හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වහන ආණ්ඩුවේ රඳවා ගැනීමේ බද්ද

වානිජ බැංකු සහ මුල්‍ය ආයතනවල සියලු ම ස්ථාවර හා ඉතිරි කිරී‍මේ ගිනුම් හිමියන්ගේ පොළී ආදායම මත 2.5%ක රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ සඳහා සහනයක් ලැබෙන්නේ වයස අවුරුදු හැටට වැඩි පුරවැසියන්ට පමණි.

මේ අනුව සියලු පොළී ආදායම් වෙනුවෙන් බොහෝ විට වසර අවසානයේදී සෑම රුපියල් සියයක් වෙනුවෙන් ම රු. 2.50ක් අය කරනු ඇත. මේ බද්ද අය කරනු ලබන්නේ දැන් 4%ක පමණ මට්ටමක ඇති ඉතිරිකිරීමේ ගිනුම් පොළියෙන් හා 10%ක පමණ මට්ටමක ඇති ස්ථාවර ගිනුම් පොළියෙනි.

මෙතෙක් මෙම රඳවා ගැනීමේ බද්ද අය කෙරුණේ ලක්ෂ පහකට වැඩි පොළී ආදායම් හිමියන්ගෙන් පමණි.

මෙම බද්ද හඳුන්වා දීම ඇත්තෙන් ම ආණ්ඩුවේ බංකොලොත්කම ප්‍රකාශ කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. මෙම බද්ද අයවැයෙන් යෝජනා කරන ලද්දක් ද නො වේ. ආණ්ඩුව කරමින් සිටින්නේ අලුතින් බදු පැනවිය හැකි අංශ සෙවීම බව පෙනේ.

මෙවැනි බදුවලට කිව හැක්කේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වහන බදු කියා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා.. ලොක්කල, මාතලන් ල නෙ ඉතින් මේ ආන්ඩුව පත් කොරන්න ලොකුම වැඩ ටික කොරේ... දැන් ඉතින් නාහෙන් අඬනව...අරක හොඳ නැ..මේක හොඳ නැ.. කියල....කොහොම උනත් ඉතින් මහින්ද පැන්නුවනෙ නේද පැරා...එක ම මැදැයි ..හිටO..

    ReplyDelete
    Replies
    1. ඔව්. අපේ මූලික අරමුණ වුණේ ඒ දූෂිත, දුර්දාන්ත ඒකාධිපතියා පළවා හරින එක තමයි. අද වුණත් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

      Delete
    2. අපේ මිහිඳු රජ හිටියනම් ලකාවේ කිසිම තැනක කිසිම බද්දක් නෑ. මිහිඳු රජ යුගයේ සිංහල බෞද්ධයන් අති සශ්‍රීක ජීවිතයක් ගත කලේ තනිකර බෞද්ධ චීනයෙන් අත්පිට මුදලට ගත් හාල් කාලා ය. යලට මහට හම්බ කඩයක් දෙකක් කොල්ල කාලා ජීවත් වුනේ සංඝ රත්නයේ අනු දැනුම අනුව ය. අති උතුම් ජාතික ගීය සිංහල බසින් ගයමින් මල් කඩමින් ජීවත් වූ සිංහල බෞද්ධයාට අද මේ බටහිර බද්ද ගෙවීමට සිදුවී ඇත.

      Delete
    3. පැරා ලොක්ක තරහ අවසර වෙන්න ඕන මෙහෙම කියනවට... ඔන්න ඔකට තමයි මතුගම පැත්තෙ මිනිස්සු "ලෙඩා මළත් බඩ සුද්දයි" කියල.... අපි නම් දැන ගත්ත ඔහොම වෙවි කියල කලින්ම.....හික්ස්....!!

      Delete
    4. ආ එහෙනං අපි මරා ආයේ ගේමු. මරාගේ ගූ රසද? අපිට නං මරාත් එකයි,රනිලයත් එකයි, මයිත්‍රීයත් එකයි, ජෙප්පොත් එකයි. ඔය එක සුත්තෙක්ට වත් කඩේ යන්නේ නෑ අපි.

      Delete
    5. // අපිට නං මරාත් එකයි,රනිලයත් එකයි, මයිත්‍රීයත් එකයි, ජෙප්පොත් එකයි. ඔය එක සුත්තෙක්ට වත් කඩේ යන්නේ නෑ අපි.//

      වැඩ වැරදුනු ගූ ටොයියන්ගේ අලුත්ම ටියුන් එක ...
      පව් බං උඹලා

      Delete
    6. මේ යන විදියට තව මාස කීපයකින් මහින්ද මහත්තයාට ආපහු ඇවිත් ජනාදිපති කම බාරගන්න කියනා මහා පෙලපාලියේ පෙරටුවෙන්ම ගමන් කරන්නෙත් පැරා වෙන්න පුලුවං

      Delete
    7. කෙහෙලියවයි බන්දුලවයි මරාගෙ කැබිනට් එකට ගත්තු එකේ, ඇයි බන් පැරාට මහිද ගේන පෙළපාලියකට සෙට් වෙන්න බැරි?

      Delete
    8. ඇත්තටම මහින්දව අපහු ගේන්න දඟලන හාදයෝ පහුගිය කාලේ හිටියේ නිදාගෙන, දැන් මේ මයිත්‍රී පත් කර ගත්ත කට්ටිය වැරදි විවේචනය කරනවා වගේ මේ හාල්පාරුවොත් ඒ කාලේ මහින්දව විවේචනය කලානම් මහින්ද ඊට වඩා හොඳ වෙන්න තිබ්බ, එහෙම උනානම් අපිත් 2005 වගේ 2015 ත් මරා ට චන්දෙ දෙනවා, මහින්දත් සිල්ලර හොරකමක් කරගෙන තාමත් රජකන් කොරනවා

      Delete
  2. පැරා, මත්තල හුලං තොටුපෙල හදන්න ගත්තු ණය මේ මාසේ ඉඳලා පොලී එක්ක ගෙවන්න ඕනිය කියා අර්ජුන කියා තිබුණා. පාරවල් හදන්න ගත්තු ණය බිලියන් 300 ක් බව කබීර් හෂීම් කියා තිබුණා.

    මා දන්නා පරිදි රජයට මුදල් හොයන්න තියෙන හොඳම ක්‍රමය තමයි බදු ගැසීම. බදු වැඩි වෙන්නේ රජයේ අකාර්ක්‍ෂමතාවය නිසයි.

    මෙතනදී වෙලා තියෙන්නේ ආදායමෙන් දරා ගැනීමට හැකි මට්ටමට වඩා ණය බර වැඩිවීම. හරියට ලැම්බෝගිනියක් අරගෙන ඒකට ඉන්ෂුවරන්ස් එක ගෙවන්න මාසේ පඩියම වියදම් කරනවා වගේ!

    ReplyDelete
    Replies
    1. ෂඃ , රසිකගේ ආර්ථික න්‍යායන් ඇහුවම මට ඇඳන් හිටපු රෙද්දේම බඩ ගියා...

      ඔයා තාම ඉන්නේ යහපාලන සිහින ලෝකෙද ?? ඔවුන් කියන දේවල් අදහගෙනද. කෝ අනේ ලම්බෝගිනි , රත්තරන් අස්සයෝ , හෙලිකොට්ටර් ?? රෙදි ඇඳන්ද පොන්න හාමුට කඩේ යන්නේ ??

      Delete
    2. එතකොට නිදහස් අධ්‍යාපනයෙන් එලිය බලල රට පැනල ඉන්න ඔයාලවගේ අයට කරපු වියදම්?

      Delete
    3. පැරා ,

      http://www.economist.com/content/global_debt_clock

      2005 දී $1,070.94 වූ ඒකපුද්ගල ණය 2015 දී $2,539.41 වී ඇත
      මෙහිසිටින බුද්ධිමත් පැරා ඇතුළු සියලුදෙනා දන්නා කරුනක් නම් ණය ගත්විට පොලිය ගෙවිය යුතු බවයි.

      අතිගරු මහින්ද උත්තමය ජනාදිපති වීමට කලින් නිදහස ලැබූ දිනයේ සිට මෙසිරිලක ජහමනයා අතරින් එක්පුද්ගලයකු ලෝකයට ණය වී තිබුනේ $1,070.94
      නමුත් ගෙවුණු වසර 10ට අපි වසර 55 කට ගන්නාලද මුදලට වැඩිය 150 % ආසන්න මුදලක් ණය වී ඇත.

      මහසොහොන්, ඔබවැනි පුද්ගලයන් දැනගත යුත්තේ උත්තම මහින්දයන් කඩිමුඩියේ චන්දයකට ගියේ සුමනදාස උත්තමය ගේ උපදෙස් මතම නොවන බවයි, රට තිබුනට වඩා වැඩි අර්බුදකාරී කාලයක් ඉදිරියේ පවතින නිසයි.

      රසික, //මත්තල හුලං තොටුපෙල හදන්න ගත්තු ණය මේ මාසේ ඉඳලා පොලී එක්ක ගෙවන්න ඕනිය කියා අර්ජුන කියා තිබුණා. පාරවල් හදන්න ගත්තු ණය බිලියන් 300 ක් බව කබීර් හෂීම් කියා තිබුණා.//

      මේ කිසිදු ආයෝජනයක් රුජුව අදායම ජනනය කරන දෙවල්වලනෙමේ අප හිටපු මහින්ද උත්තමය ආයෝජනය කර ඇත්තේ, එමනිසා කරනලද ඉදිකිරීම් වලින් ජනිත වන අදායම මේවා ඉදිකිරීමට වැයවූ ණය පොලිය පියවිමටවත් ප්‍රමාණවත් නැත.

      දැන් සිදුවී ඇත්තේ රජය හැකි හැම අයුරින්ම දනය එක්රස්කිරීමට ක්‍රියා කිරීමයි, මේ රජය ගැනත් මගේ විවේචන ඇත

      01. මේ තියෙන්නේ ඉතා ඉක්මනින් රට තුල රැකියා ඇතිකලහැකි විදියක් http://lankasithuwili.blogspot.com/2015/02/blog-post_14.html
      මෙය කෙටිකලකදී කළහැකි අතර

      02. දිගු කාලීනව කලයුතු යෝජනා http://lankasithuwili.blogspot.com/2015/02/2.html

      ණය මුදලක් නිසි ලෙස ආයෝජනය නොකර පරිබෝජනයට සහ දුෂණයට යෙදවුවිට සිදුවන්නේ රට බංකොලොත් වීමයි.

      පැරා විවේචනය කලයුත්තේ අප රටේ සම්පත් යොදා නිෂ්පාදනය සහ රැකියා උප්පාදනය නොකිරීමයි.

      රසික, ඔබ උනත් එකග වෙනවනේද ? රජය බදු අයකලයුතු බව (ලගද ඔස්ට්‍රලියාවේ බදු ගෙවන විදිය විස්තර කලේ http://rasikalogy.blogspot.com/2015/03/how-we-pay-income-tax-in-australia.html)

      රටේ මිනිසුන් දැනගත්යුත්තේ ඇත්තටම සිදුවෙන්නේ කුමක්ද කියා මිස අන්ද ලෙස පුද්ගල වන්දනාව නෙමෙයි.

      ඉහත තීරණය නිසා ඉතුරුකිරීම් වලින් රුපියල් 100,000 පොලි ආදායමක් ලබනවානම් එයින් 2.5% එනම්
      රුපියල් 2500 බදුගේවිය යුතුය දැන් වසරකට රුපියල් 100,000 පොලි ආදායමක් ලැබීමට ආයෝජනය කලයුතු මුදල

      රුපියල් 1819,000 (රුපියක් දහ අට ලක්ෂ දහනමදකක් ) ආයෝජනය කල පුද්ගලයකුටයි.

      අප දැන් මුහුණදෙන ප්‍රශ්නය හැටියට මෙවැනි කැපකිරීමක් සිදුකිරීම ගැන එතරම් දෙයක් නෙමෙයි.

      මිට වඩා බරපතල දේවල් යහපාලන රජයෙන් සිදුවෙයි, එනම් TNA ඇතුළු ද්‍රවිඩ පක්ෂ කියන කියන පදයට my3 සහ රනිල් නැටිමයි.
      ඉතා ඉක්මනින් කලයුත්තේ ඉතා ජාතිවාදී අදහස් පැතිරවීමට විරුද්දව තද නීති ගෙනවිත් ක්‍රියාත්මක කිරීමයි, මෙවැනි දෙයකින් සිංහල, ද්‍රවිඩ,
      මුස්ලිම් හෝ මොන ජාතිකයෙක් උනත් වරදක් කලොත් දඩුවම අනිවාර්ය වියයුතුය.

      මෙවැනි ක්‍රමයකදී ජාතිවාදී ආගම්වාදී මතවාද ගෙන ඒම කල නොහැකි වෙයි. එසේ නැතුව බලය බෙදීම ආදී මෝඩ කතා ශ්‍රී ලංකාවට දියුණු කිරීමට
      උවමනා නම් අදාල නැති බව ඔබට වැටහේවා!

      Delete
    4. @lankikasithuwili
      "අතිගරු මහින්ද උත්තමය" "උත්තම මහින්දයන්" යන ගොන් වචන භාවිතයෙන් ඔබගේ ඔහු කෙරේ ඇති අනියත , යහපාලන ජඩ රජය තුලද නොඅඩුව ඇති පුද්ගලානුබද්ධ ද්වේශය පෙන්වා , ඔබ මෙහි සඳහන් කල ඇති කරුණ වල හොඳ බාල කර ඇත. ප්‍රථමයෙන් ඒ ගැන මගේ පිළිකුල පිලි ගන්න.

      1. සාර්ථකව අවසන් කල යුද්ධයට සම්පත් යෙදවීම සඳහා 2006 -2009 කාලය තුල ඇති විශාල මුදලක් වැය විය. නය බර ගැන කතා කරන සියල්ලන් ඒ ගැන කතා කරන විට රඟන්නේ හරියට රජයන් විසින් ඒවා මඩි ගැහුවා වගේය. මත්තල , නොරොච්චෝල සම්බන්ධයෙන් මගේ ද කැමැත්තක් නැත. නමුත් ඉන් පසුව ක්‍රියාත්මක වූ ප්‍රොජෙක්ට් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර පසු කාලයේ ලබාදෙන ආකාරයේ ඒවා නිසා ඒවාගෙන් නය බරක් ඇති වේ යයි පැවසීම සාවද්‍යය.

      එසේ වුවත් මේ ගිය ක්‍රමය අනුගමනය නොකර ලංකාවේ යටි තල පහසුකම් නැංවීම කල හැක්කේ කෙසේ දැයි පහදා දෙන්න. පසුගිය රජය විවිධ විවේචන මද්‍යයේ අනුගමනය කල "If you build it, they WILL come" න්‍යාය බොහෝ අවස්ථා වල සාර්ථක වූ බව කුහක නොවේ නම් පිලි ගත යුතුව ඇත. අසාර්ථක වූ තැනක් 2 කක් අල්ලාගෙන උඩ පැනීම කුහක කමකි.

      අනිත් අතට නය default වීම බොහෝ රටවල සිදු වී ඇත. එය මහා ලොකු අර්බුධයක් ලෙස මවා පෑම නොදන්නා මිනිසුන් ඇන්දවීමකි.

      බලන්න ඉන්දික ගේ නය නොගෙවා අබීත ඉන්න ලස්සන. නය දුන් පසු අය කර ගැනීමේ අපහසුවට සහ අවදානමට මුහුණ පාන්නේ දුන් කෙනා මිස ගත් කෙනා නොවේ. ශක්තිමත් නායකත්වයක් තිබේ නම් ස්වයිරී රජයකට ණය default වීම මත පමණක් පදනම් ව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් අනිත් රටවලට නැත. බොහෝ විට එම නය කපා හැරීමට සහ කාලය දික් කිරීමට එම රට වලට සිදු වේ. බොරු යක්කුන් පෙන්වීමෙන් වලකින්න

      වර්තමාන පොන්න රජය නං අල්ලේ නැටවීමට එවැනි අවස්තාව්වක අන් රටවලට හැකිය. එය නම් ලොකු අවදානමකි

      2 . //මේ ***කිසිදු*** ආයෝජනයක් රුජුව අදායම ජනනය කරන දෙවල්වලනෙමේ //
      පට්ට කුහක කතාවකි.

      3. //දැන් සිදුවී ඇත්තේ රජය හැකි හැම අයුරින්ම දනය එක්රස්කිරීමට ක්‍රියා කිරීමයි,//
      නය පොලි ගෙවන්නේ ඩොලර් වලිනි. රුපියල් එකතු කර ගෙවිය හැකි පොලියක් නැත. මේ කරන්නේ චන්ද පොරොන්දු වලට මුදල් සපයා ගැනීමට හැදු සරදියෙල් අයවැය අසාර්ථක වීම නිසා වෙන ක්‍රමයකින් මුදල් සපයා ගැනීමට බැලීමයි. ෆ්‍රී wi -fi , වැටුප් වැඩි වීම etc. There ain't no such thing as a free lunch යන ආර්ථික විද්‍යා සිධාන්තය මතක් කර ගන්න. එතනත් කුහක නොවී මහින්දවම මරාගෙන නොකා විවේචනය ... කල යුතු තැනට යොමු කරන්න.

      4. ව්‍යාපාර යෝජනා 1-2 ඉදිරිපත් කර ඒ මගින් රට සංවර්ධනය කිරීමට බලා පොරොත්තු වන්නේ නං විහිළුවකි. නමුත්
      විවිධ යෝජනා ඉදිරිපත් කිරීම සැම අතින්ම කාලෝචිතයි. රටක දියුණුවට අවශ්‍ය මුලික සාධක පවතී. මා දුටු පරිදි මහින්ද රජය විසින් එම සාධාක එකින් එක සම්පුර්ණ කරමින් යන අතර කුහක අවස්ථාවාදී බලලෝභී හිපාටුවන් විසින් එය පෙරලා දමන ලදී.
      - දීර්ඝව පවතින ස්ථාවර දේශපාලන තත්වයක්.
      - යුධ , කැරලි කෝලාහල නොමැති වාතාවරණයක්
      - යටිතල පහසුකම්
      - stable physical and monetary policies
      - ආයෝජන දිරිගැන්වීම්

      මෙහි ඇතුලත් කල යුතු
      - දුෂණ මර්ධනය
      - transparency
      මහින්ද රජය තුල නැති විය. ඒ සම්බන්ධ ව එල්ල වූ කුහක නොවූ විවේචනද අවම විය. මහින්ද එයට වන්දි ගෙවා ඇත.

      5. //ණය මුදලක් නිසි ලෙස ආයෝජනය නොකර පරිබෝජනයට සහ දුෂණයට යෙදවුවිට සිදුවන්නේ රට බංකොලොත් වීමයි.// True

      6. //පැරා විවේචනය කලයුත්තේ අප රටේ සම්පත් යොදා නිෂ්පාදනය සහ රැකියා උප්පාදනය නොකිරීමයි.//
      එසේ කිරීම සඳහා පැරාට මුදල් නොලැබේ. අවශ්‍යතාවයක් ද , ඒ ගැන දැක්මක්ද නැත. සමාජ වාදියෝ හැමදාම කලේ සිල්ලර කරුණු මත උඩ පැනීමයි.

      7 . රසික නේ මෝඩ //බදු වැඩි වෙන්නේ රජයේ අකාර්ක්‍ෂමතාවය නිසයි.// ප්‍රකාශය ට අහන්න ඇත්තේ , දියුණු රටවල් carbon tax ගහන්නේ එම රටවල් වල ඇති අකාර්යක්ෂම භාවය නිසාද යන්නයි ....

      8. //රටේ මිනිසුන් දැනගත්යුත්තේ ඇත්තටම සිදුවෙන්නේ කුමක්ද කියා මිස අන්ද ලෙස පුද්ගල වන්දනාව නෙමෙයි. //
      රටේ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ වැරදි දෙය සාධාරණව විවේචනය කර රජයක් ජනතා හිතවාදී මගක යැවීම මිස , බලය ලබා ගැනීම සඳහා ලම්බෝගිනි , රත්තරන් අසුන් , මාලිගා , හෙලිකොට්ටර් ආදී පච කෙලමින් යන අවස්ථාවාදී තුච්චයන් රැලක් බලයට පත්කිරීම නොවේ.

      මිනිස්සුන්ට දැනගත යුත් දේ වෙනුවට ලම්බෝගිනි , රත්තරන් අසුන් , මාලිගා , හෙලිකොට්ටර් ආදී පච පෙන්වීමට වැරදි කරුවෝ ඔබ ය.

      9. පසුව සඳහන් කල කරුණු සමග එකඟයි. දැන් වෙන්නේ ද්‍රවිඩ ජාතිවාදීන්ට කප්පන් දීමත් , සිංහල ජාති වාදීන් මර්ධනය කිරීමත් ය. එය වැරදියි.

      Delete
    5. @මහසොහොන් පිල්ලියApril 4, 2015 at 11:19 PM
      +1

      Delete
    6. Part 1
      මහසොහොන්
      //සාර්ථකව අවසන් කල යුද්ධයට සම්පත් යෙදවීම සඳහා 2006 -2009 කාලය තුල ඇති විශාල මුදලක් වැය විය//

      2010 දී ඒකපුද්ගල ණය ප්‍රමාණය $1,855.98 එනම් 2005 සිතේ $ 785 වැඩිවීමකි මෙමුදල ඉතා විශාල දනස්කන්දයකි නමුත් අපිකියමු මේ මුලුමුදලම යුද්දයට වැය කළා කියල 2010 සිට 2015 වනවිට එය $2,539.41 දක්වා $684 න් වැඩිව ඇත. 2010 පසු උතුර සංවර්දනයට ඉතා විශාල මුදලක් යෙදවුවත්
      සිදුව ඇති දුෂණයේ පරිමාව සිතා බලන්න.

      මහින්දට විරුද්දව ක්‍රියා නොකරන්නේ ඔහුව අන්ද බක්තියෙන් අදහන මහජනතාවක් සිටින නිසාත් පවතින රජයත් ඉදිරියේදී මෙවැනිම දුෂනවල යෙදීමට අවංකව බලාපොරොත්තු වනනිසාත්ය.

      //නමුත් ඉන් පසුව ක්‍රියාත්මක වූ ප්‍රොජෙක්ට් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර පසු කාලයේ ලබාදෙන ආකාරයේ ඒවා නිසා ඒවාගෙන් නය බරක් ඇති වේ යයි පැවසීම සාවද්‍යය.//

      මේ රජයට ණය විශාල ප්‍රමාණයක් ලබාදුන්නේ චීනයයි ඔවුන් දුන්නේ ණය පොලිය ලබාගැනීමේ වාණිජ පරමාර්තයෙන් පමණක් නොවේ, ඔවුන්ට උවමනා කරන්නේ ශ්‍රී ලංකාවේ තමන්ගේම ස්ථානයක් ඇති කරගැනීමයි එහිදී ණය ගෙවිය නොහැකි සැමවිටම අපගේ ස්ථාවර වත්කම් ඔවුන්ට පැවරිය යුතුවෙනවා "වාරයේ සිදුඋයේ එයයි " චීනා කොන්ඩෙ බැන්දේ ගොඩක් කාලයකට කලින් දැන් ඉන්නේ කොන්ඩෙ කපපු චීනුන්.

      චීනය සමග කරන ගනුදෙනු අපට නොකර බැරිවෙයි ඉදිරියේ ඔවුන් ලෝක බලවතුන් වන නිසා නමුත් පාරදෘශ්‍ය බව නැති උනොත් පහර වදින්නේ රට වසින්ටයි.

      //2 . //මේ ***කිසිදු*** ආයෝජනයක් රුජුව අදායම ජනනය කරන දෙවල්වලනෙමේ //
      පට්ට කුහක කතාවකි. //

      මම උදාහරණයක් දෙන්නම් අප තමයි කනිජවැලි අමුර්ව්‍යක් ලෙස අපනයන කරන මුලික රටවල් අතරින් ප්‍රමුක http://www.dailynews.lk/?q=business/vein-quartz-sri-lankas-silicon-valley

      ඔයකියන අයෝජන වලින් ඉතා සුලු මුදලක් මෙවැනි වියාපෘතියක ආයෝජනය කලානම් මේවනවිට ලැබෙන ප්‍රතිලාබ යොදා ණය වලින් සැලකියයුතු කොටසක් නිදහස් කිරීමට හැකිවනු ඇති.

      3. //නය පොලි ගෙවන්නේ ඩොලර් වලිනි. රුපියල් එකතු කර ගෙවිය හැකි පොලියක් නැත. //
      මෙය ඉතාම සරලයි අපට ඩොලර් ලැබෙන්නේ කෙසේද ? 1. අපනයන මගින් 2. විදේශ ශ්‍රමිකයන්ගෙන් 3. විදේශ ණය සහ ප්‍රදාන
      ඩොලර් වියදම්වන්නේ කෙසේද ? 1. ආනයන මගින් 2.ණය වාරික සහ පොලිය ගෙවීමට, තව විදේශ රටවල ශ්‍රී ලාංකිකයනට කරන ගෙවීම්

      දැන් බදු අයකරන්නේ අයි ? රජය විසින් සපයන සියලු සේවා පවත්වන්නේ බදු මගින් රජයට ඇති විකල්ප වන්නේ බදුමගින් මුල්‍ය සම්පාදනය හෝ විදේශීය මෙන්ම දේශීය ණය ලබාගැනීමයි.

      මෙහිදී බදු ප්‍රතිශතය ඉහල යැවීමෙන් විදේශීය ණය ලබාගැනීම් අවම කර පවතින විදේශ සංචිත ණය ගෙවීමට යොදවාගත හැකියි.

      Delete
    7. Part 2

      04.//ව්‍යාපාර යෝජනා 1-2 ඉදිරිපත් කර ඒ මගින් රට සංවර්ධනය කිරීමට බලා පොරොත්තු වන්නේ නං විහිළුවකි.//
      මෙයනම් එකගවියහැකියි නමුත් පසුගිය රජය ශ්‍රී ලංකාවට paypal පහසුකම ලබාදීම ට ක්‍රියාකරන බව සහහන් කලේ වසර 3 පමණ ඉහතයි
      මෙය ක්‍රියාත්මක උනා නම් විදේශ විනිමය විශාල ලෙස ශ්‍රී ලංකා වේ සේවයකරන තොරතුරු තාක්ෂනය ආශ්‍රිත රැකියා කරන අයට රුජුව ලැබෙන අතර
      තව බොහෝ පිරිසකට තම නිෂ්පාදන විදේශ වෙළදපොල විවුර්ත වෙනවා.

      ජනාදිපති මහින්දට ආර්ථිකය දියුණුකරන මාර්ගයක් තිබුන, නමුත් එය ඔබ සිතන විදියේ දියුණුවක් නෙමෙයි, ඔහුට අවශ්‍ය වුනේ ශ්‍රී ලංකාව කැසිනෝ පුරයක් බවට පෙරලා රට ආර්ථික ලෙස සමුර්ධි කොට තමාගේ තනතුර බෙරාගනිමටයි. මෙය සිදු උනා නම් ලැබෙන දෙයට වැඩ නැතිවන දෙය වැඩිවෙයි.

      08.
      // රටේ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ වැරදි දෙය සාධාරණව විවේචනය කර රජයක් ජනතා හිතවාදී මගක යැවීම මිස , බලය ලබා ගැනීම සඳහා ලම්බෝගිනි , රත්තරන් අසුන් , මාලිගා , හෙලිකොට්ටර් ආදී පච කෙලමින් යන අවස්ථාවාදී තුච්චයන් රැලක් බලයට පත්කිරීම නොවේ.//

      මා විශ්වසකරනවා මහින්ද සහ පිරිස කර ඇති දුෂණය ඇති විශාල බව සහ ඉහත සදහන් කල අයුරින් පවතින රජයත් මෙම ක්‍රමය වෙනස් කිරීමට උත්සහ නොගන්න බව, මතක තබාගත යුතු කරනව නම් සිදුවූ වෙනස හොද වෙනසක් බව, ඔබට මතක ඇති පසුගිය කාලයේ ඔවුන් ඉතා උද්දච්ච ලෙස පැවසුවේ "අප නැවත නැවත මැතිවරණ ජයගන්නේ අපකරණ දේවල් ජනතාව අනුමත කරනනිසා බව " මේ වෙනස නොවුවානම් අපරට අන්තර්ජාතික ලෙස කොන්වූ අන්ත කාලකන්නි රටක් වීමට තිබුණි.

      අවසාන වශයෙන් මගේ පිලුකුල මහින්දගේ රජය කෙරෙහි ඇති උනේ ඔහු කියන දෙයත් කරන දෙයත් අතර වෙනස පෙනුන නිසා (2010 මා චන්දය ලබාදුන්නේ මහින්දට බව කිවයුතුයි )

      ඔබට මතකද මර්වින් සිල්වා සමුර්ධි නිලදාරියකු ගස් බදිනවා ? මතකද මැතිවරණය ආසන්නයේ 2010 ඔහුගේ ඇමතිකම අයින්කරනු ලබනවා මහින්ද විසින්,
      මතකද ඔහුට විරුද්දව ස්වාදීන කොමිසමක් පත්කරනවා මතකද කොමිසම සොයාගන්නවා "සමුර්ධි නිලදාරිය උවමනාවෙන් ගැටගසා ගත්තා " කියා , මතකද මහින්ද නැවත මර්වින් ඇමති වරයෙකු ලෙස පත් කරනවා. මම අහන්නේ මේ රැවටීම කරන්නේ කාවද?

      ඔබට මතකද "Khuram Shaikh" ගාතනය සහ ඔහුගේ පෙම්වතිය දුෂණය සහ රටේ දෙසපලන්යයන් ගතකයන් සහ දුෂකයන් සමග සිදුවූ ගනුදෙනුව මතකද
      අන්තර්ජාතික බලකිරීම නොවන්නට මොවුන්ට නිදහස ලැබෙනවා නොවේද ?

      මෙවැනි සිදුවීම් පැවතියේ එකක් දෙකක් නෙමෙයි මහජනයාට මේවා මතක යුද්දය අවසාන වූ පසු සිදුවූ නිසා.

      මෙහිදී මතක තබා ගත යුත්තේ ස්වාදීන කොමිසම් සබා හැකි උපරිමය පිහිටවා ගැනීමයි,

      යුද්දය ජයගැනීම වෙනුවෙන් මහින්ද ජනාදිපති ලෙසත් ගොටබය ආරක්ෂක ලේකම් ලෙසත් සරත් ෆොන්සේකා හමුදා පති ලෙස දැක්වූ දායකත්වය අමතක නොකළ යුතු වගේම තව මෙරටේ දහස් ගණන් පුරවැසියන් මෙය ජයග්‍රහණය කිරීමට කැපවූ බව අමතක නොකරන්න.

      මා කිසිවිටකත් මැකියාවෙලි පොත කියවා නැතත් මෙය බැලීමට හැකි උනා https://www.youtube.com/watch?v=XN2xkZvU4eY

      මෙය බැලුවා නම් මහින්ද රාජපක්සත් මර්වින් සිල්වත් අතර ගනුදෙනුව ඔබට තේරුම් ගත හැකි වනු ඇති.

      Delete
    8. @lankikasithuwili
      1. //2010 පසු උතුර සංවර්දනයට ඉතා විශාල මුදලක් යෙදවුවත් සිදුව ඇති දුෂණයේ පරිමාව සිතා බලන්න.//
      සිදුව ඇති සංවර්ධනයේ පරිමාව 2009 සහ 2015 උතුරට ගිය කෙනෙකුට සංසන්දනාත්මකව බලා තීරණය කල හැකිය. මට අනුව එය (අවුරුදු 5 ක කාලයක් තුල ) සෑහීමකට පත් විය හැකි තත්වයේ පවතී . "දුෂණයේ පරිමාව" ඔබගේ උපලක්පනයකි. ඔප්පු කල නොහැකි හිතළුවකි. එයට කිව හැකි දෙයක් නැත.

      2. //මහින්දට විරුද්දව ක්‍රියා නොකරන්නේ ඔහුව අන්ද බක්තියෙන් අදහන මහජනතාවක් සිටින නිසාත් පවතින රජයත් ඉදිරියේදී මෙවැනිම දුෂනවල යෙදීමට අවංකව බලාපොරොත්තු වනනිසාත්ය.//
      එතකොට ලංකාව හැදෙන්නේ කවදාද ? නටන්න බැරි කමට පොලව ඇදයි ද ?


      3. //මේ රජයට ණය විශාල ප්‍රමාණයක් ලබාදුන්නේ චීනයයි ඔවුන් දුන්නේ ණය පොලිය ලබාගැනීමේ වාණිජ පරමාර්තයෙන් පමණක් නොවේ,//
      ලංකාවට පමණක් නොව ඇමරිකාවටත් , ලෝකයටමත් නය දෙන්නේ චීනයයි. ඇතැම් තැන වල එහි වානිජ්‍ය පරමාර්ථ ඇත. ඇතැම් තැන වල දේශපාලන/ ආර්ථික පරමාර්ථ ඇත. පෘතග්ජන ලෝකයේ ස්වභාවය එය වේ. ඉන්දියාවෙන් උපකාර ගත්තත් (දෙන්නේ නෑ නේ ) යතාර්ථය එයයි. මේ බාහිර පරමාර්ථ කළමනාකරණය කර රටට යහපත් අයුරින් හැසිරවීමට දේශ හිතෙෂි ශක්තිමත් රජයකට විනා පොන්න රජයකට නොහැකි බව ඉන්දියන් ධීවරයන්ට උතුරු මුහුදේ මසුන් මැරීමට , ලංකා මුහුදු සිමා ආක්‍රමණයට නිකන්ම අවසර දීමේ සිද්ධියෙන් පෙනේ.

      4. //චීනය සමග කරන ගනුදෙනු අපට නොකර බැරිවෙයි ඉදිරියේ ඔවුන් ලෝක බලවතුන් වන නිසා නමුත් පාරදෘශ්‍ය බව නැති උනොත් පහර වදින්නේ රට වසින්ටයි.//
      true

      5. //ඔයකියන අයෝජන වලින් ඉතා සුලු මුදලක් මෙවැනි වියාපෘතියක ආයෝජනය කලානම් මේවනවිට ලැබෙන ප්‍රතිලාබ යොදා ණය වලින් සැලකියයුතු කොටසක් නිදහස් කිරීමට හැකිවනු ඇති. //
      මචං ඕක උඹ විතරක් නෙවෙයි , මාතලනුත් , ඒ වගේම දියුණු ලංකාවකට කැමති නමුත් ආර්ථික , දේශපාලන , මානව යතාර්තයන් නොදන්නා බොහෝ දෙනෙක් කියන දෙයක්. නමුත් ඒක එකපාරට කරන්න බැහැ. මෙතන කොමෙන්ට් එකකින් කියන්න බැරි තරම් එය සංකීර්ණයි.දීර්ඝයි නමුත් ඔව් රජයකට යම් සාධනීය පියවර ගත හැකියි .. යම් සුළු සීමාවක් දක්වා ..... මහින්දෝදය , නැණ සල පිළිවෙල ඒවාට උදාහරණ.

      6. //ඔහුට අවශ්‍ය වුනේ ශ්‍රී ලංකාව කැසිනෝ පුරයක් බවට පෙරලා රට ආර්ථික ලෙස සමුර්ධි කොට තමාගේ තනතුර බෙරාගනිමටයි.//
      හෝටලයක් හදල කැසිනෝ එකක් දැම්මම රට ආර්ථික ලෙස සමුර්ධිමත් වෙනවා නං ආයි වෙන මොනවා බැරිද ? පෞද්ගලිකව හොං කොං , මැකෝ ආකාරයේ කැසිනෝ පුරයකට මගේ නං කිසිම අකමැත්තක් නැත. පළමු වරට කෝච්චිය එන විට යකඩ යකා හු කියා කියා අපිව කන්න එනවෝ කියා , ඇඳි වතත් අත හැර , අම්මා මෝ නැතිව දුවපු පරපුරකින් අප පැවත එන බව මතක තබා ගන්න.


      7. //මා විශ්වසකරනවා මහින්ද සහ පිරිස කර ඇති දුෂණය ඇති විශාල බව සහ ඉහත සදහන් කල අයුරින් පවතින රජයත් මෙම ක්‍රමය වෙනස් කිරීමට උත්සහ නොගන්න බව,//

      ඔබගේ විශ්වසයට මා ගරු කරන නමුත් පිලි ගැනීමක් නොකරමි.
      ඔප්පු කල හැකි දුෂණ ඇත්නම් පළි ගැනීමේ උමතුවකින් , මහින්ද දේශපාලනයෙන් ඉවත් කර දැමීමේ උමතුවකින් පෙලෙන වර්තමාන රජය එම අවස්ථා පැහැර නොහරින බව දැනටමත් පෙනී ගොස් ඇත. නැත්නම් ඉතිං මොනවා කරන්නද ? තව මඩ ගහනවා ඇරෙන්න.

      8. යන තත්වය අනුව කොමිසන් සභා පිහිටුවීමේ සම්භාවිතාව 1% පමණ වේ.

      9. මහින්ද ගේ මකියාවෙල්ලි පාලනයේ ප්‍රථිපල දැන් ඔහු භුක්ති විඳිමින් සිටී. මට දුක රට ගැනය. ලංකාවේ සවභාවය අනුව ප්‍රයෝගිකව කල හැක්කේ වඩා අඩු නරක තෝරා ගැනීමයි. කරුණු සිදුවෙන ආකාරය අනුව වඩා අඩු නරක කුමක් දැයි බහුතරයකට තේරුම් ගොස් ඇති බවට සැකයක් නැත.

      Delete
    9. 5 කරුණට උදාහරණයක් දෙන්නම්. කකා ඉන්න ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අපනයනයක් යකඩ වැලි (iron ore). ඒ වගේම ඒ යකඩ වැලි ප්‍රොසෙස් කරන්න අවශ්‍ය ගල් අඟුරු ත් ඉතාම සුලභව ඕස්ට්‍රේලියාවේ තිබෙනවා.

      ඔබට අහන්න පුළුවන් එහෙනං ඇයි ඔවුන් තාක්ෂනයත් , හැකියාවත් , අමුද්‍රව්‍යත් තියාගෙන, කුණු කොල්ලෙට ටොන් එක ඩොලර් 50 ට පස් යවනවා වෙනුවට යකඩ බාර් හදල චීනෙට යවන්නේ නැත්තේ කියල.....

      ඕකට උත්තරේ හොයා ගන්න. එතකොට හරි....

      Delete
    10. 01. //"දුෂණයේ පරිමාව" ඔබගේ උපලක්පනයකි. ඔප්පු කල නොහැකි හිතළුවකි. එයට කිව හැකි දෙයක් නැත.//
      ටිකක් හිතන්න SriLankan Airlines වල "srilankan airlines chairman" කලේ O/L Pass නැති මිනිහෙක් පහත දැක්වෙන්නේ
      සිදුවී ඇති වංචාවේ පරිමවයි http://www.dailymirror.lk/68429/shocking-details-of-corruptions-at-srilankan-pm-office
      ඔබ සිතිය යුත්තේ මෙවැනි සුදුසු කම් නැති මිනිහෙක් පත්කරන්නෙම වංචා සිදුකිරීමටයි. නමුත් පවතින රජයත් දේසපාලනය නමැති බුමියේ
      ඇති රන් නිධිය වන දුෂණය අත්හැරීමට අදහසක් ඇතියි නොසිතමි.

      නමුත් ඔවුන්ට බලය ලබාගැනීමට කරන කේවල් කිරිමෙදී ඔවුන් ස්වාදීන කොමිසම් පිහිටවීමට සිදුවේවි, පුරවැසියෙකු ලෙස මට වැදගත් මෙයයි!

      02. ජෙනරාල් ෆොන්සේකා වගේ මහින්දව අත්අඩංගුවට ගෙන වරද වලට දඩුවම් කලොත් ඉදිරි මැතිවරණයක දී කුමක් සිදුවේ යයි ඔබ සිතනවද ?
      මෙය මහින්දත් කලා, මතකද සරත් ෆොන්සේකා චන්දය ඉල්ලීමට පටන්ගත්විට ඔහුව අත්අඩංගුවට නොගත්තබව, ඔහු චන්දයෙන් විශාල ලෙස පැරදුනු පසුවයි
      මහින්ද ඔහුගෙන් පළිගත්තේ

      03.//මේ බාහිර පරමාර්ථ කළමනාකරණය කර රටට යහපත් අයුරින් හැසිරවීමට දේශ හිතෙෂි ශක්තිමත් රජයකට විනා පොන්න රජයකට නොහැකි බව ඉන්දියන් ධීවරයන්ට උතුරු මුහුදේ මසුන් මැරීමට , ලංකා මුහුදු සිමා ආක්‍රමණයට නිකන්ම අවසර දීමේ සිද්ධියෙන් පෙනේ.//
      මෙයට සම්පුර්නයෙන්ම එකයි, ඉන්දියාව තමයි අපේ දියුණුවට අකුල්හෙලන මුලික රට ඉතින් අපි ඉන්දියාව නිසි ලෙස කලමන කරණය කලයුතුය.

      05.//නමුත් ආර්ථික , දේශපාලන , මානව යතාර්තයන් නොදන්නා බොහෝ දෙනෙක් කියන දෙයක්. නමුත් ඒක එකපාරට කරන්න බැහැ. මෙතන කොමෙන්ට් එකකින් කියන්න බැරි තරම් එය සංකීර්ණයි.දීර්ඝයි නමුත් ඔව් රජයකට යම් සාධනීය පියවර ගත හැකියි//
      පැවතුනු රජයත් මේ රජය තවමත් paypal සම්බන්දව ක්‍රියා නොකිරීම කණගාටු දායකයි දැනට පවතින තත්වය මත paypal මගින් ලංකාවේ විදෙසවිනිමය
      පිටකළ හැකි අතර ලංකාවට විදේශවිනිමය paypal මගින් ලබාගත නොහැක.

      06. //පෞද්ගලිකව හොං කොං , මැකෝ ආකාරයේ කැසිනෝ පුරයකට මගේ නං කිසිම අකමැත්තක් නැත.//
      මෙරටවල් මේවා ක්‍රියාත්මක කරන්නේ රටේ නිතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරමින්.

      මහින්ද කරපු ලොකු වරදක් නම් සියලුම විශාල ආයෝජන මහාමාර්ග සහ නගර අලංකාරය සදහා යෙදවීම "don't put all your eggs in one basket"
      කියන නියාය අනුගමනය කළා නම් මිට හොද තත්වයක අද ඔහුත් අපත් සිටිනවා.

      08. //යන තත්වය අනුව කොමිසන් සභා පිහිටුවීමේ සම්භාවිතාව 1% පමණ වේ.//

      මෙයත් විශාල ජයග්‍රහණයක් ඉතා සුළු හෝ "check and balance" තිබීම වැදගත්

      //5 කරුණට උදාහරණයක් දෙන්නම්. කකා ඉන්න ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අපනයනයක් යකඩ වැලි (iron ore). ඒ වගේම ඒ යකඩ වැලි ප්‍රොසෙස් කරන්න අවශ්‍ය ගල් අඟුරු ත් ඉතාම සුලභව ඕස්ට්‍රේලියාවේ තිබෙනවා.

      ඔබට අහන්න පුළුවන් එහෙනං ඇයි ඔවුන් තාක්ෂනයත් , හැකියාවත් , අමුද්‍රව්‍යත් තියාගෙන, කුණු කොල්ලෙට ටොන් එක ඩොලර් 50 ට පස් යවනවා වෙනුවට යකඩ බාර් හදල චීනෙට යවන්නේ නැත්තේ කියල.....

      ඕකට උත්තරේ හොයා ගන්න. එතකොට හරි....//

      මිට හේතු කීපයක් පවතී මුලිකවම
      01. ඔස්ට්‍රලියාවේ පවතින පාරිසරික නීති
      02. මෙවැනි කර්මාන්තයක් සදහා ඔස්ට්‍රලියාවේ ශ්‍රම පිරිවැය අදික වීම
      03. චීන ඉහල මට්ටමින් ඔස්ට්‍රලියානු දෙසපලන්යනට දෙන පගා ඔවුන් යොදන වචනය "Lobbying (also lobby) is the act of attempting to influence decisions made by officials in the government, most often legislators or members of regulatory agencies."

      නමුත් කනිජ වැලි යනු එකඅතකින් රත්රන් වලට වඩා වටිනවා එනම් නිමවුමෙන් පසු උදාහරණ :- computer processor, කණගාටුව
      මේවා සිදුකිරීමට දෙසපලනයයන් නොපෙලබිම නොවෙයි මහජනයා අතරත් පැරා වැනි බ්ලොග් කරුවන් අතරත් මිට අවශ්‍ය පීඩනය
      නොලැබීමයි.

      මට කණගාටු ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට පැමිණීමයි http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html

      Delete
    11. @lankikasithuwili
      මෙම සාකච්චාව සම්බන්ධයෙන් ඔබට ස්තුතියි. වෙනත් ත්‍රෙඩ් එකක , වෙනත් වෙලාවක නැවතත් සාධනීය සාකච්චාවක් කිරීමට බලාපොරොත්තු වෙමි.

      Delete
  3. Bro, Whether we like it or not the debt servicing has to be done and its been done at the expense of the tax player, and also remember that withholding tax is on the interest earned on the savings of urs but there was a time we had to pay debit tax, and debit tax was debited at 0.1 or .01 at the entire amount you withdraw from u r savings or currenty account every month, the cap was around 25k back then and as i remember there were certain excemptions as well for businesses. so what im trying to say is that its not easy as it looks, despite of the currption and waste the stats show that the economy was developing at the rate of around 7.2 during mara regime, that was mainly due to the influx of money for the major development projects and thanks to mara we have to pay for that boom, and yes we will benifit from developed infastructure but yet we pay at a highter commercial rate for curruption and waste, the current governements challange is to maintain the same momentum with out any major influx of money cz no invester would spent money here cz of the political instability, so what they could possibly do is to earn a little more from tax, and remember there will be a boom in consumption due to low oil prises and increased government servent pay, so its a game of give and and take and how they strike a balance....im not pro mahinda or ranil,but irrespective of polictical agenda's there truth behind the economy is bitter and both mainda and ranil will have very limited options

    ReplyDelete
  4. ඉස්සර තිබුනු රඳවාගැනීමේ බද්දට වඩා මේක සාධාරණයි. ඉස්සර පොලිය 4950 පැනපු ගමන් මුලු ගානටම බදු ගහනවා. වැඩිවුන ගානට විතරක් නොවෙයි. අනිත් එක පැරා ඔය සල්ලි මිනිස්සු බැංකුවල දාන්නෙ ගස් වලින් කඩල නෙවෙයි. බෙල්ල කඩගෙන වැඩකරල තමයි හම්බ කරල තියෙන්න. ඔහොම බදු වදුනු බොහෝ දෙනක් සුලු ව්‍යාපාර කරන අය මමත් ඇතුලුව. අපිට නිවාඩු, අතිකාල, වෘතීය සමිති මුකුත් නෑ. දවස් හතම එක විඩියට වැඩ. අපි ආණ්ඩුවට, නගර සභාවට බදුත් ගෙවලා තමයි ඔය සල්ලි ඉතුරු කරල තියෙන්නෙ. අපි කට්ටකාගෙන ඉගෙනගෙන, මිනුස්සුන්ට රස්සාත් දීල, ස්ථිර ආදායම් නැති නිසා ණය පහසුකම් වත් නැතුව, අන්තිමට ඉතුරුවෙන ගානටත් අදායම් බදු එකෙන් පන්න පන්න බදු ගහල යන්තන් ඉතුරු කරපු ටිකට තමයි ඔය 8% බදු ගැහුවෙ. දැන් එක අඩුකාරල හැමෝටම බෙදල දාල.

    ReplyDelete
    Replies
    1. රඳවා ගැනීමේ බද්ද ආදායම් බදුවලින් අඩු කරන්නට පුළුවන් නේ ද?

      දැන් රඳවාගැනීමේ බද්ද ගෙවන දිළින්දන්ට එය ආදායම් බද්දෙන් අඩු කරන්නට හැකියාවක් නැහැ.

      Delete
    2. දියණු රටවලද මෙය විවාදාත්මක මාතෘකාවක්. මෙහි අදහස් කුලක දෙකක් තිබේ
      (1) සැවොම සමාන බැවින් සැවොම එකම බදු ප්‍රතිශතයක් ගෙවිය යුතුයි
      (2) වැඩි ආධායම් ලබන්නන් වැඩිපුර සම්පත් භාවිතා කරන බැවින් වැඩිපුර නඩු ගෙවිය යුතුයි
      මගේනම් අදහස නම් සෘජු බදු (1)ටත් වක්‍ර බදු (2)ටත් අනුව ය කිරීමයි

      Delete
    3. රඳවා ගැනීමේ බද්ද ආදායම් බදුවලින් අඩු කරන්නට පුළුවන් නේ ද?

      දැන් රඳවාගැනීමේ බද්ද ගෙවන දිළින්දන්ට එය ආදායම් බද්දෙන් අඩු කරන්නට හැකියාවක් නැහැ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා