හොරු යන්නේ කොයි පා‍රේ - ගෝඨාභය ගිය පාරේ

අත්අඩංගුවට නො ගන්නා ලෙස ඉල්ලා මහජන මුදල් කොටින්ට දුන් ටිරාන් හා ලලිත් ද මානව හිමිකම් පෙත්සම් ගොනු කරයි ද? යන මැයෙන් අප විසින් ලියන ලද ලිපියෙන් මතු කරන ලද කරුණු සැබෑ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ද තමන් අත්අඩංගුවට ගැනීම නවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ඔහුගේ කරුණු දැක්වීම අනුව, රාඩා නම් ‍ආයතනයක් විසින් උතුරේ වැසියන්ට ගෙවල් හදන මුවාවෙන් මහජන මුදල් රුපියල් මිලියන 167ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රාඩා ආයතනයේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම පළිගැනීමකි. නීති විරෝධී ක්‍රියාවකි. 

මේ අධිකරණ ක්‍රියාමාර්ගයට පූර්වාදර්ශය සපයා තිබෙන්නේ ඩොලර් මිලියන 10ක් වැය කරමින් මිග් 27 ගුවන් යානා හතරක් මිළ දී ගැනී‍මේදී කරන ලද දූෂණයක් පිළිබඳ ‍පැහැදිලි චෝදනා එල්ල වෙමින් තිබෙන ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නිකුත් කරන ලද මතභේදයට තුඩු දී තිබෙන අතුරු තහනම් නියෝගයයි.

අදාළ අතුරු තහනම් නියෝගය පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් කළේ ය. එය නීති විරෝධී බව අගමැතිවරයාගේ තර්කය විය. රාවය පුවත්පත විසින් ද එම අධිකරණ ක්‍රියාමාර්ගය දැඩි ලෙස විවේචනය කරන ලදී. 

සාක්ෂි සහිත මෙම වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී හා නඩු පැවරීමේදී මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය බාධාවක් වන්නේ නැත. එබැවින් මෙම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සිරා මුලින්ම මහින්දගේ සාටකය ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ ජාතික බැනියම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ සරම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ යට බැනියම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ අමුඩය ගැලෙව්වේය.
    යුද සමරු දිනයට කිට්ටු වෙන විට මහින්ද සිටියේ අමු හෙළුවෙනි. ඇඟේ නූල් පටක් වත් නැතිවය.
    අප හැම දෙනාටම හිතුණේ සිරාට තව මහින්දගේ ගලවන්න දෙයක් නැති බවයි.
    අපට වැරදුණේය.
    සිරා අද (මැයි දහ නව වැනිදා) ගලවන්නේ මහින්දගේ ඇට දෙකය.
    බලාගෙන යනකොට සිරා කියන්නේත් සිරා පොරකි.

    ReplyDelete
    Replies
    1. AnonymousMay 19, 2015 at 9:15 AM

      අඩෝ නැගිටපිය දැන් දවල් වෙලා !
      හුටා, තොගේ ඇට දෙක නැහැ නේද?

      Delete
    2. ඔයි ගලවල අයින් කරන ඒවා ජාතික වස්තු එහෙම නැත්නම් සර්වඥ ධාතු කියල හිතාන වන්දනාමාන කරන සිංහල බෞද්ධයෝ එමටය.

      Delete
    3. 222.................May 19, 2015 at 1:53 PM

      සිරා
      මරු සිරා
      කර
      ඉල්ලන්
      කන
      බයියන්.

      Delete
    4. UNP නායක තුමා ලෝකේ පිරිසිඳුම නායකයා ලු..ලු..ලොල්..ලොල්..ලු
      ධවල පත්රිකා ගෙනල්ලා කැම්පස් කොල්ලෝ මැරුවේ නැ.....ලු....
      මරදානේ චෝප්පෙගේ මල ගෙදර ගියේ නැ.....ලු....
      ස්ත්රී දුෂක ගෝනවල සුනිල්ට මුළු දිවයිනටම JPකම් දුන්නේ නැ.....ලු..
      මිනීමරු සොත්ති උපාලිව කෘත්යාධිකාරී මණ්ඩලේට ගත්තේ නැ.....ලු..
      බටලන්දේ JVP කොල්ලෝ මැරුවේ නැ.....ලු..
      මරාට දුව දුව හොරා කියන එයා හොරා වෙන්නේ නැ.....ලු..
      ඇහැට පේන මහා බැංකුවේ ලොකුම හොරකම කෙරෙව්වේ නැ.....ලු..
      අනේ UNP මිතුරනි ඇඳ ගනිල්ලා pampars
      නැත්නම් කලිසම් තෙමෙයි......................!!!

      Delete
    5. හඃ හා ! සිරාගේ සිරා කම තවම පෙන්නුවෙ නැහැ බොලවු. සිරාගෙ නියම සොබාවෙ පේන්න ගන්නෙ ඊලඟ එලෙක්ෂන් දෙකෙන් පස්සෙ. මිනිස්සු කියන දේවල් තඹේකට මායිම් නොකර බදු වැඩි කරද්දි, පොරට ඕනෙ දේවල් ඕනෙ හැටියට කරද්දි සිරා-රනිල් සුසංයෝගය රාජපක්ස රෙජීමයට හපන් වෙවි. දැනට කොහොමහරි විපක්ෂයක් තියෙන නිසා ටිකක් වැඩේ ශේප්. කොහොමත් විමල්ලා ගෝඨලා හිරකරල සිරිපාලයාගෙත් කට වහනව මුලින්. මරා ඊලඟ ඡන්දෙට එන එකක් නැහැ. දිනේශ්ල වාසුලා පරදීවි. ජෙප්පොන්ටයි ෆොනීටයි ඡන්ද අඩුවෙයි. පස්සෙ ඉතින් සිරාගෙ සිරාම ආණ්ඩුව තමයි !

      Delete
    6. මම නම් හිතන්නෙ ආනන්ද විද්‍යාලයේ නම වෙනස් කල යුතුයි කියල. එය "ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මධ්‍ය මහා විද්‍යාලය" ලෙස වෙනස් කල යුතුයි. ලංකාවෙ ඕනතරම් ආනන්ද විදුහල් තිබ්බත් මේ නම තියෙන පාසල් තියෙන්නෙ එකයි. පාසලටත් හොඳ අනන්‍යතාවක් ලැබෙනවා. මා හිතන්නෙ බහුතර ආදී ආනන්දීයයන් මේ යෝජනාව පිලිගනී කියල.

      Delete
    7. මරා ආපු අලුත අපට පෙනුණේ පොර හෙන සිරා බුවෙක් කියාය. අනෙක එතකොට මරාට එරෙහිව හරියට කතා කල හැකි ප්‍රබල විපක්ෂයක් තිබ්බේද නැත. මරා පසුව අපට සිය නිතඹ පෙන්නුවේය. අප මරාව පන්නා දැමුවෙමු.

      සිරා දැනට අමු අහිංසක පූස් පැටවෙක් වගේය. සිරාවාදී වන්දිභට්ටයෝ ඔහුටද රෙදි නැතිව කඩේ යති. ජැකියාගේ පාට් එක දමමින් සිරා සුපර්මෑන් කරමින් සිටිති. දැනටමත් සිරා මරුසිරා වියහැකි බව ලාවට පෙන්වමින් තිබේ. දිනෙක සිරා තමන්ට දැනටමත් හෙලුවෙන් කඩේ යන තොපේ ඇටද ගලවා ගනු නොඅනුමානය.

      Delete
    8. මෙන්න කුරහන් පඩ ගඳක් එනවා. මේ දවස්වල ජොබ්ලස් සෙක්කෙක් හරි ටුවර් ඔපරේටර් කෙනෙක් හරි ඇවිත් ගිහින් වගේ.

      Delete
    9. ජාතික සමගිය වෙනුඑන් ඔබ යම් මෙහෙවරක් කර ඇති බව පෙනෙනවා. එය අගය කරනවා. යුද්ධය පැවති කාලයේත්, ඉන් පසුවත් ජාතික සමගිය උදෙසා කොපමණ සාහිත්‍ය නිර්මාණ, (ගීත, කෙටිකතා, නවකතා) චිත්‍රපටි, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, නිර්මාණය වන්නට ඇද්දැයි මා මෙන්ම ඔබත් හොඳින් දන්නවා. නමුත් ප්‍රායෝගික වශයෙන් ජාතික සමගිය ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි? මේ ප්‍රශ්නයත් චුවින්ගම් එකක් වගේ හප හපා ඉන්නවා විතරයි. අපි කවුරුත් විවෘතව කතා නොකරන මොකක්දෝ එකක් තියනවා. අන්න ඒක හොයලා කපලා දාන්ඩ සුදුස්සෙක්, සුදුසු වැඩ පිළිවෙලක් තවමත් නැහැ.

      Delete
    10. 1960 දශකයේ මම අහපු කතාවක් කියන්නද? දෙමල මිනිස්සු ඔය ඉංග්‍රීසියෙන් වැඩ කිරීම කලිසම් ඇඳීම කලේ රටේ දකුණු පාලාත්වලදී විතරලු. කෝච්චියෙන් යාපනේට යනකොට වවුනියාවේදී කලිසම ගලවලා වේට්ටිය ඇඳලා දෙමලෙන් විතරක් කතාකරනවලු. අපි කා තුළත් ජාතිකත්වයක් තිබිය යුතු අතර වර්ගවාදයක් නොතිබිය යුතුයි.

      Delete
    11. පොල් ගස තාල වර්ගයේ
      තල් ගස තාල වර්ගයේ
      පොල් ගස් යට තල් ගස් යට
      බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
      උන් සුවර්ගයේ...

      Delete
  2. තව ටික දවසකින් මහින්දගේ ගීතය:

    ඒ මල්ලිත් හිරේ තමයි
    මේ මල්ලිත් හිරේ තමයි
    උන් සේරම හිරේ තමයි අපේ රාජ්ජේ...
    හොරා මමයි අපේ රාජ්ජේ...

    ReplyDelete
    Replies
    1. බයියො අපියි අපේ රාජ්ජේ
      බයියො අපියි, බයියො අපියි, බයියො අපියි, අපේ රාජ්ජේ
      ඒ බයියත් අපේ තමයි, මේ බයියත් අපේ තමයි
      බයියො රැළම අපේ තමයි අපේ රාජ්ජේ
      බයියො අපියි අපේ රාජ්ජේ

      Delete
    2. මගේ සැමියා හොරා තමයි
      ඔහුගේ අණින් රටම සැලේ
      මමත් ඔහුත් පවුලෙ අයත්
      අපේ රාජ්ජේ
      හොර රැජින මමයි
      අපේ රාජ්ජේ

      Delete
    3. තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
      මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
      ඒ වතුරේ පීන පීන
      මේ වතුරේ පීන පීන
      දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
      භූමදානයේ

      හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
      කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
      ඒ ලුනු රස පදමට ගෙන
      දෙහි ඇඹුලට මුසු කරගෙන
      මුළු රට කිරිබත් කන දිනයක් ගැන
      සිත විමසන්නේ

      Delete
  3. දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා.

    මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ගිහින් ඉන්නවා ඉන්නවා ජනාධිපතිතුමා නැහැ. මම ඉතින් තේ එහෙමත් බීලා වාඩිවෙලා ඉද්දි ජනාධිපතිතුමා ලහිලහියේ පඩිපෙළ බැහැලා ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නින්ද ගියා කියලා සුපුරුදු මිත‍්‍රශීලීත්වයෙන්ම කතා කළා.
    ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා. මම හිතුවා මගේ හීනයක් හැබෑ වෙන්න යන්නේ කියලා. වෙන කෙනෙක් දෙයක් ඇහුවා නම් මම කියන්නේ මම හෙට මගේ මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කියලා. ඒත් මට ඒ වෙලාවේ හිතුණා, මගෙන් මේ ප‍්‍රශ්නයට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. ඒ වගේම මගේ මිත‍්‍රයෙක්. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’
    මේ කතාව කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරිනී ඊවා වනසුන්දර ය.

    - See more at: http://ravaya.lk/?p=6996#sthash.lK6SicU8.dpuf

    ReplyDelete
    Replies
    1. මා වැනි බිළින්දා
      වර වර ළඟට කැන්දා
      දුක් සැප කුමන්දා
      අසන නිරිඳෝ වෙන කොයින්දා ...

      Delete
  4. ශාන්ත බණ්ඩාරMay 21, 2015 at 9:15 AM

    අජිත් පැරකුම් ජයසිංහ

    ප්‍රශ්නයක් අහන්න ද ? මේ මූල්‍ය අපරාධ ඒකකය ඉදිරියට ගෝඨාභය, විමල් ගෙන්වීමත් අර්ජුන මහේන්ද්‍රන් හා රනිල් වික්‍රමසිංහ නොගෙන්වීමත් ගැන ඔබගේ මතය කුමක්ද ? එය සාධාරණයැයි ඔබට සිතේද ? කරුණාකර මේ ප්‍රශ්නය නොසලකා නොහැර පිළිතුරක් දේ යැයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා