මෙය පළිගැනීමක් නොව පිළිගැනීමකි

පසුගිය රජය කාලේ සිදු කළ වංචා, දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණා පමණි. පළි ගන්නවා, පළි ගන්නවා යයි මහින්ද රාජපක්ෂ පවා ලතෝනි ගසයි. පසුගිය කාලයේ ඔහුගේ ගෝලයන් අභියෝග කළේ පුළුවන් නම් අල්ලපියව් කියමිනි.  

බැසිල් දිවි නැගුම අරමුදලේ සල්ලි මහින්දට ඡන්දය දිනීම සඳහා අපහරණය කළ ආකාරයආකාරය හරි යයි දැන් මහින්ද තර්ක කරයි. 

ජොන්ස්ටන් සිය බලය අයුතු ලෙස යොදා ගනිමින් සතොසෙන් බඩු රැගෙන ගොස් වැඩේ ගස් යන විට සල්ලි ගෙවූ එක සාමාන්‍ය ණයකැයි මහින්ද තර්ක කරයි. 

මහින්දට ඒවා සිවිල් නඩු ය. එහෙත්, මේ වනාහි ජනතා මුදල් අපහරණයන් ය. තව මෙවැනි සිද්ධි ලක්ෂ ගණනක් තිබේ. ගමේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා දක්වා ම මේවාට සම්බන්ධ ය. 

ජවිපෙ සිටි විප්ලවවාදියකු වන විමල් වීරවංශ පසුගිය සමයේ සිය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් සිය අන්තේවාසිකයන්ට ගෙවල්, වාහන, ඉන්ධන ආදිය පමණක් නො ව ගෙදර ඉඳන් ගන්නට පිංපඩි පවා බෙදුවේ ය. ඔහුගේ ගෝලයින්ගේ බිරින්දෑවරු ඇතුළු 40කට වැඩි පිරිසක් කිසිදු සේවයක් නො කර ගෙවල්වල සිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් පඩි ගත් හ. දැන් ඉංජිනේරු සංස්ථාව වසා දමන්නට සිදු වෙලා ය. 

මහින්දගේ පසුපස යන එක් මහා විප්ලවවාදියකුගේ කැරැට්ටුව මෙසේ ය. ඔවුන් මහින්ද පසුපස යන රහස ද එය ම ය. එපමණක් නොව, මහින්දගේ රැළිවල පොදි කන්නේ මෝටර් බයිසිකලය දක්වා දේ පොදු මහජන මුදලින් ගසා කෑ අයයි. 

මෙතෙක් ඉතිහාසයේ දේශපාලන බලය යොදාගෙන සොරකම් කිරීම පසුපසින් පැමිණියේ මුක්තියයි. එහෙත්, දැන් තත්වය වෙනස් වී තිබේ. සොරුන් දඬුවම් ලැබිය යුතුවාට අමතරව ඔවුන් පැහැර ගත් මහජන දේපල ආපසු පවරා ගැනීම ද අවශ්‍ය ය. 

එය පළිගැනීමක් නො වේ. මහජන ගරුත්වය, නීතියේ ආධිපත්‍යය හා ජනතා පරමාධිපත්‍යය පිළිගැනීමකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
    එය සැපයකි කකුළුව දිය කෙලියේ

    කකුලුවා බොහොම විනෝදෙන් දිය කෙලිනවලු ලිපේ තියපු වතුර හැලියක..( පණ පිටින් ඉන්න එකෙක්)

    හැබැයි රත් වෙනකොට ඒ සැපය නැතිලු!!

    යාලුවනේ ,...පින පමණයි කොයි කාටත් සැනසීම...

    හොදට හිතල බලන්න, අපිට අඩුපාඩු නැති ශරීරයක් ලැබිල තියෙන්නෙ ඇයි? මිනිස්සු විදිහට අපිට කන්න බොන්න , ඇදුම් පැළදුම් , ගේ දොර ඉඩ කඩම් යාන වාහන ලැබෙන්නෙ ඇයි?

    ඒකට හේතුව තමයි අපි පහුගිය භවයන් වලදි කරපු පින් නිසා. බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනවා පිනේ විපාක සැපයි කියල...

    "ඉද නන්දති පෙච්ච නන්ද‍ති.."

    පින් කරපු තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා...

    ඒකයි උතුම් වූ බුදු වරුන්ගේ අනුශාසනය වුනේ , පවින් වළකින්න, පින් කරන්න කියල..

    "සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා..."

    අපි මේ විදින්නේ අපි කරල තියන පින් වල විපාක..
    මතක තියා ගන්න., පින ඉව‍ර වුනු දවසට මේ ඔක්කොම ඉවර‍යි කියල.

    ඒක හරියට වාහනේක තෙල් ඉව‍ර වුනාම ගමන යන්න බැරිවෙනවා වගේ... සැප විපාක නවතිනවා.... ඒ නිසා මතක ඇතිව තෙල් ගහන්න වෙනව.

    ඒ කියන්නේ පින ඉව‍ර වෙන්න කලින් තව තව පින් කරන්න ඕනෙ කියන එක. නැත්තම් මේ සසර ගමන සැපවත් කරගන්න බැරිවෙනවා.

    ඇයි අපි මේ සසර ගමන සැපවත් කරගන්න ඕනෙ? ඕනෙම සත්වයෙකුට නිවන් දකිනකන් පින තියෙන්න ඕනෙ.. පින නැත්තම් සසර ගමනෙ අන්ත දුක් වින්දින්න වෙනව...

    කන්න නැතුව, ඉන්න තැනක් නැතුව, අදින්න ඇදුමක් නැතුව... අඩුමගානෙ බොන්න වතුර ටිකක් නැතුව මිනිස්සු කොච්ච‍ර දුක් වින්දිනවද මේ ලෝකෙ..

    අපි හරි වාසනාවන්ත‍යි.. ඒ නිකම්ම නෙමෙයි.. පෙර සසරෙ පින් කරපු නිසා.. ඒ වාසනාව රැකගන්න පුලු පුලුවන් විදිහට පින් කරන්න..

    හැම තිස්සෙම අපේ හිතින්, කයෙන් , වචනයෙන් වැරදි නොකර තුන්දොර ආරක්ෂා කරගන්න බලන්න.. මිනිස් ජීවිතේ වටිනාකමින් උප‍රිම ප්‍ර‍යෝජන ගන්න.. තිරිසන් සත්තුන්ට, දෙවියන්ට, බ්‍රහ්ම‍යන්ට අපිට වගේ පින් කරන්න බෑ.. ඒකයි මිනිසත් බව වටින්නේ..

    දස අකුසල් වලින් වලකින්න.. එයින් ඔබේ කුසල‍යන් වැඩිදියුණු වේවි..

    ඔබ සැමට තෙරුවන් සරණයි..

    https://www.facebook.com/himidesubana/posts/182569341936741

    ReplyDelete
  2. ගම්මන්පිල කුරුණෑගල රැස්වීම බලන්ඩ ආපු බයියොන්ට කියනව මහින්ද ඔබ පෙනෙන නොපෙනෙන මානෙ ඉඳන් මේ රැස්වීම බලන් ඉන්නව කියල රැස්වීමට ආපු බයියොත් හිටු කියල හුරේ දෙනව .තමුන් වෙනුවෙන් තියෙන රැස්සීමේ හැංගි මුත්තං කෙලින් නැතුව කොන්ද කෙලින් තියන් වේදිකාවට නගින්න ගටක් නැති නායකයෙක්! මොකද්ද මේ බය? කාපුව එලියට එනවට තියෙන බය.දේශපාලන ඩීල් එකක් මගින් චෝදනා යටපත් කර ගැනීම සඳහා කරන කපටි කල් මැරීම. මහින්ද කියන්නේ දේශපාලන අවස්ථාවාදියෙක් ඩීල් කාරයෙක් මිස ඔය පෙන්නන තරම් වීරයෙක් නෙමෙයි.කොටින්ම ජනාධිපති වුන ගමන් හැසිරුනෙත් මෙහෙමයි.මහින්දගෙ ඉලෙක්ෂන් කැම්පේන් එකේ ඉඳපු සිංහල ජාතික බලවේග යුද විසඳුමක් ඉල්ලද්දි අද වගේම හැංගි මුත්තං බබා හුකුං කෙලිය.අන්තිමේ පීඩනය දරුණු වෙලා කර කියා ගන්න දෙයක් නැති තැන බහට අවනත වෙලා යුද්දෙට ගියා.වෙලාවට බඹරේ වැල්ලේ කැරකුනා.

    ReplyDelete
    Replies
    1. මහින්ද අන්තිම පහලම ලෙවෙල් එකට බැස්ස එක අවස්ථාවක් තමයි ඔය කුරුනෑගල රැස්වීම හොරෙන් බැලීම. ඒක හරියටම ජනාධිපතිවරණය දවසෙ තමන්ගෙ ප්‍රතිවාදිය විදියට සරසපු අර පැන්ෂන් ග්‍රාම නිලධාරිය එක්ක ඡන්දය දාන්න ආව වගේමයි. කලින් හිටිය මහින්ද ඔයවගේ වැඩ කලේ නෑ. නමුත් බලය නැති මහින්ද‍ගෙ හැටි තමයි ඔය.

      Delete
  3. අබුද්දස්ස කාලේ මට නිකන් මෙහෙම හිතෙනව හිතෙනව වගේ....

    කවුරු හරි පහුගිය කාලේ බලවතෙක් අද හෙට ඔලුවට වෙඩි තියාගනියි කියලා!!
    පහුගිය කල්ලියේ මන්ඩලේ කචල් වීමක්!?

    බොදුබලේ - මහින්ද බබා උක්කුන් එක්ස්චේන්ජ් එක දැකලා හිතුනේ....

    ReplyDelete
  4. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්න නායකයෙක්. එතුමා මට මේ ගේ ලබා දුන්නා. එතුමාට අපි සදා ණයගැතියි.

    එතුමා නං සත්‍යය සොයනා මහා උතුම් මුණිවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙක්. එතුමාට අපි බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා