මීළඟ අගමැති රනිල් ද? නිමල් ද? දිනේෂ් ද? චමල් ද? මහින්ද ද?

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි ඉල්ලීමක් මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ අත්සන් සහිතව කතානායක චමල් රාජපක්ෂ මහතාට ඊයේ (07) බාර දෙන ලදී.

මේ අතර, කතානායකවරයා පැවසුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලුව පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කර පිළිතුරක් ලබා දෙන බවයි. ඒ සඳහා කොපමණ කාලයක් ගත‍ වේ ද යන්න කිව නො හැකි බව ඔහු පැවසී ය.

විපක්ෂ නායක ධුරය හොබවන නිමල් සිරිපාල ද සිල්වා අයත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයකි. එහෙත්, අද දින පාර්ලිමේන්තුවේදී රුපියල් බිලියන හාරසියක බාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීම සඳහා වූ මුදල් පනතකින් ආණ්ඩුව පරාජය කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලැබිණි.

මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින්නේ ආණ්ඩුවේ ද විපක්ෂයේ ද යන්න අපැහැදිලි තත්වයක් මතු වී තිබේ.

මේ අස්සට දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකත්වයට පත් වන එකේත් නරකක් නැත. විපක්ෂ නායකවරයා යනු මීළඟ අගමැති වීම සඳහා සුදුසුකම් ලබා ගන්නෙකි.

මේ වන විට මීළග අගමැති වීමේ සිහින දකින පුද්ගලයෝ ගණනාවක් කරළියේ සිටිති. ඒ අය අතර වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න මෙන් ම චමල් රාජපක්ෂ ද සිටින බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මේ පිළිබඳ සිය අභිලාෂය තවමත් ප්‍රකාශ කර නැත. එසේ ප්‍රකාශ කළහොත් ආණ්ඩුවෙන් ඔහුට දූෂණ චෝදනා එල්ල වීම කඩිනම් හා දැඩි වනු ඇතැයි ඔහු බියෙන් සිටින බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත්, ආණ්ඩුව ඊයේ පාර්ලිමේන්තුවේදී ලද පරාජය තීරණාත්මක එකක් බව පැවසිය හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වඩා වැදගත් වන්නේ ක්‍රමවත් සැලැස්මක් හා ක්‍රම වේදයක්. එහෙම එකක් නැතුව මොකා අගමැති වුවත් වැඩක් නැහැ. එවිට පුද්ගල අභිමතාර්ථ අනුව පාලනය සිදුවන්නේ.

    ReplyDelete
    Replies
    1. +++
      ඔව්,විය යුත්තේ එයයි.නැතිනම් වෙන්නේ එකා තමන්ට ඕනේ විදියට රට පාලනය කරනවා මිසක් ජනතාවට,රටට අවශ්‍ය විදියට පාලනය කිරීම නොවේ.

      Delete
  2. පැරත් මේ වගේ ගොන් මාතෘකා අල්ලගන්න එකනේ පුදුමේ. නිවැරදි සැලැස්මක් හා ක්‍රමවේදයක් නැතුව මොකා අගමැති උනත් එකයි.

    ReplyDelete
  3. රනිල් අගමැති වී සිටියොත් රටට හොඳ කලක් යයි. වෙන කෙනෙක් අගමැති වුණොත් රටට සොරි ඩොට් කොම් තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවා. ඊලාම් රාජ්‍යය ඉන්දියාව මෙන් දියුණුවනු ඇති. නවශ්‍රීලංකාව ඇමරිකාව මෙන් දියුණුවනු ඇති. වර්ග කිලෝමීටර හැටපන්දාස් ගානක් ඇතුලත දියුණු රාජ්‍යයන් දෙකක් පැවතීම අපිට මොනතරම් ආඩම්බරයක්ද?

      Delete
    2. අනේද කියන්නේ, දවස් 50ක් ඇතුලත මේ පොන්න හාමු එයාගේ ගොලොයෝ ලව්වා බිලියනයක් ගැහැව්වා

      Delete
  4. ඊලග අගමැති රනිල්... 2020 වෙනකම් රටේ අගමැති රනිල්..

    ReplyDelete
  5. අද දින පාර්ලිමේන්තුවේදී රුපියල් බිලියන හාරසියක බාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීම සඳහා වූ මුදල් පනතකින් ආණ්ඩුව පරාජය කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලැබිණි.
    ----------------------
    පැරකුම් මහතා.
    ඔබ මේ රෙගුලාසි පාර්ලිමේන්තුවෙන් අනුමත නොවිම ගැන හරි හැටි කරුණු විග්‍රහ කර නැත. නැතහොත් ඔබත් රවී කරුණානායක මහතාම කල වැරැද්ද එනම් මේ කාරණය ගැන දේශපාලන කෝණයෙන් පමණක් බලා ඇත. රටක මුදල් පාලනය දේශපාලන කෝණයෙන් පමණක් බැලීම මහත් වරදකි. රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට හරි කරුණ ඒ ආකාරයෙන්ම දක්වා නැත.එබැවින් විරුද්ධ පක්ෂයේ විරෝධය නිවැරදිය.

    ඇත්ත කාරණය නම් මේ රෙගුලාසි අනුමත කිරීමට උවමනා වුයේ ඉදිරියේදී භාණ්ඩාර බිල්පත් නිකුත් කිරීමේ උපරිම සීමාව upper ceiling ඉහල දැමීමකට මිස නව නිකුතුවක් සඳහා අවසර පැතීමක් නොවේ.
    මෙය සාමාන්‍යයෙන් විවිධ සේවා සමුපකාර සමිතියක වාර්ෂික මහා සභා රැස්වීමකදී අනුමත කර ගන්න යෝජනාවක් වැනි දෙයකි. උපරිම නය සිමා යෝජනාව අනුමත වුනා කියා එදිනම සමුපකාර සමිතියට කව්රුත් නයට මුදල් දෙන්නේ නැත.සමිතිය නය ඉල්ලන්නේද නැත.නමුත් නය ගැනීමට අවශ්‍ය අවස්තාවලිදී සමිතිය බැංකු වලින් නය ඉල්ලුම් කල යුතුය. එහිදී බැංකු විසින් දමන විවිධ කොන්දේසි පිළිගත යුතුය. නය ඉල්ලුම් කිරීමේදී සමිතිය අදාළ උපරිම නය සීමාව තුල සිටින බවට සනාථ කිරීමට මහා සභාවෙන් ස්ථිරවූ යෝජනාව බැංකු ඉල්ලා සිටියි.
    මේ සැබෑ කරුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ හර්ෂ ද සිල්වා මහතා පමණි. ම‍ගේ අදහස අනුව පැයකින් සම්මත කරගත හැකි කාරණයක් වෙනුවෙන් වැරදි මගක ගොස් මුදල් ඇමතිවරයා තම නොහැකියාව රටටම පෙන්වාදී ඇත.
    මගේ අදහස අනුව නම් මේ වැරදි උපාය මාර්ගය නිසා ඊයේ පාර්ලිමේන්තුව පැවැත්වීම වෙනුවෙන් මහජන අරමුදලින් වැයවූ සම්පුර්ණ මුදල රවී කරුණානායක ඇමති වරයා විසින් සහ මෙවැනි ප්‍රායෝගික දැනුමක් නැති අයෙකුට මුදල් ඇමති කමක් දීමට තීරණය කල අගමැති වරයා විසින් තම පෞද්ගලික මුදලින් ගෙවිය යුතුය.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. What is the use of having a Secretary for the Ministry of Finance. He should educate his Minister. How yahaplanaya go with such idiotic officers?

      Delete
    2. පළමු කොටම නිලධාරින් පිස්සු කෙලිනවාදැයි දන ගැනීමට මෙන්ම නිලධාරීන්ගෙන් තමන්ට අවශ්‍ය රාජකාරිය ඉටු කරවා ගැනීමට අවශ්‍ය සාමාන්‍ය බුද්ධිය ඇමතිවරයාට තිබිය යුතු නේද?

      සමරසේකර

      Delete
  6. ජනධිපති තනතුරට පැරා සහ අගමැති තනතුරට රාජ් පත්වුනොත් කොහොමද? හැබැයි මේ දැන් තියෙන ව්‍යවස්ථාවම තියෙන්න ඕන. අගමැති ජනාධිපතිගේ පියන් වගේ ඉන්න.

    ReplyDelete
  7. මහින්ද බලවත් කියලා ඊයේ ඔප්පු කලා නේ.. තව මොනවටද කතා.. මෙයාලට මහින්ද එක්ක හැරෙන්න වත් බෑ.. එක්කෝ සිරා බුදු සිරා ගේමක් ගෙනියනවා.. එහෙම නැත්නම් මරා දිණුම්..

    ReplyDelete
  8. එක නමක් මිස් වෙලා.. මේ දවස් වල නිමල්ටත් චමල්ටත් දෙන්නටම වඩා විමල් නම කියවෙනවා.. ඇයි විමල් හොඳ නැද්ද හැබෑට?

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා + ජෙප්පෝ ටෙම්පරි කාසාදය දවස්වලත් ඔය යෝජනාව ආවා, විමල් දෙන්න කියල මංගල කිව්ව, මංගලට දෙන්න කියල විමල් කිව්ව.

      Delete
  9. පැරා අයියේ.....

    අගමැති සිහිනය දකින කිහිපයක් ම ඉන්නවා කියන ඒකත් ලොකු දෙයක්... දැන් කට්ටියට දේශපාලනික ව ප්‍රවේශයක් තියෙනවා... ඒත් ඉස්සර මෙහෙම නෙමෙයිනේ ලොක්කා දෙනකල් කට අැරගෙන ඉන්න වෙනවා..... ඒත් දැන් ජනතාව ළගට ගිහිං සුදුස්සෙක් විදිහට පෙනී හිටලා දිනා ගන්න වෙනවා..... ලොක්කා හිටියානම් මේ පාර ෂුවර් පිට ම මලයා ඔතනට ඒනවා.. අර අැමරිකන් ජාතිකයා කියන කෙනා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා