රාජපක්ෂ පවුලේ ශ්‍රීලංකට් ගුවන් සේවය

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සිදු වී තිබෙන දූෂණ, වංචා හා ලිංගික අපචාර රාජපක්ෂ පවුලේ මජරකමේ තරම සංකේතවත් කරයි.

අදාළ පරීක්ෂණ වාර්තාව විසින් ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ හා එහි ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ ක්‍රියා හෙළිදරව් කරමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපති 'ආර්යා' ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ 67 හැවිරිදි ජ්‍යේෂ්ඨ පුරවැසියා ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කර තිබෙන්නේ අන්ත:පුරයක් ලෙස බව වාර්තා වේ. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ද ඉතා පහළ මට්ටමක ඒවා ය.

ගුවන් තොටුපළ සමීපයේ ජීවත් විය යුතු බව කියා ඔහු විසින් කුලියට ගන්නා ලද සුවපහසු නිවාස දෙකක් ඔහු විසින් පරිහරණය කර තිබෙන්නේ කාම සම්භෝගය සඳහා බව වාර්තා වේ. කල්බදු පහසුකම් මත සුඛෝ‍පභෝගී වාහන දෙකක් මිළ දී ගැනීම සඳහා නිශාන්ත හා කපිල චන්ද්‍රසේන වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බව පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ.

ගුවන් සේවිකාවන් තෝරාගැනීමේ කටයුතු පෞද්ගලිකව ම මෙහෙයවා තිබෙන්නේ මේ මහල්ලා ය. ඒ හා සම්බන්ධ කාර්යයන්හිදී ඔහු ලිංගික අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ.

විවිධ රටවල ශ්‍රීලංකන් කාර්යාලවල පාක් කර තිබූ ඔහුගේ 'යානා' බලන්නට මේ මහල්ලා නිතර නිතර මහජන මුදලින් ගුවන් ගමන් ගොස් තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් බැහැර වෙනත් 'සේවාවන්' සඳහා යොදවා ගන්නා ලද ගුවන් සේවිකාවන්ට ගුවන් යානා සේවය වෙනුවෙන් වන දීමනා පවා ගෙවා තිබේ.

එක් ගුවන් සේවිකාවක් 'සේවය' කර තිබෙන්නේ නාමල් රාජපක්ෂටයි. ඇයට ශ්‍රීලංකන් ආයතනයට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ද වැටුප් හා දීමනා ගෙවා තිබේ. ඇය අනුයුක්ත කර තිබෙන්නේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ඉල්ලීමක් පරිදි ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු වන, වරක් එක්සත් ජනපදය විසින් ක්‍රෙඩිට් කාඩ් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ද ගන්නා ලද කපිල චන්ද්‍රසේන පසුගිය සමයේදී යාත්‍රාංගනයක් ද සහිත සුඛෝපභෝගී නිවසක් ඕස්ට්‍රේලියාවෙන් මිළ දී ගත් බව වාර්තා විය.

මේ අතර ඔවුන් විසින් කළමනාකරණය කරන ලද ශ්‍රීලංකන් ගුවන් සේවය ණය බරින් කඩාවැටෙන්නට ඔන්න මෙන්න තත්වයක ඇති බව ද වාර්තා වේ. ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගුවන් යානා මිළ දී ගැනීමේදී ද දැවැන්ත වංචා සිදු වී ඇති බව වාර්තා වේ.

පරීක්ෂණ පැවැත්වූ ජේ.සී. වැලිඅමුණ කමිටුව විසින් මෙම දෙපළට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදු කර නඩු පැවරිය යුතු බව නිර්දේශ කරයි.

සම්පූර්ණ වාර්තාව හෙළිදරව් කළ යුතු ය.





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    මේ වැඩේනම් පිළිකුල් සහගතයි හරිහමන් ක්‍රමයක් නැතිවුනහම දෙසපලන්යයන් ඔහොම හැසිරෙනවා.

    පැරා ටිකක් හිතන්න මෙවැනි ලිපියක ගුවන් සේවිකාවන්ගේ මුනුනු මේ මහල්ලා සමග දැමීමෙන්, මේ ළමයි ලෝකයට මුහුණ දෙන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස නිවැරදියි. අපි එම පිංතූර ඉවත් කළා. අනාගතයේවත් ලැජ්ජා බව ඇති ළමයි මෙවැනි සල්ලාල චෞරයන් සමග ඡායාරූපවලට පෙනී නො සිටිය යුතුයි.

      Delete
    2. ඉවත් කිරීම හොදයි! මෙ ළමයි කරන්නේ රස්සාවක්. රටේ නිවැරදි පාලන ක්‍රමයක් නැති සෑම විටම තැලෙන්නේ බලයක් නැති අහිංසක මිනිසුනුයි.
      (මේ මිනිහ සමග පින්තුරයකට සිටීමට නිලදාරීන් අණ කලවිට රස්සාවට ඇති ආදරය නිසා මෙවැනි පින්තුරවලට පෙනීසිටීමට සිදුවේ )

      රටේ මෙවැනි දුෂණ සිදුවීමට නැවත නැවතත් ඉඩ දීමෙන් සිදුවන්නේ රට හිගමනට වැටීමයි, පුදුමය නම් මහජනතාවට මෙපිලිබද සංවේගයක් නැති වීමයි

      Delete
    3. චතූෂ තුෂර කුමාරගේ උපදෙස් අනුව මුහුදු වැලි පුරෝලා.
      https://www.facebook.com/SinhalaBuddhists1/photos/a.790117121061680.1073741828.790109741062418/852917474781644/?type=1

      Delete
    4. චතුෂ තුෂර කුමාරද දැන් රාජපක්ෂගේ රාජකීය දෛවඥයා? රාජපක්ෂ පව්.

      Delete
  2. වැලිඅමුන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් එකෙ ලොක්ක වෙලා ඉන්න ගමන් ම ඔය වගේ ලුහුඬු වාර්තා හදන්න බාර ගන්න එක හොරු ඇල්ලීමේ අලුත් ම විදියද මෙයා?

    ඒ වඩේට වැලිඅමුනට කෝටි විසිතුනක් දුන්න කියලා ඔය වෙබ් සයිට් ව්ල තියෙන්නේ....

    අනික වැලිඅමුන ගේ වාර්තාවෙ තියෙන්නේ ඒ ගැන අපරාද පරීක්ශන කරන්න කියලා රෙකමදාරු කල එක නේ...


    කොහොමටත් ඔය වැනි දේවල් ගැන ක්‍රියා කරන්න බලය තියෙන්නෙ පොලිසියට විතරයි නේ...

    ඔය කෝටි විසිතුන වියදම් නොකර කෙලින් ම පොලිසියෙ අපරාද පරීක්ශන කාර්යාලෙට පැමිනිලි කරා නම් සල්ලි ඉතිරි වෙනව නේ...

    නරකද පැරාටත් ඔය රුපියල් විසිතුනක් වත් දුන්නොත් යහපාලන රෙදි අපුල්ලනවට....

    ReplyDelete
  3. සම්පුර්ණ වාර්තාව ඉදිරිපත් කිරීම මෙදා කපේ වෙන්නෙ නැහැ. අනිත් බොහො දේ වගෙ මාධ්ය සන්දර්ශනයක්

    ReplyDelete
  4. මෙතන එක් දෙයක් නිවැරදි විය යුතුයි...
    කපිල චන්ද්‍රසේන නම් පුද්ගලයා කරලියට ගෙන ආවේ සහ ඔහු මහින්ද රාජපක්‍ෂගේ සමීපතමයෙකු බව අනෙකුත් අයට පෙන්වමින් (ඇත්තෙන්ම ඔහු එසේ නොවීය) ඔහුව ආරක්‍ෂා කරන ලද්දේත්, ඔහුට තවතවත් චංචා සිදුකිරීමට අනුබල දෙන ලද්දේත්, මුදල් අමාත්‍යාංශයේ කුප්‍රකට ලේකම් පී. බී. ජයසුන්දර විසිනි....
    මේවා සත්‍ය බව තහවුරු කරන සාධක, මුදල් අමාත්‍යාංශයේ මේ ආයතන සම්බන්ධව ඇති ලිපිගොනු පරික්‍ෂා කර බැලුවහොත් සොයාගත හැක.......

    ReplyDelete
  5. ඔය ශ්‍රී ලංකන් එකේ ගුවන් යානා ශිල්පීන් පුල්හුනු කිරීමේ අවු.2 පාඨමාලාවට (ග්‍රවුන්ඩ් ස්කූල්) රු. ලක්ෂ 17 ගන්නව... මීට අවු. 5-6 කලින් ගනන ලක්ෂ 10 අඩුයි..

    ReplyDelete
  6. අනිත් හොරු කට්ටියට කෙසේ වෙතත් මහින්දගේ මස්සිනා හින්ද මෙයාටවත් දඬුවමක් දෙමුද? නැත්නම් මේ චෝදනා තොරොම්බල් කර කර ඉඳල අමතක කරලා දාමුද?

    ටොයියෝ මොකද කියන්නේ?

    ReplyDelete
  7. නිශාන්ත වික්‍රමසිංහගේ ගල්කිස්සේ ගෙදරට හොරෙක් පැන්න සිදුවීම මතකද?ඒ නිවසින් සොරා ගත් භාන්ඩ අතරේ ඉතා මිල අධික ඔරලෝසුවක් සහා විදේශ මුදල් විශාල ප්‍රමණයක් තිබු බවට මාධ්‍ය වාර්තා කොට තිබුණා.ඒ සොරාව පොලිසිය අත්අඩංගුවට ගත්තත් නිශාන්ත වික්‍රමසිංහ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම මත වැඩිදුර පරීක්ෂණ සිදු වුනේ නැහැ.සමහරවිට මේ පරීක්ෂණ දිගටම සිදු වුනා නම් නිශාන්ත වික්‍රමසිංහගේ සොරකම් මීට කලින් හෙළිදරව් වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒ හොරා ඊට පස්සේ මංගලගේ ගෙදෙට්ට පැන්න නේද?

      Delete
    2. එයාව (හොරාව) විධායක තනතුරකට තොරාපත්කරන්න ඇති, ඔය වගේ සුදුසුකම් තියන අය ඉන්නේ පාර්ලිමේන්තුවේ විතරක් නිසා විධායක තනතුරු වල පුරප්පාඩු ගොඩයි.

      Delete
  8. විදුහලේ රාජකාරි වලදී සමහර විට පැරාටත් අකමැත්තෙන් හෝ ඔයවගේ හොරු සල්ලාලයො උන මැති ඇමති වරු එක්ක ජායාරුප වලට පෙනී ඉන්න වෙච්ච අවස්තා ඇති.

    ReplyDelete
  9. http://www.w3lanka.com/2012/06/blog-post_25.html

    ReplyDelete
  10. මෙවන් කාළකන්නීන් පිරිසක් ගෙදර යැවීම ගැන ජනතාව ලෙස අපට සතුටු විය හැක...

    ReplyDelete
  11. සවුදන් ජෙමා From polonnruwaApril 7, 2015 at 9:35 PM

    ඔන්න ආයිමත් චුයින්ගම් බෝලයක් ලැබිලා....... දැන් ඉතිං සති කීපයක්ම හප හපා ඉඳියි. හපලා හපලා ලාටු ටික කාගේ හරි පු..... අලෝලා ආයිත් මාතෘකාවක් අරන් හපන්න පටන් ගනී. ඕකට තමයි යහපාලනය කියන්නේ.

    ReplyDelete
  12. අද කවුරුවත් පැරාට දිනමිණ දෙන්න කතා කරන්නෙ නැත්තෙ මොකෝ?

    ReplyDelete
  13. දූශන වංචාවල් වෙනුවෙන් කිසිදු දේශපාලකයෙක් හිරේ නොයන සංස්කෘතිය වෙනස් වෙනකන් මේ ඔක්කොම විහිලු වගේ. දැන් අනිත් පැත්තෙ උන්ට තියෙන්න මහ බැංකුව අල්ලන් කැගහන්න..

    බටලන්ද වැඩෙ ඇත්ත නම් රනිල් හිරේ යන්න ඔනේ.. එහෙම වෙන්න කාටවත් ඔනෙ නැහැ, ඒක එන්නෙ චන්දෙ කාලෙට විතරයි. පැරාත් මෙහි පෙන්නා දෙන පරිදි මහිංදගෙ වැඩ වුනත් පාවිච්චි වෙන්න යන්නෙ චන්දෙකදි තුරුම්පු හැටියට විතරයි.

    පුදුම වැඩෙ කියන්නෙ මේ ආංඩුවට එකක් වත් උසාවි ගෙනියන්න් තරම් හයියක් නැද්ද? සාක්කි නැද්ද? දැන් අර පඩ ශෝ දාදා ඇවිදින රංජාට වත් බැරිද උසාවියකට ගිහින් මොකවත් කරන්න?

    අපිට තියෙන්නෙ වික්ටර් අයිවන්ගෙ පොත් කියවලා..අම්මො මෙහෙමත් වැඩ කියල ආතල් ගන්න එක විතරද?

    ReplyDelete
  14. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.

    හොරු අල්ලන එකත් ඒ වගේ.........

    ReplyDelete
  15. Where is the act? Publishing these won't help anyone? Why couldn't they catch anyone yet? This is totally a joke since the culprits are only there in websites!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා