මෛත්‍රී - මහින්ද සාකච්ඡා ඇත්තෙන් ම කොයිබට ද?

දෙන්නාගේ ශරීර භාෂාව හදාරන්නට හොඳ ඡායාරූපයකි. මහින්දගේ මුහුණේ ඇත්තේ බයාදු හිනාවකි. සිරිසේන ඉස්සරට වඩා කෙළින් වී තිබේ. මේ වර්තමාන දේශපාලන යථාර්ථයයි.  
මෛත්‍රී - මහින්ද සාකච්ඡා ගැන තොරතුරු දැන් හෙළිදරව් වෙමින් තිබේ. පෙනෙන ආකාරයට නම් මහින්ද ඇනගෙන තිබේ. 

බලවත් පාර්ශ්වය වන මෛත්‍රී පාර්ශ්වය කියන්නේ සාකච්ඡා සාර්ථක බවයි. සාකච්ඡා ගැන තෘප්තිමත් විය නො හැකි බව කුමාර් වෙල්ගම පවසා තිබේ. ඔවුන් දුබල පාර්ශ්වය බව එයින් ම පෙනේ. 

විමල් වීරවංශ හා සම්බන්ධ ලංකා සී නිව්ස් වෙබ් අඩවිය ද පවසා තිබෙන්නේ සාකච්ඡා අසාර්ථක බවයි. 

සාකච්ඡා පිළිබඳ අද දිනමිණ පුවත්පතේ පළ වී තිබෙන වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ ද මහින්දගේ කූට ඉල්ලීම්වලට ජනාධිපතිවරයා එකඟ වී නැති බවයි. 

පහළ පෙළේ එජාප සාමාජිකයන් චූන් කරන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඉතා පහත් අන්දමින් ජනාධිපතිවරයා අවමානයට ලක් කරන ලිපියක් සාකච්ඡාවලට පෙර ම පළ කර තිබිණි. එම ලිපියෙන් පරාවර්තනය වුණේ එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ මේ සාකච්ඡා සම්බන්ධයෙන් ඇති කුකුසයි. 

මෛත්‍රීපාල ජනාධිපති ධුරයට පත් කළේ රනිල් අගමැති කිරීමට බව ද ඇතැම් එජාප හිතවාදී වෙබ් අඩවි පුන පුනා පවසන ආකාරය දැක ගන්නට ලැබිණි.

මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීමට දරන උත්සාහය පසුපස ඇත්තෙන් ම තිබෙන්නේ පසුගිය සමයේ රාජපක්ෂ පවුල හා ඔවු‍න්ගේ ඇම්බැට්ටයන් විසින් කරන ලද මහා පරිමාණ දූෂණවලට එරෙහිව විමර්ශන අංශ ස්වාධීනව කටයුතු කිරීම නවතා, දේශපාලන ඇඟිලි ගැසීම් ඔස්සේ ඒවායේ කටයුතු පාලනය කිරීමට මග පාදා ගැනීමයි. 

මුල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසය සිවිල් නඩු වෙනුවෙන් අපරාධ චෝදනා ගෙන එන බවක් හා එය දේශපාලනීකරණය වී ඇති බවක් හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ. ඔහුට උවමනා වී තිබෙන්නේ එය අහෝසි කර ගන්නටයි. එම පොලිස් කොට්ඨාසය විසුරුවා හරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූ බවක් මහින්ද ගැති වෙබ් අඩවියක පළ වී තිබිණි. 

එහෙත්, ඇත්තෙන් ම ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ මුල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසය දේශපාලනීකරණය වන්නට ඉඩ නො තබන බවයි. එය හොඳ දෙයකි. ‍මේ මුල්‍ය අපරාධ සිවිල් නඩු නො වේ. මේ රටේ මහජන මුදල් කාබාසිනියා කිරීම් පිළිබඳ අපරාධයි. දූෂණය ජනතාවට එරෙහිව කරන අපරාධයක් බව අප හඳුනා ගත යුතු ය. 

විමර්ශන අංශ ස්වාධීන විය යුතු අතර, විමර්ශන දේශපාලනීකරණය නො විය යුතු ය. හිටපු ජනාධිපතිගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීගෙන් පහළ මට්ටම දක්වා පසුගිය කාලයේ මහජන මුදල් කොල්ල කෑ සියලු සොරුන් ඇල්ලිය යුතු ය. ඔවුන් විසින් කොල්ල කන ලද ධනය රාජසන්තක කළ යුතු ය. මෙය රටේ දැවෙන අවශ්‍යතාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගත යුතු ය. 

ඒ තේරුම් ගැනීම දිනමිණ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබුණේ මෙසේ ය: "මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශනවල පවතිනවා යැයි කියන අඩුපාඩු සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ අසාධාරණයට ලක්වන ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යාමට අවස්ථාව ඇති බවයි."

පක්ෂ විනය ගැන ඇති අවධානය ද ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී මහින්දට අවධාරණය කර තිබේ. ඒ බව දිනමිණ පුවතින් හෙළිදරව් වන්නේ මෙසේ ය: "මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය සියලු දෙනාම ආරක්ෂා කළ යුතු බවත් තනි තනි කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත්ය."

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්ව හා එයට අයත් නැති, එහෙත් එය සමග මැතිවරණ තරග කරන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි පාර්ශ්ව ගැන ද ජනාධිපතිවරයා කතා කර තිබෙන්නේ නො මනාපයෙනි. 

හෙට පැවැත්වෙන කුරුණෑගල රැළිය නවත්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව මහින්ද හිතවාදී වෙබ් අඩවිවල පළ වී තිබිණි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ කුරුණෑගල රැළියට සහභාගි වන ශ්‍රීලනිප මන්ත්‍රීන් සංඛ්‍යාව තවත් අවම කිරීමට බව පෙනේ. එහි ප්‍රතිඵල අද සවස වන විට දැන ගන්නට හැකි වනු ඇත. මේ වන විටත්, දයාසිරි ජයසේකර ජනාධිපතිවරයා විසින් බාගෙන තිබේ. දූෂණ හා අපරාධ විමර්ශනවලට ඇති බිය නිසා ජොනී මුල සිටම සිටියේ පස්ස ගහමිනි. මහින්දට කුරුණෑගල ශක්තිය ටී.බී. ඒකනායක ය. 

මහින්දගේ මැයි රැළියට ද මන්ත්‍රීන් හා ජනතාව සහභාගි වුණේ අඩුවෙනි. එහිදී මහින්දගේ මැරවරයෝ නිර්මාල් රංජිත් දේවසිරි හා කුමුදු කුසුම් කුමාර යන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙදෙනාට පහර දී මහින්දගේ නම තවත් කැත කළ හ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තමන් අඩි 6 ක් යට වළලා දැමීමට ක්‍රියා කළා යැයි තමා විසින්ම පවසන ලද පුද්ගලයා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සාකච්ඡා සඳහා ගියේ තමන් ජනාධිපති පුටුවට ඔසවා තැබීමට ක්‍රියා කළ සියළු බලවේගයන්ගේ ජනමතය නොතකමිනි.හොරු සමග එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නට යෑමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගේ අගෞරවයට පාත්‍රවීම වැළැක්විය නොහැක්කක් බව දේශපාලන විචාරකයෝ පවසති.

    ReplyDelete
  2. උපුල් ශාන්ත සන්නස්ගල කියනවා වගේ , රනිල්ට පුළුවන් උනා සරත් පොන්සේකාට චන්දය දෙන්න කියලා UNP කාරයින්ට කියන්න , ඒ වාගේම එය ඉටු උනා , ඊ ලඟට මයිත්‍රී ට චන්දය දෙන්න කියා UNP කාරයින්ට කියන්න , එයත් ඉටු උනා , එහෙම නම් මහින්දට ඇයි බැරි ශ්‍රී ලංකා කාරයින්ට කියන්න , සිරිපාලට , ප්රෙම්ජයන්තට , හෝ ඩලස්ට හෝ විමලයාට හෝ වෙන මොකෙකුට හෝ චන්දය දෙන්න කියලා පක්ෂය දිනවන්න ඕනේ නම් ,

    ReplyDelete
    Replies
    1. True this! good valid point!!!

      Delete
  3. හැමදේකදිම වගේ අදත් හැම ජනමාධ්‍ය ම තමන්ට දකින්න ඕනේ දේ ඉලිප්පෙන විදිහට තමා මේක ගැන වාර්තා කරලා තිබ්බේ.

    ReplyDelete
  4. මහින්ද දෙවනි වරටත් පරාදයි...

    ReplyDelete
  5. පැරා, හිරගත කරපු සෑම දේශපාලකයෙකුගේම වටේ හිටිය ආධාරකරුවෝ ඔබ දැක්කද?.මොවුන් හිරෙන් එලියට එන්නේ වීරයෝ වගේ.මහජන මුදල් අයථා පරිහරනය මොවුන්ට හිමි ලයිසමක් සේ මහජනයා දකිනවා. ඒ මානසිකත්වයෙන් ජනතාව මුදා ගන්ඩ ඕන.සෑම පාක්ෂිකයෙක්ම තම පක්ෂයේ මහජන මුදල් අයථා පරිහරනයට නොගෑවුන එවනු තෝරන මානසිකත්වයකට යොමු කරන්ඩ ඕන.අපි අහලා තියෙනවා.බණ්ඩාරනායක /ඩඩ්ලි තම ගේ උකස් කරලා දේශපාලනය කලා කියලා.ඒ වගේම ජේ.ආර්.මරණින් පසු තම ගේ පොදු කටයුත්තකට පරිත්යා/ග කලා.මොවුන්ගේ දේශපාලනයට මම එකග නැහැ.නමුත් මොවුන් මහජන මුදල් ශුද්ධත්වයෙන් සැලකුවා. මේ ආකල්පය ජනතාව අතර පතුරවන්න ඕන. ඒක කරන්ඩ පුලුවන් මාධ්යම වලට විතරයි.රාජ්ය මාධ්යග විශේෂයි.
    ඉන්දික

    ReplyDelete
  6. හංසයකුගේ අහිංසක - ධනාත්මක - ඒකායන පැතුම!
    - මෛත්‍රී-මරා සාකච්චා බිඳ වැටෙනු ඇත! - පාපිසි කල්ලියට ශ්‍රිලනිපයෙන් නාම යෝජනා නොලැබෙනු ඇත! - පාපිසි කල්ලියේ කීප දෙනෙක් දූශන චෝදනා වලට අත් අඩංගුවට ගැනෙනු ඇත!- මරා සහ පාපිසි කල්ලිය (ඉතිරි අය ) වෙනම මැතිවරනයට ඉල්ලන තැනට කටයුතු යෙදෙනු ඇත!- මරා, අවසන් මොහොතේ නාම යෝජනා දීමෙන් කර අරිනු ඇත!!- තුන්වෙනි බලවේගය සඳහා ජවිපෙ සහ මරා කල්ලිය අතර තරඟයක් ඇතිවෙනු ඇත!- අගමැති රනිල් සමග එජාප-ශ්‍රීලනිප ජාතික ආන්ඩුවක් හැදෙනු ඇත!- වාසුදේව, ඩිව්, තිස්ස විතාරන, දිනේශ්ට ආසන අහිමි වීමෙන් ඔවුන්ගේ දේශපාලන ගමන අවසන් වනු ඇත

    පැතුම සපල වෙමින් තිබේ!!

    - Dimithri

    ReplyDelete
  7. පැරා මෙවැනි අවිචාර දේශපාලන විචාර ලියන්නේ මුදලට නම් මගේ ඒ ගැන ගැටලුවක් නැත...

    ඕනෑම කෙනෙකුට මුදල් සඳහා මවු පියන් වුවත් විකිනීමට අයිතියක් ඇත.

    එහෙත් ඔහු මේ ලියවිල්ල සිතා මතා මුදලට නොව තම අමාරුවටම ලිවුවා නම් පැරා වනාහී ගන්කබර මෝඩයෙකි.

    ReplyDelete
    Replies
    1. බයියට සෑහෙන්න රිදිල නේද සිරිසේන මරා ඉස්සරහ කෙලින් හිටපු එක ගැන...

      Delete
    2. // බයියට සෑහෙන්න රිදිල නේද සිරිසේන මරා ඉස්සරහ කෙලින් හිටපු එක ගැන... //

      බයියන් කියන්නේ බත්ගම කුලයේ අයටයි.... මම බත්ගම කුලයේ අයෙකු නොවේ.... කුල බේද අවුස්සන කතා කීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමේ.

      Delete
    3. බයියන් කියන කතාව මුලින්ම වත්මන් දේශපාලන ශබ්දකෝෂයට ගෙනාවේ වහලුන් රැසක ගේ ස්වාමියා වන මහින්ද රාජපක්‍ෂ නේද?

      http://rasikalogy.blogspot.com/2015/04/having-fools-as-your-friends-will-make.html

      එතකොට මහින්ද රාජපක්‍ෂත් බත්ගම නම් වූ කුලයේ ද? නැතිනම් එදා අයවැය කතාව අවසානයේ "බයියන් ගේ වැඩ" කියා හැඳින්වුයේ අයවැය සැකසූ, ඒ කතාව ලියූ අයට ද?

      Delete
  8. Mama hari ugatha mama hari jagatha sithana parakum modayeki...

    ReplyDelete
  9. Enews UNP yata kade yanawa ohege meka SLFP ekatab kade yanawa. moda chun gannako

    ReplyDelete
  10. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම නුවර පාර දිගේ සිය රථය පදවමින් සිටියේය. පෑලියගොඩ් වික්ටෝරියා පාලම උඩදී ඔහු රථය නතර කළේ පහළ ගං ඉවුරේ අමුඩයක් ගහගෙන නාන බුරුසු රැවුලක් තිබුණු මනුස්සයාගේ මුහුණුවර හුරු පුරුදු හෙයිනි.

    "හප්පොච්චියේ මේ අපේ මහින්ද ජනාධිපතිතුමා නේද? මොකද සර් මේ...?"

    "නෑ බං සිරාගෙන් අගමැතිකම ඉල්ලුවාම සිරා කියපි කැළණි ගඟෙන් නාලා වරෙන් කියල. මං බලන්නෙ ඒකවත් කරලා අගමැතිකම ගන්න පුළුවන්ද කියලා..."

    රාජපක්ෂතුමා තව බාල්දියක් ඔලුවේ හලා ගත්තේය.

    (කතා ඇනෝ)

    ReplyDelete
  11. to Anonymous May 7.2015at 7.55/ බන්ඩාරනායක ගේ නඩේසන්ට උගස් තිබ්බට,ඩඩ්ලි සේනානායක මහතාසිය නිවස උගස් තිබ්බේනෑ.ඒවගේම.ජේ.ආර් ජයවර්දන මහතා,මරණයෙන් පසුව පමනක් නොව ජනාදිපති වීමටත් කාලෙකට පෙර සිය බිරිදගේ පාර්ශවයෙන් ලැබුනු ඉඩම් අක්කර 40 පමණ(මතකයේ හැටියට )කැලණියේ මාණෙල්වත්ත පන්සලට පූජා කලා. ඒවුනාට මරා මොනවද පෞද්ගලික දේපලින් ප්ලේන්ටී එකක් වත් දීලානෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඇනෝ එහෙම කියන්නෙ..? එතුමා ඉන්නකොට අරළියගහ මන්දිරයෙ හැමදාම වෙසක් වගේ දන්සැල් දුන්නෙ නැද්ද? ඔන්න දැන් ඉතින් කාගෙ සල්ලිද කියල උදළු දාන්න එපා හැබැයි...!!!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා