උතුරේ ජාතිවාදී ඌරන් කැකුණ තලන විට දකුණේ හබන් කුකුළන්ට රජ මගුල් ය

කයිට්ස් පාසල් ශිෂ්‍යාව දූෂණය කළ බව කියන සැකකරුවන් මරා දැමීම සඳහා ඉල්ලා සිටිමින් අධිකරණයට අභියෝග කරමින් යාපනයේ අයුතු ජන රාශි විසින් කරන ලද හැසිරීම ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. 

මෙම ඝාතනයට ආරක්ෂක අංශ‍ හෝ වෙනත් ජන වර්ගයක පුද්ගලයන් සම්බන්ධ බවක් හෙළි වී නැත. එසේම, අදාළ විමර්ශන ද නිසි ආකාරයෙන් සිදු වී, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කර තිබියදී, අධිකරණයට අභියෝග කරමින්, රාජ්‍ය දේපලවලට හානි කරමින් දක්වන ලද ප්‍රචණ්ඩත්වය ඉතා පැහැදිලිව ම සීමාව ඉක්මවා යාමකි. 

ඇති වන ඕනෑම තත්වයකින් දේශපාලන වාසි ලබා ගැනීමට බලා සිටින, ප්‍රචණ්ඩත්වයට හා ජාතිවාදයට නැඹුරු දේශපාලන බලවේග මෙම කලහය පිටුපස සිටි බවට සැක කළ හැකි ය. 

ඔවුන්ගේ ප්‍රතිපාර්ශ්වීය හවුල්කරුවන් වන දකුණේ ජාතිවාදීහු ද මෙම සිද්ධියෙන් අමන්දානන්දයට පත් වී තිබෙන බව දැකිය හැකි ය. ඔවුහු මෙසේ කියති.

"අපි කිව්වා. මහින්ද පරදවනකොට ඔය දේ වෙන බව අපි දැනගත්තා. ඔය තමයි ඊළඟ ඊලාම් සටනේ ආරම්භය. තව ඉදිරියට බලාගන්න පුළුවන් රටට මොනවද වෙන්නේ කියලා."

උතුරේ ජාතිවාදී ඌරන් කැකුණ තලන විට දකුණේ හබන් කුකුළන්ට රජ මගුල් ය. 

තත්වය පාලනය කළ යුතු ය. ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු පුද්ගලයන්ට එරෙහිව රාජ්‍ය දේපල පනත යටතේ ක්‍රියාමාර්ග ගත යුතු ය. ඒවා පසුපස සිටිමින් පුද්ගලයන් උසිගැන්වූ බලවේග සිටිත් නම් ඔවුන්ට එරෙහිව ද පියවර ගත යුතු ය. 

එසේම, මෙවැනි දූෂණ හා ප්‍රචණ්ඩ නැගිටීම් සඳහා හේතු වන සමාජ පසුබිම පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් ද අවශ්‍ය ය. විශේෂයෙන් ම පශ්චාත් යුද සංදර්භය තුළ උතුර වනාහි පරිස්සමෙන් ස්පර්ශ කළ යුතු වස්තුවක් බව මෙම සිද්ධියෙන් පෙන්නුම් කර තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේක ජාතිවාදී කෝලහලයක් නෙමේ.. නමුත් ප්‍රචන්ඩත්වය සීමාව ඉක්මවා ගියා.. හේතුව ඒ මිනිස්සු තමුන්ගේ ඥාතීන් යුද්ධයෙන් මියයෑම, හමුදාව ඉඩම් අත්පත් කර ගැනීම ආදී කරුනු ඉන්නා මානසික පීඩනය වෙන්න ඇති...
    යුද්ධයෙන් පසු මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන්නට කිසිත් නොකල එකේ ප්‍රතිඵලය තමා මේ...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ අවුල නිරාකරණය කරගන්න එක යාපනයේ දේමළ නිළධාරීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට දේශපාලකයන්ටම බාරදීලා සිංහල අය ඈත සිට සහයෝගය දීමේ සහ නිරීක්ෂණය කිරීමේ ප්‍රතිපත්තියකට ගියානම් හරි. එතකොට ඒක එයාලගේ ප්‍රශ්නයක්. ඔය දේ දකුනේ නගරයක සිංහල අය අතර සිද්ධ වුනාම ඒකටකවුරුවත් තස්ත්‍රවාදය කියන්නේ නෑනේ. ඒ වගේම දකුනේ වැඩේ සෙට් වේ ගෙන එනකොටම පොලීසිය නෙලනවා, නමුත් උතුරේ දී පොලීසියට උඩ බලාගෙන ඉන්න වෙනවා ප්‍රශ්නය උග්‍රවන තුරුම, නැත්නම් සිංහල පොලීසිය දෙමල අයට ගැහුව වෙනවා, ඒ නිසාම තමයි උතුරේ පලාත් සබාවට සම්පූර්ණ පොලිස් බලතල ලබාදිය යුත්තේ, තස්ත්‍රවාදී / ජාතිවාදී කටයුතු විමර්ශනයට වෙනම මධ්‍යම රජයේ පොලීසියක් ඕන.

      Delete
  3. උතුරේ ජාතිවාදී ඌරන් කැකුණ තලන විට දකුණේ ජාතිවාදී හබන් කුකුළන්ට රජ මගුල් ය......!!!.

    ReplyDelete
  4. විකෘති පාලනයක් යටතේ විකෘතියක් බවට පත්වුන ආකල්ප වලින් යුතු ජන කණ්ඩායමක් බවට පත්ව ඇති බව තේරුම් ගෙන ප්‍රතිකාර්යමය වැඩ පිළිවෙලක් දියත් කළයුතුය. එය උතුරට වගේම දකුණටත් ඇති අවශ්‍යතාවක්. අවාසනාව වුනේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා නතරකර ගැනීමනේ පස්ව ඒ සියල්ලම අමතක කරදැමීමේ මෝඩ පීලවෙතකට රට සැකසීමයි

    ReplyDelete
  5. I also agree with the content of the article but you should not publish the photograph. I do not know whether it is a photograph of the victim or not. But it does not make any difference.

    ReplyDelete
  6. මේ සංවිධානය වීම් පිටුපස හස්ත තියෙනවා. ප්‍රභාකරන් ඉන්නකොට දකුණෙ දේශපාලනය රිමෝට් කන්ට්‍රෝල් කලා වගේම තාමත් පිටරවල් වල ඉඳන් මේවා කන්ට්‍රෝල් කරන අය සහ සංවිධාන ඉන්නවා. මෛත්‍රී - රනිල් ආණ්ඩුවට බටහිර රටවල් සහ ඇමෙරිකාව දක්වන හිතවත්කම නිසා ඊට අකමැති කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට ඕන හිටපු රජා වගේ කෙනෙක් මේ රටේ පාලනයේ ඉන්නවා දකින්න. ටී එන් ඒ එකෙත් මෛත්‍රීට සහයෝගයට විරුද්ධ අය ඉන්නවා. මහ මැතිවරණයේදී හිටපු මේ වගේ රජා ගෙ පැත්තකට වාසි වෙන දේවල් තව වෙන්න පුලුවන්.

    ReplyDelete
  7. LTTE පාලන සමයේ මෙවැනි වරදකට ඉක්මන් දඬුවම් ලැබුණි.යාපනේ ජනතාව සාමාන්‍ය සිවිල් අධිකරණ ක්‍රියාවලියට තවමත් හුරු වී නැති බව මෙයින් පෙනේ. එම කර්ර්ය පස්චාත් යුධ සමයේ රජය මගින් සිදුකල යුතුව තිබු ප්‍රමුකතම කාර්ර්යයි.

    ReplyDelete
  8. සිසුවියක් දූශනය කර මරා දැමූ නපුන්සකයින්ට සුලු දඩුවමක් ( සිර දඩුවම ) දුන් විට අසාදාරනයට ලක් වූ පාර්ශවය ප්‍රකෝපකාරීව හැසිරීම සාමාන්ය දැයක්.....
    මෙහි වරද කරු උසාවියට ගල් ගහපු මිනිසුන් නොව අපරාදකාරයින්ට බයක් නැතිව වැරදි කරන්නට පොලඹවන "ශ්‍රි ලංකා නීති සංග්‍රහය" ය්

    ReplyDelete
  9. //උතුරේ ජාතිවාදී ඌරන් කැකුණ තලන විට .....//

    මේ හෙඩිම ලිපියට ගැලපෙන්නෙ නෑ නේද? මොකක්ද මෙහි ඇති "උතුරේ ජාතිවාදී" ක්‍රියාව?

    අඟුලානේ සිද්ධියේදී හරි, මට්ටක්කුලිය (මෝදර?) සිද්ධියේ දී මිනිස්සු පොලිසියට අසංවිධානාත්මක ප්‍රහාර එල්ල කරපු අවස්ථාවලදියි, මේ සිද්ධියෙයි අතර වෙනස මොකක්ද? මට මතක විදියට කව් රුවත් කිව්වෙ නැහැ ඒ "අයුතු ජන රාශි" වල හැසිරීම් විශේශයෙන් සොයා බැලිය යුතුයි, දඬුවම් දිය යුතුයි කියලා.

    හෙල උරුමය ඇරෙන්න වෙන කවුරුවත්, ජාතීන්වලට සම්බන්ධ කරල මේ සිද්ධිය ගැන කතා කලේ නැහැ, මම දන්න තරමින්.

    ඔබේ වාක්‍යයක්ම උපුටන්න කැමතියි. "පශ්චාත් යුද සංදර්භය තුළ උතුර වනාහි පරිස්සමෙන් ස්පර්ශ කළ යුතු වස්තුවක්..." ඒ ගැන සැකයක් නැහැ. මේ සිද්ධිය සහ ජාතිවාදය ගැන කතා කරද්දිත් ඒක එහෙම විය යුතුයි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. "අඟුලානේ සිද්ධියේදී හරි, මට්ටක්කුලිය (මෝදර?) සිද්ධියේ දී මිනිස්සු පොලිසියට අසංවිධානාත්මක ප්‍රහාර එල්ල කරපු අවස්ථාවලදියි, මේ සිද්ධියෙයි අතර වෙනස මොකක්ද? "

      වෙනස මේකයි. ඒ තැන්වලදි අපරාධ කළේ රාජ්‍ය බලය සම්බන්ධ පිරිස්. මෙතැන මේ තරම් කලබලයක් ඇති කරන්න හේතුව මොකක්ද? සැකකරුවන් සිවිල් වැසියෝයි. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අය ඉල්ලන්නේ ඔවුන් මරන්න ඔවුන්ට භාර දෙන්න කියලායි.

      මේ අය උසි ගැන්වූ අය පිටුපස කඩාකප්පල්කාරීන් සිටි බවට සැකයක් නැහැ.

      දෙමළ වුණා ය කියලා, යුද්ධයෙන් පීඩාවට පත් වී සිටි ජනතාවක් ය කියා අපි මේ මුග්ධයන් හුරතල් කරන්න ඕනැ නැහැ.

      Delete
    2. පශ්චාත් යුද සංදර්භය තුළ උතුර පරිස්සමෙන් ස්පර්ශ කළ යුතු ආකාරය ඉහත "ඇණය" May 21, 2015 at 1:03 PM විසින් මනාව පෙන්වා දී තිබෙනවා.

      මුහුනු පොතේ දුටු අදහසක්...

      "යාපනේ තිරිසනුන් නව දෙනෙක් ( 09 ) විසින් 18 හැවිරිදි යුවතියක් දූෂණය කරලා මරා දාලා....උනන්ට දැඩි දඩුවම් දෙන්න කියලා යාපනේ මිනිසුන් දැඩි උද්ඝෝෂනයත..............
      ඒත් අපි.............. අපිට අපි ගැන ලජ්ජ හිතෙන්නැද්ද ?"

      මා දකින්නේ යාපන වැසියන් ගේ සක්‍රිය භාවය. ඔවුන්ගේම දූශිත දේශපාලකයන්ට වුවත් මෙවැනි විරෝධතාවන් ඉදිරියේදී එල්ල විය හැකියි යන පනිවිඩය මෙහි තිබෙනවා. ජාතිවාදී, කඩාකප්පල්කාරී කතාව හෙල උරුමයේ කුමන්ත්‍රන න්‍යායක් බවයි බැලූ බැල්මට පෙනෙන්නේ.

      - Dimithri

      Delete
    3. මෙයට සක්‍රියභාවය කියනවාට වඩා එය hyperactivism හෙවත් අතික්‍රියාකාරිත්වයක් ලෙසයි සැලකිය යුත්තේ. හයිපරැක්ටිවිසම් කියන්නේ පුද්ගලයකු සම්බන්ධ මානසික සංකුලතාවක්. සමාජයක් සම්බන්ධයෙනුත් එය එසේමයි.

      උසාවියට ගල් ගහන ආකාරය දැක්වෙන වීඩියෝව බලන්න. එහි තිබෙන්නේ රාජ්‍ය විරෝධී ස්වභාවයක්. එහෙත්, එය දේශපාලනික එකක් නොවෙයි. මේවා හුරතල් කළ යුතු තත්වයන් නොවෙයි.

      ‍මේ පසුපස ජාතිවාදී උසිගැන්වීම් තිබෙන්නට ඉඩ තිබෙනවා. එහෙම නැති වුණත්, සැකකරුවන් මරා දමන්න ඉල්ලන මේ ම්ලේච්ඡත්වය කුමන පදනමකින්වත් අගය නො කළ යුතුයි. සමහර විට මේ සැකකරුවන් අතර නිර්දෝෂී මිනිසුන් ඉන්න පුළුවන්.

      හාමුදුරුවන් මැරූ සැකකරුවන්ට එරෙහිව පෙනී සිටි නීතිඥයන්ගේ ඔලුවට ගංගොඩවිල උසාවියේදී කෙළ පඩික්කම් හලපු සිද්ධියේදීත් අපි නම් විරුද්ධ වුණා. ඒ පිටුපස තිබුණේත් ජාතිවාදය තමයි. ඔවුන් ශක්තිය ගත්තේ ජාතිවාදයෙන්.

      ජාතිවාදයට කිසිම බුරුලක් නොදිය යුතුයි.

      Delete
    4. බලන්න.. http://www.lankaenews.com/news/1960/si සහ http://sinhala.srilankamirror.com/news/item/5071-vidya-home-jvp වාර්තා අනුව සිදුවී ඇත්තේ අන් දෙයක්. මෙතෙක් දකුන නොඇසූ කතාවක්. lankaenews හි රාජපක්ශගෙ කුමන්ත්‍රන කතාව අමතක කරන්න. උක්ත ජනතා නැගිටීම සක්‍රිය සහ ජෙනුඉන් සිද්ධියක් බැලූබැල්මටමත්.

      අඟුලානේදී හෝ කොහේදී හෝ පොලිසියට එරෙහි අසංවිධානාත්මක ජනතා ප්‍රකෝප වීම් බොහෝවිට ජනුඉන් සිද්ධි. ඒවා එක්තරා විදියක සමාජයේ ඇස් අරවන ක්‍රියාවන්. බොහෝවිට ස්වරූපයෙන් ප්‍රචන්ඩයි. යාපනයේදීත් ඒක එහෙමයි වෙනසක් නැහැ. අඟුලානේ දී වැනි සිද්ධියකදී හෝ විශ්ව විද්‍යාල ශිශ්‍යයන්ගේ ප්‍රචන්ඩ විරෝධතාවයකදී වුව 'මේවා හුරතල් කළ යුතු තත්වයන් නොවෙයි' යනුවෙන් පොලිසියට උඩගෙඩි දිය යුතු නැහැ.

      මගේ කොමෙන්ටුවෙන් අවධාරනය කරන්න තැත් කලේ, මේ සිද්ධිය සහ දෙමල ජාතිවාදය සම්බන්ධ කිරීම ට හදිසි නොවිය යුතු බව පමනයි. සිංහලබෞද්ධ ප්‍රතිගාමීන් ට ඕනෑ හරියටම ඒකයි.

      ඇත්තෙන්ම මේ සැකකරුවන් අතර නිර්දෝෂී මිනිසුන් ඉන්න පුළුවන්. සැක කරුවන්ට නීතිය ඉදිරියේ අවස්ථාව තිබිය යුතුයි. ඔවුන්ට ජනතාවගේ පහරදීම් වලට ලක්වීම හෝ පොලිසියේදී ආයුද පෙන්වීමට ගෙන යන ඉරනම අත්විය යුතු නැහැ. අවසන, මරන දඬුවම නැවත ගෙන ආ යුතුයි යන ජනප්‍රිය ඉල්ලීමට ද ඉඩ නොදිය යුතුයි.

      පොදු සමාජ අසාධාරනයන් හිදී නිද්‍රාශීලී සාමාන්‍ය පොදු ජනතාව, සංවේදී අපරාධ වලදී (ස්ත්‍රී දූශන ප්‍රමුඛයි ) සැකකරුවන්ගේ මාංශ ම ඉල්ලන්නේ ඇයිද යන්න සෙවීමට සමාජ සංවාද / අධ්‍යයන අවශ්‍යයි.

      - Dimithri

      Delete
  10. මල්ලිලා සමඟ නැගිටින්න !
    යාපනයේ සිසුවිය දුෂකයා, එම දුෂණය කරන්න කලින් ගත්ත ජායාරූප බලන්න.

    http://lankaevoice.com/?p=8596

    ReplyDelete
  11. මාර්ටින් චස්ල්විට්May 22, 2015 at 11:02 AM

    උද්ඝෝෂණය දේශපාලනිකද නැද්ද කියන්න නම් දන්නේ නෑ - අනික ‍මතුගම ඉන්න පැරා වුනත් මේ යාපනයේ සිද්ධිය ගැන කරන්නේ උපකල්පනයක් බව 100% ක් ෂූවර් - හැබැයි ඒ මොක වුනත් අධිකරණයට ගල් ගසා රාජ්‍ය දේපළ විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ - ඒක අරාජිකත්වයේ සංකේතයක් - හැබැයි ඊ නිව්ස් නම් කියන්නේ මේ ජනතාව ප්‍ර‍කෝප කිරීම පිටුපස වෙනත් ‍දකුණේු දේශපාලනික අවශ්‍යතා පිරිමැසීමක් තිබෙන බවයි - මේ සියල්ලට කොන්ක්‍රීට් සාධක නැති නිසා දැන්ම මුකුත් කියන්න අමාරුයි - හැබැයි අර වැරැද්දට නම් දඩුවම් දිය යුතුයි පූර්වාදර්ශයක් ලෙස - නැතිනම් ඕක මෙහේටත් බෝවෙයි

    ReplyDelete
  12. දෙමලිච්චියක් දූෂණය කලා කියා සිංහලයාට අහිමිවන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. හදවතක් නැත්තන්ට කිසිවක් අහිමි වන්නේ නැත. ෙදමලිච්චියගේ මව්පියන්ට ඔවුන්ගේ පැටවා අහිමි විය. ඔබේ දියණියකට මෙය සිදුවු විට ඔබට මෙය තේරුම් යනු ඇත.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා