මුල්‍ය අපරාධ විමර්ශන නැවැත්වීම වෙනුවෙන් ඡන්දය ඉල්ලීම

දුම්රියේ ටිකට් නොමැතිව හොරෙන් ආ මගියෙක් වේදිකාවේදී ටිකට් පරීක්ෂකවරයකුට මාට්ටු වූයේ ය. 

"කෝ ටිකට්?"

"ටිකට් තියෙන්නෙ කොහොමද, මං කෝච්චියෙ ආවෙ නැහැනේ," මගියා කීවේ ය. 

"තමුන් කෝච්චියෙ ආවෙ ටිකට් නැතිව නේ ද?"

"පිස්සුද? මං කෝච්චියෙ ආවෙ නැහැ. කෝච්චියෙ ආවා නම් ටිකට් තියෙන්න එපා යැ." 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් වූ රාජපක්ෂ පවුලේ සිට ඇමති මණ්ඩලය හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා පිරිස දූෂණ චෝදනා පිළිබඳ මතු කරන තර්කය ද මෙවැනි ය. 

දූෂණ කළා නම් චෝදනා තිබෙන්න එපායැ යන තර්කය ඔවුහු රැගෙන එති. ඔවුන් කියන පරිදි චෝදනා නැත්තේ දූෂණ නො කළ නිසා ය.

ඇත්තම තත්වය නම් ‍චෝදනා නැත්තේ විමර්ශන නැති නිසා ය. දේශපාලකයන්ගේ දූෂණවලට එරෙහිව ක්‍රියාමාර්ග නො ගැනීම පසුගිය දිනවල සාමාන්‍ය තත්වය විය. පොලිසිය නම්නීකරණය වී තිබුණේ ම දූෂණ ගැන විමර්ශනය නො කරන්නට මිස කරන්නට නො වේ. එසේම, සමස්ත රාජ්‍ය ව්‍යූහය ම පාහේ දූෂණයට නම්නීකරණය කර තිබුණු එකක් විය. සමාජය තුළ මුල් බැසගෙන තිබෙන දූෂණය ‍අ‍හෝසි කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. 

ඉදිරියේදී පත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසුරුවා හරින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත පවසයි. 

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මහින්දගේ හිටපු ගෝල බාලයන්ට ඉදිරිපත් කරන්නට තිබෙන ලොකු ම සටන් පාඨය "අපට එරෙහිව විමර්ශන නවතව්!" යන්න ය. ඔවුන් සිතා සිටි‍න්නේ ජනතාව මේ සටන් පාඨයට ඡන්දය දෙනු ඇතැයි කියා ද? 

විශේෂිත අපරාධ විමර්ශනය කිරීම සඳහා පොලිස් ඒකක ගොඩනගන එක නීති විරෝධී නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ද නීති විරෝධී විය යුතු ය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ද නීති විරෝධී විය යුතු ය. පසුගිය කාලයේ මහින්ද ආගමික පොලිසියක් ද හැදුවේ ය. 

පසුගිය කාලයේ සිදු වූ දූෂණවල තරම අනුව විමර්ශනය සඳහා සමස්ත පොලිසිය ම යෙදෙව්වත් ප්‍රමාණවත් වන්නේ නැත. රාජ්‍ය බලය යොදවමින් දේශපාලකයන් තම දූෂණ යට ගසා ගත් බව නො දන්නේ කවුරු ද? ජනාධිපති මන්දිරයේ ලිපි ගොනු අතන මෙතන සඟවා තිබියදී හමු විය. 

මහා පරිමාණ දූෂණ චෝදනා වෙනුවට තවමත් දේශපාලකයන්ට එරෙහිව එල්ල වෙමින් තිබෙන්නේ පොදු දේපල අපහරණය පිළිබඳ සාපේක්ෂ වශයෙන් සුළු චෝදනා ය. එහෙත්, වරද නම් වරද ම ය. එහි ප්‍රමාණය වැදගත් නැත. 

මහින්දගේ ඇම්බැට්ටයන් "කෝ අපි ගහපු ලොකු ගැහිලි ඇල්ලුවා ද?" කියා අසන ගමන් දැන් ඒ ගැන විමර්ශනය කරන පොලිස් ඒකකයත් විසුරුවා හරින්නැයි උද්ඝෝෂණය කරති. ඒ මදිවාට පළි ගන්නවා යි හා පොලිස් රාජ්‍යයක් හදා ඇතැයි ද අඳෝනා නගති. 

ගම් මට්ටමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා ම මහින්දගේ ඇම්බැට්ටයන් ගැසූ හතරවරං ගැහිලි ගැන මේ ‍රටේ ජනතාව හොඳින් දනිති. හිටි ගමන් සල්ලිකාරයන් වූ සියලු දේශපාලකයන් හා ඔවුන්ගේ චක්ගෝලයන් මුදල් හම්බ කළේ අයථා ලෙස බව නො දන්නේ කවුරු ද? එහෙත්, චෝදනා ඔප්පු කිරීම පහසු නැත. චෝදනා ගැන විමර්ශනය කරන්නට ශක්තිමත් ව්‍යූහයක් අවශ්‍ය ය. එවැන්නක් රටේ නැත. දේශපාලකයන් පාවිච්චි කරන්නේ ඒ දුර්වලකමයි. 

දේශපාලකයන්ට එරෙහිව තිබෙන චෝදනා විමර්ශනය කිරීම නවත්වන්නැයි කරන ඉල්ලීම වෙනුවෙන් ජනතාව ඡන්දය දෙන්නේ නැත. ඒ සටන් පාඨය රැගෙන ආවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අසරණ වනු ඇත. 

තමන් කළ කී දේ ගැන දන්නා චෞර දේශපාලකයන් චෝදනාවලින් ගැලවෙන්නට නම් කළ යුත්තේ විමර්ශනවලට මුහුණ දී වරද පිළිගැනීමයි. තමන් දේශපාලන විෂම චක්‍රයක ගොදුරු බවට පත් වූ අය බව පිළි ගන්නට සූදානම් අයට තමන් කොල්ල කන ලද මහජන දේපල ආපසු භාර දී පුනරුත්ථාපනය වීමට අවස්ථාවක් ලබා දුන්නාට නම් කමක් නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Why, Mr, the gargantuan theft, central bank theft is not called by them? If they are so yahapalanic, why don't they arrest Arjuna Mahendran? Why no confidence motion is not allowed? Why don't you write any word about it?

    ReplyDelete
  2. A 1/4 පොරක්May 20, 2015 at 2:31 PM

    හොරකම
    අහිංසක හොරකම
    පඩ හොරකම
    සුළු හොරකම
    සාමාන්‍ය හොරකම
    නිදන් හොරකම
    සැලසුම් සහගත හොරකම
    පට්ට හොරකම
    ජාත්‍යන්තර හොරකම
    ආදී වශයෙන් මුලු විශ්වයේම ඇති හොරකම් හා ජඩකම් වලට ,2500 වසරක අභීමානවත් ඉතිහාසයක් ඇති ලාංකිකයන් කියන්නේ "මහින්ද චින්තනය" කියාය.
    ----------------
    "මහින්ද චින්තනය" යටතේ හොරකම් නොකරපු කෙනෙක් සෙවීම වඩා,
    බුදූන් දවස නුඹට නෙමළ ගෙයකින් අබ ඇට සෙවීම ඉතා පහසු වැඩකී කිසා ගෝතමියනී.

    දැන් ඉතින්.....
    නුඹ නාඩන්..... අපට පිස්සූ.,,,,

    ReplyDelete
  3. චෝදනාවලින් ගැලවෙන්නට නම් කළ යුත්තේ විමර්ශනවලට මුහුණ දී වරද පිළිගැනීමයි. තමන් දේශපාලන විෂම චක්‍රයක ගොදුරු බවට පත් වූ අය බව පිළි ගන්නට සූදානම් අයට තමන් කොල්ල කන ලද මහජන දේපල ආපසු භාර දී පුනරුත්ථාපනය
    Ela Idea Para. !

    ReplyDelete
  4. මහින්ද ගසා කෑවායැයි කියන ට්රි)ලියන 3.2 තිබිය හැක්කේ කොහේද? විශාල පරිමානයේ මුදල් හොරුන් සාමාන්‍ය අයමෙන් ඔවුන්ගේ නම්වලින් බැංකු ගිණුම් වල මුදල් තබා තියන්නේ නැත. ඒ සඳහා භාරකාර (Trusts) යන ක්‍රමය භාවිතා කරයි. මෙවන් භාරකාර ක්‍රමයන් ස්විට්සර්ලන්තය, බ්රි(තාන්යා වර්ජින් දූපත්, ජර්සි, මකවු, චැනල් දූපත්, ආදී රටවල් වල මුදල් සැඟවීම සඳහාම ක්‍රියාත්මක වේ. එම භාරකාර මණ්ඩල හිමිකම් ලාභීන් (beneficiaries) වෙනුවෙන් ලෝකයේ කොටස් වෙලඳ පොළවල, නිශ්චල දේපල වල, එම මුදල් අයෝජනය කරයි. එම භාරකාර ගිවිසුම් (Trust deeds) අනුව සහ ඒවා සංස්ථාපනය කරන රටවල් වල නීති අනුව එම භාර වල හිමිකම් ලාභීන් සහ භාරකාර දේපල (Trust properties) හෙලි කිරීම නීතියෙන් තහනම් වෙයි. එසේ හෙලි කලහොත් හිමිකම් ලාභීන් ඔවුන්ට වන පාඩුව වෙනුවෙන් සහ තවත් විශාල මුදල් ප්‍රමාණයකුත්නඩු මාර්ගයෙන් ලබාගත හැකියි. මහින්ද අවංක නම් සහ කියන විදිහට ඔහු ගසා කෑවේ නැත්නම් ඔහු කල යුත්තේ තමාගේ නමින්, තම පවුලේ උදවියගේ නමින් හෝ එම පුද්ගලයන් හිමිකම් ලාභීන් ලෙස ඇති භාරකර මණ්ඩල දේපල ඇත්නම් ඒවායේ වල විස්තර අදාල පරීක්ශක ආයතන වලට ලබා දෙන ලෙසත් එසේ දේපල තිබී විස්තර ලබාදුන්නොත් එවන් ලබාදීමට අදාල එම ආයතන වගකීමෙන් නිදහස් කරන (indemnity) ඕනෑම මුදල් සඟවන ප්‍රදේශයකට (any territory) සහ ආයතනයකට (any institution) අදාල වන පරිදි ප්‍රසිද්ධියේ ලබා දීමයි

    ReplyDelete
  5. හිටපු ඇමති ගරු විමල් වීරවංශ මැතිතුමාගේ පවුලේ අයට රජයේ වියදමින් කහතුඩුවේ සහ මත්තේගොඩ ඉදි කරන සුඛෝපභෝගී නිවාස ලබාදී ඇත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ, NGO කාරයෝ හා පිරිබාහරන්ගේ නියෝජිතයන්ය.ඔවුන් එසේ කර ඇත්තේ විරවංශ මැතිතුමා සහ මුසම්මිල් මැතිතුමා එක්ව ගෙන යන රට බේරාගැනිමේ වැඩපිලිවෙලට බිය වී වෙවුලා උන ගැනී ඇති තම සාමාජිකයන්ගේ උන අඩුකර ගැනිමටය.එසේම, සසී වීරවංශ මැතිනිය හොර පාස්පෝට් හා හැදුනුම්පත් සදා පිඩිත පංති විප්ලවය සදහා සූදානම් වීම නිසාද ධනවාදී රටවල් සෙලවී ඇත.

    ගරු විමල් වීරවංශ මන්ත්‍රිතුමාට හා දෙදරු මවක් වන සසී වීරවංශ මැතිනිය වෙනුවෙන් සකල ලෝකවාසී නිර්ධනයනි නැගිටින්න !
    දේශමාමක ජනතාවනී නැගිටින්න !
    මහින්ද සමග නැගිටින්න !
    ඔවුන් දෙදෙනා බේරාගන්න නැගිටින්න !

    ReplyDelete
  6. Hi Ajith,
    I'm an avid reader of your blog. Since last month, the URL w3lanka.com is not working (giving me a 404 error). www.w3lanka.com works fine. I think something might have gone wrong in the URL redirection settings for your root domain. Please fix it. Keep writing. I wish you good health. Thanks.

    ReplyDelete
  7. 94 බලය ඉල්ලනකොට චන්ද්‍රිකා මැතිණිය කිව්වේ එකේ හොරු ටික ගෝල්ෆේස් එකට ගෙනල්ල එල්ලනව කියල. ඒ කිව්ව දේ කරානම් අද මෙවැනි තත්වයක් උද්ගත නොවනු ඇත. !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා