හෙල්පිං හම්බන්තොට කාලේ සිටම විමර්ශනවලට බය පුත මහින්ද, දුර බලන්න. ළඟ නො බලන්න.

අච්චර, මෙච්චර හිටියා යි කී බොරු කෙසේ වෙතත්, මහින්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලගින්න හිටියේ මෙච්චර ය.  
මහින්ද රාජපක්ෂගේ ගෝලබාලයන් විසින් ඊයේත්, අදත්, පාර්ලිමේන්තුවේ හා ඒ අවට වීදිවල නැටූ නාඩගමින් ඔවුහු නිරුවත් වී සිටිති.

ඔවුන් ඉල්ලා සිටියේ කුමක් ද?

අල්ලස්, දූෂණ, අක්‍රමිකතා ගැන විමර්ශන කරන්නට එපා කියා ය.

යමෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඇත්නම් එය විමර්ශනය කළ යුතු ය. තම නිර්දෝශීභාවය ඔප්පු කිරීමට ඇති හොඳම ආකාරය වන්නේ විමර්ශනයට මුහුණ දීමයි.

බලය යොදා හෝ වංචනික ක්‍රමයකින් විමර්ශනයකින් ගැලවීමෙන් පුද්ගලයෙක් නිදොස් වන්නේ නැත.

එහෙම නම්, සර්පයකු කෑ බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් විමර්ශනය මගහැරිය රෝහිත අබේගුණවර්ධනත් නිදොස් විය යුතු ය.

මහින්ද රාජපක්ෂ හැම විට ම විමර්ශන භීතියකින් පෙළෙයි. සුනාමි සහන අරමුදල් පෞද්ගලික ගිනුම් කීපයකට දමාගෙන කරන්නට ගිය වංචාව බෙල්ල මුලින් ම මාට්ටු වූ අවස්ථාවේත් ඔහු විමර්ශනවලට බියේ සරත් නන්ද සිල්වා මගින් වංගුවක් ගසා ගත්තේ ය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ද විමර්ශනයකට මුහුණ දීමට ඔහු බිය ය.

ඔහු කෑගසමින් කියන්නේ තමන් දෙමළ කැරැලිකරුවන් මරා දමා සිංහලයන්ට රට බේරා දුන් නිසා ඔහු රැක ගත යුතු බව ය.

එක පැත්තකින් මෙය බරපතල අසරණකමකි. එහෙත්, ඔහු ‍සිංහලයන්ගේ ද ඇතුළු සමස්ත රටවැසියන්ගේ ම ධනයට කළ දේ නිසා සිංහලයන්ටවත් ඔහුට අනුකම්පා කළ හැකි ද යන්න ප්‍රශ්නයකි.

ඔහු රට ම දූෂණයේ ගොදුරක් බවට පත් කළේ ය. මහ හොරුන්ට මහා පරිමාණෙන් ද, පොඩි හොරුන්ට සුළු පරිමාණයෙන් ද සොරකම් කරන්නට අවස්ථාව ලබා දී සොරුන් රැක ගත්තේ ය. මේ මහා දූෂණයේ බර දරන්නට සිදු වන්නේ ඔහු සංදර්ශනාත්මක ලෙස වඩා ගන්නා දරුවන්ටයි.

ඔහුගේ ආරක්ෂාව යටතේ සොරකමේ යෙදුණු සොරු අද ඔහු ආරක්ෂා කර ගැනීමට වෙර දරති. ඇත්තෙන් ම ඔවුන් ආරක්ෂා කර ගන්නට හදන්නේ ඔහු ම නො වේ. ඔවුන්ට සඟවා ගන්නට තමන්ගේ ම රහස් ඇත.

මහින්දට හොඳම දෙය වන්නේ නිශ්ශබ්ද විශ්‍රාමයක් ගැන කල්පනා කිරීමයි. රට අස්ථාවර කරන්නට යාමෙන් ඔහු තමන්ව ද අස්ථාවර කර ගනියි. ඔහුට නැවත බලයට එන්නට කිසිදු මාර්ගයක් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉතිරිව නැත. එය සම්මත කර ගන්නට ඉඩ නො දීමෙන් ඔහු හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී වන්නට තිබෙන අවස්ථාවත් නැති කර ගන්නට ඉඩ තිබේ.

පුත මහින්ද, දුර බලන්න. ළඟ නො බලන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නිකන් මෝඩ කතා කියන්න එපා බං පැරා. මහින්දය දූෂකයෙක් වෙන්න ඇති. ඒත් මේ විමර්ශනෙන් මහින්දයට වෙන ලබ්බක් නැහැ කියල තේරෙන්න තරම් උබ තොත්ත බබෙක් ද. රටේ එවෙලේ ඉන්න ජනාධිපති ට චන්දයක් තිබුනත් නැතත් ඇමති කම් දෙන්න නීතියෙන් ඉඩ තියනවා. ඒක සදාචාර විරෝධීද නැද්ද කියන එක අල්ලස් කොමිසමේ රාජකාරියක් නෙවෙයි. එහෙම නම් අල්ලස් කොමිසමට ගෙනියන්න ඕන 19ට චන්ද ගන්න ඕන නිසා ශ්‍රීලංකා මන්ත්‍රීලා ට ඇමති කම් වරදාන දෙනවා කියල එළිපිට කියන ආණ්ඩුවේ ලොක්කෝ. අන්න ඒවා නම් බයි ඩෙෆිනිෂන් අල්ලස්.

    මුලින් ජනාධිපති බේරුනා අගමැති කරපු වැඩක් කියලා. පස්සේ අගමැති කාර්යාලෙන් කියනවා මහින්දය ගේ හෙන්චය්යෝ කරපු වැඩක් කියලා. බලන කොට රනිල් ගේ අමුඩේ රීල තියෙන්නේ මහින්ද. ඒ අස්සේ ටෝය්යෝ වලිග පාගන් තාම කඩේ යනවා.

    තිස්ස අත්තනායකට දුන්නේ මයිත්‍රී ගෙන් පුරප්පාඩු වුනු ඇමති කම. ඕක උනේ කොහොමද කියල රටම හිතුවත් කීයට වත් ඔප්පු කරන්න පුළුවන් චෝදනාවක් නෙවෙයි. පුරප්පාඩු ඇමති කමක් ව්‍යවස්ථාපිත බලතල අනුව සුදුසු කම් තියන කෙනෙක්ට දුන්නා. කලින් ග්‍රාමසේවක කෙනෙක්ට දීල තිබුණු එක උපාධි කාරයෙක්ට දෙන්න බැරි මොකෝ? දැන් ආයේ කියයි ද දන්නේ නෑ නීති ඕන නැහැ කොහොම හරි හිරේ දන්නා ඕන, ලෙඩා මලත් බඩ සුද්දයි කියලා. එහෙම කියන ගොන්නුන්ට කියන්න තියෙන්නේ ශිරානි එලෙව්වෙත් ඒ තියරියෙන්ම තමයි කියලා. එතකොට ඒක නරකයි නේද?

    කොහොමත් මහින්ද ගොඩ යනවා කියල දන්න දේකට ඉදිරිපත් නොවෙන්නේ බයට නෙවෙයි. බලේ පෙන්නන්න. දැන් ටෝය්යෝ එක එකා කට වහ ගන්න හැටි පේනවා නේ?

    මහින්ද අල්ලන්න ඕනේ නෑ අන්න බැසිල් ආවා, ගුවන් තොටුපලේදීම කට උත්තර ගන්න උසාවි නියෝගේකුත් තියනවා නේද? අන්න ගිහිල්ල අල්ල ගනිල්ලා කෝ. එක නෙවෙයි බැසිල් ගේ හොරකම් ගැන දන්න විස්තර චම්පිකට ගිහින් දුන්නද? දුන්න නම් ගිහින් පොඩ්ඩක් මතක් කරන්න මොකද චම්පික දැන් කිසි සද්දයක් නෑ නේද මෙගා ඩීල් ගැන? පොතේ කොපි ඉවරද මන්දා....

    මහින්ද හොරා තමයි එත් මොට්ට මෝල් කතා කියන්න එපා ගොනා උනාට. තොපේ ගොන් කම් දකින එකත් අපුලයි මහින්ද ගේ හොර කම් චන්ඩි කම් දැක්ක වගේම.

    ReplyDelete
    Replies
    1. ඉහල කමෙන්ට් එකේ නූගත් කම පෙරෙනවා. අනිවා ඕක දාන්න ඇත්තේ මාරෙ අන්කල්.

      Delete
    2. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ අවස්ථාවේ ඇති දරුණුම තර්ජනය හොරා කෑ තමන්ගේ ගෝත්‍රික නායකයා ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින මෙම ඉහත කමෙන්ට්කරු මෙන් ඔඩොක්කු කුක්කන්ය.

      Delete
    3. ඔයාගේ වචන අපරාදේ ඇනෝ. පැරාගේ අමුඩෙත් වෙන කවුද රීලා.

      පැරාලා බලාගෙන ඉන්නේ මහින්දයි ගෝටයි හිරේට දානකම්. ගෝටා කොහොම උනත් මහින්ද නම් ඉන්න ඕන හිරේ බව ඇත්ත. ඒත් මේ රටේ බහුතරය මහින්ද කරපු ඔක්කොම වැරදිවලට සමාව දෙනවා යුද්දේ ඉවර කරපු හින්ද. කොච්චරද කියනවනම් යුද්දෙ කරපු ෆොන්සේකාව හිරේ දාලා චන්දෙ පැරදිලා ගෙදර ගිය වෙලාවේ හිටපු මිනිස්සු ප්‍රමාණය බලන්න.

      චන්ද්‍රිකාට ඕන විදියට කෝලම් කරන්න ගිහින් 19 සම්මත කරගන්නත් කරගන්නත් බැරි උනා. මහින්දගේ පැත්තට පාර්ලිමේන්තුවේ අත්සන් 114 තියෙනවා. ඩලස් අයින් වෙලා මහින්ද පාර්ලිමේන්තුවට ආවොත් කොහොමද ආතල් එක.

      Delete
  2. මේකා ලෙඩක් හැදිලාවත් මක බෑ වෙලා යනවානම් හොඳයි. වෙන මොනවා කියන්නද.

    ReplyDelete
  3. දූෂණ විමර්ශන යනු ධනවාදයේ නෛසර්ගික වූ ලක්ෂණයයි. විමර්ශන කැමති වූවන්ට එහි නියැළෙන්නට ඉඩකඩ ලැබෙද්දී ඔවුන් නිසා අනෙකුත් සියල්ලන්ගේම ජීවිත සමෘද්ධිමත් වේ. විමර්ශන වලින් ජයගන්නා අවස්ථාවල දී ඒ ජයග්‍රාහකයන් විසින් ඔවුන් හා විමර්ශන වල යෙදුනු හා නොයෙදුනු අනෙකුත් සියල්ලන්ටම වැඩියෙන් අතිවිශාල සම්පත් අයිති කරගනිති.

    ReplyDelete
  4. ෂාහ් මහින්ද ඉන්න කන් පැරාට හලී සෝඔක්. ඊයේ සිද්දියෙන් විතරක් ලිපි කියක් , හිට් කියක් ගොඩ දා ගත්තද...

    දැන් රාවය පඩන්ගුවට ලියන ලිපියත් ලේස්ති ඇති. ෂල්ලි මල්ලි ෂල්ලි. මහින්ද "නිශ්ශබ්ද විශ්‍රාමයක්" ගියොත් බඩේ පාර නේද අනේ ...

    පුත පැරකුම් , දුර බලන්න. ළඟ නො බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ අවස්ථාවේ ඇති දරුණුම තර්ජනය හොරා කෑ තමන්ගේ ගෝත්‍රික නායකයා ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින මෙම ඉහත කමෙන්ට්කරු මෙන් ඔඩොක්කු කුක්කන්ය.

      Delete
    2. මහින්දට හම්බන්තොටින් මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් බැරි වෙයිලු මසොපි. බලන්නකෝ අපේ පැරකුම් සර්ගේ පුළුල් බුද්ධිය. මම නම් හිතන්නේ පැරකුම් සර් ත‍රම් බුද්ධිමතෙක් මේ භද්‍ර කල්පයේම පහල වෙන එකක් නෑ.

      පැරකුම් සර් හිතන්නේ මහින්ද මතුගමින්, අගලවත්තෙන්, නෑබඩින්, කළුතරින් ඉල්ලුවොත් පරදියි කියලද?

      Delete
    3. ජනාදිපතිවරන කාලය තුල දී කිසිම පුරවැසියෙකුට අපේක්ශකයෙකු ගේ සහායට ගෙන්වා ගනීම සඳහා මුදල්, තනතුරු, තාන්න මන්න දීම අල්ලස් ගනයට ගනෙන බව සද් ගුනවත් විබාගය කොපි නොකල විද්යාචක්‍රවර්තී විජේදාස රාජපක්ස තුමා විසින් ඊයේ පවසන ලදී.


      මීට සති කීපයකට කලින් එතුමාම කියා සිටියේ පොන්සේකා ජනාදිපතිවරනයට නාමයෝජනා දුන් පසු ඔහු වෙනුවෙන් වැඩ කිරීමට අනුර කුමර දිසානායක තුමාට රුපියල් ලක්ස විසි පහක් ලබා දුන් බවය.

      ඒ කියන්නේ පෙර කලෙක ඉන්කම් ටැක්ස් නොගෙවා වැරදිකරු වී දඩ මුදලක් ගෙවා ශේප් වූවිජේදාස ලප කුමර දිසානායකට ලක්ස විසිපහක අල්ලසක් දුන්නා කියාය.

      විජේදාස තුමෝ... අපිට පවු නොදී කරුනාකර තමා ම අල්ලස් කොමසාරිස් ලොක්කී ලඟට ගොස් එම වරද ගැන පාපොච්චාරනය කර අනුර කුමර සමග හිරගතවනවාද? මන්ද අල්ලස් දීමත් ගැනීමත් එක සේ බලවත් වැරදි නිසාය.

      http://mallepol.blogspot.com/2015/04/blog-post_21.html

      Delete
    4. මහ සොහොන් පිල්ලිය,
      ඇයි පැරාට සල්ලි ලැබෙනවා කියලා ජෙලස් ද? උඹත් මහින්දගේ ගූ සුවඳයි කියලා බ්ලොග් එකක් ලියලා, මහින්දට පෙන්නලා කීයක් හරි කඩා ගනිං නිකං අනුන්න්ට ඊර්ශ්‍යා නොකර.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා