බැසිල් විතර ද හොර සිල්?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලවත් ‍සහෝදර ඇමති බැසිල් රාජපක්ෂ ලබන 21දා ලංකාවට එන්නට නියමිත බව වාර්තා වේ. 

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂගේ පුතුන් සමග ගැටුම් ඇති කර ගත් බැසිල් ජනාධිපතිවරණයෙන් සිය සහෝදරයා පරාජය වූ පසු හොර රහසේ ම රටින් පිට වී තමන්ට පුරවැසිභාවය හිමි ඇමරිකා එක්සත් ජනපදය බලා ගියේ ය. 

පසුගිය සමයේ ගෝඨාභය රාජපක්ෂ ද බැසිල් සමග තමන්ගේ සම්බන්ධයක් නැති බව ඇඟවූයේ ය. 

රාජපක්ෂ ආණ්ඩුවේ අති ප්‍රබල ආර්ථික කටයුතු ඇමතිවරයා වූ බැසිල් රාජපක්ෂට එරෙහිව දූෂණ චෝදනා රැසක් තිබෙන අතර පරීක්ෂණ ගණනාවක් පැවැත්වේ. 

ඔහු ලංකාවට පැමිණෙනවාත් සමග ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. 

කෙසේ වෙතත්, මේ වන විට මහින්ද නැවත බලයට ගෙන ඒමට පෙළ ගැසෙමින් තිබෙන දූෂිත බලවේගය සියලු චෝදනා බැසිල් පිට යවා මහින්දව ගලවා ගැනීමේ උපායමාර්ගයක් වෙත තල්ලු වෙමින් සිටින බව දැනගන්නට තිබේ. 

මහින්දට හොරෙන් බැසිල් හොරකම් කළ කතාව අමු කෙබරයකි. හොරා බැසිල් පමණක් නො වේ. මහා පරිමාණ සොරුන් පිළිබඳ පරීක්ෂණ යට ගැසීමට ඉඩ නො දිය යුතු ය. 

ජනතාව ක්‍රියාත්මක විය යුතු ය. 

සොරුන් සිටිය යුත්තේ සි‍රේ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කම්බා හොරු ඉන්නේ මතුගම ය

    ReplyDelete
    Replies
    1. බෑන් කී මූන්ගේ අප්පච්චීApril 18, 2015 at 11:48 PM

      ලංකාවේ ආඩම්බරකාර අප්පච්චි වෙත.

      2006 UN මහලේකම් නිලවරනයේදී මගේ පුතා පැරදවීමට මාන බැලූ හෙළයකු වන ආචාර්ය ජයන්ත ධනපාල එම නිලවරනයෙන් බලහත්කාරයෙන් ඉවත් කරවීමට ඔබ කල මෙහෙයට මගේ ප්‍රනාමය. සැබැවින්ම ඔබව නැවත ලංකවේ අගමැති කරවිය යුතුමයි. එවිට ද.කොරියානුවන්ට නැවත වතාවක් ලෝකයේ ආඩම්බරයෙන් බැබලිය හැක.
      වේලාවක් තිබුනොත් ඔබ බලන්න පීකොක් මන්දිරේට ඇවිල්ලා යන්න එන්නම්.
      එතකං බයියෝ ටික ෆෝම්එකේ තියාගන්න.

      ආවඩා ආයුබෝවේවා ?

      මීට
      බෑන් කී මූන්ගේ අප්පච්චී
      당신과 자고

      -------------------------------
      'Sung influenced Sri Lanka for Ban's election'
      http://www.koreatimes.co.kr/www/news/nation/2015/04/116_177279.html

      Delete
    2. බයියනේ බලාපියවු තොපේ අප්පොච්චාගේ තවත් අෑස්චර්යමත් වැඩක්.!!!!

      ලංකාවේ ඉහලම රාජතන්ත්‍රික සම්පත ආචාර්ය ජයන්ත ධනපාල ගෙදර යවා කොරියාවේ බැන්කීමූන් යූ ඇන් ලොක්කා කොරයි.


      "අපට අහිමි කල අපේ කමට යලි පණ පොවනා පන ඇති මිනිහෙක්"


      අවදි කරනු මැන සැම හදවත් තුල සතුට පිබිදෙනා උදා ඉරක්
      විවර කරනු මැන අපට අහිමි කල නිදහස් නිවහල් අපේ රටක්
      නිදහස් නිවහල් අපේ රටක් //
      නැගී සිටින්නට ඇත දිගු කරනා පියකු වගේ මහ නායකයෙක් //
      පපු තුළ කකියන දුක විමසාලන //
      මිතුරකු වන් මහ නායකයෙක්
      අපට අහිමි කල අපේ කමට යලි පණ පොවනා පන ඇති මිනිහෙක්
      අවදි කරනු මැන සැම හදවත් තුල සතුට පිබිදෙනා උදා ඉරක්
      විවර කරනු මැන අපට අහිමි කල නිදහස් නිවහල් අපේ රටක්
      නිදහස් නිවහල් අපේ රටක් //
      උස් මිටිකම් සීමා නොතකාලන සැමට සමානව සිතන රජෙක්
      නොමිනිස්කම් රජ කිරුළු පළඳිනා
      දොරටු වසාලන මහ නායකෙයෙක්
      අපට අහිමි කල අපේ කමට යලි පණ පොවනා පන ඇති මිනිහෙක්
      අවදි කරනු මැන සැම හදවත් තුල සතුට පිබිදෙනා උදා ඉරක්
      විවර කරනු මැන අපට අහිමි කල නිදහස් නිවහල් අපේ රටක්
      නිදහස් නිවහල් අපේ රටක් //

      Delete
    3. Ha..Ha...patta....

      Delete
  2. තව දවස් 100 බලමු.

    ReplyDelete
  3. තව දුරටත් හොරුන්ගේ ෆයිල් හැදිය යුතු නැත...... ඒය නීතියේ වගකීමකි

    ReplyDelete
  4. මෙන්න අපේ භෞතිකවාදී අගමැතිතුමාගේ නිරගමික කල්කිරියව!
    ටෝයියන්ට අඩන්නයි බය්යන්ට දැක සැනසෙන්නයි!

    රනිල් ඉන්දියාවේ කෝවිල් වදිමින්

    ReplyDelete
  5. මුලින්ම හිරේ යැවියයුත්තේ මිනීමරුවන්ය.. එනම් ගෝටාය.. බැසිල් සහ මර්වින් මරාට හා ගෝටාට විරුද්ධව රජයේ සාක්ෂිකරුවන් කරගත යුතුයි...

    ReplyDelete
  6. මුලින්ම හිරේ යැවියයුත්තේ මිනීමරුවන්ය.. එනම් ගෝටාය.. බැසිල් සහ මර්වින් මරාට හා ගෝටාට විරුද්ධව රජයේ සාක්ෂිකරුවන් කරගත යුතුයි...

    ReplyDelete
  7. අනේ මෙයාලා මෙච්චර අපුරුවට ඔක්කෝම රහස් ටික දැනගෙන ඉඳලා තියෙන්නේ. ඔය ලියල තියෙන්නේ බලන් හිටියා වගේ. මෙයාල මෙච්චර විශ්වසෙන් හා වගකීමෙන් කියද්දිත් මේ ගැන කිරියා කළ යුතු එක හු........... වත් ඒව ගනන් ගන්නේ නැත්තේ ඇයිද මන්දා ?

    ReplyDelete
  8. අනේ මෙයාලා මෙච්චර අපුරුවට ඔක්කෝම රහස් ටික දැනගෙන ඉඳලා තියෙන්නේ. ඔය ලියල තියෙන්නේ බලන් හිටියා වගේ. මෙයාල මෙච්චර විශ්වසෙන් හා වගකීමෙන් කියද්දිත් මේ ගැන කිරියා කළ යුතු එක හු........... වත් ඒව ගනන් ගන්නේ නැත්තේ ඇයිද මන්දා ?

    ReplyDelete
  9. peralaa anuralaa ekama bottuwe mahindatama dagena gahanawa (mahinda patta horaa karanna ona okkoma kaada weda kara eka wenamai) JVP chanda godata UNP chanda godata mahindage weradi walinmai thama chanda kadanna balanne eka harima wihiluwak, eka athakin eka wereddakuth na chanda thiyena theninne chanda kadannath ona, peralaa anuralaa awasthaawadi deshapalane sahaa lankawe samaje hesirena akare gena thama inne upangei bolada wiye, ranilta nam wage wagak na U hithanne lankawe hema ekama U wage viski gahanawa kiyalane eka nisaa awulak na, mangalalage daksha kamwalin ranil wage gon iththekwa thallu karannath ba. mahinda chande parada une nogelapena awasthawaka chandayak thibba nisaa sahaa ekalema mahindagema waraddaa genim nisaa misak my3 or UNP or mahinda wirodingen ethi wechcha mahaloku samaja peraliyak kiyala hithanawa nam eka harima wihiluwak, mahindage parajenma UNP or JVP baleta enna hithanawa nam eka ita wediya wihiluwak, eka mehemai UNP ekata chande denna hithuwath Ranil genama hithalaa chande den na JVP ekata bale denna hithuwath athithe gena hithalaa chande den na, dina 100 weda piliwela nisaa chandeta kalin thibba chanda godath UNP eka adu kara gaththaa, JVP eka horu ellimen sahaa nirnamikawa UNP mada ga gaththa nisaa chandeta peraa ethiwemin thibunaa chandeth samaga saha chanden pasuwa ekathu wechcha chanda tikath kudu kara gaththa ekai kare mahindai sandanei dinalaa thiyenne peradilaa thiyenne JVP & UNP

    ReplyDelete
  10. ගෝටාභයල,බැසිල්ල.පුනුරුත්තාපනය කරල ගන්න බැරිවේවිද? දැන් ඔය පැරාලත් හොදට ඉන්නෙ.

    ReplyDelete
  11. පැරාගෙ බ්ලොග් එක කියවපු ටික කාලය තුළ මම දැක්ක අසාර්ථකම සටහන මේක කියලයි මට හිතෙන්නෙ. සාමාන්‍යයෙන් පැරාගෙ දැක්කෙ දේශපාලන විචාර, අනුමාන වැනි දේ. නමුත් මේ සටහන කියවද්දි මට දැනුනේ නිකන් මොකක් හරි දේශපාලන පක්ශයකට කඩේ යන ගොසිප් සයිට් එකක් කියවනව වගෙ හැඟීමක්.

    රාජපක්ෂ පුතුන් සමඟ ගැටුම් ඇති කරගත්තලු, ගෝඨාබය බැසිල් සමඟ සම්බන්ධයක් නෑ කියල හැඟෙව්වලු, දූෂණ චෝදනා බැසිල් පිට දාලා බේරෙන්න හදනවා කියල 'දැනගන්න තියෙනවලු'

    මොනවද මේ? නිකන්ම නිකන් චෝදනා ගොන්නක් විතරයි. ගමේ ගොඩේ කටකතා වගේ..

    මෙච්චර කල් පැරාගේ බ්ලොගයේ රසිකයෙකු වුන මගේ පළවෙනි විවේචනය සුහද සිතින් බාර ගනියි කියල අපේක්ෂා කරනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා