බැසිල් රාජපක්ෂගෙන් පටන් ගෙන අර්ජුන් මහේන්ද්‍රන් දක්වා මුල්‍ය අපරාධ විමර්ශන

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කළේ විශේෂ මුල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයි. ඒ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වී තිබෙන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ය. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 

මිහින් ලංකා ආයතනයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම පියවර ගත්තේ ය. 

ගෝඨාභය රාජපක්ෂ සිය හිතවතුන් පිරිසක් යොදවා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම ඉදිරිපිට නීති විරෝධී විරෝධතා සංදර්ශනයක් පැවැත්වූයේ ය. පොලිසියෙන් ගුටි කන්නට බලාගෙන කළ මෙම සංදර්ශනයට ඉඩ දී පොලිසිය බලා සිටියේ ය. කරපු විරෝධතාවේ හැටියට ගෝඨාභය විමර්ශනය ප්‍රතික්ෂේප කළ යුතු වුණත්, අවසානයේදී ගෝඨාභය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට ගියේ ය. ගිහින් කීවේ අදාළ චෝදනාව සත් වසකට පෙර සිදු වූ කරුණක් සම්බන්ධ නිසා, තමන්ට එය පිළිබඳ නිසි මතකයක් නැති බැවින් ඒ පිළිබඳ සවිස්තර කටඋත්තරයක් දීමට මාස තුනක් දෙන ලෙසයි. කොමිෂම ප්‍රශ්නයක් මතු නො කර ඔහුට ඒ කාලය දුන්නේ ය. 

වැරදි විමර්ශනය නො කරනු පිණිස අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂමට නො නිසි බලපෑමක් කරනු පිණිස මෙම නීති විරෝධී උද්ඝෝෂණය සංවිධානය කළ ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගෝඨාභය රාජපක්ෂ වැනි අයට එරෙහිව නීතිමය පියවර ගත යුතු ය. 

මේ උද්ඝෝෂකයන්ට දිගට ම වැඩ තිබේ. ඊළඟට එයට එරෙහිව උද්ඝෝෂණය කරන්නට පුළුවන. 

මේ උද්ඝෝෂකයන්ට ඒවාට එන්නට හේතු තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉහළම තැන්වල සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීගෙන් පහළ තලවලටත් විවිධ දූෂණ කටයුතු සඳහා මාර්ග විවර කර දුන් හ. මේ උද්ඝෝෂකයන්ගේ ඉතිහාසය පරීක්ෂා කර බැලුවහොත් එය තහවුරු වේ. 

කෙසේ වෙතත්, තවත් කරුණක් ගැන සඳහන් කළ යුතු ය. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මුල්‍ය අපරාධයක් සිදු වී තිබෙන බව ඒ පිළිබඳ විමර්ශනය කළ විශේෂ කමිටුව පෙන්වා දී තිබේ. විමර්ශනයක අවශ්‍යතාව ද ‍අවධාරණය කර තිබේ. පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාසය දැන් ඒ සිද්ධිය විමර්ශනය කරනවා ද යන්න දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇත. 

කමිටුව සභාපති අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කොට ටෙන්ඩර් කමිටුවට චෝදනා කරයි. එසේ නම් ටෙන්ඩර් කමිටුවට එරෙහිව නීතිමය පියවර ගත යුතු ය. අර්ජුන් මහේන්ද්‍රන් ඇත්තෙන් ම මෙම අපරාධයට සම්බන්ධ වූවා ද නැද්ද යන්න නිසි විමර්ශනයකදී හෙළිදරව් වනු ඇත. අභ්‍යන්තර තොරතුරු ලබාගෙන මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම මෙම ණය ගනුදෙනුවේදී අයථා ලාභ ලබා ගත්තා නම් එම සමාගමට එරෙහිව පියවර ගත යුතු ය. 

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය රජය කෙරෙහි බරපතල අන්දමින් විශ්වාසය කඩ කිරීමට හේතු විය. එයින් ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම අති මහත් ය. මෙම මුල්‍ය අපරාධය ගැන විමර්ශන කඩිනම් කළ යුත්තේ ඒ නිසා ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හොරු ඇල්ලීම වහා නවතනු ! හොරු අල්ලන්ට ඉන්න එවුන්ට විරුද්ධව උද්ඝෝෂණ සඳහා පෙළ ගැසෙනු !! උසාවි සහ කොමිෂන් ඉදිරියේ උද්ඝෝෂණ කිරීමට ද නිදහස ඇත. ලක්ෂ 58 සියලු දෙනාම හෙට සිට උසාවි කොම්ෂන් ඉදිරියට එනු

    ReplyDelete
  2. මතක නෑ කියන්න ඇත්තෙ ඇත්තටම තමයි. ඔය කාලය තුළ සිද්ද වෙච්චි හොරකම් ගණන ගැන බලනකොට කොහොමද මනුස්සයෙක් එකින් එක මතක තියා ගන්නෙ?

    ReplyDelete
  3. උද්ගොශනය කිරීමෙ වරදට මිනිස්සු හිරෙ දාන්න යොජනා කරන ප්‍රජ්‍රාත්‍රන්තවාදියො! අනෙ මෙහමත් වන්චාකාරයො.

    ReplyDelete
    Replies
    1. උද්ෂෝෂණය කිරීමක් නෙවෙයි ඒක උසාවියට අපහාස කිරීමක්. ඒ වගේම රටේ නීතියට අපහාස කිරීමක්.

      Delete
  4. "අර්ජුන් මහේන්ද්‍රන් ඇත්තෙන් ම මෙම අපරාධයට සම්බන්ධ වූවා ද නැද්ද යන්න නිසි විමර්ශනයකදී හෙළිදරව් වනු ඇත"

    රනිල් අර්ජුන්ව බෙරගෙන නැවත තනතුරෙ පිහිටවපු එක දන්නෙ නෑ වගෙ කියනවා නිසි විමර්ශනයකින් අර්ජුන් ගැන හෙලි වෙයිලු. හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නෙ මෙ වගෙ උන්ට තමයි.

    ReplyDelete
  5. අර්ජුන මාමගේ සීන් එකේ සැර බාල කරල වගේ සෑහෙන්න. මහින්දය යකා, ඒකාධිපතියා, බැසිල හොරා, ඔව් අනේ අර්ජුන මාමත් නොටියිලු.

    මේ දවස්වල ලියන විදියට මට නම් පෙන්නේ පැරාත් පන්නින්න වගේ ට්‍රයි එක ආයෙත් මහින්ද අවොත්

    ප.ගෝ.

    ReplyDelete
  6. එකම හොර ගුහාවක්. අපිත් හොරු ද මන්දා ?

    ReplyDelete
  7. අර්ජුන් මහේන්ද්‍රන් කලේ අද ඊයේ, ඊට කළින් මරා ගේ සෙට් එකේ ඒවා හොයල දඬුවම් දීල ඉන්න ඕනේ
    නැත්නම් උන් කරෙත් නැගලයි පස්ස බලන්නේ

    ReplyDelete
    Replies
    1. එ්ක ඇත්ත. අලුතින් හොරකම් කරන කට්ටියට ඒවා කරගන්නා දීලා මුලින්ම පරණ අයට දඩුවම් දෙන්න පටන් ගනිමු. හැබැයි රවි කරුණානායක මැතිතුමාට මූල්‍ය වංචා චෝදනා තියෙන්නේ මරාගේ සැට් එකට කලින් වගේ තමයි මට මතක.

      Delete
    2. රවීට තියෙන්නෙ මහින්දගෙ කාලෙ දාපු බොරු නඩුවක්.

      Delete
    3. නිරංජන්,
      AnonymousApril 24, 2015 at 3:44 PM දාපු කමෙන්ට් එක දැම්මේ මම
      මට බලන්න ඕනේ උනේ මේ වගේ කමෙන්ට් එකකින් ගොබ්බ ටොයියන්ට යන ආතල් එක කොහොමද කියල
      පේනවනේ මේ උඩ කමෙන්ට් එක දාල තියෙන බුරුව කියල තියෙන දේ
      ඉස්සර ජෙප්පෝ මෙහෙම කතාවක් කිව්වා කියල දැන් එකෙකුටවත් මතක නැහැ
      පොඩි ළමයෙකුට හොරෙක්ගේ චිත්‍රයක් අඳින්න කිව්වම මතක් වෙන්නේ රවී ගේ මුණ කියල
      ඌට බොරු චෝදනා ඕනේ නැහැ, මුනෙන්ම පේනවා උගේ හොර ගතිය

      Delete
    4. @ AnonymousApril 24, 2015 at 5:48 PM
      //මුනෙන්ම පේනවා උගේ හොර ගතිය// how about, Mahinda, Gota, Basil, Ranil, My3, and you.

      Delete
  8. අර්ජුන් ට දොස් කියන්න එපා පැරා... ඒය ඔයා වගේ ගමේ බයියෙක් නෙවෙයි... රෝයල් කොල්ලෙක්!

    ReplyDelete
    Replies
    1. ඔයාට රෝයල් යන්න ශිෂ්‍යත්වෙ ලකුණු මදි වුණ එකේ හිතේ අමාරුව තාම ගිහින් ගිහින් නෑ වගේ නේද?

      Delete
    2. අහක්කවෙලා!!

      Delete
  9. මහින්දගෙ කාලේ සමහර නඩු ක්ශනිකව අහල තීන්දුත් දුන්න ඕනතරම්,ඒක ඔය මහින්දට කඩෙයන බබාල නොදන්නවා නොවෙයිනෙ. හැබැයි කොච්චර කල් උනත් රවිට විරුද්ද නඩුව අහල ඉවර කරන්න ඔන කමක් තිබුනෙනෑ.මොකද එක ඔප්පු කරන්නබෑ.ඒනිසා මහින්ද කලේ රවිවබය කරල ආන්ඩුවට ගන්නයි.නමුත් රවි ඒකට අකග උනෙනෑ.ඒකයි කතාව.ඉතින් මහින්දටත් තියෙන්නෙ බයනොවී නීතිය ඉදිරියට යාමයි,නැතිව නාහෙන් අඩන ඒක නොවෙයි.ඒක හිටපු ජනාදිපති කෙනෙකුට ඔබින්නෙනෑ.තව ලොකුවට විදුලි පුටුවක් ගැන කය්යත් ගැහැව්ව,(උක්කුවා-විතාරන්දෙනිය )

    ReplyDelete
  10. ඒ රවිගෙ චිත්‍රෙ ඇදපු ලමයගෙම ඉස්කෝලෙ ලමයෙක් තමයි කියල තියෙන්නෙ, එයානම් හොරෙක් වෙන්නබෑ, එයාට උඩ රැව්ලකුයි,කරේ සාලුවකුයි නැනේ කියල.

    ReplyDelete
  11. මේ උන්නැහේ... අර බස්නායක නිලමේ පත්කළ එක ගැනත් මොනව හරි ලියන්ඩකෝ....

    ReplyDelete
  12. මේ උන්නැහේ... අර බස්නායක නිලමේ පත්කළ එක ගැනත් මොනව හරි ලියන්ඩකෝ....

    ReplyDelete
  13. JATHIKA KODIYA
    Api hitiye udghoshana maanasikathwaye. Hari jaathika kodiyada kiyalaa baluwe nehe-Gammanpila.(BBC Sinhala)
    NGO kaarayo wagayak me kodi genalla. Api danne ne- Alahapperuma (News First)
    Neethiya nodana siteema nigahasata kaaranayak nowana bawa perakadoru Gammanpila dannawaada?
    BBS surathal karanne kawuda kiyalaa Dilan Perera me langadi prasiddiye prakaasha kalabawa Dulles Alahapperuma dannawaada?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා