පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනය යටතට පත් කිරීම වැරදි ද?

මේ මස 15 දින ජන වරම ඉකුත් වන පළාත් පාලන ආයතන 234ක පාලනය කොමසාරිස්වරුන්ගේ පාලනය යටතට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

මෙය ඉතා පැහැදිලිව ම නිවැරදි දේශපාලන තීන්දුවකි.

මේ වන විට පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් සැලකිය යුතු පිරිසක් දඟලන්නේ මහින්ද රාජපක්ෂ ආපසු ගෙන එන්නට බව පෙනේ.

හේතුව පැහැදිලි ය. මෙම බලවේගයට කොන්ත්‍රාත්, බලපත්‍ර හා බදු කඩ ආදිය හරහා මහජන මුදල් කොල්ල කෑමට අවස්ථාව ලැබුණේ මහින්ද‍ ක්‍රමය නිසා ය. එපමණක් නොව මහින්දගෙන් ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවලට රැකවරණය ලැබිණි.

නිදසුනක් ලෙස ඊයේ පැලවත්තේ පන්සලක පැවති මහින්දගේ රැස්වීමක් සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විදුලි ජනක යන්ත්‍රයක් රැගෙන යමින් සිටියදී සභාවේ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් පැවසුවේ එය රැගෙන යන්නේ සභාපතිගේ නියෝගයක් අනුව බවයි.

මේ සභාපති කවුරුද?  උදේනි අතුකෝරළ නම් වන ඔහු පසුගිය සමයේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් පස් ප්‍රවාහන බලපත්‍රයක් සම්බන්ධව අල්ලසක් ගනිද්දී මාට්ටු විය. දැනට ඇප මත නිදහස් වී සිටින ඔහුට තනතුර රැක දුන්නේ මහින්දයි.

ඉදිරි මහ මැතිවරණයේදී මෙවැනි පළාත් පාලන මන්ත්‍රීන්ට රාජ්‍ය දේපල මහින්ද වෙනුවෙන් අපහරණය කිරීම සඳහා අවස්ථාව දිය යුතු ද? ඉතා පැහැදිලිව ම නැත.

නිමල් සිරිපාලට නො තේරෙන, මෛත්‍රීපාලට තේරෙන දේශපාලනය එයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,ඔය උදේනි අතුකෝරලගෙ අල්ලස් ප්‍රශ්නෙ මෙහෙම පැත්තකුත් අපිදන්නව.ඔය බෙන්තොට ප්‍රා,සභාවෙ සභාපති ගයාන් සිරිමාන්නගෙ තාත්තගෙ සහෝදරියක් (ජයසෙකරම.මිය-සැමියා 88-89 ජ.වි.පෙ විසින් මරාදැම්මායි සැලකේ?)ඒ කාලයේ සිටම කුමාර වෙල්ගමගේ අනියම් බිරියක්.අදටත් ඒ සම්බන්දකම් තියෙනවා.ගයාන්ට ජන්දයෙදි වෙල්ගම හොදට උදව්කලා.(aeka prasidda kathawak)

    ReplyDelete
  2. මේ පින්තූරයේ අරයා ඉන්නේ මලබද්ධය හැදිලා වගේ.

    ReplyDelete
  3. සිරා දැන් ෆුල් සිරා...

    ReplyDelete
  4. කේ. සුමනදාසMay 15, 2015 at 2:35 AM

    "දින 100 ට" දින කීයද ?
    හික්ස් .. ආඌ අප්පා යහ පාලනේ...හූ...
    මේකද යහ පාලනේ..

    (නිහඬතාවක්)

    හුටා.... ප්‍රා සභාවත් ඉවරයි..

    (චුක් .චුක්...චැක් .හූනෙක් කෑ ගසයී)

    මහින්ද සමඟ නැගිටින්න
    ඇහැක්වේද මන්දා....?

    ෂුවර් , මෙදා සැරේ නං ගෙදර .....

    (ලයිසන් නැති අලියෙක් බෙරිහන් දෙයි)


    (1965 විකාශය වු "මං නැති මං" ගුවන් විදුලි නාට්‍යයේ දෙබසක් )

    ReplyDelete
  5. කළ යුත්තේ ඡන්ද පැවැත්වීමයි. කොමසාරිස් ලා පත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.

    ReplyDelete
    Replies
    1. මේ මොහොතේ පැවැත්විය යුත්තේ මහ මැතිවරණයයි.

      ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අභියෝගයකට ලක් ව තිබී ඒකාධිපතිවාදයෙන් ගොඩ එමින් සිටින රටක් නිසා පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත කටයුතු කළ නො හැකි ය.

      මේ බිම් මට්ටමේ පාදඩයන් පිරිසගේ බලය බිඳ දමන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්විය නො හැකි ය.

      Delete
  6. ලංකාවට ඇමරිකාවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මේ අවස්ථාවෙ හරියන්නේ නෑ...
    කලයුත්තේ අවුරුදු 10 තිස්සේ වෙච්ච දේශපාලන පාදඩකරනය අවම කරන එක

    ReplyDelete
  7. මුංට ගෙවන පඩියයි වාහන වලට ගහන ඉන්දන ටිකයි ඉතුරුවෙන එකම මදිද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා