තමන් නිවැරදි නම් ගෝඨාභය විමර්ශනවලට බය ඇයි?

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික හිමිකම් පෙත්සමක් ගොනු කර තිබේ. 

පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කර චෝදනාවක් ඉදිරිපත් කිරීමට කරුණු තිබේ නම් අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංඝනයක් වන්නේ කෙසේ ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ඇත. 

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බරපතල චෝදනා ගණනාවක් එළියට පැමිණ තිබේ. වසර 200දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මිග් 27 ගුවන් යානා හතරක් 2006දී ගෝඨාභය රාපක්ෂගේ මැදිහත් වීමෙන් මිළ දී ගන්නේ එක්සත් රාජධානියේ ලිපිනය සඳහන් වූ ව්‍යාජ සමාගමක් හරහා ඩොලර් මිලියන 10ක මුදලක් ගෙවමිනි. බ්‍රිතාන්‍යයේ එවැනි සමාගමක් නැති බව මේ වන විට ඉන්ටර්පොල් විසින් තහවුරු කර තිබේ. එය රාජ්‍යයන් අතර ගනුදෙනුවක් බවට ගෝඨාභය බොරු කීවේ ය. මෙම ගනුදෙනුවේ අතරමැදියකු වූයේ ‍මහින්ද රාජපක්ෂගේ මස්සිනා කෙනෙකු වූ උදයංග වීරතුංගයි. 

පසුව යුක්රේනයේ තානාපති වූ උදයංගට එරෙහිව යුක්රේන් රජයෙන් ද චෝදනා එල්ල වී තිබේ. ඒ එරට ක්‍රියාත්මක රුසියා හිතවාදී ගරිල්ලා සංවිධානයකට අවි ආයුධ අලෙවි කිරීම සම්බන්ධයෙන් ය. මේ වන විට උදයංග වීරතුංග අතුරුදහන් ය. 

ආයුධ ජාවාරම් ගැන කතා කරන විට ඇවන්ට් ගාඩ් සමුද්‍ර ආරක්ෂක සමාගම හා එහි පාවෙන අවි ගබඩාව ගැන ද සැක මතු වී තිබේ. ඒ ගැන ද මේ වන විට විමර්ශනයක් සිදු වෙමින් තිබේ. 

මිග් 27 ගනුදෙනුවට ආපසු යන්නේ නම්, ඒ ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණිලි කළ ශ්‍රීපති සූරියආරච්චි මාර්ග අනතුරකින් මිය යාම ගැන ද, ඒ ගැන විමර්ශනාත්මක වාර්තා කිරීමක යෙදුණු සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දැමීම ගැන ද කතා කරන්නට සිදු වේ. 

විමර්ශන රැසක් තිබෙන බවට කිසිදු සැකයක් නැත. තමන් නිවැරදි නම් ගෝඨාභය විමර්ශනවලට බය ඇයි? 

මේ අතර, විමර්ශනවලින් කට්ටි පනින්නට සිය ගෝල බාලයන් ලවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම ඉදිරිපිට කළ උද්ඝෝෂණ උසාවියෙන් කෙළවර වීමෙන් අනතුරුව අද දින ගෝඨා තනිවම කොමිෂමට පැමිණ කටඋත්තර දී ගියේ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්දයගෙ කට්ටියම මොංගල් පොරවල් තමා,ඒත් උන් අහුවෙන්න හොරකම් කරල තියෙනව කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. විමර්ශණ වලට බය වෙන්න ඕනැ විමර්ශණ කරණ අරමුණ ටික කාලෙකට "පොදු දේපල පණත ‍යටතේ සිරකිරීම" මිසක් වංචාවක් සෙවීම නොවන නිසා. දැනට රිමාන්ඩ් කරල තියන බැසිල්, ජොන්ස්ටන් දෙන්නම ස්ථිර ලෙසම නඩු විභාග වලින් නිදහස් වෙන බව සරලව නඩු නිමිත්ත සැලකුවත් වැටහෙනවා.
      ඔය නඩු දෙකේ විත්තිය පොලීසියෙන් හරස් ප්‍රශ්ණ අහන අවස්ථාව බලන්න වටින අවස්ථාවල් වෙනවා.

      Delete
  2. මේකා ඉතා ඉක්මනින් අධිකරණයේ විනිශ්චයට භාජනය කලයුතුයි.

    ReplyDelete
  3. ජිප්සීස් හි සුනිල් පෙරේරා කිව්වා වගේ "I dont know why" කියලා තමයි අපිටත් කියන්න වෙන්නේ!

    ReplyDelete
  4. මෙහෙමයි. මහින්ද ගැන තියෙන අකමැත්ත පැත්තක තිබ්බොත්,මෙතන හීනියට දේශපාලන දඩයමකුත් යනවා. අලි ගිය පාරවල් තියලා කූඹි ගුල් වහනවා.

    ගෝටාට සාධාරණ විමර්ශණයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඒක මිනිහා දන්නවා, ඉතිං බය ඇති.

    මහින්ද කෙසේ වෙතත්, ගෝටා බාරගත්ත වැඩේ හරියට කලා. එයාට ඇමරිකාවට යන්නත් බෑ. මෙතන තියෙන්නෙ , වෙනම කතාවක්. ඉස්සර හිටියෙ රජා වගේ, දැං මෙහෙම කෙනෙහිලි කරනකොට මානසිකව වැටෙනවා.

    මොනව උනත්, මෙව්වා මීට වැඩිය ඩිප්ලොමැටික් විදිහට කරන්න ඕනෙ වැඩ.

    ReplyDelete
    Replies
    1. පොරත් හොද මිනිහෙක් නෙමෙනෙ බලය තිබුනු කාලේ දාපු සෙල්ලම් දැන් එයාටම වෙනකොට බය ඇති

      මීට වැඩිය මොන ඩිප්ලොමැටික්ද මෙකත් හොදටෝම වැඩි

      Delete
    2. ගෝටාභය සුදුවෑන් වලින් ගිහින්මිනිස්සු මැරුවෙත් ඩිප්ලොමැටිච් විදිහටද?

      කෝටි 100 එහා වංචාවක් කියන්නෙ කූඹි ගුලක්ද? හැබැයි එක අතකට ඒකත් ඇත්ත, මේකා කරපු මිනීමැරුම් ගැන තමා මුලින්ම හොයන්න ඔනෑ..

      Delete
  5. මූව නලවන්න ඔනි නෑ. වහාම අත්අඩංගුවට ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. එක තමයි අපි වරදක් කෙරුවොත් ඔහොම නලවයිද?සාධාරණ පරීක්ෂණයක් උදෙසා ගෝඨා තමන්ගේ සහය අදාල පාර්ශව වලට දෙන්න ඕනේ නීතිගරුක පුරවැසියෙක් නම්.නැතුව තමන්ට විරුද්ධව පැමිණිල්ලක් තියෙන කොට අපි රටට කෙරුවේ මෙහෙමයි රට අපිට කරන්නේ මෙහෙමයි කියන එක සාධාරණ නැහැ.

      Delete
    2. සාධාරණ පරීක්ෂණ ඕනෙ නැහැ. ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ සාධාරණව පරීක්ෂණ තියන්න ගියොත් හොරුන්ගෙන් 94% - 97% ක් විතර නිදහස් වෙවි. මම නම් කියන්නෙ කෙසේ හෝ මෙබඳු පුද්ගලයන්ට දඬුවම් ලබාදිය යුතුයි. ආචාර්ය මර්වින් සිල්වා මහතා හෙළිදරව් කල සාක්ෂි මත සිරගත කොට ප්‍රජා අයිතිය අහිමි කල හැකියි. දුමින්ද සිල්වා මහතාට එල්ල කල බොරු මිනීමැරුම් චෝදනාවත්, වෙලේ සුදාගේ සාක්ෂිත් මේ සඳහා යොදාගත හැක. කෙසේ හෝ අවසානයේ යුධ අපරාධ චෝදනා මත ජිනීවා හි ජාත්‍යන්තර අධිකරණයේ මරණ දඬුවම ලැබෙනු නිසැකය.

      Delete
  6. මාර්ටින් චස්ල්විට්May 12, 2015 at 9:31 AM

    ගෝඨා රටට සේවයක් කළා - ඒක නෑ කියන්න කාටවත් බැහැ - අජිත් පැරකුම් ජයසිංහ වුනත් මේ රටේ ත්‍රස්තවාදය පරාජය කරන්න ඔහු කරපු සේවය අවතක්සේරු කරයි කියල මම හිතන්නේ නැහැ සාධාරණව හිතන්න පුළුවන් අයෙක් නම්.

    හැබැයි ඔහු අතින් වැරදිත් ගොඩක් සිදුවුනා - තමාට තිබූ අසීමිත බලය නිසා දැඩි ස්වෝත්තමවාදයකින් තමයි ඔහු වැඩ කළේ - එම නිසා ඔහු අතින් වැරදි සිදුවූ වා නම් වලංගු නීතිය අනුය දඩුවම් ලබා දිය යුතුයි. හැබැයි කළ යුත්තේ ඩිප්ලොමැටිකලි තමයි - මොකද ගෝඨාභයට ගරු කරන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. මේ ආණ්ඩුව සාර්ථකව අරන් යන්න නම් සෑම කාණ්ඩාමකම සහයෝගය අවශ්‍යයයි

    අනික් අතට බැඳුම්කර සිද්ධිය ඉතා ලැජ්ජා සහගත ලෙස යට ගහල තියෙනවා - ඒ වගේම මේ කෙටි කාලය ඇතුළුත මේ ආණ්ඩුවේ ඉතාම ප්‍රබල ඇමතිවරුන්ට බරපතල දූෂණ චෝදනා එල්ල වෙනවා ( ඩේලි මිරර් ගොසිප් තීරුව නිකමට බලන්න - ඒ වගේ පත්තරයක ගින්නක් නැත්නම් මේ වගේ ඒවා දාන්නේ නැහැ) - ඒවා ගැන කිසිම හා හූවක් නැහැ - ඉතින් ආණ්ඩුවේ අවංක භාවය ගැන බරපතල ගැටළු මතුවෙනවා
    එමනිසා මේක පොලිටිකල් විච්හන්ට් එකක් වෙන්න තියන සම්භාවිතාව වැඩියි

    අජිත් පැරකුම් ජයසිංහ මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැනත් ඔහුගේ අදහස් දක්වන්න කියලා -

    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔබගේ මතය සමග එකඟ වෙමි. මෙහි සිදුවන්නේ හුදෙක් ජනතාව රැවටීමේ ප්‍රෝඩාවක් සහ දේශපාලන විරුද්ධවාදීන් දුබල කර ඊලඟ මැතිවරණය ජයගැනීමේ ප්‍රෝඩාවකි. පසුගිය ඒකාදිපති රෙජීමයද දේශප්‍රේමී ප්‍රෝඩාවෙන් ජනතාව රවටා පෙලූහ. අප එය පෙරලා දැමූ නමුත් අපට තෝරාගැනීමට විකල්පයක් නොවුනි. අපට සිදුවුනේ බොරුවෙන් වංචාවෙන් මෙන්ම හොරකමින්ද අඩු නොවූ තවත් තක්කඩියන් පිරිසකට බලය මාරු කිරීමටය. මීට එරෙහිව සුදුසු විකල්ප කණ්ඩායමක්ද නොපෙනේ. අහෝ පිළියම කොහිද? අපට යහමග පෙන්වනු මැනවි පැරාණනි... !

      Delete
    2. //ඉතින් ආණ්ඩුවේ අවංක භාවය ගැන බරපතල ගැටළු මතුවෙනවා//
      පැහැදිලිවම

      මට හිතෙන්නෙ මේ ප්‍රශ්ණෙ මතුපිටින් පේනවට වඩා සංකීර්ණයි කියලයි. යහපාළනෙත් සාපේක්ෂයි. ඒකෙත් එක, එක ප්‍රභේධ තියනවා

      මෛත්‍රීගෙ යහපාළනේ
      රනිල්ගෙ යහපාළනේ
      මහින්දගෙ කස්ටිය බලාපොරොත්තු වෙන යහපාළනේ
      හිංගල බෞද්ධයාගෙ යහ පාළනේ
      දෙමලගෙ යහපාළනේ

      උදාහරණයක් විදිහට ,අපි ලසන්ත ගැන පරීක්ෂණයක් ඉල්ලනවා . හැබැයි තහනම් වචනෙ බාලචන්ද්‍රන්, එව්වා සුම්මා.

      එකක් නම් ෂුවර්, විධායක ජනාධිපති ක්‍රමය කියන්න සාපයක් ( යුද්ධෙ නැති කාලෙට)

      Delete
    3. [හැබැයි කළ යුත්තේ ඩිප්ලොමැටිකලි තමයි - මොකද ගෝඨාභයට ගරු කරන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ]

      ඕක මහින්දවාදීන් හිතාගෙන ඉන්න දෙයක්... සිංහල වර්ගවාදී සුලුතරය ඇරෙන්න අනික් අයට ගෝටාභය කියන්නේ දූෂිත, මිනීමරු රාජ්‍ය නිලධාරියෙක්...
      තමන් පඩි හා වෙනත් වරප්‍රසාධ අරගෙන කරපු ආරක්ෂක ලේඛම් කම හරියට කලා කියලා මෙයාට නීතියෙන් විශේස වරප්‍රසාධ ලැබිය යුතු නෑ

      Delete
  7. අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලීම ගෝටා ගේ අයිතියකි. ඒක ගැන පැරා හෝ වෙන කවුරුහරි වලක්වනවානම් ඔහු ගෝත්‍ර වාදියෙකි. යහපාලනය අගය නොකරන්නකි. අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා පෙතමක් ඉදිරිපත් කිරීම පමණින් විමර්ශන නතර නොවේ. කරුමය කියන්නේ නිතිය බල්ලට දැමු ගෝටා ට නීතියේ පිහිට පැතීමට සිදුවීම හා උගත් සමාජ ප්‍රජත්‍රන්තවදින්ට නිතිය ඉදිරියේ සැවොම එක සමානය කියන දේ අමතක වීමය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා