රාජකීය රනිල්ගේ ගොඩේ වැඩ

පසුගිය දින 90ක පමණ කාලය තුළ ආණ්ඩුව විසින් කරන ලද කාර්යයන් ප්‍රමාණය මහින්ද රාජපක්ෂගේ නව වසරක දුර්දාන්ත පාලනය සමග සන්සන්දනය කළ විට කැපී පෙනේ.

මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශනයේ නිදහස, නීතියේ ආධිපත්‍යය ඇති කිරීමට දරන ලද උත්සාහය ආදී කරුණු පැත්තෙන් ගත් කල ආණ්ඩුව අනිවාර්යයෙන් ම ප්‍රශංසා ලැබිය යුතු ය.

රනිල් වික්‍රමසිංහ කියන පරිදි 'රනිල් වසලයා මරා දමනු' යි සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ කියන්නට ඉඩ දෙන තත්වයක් තිබේ. එය වනාහි ප්‍රකාශනයේ නිදහස නොව වල් බූරු නිදහසයි. පසුගිය ආණ්ඩුවේ දූෂිතයෝ 'අපි හොරකම් කළා ය කියනවා නම් පුළුවන් නම් අල්ලපියව්' යි කියන්නට තරම් නිර්භීත වි සිටින්නේ ද ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණය කරමින් සිටින්නේ ද මෙම වල්බූරු නිදහස නිසා ය.

නීතිය හා සාමය ආරක්ෂා කර ගන්නට බැරි නිසා නැවත මරණ දඬුවම පැනවිය යුතු ය යන පසුගාමී අදහස ප්‍රවර්ධනය කරන්නට ඔහු යොමු වන්නේ ද ඩෙල්ෆ්ට් දූපතට පිටුවහල් කළ යුතු වල් බූරුවන්ට නො ගැලපෙන තනතුරු දුන් නිසා ය.

අගමැතිවරයා ආර්ථිකය, අධ්‍යාපනය වැනි බැරෑරුම් විෂයන් භාර දී තිබෙන අය ගැන ද ගැටලු තිබේ. උපතින් ම ප්‍රෝඩාවට හුරු පුරුදු වූ අය විසින් කරනු ලබන ප්‍රෝඩාකාරී ක්‍රියා නිසා ආණ්ඩුව අපකීර්තියට පත් වන තරම ගැන රනිල්ට තේරෙන්නේ නැත. රත්තරං බඩු උගස් පොළිය සම්බන්ධයෙන් ආණ්ඩුව කළ ප්‍රෝඩාව උදාහරණයකි.

තමන් මෙම කෙටි කාලය තුළ රටට ගොඩක් වැඩ කළ නිසා ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට ජය නියත බව රනිල් සිතයි. එහෙත් රනිල් ඇත්තට ම කළ දේවලට හරි හමන් ප්‍රචාරයක් දෙන්නට හෝ ඔහුගේ මාධ්‍ය ගෝලබාලයෝ අසමත් වූ හ.

රනිල් ලෝකය දකින්නේ අගනාගරික කණ්ණාඩියකිනි. කොළඹ රාජකීය විද්‍යාලයට ගොස් තමන් එහි සිසුන්ට ටැබ් දාහක් දෙන බව කියන්නේ මේ රටේ ජනතාව ගැන නො දන්නා නිසා ය. රනිල් ටැබ් පමණක් නොව ඇමතිකම් පවා දී තිබෙන්නේ රාජකීය විද්‍යාලයටයි. රනිල් බලයට පත් වන්නට බලාපොරොත්තු වන්නේ රාජකීය විද්‍යාලයේ ඡන්දවලින් පමණක් නම් ඔහුට අබ සරණ ය.

රනිල් ලංකාවේ ඡන්දදායකයා තේරුම් ගෙන නැත. ඔහු සිතන තරම් එක්සත් ජාතික පක්ෂය රටේ ජනප්‍රිය නැත. ඔහු සිතන පරිදි ඉදිරි මහ මැතිවරණයකදී පහසු ජයක් ලබා ගැනීමට බැරි ය.

මහින්ද සමග එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුවා ය කියා සිය අපේක්ෂා ඉටු කර ගැනීම පහසු නැති බව ඔහු තේරුම් ගත යුතු ය.

රනිල් කරන නරක ම දෙය මහින්ද ඔසවා තැබීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රාජකීය විද්‍යාලයේ සිසුන්ට ටැබ් දෙනවා කියා අගමැති කියූ වෙලේ එතන හර්ෂ ද සිල්වා ඇමතිවරයාත් හිටියා. ඔහුත් රාජකීය සිසුවෙක්.

    ඒත් හැබැයි හර්ෂ ද සිල්වා ඔහුගේ ෆේස්බුක් එකේ මෙහෙම අදහස් දාලා තියෙනවා.

    '
    Harsha de Silva
    7 hrs ·

    Thank you for the constructive criticism

    I could have not had the post about tabs for Royal College because it was certainly going to be unpopular but I was being genuine. Not for a moment did I forget that there are thousands of schools that require much more basic facilities. I know the dire need. And let me reiterate that PM's top priority IS education and our government WILL allocate a significant amount of new resources for education particularly to improve the quality of education including the teaching of English. I thank you all for the comments. '

    ReplyDelete
  2. රාජකීයයන්ගෙ ගොඩේ වැඩ????? හුහ් ඔන්න තව ටිකකින් ලමාතන් එයි රෙද්ද කරට අරගෙන.. (එයත් රාජකීයයයෙක් වුනාට කරන්නෙම ගොං වැඩ)

    ReplyDelete
  3. පැරා මොකද මේ එකපාරට කෝපයෙන් ? හොරා .... අවුරුදු බෝනස් ලැබුන් නෑ නේද ? ;)

    ReplyDelete
  4. රන් බඩු උගස් කටයුත්ත ප්‍රෝඩාවක් කියලා හිතෙන්නේ ඒ පිහිටෙන් ගොඩ යන්න හිතන් හිටපු ඒත් හරි ගියේ නැති අයටනේ.ඒකෙන් සහනයක් ලැබිච්ච කෙනාට එහෙම හිතෙන්නේ නෑ.ඒ වගේම රාජකීය විද්‍යාලයට තමන්ගේ ලමයා දා ගැනීම ගොඩක් දෙමව්පියන්ගේ සිහිනයක් වන තත්ත්වයක් යටතේ ඔය අනුග්‍රහයත් ජනප්‍රිය වෙනවා.මෙතන ඉරිසියාව ගැන ප්‍රශ්නයකුත් තියෙනවනේ. ආණ්ඩුවකින් කැබිතිගොල්ලෑව කනිෂ්ඨෙට ටැබ් දුන්නා කියලා ඒක නැගලා යන්නෙ නෑනේ. දුන්න ගමන් කියනවා ඒකට ඒක විතරයි අඩු කියලා, හරියට දුම්රියපොළට වයි ෆයි දුන්නා වගේ.

    ReplyDelete
    Replies
    1. ස්ටේෂන් එකට ගිහින් ලේසියෙන් වයි ෆයි ගිය කෙනෙක් ඉන්නවා නම් කියනවද?

      Delete
    2. Free Wi-Fi – දින පහකට 1700 දෙනෙක් 40Gb අරන්.., එක්කෙනෙක් 4.8Mb

      පොදු ස්ථාන වලින් නොමිලේ ලබා දෙන වයි-ෆයි පහසුකම දින පහක් තුලදී පුද්ගලයින් 1693 දෙනෙකු ලබා ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

      දිවයින පුරා පොදු ස්ථාන 26ක ස්ථාපිත කර තිබෙන වයි-ෆයි කලාප වලදී මෙම පහසුකම ලබා ගෙන තිබෙන බවත් වැඩිම පිරිසක් වාර්ථා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් නියෝජිතායතනය පවසයි.

      මෙම පිරිස මෙගා බයිට් 41,701 ක [40.7GB] අන්තර්ජාල පහසුකම් බුක්තිවිද තිබෙන බවද නියෝජිතායතනය සදහන් කරයි.

      යාපනය පුස්තකාලයේ දී මෙම වයි-ෆයි පහසුකම ලබා ගෙන තිබෙන පිරිස පණහ ඉක්මවා තිබේ.

      අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දීම නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ඉදිරි මාස කිහිපය තුලදී ‍මෙවැනි ස්ථාන දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිත බව නියෝජිතායතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පවසයි.

      – ICTA

      https://lankacnews.com/sinhala/news/130551/

      Delete
  5. රනිල් ගේ අරමුණු හොඳ වුනත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ගැටළු බොහොමයි.පළපුරුදු දේශපාලකයෙක් විදියට තවමත් රනිල් සාමන්‍ය ජනතාවගේ චින්තනය හදුනා නොගැනීම හෝ නොසලකා හැරිම ඔහුට වගේම පක්ෂයටත් හානියක්.

    ReplyDelete
    Replies
    1. රනිල් ඇවිල්ලා ගොන් පාට් ලෝකයක්

      Delete
  6. වල්බූරු නිදහස කියන්නෙත් නිදහසේම කොටසක් තමයි. නිදහස වල්බූරු නිදහස විදියට පාවිච්චි කරන අය වගේම වල්බූරු නිදහස වාරණයට ආයුධයක් කරගැනීමත් සිද්ධ වෙනව.

    ReplyDelete
  7. අයිෂේ පැරා, තමුෂෙ ඔහොම කතා කරන්ඩ එපා. මහින්දට ගමට ෂලකන්ඩ හොඳ නම් රනිල් ඉෂ්කොලේට ෂලකුවම මොකද? අද තමුෂේ අපේ ලොක්කව ඩෙල්ෆ්ට් යවන්ඩ කතා කරන්නේ තමුෂේව 89දී වැලිගමිපිටි යැව්වේ නැති හින්ද කියල නර්ෂ් අක්ක තමුෂේට මතක් කරලා දෙයි.

    ReplyDelete
  8. //"රනිල් ලංකාවේ ඡන්දදායකයා තේරුම් ගෙන නැත"// කොහොමත් මේ කපේදී වෙන දේකුත් නෙවේනේ ඕක

    ReplyDelete
  9. මෛත්‍රී චම්පිකලත් එක්ක රනිල්ට කෙලින්න හදන කොට, රනිල් මහින්ද උස්සන්නෙ නැතිව සරම උස්සන්නය.. ඒකට රනිල් සරන් අඳින්නෙත් නෑ නේ...

    ReplyDelete
  10. හොහ් හොහ්, රනිල්ට පරණ වගකීම ආයේ දීලා මේ රටේ ඔනැම මඟුලකට රනිල් වරදකාරයා වීම. මහින්ද ආයේ බලවත් විමට රනිල් මොකද්ද කලේ කියල පැහැදිලි කරනවනම් හොඳයි, වහෙන් ඔරෝ චෝදනාව රනිල් මහින්ද මොකුත් කළේ නෑ කියන එකයි කියල හිතෙනවා.
    පැරෝ, බලල්ලු ලව්වා කොස්ඇට බාවන්න තනන්නේ නැතුව කෙලින්ම ගේමට එන්ර් වුනොත් නරකද?

    ReplyDelete
  11. මේ කතාවම මම මේ ලියා ගෙන යන ගමන්. රනිල්ට පිස්සුද කියල අහල. ඒ ගමන මේක දැක්කේ. අජිත් කලින්ම ලියල. මේ මනුස්සය පිස්සුනේ කෙලින්නේ.

    ReplyDelete
    Replies
    1. රනිල් කොහොමත් ගොන් පාට් ලෝකයක්. කාලයක් රත්තරන් මාල දෙන්න හැදුවා. චුවිංගම් දෙන්න හැදුවා. තොප්පිගල කැලෑවක් කිව්වා. පස්දුන් රට කියන්නේ පස් දුන්නු පළාතක් කිව්වා. තව බොහොමයි.

      Delete
  12. රනිල් එජාප වෙබ් බලකාය අරලියගහ මන්දිරයට කැදවා දුන් දන්සැලට පැරාට ආරාධනාවක් ලැබුනෙ නැද්ද?

    ReplyDelete
  13. මහින්ද චන්දෙට නාවොත් මහ මැතිවරණය දිනන්නෙ එජාපෙ. මයිත්‍රීගෙ ශ්‍රීලනිපෙ 2කට වැටෙනවා. රනිල්ට තනි එජාපෙ ආණ්ඩුවක් සාදා තව බැදුම්කර ගැහිලි ටිකක් ගහන්න පුලුවන්. මහින්ද වෙනම ආවොත් 1 එජාපෙ, 2 මහින්ද ප්‍රමුක දෙශප්‍රෙමී පෙරමුණ, 3 මයිත්‍රීගෙ ශ්‍රීලනිපෙ. එජාපෙට බහුතරයක් නොලැබෙන අතර හදන්න වෙන්නෙ ශ්‍රීලනිපෙ සමග ජාතික ආණ්ඩුවක්.

    ඉතින් රනිල් මොකටද මහින්ද ප්‍රමොට් කරලා තනි එජාප ආණ්ඩුව වෙනුවට ජාතික ආණ්ඩුවක් හදාගන්නෙ? යහපාලන අයියලා මල්ලිලා කියන්නෙම මෙ වගෙ ආතක් පාතක් නැති පිස්සු කතා.

    ReplyDelete
  14. Ranil knows the price of nothing -- but the value of a few things that matter.
    Mahinda knows the price of everything -- but the value of nothing.
    Is this the choice we Lankan voters have?
    Sad, indeed....

    ReplyDelete
  15. රනිල් ලංකාවේ ඡන්ද දායකයා තේරුම් ගන්න අපොහොසත් බව දන්නේ නැත්තේ රනිල් විතරක්ම වෙන්න ඇති.

    ඔය වල් බූරු නිදහස කියල ටර්ම් එකට නම් පුද්ගලිකව මම එච්චරම කැමැත්තක් නෑ. මොකද තමා අහන්න අකමැති දෙයක් වෙන කෙනෙක් ගෙන් අහන්න ලැබෙද්දි ඔවුන්ගේ අදහස් ප්‍රකාශනයට බැට දෙන්න සම-හරක් විසින් කෙලින්ම ඔය වල් බූරු නිදහස කියන ටර්ම් එක යොදා ගන්නවා. අදහස් ප්‍රකාශනයේ සීමා කියන මාතෘකාව සෑහෙන සාකච්ඡාවට බඳුන් විය යුතු මාතෘකාවක් වුනත් එම සීමාව නිසි නිර්ණායක වලින් තොර 'වල් බූරු නිදහස' කියන ලේබලයකින් පමණක් වෙන් කරන්න යාම නුවණට හුරු දෙයක් නෙමේ. යමෙක් අදහස් ප්‍රකාශනයේ නිදහස පිළිගන්නා කෙනෙක් නම් ඔහු ඔය වචනය අනිවාර්‍යෙන්ම තමාගේ ශබ්දකෝෂයෙන් අයින් කරගන්න ඕන කියන එකයි මගෙ අදහස

    ReplyDelete
  16. පැරා ලෝකය බලන්නෙත් පැරාගෙ වාමාංෂික කන්නාඩියෙන්නෙ.. එතකොට 'අර්ධ නාගරික', 'රාජකීය විද්‍යාලය', 'එජාපය', 'රනිල්', 'කොලඹ' වගේ වචන එක්ක පැරාට පොඩි ඇරියස් එකක් තියෙනව.. ඒක වෙනම කථාවක්...

    ඒත් රනිල් ගම්බයියා තේරුම්ගන්නව කියලා ඒ ලෙවල් එකට බැසිය යුතු නෑ.. කරන්න ඔනෑ ගම්බයියනුත් නාගරික, උගත්, බුද්ධිමත් මට්ටමට ගේන එක..

    ලංකාවේ ජඩමාධ්‍ය ජාතිවාදී බව ඇත්ත.. ඒක රනිල්ගෙ වරද්ද නෙමේ... රාජපක්ෂ අවුරුදු 10 තිස්සේ කොල්ලකාල ඩුබායි සහ බහාමාස් වල ගොඩගහන් ඉන්න සල්ලිවලින් ටිකක් වියදම් කරලා පත්තර කාරයො ටිකක්, විද්‍යුත් මාධ්‍ය ආයතනයක් දෙකක් සල්ලිවලට නොගත්තොත් තමා පුදුමේ..

    කොහොමත් ඊලග පාර එජාපය පාර්ලිමේන්තු බහුතරය ගන්නව.. යූඑන්පී විරෝදී සිංහලබෞද්ධ චන්ද ශ්‍රිලනිප, හෙල උරුම, ජේවීපී, (සමහරවිට එන ) කරත්ත රෝදය වගෙ පක්ෂ වලට කැඩෙනව...
    සාම්ප්‍රදායික එජාප පාක්ෂික චන්ද වලින් හා බුද්ධිමත් පාවෙන චන්ද වලින් රනිල්ට ගොඩයන්න පුලුවන්..

    ඔය උකස් බඩු සහනය වගේ ඒව චන්ද ගුන්ඩු.. මිනිස්සුන්ගෙ උකස් බේරන්න ආන්ඩු බදුමුදල් වියදම් කලයුතු නෑ.. මේ ආන්ඩුව පත්කරගත්තෙ මෘග චෞර පාලනය ගෙදර යවන්න මිස තමුන්ගෙ රත්තරන් බේරගන්න නෙමේනෙ...

    ReplyDelete
  17. සත්යය නම් නියම ටොය්යො බිහිවෙන්නෙ රාජකීය විද්යාලයෙන් පමනයි....

    හැමෝම දන්නා පරිදි රනිල් හිතුවෙත් ටොය්යො බිහිවෙන්නෙ රාජකීය විද්යාලයෙන් පමනයි කියලා.... එයා දැනගෙන හිටියෙ නැහ පහුගිය මැතිවරන කාලෙදි සිරිකොත මාජ්ජ මඩ කාර්යාලය විසින් බහුතර යන එන මං නැති හුටං ලා ව ටොය්යන්ට ඇන්දුවා කියලා... මහා විද්යාල ගච්චපු හූරාලටත් ටොය්ය කියලා ආරොපනේ වෙන්න ඉඩ පහසුකම් සලසල දුන්නා කියලා

    ඒ ආරෝපිත ටොය්යෝ පස්ස පැත්ත උඩ දාගෙන රනිල් ව අගමැති කරන්න කොච්චර නං කට්ටක් කෑවද මෙයා??

    රනිල් තාම හිතන්නේ ඔහු ට රජකම් කරන්න ලැබුනේ සත්ය වසයෙන් ම ටොය්යන් වූ රාජකීයයො නිසා කියලයි...

    ඒකයි රනිල් රාජකීයයන් ට අත දිග ඇරල සලකන්නේ...
    බලන්නකො ලඟදීම එයා තවත් රාජකීයයෙක් වන දිනේශ් ව විරුද්ද පක්සෙ නායක තුමා කරන ආකාරය...

    පැරාල, රාජ්ල, කුර්ටු ගෑ ගී පවුර ලා, විචාරක අන්කල් ල එහෙම ඔය රාජකීයයන් ට ඊරිසියා කරන එක නවත්වලා ඊලඟ මැතිවරනෙදී නැවතත් පෝස්ටර් බැනර් එහෙම එල්ලලා රනිල් තුමා ව නැවත බලයට ගේන්න අදිශ්ටාන කර ගන්න මෙයාලා...

    ReplyDelete
  18. "...ඔය උකස් බඩු සහනය වගේ ඒව චන්ද ගුන්ඩු.. මිනිස්සුන්ගෙ උකස් බේරන්න ආන්ඩු බදුමුදල් වියදම් කලයුතු නෑ.. මේ ආන්ඩුව පත්කරගත්තෙ මෘග චෞර පාලනය ගෙදර යවන්න මිස තමුන්ගෙ රත්තරන් බේරගන්න නෙමේනෙ......"

    එකනේ ආණ්ඩුව තියෙන්න තමන්ගේ අවම සුදුසුකම් තියෙන මල්ලිට කොටියක පඩියක් හදල දෙන්න, තමන්ගේ පාසලේ මිතුරන්ට ඇමතිකම් හදලදෙන්න, ඒගොල්ලන්ගේ පවුලේ ව්‍යාපාර වලට බිලියනයක දෙකක පොඩි කොමිස් එකක් හදල දෙන්න
    (හැබැයි වැලි බුවා නම් පවු නිකම්ම නිකම් බඩුවක් ගහන්න ගිහිල්ල පොරෝ පාර කෑව, අඩුතරමේ ශ්‍රී ලන්කන් වගේ නම් කමක් නැහැ)

    ReplyDelete
  19. //මේ ආන්ඩුව පත්කරගත්තෙ මෘග චෞර පාලනය ගෙදර යවන්න මිස තමුන්ගෙ රත්තරන් බේරගන්න නෙමේ// මේක තමයි ඇත්ත. දැන් මිනිස්සුන්ට ඒක අමතක වෙලා.
    කොටින්ම මේ ආණ්ඩුවෙන් යහපාලනය බලාපොරොත්තු වෙන්නෙ මෝඩයෝ.
    මේ ආණ්ඩුවෙන් යහපාලනය හදයි කියල බය වෙලා ඉන්න බයියො වුනත් තේරුම් අරගෙන බය නති කරගන්න.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොකටද බන් උඹල, පැරාල, මාතලන්ලා, උපශාන්තල යහපාලනයට කඩේ ගියේ! උඹලට හොඳ වැඩේ, යහපාලනයට කඩේ ගිය ටෝයියන්ට රෙන්න පුකේ ගුත් නැහැ!

      Delete
    2. ඔන්න හෙනය ඇත්ත කියනවා. මහින්ද ගෙදර යවන එකෙන් එහා ලෝකයක් මුන්ට තිබ්බේ නෑ. මහින්ද කෙලපු පිස්සුම රනිල් කරනකොට අවුලක් නෑ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා