ වූ පොළිය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත 6%ක් පමණ මට්ටමට වැඩි කරගෙන තිබේ. එසේ සිදු වූයේ මන්ද යන්න මහින්ද රාජපක්ෂ පැහැදිලි කළ යුතු ය. දැන් හම්බන්තොට වරායේ දෙවන අදියර වෙනුවෙන් ඩොලර් මිලියන තුනක ණය ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කර තිබේ. වාරික තුනකට ලැබෙන මෙම ණයෙහි වාරිකවල පොළී අනුපාතික එකිනෙකට වෙනස් ය. ණය ගැනීම හා පොළී අනුපාතික අතර ඇති ගැටලු පසුබිමේ අනාගත පරම්පරා ගණනාවක් උගසට තැබූ දැවැන්ත දූෂණ තිබෙන බව පැහැදිලි ය.

දැන් මෙවැනි හෙණ ගහන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබේ. මහින්ද රාජපක්ෂගේ ළඟම හිතවතකු වූ දකුණු පළාත් සභා ඇමති ඩී.වී. උපුල් පසුගිය සතියේ නාමල් රාජපක්ෂ ද සහභාගි වූ රැස්වීමකදී ඔහුගෙන් ඉල්ලා සිටියේ අනාගතයේ පිහිටුවන ඔවුන්ගේ රජයක් යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්ගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා නිලධාරීන් ගල් ගසා මරා දැමීමට ඔවුන්ට ඉඩ ලබා දිය යුතු බවයි.

මහින්ද රාජපක්ෂ කේන්ද්‍රීය දේශපාලනය විසින් රට අභිමුවට ගෙනැවිත් තිබෙන තර්ජනයේ තරම මෙම ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. රාජපක්ෂ පවුල කෙතරම් අපරාධවලට සම්බන්ධව තිබේ ද යත්, මේ වන විට, ඔවුන්ගේ ළඟ ම ඥාතියකු වන උදයංග වීරතුංගට එරෙහිව යුක්රේන රජය විසින් පවා ත්‍රස්තවාදීන්ට අවි සැපයීම පිළිබඳ චෝදනාවක් ගෙනැවිත් තිබේ. මහින්ද රාජපක්ෂවාදය යනු අන් කිසිවක් නොව, එවන් දැවැන්ත ප්‍රතිගාමිත්වයක් නැවත මේ රටේ බලයට පත් කිරීම සඳහා වූ අගතිගාමී දේශපාලනයකි. අප හමුවේ අද තිබෙන ලොකු ම අභියෝගය එය වළක්වා ගැනීමයි. 
රාවය 2015 - 06 - 07

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This article appears in Ravaya of 07.05.2015 which edition released today. Generally Ravaya publishes articles extracted from Para's blogs and this instance is a marked contrast. Pl explain.

    ReplyDelete
    Replies
    1. මම සතිපතා රාවයට ලිපියක් සම්පාදනය කරමි. එය මගේ බ්ලොගයේ ද පළ කරමි. මෙම ලිපිය මූලික වශයෙන් ලියන්නේ රාවය පුවත්පතට ය.

      Delete
    2. "Pl explain"
      be aware, this ano is a military guy

      Delete
  2. අපේ මාරයා අයියටත් හොඳටම මළ පැනලා තියෙන්නෙ මේ දවස් වල ඔය කොළඹ පිරිසිදුව තබා නොගන්න සීන් කෝන් එක ගැන. මොකද අපේ මාරයා අයියා උපන්දා ඉඳලා හැදුනෙ වැඩුනේ සිංගප්පූරුව, ඩුබායි වගේ කුණු ඇබින්දක් වත් හොයා ගන්න බැරි බත් එක බිම දාලා කන්න පුළුවන් තරම් පිරිසිදු තැන් වලයි. ඉතින් කොළඹ නගරයේ පාරවල් අපිරිසිදු වෙලා තියෙනවා දකිනකොට මාරයා අයියාට මළ පනින එක අහන්නත් දෙයක්ද? අනික අපේ ආරක්ෂක හමුදාවේ රණවිරු අයියලාගෙන් රටට අවශ්‍ය දේශප්‍රේමී මෙහෙවර වන රාජපක්ෂ උතුමාණන්ගේ පවුලට සේවය කිරීම නොගන්න එක ගැනත් මාරයා අයියාට කණගාටුයිලු. පහුගිය දහසක අපේ මාරයා අයියා කොළඹ ගිහිල්ලා රෙන්ඩ බර හැදිලා බේරෙ වැව අයිනෙ කාරිය කොළාම ඒක සුද්ද කරන්නවත් කුරුළු හමුදාවෙ සාජන් කෙනෙක් වත් හිටියෙ නැතිලු. මේකද යකෝ යහපාලනය කියන්නෙ? අපේ මාරයා අයියා මහින්ද අගමැති කරන්න දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ඒකයි. අපේ දුමී අයියාත් සෑහෙන සහයෝගයක් දෙනවා ඒකට.

    ReplyDelete
  3. Plz..අජිත් පැරකුම් මහතා!! මට මේක English වලට හරවා දෙන්න... ලොකු හදිස්සියක් මගේ facebook ගිණුම disable වී ඇත.

    ....

    මට කිසිවිටෙක facebook අඩවියට වංචා කිරීමට අවශ්‍ය නැත. ඒ නිසා මා සත්‍ය පවසන්නම්. ඇත්තටම මා සතුව Tharindu Hansaka Jayawardhana නමින් facebook ගිණුමක් ඇති අතර එයා මගේ සත්‍ය ගිණුම බව පිළිගැනීමට කැමතියි. නමුත් මා මෙම Thrindu Roxx ගිණුම ආරම්භ කලේ කිසිවිටක facebook ජාලය නොමග යැවීම සදහා නොවේ. මෙම ගිණුම තුල මා සිදු කලේ මගේ ආදරවන්තිය හා මා පිළිබඳ සමරු සටහන් ලිවීම පමණි. එයටද මට හේතුවක් ඇත.

    මන්ද මගේ පියා මගේ facebook ගිණුම සමහර අවස්ථාවලදී පරික්ෂ කර බලයි. මන්ද අපේ රටේ (Sri Lanka) අනුව අවු.18 අඩු අය ළමුන් වෙන නිසාවෙනි. ඉතින් මා මගේ ආදරවන්තිය පිලිබඳ තවම මගේ පව්ලේ උදවිය සදහා පවසා නැත. ඒ නිසා මට මගේ සත්‍ය facebook ගිණුම තුල මෙම සමරු සටහන් තැබීම සිදුකල නොහැකිය. එම නිසයි මා මෙම නව ගිණුම ආරම්භ කලේ.

    මා සිතනවා facebook කාර්යමණ්ඩලයට අපගේ ගිණුම් තුල ඇති සියලු දෑ පරික්ෂ කල හැකියි කියා. ඉතින් ඔබලා පිරිස මගේ මෙම disable වූ Tharindu Roxx ගිණුමේ ඇත්තේ මොනවාද කියා පරික්ෂ කර බලන්න. එවිට ඔබටම තේරෙනු ඇත මා සිදුකර ඇත්තේ මගේ ආදරවන්තිය හා මා පිළිබඳ සමරු සටහන් ලිවීම පමණක් බව.

    මා කිසිවිටෙක facebook ජාලයේ අන් මිතුරන් නොමග යවා නැත. එය මට සාක්ෂි සහිතව ඔප්පු කල හැක. එයට හොදම නිදසුනනම් මා හට friend request විශාල ලෙස පැමිණියත් මා එකක්වත් accept කර නැත. එයට හේතුව මට කිසිවිටෙක facebook ජාලයේ අන් මිතුරන් නොමග යැවීමට අවශ්‍ය නොවීමයි. ( මා accept කර ඇත්තේ මගේ සත්‍ය facebook ගිණුම පමනි.) මට අවශ්‍ය වුයේ මගේ ආදරවන්තිය හා මා පිළිබඳ සමරු සටහන් ලිවීම පමණකි.

    ඉතින් මා facebook Terms and Conditions වලට පටහැනිව ක්‍රියා කර ඇති බව මා පිලිගන්නවා. නමුත් මට අවශ්‍යයි මෙම facebook ගිණුම සක්‍රිය කර ගනිමට. මන්ද එතුල ඇති අපගේ සටහන් වල කිසිදු copy එකක් මා සතුව නැත. මට මෙම ගිණුම දිර්ගකාලිනව සක්‍රිය කරගැනීමට අවශ්‍ය නැත. අඩුම වශයෙන් සතියක කාලයක් සදහා මෙම ගිණුම සක්‍රිය කරදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මන්ද ඒ මගේ ආදරවන්තිය හා මා පිළිබඳ ඇති සමරු සටහන් මා හට copy කර ගැනීමට අවශ්‍ය නිසාවෙනි.

    මා අසා තිබෙනවා facebook අයිතිකරු Mark Zuckerberg මහතා සතුව ඔහුගේ සුරතලාගේ නමින්ද facebook ගිණුමක් ඇති බව. එම නිසා මා මෙලෙස තවත් facebook ගිණුමක් විවුර්ත කිරීම සම්බන්දව වැඩිදුර නොසිතු බව සංවේගයෙන් යුතුව දැනුම් දිමට කැමතියි. එසේම මා හොදින් දන්නවා facebook කාර්යමණ්ඩලය machines සමග වැඩ කරන පිරිසක් බව ( Computers අදිය සමග) නමුත් මා සිතනවා ඔබ සියලු දෙනාටම හැගීම් ඇති බව, ආදරය හදුනන බව, ඉතින් මට මේ නැතිවීමට යන්නේ මගේ ආදරය සම්බන්ද සමරු සටහන්. ඉතින් මට මාගේ මෙම සමරු සටහන් නැවත ලබා ගැනීමට අවශ්‍යව ඇත. ඉතින් ඒ සඳහා මට අඩුම සතියක කාලයක්වත් මගේ Tharindu Roxx ගිණුම සක්‍රිය කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්නය දෙස මානුෂිකව බලන ලෙස ඉල්ලා සිටිමි.

    දීර්ග විස්තරයක් පල කිරීම සම්බන්දව කණගාටුව පල කරන නමුත් මෙය සත්‍ය විස්තරක් බව ප්‍රකාශ කර සිටිමි.

    ReplyDelete
  4. Plz para..!! මට මේක English වලට හරවා දෙන්න... ලොකු හදිස්සියක් මගේ facebook ගිණුම disable වී ඇත.

    1. Sorry friend. I am very busy at the moment.Please contact me via my phone number which is found in the translation link.

      Delete
    2. අය්යෝ පැර මේක ජෝකරයෙක් බයිට් වෙන්න එපා

      Delete
    3. same above posted at matalan, raj and rasika so අය්යෝ පැර මේක ජෝකරයෙක් බයිට් වෙන්න එපා

      Delete
  5. හොල්මන් ද පොල්කොලJune 6, 2015 at 3:49 PM

    ලංකාදීපය අසයි - ඩී.වී.උපුල් කියයි.
    ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
    පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් ඇතුළු සෙසු අයට මහින්ද රජයක් යටතේ ගල් ගසා මරා දමන බවට තමා ප්‍රකාශ නොකළේ යැයිද "එය පත්තර කාරයන්ගේ විකෘති කිරීමයක්" යැයිද දකුණුපළාත් අමාත්‍ය ඩී.වී. උපුල් ලංකා දීපය සමග පවසා තිබේ.
    ඉන් උපුටාගත් කොටස් තිහිපයත් පහතින් පළ වේ.

    ප්‍රශ්නය :- පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල්ගසා මරා දමන බවට ඔබ ප්‍රකාශ කළේ කුමන හේතුව නිසාද?

    පිළිතුර:- මම කොහෙද එහෙම කියලා තියෙන්නේ? ආණ්ඩුවේ පත්තර කඩමලුයි රූපවාහිනියයි එක්ක එකතු වෙච්ච බොරු පත්තර කාරයෝ ටිකක් මට විරුද්ධව ගොතන බොරුවක් ඕක. මම කිව්වේ අලුතෙන් හදපු පොලිසිය කරන වැරදිවලට මිනිස්සු එකතුවෙලා ගල් ගැහුවත් මම ඒ දිහා බලන් ඉන්නවා ඇරෙන්න බේරන්න යන්නේ නැහැ කියලා.

    ප්‍රශ්නය:- මොකක්ද ඔබ කියන ඔය අලුතෙන් හදපු පොලිසිය?

    පිළිතුර:- පාර්ලිමේන්තුව හරහා පොලිස් කොමිසමක් දාලා ඔය අලුතෙන් හදලා තියෙන්නේ මොකක්ද පොලිස් ඒකකයක්.

    ප්‍රශ්නය:- ඇත්තෙන්ම ඔබ පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය ගැන දන්නෙම නැත්ද?

    පිළිතුර:- බොරු ලියන පත්තර කාරයෝ ඉන්න බොරු පත්තරවල ලියලා තිබුණු දේකින් මම ඔය ගැන දැක්කා.

    ප්‍රශ්නය:- ඇයි ඔබ බොරු පත්තර කාරයෝ ලියන ලිපි තියෙන බොරු පත්තර බලන්නේ?

    පිළිතුර:- නිකන් ඉන්න වෙලාවට කම්මැලි කමට බොරු පත්තරයක් හරි බලනවා.

    (සාකච්චාව ඉදිරියට යයි, උපුටා ගැනීම අවසන්)

    "බොරු ලියන පත්තර කාරයෝ ඉන්න බොරු පත්තරවල ලියලා තිබුණු දේකින් මම ඔය ගැන දැක්කා."
    "නිකන් ඉන්න වෙලාවට කම්මැලි කමට බොරු පත්තරයක් හරි බලනවා."

    දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් යනු ලංකාවේ පත්තර(ජනමාධ්‍යය) හා පත්තර කාරයෝ (ජනමාධ්‍යවේදීන්) ගැන පරමසත්‍ය හෙලිකල මෑත කාලීන දේශපාලඥයාය.
    පත්තර අයිතිකාරයෝ(ජනමාධ්‍යය හිමියන්) ගැනත් කීවානම් ....සුපර්

    මෙවැනි ජනතාවාදී ප්‍රකාශයක් කිරීමට අනුර කුමාර දිසානායකට හැකීද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා