දැන් විධායක ජනාධිපතිවරු ගණන වැඩියි - මහින්ද කියයි

මහින්ද නුවරඑළියේ වත්මන් ආණ්ඩුවේ ඇමති සී.බී. රත්නායක සමග (ඡායාරූපය - දි අයිලන්ඩ්)
මහින්ද රාජපක්ෂට තදබල අමතක වීමේ රෝගයක් තිබේ. විශේෂයෙන් ම තමන්ගේ පාලන කාලයේ පැවති දුර්දාන්තබව අමතක වී ඇති බවක් ඔහු පෙන්වයි. ඔහුගේ පාලනයේ ගුණ වර්ණනා කිරීමට බුද්ධිමත් මිනිසකු සොයා ගැනීමට බැරි නිසා දැන් ඒ වර්ණනා ඉදිරිපත් කරන්නේ ඔහු ම ය. 

ඊයේ ගාල්ලේ පන්සලක පැවති උත්සවයකදී ඔහු පැවසූ දේ අද දි අයිලන්ඩ් මුල් පුවතේ දුටුවෙමි. 

ඔහුගේ කාලයේ කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව වැඩි බවත් දැන් විධායක ජනාධිපතිවරුන් ගණන වැඩි බවත් ඔහු පවසයි. ඔහුගේ කාලයේ කෙතරම් කැබිනට් ඇමතිවරුන් සිටියත් රටේ ප්‍රධාන අමාත්‍යාංශ සියල්ල තිබුණේ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු අතේ ය. කිසිදු වැඩක් පැවරී නො තිබුණු ඇමතිවරුත් සිටිය හ. ඔවුන්ට දී තිබුණේ ඇමති තනතුරුවලට ලැබෙන භෞතික වරප්‍රසාද වූ වාහන, ඉන්ධන, කාර්ය මණ්ඩල ආදිය භුක්ති විඳින්නට ය. 

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එජාපයේ ඔඩොක්කුවට වැටෙනවා දකින්නට තමන් අකැමැති යයි කියන ඔහු සිරිමා බණ්ඩාරනායක පක්ෂයේ නායකත්වය දැරූ සමයේ අනුර බණ්ඩාරනායක සමග නැටූ නාඩගම් හා 2001දී එජාපයට එක් වීමට එස්. බී. දිසානායක ඇතුළු පිරිසට දුන් කඩ වූ පොරොන්දු සිහිපත් කර ගන්නවා නම් මැනැවි ය. එජාපයෙන් මන්ත්‍රීවරුන් බිලී බා ගනිමින් ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයන් පසුපසට තල්ලු කර දැමූ ආකාරය ද අමතක නැත. 

විල්පත්තු කැළෑවේ ඔහු දුටු බව කියන ආරක්ෂක තර්ජන යයි කියන දේ ආරම්භ කළේ ඔහුගේ කැබිනට් ඇමතිවරයකු බව ද ඔහුට අමතක ය. 

බැසිල් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කැබිනට් අනුමැතිය ලැබුණු ගෙවීම් වගයක් කළ නිසා යයි ඔහු කියයි. එහෙත්, කැබිනට් අනුමැතිය ලැබුණේ මේවා දිවි නැගුම අරමුදලින් ගෙවන්නට නො වේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගත යුතුව තිබිණි. එසේම, මෙම ගෙවීම් හදිසියේ කළේ ජනාධිපති ඡන්දයේදී ඡන්ද ලබා ගැනීමට අල්ලස් ලෙස ය. එය වනාහි පාරදෘෂ්‍යභාවයෙන් තොර පැහැදිලි වංචාවකි. රාජ්‍ය සේවයේ ඒ ආර්, එෆ් ආර් දන්නා සාමාන්‍ය ලිපිකරුවෝ පවා මේවා දනිති. රුපියල් කෝටි ගණන් මහජන මුදල් සමග සෙල්ලම් කිරීම අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. 

හෙල්පිං හම්බන්තොට සිද්ධියේදී ද වූයේ මෙය ම ය. එනම්, රජයට ලැබුණු අරමුදල් පෞද්ගලික ගිනුම්වලට බැර කර ගැනීමයි. වසර නවයක් ජනාධිපතිකම් කරලාත් මේ සරළ කාරණා ඉගෙන ගන්නට බැරි වීම කණගාටුදායක ය. 

ජනාධිපතිවරණය අතරතුර තිස්ස අත්තනායකට ඇමතිකමක් දීම අල්ලසක් නො වේ නම් අල්ලස් කොමිෂම හමුවට ගොස් තර්ක කළ හැකි ය. ගෝලයන් පාර්ලිමේන්තු ලොබියේ පාපිසි උඩ නිදි කරවා එයින් මගහරින්නට තැත් කිරීම බියගුළු ක්‍රියාවකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැන් නායකයො වැඩියි කියල හාමුදුරුවෝ කියනවා

    ReplyDelete
  2. රජයේ සේවකයින්ට කාර්යක්‍ෂමතා කඩඉමක් තියෙනවා, එයින් එහාට පැන තනතුර ස්ථිර කරඝෙන උසසවීම් යනාදියට සුදුසුකම් ලබන්න නම් විභාගයක් සමත් විය යුතුයි.

    මේ විභාගයේ එක කොටසක් සිංහල/දෙමළ දැනුම. අනෙක් කොටස AR සහ FR ගැන. පාර්ලිමේන්තුවේ මන්තිරිලාටත් ඔය AR/FR විභාග පාස් වීම අනිවාර්ය කළ යුතුයි.

    ඒත්, ඒ AR/FR ගැන හොඳින් දන්නා ලේකම්ලාත් Yes Minister අච්චුවේ වුනාම රටට අබ සරණ පමණයි.

    ReplyDelete
  3. මහින්ද මහතාගේ රෝගය පිළිබඳ. මහා ආචාර්ය මාතලන් විසින් ලියනා ලද සාර ගර්බ වෛද්‍ය විජ්ජාත්මක් ළිපිය පහත සඳහන් ලින්කුව ඔස්සේ ගොස් කියවන්න..

    http://maathalan.blogspot.com/2015/04/23.html

    ReplyDelete
  4. ප්‍රජාතන්ත්‍රවාදය යම් මට්ටමකට ඇති නිසා අද විධායක ජනාධිපතිලා වැඩියි කියන්න පුළුවන් තමයි. ඒ වගේම එතුමාගෙ කාලෙ රාජාන්ඩුවක් තිබුන නිසා ඒ කතාව හරියට හරි.
    කට බොරු කිව්වත් දිව බොරු නොකියයි

    ReplyDelete
  5. දිවයින ,දි අයිලන්ඩ් සහ දෙරණ මහින්ද නැවත ගෙනඒමට වලිකන යහපාලන විරෝධී ව්‍යාපාරයේ නොනිල ප්‍රචාරක මාධ්‍යයන්බව ඕනෑම මෝඩයෙකුට උවත් පැහැදිලි සත්‍යයකි.

    ReplyDelete
  6. විධායක ජනාධිපතිලා හතළිහක් පනහක් විතර ඉන්නවා.

    ඒත් ආර්යාවන් ඉන්නේ දෙන්නයි. (ශිරන්ති හා ජයන්ති)

    මුක්කුද කරනවා? එක ආර්යාවට ජනාධිපතිලා විස්සක් විතර දෙමු. ආර්යාවන් නම් කැමැති වෙයි. මහින්ද ලොක්කාටත් සුමානෙට එක දවසක් විතර ශිරන්ති ආර්යාවගෙ ඇඳට ගොඩ වෙන්න පුළුවන්.

    ReplyDelete
  7. Look who is talking, any one any idea which end he is talking!!! During the corrupt Regime in addition to him did not his immediate and extended families and criminals associated with the family misused Presidential powers!!!

    ReplyDelete
  8. Things are like this, you know why,Mahinda caused mad cow disease.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා