විදෙස්ගත අනතුරට පත් සැබෑ මාධ්‍යකරුවන් වෙනුවෙන් කුමක් කරමු ද?

මේ වන විට සරණාගතයන් ලෙස නේපාලය හා තවත් රටවල ජීවත් වන ශාන්ත විජේසූරිය, ජයම්පතී බුුලත්සිංහල වැනි මාධ්‍යකරුවන්ට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීමෙන් පසු ලංකාවට පැමිණීමට අවශ්‍යතාව තිබුණත් ආපසු පැමිණීමට නො හැකි වී තිබේ.

එයට හේතුව වී තිබෙන්නේ ඔවුන් ආපසු එන්නට නම් නේපාලයේ වීසා නොමැතිව සරණාගතයන් ලෙස රැඳී සිටි කාලය වෙනුවෙන් දඩ ගෙවීමට ඔවුන්ට සිදු වී තිබීමයි. මේ අනුව, වසර තුනකට ආසන්න කාලයක් නේපාලයේ සරණාගතයකු ලෙස රැඳී සිටින ශාන්ත විජේසූරිය ආපසු එන්නට නම් නේපාල රජයට රුපියල් ලක්ෂ හතක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇති බව ඔහු විවර ඊ නිව්ස් වෙබ් අඩවියට පැවසුවේ ය. මෙවැනි මුදලක් ගෙවීමේ හැකියාවක් දීර්ඝකාලීන දේශපාලන ක්‍රියාධරයකු හා මාධ්‍යකරුවකු වන ශාන්ත විජේසූරියට නැත.

ශාන්ත විජේසූරියට ලංකාවට එන්නට ඇත්තෙන් ම උවමනාවක් තිබේ ද නැද්ද යන්න මම නො දනිමි. එහෙත්, ජයම්පතී බුලත්සිංහලට නම් එවැනි උවමනාවක් ඇති බව ඔහු ප්‍රසිද්ධියේ පැවසුවේ ය.

‍ශාන්ත ජයසූරිය එඩිතර මාධ්‍යකරුවෙකි. ප්‍රභාකරන් මරා දැමීමෙන් පසු රජය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී එම ඝාතන සිදු කළ ආකාරයේ නෛතිකභාවය පිළිබඳ ප්‍රශ්න කරන්නට ඔහුට ධෛර්යය තිබිණි. ඒ වන විට එවැනි ප්‍රශ්නයකට සවන් දීමේ උවමනාවක්වත් ලංකාවේ සමාජයට එදා නො තිබිණි.

වැලිකඩ ඝාතනය පිළිබඳ ඔහු ලියූ ගවේශනාත්මක ලිපිය තවත් සුවිශේෂ මැදිහත්වීමකි. වරක් මට කතා කළ ඔහු එය ඉංග්‍රීසියට පරිවර්තනය කර දෙන ලෙස ඉල්ලා සිටියේ ය. මම කාරුණිකව එය ප්‍රතික්ෂේප කළේ එදා පැවති වාතාවරණය අනුව ඔහු මෙන් රටින් බැහැර වන්නට සිදු වන තත්වයකට මුහුණ දෙන්නට මා තුළ කැමැත්තක් නො තිබුණු බැවිනි. මෙම කාරණය පිළිබඳව ද ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී මගේ නම සඳහන් නො කර කිසියම් චෝදනාත්මක ස්වරූපයකින් පවසයි. අප ද දැන් නම් ඒ පිළිබඳ කතා කරන බව ඔහු පවසයි. එහෙත් ඒ වන විටත් අප විසින් කරන ලද මැදිහත්වීම් හේතුවෙන් අප දැඩි අනතුරකට නිරාවරණය වී සිටි බව ඔහු අමතක කරයි. ඒ වන විට ඔහු සිටියේ නේපාලයේ ය. මා සිටියේ ලංකාවේ ය.

මම ශාන්ත වැනි එඩිතර මාධ්‍යකරුවකු නො වන බව මම එදා සිට ම පවසන්නෙමි. ශාන්ත වැනි සහෝදරයින්ට ඔහු ක්‍රියාකාරීව සිටි වාම හා මාධ්‍ය සංවිධාන නායකයින් සැලකූ ආකාරය ගැන ඔහුටත් කලින් අත්දැකීම් ලබා සිටි මම මගේ ආරක්ෂාව මා විසින් ම සලස්වා ගත යුතු බව හා එහිදී උපායිකව කටයුතු කළ යුතු බව පැහැදිලිව අවබෝධ කරගෙන සිටියෙමි. එහෙත් මම සමාජය, දේශපාලනය විෂයෙහි මගේ මැදිහත්වීම දිගට ම කළෙමි.

වරක් දැඩි අවදානම් තත්වයක සිටි මම උපකාර පතා මා කලින් ක්‍රියාකාරීව සිටි හිරු කණ්ඩායමේ නියෝජිතයකු වූ ඉන්දික ගමගේ ඇමතුවෙමි. එම අවස්ථාවේදී එ් වන විට ලංකාවේ සිටි එම කණ්ඩායමේ ප්‍රධානියා වූ ඔහු උපහාසාත්මකව සිනාසුණේ ය. ඔවුන් බලාපොරොත්තු වුණේ රාජ්‍යයේ මර්දනයට හසුව මා විනාශ වනු ඇති ය කියා ය.

වරක් අප සමග දේශපාලනිකව එකට කටයුතු කරමින්, සිංහල හා දෙමළ මාධ්‍ය ඔස්සේ අභියෝගාත්මක මැදිහත්වීමක් සිදු කළ දෙමළ මාධ්‍යකරුවකුට විදේශගත වීම සඳහා අපි ඒ වන විට ලංකාවේ සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකයන් ව සිටි මංජුල වෙඩිවර්ධන, අතුල විතානගේ, සනත් බාලසූරිය වැනි අයගෙන් උපකාර පැතුවෙමු. ඔවුහු දැඩි අනතුරකට මුහුණ දී සිටි එම මාධ්‍යකරුවා නින්දිත අන්දමින් රැවටූ හ.

ශාන්ත විජේසූරිය වැනි සැබැවින් ම අභියෝගාත්මක මාධ්‍යකරණයක යෙදුණු මාධ්‍යකරුවන් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂමේ ලියාපදිංචි සරණාගතයන් ලෙස සුරක්ෂිත විදේශ රටක පදිංචි වීමේ අවස්ථාව බලාපොරොත්තුවෙන් නේපාලයේ දිළිඳු, අසරණ ජීවිත ගෙවද්දී, තමන් සංස්කරණය කළ පුවත්පත්වල පිටු අනුමත කරගන්නට අරලියගහමන්දිරයට රැගෙන ගිය මංජුල වෙඩිවර්ධනලා යුරෝපා රටවල සුරක්ෂිත ජීවිත ගෙවන්නේ ඇයි ද යන්න විමසා බැලීමෙන් මාධ්‍ය සංවිධානවල නිරුවත වටහා ගත හැකි ය.

ශාන්ත විජේසූරිය මෙම සාකච්ඡාවෙහිදී සුනන්ද දේශප්‍රියට ඍජුව චෝදනා කරයි. මෙම මාධ්‍ය සංවිධාන විසින් ඇත්තට ම පසුගිය කාලයේ කළේ සිය හිතවතුන් අනතුරට පත් වූවන්ගේ මුවාවෙන් යුරෝපයට පැටවීම බවට සාක්කි ඕනෑතරම් තිබේ. කිසිදු අනතුරක් නො තිබුණු අය යුරෝපයේ රැකවරණ ලබා ගැනීම සඳහා ඔවුහු ඊනියා මාධ්‍ය තර්ජන භාවිතා කළ හ.

මට සිනා වූ අර හිරු කණ්ඩායම් සාමාජිකයා කටයුතු කළ ආකාරය මට සිහිපත් වේ. ඔහු කලක් දේශපාලනයෙන් ඉවත්ව යුරෝපා රටකට සංක්‍රමණය වීම සඳහා ක්‍රම සොයමින් සිටියේ ය. ඔහුගේ උත්සාහය අසාර්ථක වූ පසු ඔහු කළේ හිරු කණ්ඩායම හරහා මංගල සමරවීරගේ වෙබ් අඩවියක සංස්කාරකකමකට සෙට් වීමයි. ඉන් පසු හොර රහසේ සිය බිරිඳත් සමග පිටරට යන්නට පිඹුරුපත් සකසාගත් හේ තමන්ට තර්ජන ඇති බවට බොරුවක් නිර්මානය කර, අදාළ වෙබ් අඩවිය ද තර්ජන හේතුවෙන් වසා දමන බව කියා පවුල පිටින් රටින් පිට වීමයි.

දැන් පිටරට සිට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යකරුවන්ගේ නිරුවත මෙයයි.

විවර ඊ නිව්ස් සමග සාකච්ඡාවේදී ශාන්ත ඉදිරිපත් කරන නො ගැඹුරු, රැඩිකල් අදහස් ගැන නම් මගේ එකඟත්වයක් නැත. එහෙත් මාධ්‍යකරුවකු ලෙස ශාන්ත විජේසූරිය ජීවිතය ගැන නො තකා කළ මැදිහත්වීම් ගැන මගේ ගෞරවයක් ඇත.

ඔහු සම්බන්ධයෙන් ඔබගේ වගකීම කුමක්දැයි මම මාධ්‍ය සංවිධාන ලොක්කන්ගෙන් හා ජාතීන්ගේ ප්‍රශ්නයෙන් ජීවිකාව සරි කරගන්නා වාම කල්ලිවලින් අසමි. ශාන්ත විජේසූරිය මෙන් ම අප ද ජීවිත තර්ජනවලට මුහුණ දුන්නේ ජාතීන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් අප කළ දේශපාලන හා මාධ්‍ය මැදිහත්වීම් නිසා ය.

මාධ්‍ය සංවිධානකාරයන්ගේ අතපල්ලෙන් වැටි වැටී ඉන්දියාව, නේපාලය වැනි රටවල රස්තියාදු වෙනවා වෙනුවට ගෝඨාභයලා එක්ක වෙට්ටු දමමින් ලංකාවේ ජීවත් වන්නට මා ගත් තීරණය ගැන මම අද සතුටු වෙමි.

වරක් තර්ජන හේතුවෙන් ඉන්දියාවට ගිය මම එහි අතරමං වීමි. දැන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යකරුවකු වන රෝහිත භාෂණ හා කලක් එකට සිටි සෙසු 'මිතුරන්ගේ' හැටි තේරුම් ගත් මම මගේ පළමු දියණිය ඉපදෙන්නට පෙර දින හොර රහසේ ම අනතුරු නො තකා ලංකාවට ආපසු ආවෙමි. මාස ගණනක් නිවසින් පිටව සැඟවුණු ජීවිතයක් ගෙව්වෙමි. රැකියාව අහිමි වී  වසර තුනකට කිට්ටු කාලයක් කුලී වැඩ කළෙමි.

මා උගත් පාඩම වන්නේ මධ්‍යම පංතියෙන් පැවත එන, වාමාංශික කල්ලි කණ්ඩායම් පාළුවන් තරම් මිනිස්කම අතින් නරක ජීවීන් පිරිසක් තවත් නැති බවයි. ඔවුන් සමග මත ගැටුම් ඇති කර ගන්නා අය ආණ්ඩුව ලවා හෝ වලපල්ලට යවා ගැනීම ඔවුන්ගේ අරමුණයි. මේ බව මා දිගින් දිගට ම සඳහන් කරන්නේ මෙවැනි ජරා මිනිසුන්ගෙන් අනාගත පරපුර බේරා ගත යුතු නිසා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා ඔසී එන්න කැමතිද?

    ReplyDelete
    Replies
    1. තිලංග ඇතුලු තවත් 09කට අද සවස ඇමතිකම්.
      කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට මීළඟ ඇමති දිගුවේදී ඇමතිකමක් ලැබීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. එම ධූරය භාර ගැනීමට සුමතිපාල මහතා කැමැත්ත පලකොට තිබේ.

      ඒ අනුව ‘ලක්බිම' පුවත්පත හිමි තිලංග සුමතිපාල අමාත්‍ය මණ්ඩලයට පත්වීම මගින් මේ වන තෙක් රාජපක්ෂවරුන්ට වක්‍රාකාරයෙන් සහයෝගය පලකළ ලක්බිම පුවත්පතද රජයේ පැත්තට ගැනීමට හැකිවනු ඇත.

      එමෙන්ම රජයෙ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාටද ජනාධිපතිවරයා විසින් ඇමතිකමක් පිලිගන්වා ඇතත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

      එසේම නව ආණ්ඩුවේ ඇමැතිරු සංඛ්‍යාව තවත් ඉහල නංවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීන් පිරිසක් ඇමැතිවරු ලෙස දිවුරුම් දීම අද (31) සවස සිදුවන බවට වාර්තා වේ.

      Delete
    2. මහින්ද රාජපක්ෂ දුෂිත හොර දෙටුවා විසින් බාර නොදී සඟවා සිටින1976 වර්ෂයේ නිෂ්පාදිත 7 ශ්‍රී 0895 පර්ජෝ වර්ගයේ මිල කියා නිම කල නොහැකි වාහනය දුටු තැන අල්ලනු.

      - රනිල් පොන්න හාමු ප්‍රමුක ජහ පාලන හරක් රැල

      Delete
  2. ඉතා කණගාටුදායක තත්වයක්.

    ශාන්ත සහ ඔබ, ශාන්ත සහ සුනන්ද, ඔබ සහ ඉන්දික, දෙමළ මාධ්‍යවේදියා සහ මංජුල/සනත් ඇතුළු පිරිස වැනි උදාහරණ වලින් වැටහෙන්නේ එකම බෝට්ටුවේ සිටින අයගෙන උදව් බලාපොරොත්තු වීම තේරුමක් නෑ කියන එක නේද?

    ReplyDelete
    Replies
    1. කකා නං ලැම්බට් වෙලා ඔසී ගියා. කකාට වගේ චෑන්ස් හැමෝටම නෑනේ.

      ඔසී යන්න කකා
      ලැම්බට් උන කකා
      වල් වනචර කකා
      අපිට එපා කකා

      කොලු සැප නිති පතා
      තට්ටේ බායි කකා
      තට්ටෙන් සොමි කකා
      අපිට එපා කකා

      වල් වනචර කකා
      අන්න ඈත එනා
      කකා හරිම සතා
      ගෙට පලයන් පුතා

      Delete
    2. ඔසී ගියපු කකා...
      සැප ගන්නව ඉතා..
      ඒ ගැන සිත සිතා..
      නොම දුක් වන් පුතා...

      කොපි කර කවි කතා..
      නුඹ දැම්මත් පුතා....
      මුල් අයිතිය සදා...
      අන් සතු වෙයි පුතා...

      කකාට සෙත පතා...
      ලියනව කවි ගොතා...
      ආයු සැපත වඩා...
      වැජඹේවා කකා....

      කකා උතුම් පුතා...
      ගුණ යහපත් ඉතා...
      මනු දම් සුරකිතා...
      නැත ඒ ගැන කතා...

      Delete
    3. ඔසී ගිහින් කකා
      ඔසී ඉන්න මෙයා
      මේහේ වැඩත් ඉතා
      අපි ගන්නන් බලා

      Delete
  3. තරහ වෙන්න එපා පැරා කිව්වට. පැරා දන්නවා ඇතිනේ ජෙප්පෝ පිටට මොන ටෝක් දුන්නත් තමන්ගේ බලේ තියන කැම්පස් ඇතුලේ කොච්චාර මර්දකයෝ ද කියලා. ඒ වගේම තමයි ඔය පැරා කියන වාම කණ්ඩායම්.

    ඉතින් පැරා කියල අමුතුද පැරා?

    මතක නේද මේ චන්දෙකින් පොඩි බලයක් (ආණ්ඩු බලේකුත් නෙවෙයි ටෙක්නිකලි නම්, ජනාධිපති බලෙන් කොල්ල කාපු පාර්ලිමේන්තු බලයක්) පැරා කඩේ ගිය කණ්ඩායමට ඇවිත්, කැන්ගරු කෝට් එකකින් අග විනිසුරු (හොරෙක් තමයි, ඒක වෙනම කතාවක්, මොකෝ ශිරානි බබා ද?) එලවපු වෙලාවේ පැරා මේ බ්ලොග් එකේ ම දාපු චන්ඩි පාට්?

    මෙන්න ඕනනම් උදාහරණ ටිකක්:

    // ඒක දැන් ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයි. //
    // මේ කුජීත දූෂිතයාව තනතුරේ තියාගෙන ඉන්නවා කියන්නේ පිළිකා සෛලයක් මොළේ ළඟ තියෙන්න අරිනවා වගේ වැඩක් බව තේරුම් ගන්න බැරි තරම් ආණ්ඩුව ළඳ බොළඳ නැහැ මෙයාලා. //
    // දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේක හරි. //
    // නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා.//

    ඉස්සර නම් පැරා හිරු කණ්ඩායමේ උන් පැරා උදව් ඉල්ලන්න ගිය වෙලාවේ පිටු පාපු එක ගැන කියන කොට පොඩි අනුකම්පාවක් මට තිබුනා. ඒත් දැන් නම් හිතෙන්නේ උනුත් හිතන්න ඇති:

    // පැරකුම් ද්‍රෝහියා කොහොම හරි ඉවර වෙද්දෙන්. ලෙඩා මළත් බඩ සුද්දයි. //
    // මේ කුජීත පැරාව තියාගෙන ඉන්නවා කියන්නේ පිළිකා සෛලයක් මොළේ ළඟ තියෙන්න අරිනවා වගේ වැඩක් බව තේරුම් ගන්න බැරි තරම් අපි ළඳ බොළඳ නැහැ මෙයාලා. //
    // දැන් අපෙන් අහන්න එපා විප්ලවය වෙනුවෙන් කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේක හරි. //
    // නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා.//

    ඉතින් පැරා අපිට නම් ආයේ අහිංසක පාට් දාන්න එපා. ඔයත් චන්ඩියෙක් නේ ඔයාටත් පුළුවන් වෙලාවට?

    ReplyDelete
    Replies
    1. "දැන් ඉතින් සමනලී ෆොන්සේකා බොරු කළා ය කියා අඬලා වැඩක් නැත. සිදු වූ දේ වෙලා හමාර ය. දේශපාලනය තේරුම් ගන්න"

      Delete
  4. අබුද්ධස්සකාලේ මාධ්‍යවේදියෙක්

    http://transyl2014.blogspot.ca/2015/03/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ නිර්මාණයක් ද? සත්‍යය බිඳක් මත හෝ පදනම් වෙලා තියෙනවා ද?

      අර කරෝල මුදලාලි මොනවා කරනවාද මන්දා මෙහේ ඇවිත්. සිඩ්නිවල ඉන්න අපි තාම කන්නේ ලංකාවෙන් පැකට් කරලා, බැදලා බෝතල් කරලා එන කරෝල.

      පුවත්පත්වලට ලියන අය කීප දෙනෙක් එනවා නම් ඉතා හොඳයි.

      Delete
    2. මාත් දාන්න හිටියේ මේ ලින්ක් එක මෙතනට..

      Delete
    3. @රසිකොලොජිස්ට්,

      අනේ යනවා ඔයි යන්න මේ කරවල කතාවක් කියල රුවන්ගේ කතාව අලකරන්න නැතුව. දැන් මේ හිටපු කරවල මුදලාලි සිඩ්නි ඇවිල්ල කරන්න ඕනේ තමුසෙලාව වගේ එහෙ එක පයයි මෙහෙ එක පයයි තියාගෙන් ඉන්න ගොබ්බයන්ට කරවල වෙලාන එකද? අයි ඒ මිනිහට සුද්දන්ට ඉංග්‍රීසි උගන්න්නන් බැරිද?

      Delete
  5. සරණාගතයන් ලෙස තරඟය යන්න වැඩියෙන් හොඳට හඳුනා ගන්නට නම්, එය වෙළඳපොල තත්වයක් හැටියට නොව ප්‍රතිවිරෝධී චර්යාත්මක ක්‍රියාවලියක් (process of rivalrous behavior) ලෙසින් දැකිය යුතුයි.
    මාධ්‍යකරුවන්ට අනෙකුත් මාධ්‍යකරුවන් හා තරඟ කරන්නට වෙළඳපොලට ඇතුල් වෙන්නට නිදහස ඇත්නම්, රසිකයන්ට තමන් කැමති මාධ්‍ය තෝරා ගන්නට නිදහස ඇත්නම්, එවිට මාධ්‍යකරුවන්ගේ හැදියාවට තරඟ කරන නිෂ්පාදකයන් අතර ඇති ප්‍රතිවිරෝධී (rivalry) චර්යාව නිසා වැඩියෙන් වාසි ලැබෙන්නේ රසිකයන්ටටයි.

    ReplyDelete
  6. /මම ශාන්ත වැනි එඩිතර මාධ්‍යකරුවකු නො වන බව මම එදා සිට ම පවසන්නෙමි./

    ගෝටාගේ සුදු වෑන් වලටත් බය නැතුව අභීතව හිටිය කියල කිව්වේ කවුද එතකොට?

    ReplyDelete
  7. පැරා මම කැමති ඔබෙන් ප්‍රශ්න වගයක් අසන්නට? හැකිනම් පිලිතුරු සපයන්න.

    01.පැරා ඔබ ඇයි 'හිරු කණ්ඩායමෙන්' ඉවත් වුනේ?ඔබ ඒ ගැන පැහැදිලි කරන්න.

    02.'හිරු කණ්ඩායමේ' නායක රෝහිත භාෂණ එදා පෙනී සිටි මතයේ ම අදටත් ඔහු පෙනී ඉන්නවා.ඒ ගැන ඔබේ අදහස සහ ඔබේ අතීත මතයන් සහ වර්තමාන මතය කුමක් ද කියා පැහැදිලි කරන්න.

    03.වෙඩිවර්ධනට අරලිය ගහ මන්දිරේ ට යෑම තහනම් ද? තහනම් නම් ඔබටත් යු.ඇන්.පී හෙංචයියන් විසින් පවත්වන ලද නෙළුම් යායට ගිහින් එක වේදිකාව සිටිමට තහනම් විය යුතුයි නේද?

    04.ජේ.ඩී.එස් කණ්ඩායම "සුළුතර දෙමළ ජනතාව" වෙනුවෙන් පෙනී සිටීම ඔබේ සිංහල බෞද්ධ ළාමක හදවතට වේදනාවක් ගෙනදෙන්නේ ද?

    05.ජයම්පතී යනු 'දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා" යයි පවසමින් දේශපාලන සිරකරුවන් විකුණා මුදල් ගෙන වංචා කල පුද්ගලයෙකි.ඔහුයි,ඔබයි අතර තිබෙන සම්බන්ධය කුමක් ද?

    06.ජයම්පතී නේපාලේ සරණාගතයෙකු ලෙස සිටින්නේ ඔහු ලංකාවේ කුමන දේශපාලන ක්‍රියාවක නිරත වු නිසා ද?පැහැදිලි කරන්න.

    මතු සම්බන්ධයි.
    ඔබගේ පිලිතුරු බලාපොරොත්තු වෙමී.

    ඔබ කිසිම දෙයක් සගවන්නේ නැතුව 'පිරිමියෙකු' ලෙස පිලිතුරු දෙන්න.
    (උත්තර දීමට නොහැකි නම් අනුන් නොදන්නා තමන් දන්නා දේ නොපවසන්න.)

    ReplyDelete
    Replies
    1. අයිසෙ පැරකුම්...
      අපිත් බලාන ඉන්නවා තමුන්නැහැ මෙව්වට උත්තර සපයනකල්..... මොකද ඇඟිලි හිර වෙනවා වගේද උත්තර ටයිප් කරද්දි....

      Delete
    2. මම උත්තර දෙන්නේ මට ඕන ඒවාට විතරයි. මම ලියන්නෙත් මට ඕන දේ විතරයි. බොරු තර්ක අත අරිමු. අපි කරන්නේ දේශපාලනය. ලෙඩා මලත් බඩ සුද්දයි.

      Delete
    3. 1. මා හිරු කණ්ඩායමෙන් ඉවත් වූයේ කණ්ඩායමේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන අභිමතාර්ථ ආදිය පිළිබබඳ දීර්ඝ ගැටුමකින් පසුවයි. එහිදී මා පමණක් නොව කණ්ඩායමේ ප්‍රධාන පිරිසෙන් අඩක් පමණ ඉවත් වූ හ. ‍

      2. රෝහිත භාෂණ එදාත්, අදත් කරන්නේ දෙමළ ජාතිවාදයට සේවය කිරීමයි. ඔහු සියලු න්‍යායන් ගොඩනැගුවේ ඒ වෙනුවෙනි. ඔහුට තමන් කරන දේ එදාත් අපැහැදිලි විය. අදත් අපැහැදිලි ය. අප ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වුණේ දෙමළ ජාතිවාදයට සේවය කිරීමට නොව කළ මැදිහත්වීම් හරහා අපි අපගේ මතය නිරවුල් කර ගත්තෙමු. අපි එය මෙහි ලියා ඇත. අධ්‍යයනය කර ඉගෙන ගන්න.

      3. මංජුල වෙඩිවර්ධන අරලියගහමන්දිරයට ගියේ ඔහු කර්තෘකම කළ සංගීතා වීරරත්නගේ පවුලේ පුවත්පතේ පිටු අනුමත කරවාගෙන එන්නට ය. එ් ගමන් ඔහු මාධ්‍ය නිදහස වෙනුවෙන් ද පෙනී සිටියේ ය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුදල් වංචා සම්බන්ධයෙන් ඔහුත්, අතුලත් වගකිව යුතු ය. ඔවුන් රටින් පැන්නේ මේවා වසා ගන්නට ය. ඒකට කමක් නැත. ඔවුහු තර්ජනයට පත් අනෙක් මාධ්‍යකරුවන් රැවටීමට ද ක්‍රියා කළ හ. නෙළුම්යායට මා සහභාගි වූයේ නිශ්චිත ආරාධනයක් මත නිශ්චිත කාර්යයකට විනා අන් කිසිවකට නො වේ.

      04. ජේ.ඩී.එස්. පෙනී සිටින්නේ දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට නොව ලංකාවේ අවුල තවත් තීව්‍ර කර අරාජික තත්වයක් නිර්මානය කර නැවත දෙමළ ඊලාම් අරගලය ඉදිරියට ගන්නට ය. ඔවුහු කිසි දිනෙක බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුමක් වෙනුවෙන් කැමැත්තක් දක්වා නැත. අප පෙනී සිටින්නේ ජාතීන් වෙනුවෙන් ජාතික රාජ්‍ය බිහි කර දීම වෙනුවෙන් නොව, දියුණු දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීම හා ඒ හා ගැලපෙන රාජ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙනි.

      05. ජයම්පතී බුලත්සිංහලත් මාත් අතර කිසිදු සම්බන්ධයක් නැත. මා ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහු විසින් මෑතදී ඉදිරිපත් කරන ලද ඉල්ලීම මත පදනම්ව පමණි.

      06. ජයම්පතී යම් යම් දේශපාලන කටයුතුවල යෙදී සිටි බව මම දනිමි. ඔහු පොදු උද්ඝෝෂණ ආදියෙහිත්, යම් මාධ්‍ය මැදිහත්වීම්වලත් නිමග්නව සි‍ටින අයුර මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ‍මේ ප්‍රශ්නය අසන නිර්නාමික ඔබ අනෙක් අය ගැන හා ඔබ ගැන ද මෙම ප්‍රශ්නය අසා ගන්නවා නම් හොඳ ය.

      මගේ පිරිමිකම ගැන ප්‍රශ්න කරන ඔබට මට කීමට ඇත්තේ මට ගැහැනියක කියනවාට මගේ කිසිදු අකැමැත්තක් නැතිබවයි. මන්ද ජීව විද්‍යාත්මකව ඇති වෙනස්කමක් හැර පිරිමියා ගැහැනියට වඩා උතුම් යයි සලකන්නට හේතුවක් මා දැක නැත.

      අනුන්ගේ පෞරුෂය ප්‍රශ්න කරන ඔබ පළමුව ඇනොනිමස්කමට මුවා නොවී තමන්ගේ නමින් පෙනී සිටින්නට එඩිතර වන්න.

      Delete
    4. පැරා සුනන්ද දේශප්‍රිය රට පැන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සල්ලි හොරෙන් ගහල නේද?

      Delete
  8. ඔහේ හිතන්නේ අපේ පැරාට කරන්න වෙන වැඩක් නෑ කියලද ?

    ReplyDelete
  9. ස්තුති පැරා පිලිතුරු සැපයුවාට....

    // අනුන්ගේ පෞරුෂය ප්‍රශ්න කරන ඔබ පළමුව ඇනොනිමස්කමට මුවා නොවී තමන්ගේ නමින් පෙනී සිටින්නට එඩිතර වන්න. //

    මා හට එඩිතර වන්න කියන ඔබ එදා ගෝඨා ට බිය වී සැඟවුණු ජීවිතයක් ගත කර ඇති සේම මම ද එවැනි අවදානමකට අද ලක් වී ඇත.ඒ නිසා මම නිර්නාමිකව නැවතත් ඔබේන් ප්‍රශ්න වගයක් අසන්නට කැමත්ත පල කරමි.ඔබට හැකිනම් පිලිතුරු දෙන්න.

    01. ඔබ 'හිරු කණ්ඩායමේ' සේවය කල කාල සීමාව කොපමණ ද? සේවය සැපයුවේ කුමන ආකාරයකට ද?

    02.ඔබ පෙනී සිටින 'දියුණු දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීම හා ඒ හා ගැලපෙන රාජ්‍ය ප්‍රතිසංස්කරණ ' එයින් උතුරේ දෙමළ ජනතාවට ඇතිවන සේවය පැහැදිලි කරන්න.

    03.අද වන විට රටේ අග්‍රාමාත්‍යවරයා, උතුරේ දේශපාලකයින් හිතා මතා අමතක කොට උතුරේ සංචාරය කරනවා.එයින් පෙනී යන්නේ 'දියුණු දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීම හා ඒ හා ගැලපෙන රාජ්‍ය ප්‍රතිසංස්කරණ '
    හා 'යහ පාලනය' ඇසුරින් පැහැදිලි කරන්න.

    04.චෞර ‍රැජීණට කඩේ ගිය සුනන්ද දේශප්‍රිය ගේ මස්සිනා පොඩ්ඩ වන ජයම්පතී බුලත්සිංහල නේපාලයේ සිටින 'සැබෑ මාධ්‍යකරුවා'(ජයම්පතී) ට ලංකාවට එන්නට කැමති බව ඔහු සමග ඔබත් පැවසුවා.ඔහුට එන්නට මුදල් නෑ කියා පවසන්නේ කෙප්පයක්ය.ඔහු දේශපාලන සිරකරුවන් විකුණා යුරෝපයෙන් මුදල් ගෙන වංචා කර ඇත.ඔහුගේ මුහුණු පොතේ යටට ම ගොස් බලන්න.එසේ කරපු ජයම්පතීට රු.ලක්ෂ 7 කජ්ජක් ද? නැතිනම් මොහුන්ව ගෙන්වන්න කියා ජනතාවට පවසන්නේ ඔබත් මොහුන් සමග එකතු වී මුදල් වංචා කිරීමටද?

    05.මංජුල වෙඩිවර්ධන අරලියගහමන්දිරයට ගියේ ඔහුට නියමිත කාර්්‍යය ඉ‍ටු කිරීමට නොවේ ද? ඔබ පමණක් කරු ජයසුරිය සමග එකම වේදීකාවට නගින්නේ 'දියුණු දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීම හා ඒ හා ගැලපෙන රාජ්‍ය ප්‍රතිසංස්කරණ ' වල ලක්ෂණයක් ද නැතිනම් 'නිශ්චිත ආරාධනයක් මත නිශ්චිත කාර්යයකට'පමණක් එහා ගිය ක්‍රියාවකට ද?

    ReplyDelete
    Replies
    1. මෙය ප්‍රශ්නෝත්තර වැඩසටහනක් නොවන බව පළමුව තේරුම් ගන්න. එහෙත්, දේශපාලනය ගැන කිසිදු හැදෑරීමකින් තොරව ප්‍රශ්න ඇසීම ලංකාවේ හැටියකි. කොච්චර පිළිතුරු දුන්නත් අවසානයේදී මුල් ප්‍රශ්නය ම ඇසීම ද එවැනි ය. ඔබ ද එවැනි බුලිකරුවෙක් බව දනිමි.

      හිරු කණ්ඩායමේ මා කළ කාර්යය ගැන දැනගන්නට උවමනා නම්, 2000 සිට 2005 දක්වා හිරු කණ්ඩායමේ ප්‍රකාශන හා ක්‍රියාකාරකම් අධ්‍යයනය කර බලන්න.

      දියුණු දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීම ගැන අප වසර ගණනාවක් තිස්සේ ලියා ඇත. සොයා කියවා බලන්න. වර්තමානයට අදාළව නම් දියුණු දේශපාලන ප්‍රජාවක් යනු සිංහල, දෙමළ ජාතික සීමාවන් ඉක්මවා ගිය දේශපාලන සමාජයකි. දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම ඉතිහාසය පුරා ම සිදු වී තිබේ. උඩරට, පහතරට හා කුල අනන්‍යතා මත බෙදී සිටි සිංහල කතා කරන ජනතාව සිංහල ජාතිය යන පොදු දේශපාලන ප්‍රජාව තුළ ගොනු වීම නිදසුනකි. එය කාටවත් සේවය කිරීමක් නොව අනිවාර්යයෙන් සිදු වන්නකි. අපට කළ හැක්කේ ඒ සඳහා ඇති බාධක මගහැරීමයි. සිංහල මෙන් ම දෙමළ ජාතිවාදය එයට බාධාවකි.

      තුන්වන ප්‍රශ්නය ඔබගේ ප්‍රශ්න සැකසීමේ දක්ෂතාව පෙන්වීම සඳහා කළ එකක් බව පෙනේ. කරුණු අධ්‍යයනය කර පිළිතුරත් ඔබ ම ලියාගන්න. මම ඔබගේ විභාග අපේක්ෂකයෙක් නොවෙමි.

      ජයම්පතී ගැන ඔබට තිබෙන ප්‍රශ්න පිළිබඳ අදාළ ආයතනවලට සාක්ෂි සහිතව පැමිණිලි කරන්න.

      අවසන් ප්‍රශ්නයට අදාළව මට කියන්නට ඇත්තේ මා කරන්නේ මා හරි ය කියා සිතන දේ මිස කාටවත් අවශ්‍ය දේ නො වේ. ඔබට කරු ජයසූරිය ලොකු වුණාට මට කරන්නට දෙයක් නැත. මට නම් ඔහුගේ කිසිදු වටිනාකමක් නැත. ඔහු ආවා කියා මා නො ගිහින් ඉන්නට තරම් මට නම් හේතුවක් නො පෙනේ. කරු ජයසූරිය එහි ආවේ මා සමග එක වේදිකාවේ සිටින්නට තිබෙන ආසාව නිසා ද වෙන්නට පුළුවන. ඔබ සොයා බලන්න. මට නම් මේවා වැදගත් නැත.

      ‍විභාග දෙපාර්තමේන්තුව වැනි ආයතනයක රැකියාවක් සඳහා අයදුම් කරන්න. නැතිනම් ප්‍රශ්නෝත්තර පොත් අච්චු ගහන ආයතනයකට සම්බන්ධ වන්න. ඔබට ඒ පැත්තෙන් අනාගතයක් තිබේ.

      ඔබේ ප්‍රශ්න පත්තර මින් පසු මට ඉදිරිපත් නො කරන්න. ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දිය හැකි ය. ඒ සඳහා ඇපොයින්ට්මන්ට් එකක් දමාගෙන කොන්ද පණ ඇති මිනිහකු සේ මතුගමට එන්න. තේ එකක් බී කතා කරමු.

      Delete
    2. ජයම්පතී බුලත්සිංහලගේ දුරකථන අංකය මෙසේ ය: 009779803087573

      කොන්ද පණ ඇතිව මේ කරුණු කෙළින් ම ඔහුගෙන් විමසන්න.

      Delete
  10. ‘‘ශාන්ත ජයසූරිය එඩිතර මාධ්‍යකරුවෙකි. ප්‍රභාකරන් මරා දැමීමෙන් පසු රජය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී එම ඝාතන සිදු කළ ආකාරයේ නෛතිකභාවය පිළිබඳ ප්‍රශ්න කරන්නට ඔහුට ධෛර්යය තිබිණි. ඒ වන විට එවැනි ප්‍රශ්නයකට සවන් දීමේ උවමනාවක්වත් ලංකාවේ සමාජයට එදා නො තිබිණි.‘‘

    ප්‍රභාකරන් සිංහලයන් ඝාතනය කළ ආකාරයේ නෛතිකභාවයක් එහෙම තිබුණාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා