තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

මේ අපූරු තේරවිලි ටික ඇහුවේ අකුරැස්ස පැත්තේ ගැමි කාන්තාවකගෙන්. පුළුවන් නම් තෝරන්න. (මේ කිසිවක විසඳුම කුණුහරුප වදන් නො වේ. එබැවින් ඒවා සටහන් කිරීමෙන් වළකින්න)
  1. ඇට පිට මස්. මස් පිට හම්. හම් පිට ලොම්.
  2. කහ මාමගෙ ඇටේ පොලිස්. 
  3. උල් දෙකයි. හිල් දෙකයි. රෙද්ද අස්සෙමයි රිංගන්නෙ. 
  4. උඩිනුත් ලොම්. යටිනුත් ලොම්. වටේ සුදයි. මැද කළුයි. 
  5. ගහනකොට සැපයි. නොගහ ඉන්නකොට අමාරුයි. 
  6. එක හිලයි. කෙළි හතරයි. කෙළියම ලේ විලයි.
  7. පැදුරු එළාගෙන. දන බිම ඇනගෙන. උඩින් එකෙක් ඇත. යටින් එකෙක් ඇත. උඩින් එකාමයි දඟළන්නේ.
  8. සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත. බඩ මිරිකාලා, පුක මිරිකාලා, බැරි තැන අතේත් ගහනවා. 
අංක සමග පිළිතුරු කමෙන්ට් ලෙස සටහන් කරන්න. නිවැරදි පිළිතුරු හෙට. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 2. ලාවුළු ඇටේ

    ReplyDelete
  2. මොනවද පැරා මේ ප්‍රස්තා පිළිරු...

    ReplyDelete
    Replies
    1. ප්‍රස්තා පිළිරු? ඔහේ දෙමළද? ප්‍රස්තා පිළිරු නෙවෙයි හලෝ ප්‍රස්ථා පිරුළු. තමුසෙලාගේ සිංහල දැනුමේ තරම මේකද?

      Delete
    2. පල ඇනෝ යන්න...උඹල නේ ඉතින් මේකෙ තියන ඔක්කොම දෙවල් දන්නේ....උඹල ඉතින් අනුන්ගෙ අඩු පාඩු සොය සොය හිටපO....ඔක්කොම හරියයි එතකොට....

      Delete
    3. ඇයි ඔයි තමුසෙට පලයං කියලා ලියාගන්නත් බැහැනේ. මොකද 0 ගහලා තියෙන්නේ?

      Delete
    4. සමීර මේව ප්‍රස්ථා පිරුළු නෙමෙයි තේරවිලි. ප්‍රස්ථා පිරුළු ගැන පැරා ලිව්ව මෙන්න මෙතන



      Delete
    5. @ AnonymousApril 18, 2015 at 8:12 AM

      ප්‍රස්ථා පිරුළු නෙවෙයි හලෝ හරි වචනය ප්‍රස්ථාව පිරුළු. අනුන්ගේ වැරදි පෙන්නන්න කලින් තමන් හැදිලා ඉදහන්..

      Delete
    6. @ AnonymousApril 18, 2015 at 9:19 PM

      අයියෝ මචෝ උඹේ සිංහල දැනුම අන්තිමයි. ප්‍රස්ථාව කියන්නේ විවාහ මංගල්‍යය. ප්‍රස්ථා කියන්නේ කාලානුරූපීව යෙදෙන අහඹු අවස්ථා කියන එකයි. අනේ මචෝ තව ටිකක් සිංහල ඉගෙන ගනින්.

      Delete
  3. හපොයි පැරා .. හිට් අඩු උනාම කුණු හරප වලට බැස්සද ?? O.o

    ReplyDelete
  4. 4-ඇස
    5-ඇහිපිය ගැහීම(මේක කියන්නෙ මෙහෙමයි පැරා, "ගහනකොට සැපයි, නොගහනකොට අමාරුයි , නොගැහුවොත් ගලනව)

    7-කුරහන් ගල

    ReplyDelete
  5. KUNUHARUPA NOVE KIYALA THIYANAWA NEDA

    ReplyDelete
  6. 3. ඩබල් නීඩ්ල් මැශිමක් වත්ද? හැක්..

    ReplyDelete
  7. මේවා ගැන රාජ් කියන උත්තර තමයි හරියටම හරි. මොකද පැරා සහ රාජ කියන්නේ නිකං මාමා සහ බෑනා වගේ සහයෝගෙන් ඉන්න ජෝඩුවක්‌. පැරා කියන ඕනි දෙකට රාජ් එකගයි. මුලින් විරුද්ධයි වගේ පෙන්නුවත්,අන්තිමේදී වටේ ගිහින් පැරා කියන ඕනි අදහසකට රාජ් එකග වෙනවා.

    ReplyDelete
  8. කක්කා සාගරේ කිමිදී මුතු සෙවූ සින්හල බොග් අවකාසේ ඔස්තාර් ලා හට දැන් මහින්දට බැනලා ලියන්න දේවල් නැත.... කුනුහරුප ලිවීම පටන්ගත්තේ එහෙයිනි...

    භීභත්ස රසය ගෙන එන පැරා ට නිවන් සුව ලැබේවා..

    ReplyDelete
    Replies
    1. එම්බා වෘෂභ රාජයාණෙනි. භීභත්ස රසය නොවැ නිවැරැදි වචනය බීභත්ස්‍ය රසයයි.

      Delete
  9. ඊයා... මේන් පැරත් මාතලන්ගේ ගානට වැටිලා.. මක්කයි මේ කුණු හබ්බ....

    ReplyDelete
  10. 2) ලා උළු
    3) කතුර
    8) ටෝච් එක

    ReplyDelete
  11. ඉතාම ලිංගිකයි...

    ReplyDelete

  12. ඇට පිට මස්. මස් පිට හම්. හම් පිට ලොම් - රඹුටන්
    කහ මාමගෙ ඇටේ පොලිස්. - ලාවලු

    උල් දෙකයි. හිල් දෙකයි. රෙද්ද අස්සෙමයි රිංගන්නෙ. - කතුර

    ගහනකොට සැපයි. නොගහ ඉන්නකොට අමාරුයි. - පවන්

    ReplyDelete
  13. 1).රඹුටන්
    2)ලාවුළු
    3) කතුර
    4)ඇස
    5)ඇහිපිය ගැහීම
    6)බුලත් හැපීම
    7)කුරහන් ගල
    8) ටෝච් එක

    ReplyDelete

  14. 5.මහින්ද රාජපක්ෂ

    ReplyDelete
    Replies
    1. ටක්කෙටම හරි. ++++++

      Delete
    2. නැහැ බං බැසිල්.. ඔය ආයි එන්නේ මාස තුනක් නොගහපු එකේ ඇම්ම ඇර ගන්න :v

      Delete
  15. තවත් මෙවැනි කීපයක්: දුරකථනයෙන් කීවේ අපේ පාඨකයෙකි.

    1. රෑ තිස්සෙ ගහනවා. උදේට තමයි පිටවෙන්නෙ.
    2. දවල්ට රෙද්ද උස්සනවා. දවල්ට ලාම්පුව අල්ලනවා.
    3. අක්කට නැහැ. නංගිට තියෙනවා. සමනලයගේ තියෙන්නෙ මැද.
    4. රෙද්ද අස්සෙ කූරු.
    5. රෙද්ද ගැලෙව්වා ම මයිල්. මයිල් අස්සෙ ඇට. ඇට අස්සෙ පොල්ල.

    ReplyDelete
    Replies
    1. මේකත් අර ඇම්ඩගෙ ප්‍රශ්ණ දහය වගෙ තමා. -

      2. දවල්ට රෙද්ද උස්සනවා. රෑට ලාම්පුව අල්ලනවා - දුම්-රිය නියාමක
      3. අක්කට නැහැ. නංගිට තියෙනවා. සමනලයගේ තියෙන්නෙ මැද. - "න"
      4. රෙද්ද අස්සෙ කූරු. - කුඩය

      Delete
    2. 1. පත්තරය
      2. දුම්රිය නියාමක
      3. න
      4. කුඩය
      5. බඩ ඉරිඟු කරල

      Delete
  16. 1- paththaraya.
    Can a anyone pl post tbe answer for riddle no 5.?

    ReplyDelete
    Replies
    1. wela warakada?????????????????????????

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා