ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක කතා පෙළගැස්ම

තුවක්කු පතොරමක අනුරුවකින් පහනක් සාදා එය පත්තුකර මළවුන් සිහිකරන්නට තරම් අඥාන වූ පරපුරක අප්පච්චී
(උපුටා ගත් අදහසකි)
මම කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රිය නො කරමි. එහෙත්, පසුගිය දිනවල සිදු වූ ඇතැම් සිදුවීම් පෙළගස්වා ගත් විට ලංකාව භයානක කුමන්ත්‍රණයක මුවවිට තිබෙන බව සිතීමට සිදු වේ.

මෙම සිදුවීම් පෙළ ඉලක්ක වන්නේ ජනාධිපති ඝාතනයකට විය හැකි බව අපි අනුමාන කරමු. 

සිදුවීම් ටික මෙසේ පෙළ ගැසිය හැකි ය. 

  • මහින්ද පරාජය වීම
  • ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා, මිලිටරි බලය යොදවා දිගට ම බලයේ සිටීමට දරන ලද උත්සාහය අසාර්ථක වීම
  • මරලා හරි බලය ගත්තේ නැත්තේ ඇයිදැයි මහින්දගේ ගෝලයන් මහින්දගෙන් ඇසීම
  • තමන් කරන ලද දූෂණ හා අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනවාට බියෙන් ශ්‍රීලනිප නායකත්වය අතහැර පළා යාම
  • බරපතල දූෂණ චෝදනා ඇති අය වාසුදේව, දිනේෂ්, උදය ගම්මන්පිල වැනි දේශපාලන මුග්ධයන් ඉදිරියට දමා මහින්ද නැවත බලයට ගෙන ඒමේ ව්‍යාපාරයක් ඇරඹීම
  • එයට ඇති තරම් මුදල් පොම්ප කිරීම
  • මහින්ද කයිවාරු ගසන්නට පටන් ගැනීම හා එහෙත්, අපරාධ චෝදනා එල්ල වනවාට බියෙන් කෙළින් වැඩ කරන්නට බියෙන් සිටීම
  • 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොමු කිරීම
  • එය අසාර්ථක වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි තරම් තනුක කිරීමට උත්සාහ කිරීම
  • ජී.එල්. පීරිස් වැනි පුද්ගලයන් පවා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීම වෙනුවෙන් යොමු වීම
  • මහින්දට අගමැති අපේක්ෂකත්වය ඉල්ලා සිටීම
  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ අඟුණකොළපැලැස්සේ රැස්වීමකදී නාමල් රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් ජනාධිපතිවරයා අසලට ම පිස්තෝලයක් රැගෙන යාම
  • ඒ සඳහා නාමල් රාජපක්ෂ උදව් කිරීම
  • එම පුද්ගලයා අත්අඩංගුවට පත් වීමෙන් පසු ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔහු නිදහස් කිරීම
  • එම පුද්ගලයා රැගෙන ආවේ වතුර බෝතලයක් බව නාමල් රාජපක්ෂ කීම
  • එහෙත් සෙසු පුද්ගලයන්ගේ කටඋත්තරවලින් එය බොරුවක් බව පෙනී යාම
  • එය කිසියම් පෙරහුරුවක් ද යන සැකය මතු වීම 
  • නාමල් රාජපක්ෂ පෞද්ගලිකව ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වැඳ වැඩේ ෂේප් කර ගැනීම
  • ගෝඨාභය රාජපක්ෂට දැඩි පක්ෂපාතී වාරණ නියෝගයක් නීති විරෝධී ලෙස නිකුත් කිරීම සඳහා විනිසුරු දෙපලක් කටයුතු කිරීම
  • කතානායක චමල් රාජපක්ෂ ඉතා මධ්‍යස්ථ පුද්ගලයකු ලෙස හැසිරෙන ගමන් ම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත්සන් කිරීම පමා කිරීම
  • බරපතල දූෂණ චෝදනා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළ නායකත්වයේ සිටින කීපදෙනෙක් යටින් මහින්ද සමග එකතු වී කටයුතු කිරීම
  • අල්ලස් කොමිසම අලුත් පැමිණිලි විභාග කළ නො හැකි තත්වයට හා අලුත් නීතිමය ක්‍රියාමාර්ග ගත නො හැකි තත්වයට පත් කරමින් කොමසාරිස් කීර්ති විමලචන්ද්‍ර ඉල්ලා අස්වීම
  • ඔහුගේ ඉල්ලා අස්වීම කතානායකවරයා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත්සන් තැබීමට පැය කීපයකට කලින් කිරීම
  • අල්ලස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන්වලට පත් කිරීම් නිර්දේශ කරන ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම පමා වීම
  • රාජ්‍ය බලය පාවිච්චි කරමින් මහින්දට යටින් උදව් කරමින් සිටි පවිත්‍රා, ඩිලාන්, සී.බී. රත්නායක හා මහින්ද යාපා යන ඇමතිවරු ඉල්ලා අස්වීම
  • මැයි 22දා අම්පාරේ පැවති ආගමික උත්සවයකදී මහින්ද "අපි මේක වැඩි කාලයක් යන්න කලින් වෙනස් කරනවා," යි පම්පෝරි ගැසීම


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. You are capable of telling blatant lies! Yahapalana lies are so blatant!

    ReplyDelete
  2. මම මහින්දට චන්දය දුන් කෙනෙක්මි. එය අන්ධ භක්තියකින් කළ දෙයක් නොව ම විසින් එකල විශ්වාස කළ යම් ප්‍රතිපත්තීන්ට අනුකූලව දුන් විවේචනාත්මක සහයෝගයකි. අද මා දන්නා බොහෝ දේ එකල දනසිටියේනම් මගේ තීරණය වෙනස්වීමට බොහෝ ඉඩ තිබිණි ( උදා . පියදාස කුඩා බාලගේ ආයතන 20 ක පමණ තනතුරු දැරීම සහ වැලිඅමුණ වාර්තාව .) . නමුත් 58 ලක්ෂයට වඩා 62 ලක්ෂය සංඛ්‍යාත්මකව විශාලය. අප එය පිලිගතයුතුය. සිංහල පළාත් (?) වල බහුතරය මහින්දට ලැබුණු බව ද සැබෑය. නමුත් ජනාධිපතිවරණයක් පවත්වනුයේ රටම එක චන්ද කොට්ඨාශයක් ලෙස සලකාය. එම යථාර්තය අප පිළිගත යුතුය. මා මහින්දට චන්දය දුන්නත් චන්දයෙන් පසු ඉතා ආසන්න දිනයක " මට ඊළමෙන් චන්ද හම්බවුනේ නැහැ " යනුවෙන් ඔහු කළ සහාසික ප්‍රකාශය නිසා මට ඔහු ගැන ඇතිවූ කෝපයට වඩා මගේ චන්දය ඇතිවූ ශෝකය බලවත්ය. මහින්දට උතුරු නැගෙනහිරින්ද චන්ද ලැබිණි. එයින් සුළුතරය සිංහල චන්ද වන අතර බහුතරය දෙමල මුස්ලිම් චන්දය. ඔය ඔජවඩන 58 ලක්ෂයේ මගේ චන්දය මෙන්ම සැලකිය යුතු සංඛ්‍යාවක දෙමල සහ මුස්ලිම් චන්ද අඩංගුය. චන්දය පවතී දින සවස මට මගේ මිතුරු ඉතා ඉහල හමුදා නිලධාරියකු පවසා සිටියේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය දින කිහිපයකට එක්රැස් කර තබාගැනීම සුබ දායක බවයි. සැබවින්ම මා එසේ කල අතර මා සහ බිරිඳ සතු වාහන දෙකට ටැංකිය පුරවා ඉන්ධනද ලබා ගතිමි. එසේ කරණ ලෙස මගේ ඉතා හිතවත් මිතුරන්ටද උපදෙස් දුනිමි. පසුව මා දැනගත්තේ අපගේ බොහෝ මිතුරන්ද තමන්ට ආරක්ෂක අංශ වල සමීපතමයන්ගෙන් ලද තොරතුරු අනුව එසේ කර බවයි. සියලු කට කථා සඳහා දුමක් අවශ්‍ය නැතිමුත් මා සඳහන් කළේ ම දුටු දුමය. ජනවාරි 08 රාත්‍රියේ මිලිටරි කුමන්ත්‍රණ උත්සාහයක් පැවතියාද නැද්ද යනුවෙන් ඉතා කඩිනමින් සොයාබැලීම සහ එවැනි උත්සාහයක් වී නම් එයට සම්බන්ද වූවන්ට ඉතා කඩිනමින් උපරිම දඬුවම ලබාදීම රටේම යහපතට හේතුවනු ඇත. සත්‍යයය ප්‍රබන්ධයට වඩා විශ්මජනකය. මේ මුළු කුමන්ත්‍රණ කථාවම ප්‍රබන්ධයක් නම් සත්‍යයේ වාසිය මහින්දටය. නමුත් නැවත මහින්දට, ඔහු අනුව යන ඔහුගෙන් පැවැත එන්නෙකුට, ඥාතියෙකුට හෝ සන්ධානයකට චන්දයදීමේ හැකියාවක් වර්තමානයේ හෝ නුදුරු අනාගතයේදී මට නොමැත. ඉදිරි සංවාදයක පහසුව සඳහා මම මා "අසඩක්" යනුවෙන් හඳුන්වමි.

    ReplyDelete
    Replies
    1. මේ අඩසක් කියා ඇති කතාවම විශ්‍රාමලත් හමුදා මේජර් කෙනෙකු වන විචාරක නම් බ්ලොග්කරුවා ඒ දිනවලම කියා තිබුණා. මේ ගැණ මහතැන් දන්නවා. පැමිණිල්ලකුත් තියෙනවා. මං හිතන්නේ එක්කෝ ඩීල් දාන්න හෝ පසුව අදින්න තුරුම්පුවක් විද්‍රිට තියාගෙන ඉන්නවා.
      http://wicharaka.blogspot.com/2014/12/blog-post_30.html

      Delete
    2. මහින්දට ඡන්දෙ දුන්නෙ ප්‍රතිපත්ති නිසා? උගේ අහවල් ප්‍රතිපත්තියක් නිසාද? බම්බුව තමයි. අනේ නිකං පලයන් මෝඩ ගොබිලෝ යන්න. මරාට ඡන්දෙ දුන්න නම් නිතඹ වලදාගෙන මැරියන් මෝඩ මූසල බයි මෝලා. යකෝ ඇත්තටම උඹලට පිස්සුද නැතිනම් උඹල ලියපුව කියවන අපිට පිස්සුද? ගංවල ඉන්න ගං කබර බයියො තව හොඳයි මොකද උන් නූගත් නිසා.

      Delete
    3. ඔබටද ඔබට පහලින් reply කර ඇති පුද්ගලයාටද මම පිළිතුරු දීමට කැමැත්තෙමි. නමුත් මා Dimitri ගේ කමෙන්ටුව සම්බන්ධයෙන් ඉංග්‍රීසී භාෂාවෙන් පලකළ ප්‍රතිචාරය පැරා තවම පළකර නැත. එය ඔහුට නොලබුනාදැයි මා දන්නේ නැත. (එසේනම් පැරා එය සඳහන් කරන්න). ඉන්පසු මම ඔබ දෙදෙනාටම ඉතා හොඳින් පිලිතුරුදෙමි .ඔබලා භාවිතා කරණ භාෂාවෙන්ම ඔබලාගේ දේශපාලන ඥානය හෙළිවෙයි. මහින්ද රටට මොනම හෝ සේවයක් නොකළ ජනාධිපතිවරයෙකුයයි කීමට තරම් මා කුහක නැත. මා ඔබ සලකනුයේ "දේශපාලන පිලිස්තීනුවන්" ලෙසය. පැරාගේ විග්‍රහයේ ඇතැම් තැන් මනෝ මූලික වියහැකි වුවද සමස්ථය සබුද්ධිකය. 1962 සහ සහ 1971 වසර වල සිදුවූ සිදුවීම් එයට පෙර දුටු අය හැඳින්වුනේ පැන් තාලියේ කිඹුලන් දකිනවුන් ලෙසය. නමුත් අවසානය පසක් කළේ පැන් තාලියේ කිඹුලන් දැකීම නරකම දෙයක් නොවන බවයි. - අසඩක්

      Delete
  3. පැරා, මගේ commencement එකේ එක් තැනක් නිවැරදි විය යුතුය. දුමක් නැතිව කට කතා නොනගින බවට මා කියා ඇත. සැබවින්ම සිදුවනුයේ ගින්න සමග දුම නැගීමය. ගින්න හෝ දුම දුටු අය එය විග්‍රහ කරති. මා දුටුවේ කුමන්ත්‍රණයක දුමයි. දුම සැබෑවක් නම් ගින්නට දායකවූ සියල්ල දඬුවම් ලැබිය යුතුමය. එසේම අළුයට එක් ගිනි පුලිඟුවක් හෝ පැවතීම මහා ඉදිරි විනාශයකට හේතුවෙයි. එසේම සුළඟින්ද ගස් පිරිමැදෙයි. පිරිමැදෙන ගස්ද ඇතැම්විට ලැව් ගිනි අවුලවා එම ගස් වලට මෙන්ම මුළු වනයටම විනාශය සලසති. - අසඩක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපන්, උඹ මලක් ඇදල නේද ඉන්නෙ ? දුම ගැන කියද්දිම මට තේරුණා. මචන් උනු උනුවෙ වැඩි සීනි ප්ලේන්ටියක් ගහපන්. එතකොට නිලාකූරු මැවෙයි අහසෙ ! ලොල්

      Delete
  4. අපි ශිශ්‍යයො කාලෙ රුසියානු විප්ලවය ගැන හරි ආශ්වාදයෙන් ඇහුවෙ. ඒත් විප්ලවවාදීන්, සාර් සහ මුලු පවුලම ඝාතනය කලා කියන එක අපිට ඇත්තටම ශොක් එකක් වුනා සහ තේරුම් ගැනීමෙන් පිට තිබුනෙ. විප්ලවය ගැන කරුනු දත් අය කිව්වෙ සාර් සහ පවුල ඝාතනය කලේ නැවත ප්‍රති (සහ පසු ) ගාමිත්වය හිස ඔසවන එක වලක්වන්නය කියලා. සාර් කියන්නේ රුසියානු පසුගාමිත්වයේ සිම්බොල් එක.

    දශක කීපයකට පස්සෙ, මට, අද, සැකයක් නැහැ ඇයි රුසියානු විප්ලවවාදීන් සාර් සහ මුලු පවුලම ඝාතනය කලේ කියලා.!

    21 වන සියවසේ අපිට බැහැ ඒක කරන්න. ඒ වෙනුවට ඔවුන් එක එකා හිරේ යවමු! එලඹෙන සප්තැම්බරයේ දී (පැරනි රුසියානු කැලැන්ඩරය අනුව ඔක්තෝබරයේ! ) විප්ලවය සම්පූර්න කරමු!

    - Dimithri

    ReplyDelete
  5. විශ්‍රාමලත් හමුදා මේජර් කෙනෙකු වන විචාරක නම් බ්ලොග්කරුවා ඒ දිනවලම කියා තිබුණා මෙහෙම කතාවක්.

    භයානක කුමන්ත්‍රණයක්

    මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි.

    http://wicharaka.blogspot.com/2014/12/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. ඔය කියන මේජර් ගොයියට වෙලා තියෙන්නෙත් වාසිදේව ලොක්කට වෙච්චි එකේ අනිත් එක බන්. පොරත් ආමි එකේ කටකතා පතුරන යුනිට් එකක හිටපු එකෙක් ද කොහෙද. දැන් අමතකවෙලා රිටයර් වෙච්චි එක.

      Delete
  6. දැන් ඔය තැටිය පරණයි. මුන් තමන්ගෙ නොහැකියාව වහගන්න හැම මගුලටම පහුගිය ආණ්ඩුව අල්ලල මඩ කතන්දර නිර්මාණය කර කර කාලෙ කන එක. දැන් මේ ආණ්ඩුව තනිකරම මඩ මත රැඳෙන රජයක් වෙලා. මීට හපන් පැරකුම් ආයෙ ලැජ්ජ නැතුව යල්පැනගිය කුමන්ත්‍රණ කතා ආයෙත් හද හද පතුරවනව. යකෝ අපි හංසයට ඡන්දෙ දුන්නෙ රාජ්‍ය බලය අරන් හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියල. පහුගිය ආණ්ඩුවෙ උන් මුලදි ටිකක් සද්ද දැම්ම තමයි. දැන් උන්ගෙ බලය හීන වෙලා තියෙන්නෙ. උන් ආයෙ ජනතාව අතරට බලයට ආවොත් ඒ එන්නෙ මේ හාල්පාරුවොන්ගෙ නොහැකියාව නිසා මිසක් උන්ගෙ ඇති වෙන මල කෙහෙල්මලක් නිසා නෙමෙයි. අරෙහෙන් පචායුද විමලෙල ගොන් බටහිර කුමන්ත්‍රණ බයිලයක් ගහනව. මුන් මෙහෙන් ජනපති ඝාතන කුමන්ත්‍රණ/ ජාතිවාද බේගල් කෙලිනව.

    කුමන්ත්‍රණ කරනවනම් කරන්න තිබ්බෙ බලය අතේ තියෙද්දි. මුන්ට මෙච්චර බලයක් තිබිල ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම නායකත්වය තිබිල, හමුදාව, පොලිසිය අතේ තියෙද්දි විලි ලැජ්ජ නැත්ද යකෝ පැරදිලා කුජීත වෙච්චි එවුන් කුමන්ත්‍රණ කරයි කියල අපිට කියන්න එන්න? එක අතකින් විමල් ල තව හොඳයි. උන් කියන්නෙ බලගතු බටහිර රටවල් ගැන. නොදකින් හැබෑටම මෙහෙමත් මැටිමෝල්ලු. අපි හිතුවෙ බයියො විතරයි මෝඩ කියල. බලන් ගියාම තොපි ඊට හපන්.

    ReplyDelete
  7. මහින්දගේ විදුලි පුටුවට ගෙනියන්න කුමන්ත්‍රණයක් තියෙනවා යන්නෙහිම අනෙක් කතාව මේකයි. රටේ ප්‍රශ්ණ අමතක කර තමන්ගේ අර්බුද ජනතාවගෙන් වසන් කිරිමට පාලකයින්ට හැමදාම කුමන්ත්‍රණ කතා ඕනෑ වේ. අවාසනාව දැන් පැරාලාටත් ඒවා ගැන ලියන්නට සිදු වී තිබේ. මොකෝ ඒවා නැතිව මීතොටමුල්ලෙ මිනිස්සුන්ට යහපාලන ආණ්ඩුව ගහපු එක ගැන ලියන්නයැ? නේද? පැරා ලියන්න දෙයක් නැත්නම් දවසක් දෙකක් නොලිය හිටියට කමක් නෑ. කවුරුත් අවුලක් ගන්න එකක් නෑ. නිකම් බයිල ගහන්න එපා, ලැජ්ජයි

    ReplyDelete
  8. //පැරා ලියන්න දෙයක් නැත්නම් දවසක් දෙකක් නොලිය හිටියට කමක් නෑ. කවුරුත් අවුලක් ගන්න එකක් නෑ. නිකම් බයිල ගහන්න එපා, ලැජ්ජයි//

    :D

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා