විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද? මුල් ප්‍රශ්නයට ආපසු

අප පහත සඳහන් සටහන තැබුවේ ජනාධිපතිවරණයට පෙර 2014 නොවැම්බර් 26දා ය. එය කියවා බලන්න. (සම්පූර්ණ සටහන මෙතනින් කියවන්න)

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි.

මෙය කළ නො හැකි ය.

අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ.

පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ.

අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය.

ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි.

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත.

විධායක ජනාධිපති ධුරය ගැන මම මගේ ස්ථාවරය ඊටත් පෙර සටහන් කළෙමි. ඒ 2014 ඔක්තෝබර් 08දා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු ම ද? මැයෙන් තබන ලද මෙම සටහනෙහි ය. 

ලංකාවේ සියලු අයාදෝසවලට හේතුව විධායක ජනාධිපති ක්‍රමය නිසා වහා එය වෙනස් කර පාර්ලිමේන්තුවට බලය පවරන ක්‍රමයක් ඇති කළ යුතු යයි අදහසක් ප්‍රවර්ධනය වෙමින් තිබේ.

ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවට එරෙහිව තර්කයක් නැත. එහෙත්, තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විප්ලවීය ලෙස වෙනස් කර අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා මූලිකව ම කළ යුතුව තිබෙන්නේ ජනතාව ඒ වෙනුවෙන් පෙළගැස්වීමයි. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවදියෙන් සිටිය යුතු ය. එහෙත්, ලංකාවේ බහුතරයක් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එතරම් දුරට දැනුවත් ද යන්න ගැටලුවකි. ලංකා ඉතිහාසයේ මෑත වකවානුව ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වූ මැර බලය, දූෂණය හා මැතිවරණ වංචා ඉහවහා ගිය සමයකි. ලංකාවේ පාලකයන් මෙන් ම ප්‍රධාන විරුද්ධ පක්ෂය ද කරන්නේ ජනතාව දැනුවත් කර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඡන්ද දිනන්නට උත්සාහ කිරීම නො වේ. ඔවුන් කරන්නේ ඡන්දය උපයෝගී කර ගැනීමයි. ආණ්ඩු පක්ෂය නම් මෙය ඉතා විවෘතව ම කරයි. ඒ විවිධ අල්ලස් ඔස්සේ ඡන්ද මිළ දී ගැනීමෙනි. 

මෙවන් සංදර්භයක් තුළ ඇත්තෙන් ම, ලංකාවේ තිබෙන ලොකු ම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය ද?

ධනේශ්වර පාලනයන් තිබෙන ලෝකයේ රටවල් රැසක විධායක ජනාධිපති ක්‍රමය යම් යම් වෙනස්කම් සහිතව ක්‍රියාත්මක වේ. එහෙත්, ඒ රටවල් හැම එකක ම විධායක ජනාධිපති ක්‍රමය නිසා ප්‍රජාතන්ත්‍රවාදය හීන වී ගොස් නැත. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ගන්න. විධායක ජනාධිපති ක්‍රමය නිසා එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් දුර්වල වෙමින් තිබෙන්නේ නැත.

ලංකාවේ ගැටලුව තිබෙන්නේ විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට වඩා මහජනතාව තුළ ය. ලංකාවේ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති අවබෝධය දිය වී යමින් තිබේ. මෙය දිය කර දමමින් තිබේ යයි කියන්නට ද පුළුවන. එහෙත්, එය තනිකර ම ජනාධිපතිවරයාගේ වරදකැයි සැලකිය නො හැකි ය. රටේ බුද්ධිමතුන්ගෙන් බහුතරයක් උන්නතිකාමී, පාරිභෝජනවාදී අවශ්‍යතා මත දූෂිත පාලකයන්ට ඇම්බැට්ටකම් කරන සංදර්භයක් තුළ ජනතාවට සත්‍යාවබෝධය ලැබේ යයි අපේක්ෂා කළ හැකි ද?

ජනතාව ශක්තිමත් වන්නේ නම්, විධායක ජනාධිපති ක්‍රමය තුළ ම ජනාධිපතිවරයා පාලනය කළ හැකි නියාමනයන් සකස් කර ගත හැකි ය.

ලංකාවේ නම්, පක්ෂ මාරු කිරීම සම්බන්ධ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන රාමුවක ජනාධිපතිවරයාට මෙතරම් බලයක් ගොඩනගා ගත නො හැකි ය. ජනාධිපති බලය ඉදිරියේ නගුට දෙපරැන්දේ ගසා ගත් දූෂිත, නිවට කැණහිලුන් වෙනුවට සැබෑ මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක් පත් වේ නම් ව්‍යවස්ථාදායකය ශක්තිමත් කර ගැනීම සඳහා පියවර ගන්නට බැරිකමක් නැත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (3) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය සඳහා පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩි ම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා ය. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා විධිවිධාන තවමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තිබේ. 

එසේම, ජනාධිපතිට හිමි නීතිමය මුක්තිය ඉවත් කිරීම, දෙවරකට වඩා පත් විය නො හැකි බවට වූ නීතිය නැවත ගෙන ඒම, සිව් වසරකට පසුව ජනාධිපතිවරණයකට යන්නේ නම්, එයින් පසු වහා දිව්රුම් දිය යුතු බවට නීති සම්පාදනය, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා වූ 17වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට පුළුවන. 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම සංශෝධනය කළ යුතු යයි කියන අය බලය බෙදීම ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්නේ නැත. ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි ජාතිවාදී පක්ෂවලට අවශ්‍ය වී තිබෙන්නේ පළාත් සභා පිහිටුවන්නට ඉවහල් වූ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම අහෝසි කරන්නට ය. එවිට ජාතික ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට සිදු වන්නේ කුමක් ද?

13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වටපිටාවක් නිර්මානය කිරීම ද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හේතු වෙයි. ඒ සඳහා ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කළ යුතු ය. 

සමානුපාතික නියෝජනය හා මන්ත්‍රී ආසන ක්‍රමයේ සම්මිශ්‍රණයකින් යුත් මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් ඉතා හොඳ යෝජනා සාකච්ඡා වී තිබේ. ඒවා අන්තර්ගත වන සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට පුළුවන. ඒ ඔස්සේ වත්මන් මනාප ඡන්ද ක්‍රමයේ දුර්ගුණ දුරලන්නට   පුළුවන. ඒ සඳහා අවශ්‍ය නම් මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි කරන්නට පුළුවන. 

දූෂණ අවම කරන්නට අවශ්‍ය පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ගත හැකි ය. පළාත් සභාවල ඇමති මණ්ඩලය පළාත් සභා පනතින් ම සීමා කර තිබේ. මධ්‍යම ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කිරීමේ විධිවිධාන ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් ගත හැකි ය. තවත් මෙවැනි ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් සාකච්ඡා වී තිබේ.

අප ඉදිරිපත් කරන මූලික තර්කය මෙයයි. විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මහජන පෙළගැස්මක් ඇති කළ යුතු ය. ඒ සඳහා මහජනයා අතර ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඇති කළ යුතු ය. පවතින ඒකාධිපතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පරිසරය තුළ එය සිදු වන්නේ නැත. 

එබැවින් විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා ද ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒවා කිසියම් කණ්ඩායමක අධිපතිවාදී මැදිහත්වීම් ය. 1972 හා 1978 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අපට ලැබුණේ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලෙසයි. 

අප විසින් කළ යුතුව තිබෙන්නේ පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පටන් ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ගත හැකි ක්‍රියාමාර්ග පළමුව ගත යුතු ය. ජනතාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සමග සක්‍රියව සහභාගි වන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සමාජ කතිකාවතක් පවතින සංදර්භයක අපට මෙතැනින් ඉදිරියට යාම ගැන සිතිය හැකි ය. 

එහෙම නොමැතිව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පෙරළි හා විප්ලව පිළිබඳ ඉදිරිපත් වන අදහස් හුදු පුද්ගල හිතලු හා ජනතාව රැවටීමේ උපායමාර්ග පමණක් බව කිව යුතු ය. 

සරළව කිවහොත්, ආණ්ඩු ක්‍රම සංශෝධනය කරන්නට යෝජනා කරන අය මෙතනින් පටන් ගන්නට කැමති ද යන්න පැහැදිලි කළ යුතු ය. 

  • ජනාධිපති සතු නීතිමය මුක්තිය අහෝසි කිරීම
  • දෙවරකට වඩා පත් විය නො හැකි නීතිය යළි ගෙන ඒම
  • මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම
  • සමානුපාතික නියෝජනයෙන් පත් වන මන්ත්‍රීන් පක්ෂ මාරු කිරීම නතර කිරීම සඳහා පියවර ගැනීම
  • 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කළ හැකි විශ්වාසනීය වටපිටාවක් නිර්මානය කිරීම
  • 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම
  • ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ඇමති මණ්ඩලය සීමා කිරීම
  • දූෂණයට එරෙහි දැඩි පියවර ගැනීම

විප්ලව නැති වුණාට කමක් නැති ය. වෙලාවේ හැටියට එක් ධුර කාලයක් තුළදී  මේ ටික කරනවා නම් වුණත් ඇති ය. 


2015 අප්‍රේල් වන විට ව්‍යවස්ථා සංශෝධනය සි‍ර වී තිබෙන වර්තමාන සංදර්භයෙන් ඉදිරියට යාමට නම් ආපසු මුලට යන්නට සිදු වන බව මට සිතේ.

ව්‍යවස්ථා සංශෝධනයේදී අප සිතිය යුත්තේ අනාගතය ගැන මිස වර්තමානය ගැන නො වේ. තවත් සය වසරකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින නිසා ඔහුගේ බලතල සීමා කර අගමැති ශක්තිමත් කර, එමගින් තමන් ශක්තිමත් වන්නට එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයා සිතනවා නම් එය දුර දිග බලා කරන ක්‍රියාවක් නො වේ.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනයට මහින්ද රාජපක්ෂ ද පක්ෂ බව සිතිය හැකි ය. මන්ද, ඔහුගේ සිහිනය වන්නේ ද ඡන්දයෙන් බලයට පත් වූ විධායක ජනාධිපතිවරයා පඹයකු කර, විධායක අගමැතිවරයකු ලෙස නැවත බලය සියතට ගන්නට ය. මහින්ද නම් ප්‍රතිගාමියා වැළැක්වීම ජනවාරි අට ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමේ මූලික පියවරකි.

2015 ජනවාරි 08දා මේ රටේ ජනතාව විසින් නිර්මානය කරන ලද ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ මූලික යතුර වන්නේ ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන ය. වෙනස නිර්මානය කිරීමේ මූලික වගකීම අප පැවරුවේ ඔහුට ය. වෙනස සඳහා වූ ජනතා පෙළගැස්ම නිර්මානය කළ යුත්තේ ඔහුගේ නායකත්වයෙන් මිස රනිල් වික්‍රමසිංහගේ හෝ වෙනත් පුද්ගලයකුගේ නායකත්වයෙන් නො වේ. ඔහු හැර අන් සියල්ලෝ ම දැන් අවලංගු කාසි ය.

එහෙයින් මම ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙමි. එය මගේ අලුත් ස්ථාවරයක් නො වේ. මා ජනාධිපතිවරණයට පෙර සිටියේ ද එම ස්ථාවරයේ  ම ය. විධායක ජනාධිපති ධු‍ර‍යේ බලතල තවදුරටත් සීමා කරන්නට හා පාර්ලිමේන්තුව හා පළාත් සභා සමග බල තුලනය විධිමත් කරන්නටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වැඩිදුර පියවර ගත හැකි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම පාර්ලිමේන්තුවට යා හැක්කේ පොදු අවම වැඩසටහනක් වෙත පමණි. දැනට යෝජනා කර තිබෙන සංශෝධනය අවිධිමත් එකකි. එය වහා විධිමත් කර ගත යුතු ය.

පාර්ලිමේන්තුවේ සියලු දෙනාට පැමිණිය හැකි පොදු අවම එකඟත්වය තුළ කටයුතු කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුලපිරිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලිපිය දිග වැඩියි. සංශිප්තයක් දාන්න.

    ReplyDelete
  2. Siriseana is a country bumpkin and Para is the Village idiot of Mathugoma!

    ReplyDelete
  3. මෙච්චර දැනුමක් තියන පැරා වගේ කෙනෙක් ගෙදරට වෙලා බ්ලොග් ලියන එක අපරාදෙ නේ....පැරා කොහොම හරි ලOකාවෙ පාර්ලිමේන්තුවට යවල දවසක මේ රටේ අතිගරු ජනාදිපති කරල...රට නගා සිටුවන්න ඕන..ඒක කරන්න පුලුවන් එකම කෙනා ජාතියේ පිනට පහල වු අති උතුම් පැරා.... පමණි....!!!

    ReplyDelete
  4. අජිත්ට යූ එන් පී පිළිබඳව උපන්ගෙයි දෝෂයක් ඇති බව මා මීට පෙරද කියා ඇත.

    අජිත් ලා වැනි පට්ට මාක්ස්වාදින්ටත් රනිල් අගමැති නිසා කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ අගමැතිට බලය ලැබෙන සංශෝධනයකට එකඟ විය නොහැකිය.

    මුං නම් පට්ටම පට්ට මාක්වාදීන් තමාය . මුංට වඩා මූණ එක්ක තරහා වෙලා නහය කපා ගන්න උන් හොඳය . උන් කපා ගන්නේ උන්ගේ නහයය . මේ වල්ලපට්ට මාක්ස්වාදීන් කපන්න යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ඔක්කොම එවුන්ගේ නහයවල්ය.

    මේ හරක් හිතාගෙන ඉන්නේ රනිල් සදාකාලික අගමැති කියලාය. මුන්ට මෝල්ය . සමහරවිට ඊළඟ ජන්දෙන් උනත් රනිල් පරදින්නට ඉඩ තිබේ. මේ රටේ එවුන්ට එවන් නායකයෙක් රටේ නායකයා වී අපේ රට දියුණු කරනවා දකින්නට පින් ඇති එවුන් කියා මට නම් හිතන්නේ නැත. අපේ රටේ එවුන්ට වඩා වටින්නේ රටේ නායකයා සහෝදරයන්ට, පුතුන්ට රිසි සේ රට උලාකන්නට දී සියලු දුක් දෝමනස්සයන්ට මුල "අපේ කරුමේ" කියා විරෝපට්ටන් ගසා ඉන්නා ජාතියක් ලෙස සිටින්නටයි.මැදමුලනට වන්දනාවේ යන කාලකන්ණින් අපට පසක් කර දෙන්නේ එයම බව මගේ අදහසයි.

    අජිත්ට නොවැටහෙන එක දෙයක් පමණක් සටහන් කරමි. නුදුරු දිනක විධායක බලතල පාර්ලිමේන්තුව වෙත හුවමාරු නොවුනහොත් අපිට මෛත්‍රීගේ හොඳ හොඳ සෙල්ලම් බලා ගත හැකිවේවි. එහෙම උනොත් ඒක අපේ විතරක් නොව මෛත්‍රිගේද කරුමය බව ඔය හැමෝම මතක තියා ගත්තොත් හොඳ බවත් සටහන් කරමි.

    වල්ලපට්ට මාක්වාදීන්ට ජයවේවා !!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. "..මේ රටේ එවුන්ට එවන් නායකයෙක් රටේ නායකයා වී අපේ රට දියුණු කරනවා දකින්නට පින් ඇති එවුන් කියා මට නම් හිතන්නේ නැත.."

      ඔව් බන් මේ අපිට පුරවසිභාවයවත් නැති උන් ඇවිත් හොරකන් කරනවා බලන්න බැනේ. උඹලගේ පොන්න හාමු ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් රජවෙන්න බැලුවට හරියන්නේ නැහැ !

      Delete
    2. ඇයි රාජපක්ෂ සහෝදරයෝ හොරකම් කරද්දි අහක බලන්ද හිටියේ

      Delete
  5. කඩවුණු පොරාන්දුව
    (1) ඇමති මණ්ඩලය 30යි
    (2) මැඩල යහපාලනය - අර්ජුන මාමා බැනගේ ගැහිල්ල බිලියනයයි
    .
    ,
    (10) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකෙරේ

    ටොයියනි ගුකාපියව්

    ReplyDelete
    Replies
    1. බයියෝ හිතාන ඉන්නේ මේ රටේ බයියෝ නොවන සියල්ල ටොයියෝ කියයි, ටොය්යෝ ඉන්නේ ඉතා සුළු පිරිසකි, උන් මොන ආන්ඩුව ආවත් සැප විදිති (කති බොති සුකති). බය්යො සුළුතරය බව පසුගිය ජන්දයෙන් පැහැදිලි විය, මුන් මොනතරම් බය්යෝද කියනවනම් හිතාන ඉන්නේ බය්යා කියන්නේ ආඩම්බර වෙන්න කාරනයක් කියා හිතාන ඉන්නවා, මහින්ද අපිත් බය්යෝ කියපු ගමන් ඇඳගෙන ගඋ කනවා මදිවට සාමාන්‍ය බුද්ධියක් තියන වුන්ටත් කවන්න තනනවා, ටිකක් හිතපියව්කො මහින්ද බය්යෙක්ද කියලා, අගේ කර කර ගොපි ඔය කන්නේ මොනවද කියලා.

      Delete
  6. ශ්රී ලංකාවේ රජයේ ණය ලබා ගැනීම ජනවාරි සිට තියුනු ලෙස ඉහල නැග ඇති, ශ්රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත නිසා එය පාර්ලිමේන්තු මැතිවරණයේදී බලය මත එහි ග්රහනය තහවුරු කිරීමට උත්සාහ ලෙස මෙම නව රජය විසින් අනුගමනය ජනතාවාදී ප්රතිපත්තිවලට වෙනි සදුදා, පෙන්නුවා. ඔහු 225-පාර්ලිමේන්තුවේ ආසන බහුතරයක් යනාදිය අද 8 දා ජනාධිපතිවරණයක් දිනා ඇති ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අගමැති ලෙස රනිල් වික්රමසිංහ මහතා පත් කරන ලදී. නියමිත කාලයට වඩා වසරකට - සිරිසේන මහතා ජුනි මස අවසන් වීමට පෙර සිදු විය හැකි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පොරොන්දු වී ඇත. කැපී පෙනෙන මුළු ජන 7. සිට අතර 76 82 දක්වා පදනම් (කැරිණ) විසින් භාණ්ඩාගාර බිල්පත් පොලිය තල්ලු, ආන්ඩුවේ මූල්ය මත පීඩනය යෙදීම, ඡන්ද දායකයින්, නව රජයේ තියුනු ලෙස වැඩි රාජ්ය අංශයේ වැටුප් හා ප්රධාන භාණ්ඩ මත අඩු තීරු බදු දිනා ගැනීමට ටී බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර කොළඹ කොටස් මේ වසරේ මුල් මාස තුන තුළ රුපියල් බිලියන 216.6 ($ 1.63 කින්) ඉහළ ගොස් - සමාන මුළු ශුද්ධ ණය පමණ සියයට 90 දක්වා ටී බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර හරහා 2014 දී මුළු කැපී පෙනෙන ඩොලර් නම්කරන ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර (දර්ශයක්) රජය වෙත ගලා වටිනා ශුද්ධ රුපියල් බිලියන 70 ක් ණය ලබාගෙන මුල් මාස තුන තුළ සියයට 18 කින් ඉහල නැගුනි. රජයේ මාධ්ය ප්රකාශක, රාජිත සේනාරත්න මහතා රජය පසුගිය පාලනයේ ධූර කාලය තුළ අපේක්ෂා සහගත යටිතල පහසුකම් ව්යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ණය මත ගත් කොන්ත්රාත්කරුවන් ගෙවීමට ණය ලබා ගැනීමට අවශ්ය බව සිකුරාදා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. සිරිසේන මහතා නිසා බව කියන දූෂණ කිරීමට පෙර ආණ්ඩුව යටතේ සියළු යටිතල ව්යාපෘති සමාලෝචනය නියෝග කර ඇත. වෙළඳ පොළ විශ්ලේෂකයින් ආන්ඩුවේ මූල්ය මත පීඩනය ද ඉහළ ඩොලර් බිලියන 1.5 ක සැලසුම්ගත ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව ප්රමාද විපාකයෙන් බවයි. ආයෝජක රුචිය පරීක්ෂා කිරීමට රේටිංන්ස් මේ මාසයේ s න් ඇගයීමට ලක්වී සිටින සමහර තවමත් එහි හිටියා සමහර අරමුදල් කළමනාකරුවන්, විශ්ලේෂකයින් අනුව, පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෙම බැඳුම්කර මිලදී ගැනීමට පසුබට විය සොයාගෙන ඇත.
    (From Google Translate of http://www.dailytimes.com.pk/business/07-Apr-2015/sri-lanka-s-borrowing-soars-ahead-of-parliamentary-poll)

    ReplyDelete
  7. /මම ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙමි/

    මම කැට තියල කියන්නම් පැරාගේ ෆිට් එකට රාජුත් මේකට විරුද්ධ වෙනවා.

    ReplyDelete
  8. අර තංගල්ල පැත්තෙ ඉන්න "රාජ්" පවා හිතං ඉන්නේ තමුං ටොය්යෙක් කියලනේ....

    ReplyDelete
    Replies
    1. අම්මප? මැදමුලලනෙ අංකල්ගෙ බෝලෙන් බලලද කිව්වෙ?

      Delete
    2. රාජ් කියන්නේ පැරාගේ බොක්ක. නර්ස්ලගේ හස්බන්ඩ් සංගමේ ෆිට් එකට රාජ් පැරා කියන හැමදේටම එකඟ වෙනවා. පැරා ටොයියෙක් වෙච්ච හින්දා රාජ් ටොයියෙක් උනා. එච්චරයි. පැරා බයියෙක් උනා නම් කොළඹ 7 හිටියත් රාජ් බයියෙක් වෙනවා.

      Delete
  9. පැරකුම් ගොයියත් දැන් අපි වාගෙම මඤ්ඤං වෙලා ගිහින් !

    ReplyDelete
  10. සෙනා (පොලොන්නරුව)April 7, 2015 at 9:43 AM

    මල්ලියෝ සතිපට්ඨානේ කියවනවා වගේ දිග හෑලි කියවන්න වෙලාවක් නෑ. ටිකක් කෙටියෙන් ලියන්නකෝ. අපිත් ඉතිං වෙලේ , කුඹුරේ වැඩට යන්න එපායෑ.

    ReplyDelete
  11. දැන් ඉතින් තටමන්නෙ ඕක තියාගන්න ද ? විධායක ව්‍යවස්ථාදායක අධිකරණ යන අංශ තුනම ඒකකෙනෙක් අතේ තියා නොගෙන හරියන්නෙ නෑ නේ නේද ?

    ReplyDelete
  12. දැන් ඉතින් කක්ක දාගෙන බඩවැල් එළියට එනකං තටමන්නෙ ඕක තියගන්නම නේද ? එක එකා එක එක පැත්තට ඇද්දාම වැඩේ හරි ! විධායක ව්‍යවස්ථාදායක අධීකරණ යන අංශ තුනේම සම්පූර්ණ බලය එක්කෙනෙක් අතේ තියා නෙගෙන හරියන්නෙම නෑ නේද ?

    ReplyDelete
  13. පැරා,

    "බලය බෙදීම" ජාතින් අනුව කිරීම ඉතා මෝඩ වැඩක්. "බලය බෙදීම" ගැන ප්‍රශ්නයට මුලික හේතුව අගනගරයට පිට පුද්ගලයකුට වැඩක් කරගැනීමට උවමනා විට අගනගරයට පැමිණීමට සිදුවීමත්, තමාගේ බාෂාව කතාකරන පුද්ගලයන් අදාල ස්ථාන වල නැත්තම් ඇති වන අපහසුව තුලින් මිනිස් මනසේ ඇතිවන විප්ලවයයි.

    මෙහිදී "බලය බෙදීම" යන සංකල්පය ප්‍රයෝගික ලෝකයේදී සිදුවන්නේ සිංහල දෙසපලන්යයන් සතු බලය දෙමල දෙසපලන්යයන් පිරිසකට පැවරීමයි, මෙහිදී දෙමල දෙස්පලන්යයන්ගේ පරමාර්ථය දිගින් දිගටම අඩුම පිරිවැයක් දරමින් බලයේ සිටීමයි, තම ජනතාවට කිසිවක් නොකර බලයේ සිටීමට හැකි හොදම මාර්ගය "බලය බෙදීම" යන සංකල්පය පෙන්වමින් ජාතිවාදය වැපිරීමයි. ඔවුන්ට කොපමණ බලය ලැබුනත් මෙහි සීමාවක් නොපවතී.

    මාද බලය බෙදීමට එකග වෙමි නමුත් මෙම සම්ප්‍රදායක ක්‍රමය මත නොවෙයි, පියවර කීපයකින් බලය බෙදීමට කරුණු සම්පාදනය කල යුතුය.

    01. ජාතිවාදී මත පතුරවන්නන්ට වසර 10ට නොඅඩු සිරදනුවමක් ලබාදීම. (මෙය සිංහලද දෙමළද මුස්ලිම්ද යන්න අදාල නොවේ )
    02. සියලු රජයේ ආයතන පරිගණක ගතකර දුෂණ අවම කිරීම (මෙය රාජ් ගේ අඩවියට ප්‍රයෝගික ලෝකයේ උදාහරණයක් සපයා දුනිමි http://raj1st.blogspot.com/2015/04/blog-post_6.html#comment-form)
    අද අපට අස්සන්න ලැබෙන නිදහසට කරුණ නම් මෙම දුෂණ තාක්ෂණික දුෂණ බවත් තාක්ෂණික විගණනයකට කාලය අවශ්ය බවත් ය නමුත් සියල්ලම පරිගණක ගතකර ඇති තත්වයකදී මෙවැනි ප්නිදහසට කරුණු ලබාදිය නොහැකි වෙයි.

    03. ස්වාදීන කොමිසම් මහින් රජ්‍යසේවයත් අදිකරණයත් ස්වාදීන කිරීම.
    04. දෙසපාලකයන් අවම කිරීම

    (කැනඩාව වනිවිශාල රටක ඇත්තේ මන්ත්‍රී දුර 413 කි ලංකාව වැනි 60 ගුණයක් විශාල ඉන්දියාවේ එය 795කි සිංගප්පුරුවේ 99 කි )

    ටිකක් හිතන්න දුෂණයෙන් තොර ලෝකයේ ආර්ථිකයෙන් දියුණුම රටක්විමට සිංගප්පුරුවට උවමනා වී ඇත්තේ මන්ත්‍රී වරු 99 පමණි , ලංකාවේ තත්වය කෙසේද ? පාර්ලිමේන්තුවේ 225 ඇති අතර සුදු අලියකු වූ පලත්සබවල ඉතාවිශාල දෙසපලන්යයන් පිරිසක් සිටි )

    මේ සියලුම අතිරික්ත පිරිස් කරන්නේ ජනයා පෙළමින් දුෂනවල යෙදිමයි.

    05 දුෂනවල දී අසුවූ දෙසපලන්යන් ඇතුලු සියල්ලන්ටම අවම වශයෙන් වසර 5වත් සිරගතවිමක් ලබාදීම.

    06. දෙසපලන්යයන්ට ලබාදෙන වැටුප් මසකට ලක්ෂ 30 අවමයක් වීම.

    වංචාවට දැඩි දඩුවමුත් සේවයට වැඩි මුදලකුත් ලැබෙනවිට වංචාවට පෙළබිම අවම වේවි.

    සියලු සංවර්දන සැලසුම් අදාල විෂය ගැන හසල දැනුම ඇති පුද්ගලයන් ගැනීම සහ කුමන ආණ්ඩු පැමිණියත් මෙම සැලසුම් වෙනස් කිරීමට නොහැකි ලෙස කටයුතු සම්පාදනය

    07. අදාල ප්‍රදේශයේ ජන අනුපාතය අනුව අදාල බාෂාව කතාකලහැකි පුද්ගලයන් ආයතනවල අනුයුක්ත කිරීම.


    ජනාදිපති ගේ අත්තනෝමතික බලය සිමා කිරීම සහ අදිකරණයට යටත්කිරිම.

    ඉහත පියවර ගත ගැකි උනොත් අපට දියුණු වියහැක. එසේනතිව අද දෙසපලන්යයන් පවසන "බලය බෙදීම" නමැති සංකල්පය රට කාබාසිනියා කිරීමට සහ ඔවුන්ට වැජබිමට යොදාගත්තක් බව මතකතබගන්න.

    ReplyDelete
    Replies
    1. //(කැනඩාව වනිවිශාල රටක ඇත්තේ මන්ත්‍රී දුර 413 කි ලංකාව වැනි 60 ගුණයක් විශාල ඉන්දියාවේ එය 795කි සිංගප්පුරුවේ 99 කි )//


      WE LIKE SINGAPORE

      5.399 million (2013) Singapore, Population >> 99 MPs

      20.48 million (2013) Sri Lanka, Population >> ?? MPs

      SO ACCORDING TO THat RATIO WE NEED >>> 375 MPs

      Delete
    2. ඔය ඔක්කොටම ප්‍රමාණවත් හිරගෙවල් හදන්න සයිබීරියාවෙන් කෑල්ලක් බද්දට ගන්නවෙයි.

      Delete
    3. Just by saying “WE LIKE SINGAPORE “is not enough when I proposed Singapore system in my blog and commented about it, most of you here rejected saying there is no democracy
      You guys want Singapore wealth but do not like their strict rules (what people do not understand is, it was those harsh rules that converted Singapore in to a wealthy nation)

      Delete
  14. https://surajkasun.wordpress.com/2015/04/14/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8-%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%8f-%e0%b6%af%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b7%83%e0%b7%96%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8/?preview=true&preview_id=121&preview_nonce=f0d7f4b81b

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා