ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් විය යුතු ය

ජනාධිපතිතුමා ජනවාරි 8දා ඡන්දයෙන් තේරී පත් වුණේ ඉතා පැහැදිලි ජනවරමකිනි. එය වනාහි කොල්ල කෑ මහජන මුදල් විසි කරමින්, මහජන දේපල පාවිච්චි කරමින්, භීෂණය වපුරුවමින් ඡන්ද ප්‍රචාරයේ යෙදුණු මහින්ද රාජපක්ෂ ඒකාධිපතියා පරදවා ලැබූ ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ට ජයග්‍රහණයකි. සාමාන්‍ය ක්‍රමය අනුව නම් දිනිය යුත්තේ රාජපක්ෂ ය. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් විය යුතු ය.

ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රතිවාදීන්ගෙන් දේශපාලනික වශයෙන් පළි ගත්තේ නැත. හි‍රේ විලංගුවේ දැම්මේ නැත. මහින්ද රාජපක්ෂ දිනුවා නම් ඒවා සිදු වන හැටි බලා ගන්නට තිබිණි. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් විය යුතු ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද නිලධාරීන් තනතුරුවලින් ඉවත් කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන කටයුතු කළේ නැත. ඒ නිලධාරීන්ටත් එය පුදුමයකි. ඇතැමෙක් සිතන්නේ එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුර්වලකමක් ය කියා ය. මහින්ද රාජපක්ෂ නම් ඔහොම කරන්නේ නැත. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් විය යුතු ය.

ජනාධිපතිවරණ සමයේ නීච ලෙස හැසිරෙමින්, මෛත්‍රීපාල සිරිසේනට දැඩි ලෙස අපහාස කළ විමල් වීරවංශ, හඩ්සන් සමරසිංහ වැනි පුද්ගලයන්ට එරෙහිව පවා ජනාධිපතිවරයා කිසිදු ද්වේෂසහගත ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඒ අය එදා කතා කළ විධියට තමන්ට කිසිවක් සිදු නො වී තිබීම ගැන විමල් වීරවංශට නම් ගානක් නැත. ඊට වඩා අත්දැකීම් සහිත පුද්ගලයකු වන හඩ්සන් සමරසිංහ නම් කොහේ හෝ සිට ඒ ගැන කල්පනා කරනවා විය යුතු ය. ඔහු මහින්ද පෙළපාලියේ දකින්නට නැත්තේ ඒ නිසා විය යුතු ය. එහෙම නොකළ එක අසාමාන්‍ය ය. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් විය යුතු ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවම කට්ටඩීන්, හොර වෙදුන්, ජාතිවාදීන් ආදීන් සමග එකතු වී නැත. බලය වෙනුවෙන් ජාතිවාදය ඇවිළවීම සඳහා දඩාවතේ යන බල්ලන්ට ලයිසන් දී නැත. එය අසාමාන්‍ය ය. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් විය යුතු ය.

ලජ්ජා විරහිත පාපතරයමහණකු වූ ගලගොඩඅත්තේ ඥානසාරට තවමත් මේ රටේ කටමැත දොඩවන්නටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් විය යුතු බව කියන්නටත් හයිය තිබේ. ඒ නිසා ‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් විය යුතු ය.

පාරාජිකා වූ ඥානසාර මහණාටත්, ඔහුගේ වීරයා වන මහින්ද චෞර රාජයාටත්, එතනෝල්, කුඩු ජාවාරම්කාරයන්ටත්, සෙසු සොරුන්ට, රාජ්‍ය ත්‍රස්තවාදීන්ට, ස්ත්‍රී දූෂකයන්ට හා පිස්සන්ටත් නැවතත් මේ රට භාර දිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කවුදෝ මූණු පොතේ ලියල තුබුන මහින්ද රාජපක්ෂ දැන් මේ රටේ ජනාධිපති නොවන බවත් සිරිසේන උන්නැහේ දැන් මේ රටේ ජනාධිපති බවත් මේ දෙන්නාටම අමතක වෙලාය දෙන්නාටම කවුරු හරි මේක මතක් කරලා දිය යුතුය කියල.පොස්ට් එක කියෙව්වම ඒක ආයෙත් මතක් උනා.නයා උනත් තමුන්ගේ තත්වේ අමතක කරල 'ඕවර් උපාසක' උනාම දර මිටිය බඳින්නත් ගත්ත ලු!

    ReplyDelete
    Replies
    1. ප්‍රකට ජ්‍යොතිර්වේදී ආචාර්ය චතුෂ තුෂර කුමාර මැතිතුමාගේ අනාවැකියකට අනුව මහින්ද ජනාධිපතිතුමා තවත් මාස තුනක් ඇතුළත ජනාධිපතිතුමා බවට පත්වෙනු ඇත.

      Delete
  2. පාරාජිකා වූ ඥානසාර මහණාටත්, ඔහුගේ වීරයා වන මහින්ද චෞර රාජයාටත්, එතනෝල්, කුඩු ජාවාරම්කාරයන්ටත්, සෙසු සොරුන්ට, රාජ්‍ය ත්‍රස්තවාදීන්ට, ස්ත්‍රී දූෂකයන්ට හා පිස්සන්ට නැවතත් මේ රට භාර දිය යුතු ය.

    ඔවු ඔවු මේ දැම්ම වහා ඉල්ලා අස්විය යුතුය එයයි ප්‍රජාත්‍රන්තයේ ලක්ෂණය. උන්ගේ ආතල් උන්ට ගන්න ඉඩ දිය යුතුය පරා නුඹ හරිය

    ReplyDelete
  3. මේ දිනවල මුහුණු පොතේ පලවන ඇතැම් කොමෙන්ටු අනුව ජනපති මයිත්‍රිපාල අස්වියයුතු තවත් හේතු:

    - Personality එකක් නැත. වැනෙන සුළුය.
    - Dress code එක කචල්ය.
    - ඉංගිරිසි කතාකරන්නට බැරිය. (හිටපු කෙනාගේ ඉංගිරිසි දැනුම කෙසේ වෙතත් එයා මේ කොමෙන්ටු දාන උන්ට වඩා හොඳින් ඉංගිරිසි දැනගෙන සිටි බව මෙයින් පෙනේ)

    ReplyDelete
    Replies
    1. අපේ මාරයා අයියා ඡන්දෙ දෙන්නේ ඉංග්‍රීසි පුළුවන් ජනාධිපති කෙනෙකුට විතරමයි. මොකද එහෙම නැත්නම් එයා කියන දේ මාරයා අයියා වැනි ඉංග්‍රීසි විතරක් දන්නා පිරිසට තේරුම් ගන්න බැහැනෙ.

      Delete
  4. කරතොත් කරපන් හරියට,බැරිනම් පලයන් අහකට.
    පුජ්‍ය නාන සාදුගේ රුවන් වැකි.:D

    ReplyDelete
    Replies
    1. නානසාර හරියට කොරල තදයනබව පිලිගන්නවා. ඔය දුවෙකුත් ඉන්නේ

      Delete
  5. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ. ඒ නිසා ‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් විය යුතු ය.

    ReplyDelete
  6. මෙන්න රටේ දැන් තත්ත්වය:

    එදා සහ අද අතර වෙනස..

    උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. පට්ට කාටුන් එක.. මම ඕක පින්තූරෙට දාල පෝස්ට් එකක් ලියන්න ඉන්නේ..

      Delete
  7. //හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද නිලධාරීන් තනතුරුවලින් ඉවත් කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන කටයුතු කළේ නැත. ඒ නිලධාරීන්ටත් එය පුදුමයකි//

    ජනාදිපති ලේකම් තනතුර ගන්න කියලා ලලිත් වීරතුන්ග මහත්තයා ලඟ සිරිසේන කන්නලවු කලා කියලා පැරා ට ආරංචි වෙලා නැහැ නේ...

    ReplyDelete
  8. බය හිතෙන කතා කියන්න එපා හලෝ!

    ReplyDelete
  9. පට්ට කාටුන් එක.. මම ඕක පින්තූරෙට දාල පෝස්ට් එකක් ලියන්න ඉන්නේ..

    ReplyDelete
  10. ඉල්ලා අස්විය යුතු තවත් හේතුවක් මෙන්න.
    http://www.gossiplankapolitical.com/2015/04/srilankan-airline-anupama-wanaguru.html

    ReplyDelete
  11. Mey satahana liyala thiyenne reverse ekata saha ara apitath samaharunta wagey ismolley yai kiyala hithalada kiyala mata sakayak thiyenawa. Mi3 kiyana charithaya palinogannawa kelinawa madi hitapu yakunta wagey adahasak kiyawenawa kiyala hithenawa. Amathaka karanna epa, Mi3 kiyanne sudu piruwata adapu piliruwak witharai, aeka issarahin thiyaagena pitipassen hitapu janadhipathitai pawley hamootamai, aayathana pradanintai pahara denawa methek penune nathnum ada idalawath prawurthi balanna. Aewa sannasgala liyala deela kiyawapu tharam dan dan seeni raha naha, amu gata kiyala hamootama therunyaagena enne. Anika ithin ratey minissu illapu deyak nemei ne ara dina 100 athulatha ira dennum hada dennam kiyagena porondu pathra gahagaththu eka. Koranta puluwan wadath thiyenawa bari wadath thiyenawa kohomawunath Mr clean kiyaganna samaharunta kokken hari kekken hari thamange wadey kerenawanum echcharai. Mathaka thiyaganna thawa dina kihipayakin Mi3 rookadaya rakaganna kiyala wenama satanak geniyanna wenawa ae sudu piruwata adapu charitheyta chandey deepu ayata mokada handiyak handiyak gaaney Aagameeka sidasthaana, piliru thana thibbata wadey wenne mehemai num kohomei ratey minisuu rakenne. Meywwa kiyala wadak na, Hamoma wagey piliganna oona MR over giya kiyala, habai ithin ratata vina katin un ekka balaya rakaganna thamange rata paawala dunne naha. Mey kiyapu kisi deyak sure nathnum idalama balamu

    ReplyDelete
  12. පැරෝ, ඥානසාර හාමුදුරුවොත් එක්ක ඇරියස් එකක් තියෙනව නම් උන්නාන්සෙ කියපුව විවේචනය කරල ගේම ඉල්ලන එක නෙමේද කෙරෙන්න ඕනෙ. එහෙම නැතුව උන්නාන්සෙ නොකියපුව කියුව ලෙස අරගෙන හදා ගත්ත පඹයෙකුට උඩ පැන පැන පහර දීමෙන් වෙන්නෙ උන්නාන්සෙ තවත් පොර වෙන එකයි උඹට කමෙන්ට් දාන සූටි බබාල තව ෆෝම් වෙන එකයි විතරයි.

    එහෙම නැතුව මෙහෙම ගොබ්බ ලිපි ලියන්නෙ සාහිත්‍ය රසය තකා නම් ඒක පැහැදිළිව කියන්න ඕනෙ. නැත්තන් වෙන්නෙ ඔය මෙලෝ සාහිත්‍යක් නොදන්න පැරාගෙ යහපාලන බේබීස්ල ඥානසාර හාමුදුරුවන්ගෙන් ගේම ඉල්ලන්න සෙට් වෙන එක.

    ReplyDelete
    Replies
    1. මෙන්න ප්‍රවෘත්තිය:
      රටේ ආරක්‍ෂාව අනතුරේ මෛත්‍රී අස්‌විය යුතුයි
      - බොදු බල සේනාව කියයි

      සිරිමන්ත රත්නසේකර

      රටේ ආරක්‍ෂාව හා සංවර්ධනය අනතුරට පත්කර ඇති බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහා සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) පැවසූහ.
      මෙන්න පළ වූ තැන: http://www.divaina.com/2015/04/11/news04.html

      ඥානසාරට මෙවැනි ගොබ්බ කතා කියන්නට තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන මේ රටේ කිසිවෙක් ඥානසාර විවේචනය කරන්නට බිය විය යුතු නැත.

      Delete
    2. ගහ දන්නෙ මනුස්සයට කොළ කඩා පාන්න ඕනෙ නැහැ පැරෝ, ඕක දැකපු නිසා තමයි මාත් ඔය ටික කිව්වෙ. පැරා සාහිත්‍ය රසය බලාගෙන ලියන ඒව පැරාගෙ යහපාලන බේබීස්ල සිරා ගන්නව (කොළොම්බියන්ස්ලට මොන සාහිත්‍යද පැරෝ). ඊට පස්සෙ ඒ ගොල්ලන්ට ඒවට මළ පනිනව. ඉතිං එතකොට ඒ ගොල්ලන්ට පව්නෙ පරෝ. ඒක නිසා හොඳ බබා වගේ මීට පස්සෙ විහිළු කරන කොට අඩුම ගානෙ අත උස්සලවත් කරන්න. නැත්තං ඒ බේබීස්ල හිනාවෙන්න ඕනෙ ඒවට අඬන්නත් අඬන්න ඕනෙ ඒව ජෝක්ස් වලට ගන්නත් පුළුවං. ඒක පැරාට උනත් හොඳ නැහැනෙ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා