19 සම්මතයි. ප්‍රජාතන්ත්‍රවාදය පියවරක් ඉදිරියට

සරත් වීරසේකර  
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී තිබේ.

වසර 37ක ඒකාධිපති ස්වරූපී පාලනය හා එය උපරිම තලයට ගෙන ආ නව වසරක රාජපක්ෂ ක්‍රමය නිත්‍ය ලෙස පරාජය කරන ලදී.

රාජපක්ෂවාදීන් අතරින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරදවන බව ශපථ කළ වීරකුමාර දිසානායක නම් විමල් වීරවංශ පාක්ෂිකයා පක්ෂව ඡන්දය දුන් අතර විමල් වීරවංශ පක්ෂ බව කියන ගමන් සංශෝධනවලට පක්ෂ වූ නිසා පක්ෂ වන බව ද කීවේ ය. 

පනතට විරුද්ධව ඡන්දය දුන්නේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. මේ වනාහි කිසිදු ප්‍රතිපත්තියකින් තොර කාර්යයක් බව අපේ අදහසයි. එය දෙවැනි වන්නේ පාර්ලිමේන්තුවට එන්නට තරම් ආත්ම ශක්තියක් නො තිබුණු හිටපු විනිසුරුවරයකු හා මහින්දගේ චක්ගෝලයකු වන ජානක බංඩාර හා එල්ලාවල මේධානන්ද වැනි අයගේ නින්දිත ක්‍රියාකලාපයට පමණි. 

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තරමක් තනුක කර තිබේ. විශේෂයෙන් ම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දසදෙනාගෙන් හතක් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමෙන් එම සභාවේ දේශපාලනිකත්වය වැඩි වේ. එම සභාවේ කාර්යභාරය වන්නේ ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමයි. එහෙත්, ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය දැන් ප්‍රශ්නයකි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි. එහෙත්, එයින් සියල්ල සපිරෙනු ඇතැයි අපි නො කියමු. මෙම සංශෝධ‍නයෙන් අපි අඳුරු යුගයක් පරදවා නව යුගයක දොරටු විවර කළෙමු. පියවරක් ඉදිරියට තැබුවෙමු. තිබුණාට වඩා හොඳ තත්වයක් නිර්මානය කළෙමු. ජය තහවුරු වන්නේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන අරගලය මත ය. 

මෙම සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ ඇති අලුත් ගැටලු හඳුනාගත හැකි වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වූ අරගලය අත නො හැරිය යුත්තේ එයිනි. 

මෙය ඓතිහාසික අවස්ථාවකි. පනතට පක්ෂව ඡන්දය දුන් සැමට අපගේ ප්‍රණාමය! 

පනතට විරුද්ධ වූවන්, සිතා මතා ඡන්දය මගහැරියවුන් හා ඡන්දය දීමෙන් වැළකී සිටියවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. විමලයා වෙච්ච් නෝන්ඩිය වහ ගන්න අසාර්ථක වෑයමක යෙදෙනවා දැක්කද.

    මූට විනයක් ඇතුව ජන්දෙ දෙන්නවත් බෑ

    ReplyDelete
  2. දැන් පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ ඊලගට එජාප බහුතර පාර්ලිමේන්තුවක් පත්වීම වලක්වන බෑ.. යූඑන්පිය ආසන 113 නොලැබුනත් දෙමල ස. හා ෆොන්සේකා එක්ක එකතුවෙලා හරි ආන්ඩුව පිහිටුවනවාමයි...

    ඊට පස්සේ 2025 වෙනකම් රනිල් අගමැති... රාජපක්ෂ ඒ වෙනකොට සෙත්තපොවීචි.. ගෝටා, බැසිල් අධිකරනයෙන් වරදකරුවෝ වෙලා ප්‍රජාඅයිතිය අහිමිකරගෙන... බොහෝවිට නාමලුත් පාර්ලිමේතුවෙ නෑ..

    2025 ආසියාවේ දියුනුම, ප්‍රජාතන්ත්‍රවාදීම, ඉදිරිගාමීම රටක් බවට ලංකාව පත්වෙනවා ඒකාන්තයි...

    2025න් පස්සේ රට ගෙනියන්න ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස හෝ විමුක්ති කුමාරතුංග යන දෙන්නගෙන් එක්කෙනෙකුට..

    ReplyDelete
    Replies
    1. එය එසේ වනවායැයි යම් පමණක හෝ බලාපොරොත්තුවක් තැබිය හැකිද? එසේ වන්නේ නම් යහපත්ය.

      Delete
  3. හූනියම කැපුවා
    ටක්කෙටම කැපිලද
    දැන් ඉතින්
    ආතුරයා බේරාගත යුතුව තිබෙන්නේ
    හූනියම කැපූ කපුවන්ගෙන්ද
    ආදිය
    නුදුරේදීම දැකගත හැකිවනු ඇත.

    ReplyDelete
  4. Sarath Weerasekara- Pathkala manthri warayek. Mahajana chanden aawa kenek nevei. Mahindata kalaguna salakalaa viruddhavenna ethi. Eyaage virodhaya ganan nogena imu.

    ReplyDelete
  5. මාර්ටින් චස්ල්විට්April 30, 2015 at 10:05 AM

    සරත් වීරසේකර යනු මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරයෙක් - පත් කළ අයෙක් නොවේ . ඔහුගේ ජාතිකවාදී මතවාදය මා දරන මතවාදයට සම්පූර්ණයෙන් පරස්පර වුවත් කොන්දක් ඇතුව තම මතය වෙනුවෙන් පෙනී සිටීම ඉතාම අගය කළ යුතුයි . හැමතැනම ඊනියා මධ්‍යස්ථ මතධාරීන් ඉන්න කාලෙක තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටීම හොඳ දෙයක් . ඊළඟ පාර්ලිමේන්තුවේත් ඔහු පමණක් නොව එවැනි ජාතිකවාදී මතවාදයේ සිටින කිහිප දෙනෙක් හෝ සිටීම හොඳයි . පාර්ලිමේන්තුවේ රටේ ජනතාවගේ හරස්කඩක් වෙන්නේ එවිටයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා