මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් වහා ගෙනෙනු!

මහින්දගේ කරේ එල්ලී මනාප ක්‍රමයෙන් ගොඩ යන්නට බලා සිටින සත්ගුණවත් හිටපු ඇමතිවරයෙක්  
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු වන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන්නේ ද මතභේදාත්මක සමානුපාතික නියෝජනය හා මනාප ක්‍රමය යටතේ ය.

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමානුපාතික හා කේවල ක්‍රමවල සම්මිශ්‍රණයක් පිළිබඳ පැවති සංවාදය මෙවර ද මගහැර යනු දැකිය හැකි ය.

ලංකාවේ දේශපාලන ක්‍රමය දූෂණයට ලක් වන්නට විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල පමණක් නොව, සමානුපාතික නියෝජන ක්‍රමය හා මනාප ක්‍රමය බලපෑවේ ය.

නිදසුනක් සලකා බලමු. මහරාජා ආයතනය දේශපාලන පක්ෂ සමග ප්‍රචාරය වෙනුවෙන් දමා ගත් ඩීල්වලට අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා 2010 මහ මැතිවරණයේදී තරග කළ ජේ. ශ්‍රී රංගා මන්ත්‍රීවරයා මැතිවරණයට පසු වහා ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක් වූයේ ය. ඔහු ඊට පෙරත් සිටියේ මහින්ද සමග ය. මේ ශ්‍රී රංගා 2007දී විමල් වික්‍රමසිංහ නමැත්තකුගෙන් පුරවැසි පෙරමුණ නම් පක්ෂය ලබාගෙන තිබේ. manthri.lk වෙබ් අඩවිය ඔහුගේ මැදිහත්වීම ගැන කළ නිරීක්ෂණ අනුව ඔහු කිසිදු ක්ෂේත්‍රයක කැපී පෙනෙන මැදිහත්වීමක් කර නැත. මහජන මුදලින් වරප්‍රසාද ලබමින්, මහරාජා ආයතනයට සේවය කරමින්, රැඩිකල් මුහුණුවරක් පෙන්වමින් සිට, රාත්‍රියට අරලියගහමන්දිරයට රිංගන, නුවරඑළියේ දිළිඳු ජනයාගේ දේශපාලන නියෝජිතයකු ලෙස කළ කිසිදු වැදගත් වැඩක් නැති මෙවැනි ඩීල්කරුවන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ සමානුපාතික නියෝජනය නිසා ය.

එපමණක් නොව, අර්ජුන රණතුංග වැනි දේශපාලකයන් කලුතර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී, තමන්ට ඡන්දය දුන් ජනතාව සම්පූර්ණයෙන් ම නො තකා හැර ගම්පහට සේන්දු වූ ආකාරය අතිශය නින්දිත ය. මෙවැනි ක්‍රියා සමානුපාතික නියෝජනයේ ගැටලු ය.

මැතිවරණ ක්‍රමයේ වෙනස්කමක් සිදු ක‍ළහොත් නන්නත්තාර වන තවත් දේශපාලනඥයකු වන්නේ මහින්ද රාජපක්ෂයි. ඔහු වටා එක් රැස් වී සිටින චෞරයන් පිරිසට කිසියම් ආසනයකින් තේරී පත් වීම පහසු නැත. දැනටත් නිල ශ්‍රීලනිපයේ අපේක්ෂකත්වය ලැබෙයි ද නො ලැබෙයි ද යන්න විශ්වාස නැති දූෂිතයන් රැසක් බලා සිටින්නේ මහින්දගේ කරේ එල්ලී, හොරකම් කළ සල්ලි විසි කර, සමානුපාතික ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට ගොඩ යන්නට ය.

සමානුපාතික නියෝජනය හා මනාප ක්‍රමය මත පදනම් වූ වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ තවත් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නො දිය යුතු ය. යෝජිත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ද සිදු කරන තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්නට ඉඩ නො දිය යුතු ය.

එහෙත්, මැතිවරණ ක්‍රමය වෙනස් නො කරන නිසා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය යුතු නැත. එය සම්මත කර ගැනීම කාගේත් වගකීමකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මැතිවරණ ක්‍රමය වෙනස් නොකරනු. එහෙම කෙරුවොත් සල්ලි නැති එවුවන්ටත් එන්න පුළුවන් වෙනවා.

    ReplyDelete
  2. 19 කරලා 20 කරන්න පුළුවන්. ඕන නම් දෙකම එකට කරන්නත් පුළුවන්නේ. මොකටද කලබලෙන් 19 කරන්නේ?

    ඕක හරියට බඩුවක් ගහන්නත් ඕන. කොපුවක් ගේන්න කඩේට යන්නත් ඕන වගේ කේස් එකක්නේ. කඩේ ගිහින් කොපුව ගේන්න ගියොත් පරක්කු වෙන හින්ද යන්න කලින් එලියට අදින පොරොන්දුවට ගහන්න දෙන්න කියනවා වගේ වැඩක්නේ. ඇතුලේ ලීක් උනොත් බඩු පැකට්.

    මහින්දව එළවලා ඉමු ඉතුරුවා ඊට පස්සේ බලමු කියපු කට්ටියගේ දර්ශනය තවම වෙනස්වෙලා නෑ වගේ.

    ReplyDelete
  3. අහො පැරා සමානුපාතික ක්‍රමයෙ දොශය ඔය මොකක්වත් නෙවෙ, ඔය ක්‍රමය යටතෙ ස්ථාවර ආණ්ඩු බිහි නොවීමයි. යහපාලන ෆෙස්බුක් සිගිත්තන්ට නොතෙරෙන දෙය තමයි රටක් දියුනු වෙන්න අවශ්යම දෙය තමයි දෙශපාලන ස්ථාවරත්වය. ඒකනෙ ඇමරිකාව අපිට විධායක ජනාධිපතිදූරය අහොසි කරන්න උපදෙස් දුන්නට උන් කවදාවත් උන්ගෙ විධායක ජනාධිපතිදූරය අහොසි නොකරන්නෙ.

    ReplyDelete
  4. මුලින්ම අපේ යහපාලන ටෝයියෝ ටික කිව්වා දින සියයෙන් පස්සේ කිරි පැණි ඉතිරෙයි කියල,
    වැඩේ ටික ටික අල වෙනේකොට කිව්වා ඉවසන්න කිව්වා
    දැන් මු කියනවා කවදාවත් මේ ආණ්ඩුවෙන් යහපාලනය ඇතිවෙන්නේ නැහැ කියල

    එහෙනම් මොකද යකුනේ හොදට තිබ්බ මහින්දගේ ආණ්ඩුව පෙරෙලුවේ?
    සමහර ටෝයියන්ටනම් දැනටම පඩිසන් දීල, බෝනස් කපල, ජොබ් කෙලෙවෙලා . හැබැයි කරුමේ කියන්නේ මේ ටොයි ලිඩරල වන පැරාල, රාජ්ල, මාතලන්ලට ගේම සෙට් වෙලා නැහැනේ!

    ReplyDelete
    Replies
    1. //හොඳට තිබ්බ මහින්දගෙ ආණ්ඩුව// ............ හුකෑස් !

      මිනිස්සු ඉස්පිරිතාල ගානෙ රස්තියාදු වෙලා, තමාගෙ අතේ තියෙන සොච්චමත් වියදම් කරගෙන හොඳට තියෙන තුවාලත් හොඳ කරගන්නවා. ඒ මොකද හොඳට තිබ්බට තුවාලෙ තුවාලයක්ම නිසා. හොඳට තියෙන හැම දේම හොඳට තියෙන නිසාම දිගටම තියාගන්න ඕන නෑ නේද ඇනෝ?

      Delete
    2. අනිවා අරවින්ද උඹ හරියටම හරි. අපි ඒකනේ තුවාලේ අයින් කරලා පිළිකාවක් සෙට් කරගත්තේ.

      Delete
    3. හැබැයි බන් සමහර විට මොළයේ තුවාල ආවම ඇත්තටම පිළිකාව මොකක්ද තුවාලය මොකක්ද කියන එක තීරණය කරගන්න බැරි තත්වයට පත් වෙනවා. ඉතින් එහෙම වුනාම හොඳම දේ මොළේ පොඩ්ඩක් චෙක් කරගන්න එක. ;)

      Delete
  5. පැරා මේ පාර කුලියට පෝස්ටර් අලවන්නේ කාගෙ පක්සෙටද?

    ReplyDelete
  6. බහුමන්ත්‍රී ආසන නම් වර්ගවාදී නියෝජන ක්‍රමය නැවත නොගෙනෙව්.

    ReplyDelete
  7. පැරා කිව්වනෙ........ දැං කරයි......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා