ලැජ්ජා ඇත්නම් උඩින් ගිය බිල් ගෙවනු!

රාජපක්ෂ පවුලේ අය මහජන මුදලින් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර්වලින් සවාරි ගැසූ හැටි මේ සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් හෙළිදරව් කර තිබේ.

2014 දෙසැම්බර් 1 හා 2015 ජනවාරි 9 අතර කාලය තුළ මහින්ද රාජපක්ෂ 71 වාරයක් ගුවනින් ගොස් තිබේ. මේ ගමන්වලින් වැඩි හරියක් ඔහුගේ තෙවන වර තේරී පත් වීම සඳහා ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති රැස්වීම්වලට ගිය ගමන් ය. එතනම තිබෙන අයුක්ති සහගකමේ තරම බලන්න. ඔය ඡන්ද ලක්ෂ 58 ලබාගැනීම සඳහා රැස්වීම් ඇමතීමට ගොස් තිබෙන්නේ මහජන මුදලිනි. ඔහුගේ ප්‍රතිවාදීන්ට එවැනි වරප්‍රසාද නො ලැබිණි. එහෙම කරලාත් පරාද ය.

මේ කාලයේදී මහින්දට අමතරව ඔහුගේ ආර්යාව ද හෙලිකොප්ටර් චාරිකා හතක් ගොස් තිබේ. එයින් එකක් දෙසැම්බර් 12දා රත්මලානේ සිට මහරගමට යන්නටයි. කොහොමද වැඩ? මුදල් ගෙවා නැත.

නාමල් රාජපක්ෂ 25වරක් ගුවන්ගත වී තිබේ. බැසිල් රාජපක්ෂ සත්වරකි. විමල් වීරවංශ සත්වරකි. සුසිල් ප්‍රේම ජයන්ත තුන්වරකි. දයාසිරි ජයසේකරට හා එස්. (සරත්?) මනමේන්ද්‍ර ද උඩින් ගොස් තිබේ. මුදල් ගෙවා නැත.

මේ මාසයක කාලය පමණි. පසුගිය කාලයේ මොවුන් ගිය මෙවැනි ගමන් සඳහා වැය වූ මුදල් ඔවුන්ගෙන් වහා ආපසු අය කර ගත යුතු ය. නැතිනම් නඩු පැවරිය යුතු ය.

පසුගිය සමයේ ඡන්ද රැස්වීම්වලට සෙනග අදින්නට පාවිච්චි කළ බස් වෙනුවෙන් මුදල් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අය කර ගත යුතු ය.

මෙන්න මාසයක ගුවන් ගමන් විස්තර:

Namal Rajapaksa – MP
December 1, 2014 – SLAF Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Mattala and return to Ratmalana.
December 3, 2014 – SLAF Bell 412 helicopter to fly from Ratmalana to Koggala, Tangalle, Colombo and return to Ratmalana.
December 7, 2014 – SLAF Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Tangalle, Wellawaya, Hambantota, Colombo and return to Ratmalana.
December 9, 2014 – Harbin Y 12 transport aircraft – to fly from Ratmalana to Mattala, Bandaranaike International Airport and return to Ratmalana.
December 11, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Ratnapura, Kandy, Colombo and return to Ratmalana.
December 12, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Hambantota, Wellawaya, Hambantota, Koggala, Bandaranaike International Airport and return to Ratmalana.
December 14, 2014 – Harbin Y 12 transport aircraft to fly from Ratmalana to Katunayake, Anuradhapura, Bandaranaike International Airport and return to Ratmalana.
December 15, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Ratnapura and return to Ratmalana.
December 16, 2014 – Harbin Y 12 transport aircraft to fly from Ratmalana, Mattala, and return to Ratmalana.
December 17, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Palavi, Mannar, Colombo and return to Ratmalana.
December 21, 2014 – Harbin Y 12 transport aircraft from Ratmalana, Vavuniya and return to Ratmalana.
December 22, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Galgamuwa and return to Ratmalana.
December 24, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Tangalle, Koggala, Tangalle, Colombo and return to Ratmalana.
December 25, 2014- Y12 Harbin transport aircraft from Ratmalana to Ampara.
December 26, 2014 – Y12 Harbin transport aircraft to fly from Ampara and return via Katunayake to Ratmalana.
December 27, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Deraniyagala and return to Ratmalana.
January 1, 2015 – Bell 412 to fly from Ratmalana to Koggala, Tangalle, Kurunegala and return to Ratmalana.
January 2, 2015 – Bell 212 helicopter to fly from Hingurakgoda to Kekirawa, Aralaganwila and return to Hingurakgoda.
January 4, 2015 – Harbin Y 12 transport aircraft to fly from Ratmalana to Kankesanthurai (Jaffna), Mattala and return to Ratmalana.
January 5, 2015 – Bell 412 helicopter to fly from Ratmalana to Wirawila, Makandura, Colombo, Kaduwela, Nattandiya and return to Ratmalana.
January 6, 2015 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Medamulana, Koggala and return to Ratmalana.
January 6, 2015 – Harbin Y 12 transport aircraft to fly from Ratmalana to Mattala and Anuradhapura. Night Stop.
January 7 2015 – Harbin Y 12 transport aircraft to fly from Anuradhapura, Wellawaya and return to Ratmalana.
Basil Rajapaksa, former Minister of Economic Development
December 13, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Kurunegala, Kegalle and return to Ratmalana.
December 15, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Ratnapura, Colombo and return to Ratmalana.
December 16, 2014 – Mi- 17 helicopter to fly from Ratmalana to Colombo, Vavuniya, Jaffna and Palaly.
December 16, 2014 – Harbin transport aircraft Y 12 to fly from Ratmalana to Palaly and return to Ratmalana.
December 17, 2014 – Bell 412 helicopter – to fly from Ratmalana to Colombo, Wennappuwa, Colombo and return to Ratmalana.
December 18, 2014 – Bell 412 helicopter – to fly from Ratmalana to Colombo, Matale, Colombo and return to Ratmalana.
January 8 2015 – Bell 412 helicopter – to fly from Ratmalana to Colombo, Medamulana, Koggala, Medamulana, Colombo and return to Ratmalana.
Former first lady Shiranthi Rajapaksa
December 7, 2014 – Mi-17 helicopter from Colombo to Matale, Pallekele, Kandy and return to Ratmalana.
December 8, 2014 – Mi-17 helicopter from Colombo to Kandy and return to Colombo.
December 10, 2014 – Mi-17 helicopter from Ratmalana to Maharagama and return to Ratmalana.
December 12, 2014 – Mi-17 helicopter from Tangalle to Colombo
January 2, 2015 – Mi-17 helicopter to fly from Ratmalana to Colombo, Naula and return to Ratmalana.
January 3, 2015 – Mi-17 helicopter to fly from Ratmalana to Badulla, Colombo and return to Ratmalana.
January 4, 2015 – Mi-17 helicopter to fly from Colombo to Kurunegala and return to Colombo.
Wimal Weerawansa, former Minister of Housing and Construction
December 20, 2014 – Harbin Y 12 transport aircraft to fly from Ratmalana, Ampara and return to Ampara.
December 21, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Moneragala, Wellawaya, Buttala and Koggala and return to Ratmalana.
December 21, 2014 – Harbin Y 12 from Ratmalana to fly to Koggala and return to Ratmalana.
January 1, 2015 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, Kandy, Colombo and return to Ratmalana.
January 2, 2015 – Bell 412 helicopter to fly from Ratmalana to Kandy, Kantale, Sigiriya and return to Ratmalana.
January 2 2015 – Harbin Y 12 transport aircraft from Ratmalana to Hingurakgoda and return to Ratmalana.
January 5 2015 – Mi 17 transport helicopter to fly from Ratmalana to Colombo, Wirawila, Matara, Ambalangoda, Matugama and return to Ratmalana.
Susil Premajayantha, former Minister of Environment and Renewable Energy
December 30, 2014 – Bell 412 helicopter to fly from Ratmalana to Colombo, China Bay, Kantale, Valachchenai and Hingurakgoda. Night stop.
December 31, 2014 – Bell 412 helicopter to fly from Hingurakgoda to Ampara, Colombo and return to Ratmalana.
January 2, 2015 – Mi-17 helicopter to fly from Ratmalana to Colombo, Palaly, Jaffna, Vavuniya, Mannar and return to Colombo.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්ද රාජපක්ෂගෙන් ඔහු 2005 බලයට ගෙන ඒමට හිලව්වක් ලෙස කෝටි 18 ලබාගෙන පක්ෂ මූලස්ථානය ඉදිකරවාගත් ජෙප්පන්ට ලැජ්ජාවක් නැත්ද?

    ReplyDelete
  2. මට තියෙන ප්‍රශ්නේ තමයි මහින්ද රාජපක්ෂගේ පස්සෙන් දැන් ඉවක් බවක් නැතිව දුවමින් කැමරා අල්ලන මාධ්‍යවේදීන් යයි කියන අයට මේ චෝදනා ගැන මහින්දගෙන් සෘජුව අහන්න බැරි ඇයි කියලයි.මහින්ද රාජපක්ෂගේ පාලනයේ තිබුණු පිළිකුල් සහගත දෑ ගැන ඔහුගෙන් සෘජුව ප්‍රශ්න කල යුතුයි. එවැනි දෙයක් නොවන්නේ ඇයි?

    යහපාලනය ගැන මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශ සහ ඔහුගේ පාලනයේ තිබුණු බිහිසුණු කම ගැන සංසන්දනාත්මකව ප්‍රශ්න කිරීමට ඔහුගේ පස්සෙන් කැමරා මානමින් දුවන මාධ්‍යවේදීන්ට අහන්න බැරි ඇයි?

    කොළඹ වරාය නගරය ඉදිකිරීම නිසා රට දමා ඇති අවුල ගැන, මහින්ද රාජපක්ෂ විසින් සංවර්ධනයේ නාමයෙන් රටේ ධනස්කන්ධය තම ගෝලබාලයන්ගේ සාක්කු වලාට් පිරවූ අයුරු ගැන මේ මාධ්‍යවේදීන්ට අහන්න බැරි ඇයි?

    ගෝඨාභය රාජපක්ෂගේ මරණ ලයිස්තුවේ සිටි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදීනිය ගෝඨාභයට සුදුහුණු ගාමින් පවත්වන සාකච්චා ගැනත් කියන්න තියෙන්නේ ලැජ්ජයි කියලයි.

    ReplyDelete
    Replies
    1. මේවා ඇහුවත් ඇති වැඩේ මොකක්ද? "ඕවා අමූලික බොරු" අර නාමල් බේබිගේ පිළිතුරු ආර්ටිකල් එක කියෙව්වේ නැද්ද?

      Delete
  3. කිසිදා ගූවනින් නොගිය පැරා "ගුවන්ගතවූ' කස්ටියට ඊරිසියා කිරීම නවතා දමන්න.....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දුප්පතුන් වැඩි දෙනෙකුට දිවන්ගත වන තුරා ගුවන්ගත වන්නට ලැබෙන්නේ මැද පෙරදිග රස්සාවකට යන්නට ය. මේ කට්ටිය රත්මලානේ සිට මහරගම දක්වා යන්නට ද ගුවන් යානා පාවිච්චි කර තිබේ.

      Delete
  4. දැන් මේවා ගෙවන්න කියන්නේ අර ගඵවන් සේවිකාවට මාසෙට ලක්‍ෂ තුන බැගින් ගෙවූ ආණ්ඩුවේ පඩි සල්ලි සතෙන් සතේ ඉතුරු කර සාදා ගත් පෞද්ගලික ගිනුමෙන් ද?

    ReplyDelete
  5. ගුවන් ගමන් ගැන කිව්වට මදි, බිලේ ගාන ගැන තක්සේරුවක් නැද්ද? නැත්තන් බය්යෝ හිතන්නේ නිකන් දාහක් දෙදාහක් නයයි කියලයි.

    ReplyDelete
  6. //January 2, 2015 – Bell 412 helicopter to fly from Ratmalana to Kandy, Kantale, Sigiriya and return to Ratmalana.//

    පොර යාන්තම් මේ පාරවත් සීගිරි ගිහිල්ලා

    ReplyDelete
    Replies
    1. හිහ් හී................අම්මපා සීගිරිය දැකලා කුණු විමලයා කියන්න ඇති මේක ඒ කාලේ විදේශීය කුමන්ත්‍රණයක් කියලා.

      Delete
  7. ඔන්න අපේ විමලෙ කියන්නෙ හෙලිකොප්ටර් වල සල්ලි ගෙවන්න ඕන මෛත්‍රීපාලයි ඒ ගැන ඒ ගොල්ලන්ට වගකීමක් නැහැ කියල. http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/04/150413_wimal_election_helicopters

    ReplyDelete
  8. වංශනාථApril 14, 2015 at 4:11 AM

    හෙළයාගේ විස්මිත නිර්මාන වන ගොංකරත්ත, තිරික්කලය හා රාවනාගේ දඬු මොනරය භාවිතා කර අවුරුදු 2500 වඩා ලිඛිත ඉතිහාසයක් ඇති ජාතියකට සේවය ලබා දුන්න නම්,

    මෙම බටහිර කුමන්ත්‍රණකරුවන්ගේ අහස්යාත්‍රා වලට සොරිම තමයි.

    ගොංකරත්ත, තිරික්කලය භාවිතය ලංකාවේදි ඉතා පහසුය, බෝල් ලීයට ගොනෙක් මාරු කරන්න බැරි ගානට ගොන් නාම්බන්ගේ උද්යෝගයක් කලබලයක් දැනටත් තියෙනවා.අනෙක පරිසරයටත් හිතකාමීයි.

    ලෙමන් පෆ් නං ගලවන්නම බැරිමවෙන ජාතියේ නාම්බෙක්.

    අපේකම විකුනමු ! රට කමු ! සීෂෙල්ස් ගොඩනගමු.!

    ReplyDelete
  9. අවුරුදු ආවා... පැරාට අවුරුදු ආවා... මිලියන තුනකුත් එක්කලා නව අවුරුදු ආවා....

    ReplyDelete
  10. Bila ewahanko gewanna

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා