සම්මුති මැදින් 19 සම්මත වන ලකුණු

පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන ලකුණු දක්නට තිබේ. 

කෙසේ වෙතත්, විවාදය තව දුරටත් පැවැත්වෙන අතර ඡන්ද විමසීම පස්වරු 7 දක්වා කල් දමා තිබේ. 

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සාකච්ඡා රැසක් පැවැත්වුණ බව ද මේ වන විට සම්මුතියක් නිර්මානය වී 19 සම්මත වන ලකුණු පහළ වී ඇති බව ද නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා සිය මුහුණු පොතේ පවසයි. 

ඇති වී තිබෙන සම්මුතිය අනුව, අගමැතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයාට ‍පැවරේ. මෙම බලය ජනාධිපතිවරයා අත තබා ගැනීමට අවශ්‍ය වී තිබෙන්නේ විපක්ෂයටයි.

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගැන ද මතභේදයක් තිබේ. අගමැති, කතානායක හා විපක්ෂ නායකත් තවත් ස්වාධීන ප්‍රමුඛ පුද්ගලයන් සත්දෙනෙකුත් ඇතුළු වන පරිදි ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමට යෝජනා වුව ද, එයට විපක්ෂය විරෝධය පළ කර තිබේ. විපක්ෂය විසින් යෝජනා කර තිබෙන්නේ ඒ හත්දෙනා ද මන්ත්‍රීවරුන් විය යුතු බවයි. ‍‍

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් නිර්දේශ කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාව විසිනි. 

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල සීමා වන නමුත් තව දුරටත් රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිවරයා ම ය. ජනාධිපතිවරයාට දෙවරක් ධුරයට තේරී පත් වීමට හැකි වේ. එහෙත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල දැඩිව සීමා වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔනරබල් මහින්දානන්ද අලුත්ගමගේ - පක්ෂයි (කට පු* වගේ හදාගෙන)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා