තේ හා රබර් සහතික මිළ හෙවත් ආණ්ඩුවේ නිරුවත

තේ හා රබර් වෙනුවෙන් සහතික මිළක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ වන විට තේ හා රබර් මිළ තියුණු ලෙස පහත වැටී තිබේ. තේ අස්වැන්න විකුණා ගැනීම පවා ප්‍රශ්නයක් වී තිබේ. කර්මාන්තශාලාවලින් මිළ දී ගනු ලබන්නේ හොඳම තේ දළු පමණි. එයින් විශේෂයෙන් ම කුඩා වතු හිමියෝ මහත් අර්බුදයට පත් වී සිටිති.

ලෝක වෙළඳපොළේ තෙල් මිළ පහත වැටීම මෙසේ තේ හා රබර් මිළ පහත වැටීමට හේතු වී තිබේ. එක පැත්තකින් කෘත්‍රිම රබර් මිළ පහළ බසින අතර, අනෙක් පැත්තෙන් තේ සඳහා ඉල්ලුම අඩු වී තිබේ.

ලෝක වෙළඳපොළේ තෙල් මිළ පහත වැටෙන විට ලංකාවේ ද තෙල් මිළ පහත වැටෙනවා නම් එම ප්‍රතිලාභය දේශීය වගාකරුවන්ට හා තේ, රබර් නිෂ්පාදකයන්ටත් ලැබේ. එහෙත්, රජය කරන්නේ තෙල් මිළ කෘත්‍රිමව ඉහළ තබාගෙන අධික ලෙස ලාභ ලැබීමයි.

දැන් කරන්නට යන්නේ එසේ ලබන ලාභයෙන් කොටසක් යොදවා තේ හා රබර් මිළ ස්ථාවර කිරීමයි. එහෙත් එය ඉතා අසාර්ථක ක්‍රමවේදයකි. මෙම සහතික මිළ වෙළඳපොළේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

වීවල සහතික මිළ ක්‍රියාත්මක වන්නේ වී අලෙවි මණ්ඩලය, සතොස, සමුපකාර සමිති ආදිය හරහා වී මිළ දී ගැනීම හරහා ය. එහෙත්, ඒ හා සම්බන්ධ ගැටලු රැසක් තිබේ. වී ගොවීන්ට ඉතා පහසුවෙන් පෞද්ගලික වෙළඳුන්ට වී අලෙවි කරන්නට පුළුවන. එහෙත් සහතික මිළක් නම් ලැබෙන්නේ නැත. රජයේ ආයතන වී මිළ දී ගන්නා නිසා ඇති වන තරගකාරිත්වය හේතුවෙන් විවෘත වෙළඳපොළේ වී මිළ මඳක් ඉහළ යයි.

දැන් මෙම ක්‍රමවේදය තේ හා රබර් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? සහතික මිළට තේ, රබර් මිළ දී ගන්නේ කවුරුද? මේ වන විට රජය සතු තේ හා රබර් කර්මාන්තශාලා නැති තරම් ය. සහතික මිළට තේ, රබර් මිළ දී ගන්නා පෞද්ගලික වෙළඳුන් ඒවා අලෙවි කළ යුත්තේ අඩු මිළකට ය. මෙය කළ හැක්කක් ද? රජයට මෙම මිළ වෙනස පියවීමට ක්‍රියාමාර්ගයක් තිබේ ද?

මෙය කිසි සේත් ම ප්‍රායෝගිකව කළ නො හැක්කකි. බොරු පොරොන්දු දී තේ හා රබර් වැවිලිකරුවන් මුළා කිරීමෙන් කිසිවක් සිදු වන්නේ නැත. එක පැත්තකින් වැවිලිකරුවෝ අධෛර්ය වෙති. අනෙක් පැත්තෙන් ආණ්ඩුව ද පිරිහෙයි.

කළ යුතුව තිබෙන්නේ තෙල් මිළ අඩු කර ජනතාවට ‍තෙල් මිළ පහත වැටීමේ ප්‍රතිලාභය ලබා දීමයි.

ඒ සමග ම රබර් අමුද්‍රව්‍යයක් ලෙස පිටරට පැටවීම වෙනුවට අපනයනය හා දේශීය පරිභෝජනය සඳහා නිෂ්පාදන කර්මාන්ත වෙත යොමු විය යුතු ය. ලංකාව රබර් නිපදවන මුත් තවමත් දේශීය ටයර් අවශ්‍යතා සපුරා ගන්නේ පිටරටිනි.

ඒ වෙනුවෙන් විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගැන්විය යුතු ය.

ආණ්ඩුව මෙම අඳුරේ අතපතගෑම නැවැත්විය යුතු ය. නිශ්චිත ප්‍රතිපත්තියක් මත කටයුතු කළ යුතු ය. ආර්ථිකයේ පවතින තත්වය ජනතාවට පැහැදිලි කර දිය යුතු ය. අහස් මාළිගා නිර්මානය කිරීම නැවැත්විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හිල් කූඩෙන් වතුර අදින යහ පාලන ටොයියා
    හොරු අල්ලා ගන්න කියා කතිරේ දුන්න ටොයියා
    රට විකුණා බඩ පුරවමු කියල කිව්ව ටොයියා
    කොත්ත මල්ලි බීල බීල හුජ්ජ කරන ටොයියා

    ආණ්ඩුවේ නිරුවතක් නෑ පැරා.. අපි දන්නවනේ ඔවුන් එහෙම කරනවා කියල. මෙතැන නිරුවත් උනේ ඔවුන්ට කඩේ ගිය ඔබ , රාජ් , සළුවඩන , මාතලන් , ඉවාන් , බස්සි ඇතුළු ටෝයියෝ සෙට් එක

    ඒක නෙමේ පැරා ... මොකෝ ඔක්කොම ඇනෝ-පිලිස් ලට DDT ගහල යුද්ධ ප්‍රකාස කරේ ??
    පව් අප්පා ...

    ReplyDelete
    Replies
    1. කොටින්ම කියනවා නම් මහජන මුදලින් සහනාධාර දීම මේ කිසිදු ප්‍රශ්නයකට විසඳුම නෙමෙයි.

      මෛත්‍රීපාල කළත්, රාජපක්ෂ කළත් එය ප්‍රශ්නවලට විසඳුම නෙමෙයි.

      අපි සාකච්ඡා කළ යුත්තේ ප්‍රශ්නවලට තිබෙන විසඳුම් මිස රාජපක්ෂව ආපසු ගෙන එන එක ගැන නොවෙයි. රාජපක්ෂ කියන්නේ වසර නවයක් තිස්සේ මේ ප්‍රශ්න අවුල් කළ පුද්ගලයා. ඔහු විසින් ස්ථාපිත කරන ලද වැරදි පාලන ක්‍රමයේ බලපෑමෙන් මිදෙන්නට වත්මන් ආණ්ඩුවත් අසමත් වෙලා තිබෙනවා.

      මෙවැනි ප්‍රශ්නවලදී කළ යුතුව තිබෙන්නේ සත්‍ය තත්වය වටහාගෙන දිගුකාලීන විසඳුම් සෙවීමයි.

      ඔබලා මේ කවි කියමින්, නටමින් කරන දේ මට නම් පෙනෙන්නේ වනචාරී නැටුමක් ලෙසයි.

      මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේ රටේ ජනතාව විසින් තෝරා පත් කර ගත් පාලකයා. මහින්ද කියන්නේ ප්‍රතික්ෂේපිත පාලකයෙක්. ඔහු සමග හෙළුවෙන් නටන එක නවත්වා රට ගැන හිතා ආණ්ඩුවේ වැරදි සාධනීය ලෙස විවේචනය කරන්න. අප කරන්නේ එයයි.

      Delete
    2. අනේ පැරා මට වාද කරන්න කම්මැලියි.

      තේ රබර් වලට ව්‍යවසායකයන්ට සෑහීමකට පත් වෙන්න පුළුවන් මිලක් මය්ත්‍රී යුගයට කලින් තිබ්බ නේ. දැන්නේ නැත්තේ.

      පැරාල කරන්නේ හරියට ම කියනවා නං හොඳට හිටපු මිනිහෙක් ගේ බෙල්ල කපල , මිනිහ මර හඬ දෙනකොට බේත් කරන්න අතන මෙතන දුවල පැනල ඇවිදිනවා වගේ වැඩක්. අහක ඉඳං බෙල්ල කපන්න එපා කියපු අපිටත් අන්තිමේ දොශාරෝපනේ දානවා ඇයි උඹල අපිට සහයෝගේ දෙන්නේ නැත්තේ කියල බේත් කරන්න.

      යකෝ ඕක වෙන හින්ද තමා කිව්වේ කලින්ම බෙල්ල කපන්න එපා කියල. ඒක හින්ද මට නං ආණ්ඩුවේ ඔව්වා විවේචනය කරන්න ඕන කමක් නැහැ..... "යාදිසං වපතේ බීජං - තාදිසං හරතෙ ඵලං"

      මහින්ද කියන්නේ ප්‍රතික්ෂේපිත පාලකයෙක් නම් රනිල්, චන්ද්‍රිකා යනු කවරෙක් දැයි පහදා දෙන්න... නෑ එක්කෝ ඕනෙත් නෑ .. හිත දන්නවා නේ ...

      කෝ ඇනෝ-පිලිස් ලට බැස්ටිය දුන්නේ ඇයි කියල පැරා කිව්වේ නෑ නේ. රසිකත් මොඩරේෂන් දාගෙන. තමං යම්කිසි ජනතා හිතවාදී මතවාදයක් වෙනුවෙන් පෙනී සිටියා නං , ඉන්නවා නං ඔහොම වහගෙන ඉන්න ඕනේ නැහැ නේ.... දින 90 න්ම තමන්ගේ මත ප්‍රතික්ෂේපිත වෙලා හොම්බෙන් යන්න වීම තරං විහිළුවක් තවත් තියේද ?? එනවා තව කතා කරන්න අනුන්ගේ කවි නාටක ගැන ... :v

      Delete
    3. "..ඔබලා මේ කවි කියමින්, නටමින් කරන දේ මට නම් පෙනෙන්නේ වනචාරී නැටුමක් ලෙසයි. .."

      "දැන් ඉතින් සමනලී ෆොන්සේකා බොරු කළා ය කියා අඬලා වැඩක් නැත. සිදු වූ දේ වෙලා හමාර ය. දේශපාලනය තේරුම් ගන්න"

      Delete
    4. //ඔබලා මේ කවි කියමින්, නටමින් කරන දේ මට නම් පෙනෙන්නේ වනචාරී නැටුමක් ලෙසයි. //

      Like (Y)

      Delete
    5. මහ සොහොන් පිල්ලිය,

      /////මහින්ද කියන්නේ ප්‍රතික්ෂේපිත පාලකයෙක් නම් රනිල්, චන්ද්‍රිකා යනු කවරෙක් දැයි පහදා දෙන්න...//////

      චන්ද්‍රිකා යනු ප්‍රතික්ෂේපිත අයකු නොවේ. ඇය තරඟ කළ ජනාධිපතිවරණ දෙකෙන් ම මහින්දට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයගැනීමට ඇයට හැකි වුණා. ඇය 1994 දී ලබා ගත් ඡන්ද ප්‍රතිශතය (62%) ලබාගැනීමට 2009 යුද්ධ වීරයා මහින්දටවත් බැරි වුණා. කරුණු විකෘති කරන්න එපා.

      Delete
  2. කවුද මේ ආණ්ඩුවේ ආර්ථික උපදේශකයින් කියලා දන්නවාද?

    ReplyDelete
  3. එකඟයි.
    පැරා මේ වෙනකොට එලකිරි ධනවාදී ආර්ථික ක්‍රමය පිලිගන්නව වගේ මට පේන විදියට. උදිත දැක්කෙ නෑ කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. එකඟයි කියල අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද රාජ්? රාජ් හැමදාම පැරාට එකඟ වෙනවනේ.

      සැමදා පැරා සමග එකඟවන රාජ්ට අපගේ විප්ලවීය ආචාරය!!!

      Delete
  4. තේ සහරබර් මිල පහල ගියාට කමක් නැහැ ..... රටකට "අපමන" අගයක් ලැබුනනේ....

    හොඳවැඩේ ගවපාලනේට කතිර ගහපු ලොන්ත බබානිස් ලා ට!

    ReplyDelete
  5. අර ඇනෝ-පිලිස් මදුරුවගෙන් බෑ බේරෙන්න
    ඌ එන්නෙම මගෙ පුකට අනින්න....

    මීට

    පැරා

    ReplyDelete
  6. පේනවනේ සිරි ලන්කන් එකට දීලා තියෙන ගේම්.. ඉතින් එක පාරට මේ රට ගොඩ ගන්න බෑ.. ටිකක් ඉවසගෙන ඉන්න වෙයි.. පස්චාත් බාගේ නැති කරන පාළණයක් තිබුන කාලෙත් ආතල් එකේ හිටපු බුවාලට, දැන් ඉවසගෙන ඉන්න බැරි එක පුදුමේ.. මට පේන්නේ කස්ටිය ඒ සංසර්ග ක්‍රමයට් ඇඩික්ට් වෙලාද කොහෙද...?

    ReplyDelete
    Replies
    1. ඉවසං ඉන්නේ කොහොමෙයි නටපු නැටිල්ලට..... දැං ඉතිං මහසොහොන් යක්කු ටිකක් නටපු දෙන්....

      Delete
    2. හලෝ බුවා!

      කොහෙද මෙච්චර දවස් ගිහිං හිටියේ? ඇලෝසියස් බලන්නවත් ගියාද? නැත්නම් එස් බී ගෙ ලේකම් කමක්වත් ලැබුනද? එහෙමත් නැත්නම් මේ ආණ්ඩුවෙන් සජින්ටයි දුමින්දටයි දීපු වාහන හතරේ ට්‍රයල් බලන්නවත් ගියාද?

      Delete
  7. පැරාට නැ නෙද පොඩි රබර් වතක්වත් පැරගෙ එහා ගෙදර එකා වවන හින්ද නෙද පැරාට ඉරිසියා මම දන්න විදියට මතුගම එවුනුත් මාරම කුහකයො මම් ඒක නම් දන්නව

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා