පාර්ලිමේන්තුවේි අයුතු ජනරාශියට යට වී විමර්ශන නවත්වනවා ද?

මේ වන විට පාර්ලිමේන්තුවේ සිදු වෙමින් තිබෙන්නේ ඉතාම නින්දිත ක්‍රියාවකි. 

මහින්ද රාජපක්ෂට එරෙහිව ඇති චෝදනාවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් දෙන්නට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම හමුවට යන්නට සිදු වීම වළක්වා ගැනීමට අවනීතිය හා මැරවර බලය පාවිච්චි කරමින් තිබේ. 

පාර්ලිමේන්තුවේ ඇති අයුතු ජන රාශියට අමතරව හෙට පාර්ලිමේන්තුව අසල ද අයුතු ජන රාශියක් රැස් කිරීමට ද කටයුතු කරන බව විමල් වීරවංශ වහසි බස් දොඩයි. 

මොවුන් මේ සියල්ල කරන්නේ මහින්ද රාජපක්ෂට තිබෙන බව කියන ජනප්‍රියත්වය පාවිච්චි කරමින් ඔහුට එරෙහි ක්‍රියාමාර්ග වළක්වාගෙන තමන් ද ගොඩ යන්නටයි. ‍

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ වාඩි ලාගෙන සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ට බරපතල විෂමාචාර චෝදනා තිබේ. එක් මන්ත්‍රීවරයකුට හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම වෙනුවෙන් කොටි සංවිධානයෙන් මුදල් ලබා ගැනීම ගැන චෝදනාවක් ද තිබේ. 

මේ අවස්ථාව අතිශය වැදගත් ය. මේ චෞරයන් පිරිස පාර්ලිමේන්තුව නියම විගඩමක් බවට පත් කර තිබේ. නීතිය සියතට ගත් මේ චෞරයන්ට ඉඩ දී සොරුන්ට එරෙහි පරීක්ෂණ නතර කළ යුතු ද? 

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තම නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට නම් විමර්ශනවලට මුහුණ දිය යුතු ය. විමර්ශන වළක්වා ගන්නට උත්සාහ ක‍රන්නෝ කිල්ලෝටවල හුණු ඇත්තෝ ය. 

මොවුන්ට මෙහෙමම ඉන්නට දුන්නොත් කොයි තරම් කාලයක් සිටිනු ඇද්ද යන්න බලාගන්නට පුළුවන. 

එසේම, නීතිය, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් ද ජනතාව බලමුළුගැන්විය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මොනවද අප්පා පාර්ලිමේන්තුවේ දොරවල් වහලා ලයිට් නිවලා අම්බානක නෙලුවනම් මුන් ටිකට කේස් නෝ කේස් ඔන්න මහින්ද ලොක්කා හිටියනම් මෙලහට මුන් ටික ජයවර්ධනපුර රෝහලේ. ඔලුවේ ඉඳන් කකුල් දෙකට යනකල් බැන්ඩේජ් කරලා.

    ReplyDelete
  2. Para me pakku relata Marage krameta selakuwanam ivaraine

    ReplyDelete
  3. දැන් පෙන්වනවාApril 20, 2015 at 10:45 PM

    පාර්මන්ට්ජෝක්ස් 19
    පොදු ජන ආටක නාටක පෙරමුනේ තවත් රසාලිප්ත මෙව්වා එකක්.
    ඇල්.පි වීරවංශගේ තවත් අද්දියක්සනයක්.
    ඉදිරිපත් කිරීම රජ ෆිල්ම්ස්.

    ReplyDelete
  4. රටෙ නීතිය නොදන්නවා වගෙ රනිලට කඩෙ යන්න එපා. ඇමතිකම් දුන්නට ජනාධිපතිවරු හිරෙ දාලා රටෙ විධායක බලතල විහිලුවට ලක් කරන්නෙ තමුන්ගෙ ලොක්කගෙ ව්යවස්ථා කුමන්ත්‍රනය අසාර්ථක උන නිසා නෙද?

    ReplyDelete
    Replies
    1. රටේ මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන කොට පිරිනැමෙන කවර හෝ නිලයක් ඡන්ද අල්ලසක් හැටියට ගණන් ගැණෙන බව ලොකු බයියා දන්නෙත් නෑ පොඩි බයියා දන්නෙත් නෑ වගේ.

      Delete
    2. ඔය කිව්වෙ මහා ටොයි පොයියක්. තිබුනෙ ජනාධිපතිවරනයක්. ජනාධිපතිවරනයක් තිබුනා කියලා කැබිනට් එක අහොසි වෙන්නෙ නෑ. ඒ වෙලාවෙ කැබිනට් අමාත්යදූරයක් හිස්ව තිබුනෙ. ඒක පුරවන එක ව්යවස්ථා විරොධිත් නෑ, නීති විරොධිත් නෑ. 1600ට බොරු කොටන එකෙත් සීමාවක් තියාගනින් බන්.

      Delete
    3. ithin oi methana maraganne mokada, mahinda kiyapan oka gihin allus 1ke unta kiyanna kiyalaaa.. boruwata parlimenthuwe renne nathuwa

      Delete
    4. පොඩි බයියා තාම ඉගෙන ගෙන නැහැ. ඉගෙන ගෙන වරෙන්. මෙන්න ශ්‍යාමන් ලියපු දේ.

      කාලකන්නි ගොං බයියනේ (බයියා = ගොඩයා, නූගතා) ලංකාවෙ නීතිය තමයි, අල්ලස් කොමිසම, පොලීසිය, නෙවෙයි, ගමේ ග්‍රාම සේවක එන්න කිවුවත් හිටපු ජනාධිපති යන්න ඕන ප්‍රකාෂයක් දෙන්න. ඒක තමයි රටේ නීතිය. ලංකාවේ නීතිය අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන මොහොතක රජය යටතට ගැනෙන කිසිම තනතුරක් සම්බන්ධයෙන් පත් කිරීම්, අස් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් සිදු කරන්න බැහැ. ඒක නීති විරෝධීයි. සෞඛ්‍ය ඇමතිකම කියන්නෙත් රජයෙන් වැටුප් ගෙවන තනතුරක්. එතකොට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන මොහොතක හිටපු ජනාධිපති තිස්ස අත්තනායකව සෞඛ්‍ය ඇමතිකමට පත් කිරීමෙන් චේතනාන්විතවම රටේ නීතිය උල්ලංඝණය කරලා තියෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපතිට ලබා දීලා තියෙන මුක්තිය යටතේ මිනී මරන්න, ගෑනු දූෂණය කරන්න, හොරකම් කරන්න හෝ රටේ ව්‍යාවස්ථාපිත නීතිය උල්ලංඝණය කරන්න බැහැ. ඒ නිසා තමයි චන්ද්‍රිකා ජනාධිපතිනියගෙ කාලේ පොදු කටයුත්තකට රජයට පවරා ගත් වෝටර්ස් එජ් ඉඩම පුද්ගලයෙකුට පැවරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාට එරෙහිව විමර්ෂණයක් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළේ. අදාල නඩුවෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා වැරදිකාරිය වුණා විතරක් නෙවෙයි අදාල ඉඩම ආපසු රජයට පවරා ගන්නත් නියෝග කළා. ශ්‍රේෂ්ටාධිකරණය හිටපු ජනාධිපති චන්ද්‍රිකාට රුපියල් ලක්ෂ 10 ක දඩයකුත් නියම කළා. ඒ නිසා මහින්ද වරදක් කරලා තියෙනවා නම් ඔහුටත් ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ගොං බයියනේ දැන්වත් පොතක් පතක් කියවලා යමක්කමක් ඉගෙනගෙන ඔය ගොං කම් අතඇරලා පුරවැසියො වෙන්න බලපල්ලා. පාර්ලිමෙන්තුව හරක් ගාලක් කියලා හිතාගෙන අර ඒකෙ ලැගලා ඉන්න උඹලගෙ අට පාස් නැති මී හරක් ටික ආපහු ගාල්වලට දක්කපල්ලා.

      Delete
    5. +++++++++++++++++++++++++++++++++++

      Delete
    6. බයියා = ගමෙ මිනිහා. ටොයියා = බටහිර ගැත්තා, සින්හල බෞද්ධ විරොධියා.
      මොකාද බන් ඔය ශ්‍යාමන් කියන්නෙ? යන්තන් A/L පාස් වෙලා, නැති උගත් කමක් පෙන්නන්න සින්හල කමට වයිර කරන NGO පෙරෙතයෙක්ද? ටොයියො ඔක්කොම බාගෙට උගත්තු. මෙ රටට වැඩක් කරන නියම උගත්තු 90% ගමෙන් ආපු බයියො තමයි. ඔය ශර්මන්ට කියලා දීපන් මැතිවරනයක් අතර රාජ්ය පත් කිරීමක් අවලන්ගු කරන්න පුලුවන් මැතිවරන කොමසාරිස්ට විතරයි. ඒකත් චන්දෙ ඉවර වෙලා බෑ. ගොන් පොයියො කියන විදියට රටෙ මැතිවරනයක් අතරතුර හමුදාපතිදූරය වගෙ එකක් හිස් උනොත් මොකද කරන්නෙ? චන්දෙ ඉවර වෙනකන් ඉන්නවද?

      Delete
  5. පැරෝ... පොර ටෝක් දෙන්න කලින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන ටිකක් කියවලා බැලුවොත් නරකද?

    පාර්ලිමේන්තුව යනු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ගේ නිවහනයි... එහි ඔවුන් හට ඔනෑම වෙලාවක සිටිය හැකිය.... මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටීම අයතා ජන රාශියක් නොවෙයි...

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ පැරාලාගෙ පාර්ශවය පාරවල් වහගෙන හො බස් ගිනි තියලා, මිනිස්සු මරලා මොක කරත් ඒක ප්‍රජාත්‍රන්තවාදෙ. අනිත් පාර්ශවය ප්‍රජාත්‍රන්තවාදී අයිතියක් ඉල්ලුවත් ඒක අයුතු ජනරාශිය. ඊලග සින්හල සන්හාරයට ලෑස්ති වීමක් මෙ පැරාලා කරන්නෙ.

      Delete
    2. මහින්දව ආරක්ෂා කරන්න කියලා කථානායකගෙන් ඉල්ලන්නේ මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ද ?එකත් මරු පාර්ලිමේන්තු සම්ප්‍රදාය.

      Delete
    3. Sa rasaApril 20, 2015 at 10:55 PM

      ඔයාගේ දරුවන්ට ඔයාගේ ගෙදර සාලේ මැද්දේ ඕනෙම වෙලාවක රෙන්න පුලුවන්ද? රීලා ඇඟේ ගාගෙන ඔයාගේ ඇඟේත ගාන්න පුලුවන්ද? ඔයත් නෝනත් සම්භෝගයේ යෙදෙන්නේ ඉස්තොප්පුවේද? ඒවා දැක්කම අසල්වැසියෝ නොදැක්කා වගේ සිටිය යුතුද? ඔයා වැඩට යන්නේ හෙලුවෙන්ද? එතකොට ඔයාගේ කුයියා බල්ලෙක් කඩාගත්තොත් වැරැද්ද බල්ලාගේද? තව ප්‍රශ්න ඕනෙද?

      Delete
    4. Sa rasaApril 20, 2015 at 10:55 PM

      පාර්ලිමේන්තුවේ ඉන්න එක නෙමේ ප්‍රශ්නය. ඔවුන් පාර්ලිමේන්තුවේ බිම ඉඳගන්නේ මොකක් වෙනුවෙන් ද කියන එකයි ප්‍රශ්නය. එයයි මේ සටහනෙන් ප්‍රශ්න කෙරෙන්නේ

      Delete
  6. මොකක් ගැනද දැන් ඔය චෝදනාව තියෙන්නේ? මම නම් හිතන්නේ නෑ තිස්සට ඇමතිකමක් දුන්න එක ගැන හොයන්න කියලා. අනිවා මෙගා ඩීල් වංචාවක් වෙන්න ඇති

    ReplyDelete
  7. පාර්ලිමේන්තුවේ බයිය බබාලා නලවන ගීතය

    උඹෙ අප්පා කොතැන ගියේ
    ඡන්දෙන් පැරදී ගෙදර ගියේ
    කිරි මුට්ටිය බිඳී ගියේ
    බිල්ලන් අල්ලන් ගියා පුතේ

    බයි බයි බයි බයිය බබෝ
    චූ කරලා නිදියන්න බබෝ

    ReplyDelete
    Replies
    1. ලක්ෂ 58 ක් බයියන් සිටීමට හේතුව දන්නවාද
      බිළිදුන් නිදිකරවීමේදී මවුවරු බයි බයි බයි බයිය බබෝ කියා නැළවිලි ගී ගයයි.එය යටිසිතට කා වැදෙයි. එම දරුවන් ලොකු වී බයියන් වීම පුදුමයක්ද
      අවරෝධනය වූ අය පොයියෝ බවට පත් වෙති

      Delete
  8. අල්ලස් දෙපාර්තමේන්තුව මහින්ද අතේය. මේ වෙලාවේ ඇමති කමක් දුන්න දේ ගැන විමෂණයට වඩා අනන්තවත් දුෂණ ගැන විමෂණය කල හැක. පළමුව ඇමති කම දුන්නු කෙනාට වඩා ගත්තු කෙනා ගැන විමර්ශන කල යුතුය. මහින්දගේ අවශ්‍යතාවය පාර්ලිමේන්තුව අස්ථාවර කර ඉදිරියට එන සංශෝධන නවතා ලීම හෝ පමා කිරීමය. අල්ලස් කොමිසම මහින්ද කියන ආකාරයට නටයි.

    ReplyDelete
    Replies
    1. හය්යෝ සිංහල වලට න,ණ දෙකයි නේ තියෙන්නේ, වැඩිපුර තිබ්බනං ...

      Delete
  9. මේවා රට්ටු හිනසන වැඩ පැරා.. ඇත්තටම මළ විකාර. මීට වඩා දරුණු කේස් තියෙද්දි මේ හිඟන වැඩකට ප්‍රශ්ණ කරන්න ඒන්න කියන එක ඇත්තටම විහිළුවක්. මොකා කලත් මේවා නම් අමු ගොන් වැඩ..

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් නම් කවුරු හරි පැමිණිල්ලක් කළහම අල්ලස් කොමිසම ඒක විභාග කළ යුතුයි. හිඟන වැඩද නැද්ද කියලා ප්‍රශ්න කරන්න බලයක් අල්ලස් කොමිසමට නැහැ. තිබිය යුතුත් නැහැ.

      Delete
    2. මාතා That is the point

      "මීට වඩා දරුණු කේස් තියෙද්දි මේ හිඟන වැඩකට ප්‍රශ්ණ කරන්න ඒන්න කියන එක ඇත්තටම විහිළුවක්."
      මේකට තමයි කියන්නේ හොරුන් එක්ක හෙළුවෙන් කියල!

      MY3 රජය බයයි මාරට විරුද්දව චෝදනා ඉදිරිපත් කර හිරේ යවන්න මොකද ඉදිරි චන්දයේදී පරදී කියන හැගීම නිසා මුන් දන්නවා මේ රටේ බහුතරයක් "ගෝත්‍රිකයෝ " නිසා සිංහල චන්ද අඩුවෙයි කියල.

      Delete
    3. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වෙනිදා ප්‍රශ්න කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට කැඳවීම පැහැදිලිවම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව හදුනා ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.

      ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාව අමාත්‍ය ධූරයකට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොමිසමට කැඳවීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කොමිසමේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිදුකර ඇති බව මේ වන විට හෙලිදරව් වී තිබේ.

      ඔවුන් මෙසේ ක්‍රියාකිරීම තුලින් කුමන්ත්‍රණය කර ඇත්තේ මේවන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව රුපියල් බිලියන 5 ක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින විමර්ශණ දියාරු තත්වයකට පත්කිරීමයි. මෙවැනි විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දේශීයව හා ජාත්‍යන්තරව සිදු කෙරෙන විමර්ශණ අඩපන කිරීම මෙම නිලධාරීන්ගේ අරමුණ බැව් හඳුනාගෙන ඇත.

      මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිරව ප්‍රකාශ කොට ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් රජය මැදිහත් නොවන බවයි. අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය අගමැති බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ සමීපතම මිතුරියක් බවට හිටපු ජනාධිපතිගේ සැබෑ මාධ්‍ය ප්‍රකාශකයා වන විමල් වීරවංශගේ චෝදනාව එක හෙලා ප්‍රතික්ෂේප කර ඇති අගමැතිවරයා පුද්ගලික හිතවත්කම් මත කටයුතු සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ බව සඳහන් කොට ඇත. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන්ට අධිකරණය හරහා ක්‍රියාකළ හැකි බව ප්‍රකාශ කර ඇති අතර අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පත්කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බවයි.

      ඒ අනුව බලන කල මෙම කැඳවීම සිදුකෙරෙමින් පවතින මහාපරිමාණ මූල්‍ය වංචාව යටපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සිදුකළ කුමන්ත්‍රණයක් බව පැහැදිලි ලෙසම පෙනී යන බව අප වෙත කරුණු හෙලිකළ අග්‍රමාත්‍ය කාර්යාලයේ නිලධාරියා සඳහන් කර සිටියේය.
      -LNW

      Delete
    4. @Uditha MeeghathennaApril 21, 2015 at 1:06 PM
      ඇත්තට ... අනේ හරි සෝක් සුරංගනා කථාව. ඉතින් ඊට පස්සේ උදිත කුමාරයා ලම්බෝගිනියෙන් බැහැල රත්තරං අස්සයා පිටේ ගිහිල්ල පෞද්ගලික චොපර් එකෙන් දිවිය ලෝකේ ගිහිල්ල ආවලු. එන ගමං බිලියන 10 කට ගත්ත කඩල ගොට්ට ම ඉවර කරාලු. මේ කරුණු අප වෙත හෙලිකරේ දිවියලෝකේ සම්බන්ධිකාරක නිලදාරී මහතා විසිනි .. අලේ හලි ආතල්....

      -AK47

      Delete
    5. ///ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොමිසමට කැඳවීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කොමිසමේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිදුකර ඇති බව මේ වන විට හෙලිදරව් වී තිබේ.///

      Ponzy පාලනේ පහඳන් ට ආන්ඩු කිරීම ගැන මෙලෝ දෙයක් නොදන්න පාටය... තාම මහින්ද මාමාගේ උදවිය්ස් සැලකිය යුතු තැන් වල සිට ගවපාලනේ ට පුන්නක්කු කවනා බව පෙනේ....

      Delete
    6. අනේ පලයන් මෝඩ උදිතයෝ යන්න. මුලින් ජනදිපටි හීන් සීරුවේ දිරා මාරු උනා මම දන්නේ නෑ අගමැති තමයි කරේ කියල. ඊට පස්සේ අගමැති කාර්යාලෙන් කියනවා අපි දන්නේ නෑ මහින්දගේ හෙන්චයියෝ කරේ කියල. බලන් යන කොට රනිල් ගෙයි මයිත්‍රී ගෙයි අමුඩ වල රීලා තියෙන්නේ මහින්ද.

      Delete
    7. මෙහෙමයි උදිත, ඔය ලංකා නිව්ස් වෙබ් වගේ ආතක් පාතක් නැති එව්වයෙ දාන්නෙ ටොම් පච. ඉස්සර මරාගෙ කාලෙ නයිටීඇන් එක පරාදයි. රනිල් කියන්නෙ ඔය කියන තරම් දුර්වල නායකයෙක් නෙමෙයි. යකෝ ඉතිහාසෙ පලමු වතාවට විපක්සෙ උන්ට ඕනෙ විදිහට ආණ්ඩුව වැඩකරන්නෙ. දැන් ටෙනියලට බන්දුලට දාන්න ජෝක් නැති වෙවි. හිකිස් !

      Delete
  10. මහ කොටියා මරපු දවසෙ ඉදන් රනිල්ටයි, ngo නඩෙටයි, බටහිරටයි, මාක්ස්වාදී හිගන්නො සෙට් එකටයි නින්ද ගියෙ නෑ මහින්දගෙන් පලිගන්නකම්.

    ReplyDelete
  11. මේ සේරම කඩාකප්ප්ලකාරී වැඩ. මේ අයගේ වැඩවලට බයේ යහපාලනය අඩපන කරන්න දෙන්න බෑ. මේ ජාතිවාදී සම්ප්‍රදායික හනමිටි දේශපාලනේ ඉවර කරලම දාන්න ඕනේ. එතකොට පුරුෂාධිපත්‍යත් එතනින්ම ඉවර කරන්න පුළුවන්

    ReplyDelete
  12. පැරෝ.... දැන් ඉතින් හෙමින් සීරුවෙ මහින්ද මහත්තයා හදපු අදිවේගෙ මැදමුලන ගිහින් තේකක් කාරිය බීලා කතා බහ කරලා අහන දෙයක් අහලා දැනගෙනෙ එන එකනේ තියන්නේ............

    ReplyDelete
    Replies
    1. ඔය පාර හැදුවෙ මහින්ද මහත්තයා කියල හිතන්න තරම් මැටි මෝල්ලු ඉන්න රටක ජනතාවට ඉතින් අබ සරණම තමයි

      Delete
    2. // දැන් ඉතින් හෙමින් සීරුවෙ මහින්ද මහත්තයා හදපු අදිවේගෙ මැදමුලන ගිහින් //
      දැන් එතකොට ඔය අදිවේගෙ හැදුවෙ මහ බයියගෙ පෞද්ගලික මුදලින් (අර ගුවන් සේවිකාවට ලක්ෂ 3 ක සුළු පඩියක් ගෙව්ව වගේ) වෙන්ටැ?

      //මැදමුලන ගිහින් තේකක් කාරිය බීලා කතා බහ කරලා අහන දෙයක් අහලා//
      තමුං වගේ අං ආපු බයියො කරන මරිමෝඩකම් හැම මිනිහම කරන්න ඕනැද බං?
      බොලානං ඉතිං මැදමුලන වලව්වට වෙලා ෆුල්ටයිම් පක්කලි වැඩ කරන ගමං ඉඳලා හිටලා බ්ලොග්වලට ගොඩවැදිලා ගොං කතා එහෙමත් කියනවා නේහ්?

      Delete
    3. අදි වේග මාර්ග හැදුවා තමා , කටුනායක ඉඳලා පෑලියගොඩට විනාඩි විස්සයි , කැළණි පාලමෙන් එගොඩ වෙන්න විනාඩි විස්සයි , බයියන්ගේ වැඩ මෙහෙම තමා , මත්තල ගුවන් තොටුපල, හම්මබ්තොට වරාය , නෙලුම් කුලුන හදන වෙලේ කැළණි ගඟට පාලමක් හැදුවානම් මොකද වෙන්නේ , බයියාගේ නෙලුම් කුලුන ගලවලා කැළණි ගඟට ඒ දණ්ඩක් වෙනුවට දැම්මානම් හොඳයි .

      Delete
  13. නායකයා යනු පොදු අරමුණකට පුරවැසියන් යොමුකරන්නා මිස ශාන්තුවරයෙක් නොවේ.

    කවදා පායන්ද අප දිනිසුරාණෝ...
    රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
    මුඩුබිමකට සරිලන ජල කඳාණෝ...
    සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...

    කවදා පායත්ද අප පුන්සඳාණෝ...
    පරහිත පිණිස දළ දන්දෙන ඇතාණෝ...
    නිදුකින් ඉන්ට මඟ සළසන වෙදාණෝ...
    මුසා බසින් අප නොපෙළන රජාණෝ...

    කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
    ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ...
    අප සමබිමක රඳවන සොහොයුරාණෝ...
    රජෙකැයි අපට නොසිතෙන මහරජාණෝ..."

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා