විස්ස පරවෙයි ද?

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට යන බවක් නො පෙනේ. මූලික වශයෙන් ම මහින්ද රාජපක්ෂ කඳවුරට හා ශ්‍රීලනිපයේ බොහෝ කොටස්වලට උවමනා වී තිබෙන්නේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොව රනිල්ගේ ආණ්ඩුව පෙරළා දමා තම අතට බලය ගෙන මහ මැතිවරණයක් කරා එළඹෙන්නටයි. ඒ අන් කිසිවක් සඳහා නොව සුපුරුදු අන්දමින් රාජ්‍ය බලය යොදාගෙන මැතිවරණය ජය ගන්නටයි. 

එසේම, රාජපක්ෂ කඳවුරේ දූෂිතයන්ට එරෙහි විමර්ශන වළක්වා ගැනීම ද ඔවුන්ගේ දැවෙන අවශ්‍යතාවකි. 

එක්සත් ජාතික පක්ෂය ද මේ වන විට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා උද්‍යොගයකින් කටයුතු කරන්නේ නැත. එය ඔවුන්ගේ දින 100 වැඩපිළිවෙලේ නො තිබුණු අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සමග 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නට ගියහොත් ගැටලු මතු විය හැකි බවට හා විකෘති සංශෝධනයක් සම්මත වීමට ඉඩ ඇති බවට ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන තර්කයට වලංගුභාවයක් තිබේ. දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී එය එසේ සිදු විය. 

රාජපක්ෂ කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ උවමනාව අන් කිසිවක් නොව කඩාකප්පල්කාරිත්වය බව දිනේෂ්, වාසු, විමල් වැනි මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාවලින් කදිමට පැහැදිලි වේ. 

මෙම සංදර්භය තුළ පාර්ලිමේන්තුව විසුරුවීම හැර අන් කිසි විසඳුමක් නැත. 

එහෙත්, මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය තුළ සිරගත වී සිටින තත්වය තුළ ඔහු ද පාර්ලිමේන්තුව විසුරුවනවාට වඩා අවධානය යොමු කර තිබෙන්නේ පක්ෂය තුළ බලය තහවුරු කර ගන්නට බව පෙනේ. 

වත්මන් පාර්ලිමේන්තුවත් සමග ආණ්ඩුවට ඉදිරියට යා හැකි තත්වයක් නැත. ජනවාරි 8 විප්ලවයට පාදක කර ගත් පොදු අවම වැඩසටහනක් වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණ ඇතිව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම සඳහා ප්‍රගතිශීලී බලවේග පෙළගැස්විය යුතුව තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 20 වෙනුවට 23 දාගත්තම හරි 20 + 1 + 2

    20 පරකරනවා

    1 පලියට ගන්නවා

    2 න් පනවා.

    ReplyDelete
    Replies
    1. පැරා මොනවහරි ලියල කොක්කු පනහ පනහ ඉන්නව.

      Delete
  2. People get leaders they deserve

    ReplyDelete
  3. ඔය 20 කවදාවත් මේ ස්‍රිලනිප බහුතරය ඉන්න කාලකනි පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරගන්න බෑ...
    ඒකට රනිල්, මංගල, අජිත් පී පෙරේරා, විජයදාස රාජපක්ෂ වගේ රටට ආදරේ කරන උගතුන් ඉන්න යූඑන්පී ආන්ඩුවක් පිහිටුවාගන්න....

    ReplyDelete
  4. Ethakota Ranil kandaure dushitayo? Ravi, Arjuna Mahendran etc! Your pen is very weak when it comes to corruption of ranil, Ravi, Arjuna clique! Poor gentleman!

    ReplyDelete
  5. අනී ඇයි මේ පුකපැත්තක පින්තූරයක් දාලා තියෙන්නේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා