එළියකන්දේ වැසිකිලි සැප

කතාවක් කියන්නයි යන්නෙ. 

ඔන්න අසූනමයෙ මාව කුදලන් ගියා එළියකන්දට. ප්‍රේමදාස බලයට අාපු ගමන් හදිසි නීතිය ඉවත් කළානෙ. ඒ කාලෙ තමයි මං එළියකන්දට අරන් ගියේ. මාත් එක්ක කුදලන් ආපු රුහුණු කැම්පස් සහෝදරයෙකුව නිදහස් කරගන්න ලොකු උද්ඝෝෂණයක් ගියා. ඒ නිසා මාව නිදහස්‍ නො වුණත්, මට දීර්ඝ කාලීන රැඳවුම් නියෝගයක් ලැබුණා. අපරාදෙ කියන්න බැහැ ඒ කාලෙ කැප්ටන් කෙනෙක් වුණ රත්නායක ලොක්කා මගේ පණ මුල් වටයෙදි බේරුවා. ඊට පස්සේ මං උපායෙන් අපායේ නො වැටී හිටියා. බිල්ලටත් නො ගිහින් හොඳේ.

එලියකන්ද වධක බෝඩිමේ මං අවුරුද්දයි, මාසයයි, දවසක් ම හිටියා. සැප කණේ. මේවා ලියලා තියන්න ඕනැ අනාගත පරපුරට දැන ගන්න. දැනට කක්කා සැප ගැන විතරක් කෙටියෙන් ලියන්නම්. 

එතන ඉන්න පිරිස ටික, ‍ටික මාංචු ගලවලා, ඇස් ලිහලා ගන්නවා එළියට. සොල්දාදු උන්නැහේ කෙනෙකුට ‍උදේම අත පය හිරි ඇර ගන්න හිතුනොත් ඒකත් ඒ අතරෙම කර ගන්නවා. 

ඉන් පස්සෙ එක වතුර බාල්දියෙන් පස්දෙනෙක් මුහුණ සේදීම හෙවත් හැමෝගෙම කුණු දියකරගෙන මුහුණෙ ගා ගැනීම.

ඊළඟට වැසිකිළි පෝලිම. කට්ටියට සරං දාන්න පුවක් ගහක් බැඳලා තිබුණා ගස් දෙකක. ඒකෙ සරම දාලා බිම ඇණ ගහගෙන තමයි පල්ලම දිහාවට ට යන්න පෝලිමේ යන්න ඕනැ. 

වැසිකිලිය කියන්නේ සොල්දාදු උන්නැහේලා යන වැසිකිලියේ වල. ඒකෙ ලෑලි දෙක දෙපැත්තට කරලා ඉඩක් පාදලා තිබෙනවා. එතනට මීටර් දහයක් විතර ඉහළින් පුටුවක් තිය‍ගෙන සොල්දාදු උන්‍නැහේ කෙනෙක් ඉන්නවා ටී පනස් හයකුත් අතින් අරගෙන. එතන ඉන්නවා අපේ බිල්ලා සහෝදරයෙක් හිටගෙන. එයාගෙ ඩියුටිය තමයි, "ඒයි, ඉස්සරහ ඉන්න එකා නැගිටලා පලයං," කියන එක.

තමන්ගෙ වා‍රෙ ආවාම නැගිටලා යන ඉස්සරහ හිටපු එකාගෙ හිස් කෑන් එක ඉල්ලා ගන්න ඕනැ. ඩබල් එකේ දුවලා ගිහින් ඒකට වතුර පුරවා ගන්න ඕනැ. හිල් කෑන් එකක් අහු වුණොත් ඉතින් දවසම ඇට්ටිම්බෙන් තමයි. කොහොම හරි අර කොංක්‍රීට් ලෑලි දෙක පළල් කරලා කෙළින්ම වල උඩින් හදපු ඉස්තරම් කොමඩ් එක උඩ පස්දෙනෙක් උක්කුටිකයෙන් වාඩි වෙන්න ඕනැ. ඉන්න පුළුවන් කාලය පිටුපස්සේ සිට ඉස්සරටහට උක්කුටිකයෙන්ම ගමන් කරන්න ලැබෙන කාලය. 

අර අපේ බිල්ලා සහෝදරයා "ඒයි, ඉස්සරහ ඉන්න එකා නැගිටලා පලයං," කියනකොට හේදුවා, ගියා. වැඩේ උනා ද, නැද්ද, අද දවසට එච්චරයි. 

මේ අතර ඉස්සරහින් බඩ බුරුල් වුණ හාදයෙක් හිටියොත් එහෙම අසූචි ස්ප්‍රේ පාරකුත් විඳගන්න පුළුවන්. 

එන ගමන් ඩබල් එකේ සරමත් ඇඳගෙන පොලු පාරක්, වයර් පාරක් දෙනවා නම් ඒකත් කාගෙන ගිහින් දෙන්න, දෙන්නා මාංචු දාගෙන ඇස් බැඳගෙන බිත්තියට හේත්තු නොවී බිම වාඩි වෙලා ඉන්න ඕනැ. 

අවේලාවේ වැසිකිලි බරක් ආවොත් එය මරණයට හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හොරෙන් ෂොපිං බෑග් එකකට වැඩේ කරලා පහුවෙනිදා ඒක වලට ගිහින් දාන එකත් හොර රහසේ කෙරුණා. අහු වුණොත් ගුටි විතරක් නෙමෙයි, අර ඉස්තරම් සුගන්ධයෙන් යුත් කක්ක පැකට් එක කටින් එල්ලගෙන ඉසි පෝසන් හෙවත් ඊසි පොසිෂන් ඉන්නත් වෙනවා. 

මේව කියවනකොට රසවත් ඇති. ඒත් විඳිනකොට තමයි වැඩේ. ඒ දවස්වල ‍එතන හිටි අය නිදහස් වු පසු දිනා ගන්න ප්‍රාර්ථනා කරපු ප්‍රධාන ම දෙයක් තමයි, නිදහසේ වැසිකිලි යාම. 

හැබැයි, එතැනින් වීරවිල රැඳවුම් කඳවුරට මාරු කළා ම ‍එතන තිබුණා වැසිකිලි තිහක විතර පේලියක්. කට්ටිය එතනදි සෑහෙන්න කක්කා දැමීමේ නිදහස භුක්ති වින්දා.

අවේලාවක කක්කා බර වෙලා ඒක තද කරගන්න උත්සාහ කරනකොට, එළියට කර පොවා බලන අසූචි බෙටි ආපහු ඇතුළට දාගන්න උත්සාහ කරනකොට ඒකෙ තිබෙන ශාරීරික හා මානසික වධය ගැන ඔබට හිතා ගන්න පුළුවන් ද? මේක අවුරුද්දක් විතර කරපු කෙනෙකුට කොහොම තියේවි ද?

දැන් ‍මේක කියෙව්වා ම මෙතන කමෙන්ට් කොටන සමහර මහත්තුරු මේ අත්දැකීම් ලබපු මගේ මානසික මට්ටම හොයන්න උත්සාහ කරනවා. කමක් නැහැ. ඒ එක්කම මේ දේවල් කරපු අයගේ මානසික මට්ටම හා ඒවා අනුමත කරපු සිස්ටම් එක ගැනත් සොයන්න. 

ඒ එක්කම, ඒ කාලෙ ජාතිවාදී සිංහල කොල්ලන් වූ අපට අපේ ම සිංහල සොල්දාදුවන්ගෙන් ලැබුණු මේ වගේ සත්කාර අනුව පස්සෙ කාලෙක වෙච්ච දේ ගැනත් හිතලා බලන්නකෝ. 

මේ කතා ලියා තබන්න කැමතියි. කාටවත් මඩ ගහන්න හෝ දේශපාලන වාසියක් ගන්න නෙමෙයි. මැරෙන්න කලින් ඒවා ලියා තැබිය යුතු නිසා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හදිසියේ හරි JVP ආණ්ඩුවක් තිබුණා කියල හිතමු.
    උන්ට විරුද්ධව UNP/SLFP එවුන් කැරැල්ලක් ගහනවා.
    එතකොට ආණ්ඩුවේ ඉන්න JVP එවුන් කැරැල්ල මර්ධනය කරන්නේ කොහාමද ?

    ReplyDelete
    Replies
    1. oka mehemai wenne umbama therum ganin

      Delete
    2. ජවිපෙ කැළේට තල්ලුකළේ එජාපයයි. 83 කොලාහලවලට බොරු චෝදනා දාල මර්ධනය කළා ඒක හරි. නමුත් ඊට පිළිතුරක් ලෙස ජවිපෙ හදුන්වාදුන් ත්‍රස්තවාදය අතිශයින්ම ම්ලේච්ඡයි. විරුද්ධවාදියෙක් මරල මිනිය දනිහෙන් පහලට ගෙන යන්න කියල ඊට එරෙහි වුනොත් මිනිය වලෙන් අරන් මිදුලෙ දාන ජේවීපී කාරයා යනු සියවස් ගනනක් සමාජ පීඩනයන් ලබා විකෘතිවූ ජානමය හා මානසික සැකැස්මක් ඇත්තෙක්. මොකද තිරිසන් කමෙත් සීමාවක් තිබිය යුතු නිසා.
      පාසල් සිසුන් හමුදාව ඉදිරියට දාල මැරුනම මිනී වෙන්දේසි කිරීම, බලහත්කාරෙන් මිනිස්සු පෙළපාලිවලට දැක්කීම, විකාර ඇදිරි නීති නිසා ජනතාව දැඩි පීඩාවකට පත්වුනා.

      කළ යුතුව තිබුනේ දරුණු අපරාධ වලට සම්බන්ධ ජේවීපී අය හදුනා ගෙන සාධාරන නඩු ව්හාගයකින් පසු ඔවුන්ට අවම වේදනාවක් ලැබෙන ලෙස මරණයට පත්කිරීමයි.

      නමුත් සිදුවුනේ ජේවීපී පරපීඩාකාමුකයන් හමුදාවෙ පොලීසියෙ පරපීඩා කාමුකයන් ලවා විනාශකරවීමයි.
      ජේවීපී මිනීමරුවන් සහ හමුදාවෙ පොලීසියෙ මිනීමරුවන් කවුද යන ප්‍රශ්නය අප ඉදිරියෙ තිබෙනවා. ජේවීපී කරපු හැමෝම මිනීමැරුවෙ නැහැ.ආරක්ෂක අංශවලත් එහෙමයි. ජේවීපී එකේ ඉදන් මිනීමරල පස්සෙ බිල්ලො වෙලා අනෙක් පැත්තෙ මිනීමරපු අයත් ඉන්නවා.
      මේ සදහා එළඹුම් කිහිපයක් ප්‍රයෝජනවත්. දිග වැඩි නිසා ඊලඟ කොමෙන්ටුවෙන්.

      Delete
    3. අපරාධ සහ ජාන අතර සම්බන්ධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. පර්යේශනයක් කළොත් සොයාගන්න ලැබේවි ජේවීපී වධකයන් හා හමුදා වධකයන් එකම සමාජ තලයක පිරිස් බව. මෙහිදී කතා කරන්නේ අන දුන් අය නොවේ. මහත් අභිරුචියෙන් වධ දුන් හා මිනීමැරූ අය ගැනයි.
      ලංකාවේ අප සිවිල් යුද්ධ තුනකට මුහුණ දුන්නත් අප සමාජය වෙළා ගත් ප්‍රචන්ඩත්වය ගැන පර්යේශනයක් කර නැහැ.
      එහෙත් යුරෝපා රටවල අපරාධකරුවන් සම්බන්ධයෙන් මෙවැනි පර්යේශන සිදුවී තිබෙනවා.අපරාධකරුවන් කියන්නෙ හිරේ යන අය පමනක්ම නොවෙයි.හිට්ලර් ,හිම්ලර් ,අයික්මාන් වැන්නන්ද ඇතුළුවයි.

      අප පිළිගත් සමාජ විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව මෙවැනි පර්යේශනයක් කළා. මෙහිදී අපරාධකරුවන් ,ප්‍රචන්ඩත්වයට ප්‍රසිද්ධ ගම් හා ප්‍රදේශ , ජනකොටස් ගැන අවධානය යොමුකළා. අපරාධකරුවන්ගේ පෙළවැල පරීක්ෂාවෙදී වැල නොකැඩී අපරාධකරුවන් හමුවුනා. මානව රූපාකෘති විද්‍යාවද අපේ අවධානයට ලක් වුනා. නමුත් ජාන ගැන පර්යේශනයක් කළා නම් සර්ව සම්පූර්ණයි.

      නම් වශයෙන් කියන්න බැහැ .විද්‍යාත්මක පහන් සංවේගය පිණිස සිද්ධි දෙකක් කියන්නම්.
      එක්තරා ප්‍රදේශයක පවුලක්ම මරා දමා තිබුන අතර සැකකරුවන් ආයුධ පෙන්වන්න ගෙන යද්දී පොලිස් වෙඩි පහරින් මලා. මේ සැකකරුවන්ගේ අත්ත කෙනෙක් ද්විත්ව මිනීමැරුමකට හසුවෙලා තිබුනා. ඒ හතලිස් ගනන්වල . ඔහු බේරිලා තිබෙනවා .ඔහුගේ පුත්‍රයා තමන්ගෙ පුත්‍රයා අතින් මැරුම්කාල තියනවා. ඒ පවුලෙ ලේ නෑකම් තිබෙන කීප දෙනෙක්ම මිනීමැරුම් වලට සම්බන්ධවෙලා.1915 කෝලහාලයෙදිත් සාපරාධී හැසිරීම් දක්වලා.

      අනෙක් සිද්ධියෙදි රටම හෙල්ලූ අපරාධයක වරදකරුවෙක් වෙලා එල්ලුම් ගස් ගිය කෙනෙක්. ඔහුගෙ ජානමය සම්බන්ධතා සහිත අය ගැන සොයා බැලුවම අපරාධකාරයො ලැයිස්තුවක්ම ලැබුනා. සමහරු අපරාධ නොකළත් දරුණු පුද්ගලයන් ලෙස ප්‍රකටයි. සාපරාධී හැසිරීම් නිසා හිරේ ගිය අය මිනීමරුවන් විශාල පිරිසක් සිටියා.

      මේ සිද්ධි ගැන කීවෙ මේවා ගැන බොහෝදෙනෙක් දන්න නිසයි.

      ප්‍රචන්ඩත්වයට ප්‍රසිද්ධ ගම් ගැන සොයාබලන විට එම ජනයා ස්වීකරනය වී ඇත්තේ මෑතක. ඔවුන් ඉන්දියාවේ සිටි කාලයේ කර තිබෙන්නේත් මෙවැනි ක්‍රියාවන්. මැරවරකම්, මංපහැරීම්, කුලියට යුද්ධ කිරීම් ,වධක කටයුතු , සතුන් මැරීම හම් ආශ්‍රිත කර්මාන්ත ඔවුන්ගේ රකියාවන් වී තිබුනා. ඔවුන් අදහා ඇති දෙවිවරුත් එවැනි අයයි.

      ථග් , ජාත් ,සීපොයි වැනි ගෝත්‍ර උදාහරනයක් ලෙස ගන්න පුළුවන්. ගෝත්‍රයක් ( ජනකණ්ඩායමක් ) ලෙසම අපරාධකාරී චර්යා පෙන්වූ අය ඉන්දියාවේ ඉන්නවා.

      මේ එළඹුම සමාජවාදීන් පිළිගන්නෙ නැහැ. ඔවුන් කියන්නෙ අපරාධවලට හේතුවෙන්නෙ ආර්ථික විශමතා කියල. ඒත් අපරාධකාරී නැඹුරුතා තියන පවුල්වල අය සමහරු හොදට ඉගෙනගෙන උසස් ලෙස සිටිනවා. ඔවුන්ගෙ අපරාධ රුචිකත්වය තියෙන්නෙ නිලීන ලෙසයි.එය පිටතට ප්‍රදර්ශනය වන්නේ නැහැ. ආර්ථික හා සමාජමය වශයෙන් පීඩිත ඔවුන්ගෙ ඥාතීන් අතර මෙම රුචිය ප්‍රමුඛ විය හැකියි.

      කොමෙන්ටුව දැමීමේදී ආචාර විද්යාත්මක කරුණු ගැන දැඩි සැළකිල්ලක් දක්වන්නට සිදුවුන බාව්ත් එසේ නැත්නම ලස්සන සර්ව සම්පූර්න කොමෙන්ටුවක් දැමීමට තිබූ බාව්ත් සළකන්න.

      Delete
    4. ජවිපෙ අනුර කුමාර දිසානායක, හෙළ උරුමයේ පාඨලි චම්පික රණවක මෙන් ම එජාපය ද දින සියයේ වැඩපිළිවෙළින් දින 40ක් පමණ ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව වටා රැස් වී උඩු බිරීමට ගත කළෝ ය. එහි ගනුදෙනුවල මහා දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට සපථ කළේය. මේ පිළිබඳ එහි හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් ප්‍රශ්න කරන අතර ගමන් බලපත්‍රය ද රඳවා තබා ගෙන කලකින් නිදහස් කර ඇත.

      එහෙත් නැවත කරලියට පැමිණි අනුර කුමාර, අපරාධකරුවන්ට දඬුවම් දීම සිදු නොවන බවත්, නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීම පිටුපස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ හිටපු ඇමති තිලක් මාරපන සිටින බවට සිංහනාද කළේ ය. කිසිදු අපරාධකරුවෙකුට දඬුවම් නො ලැබෙන බවත් ඒවා ගණන් නොගත යුතු බවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කර ගැනීම ප්‍රමුඛ වගකීම බවත් කියා දින කිහිපයකින් ඒ කටින් ම මේ ප්‍රකාශය අපට අසන්නට ලැබිණි.

      මේ අනුව යහ පාලන ආණ්ඩුව දිගින් දිගට ම විධායකය සහ ව්‍යවස්ථාදායකය අධිකරණ කටයුතු කරන බව ය. අගවිනිසුරු පහ කිරීම මෙන් ම නිශ්ශංක සේනාධිපතිගේ ගමන් බලපත්‍රය නැවත ලබා දීම ද සිදු කරන්නේ නිසි අධිකරණ ක්‍රියා මාර්ගවලින් නොවේ. එහෙත් මේ නාටකයේ වඩාත් හාස්‍ය ජනක කොටස නම් එවැනි වරදක් සිදු නොවූ බව ප්‍රකාශ කරන නිශ්ශංක සේනාධිපති මෙන් ම විජේදාස රාජපක්ෂ ද ඒ පිළිබඳ අනුර කුමාරට විවාදයකට අභියෝග කළ විට, අර චෝදනා කළ සිංහ නාදය කැනහිල් කෙඳිරියක් බවට පත්ව පළා යෑම ය.

      මේ පිළිබඳ අනුර පවසන්නේ ඇවන්ගාඩ් මුදලාලි සමඟ තමාට විවාදයක් අනවශ්‍ය බව ය. ඔහු නිශ්ශංක සේනාධිපතිට මුදලාලි යැයි කීවේ උපහාසයට විය යුතු ය. එහෙත් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා මේ රට වෙනුවෙන් සේවය කළ හමුදා සෙබලෙකු බව ද අමතක නොකළ යුතු ය. අනෙක් අතට ඔහු සිය ව්‍යාපාරය මගින් හමුදා සේවයෙන් විශ්‍රාම ගිය සෙබලුන්ට රැකියා විශාල ප්‍රමාණයක් සම්පාදනය කර, රටට විදේශ විනිමය රැගෙන එන ව්‍යවසායයෙකු වන අතර අනුර කුමාර මෙරට ජාතික දේපළ ගිනිබත් කළ අතීතයක් සහිත පක්ෂයක වර්තමාන නායකයා පමණි.

      සිය නායක සහෝදරයා විවාදයෙන් පළා යෑම පිළිබඳ ටිල්වින් සිල්වා පවසන්නේ අනුර කරන චෝදනා බොරු නම් කිසිවෙකු කලබල විය යුතු නැති බව ය. අනුරලගේ කෙප්ප ප්‍රචාරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය මින් පැහැදිලි වෙයි. කිසිදු පදනමක් නැති පට්ටපල් බොරු චෝදනාවලින් හුස්ම නොගෙන ඇස් දෙක නළලේ තියා ගෙන සිය විරුද්ධවාදීන්ට පහර දීම එම ක්‍රමවේදයයි. මේ චෝදනා අසත්‍ය නිසා ඒ චෝදනා එල්ල වන අය බල්ලෙක් බිරුවට කන්දක් පහත් නොවේ යැයි සිතා නිහඬව සිටිති. අශූචි නා පැමිණි හිවල්ලු සමඟ සටනට නොයන සිංහලයෝ ජයග්‍රහණය හිවලුන්ට ලබා දී පසුබසිති. එහෙත් මේ බොරු උදේ හවස මාධ්‍යවලින් ෆේස්බුක්වලින් ජනතාව අතරට යන අතර මුල දී විශ්වාස නොකළ ද කෙමෙන් ඒවා ජනතාව පිළිගනිති. ගින්නක් නැතිව දුමක් නො නගිතියි සිතන ජනතාව ටික ටික අර කෙප්ප යාන්ත්‍රණයට ගොදුරු වෙති.

      Delete
    5. ඇයි විජෙදාස රාජපක්ශ පොඩි ඉගියක් දුන්නෙ කවුද දූශිතයා කියලා මම ඔප්පු කරන්නම් කියලා. ඒක කිව්වා විතරයි අනුර මිසින්. පස්සෙ රනිල් කතා කරලා විජෙදාසට කියනවලු ඔය ප්‍රශ්නෙ ඔතනින් නවත්තන්න කියලා. කොහොමද අනුරලාගෙ මෙගා ඩීල්?

      Delete
    6. විජේදාසගේ නෑදෑයෝ 'ඇවන්ට් ගාඩ්' /ලියන අය මේ නම හරියට ලියන්න/. එකේ ඉන්නවා. ඒ කියන්නේ ඉන්ඩිරෙක්ට් විජේදාසගේ ෂෙයාර්ස් ඇවන්ට් ගාඩ් එකේ තියනවා. මේක සම්පූර්ණ ඇත්ත.

      Delete
    7. ජෙප්පන්ගෙ දෙශපාලනය දැන් තනිකරම රැදිලා තියෙන්නෙ බොරු සහ කට කතා ඔස්සෙ. විජෙදාස අභියොග කරාම අනුරයා හොයන්න නෑ. රනිල්ට කියලා ශෙප් කරගෙන ඊට පස්සෙ ඔන්න පටන් ගන්නවා බූරු අනුගාමිකයො පාවිච්චි කරලා ෆෙස්බුක් එකෙ කටකතා පතුරුවන්න. විජෙදාසගෙ නෑයො අවාන්ට් ගාඩ් එකෙ ඉන්නවනම් විවාදෙට ගිහින් ඔප්පු කරන්න එපැයි. මෙ ජෙප්පන්ගෙ කුහක කට කතා හෙලා දකින්න ඔනෙ පක්ශ බෙදයක් නැතුව.

      Delete
  2. Yes, Para can imagine the torture you underwent. In military sadism is at high end. I don't know how they behave with their family if they have such an unit for them. And as Para poses back to us, one could imagine the gravity of incidents too place in North and during war times. Let's respect humanity.

    ReplyDelete
  3. The K Point alias the Eliyakanda Torture Chamber

    http://www.lankaweb.com/news/items/2012/07/22/mailgram-study-stanford-prison-experiment-and-hammond-hill-to-k-killing-point/

    ReplyDelete
  4. The K Point alias the Eliyakanda Torture Chamber

    In 1988 the JVP launched its 2nd insurrection against President Premadasa’s regime. The rebels and the security forces were responsible for gross violation of human rights during this period. The JVP insurrection claimed more than 60,000 lives. A large number of youth were arrested in connection with anti-government activities. The suspects were kept in numerous detention centers.

    Eliyakanda camp (in Matara District) became one of the detention centers and it was well-known for its inhuman handling of the detainees. It was also known as the K (killing) point. Rohitha Munasinge’s book titled Eliyakanda wada kandawura (Killing Point) published in 2000 gives firsthand narration of torturing methods and merciless behavior of the K point guards. Rohitha Munasinge who was a detainee in this center underwent torture and also witnessed horrific events. He is now living in France.

    According to Rohitha Munasinge the guards of the K point unleashed extreme brutality on the suspects. They used sledge hammers to beat prisoners. When a prisoner was hit on the head with a sledge hammer he falls down and then goes in to seizure with violent body movements says Rohitha Munasinge who witnessed such events. For sadistic amusement the guards named two of such sledge hammers as Loku Molaya (Large Brain) and Podi Molaya (Small Brain). If a detainee was found with a relatively minor offence he was hit with the small brain on the occipital region of the skull. For a big offence they used Large Brain to hit on the parietal region of the skull. When a victim falls and starts convulsions the guards became very excited and gathered to observe it. They called it break dance.

    The inmates were kept for long hours without giving water. When they were given food the detainees had to eat everything within ten seconds. If any food remained on the plate after the 10th second the victims were beaten with clubs

    ReplyDelete
  5. අසනිපය උග්‍ර වී ඇත වහාම විිශ්‍රාම ගන්වනු.

    ReplyDelete
    Replies
    1. අසනිපය yak neme ban thiyenne pissu pissan kotuwata thamai dakkanna thiyenne dina 100 nattan welane thiyenne jathika andu geteth hari yan na Ranilta wele wel na kiyala terila den pissu thada wela thiyenne

      Delete
  6. අද කොමෙන්ට් කාරයෝ හොල්මන් වෙලාලු පැරා. කී බෝඩ් එකට අත තියනවලු, ආපහු ගන්නවලු. ආයෙත් තියනවලු. ආයෙත් ආපහු ගන්නවලු.
    අද කොමෙන්ට් මෙච්චර තමයි.

    ReplyDelete
    Replies
    1. හේනේ, ඔයා දෙමෙල්ලු ජාතිවාදී වෙන්නේ මොකද කියල හෙව්වා නේද? උත්තර ලැබුනද? එහෙනම් දෙමෙල්ලු හොරකන් කරන්නේ අයි කියලත් හොයනවද?

      Delete
    2. හෙන අයියගේ යහපාලනය කියන්නේ මහින්ද එලවන එක විතරයි. සජින්ට දුමින්දට වාහන නැතුව කරත්ත දෙන්නද කියල ඇහුවා දවසක්. ඇලෝසියස්ලත් හම්බ කර ගන්න ඕනනේ. ඒක එච්චර ගණන් ගන්න එපා. බැසිල් ගහනකොට රටට කොන්ක්‍රීට් වත් හම්බ උනා. මේකෙන් එහෙමත් නෑ. ඒ උනාට මහින්ද ගෙදර ඇරියනේ මල්ලි. අපිට ඒ ඇති.

      Delete
  7. ප්‍රේමදාස, නිල ඇඳුමින් ඉදිමිච්චි සොල්දාදුවෝ වගේම පැරා ල වගේ තරුණයන් උසි ගන්වල රජවෙන්න බලල බැරිවුනාම රජා පස්සේ ගිහින් බලල එකත් බැරිවුනාම පැරදුන රජා ආපහු ගේන්න හදන විමල් ඇතුළු ජෙප්පොත් වග කියන්න ඕන. විජේවීර නොමල නම් තවත් වටයක් ඕකම කරනවා. හැමදාම ඉහල ඉඳන් අනදීපු නායකයෝ හැමදාම ගොඩ.

    ReplyDelete
  8. වධ දීම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සිංහල බෞද්ධ සංස්කෘතික අංගයක්. ප්‍රෞඩ සිංහල රජ කාලෙ ඕවට කිව්වේ දස වධ. ඒ ප්‍රෞඩ පරම්පරාවෙන් පැවත එන ඇති උත්තම ජනතාව ඒ සම්ප්‍රදාය පවත්වාගෙන යනවා. 89 කාලයේ රාජ උදහසට පත්වූවන්ට ඒ වධය ලැබුන. පර දෙමලුන්ටනම් තවමත් එහෙමයි. ලෝකයේ අතිශයෙන්ම විනයානුකූල හමුදාව 89 කැරලිකාර සිංහලයන්ට කලෙත් දෙමළුන්ට කරන්නෙත් ඒ ප්‍රෞඩ සම්ප්‍රදාය ඉගැන්වීමයි.
    හැබැයි යකෝ ගවයන්ටනම් අත තියන්න එපා. එකී අපේ කිරි අම්ම.

    ReplyDelete
    Replies
    1. මෙය ඉතාමත් ඇත්තම කථාවකි

      Delete
    2. එකනේ උඹල වගේ හරකව ඉතුරු කරල් තියෙන්නේ! අපරාදේ අර හොඳ මිනිස්සු මරුනේ මුන් වගේ සක්කිලි ඉතුරුවෙලා

      Delete
    3. මොඩ ජොක් නොදා ඉදපන්. යුද්දෙ අවසන් වෙලා කොටි සාමාජිකයන් 10,000කට අධික ප්‍රමානයක් පුනරුත්තාපනය කරලා නිදහස් කරා. කොහෙවත් සාක්ශි තියෙනවද එලියකන්ද, බටලන්ද, වැලිකන්ද වගෙ වදකාගාර ගැන? තියෙනවනම් කියපන්කො අපිටත් දැන ගන්න ඔය වදකාගාර කොහෙද තියෙන්නෙ? මුලතිවුද, කිලිනොච්චිද, මැදවච්චිද?

      Delete
    4. අනෙ පලයන් ගොබ්බයා. සින්හල කොල්ලො ආයුද අතට ගත්තා විතරයි අවුරුදු 2න් ඔක්කොම සමූලගාතනය කරා. කොටි ආයුද අතට ගත්තම බලය බෙදීමයි, ජාතික ප්‍රශ්නයි ලොකෙ නැති කතන්දර. තොපි මොන මොඩ කතා කිව්වත් දෙමල ත්‍රස්තවාදය අවසාන කරෙ අවුරුදු 30ක් ඉවසලා. බටහිර ලොකෙනම් මාස 2ක් ඉවසුවෙ නෑ මුස්ලිම් රටවලට විරුද්ද සන්ග්‍රාමය පටන්ගත්තා.

      Delete
  9. ලංකාවට මානව හිමිකම් චෝදනා තියන එක පුදුමයක්ද? මේව්වා ‍රැඳවුම් කඳවුරු නමින් පවත්වාගෙන ගිය වධකාගාර. ඔය අතර , හොඳ හමුදා නිළධාරීන් අතලොස්සක් හිටියත් , ඔවුන්ට සිස්ටම් එක වෙනස් කරන්න බෑ.මං අහල තියන විදිහට ඒ දවස් වල් තිබ්බ ඔප්ස්-කම්බයින් වගේ ඉහල ස්තරයකින් තමා එය නිර්මාණය වෙලා තියෙන්නෙ. වෙන දෙයක් ඕනෙ නෑ , ඔය බිල්ලොන්වම ගමු. උන් ආමි කාරයොන්ටත් වඩා පහත් ලෙස හැසිරුණු බවයි පේන්නෙ.

    // සොල්දාදු උන්නැහේ කෙනෙකුට ‍උදේම අත පය හිරි ඇර ගන්න හිතුනොත් ඒකත් ඒ අතරෙම කර ගන්නවා. //

    මං අහල තියෙන විදිහට , ටොරින්ටෝ චතුරශ්‍රය හරියෙ කඳවුරක, කෙල්ලො පේලියට බාවල තිබ්බලු, සොල්දාදු උන්නැහලගෙ අනිත් හිරි ඇරගන්න. බූන්දි එකේ කවියක තමා තිබ්බෙ. පැරා මේක ලියපු එක හොඳයි. අපි මෙව්වා , ගැන කතා කරන්න ඕනෙ. දෙමල වෛරය ජාතිවාදයෙ කඩතුරාව පිටින් දාලා, ඇස් පනාපිට පේන අසාධාරණය පේන්නෙ නෑ වගේ ඉන්න ඕනෙ නැ.

    හැබැයි මේකත් කියන්න ඕනෙ, වැරදිලා හරි, විජේවීරට බලය ගියා නං, තවත් ඒකාධිපතියෙක් බිහිවෙනවා. සම-සමාජයක් කෙසේ වෙතත්, සමාජවාදී වධක කඳවුරක් නං බුදු ෂුවර්

    ReplyDelete
    Replies
    1. විජේවීරට බලය ගියානම් සිදුවිය හැකි විනාශය වචනයෙන් විස්තර කළ නොහැකියි. මැතිවරන නොපවත්වන නිසා ඒ ගැන කතා කරන්නවත් බැරිවේවි. ජවිපෙ ඉන්නෙ හීනමානයෙන් පෙළෙන වෛරී පුද්ගලයන් නිසා විප්ලවය 1989 දි දිනල මැරිල්ල 1995 වනතුරුවත් පවතීවි.

      Delete
  10. වධහිංසනය හා ශ්‍රී ලාංකික සමාජය (වධහිංසනයේ මානසික බලපෑම්)
    http://transyl2014.blogspot.ca/2014/12/blog-post_20.html

    ඊලාම් යුධ සිරකරුවන්
    http://transyl2014.blogspot.ca/2015/01/blog-post_24.html


    හැමන් හිල් සිර කඳවුරේ කතාව
    http://transyl2014.blogspot.ca/2014/12/blog-post_29.html

    ReplyDelete
  11. එදා 1989 සිට කොච්චර කතා අසා තිබුණත්, රෝහිත මුණසිංහ ගේ පොත 2012 වසරේ දී බැලූ දවසේ තමයි මට මේ ම්ලේච්ඡත්වය හරි හැටි වැටහුණේ.

    මට 1991 දී පමණ මිතුරෙකු කියූ මේ කතාව තාම මතකයි. ඔහු ගේ සොහොයුරා උසස් පෙල කරමින් ඉඳිද්දී ආමි ජීප් එකක් එනු දැක බිය වී දුවලා තියෙනවා. ඔහුව පසු පස ලුහු බැඳ අල්ලා ගත් බව තමයි අවසානයට ලැබී ඇති ආරංචිය. ඉන් පසු දැක ඇත්තේ ටයර් ගොඩක පිළිස්සී ගිය කකුලක කොටසක් පමණයි!

    මිතුරා කීවේ මෙයයි.

    "මචං අපි ඒ දවස්වල අපේ ආමි කොල්ලෝ මඩකලපුව පැත්තේ ගේම් දෙන කොට හුරේ දැම්මා. දැන් තමයි තේරෙන්නේ අපේ උන් ම අපේ උන්ට ම මෙහෙම කළා නම්, එහේ කොහොමට තියෙන්න ඇත්ද කියලා"

    ReplyDelete
    Replies
    1. ඒ කකා මොකක්ද බO පොතේ නම..දන්නේ නැති නිසා අහන්නෙ ...

      Delete
    2. රසික, කිලින්ග් ෆීල්ඩ් චිත්‍රපටයෙ අන්තිම මිනිත්තු කිහිපයී පෙන්නන දර්ෂන බලන්න. අත් බැඳපු හිර කරුවන්ට වෙඩි තියන ඒව අපේ අය්යලගෙ කියල බොහොම පැහැදිලියි. ලෝකෙ කොහෙත් ඔහොම දේ වෙනව ( උදා - ගුවන්තනාමෝ ). වෙනස, අහු උනාම/ හෙලි උනහම දියුණු රටවලනම් හමුදා භටයන්ට උන්ට දඬුවම් කරනව, නමුත් මෙහෙ එහෙම නෑ!

      Delete
    3. @Indika
      ජපානයෙ මිනිස්සු බහුල නගර දෙකකට න්යශ්ඨික බොම්බ අතාරින්න අණ දුන්නු ලොක්කොත් හිරෙ ගියාද බන් අපි දැනන් හිටියෙ නෑනෙ මෙ බටහිරන්ගෙ තියෙන මෙ ශිශ්ටත්වය ගැන. බොරු චොදනා කරලා ඉරාකය ආක්‍රමනය කරපු බුශ්, බ්ලෙයාර් ඩබලත් දැන් හිරෙ ඇත්තෙ. මම හිතන්නෙ උඩරට ගම් පිටින් මිනිස්සු මරපු සොල්දාදුවන්ටත් උන් දඩුවම් දෙන්න ඇති උන් ඒ කාලෙත් හරි දියුනුයිනෙ.

      Delete
    4. යුධ අපරාද කියන දේ නීති පොත්වල නොතිබ්බ සහ, එක්නැළිගොඩල වගේ සිංහල නිළමෙලගෙ උදව් ඇතිව ජයට වෙච්චි 1818 අපරාධ ගැන කතා කරන එක තේරුමක් නෑ.

      දෙවන ලෝක යුද්ධෙ ඉවර උනාම දඬුවම් දුන්නෙ දිනපු "මිත්‍ර පාක්ෂික" කට්ටියගෙ අධිකරනන්නෙ. නමුත් ඒකට විරුද්ධව යමක් කරන්නට හෝ කියන්නට වෙනත් පිලක් නොහිටිය නිසාම පැරදුන අයට වෙච්චි යුධ අපරාධ වලට දඬුවම් ලැබුනෙ නැති බව ඇත්ත. ඒත් ඒ අපරාධ අදටත් වාර්ථා පොත්වල තියෙනව. ඒවගෙන් අගතියට පත්වෙච්චි රටවලට අද ඒ කුණු අදින්න උවමනාවක් නැති නිසා තව කලක් එහෙමම තියෙන්න පුළුවන්.

      නමුත් ඉරාකෙ අබුග්‍රයිබ් එකේ සහ වෙනත් අවස්ථාවල යුධ අපාරධ කල සෑහෙන ප්‍රමාණයකට "යම් පමණකට" දඬුවම් කරල තියෙනව.

      එ වගේ මෑත කාලෙ යුධ අපාරධ වලට සම්බන්ධ සෙබළුන්ට ලංකාවෙත් දඬුවම් දීල තියෙනව් ( උදා ක්‍රිෂාන්ති කුමාර්ස්වාමි/ මනම්පේරි ).

      අන්න ඒ වගේ, ප්‍රභල සාක්කි තියෙන වැරදි වලට අදාල මිනිස්සුන්ට දේශීය අධිකරණයකින් දඬුවම් දුන්නම්, ඔය ගොඩක් උන්ට නටන්න බැරිවෙනව. නමුත් එහෙම නොකර, අපි කිසි වරදක් නොකලෙමු කියන මානසිකත්වයෙන් ඉන්න රාජපස්ස සිස්ටම් එක හරියන්න තිබ්බ, ලංකාවත් ඇමරිකාව, චීනය හෝ රුසියාව තරමෙම බලවතෙක් ධනවතෙක් උනානම් ( ඔව්, නීතිය ලෝකෙ කොහෙත් ධනවතා දුප්පතා පාලනයට තමා යොදා ගන්නෙ ).

      Delete
    5. ඉන්දික සමඟ එකඟ වෙන්න බැහැ. ඉරාකයේදි අබුග්‍රයිබ් වගෙ සිද්ධියක් දෙකක් අල්ලගෙන ඇමරිකන් කාරය ගෙ කලු ප්‍රතිරූපය සුදු කරගන්න හැදුවට විශාල පිරිසක් මැරුම් කෑව. ඇෆගනිස්ථානයෙ ඩ්‍රෝණ ප්‍රහාර වලින් සිවිල් වැසියන් මියයනව. ඒ ගැන බටහිර මාධ්‍ය කතා කරන්නෙ නැහැ.
      මානව හිමිකම් කතා එන්නෙ බටහිර මතයට එකඟ නැති අය කරනවිටයි.ඇමරිකන් හා බ්‍රිතාන්‍ය හමුදා කරන අපරාධ මානව හිමිකම් උල්ලංඝනය වීම් නොවෙයි.ඊශ්‍රායලයටත් අපරාධ කිරීමේ බලපත්‍රය තියනව. නමුත් රුසියාව චීනය හා දුප්පත් රටවල් කෝටියක් සංවර ශීලය රැකිය යුතුයි.

      Delete
    6. අපරාදේ බන්, මේ මානවහිතවාදීන් ඇයි යුද්දෙට ගිහින් වෙනසක් කළේ නැත්තේ? ලංකාවේ ඉගෙන ගෙන පිටරට සැප විඳින ගමන් යුද්ධෙට ඇවිත් අහිංසක ත්‍රස්තවාදීන් පිරිසක් බේරගෙන යන්න තිබුණා නේද?

      Delete
    7. @ReaderMarch 13, 2015 at 6:57 AM

      අපිටනම් මේ සිඩ්නි සළුවදනැගේ කව්රුහරි ළඟ ඥාතියෙක් බෝම්බයකට ගියේ නැති එකගැන පොඩි කාලකන්නි දුකක් තියෙනවා

      උපශාන්තයගේ නම් මානව හිතවාදය අභිතටයි (ඌ හොරා තමයි) සහන්ටයි (ඌ විහින් නාගත්තා) කියපුවගෙන් මැනගත්තහැකි

      Delete
    8. අනෙ ඉන්දිකයො ඇමරිකාව එක් එක් තනි සිද්දි වලට හමුදා නිලදාරීන්ට දඩුවම් දීලා ඇති, ඒක ලන්කාවෙත් කෙරිලා තියෙනවා. ඇමරිකාව කවදාවත් යුධ අපරාධ පරීක්ශන මන්ඩලයක් පත් කරලා තියෙනවද? රටෙ සාමාන්ය නීතිය හමුදාවෙ තනි මිනිස්සුන්ට විරුද්දව ක්‍රියාත්මක කිරීමයි, යුද අපරාධ පරීක්ශන වලයි වෙනස දැනගනින් ඉස්සර වෙලා. උබලා පන්ඩිතයො වෙන්න ගිහින් දැනුවත්ව හො නොදැනුවත් ඔය යන්නෙ බටහිර විසින් අටවපු උගුලකට. ලන්කාවෙ යුධ අපරාධ උනා කියලා අපෙ ආණ්ඩුවක් පිලිගත්තොත් ඒක තමා ඉලාම් අරගලයෙ වැදගත්ම ජයග්‍රහණය.

      පාකිස්තානෙ කොච්චර මිනිස්සු මැරුනද ඩ්‍රෝන් ප්‍රහාර වලින්? පාකිස්තානෙ කියන්නෙ මිනීමරු අධිපතිවාදී යැන්කි පරයන්ට තරස්තවාදට එරෙහි සටනට උදවු කරපු රටක්. එහෙම වෙලත් ඩ්‍රෝන් වලින් ගහල පකිස්තානෙ සාමාන්ය මිනිස්සු මැරුවා. ඩ්‍රෝන් ප්‍රහාර වලට අණ දෙන්න කෙලින්ම ඇමරිකාවෙ ජනාධිපති. කො ඔබාමාට සහ බුශ්ට එරෙහිව යුධ අපරාධ චොදනා?

      Delete
    9. ඩ්‍රෝන් වලින් සිවිල් මිනිස්සු මැරෙන එක 'යුධ අපරාධයක්' විදිහට හදුන්වන්න බෑ.. ඒක යුද්ධයේදී සිදුවෙන අතුරු ඝාතනයක් (collateral damage )...
      අනික මෙතන මෝඩ 'බටහිර විරෝදයක්' පෙන්නන උන් නොදන්නවට බටහිර රටවල් අති මුලු දෙවැනි ලෝක යුද්දෙදිම මැරුම්කාපු අයට වඩා රුසියාවෙ ස්ටාලින් තමුන්ගෙ රට අතුලෙදි මරල තියෙනව... චීනෙ මාවෝ සේතුනුත් එහෙමයි...

      ඇමරිකාවෙ ගුවන්ටනාමෝ කදවුරේ ලංකාවේ කිලින් ෆීල්ඩ්වල වුනා වගේ මිනී මැරුනෙ නෑ.. හබැයි වදදීම් සිද්ධවුනා.. ඒවට සෑහෙන තරමකට දඩුවම් දුන්නා..

      කොහොමත් චීනය, රුසියාව වගේ රටවලට වඩා බටහිර හමුදාවන් විනයගරුකයි.. ඇෆ්ගනිස්ථානෙ වුනත් ඇමරිකානු හමුදාව තලිබාන් සංවිධානෙන් පීඩාවට පත්වෙලා හිටිය මිනිස්සුන් වෙනුවෙන් කරපු සුභසාධන වැඩ ගන හොයල බලන්න..

      Delete
    10. ඔය ඉහල කොමෙන්ට් කරපු පඩියා දන්නෙ නෑ ඩ්‍රොන් ප්‍රහාර යුධ අපරාධ නෙවෙ අතුරු ඝාතන කියලා වර්ග කරන්නෙත් බටහිර රටවල්ම කියලා. මොකද ඩ්‍රොන් තියෙන්නෙ උන්ට විතරනෙ. ඩ්‍රොන් වලින් ගහලා සාමාන්ය මිනිස්සු මැරෙද්දී ඒවා යුධ අපරාධ නෙවෙ උන්ට.

      ඔව් බටහිරන්ගෙ අර්ථකතන වලින්ම මෙ ප්‍රශ්නෙ විසදන්න ගියොත්නම් ලොකෙ දරුනුම යුධ අපරාදය කලෙ අපෙ හමුදාව තමයි. ජපානෙ ලක්ශ ගානක් මිනිස්සු මරපු ඒවා, වියට්නාමෙ රසායනික අවි භාවිතා කරපු ඒවා, පාකිස්තානෙ එක ත්‍රස්තවාදියෙක් මරන්න විවාහ මන්ගල උත්සවයකට ඩ්‍රොන් ප්‍රහාරයක් එල්ල කරපු ඒවා, වෙන රටකට පැනලා නඩු නැතුවම බිල් ලාඩන් මරපු ඒවා යුධ අපරාධ නෙවෙ. හැබැයි ප්‍රබාකරන් සුදු කොඩියක් උස්සන් එද්දි වෙඩි තිබ්බ එක තමයි දරුනුම යුධ අපරාදය. කොටින්ගෙ මිනිස් පලිහට වග කියන්නෙ ඔනෙ පිරිපාහරන් නෙවෙ ශවෙන්ද්‍ර සිල්වා සහ ගොටා.

      මෙතන තියෙන්නෙ බටහිර උගුලට අහු වෙනවද නැද්ද, ත්‍රස්තවාදයෙන් මිදීමට අපිට තිබුන අයිතිය ආරක්ශා කරගන්නවද නැද්ද කියන ප්‍රශ්නෙ මිසක් බටහිරන්ගෙ දෙපිට කාට්ටු අර්ථකතන පිලිබද ප්‍රශ්නයක් නෙවෙ.

      අන්තිමට කියන්න තියෙන්නෙ තොපෙ ඇමරිකන් වීරයො අෆ්ගනිස්තානෙ කරපු වැඩ හොයන්න කලින් උතුරට ගිහින් අපෙ වීරයො උතුරෙ කරපු දෙවල් හොයලා බලපන්. පිරිපාහරන් අවුරුදු 30ක් තිස්සෙ නොකරපු දෙවල් අපෙ රජය/හමුදාව අවුරුදු 3න් කරා. ඒවා පේන්න ඉතින් නිවහල් මානසිකත්වයක් තියෙන්නත් ඔනෙ.

      Delete
    11. ඩ්‍රෝන් වලින් ගහල ත්‍රස්ථවාදියො මැරුවෙ නැතිනම් උන් අතින් තව දාස් ගනන් මැරෙන්නෙත් මුස්ලිම් උන් තමා..
      ඩ්‍රෝන් කියන්නෙ කාලතුවක්කු, මෝටාර් වලට සාපේක්ෂව highly accurate අවියක්.. ඒත් සාමාන්‍ය මිනිස්සු මැරෙන වෙලාවල් තියෙනව..

      උද කොමන්ට් කොතන හරක් පැටිය නොදන්නවාට වියට්නාමෙ මිනීමැරුනෙත් කාලකන්නි කොමියුනිස්ට් වාදීන්ගෙන් ඒ රට නිදහස් කරගන්න ගිහින්.. ජපානෙ ලක්ෂ ගානක් මැරෙන්න නාසි වාදෙන් ලෝකෙ බේරගන්න ඔනෑ නිසා.. අෆ්ගනිස්ථානෙ මිනී මැරුනෙ මුස්ලිම් අන්තවාදෙන් ලෝකය බේරගන්න කරන සටනේ

      ඔය 'බටහිර උගුල්' ගන කියවන වීරවන්සගෙ බච්ච නොදන්නවාට බටහිර අපිට චෝදනා කරන්නේ සුදුකොඩි ඉලව්වකට නෙමේ..
      ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් වගේ අතඩංගුවට ගත් දෙමල තරුන තරුනියන් මැරුවට.. බටහිර රටක ඔච්චර සාක්ශි තියෙන යුධ අපරාධයක් වුනානම් ඒක ගැන අනිවා පරීක්ෂයනයක් තියෙනව..

      Delete
    12. ඉසිප්‍රියා දෙමල තරුනියක් නෙවෙ කොටි සාමාජිකයෙක්. අනෙ මොඩ සින්හල කොටියො තො වගෙ කාලකන්නි නිසා තමයි අවුරුදු 3කින් කරන්න පුලුවන් යුද්දෙ අවුරුදු 30ක් ඇදුනෙ. කමක් නෑ ටොයියො සුපුරුදු විදියට පාවාදීම් කරපල්ලකො. ඔය ඔක්කොම දිය හැලිය නටනකම් විතරයිනෙ.

      Delete
  12. ලස්සනයි. පට්ටයි. අලංකෘතයි. සංගක්කාරයි. ප්රියම්බරයි. ත්රිමානයි. ගුණ ගරුකයි. මැක්සියි. උත්කෘෂ්ටයි. සිත් ඇදගන්නා සුලුයි. සුප්පායි. සුකුමාලයි. ලොමු ඩැහැගන්වන සුලුයි. වියුතියි. මනෝහරයි. ගතියි. වනචරයි. ලෝකාන්තයි නිර්මාණාත්මකයි.උත්කර්ෂයි. විරලයි. නිසන්සලයි. කුප්ප සහගතයි. ප්රශංසනීයයි. විද්යාත්මකයි. වහා ගිනි ඇවිලෙන සුලුයි. පරාර්ථකාමියි. ප්රස්තාරිකයි. අති විෂිශ්ටයි. දැකුම්කලුයි. අස්වභාවිකයි. සාමකාමියි. දෙවරක් හැරී බලන සුලුයි. කාලෝචිතයි. කොකාකෝලයි. අදෘෂ්යමානයි. අනර්ඝයි. පොල් සම්බෝලයි. සංශෝදනීයයි. පලිබෝධ නාශකයි. ඇහැලේපොලයි. ප්රසන්නයි. ගෝලාකාරයි. සිත් පිනවන සුලුයි. කැල්කියුලේටරයි.රමණීයයි. මහාචාර්යයි. දර්ශනීයයි. විස්ථාපනයි. ගෘහ මූලිකයි. ආනතයි. එලමායි. ලයික් 1යි. ක'මෙන්ට් 1යි. ඉස්කෝතුයි.
    .
    දේව ශාපය

    ReplyDelete
    Replies
    1. වටිනාම කොමෙන්ටුව

      Delete
    2. උඹේ පුකයි. පුකේ හිලයි. ලොකු වැඩියි.

      Delete
  13. එලියකන්දෙ අවුරුදු හතරක් හිටිය. හැබැයි දුක්වින්දෙ නෑ. සැපට හිටිය. පැරාලගෙ කාලෙ අල්ලගත්ත සිරකරුවන්ගෙ ලේ ගෑවුන බිත්ති සහිත අත්හැරදැමූ ගොඩනැඟිලි නං තිබුන. එලියකන්ද ඩෝසර් කල බව කියවුනා ලඟදි. ඒ එක්කම ම්ලේච්ඡත්වයත් නැතිවුනානං තමයි හොඳ

    ReplyDelete
  14. මේ දේවල් ලියවෙන එක හොඳයි.මතවාදයක් වෙනුවෙන් කළ කැපවීම් කොච්චරක්ද? හැබැයි මතවාදය බොහොම පරිස්සමින් තෝරගන්න ඕනෙ.

    ReplyDelete
  15. jvp කාරයෝ නිසා සිංහල ජනගහනය කොච්චර අඩුවනාද අනිත් මොකට සමාව දුන්නත් ඒකට සමාව දෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. සිoහල ජනගහනය වෑඩිකරන්නට කෑපවුනු සාරුවා සුනිල්ට දුමින්ද සිල්වාට ජයවේවා.........අනේ තෝ වගේ ගොo හරකෙක්...... මෝඩ මූසලයෙක්....

      Delete
  16. පැරා මම කැමතියි ඔබ තව තවත් මෙ දෙවල් අපිත් එක්ක බෙදාගත්තානම්... මගෙ ලොකු තාත්තාවත් ආමි එකෙන් අරන් ගියා (ඒයා නම් JVP නෙමෙයි ගෙවල් ගාව තියෙන වැවට ආපු පොලිස් ලොක්කෙකුට සද්දයක් දාපු නිසා) හැබැයි පොරනම් ඒ සිදුවීම ගැන වචනයක්වත් කියන්නෙ නෑ හෙතුව දන්නෙත් නෑ බේර ගන්න පුලුවන් උනෙ දේශපාලන ඇයි හොදයියක් නිසා ඒකත් තව දවසක් පරක්කු උනොත් ටයර් සෑයකින් තමා හොයාගන්න තිබුනේ අරන් ගිහින් තිබ්බෙ දොඩම්ගස්ලන්ද කියන තැනටලු

    ReplyDelete
  17. තරහකින් නෙවි කියන්නෙ පැරකුම් කතාව මෙතනින් පටන් ගන්නෙ නැතිව මීටත් අතීතයට ගිහින් හමුදාවෙ අත්අඩංගුවට ගන්න පෙර කාලේ හිටං ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් එක්කම හිටං ලිව්ව නම් නරකද? අපරාධය හා දඬුවම් වගේ සාධාරණ විදිහට ලියපන්කො. විජේවීරගෙ අනුමැතිය ඇතිවද රෑට ගෙවල් වලට ගිහින් මිනිස්සු මරන කොට ගියේ නැත්නම් ගමේ ජවිපෙ ලොක්කට හිතෙන විදිහටද ඌට ගේම දෙන්න ඕනෑ ගමේ එවුන් ද්‍රෝහීන් කරල ගල් කටස් ගෙනිහින් කට කපලා මැරුවද වගේ සංවිධානය ඇතුලෙ රහස් ඒව්ත් දැන ගන්න ආසයි . මොකද මගේ අත් දැකීම ඕකෙ අනික් පැත්තේ කතාව උඹල බෙට්ට තද කරන් ඉඳල වලට රීලා හරි අදටත් ජීවත් වෙනවා නේ මට සමීප මිනිහෙක් උඹලගෙ සෙට් එක රෑ ගෙදරට ඇවිත් මිදුලට අරං වෙඩි තිබ්බා ඒ මනුස්සයගෙ දුවල දෙන්න උඹගෙ දුවගෙ වයසෙ ඒ ලමයි තක්බීර් වෙලා සාලෙ . ඒ මනුස්සයට රෙන්නවත් අවස්ථාවක් උඹලගෙ සංවිධානයෙන් හම්බ උනේ නෑ. වරද අණ නොතකා රැකියාවට යාම.

    ReplyDelete
    Replies
    1. උඹ වගේ එවුන්ට පැරා කියන්නේ භ්‍රෂ්ටයා.

      මෙතනට එන උන් පැරා කියන එක බලලා සාදුකාරයක් දීලා මේ ලෝකේ හැමෝම බුදුහාමුදුරුවන්ටත් වඩා ඉහලින් සලකන අපි හැමෝගෙම පිනට පහළවුණු පුරවැසි මාධ්‍යකරණයේ පෙරගමන්කරු, ගෝටාගේ සුදු වෑන් වලට බය නැති, මහින්දගේ කාලයේ ජීවිත තර්ජන තිබුනත් ඒවා නොතකා තම මතය අභීතව ඉදිරිපත්කල, ලේක්හවුස් යන්න ඇඳුම් මසාගත්, නම අසූ පමණින් මහින්ද සහ රනිල් දෙදෙනාම වෙවුලා යන අජිත් පැරකුම් ජයසිංහයන්ගේ ලිපියේ අපූර්වත්වය, නව්‍යතාවය, සහ එතුලින් ගම්‍යවන එතුමාගේ පෘථුල බුද්ධිය ගැන ආඩම්බර වෙලා කොත්තමල්ලි එකක් ගහලා බුදියාගන්න ඕන.

      එතුමාගේ බුද්ධියේ පුළුල් බව නිසා උමා ඔය පෝට් සිටි වගේ සිවිල් ඉංජිනේරු වැඩ පවා තේරෙනවා. ඒ වගේම මාකට් එකේ රේට් එක 9.5% ට තියෙද්දී මහබැංකුව 12.5% පොලියට අර්ජුන් අලෝසියස්ගෙන් අවුරුදු තිහකට ණය ගත්තු එක ගැන තේරෙන්නේ නෑ කියන්න තරමට එතුමා නිහතමානියි.

      Delete
    2. ප්‍රශ්නයට නිසි පිළිතුර නොදී හරියම රටේ කැරලි ඇතිවේ. ඇත්ත ප්‍රශ්නය කුමක්ද ?
      01. තරුණයන්ට රැකියා නොමැතිවීම, හේතුව :- නිදහස ලැබුණු දවසේ සිට රජය සහනාදාර ලබාදීම නිසා ආයෝජනය නොකිරීමෙන් රැකියා අවස්ථා ඇති නොවිම, වාමන්සික වියාපාරය නිසා ලංකාවට හිමිවිය යුතුව තිබු යෝජනා සිංගප්පුරුව මැලේසියාව වැනි රටවලට යාම(උදාහරණ වාරයේ සිදුකරනලද අකන්ඩ වැඩ වරීම් ), බණ්ඩාරනායක ගේ මෝඩ ප්‍රතිපත්ති නිසා සිංහල රජ බස වීමෙන් (අ) දෙමල ජාතිවාදී ප්‍රශ්න ඇති වීම (ආ) ඉංග්‍රීසි බාෂාව හසුරවගත නොහැකි පරපුරක් ඇති වීම නිසා ලෝක දැනුම ලබාගැනීමට නොහැකිවීම

      02. නීතියේ සදාරණත්වය සියලුදෙනාට සමව නොලඹීම.

      03. සිරිමා මැතිනියගේ ප්‍රතිපත්ති නිසා සුළු පරිමාණ සහ මදය පරිමාණ කර්මාන්ත අරබුනත් තරග කාරිත්වය නොමැති නිසා දියුණු බාන්ඩ ජනතාවට නොලැබීම , ජේ ආර් බලයට පැමිණ ආර්ථිකය විවුර්ත කිරීමෙන් සියලුම තරග කාරී නොවන නිෂ්පාදකයන් බංකොලොත් වීම.

      ජනතා විමුක්ති පෙරමුණ පැරා සිතන තරම් අහිංසක නොවේ ඊට මම දින කීපයකට පෙර යෙදු කොමෙන්ටුවකින් තේරුම් ගත හැක

      "
      1990 පසු ඉපදුන දැන් තරුණයන් 1989 වකවානුව ගැන කිසිවක් නොදනී. එක උදාහරණයක් පමණක් ගෙනහැර දක්වමි.
      1989 දී පස්සර නගරයේ සිදුවූ සිද්දියකි. මෙය මගේ නැන්ද කෙනෙකු මගේ පියාට විස්තරකරේ අප සියලුදෙනා නිවාඩුවට
      ගමේ ගිය විටයි.

      සිද්දිය මට මතක ලෙස :- පස්සර නගරයේ රජයේ සේවකයෙක් ජනතා විමුක්ති පෙරමුණේ අණ නොතකා ක්‍රියාකරන ලදී (මතක හැටියට තුන්ඩු කල්ලෙන් රැකියාවට නොයන ලෙස සදහන් කරනලද කරුණ නොසලකා හැරීමයි ) මිට දඩුවම ලෙස ඔහුව T56 වෙඩිතබා මරාදමන ලද අතර සංවේග ජනක දෙය සිදුඋයේ එයට පසුවයි,

      එනම් ජනතා විමුක්ති පෙරමුණ පැවසුයේ ඔහුව පෙට්ටියක නොදමා පොලිතින් වලින් ඔතා වලදමන ලෙසයි. ඔහුගේ පවුලේ අය ඔහුව පෙට්ටියක දමා වලදැමූ අතර දින කීපයකට පසු ඔජස්ගලන මිනිය ඔවුන්ගේ නිවාස මිදුලේ ගෙන ගොස් දමා තිබුණි.

      අවසානයේ නිවැසියන්ට සිදුඋනේ එම මිනිය පොලිතින් වලින් ඔතා දණහිසට පහලින් ඔසවාගන නැවත වැලලිමයි.

      ඉහත කරුණ නැවත මතක්කලේ ජනතා විමුක්ති පෙරමුණට අපහස කිරීමට නොවන අතර ඉදිරියේ පලනයකදී ඔවුන් ආර්ථිකය පාලනය කරන විදිය
      බලය ලැබීමට පළමුව ජනතාව හමුවේ ඔප්පුකලයුතු බැවිනි.

      "

      අවසානයේ කිවයුත්තේ නපුරු මනසක් නිර්මාණය කලවිට නපුරු ප්‍රතිපල ලැබෙන බවයි

      Delete
    3. ජවිපෙ සන්නද්ධ දේශපාලනය ගැන අපගේ විවේචනය අපි විවිධ ආකාරයෙන් පළ කර තිබේ. ක්‍රියාවෙන් එයින් මිදීම තරම් වෙනත් ක්‍රියාමාර්ගයක් තවත් නැත. අප මේවා ලියන්නේ තවත් පරම්පරාවකට එවැනි අත්දැකීම් සමුදායකට මුහුණ දෙන්නට සිදු නො වනු පිණිස ය. ජවිපෙ වැඩ කළ ආකාරය ගැන සාහිත්‍යයක් මගේ ශාස්තෲ පොතේ ද ඇත.

      Delete
    4. වංගු ගහලා ලග නවන්නේ නැතිව අහලා තියෙන ප්‍රශ්න ටිකට කෙටියෙන්වත් පිළිතුරු දීම නේද පැරා වැදගත් ලේඛකයකුගේ වගකීම වෙන්නේ. ඒ අස්සෙත් අර පාඩු උන මෙලෝ හරයක් නැති පොත (අයියෝ ඒක අරං මට කියවන්න දුන්න යාළුවගේ සල්ලි ) විකුණගන්න හදන්නේ.

      ලිපිය ගැන කියනවනං ඉතිං පැරාලා අහිංසක අසරණ මිනිස්සු දාස් ගානකට රෙන්න තියා නිදාගන්නවත් නොදුන්න එකට හිලවුවට පැරාලට පොඩ්ඩක් බෙට්ට පුක් ගැට්ටේ හිර කරගෙන ඉන්න උන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අපිටනං. ඔන්න නිකංම නිකං අසරණ අහිංසක මිනිහෙකුට (එඩ්මන් දාන්තේ වගේ) උනානං මේක හරි පවු. ඒත් පැරාලා වගේ නිල නොලත් අලුගෝසුවන්ට මෙහෙම නොවුනනං තමා අසාධාරණේ. හිත හදාගන්න පැරා, කල පව් වලට ටිකක්වත් මෙලොවදීම පල දුන්නා කියලා. ඉතිරි ටික මරණ මංචකයේදිත් පරලොවදීත් ලැබෙයි. දැන්ම තියා යන තැනකට පිනක් දහමක් කරගන්න බලන්න.

      Delete
    5. පැරා,

      //ජවිපෙ සන්නද්ධ දේශපාලනය ගැන අපගේ විවේචනය අපි විවිධ ආකාරයෙන් පළ කර තිබේ.//

      ජවිපෙ සන්නද්ධ දේශපාලනය ගැන නෙමෙයි අපට දැනුත් බරපතල අපැහැදිතා පවතී
      පහත ප්‍රශ්න 10 ට ඔවුන් ලබාදෙන උත්තර මගින් ඔවුන්ගේ අවංක බව අපට වටහාගත හැක
      අතීතයේ කරන ලද වැරදි නැවත සිදු කරයි කියා මා නොකියන අතර ඔවුන් දැන් ගෙනයන හැසිරීම විශ්වාසය තැබීමට
      පහත ප්‍රශ්න වලට සපයන පිළිතුරු ප්‍රමාණවත් වේ යයි සිතමි.

      01. පුද්ගලික දේපල අයිතිය පිළිබද ඔවුන්ගේ මතය.
      02. නිදහස් වෙළදාම පිළිබද ඔවුන්ගේ අදහස්
      03. රැකියා වර්දනය පිළිබද ඔවුන්ගේ සැලසුම
      04. විදේශ වෙළදාම පිළිබද ඔවුන්ගේ ප්‍රතිපත්තිය.
      05. රජය විවේචනය කිරීමට මහජනයාට ඇති අයිතිය සහ දේසපාලන පලිගැනීම් වැළකීමට ඇති වැඩපිළිවල.
      06. විදේශ ආයෝජන ලබා ගෙන රට සංවර්දනය කරනවද නැතිනම් දේශීය ආයෝජනයෙන් එය කරනවද ?
      07. අපේ විදේශ වෙලදාමේදී ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන රටවල් සහ අපනයනය කරන දේ
      08. රජයේ බදු ප්‍රතිපත්තිය (අදායමෙන් කොපමණ රුජු බදු වනවද බදු නිදහස්ව කොපමණ මුදලක් තබාගත හැකිද ?)
      09. ආයෝජනය දිරිගැන්වීමට යොදාගන්න උපක්‍රම මොනවද ?
      10.රජය මැදිහත් වන්නේ කෙලෙසද ? කුමන කර්මාන්ත වලටද ? කෙසේද ?

      1989 දී 13 හැවිරිදි ළමයකු වූ මා ගේ මතකයේ පුද්ගලයකු සදහන්කල පහත විලාපය අදටත් හොදින් මතකයේ තිබේ
      "අනේ මරනවානම් මරන්න අඩුගානේ අවමංගල කටයුතු කිරීමට මලකදවත් ඉතුරු කරන්න "

      මෙය මා දැනගත්තේ එක්පුද්ගලයකු ගෙන් පමණක් උනත් දකුණේ තරුණයන් ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ තේමා පාටය මෙය වූ බව අවංකව ඔබට සිහිවනු ඇති.

      Delete
    6. ලාංකීය සිතුවිලි @
      ජවිපෙ ආණ්ඩුවකින් ඔය ප්‍රශ්න දහයට උත්තර ලැබෙන්නෙ නෑ . අහන් එකා ප්‍රතිවිප්ලවවාදියෙක් කියල මරල දානව මිසක්. ඕනනම් ඌට මොනවහරි චෝදනාවකුත් කරාවි. ස්ටාලින් කළා වගෙ පාපොච්චාරනයකුත් කරාවි.
      තියනන්මෙන් චතුරශ්‍රයෙ සිසුන් මර්ධනය කළ හැටි දැක්කද
      බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැනෙ. ජේවීපී කාරය කියන විදියට ඉන්න වෙන්නෙ. ඒ නිසා ඔය ප්‍රශ්න දහය පනට ආදරේ කිසි කෙනෙක් ජේවීපී ආන්ඩුවක් තියන කාලෙක අහන එකක් නැහැ.
      අපට සමාජවාදය අවශ්‍යයි. ඒක ජනතාව තුලින් එන්න ඕන. විමුක්තිය උදාකරගත යුත්තේ මිනීමැරුම් තුලින් ම්ලේච්ඡත්වය තුලින් නොවෙයි.

      Delete
    7. මධ්‍යස්ථ මතධාරියා,

      // ඔය ප්‍රශ්න දහය පනට ආදරේ කිසි කෙනෙක් ජේවීපී ආන්ඩුවක් තියන කාලෙක අහන එකක් නැහැ.//

      ඒකතමයි බලය නැති කාලයක් වන දැන් අහන්නේ ඔවුන් දෙන උත්තර අනුව ඔවුන් ක්‍රියාකරන්නේ කෙසේද යන්න තීරණය කරගත හැකියි.

      Delete
  18. උඹ වගේ එවුන්ට පැරා කියන්නේ භ්‍රෂ්ටයා.

    මෙතනට එන උන් පැරා කියන එක බලලා සාදුකාරයක් දීලා මේ ලෝකේ හැමෝම බුදුහාමුදුරුවන්ටත් වඩා ඉහලින් සලකන අපි හැමෝගෙම පිනට පහළවුණු පුරවැසි මාධ්‍යකරණයේ පෙරගමන්කරු, ගෝටාගේ සුදු වෑන් වලට බය නැති, මහින්දගේ කාලයේ ජීවිත තර්ජන තිබුනත් ඒවා නොතකා තම මතය අභීතව ඉදිරිපත්කල, ලේක්හවුස් යන්න ඇඳුම් මසාගත්, නම අසූ පමණින් මහින්ද සහ රනිල් දෙදෙනාම වෙවුලා යන අජිත් පැරකුම් ජයසිංහයන්ගේ ලිපියේ අපූර්වත්වය, නව්‍යතාවය, සහ එතුලින් ගම්‍යවන එතුමාගේ පෘථුල බුද්ධිය ගැන ආඩම්බර වෙලා කොත්තමල්ලි එකක් ගහලා බුදියාගන්න ඕන.

    එතුමාගේ බුද්ධියේ පුළුල් බව නිසා උමා ඔය පෝට් සිටි වගේ සිවිල් ඉංජිනේරු වැඩ පවා තේරෙනවා. ඒ වගේම මාකට් එකේ රේට් එක 9.5% ට තියෙද්දී මහබැංකුව 12.5% පොලියට අර්ජුන් අලෝසියස්ගෙන් අවුරුදු තිහකට ණය ගත්තු එක ගැන තේරෙන්නේ නෑ කියන්න තරමට එතුමා නිහතමානියි.

    ReplyDelete
    Replies
    1. පට්ට කමෙන්ට් එක මචං. තව ටිකක් මේකට අඩුයි. මරුති ඇල්ටෝ සහ පැරාට නොකියා ටැක්ස් එක අඩු කිරීමේ අය වැය වරද එහෙමත් ආවනං ගති.

      Delete
  19. මෙවා යවපන් අනුර දිසානයකට. ඌ දැන් වදකයො එක්ක එකට විධායක සභාවෙ.

    ReplyDelete
  20. මෙච්චර සාක්ශි තිබිලත් බටහිරයො 1990 ඉදන් අද වෙනකම්ම සින්හල තරුනයන්ගෙ මානව හිමිකම් ගැන සැලකිල්ලක් නැත්තෙත්, කොටින් අවුරුදු 30ක් බොම්බ පුපුරවද්දී මෙ රටෙ සමස්ත ජනතාවගෙ මානව හිමිකම් ගැන තැකීමක් නැත්තෙත්, කොටියව ඉවර කරා විතරයි අති මහත් මානව ප්‍රෙමයෙන් උන්ගෙ මානව හිමිකම් කඩවීම් ගැන හොයන්න දුවගෙන එන එකනෙ මට තියෙන ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. මටනම් බටහිරන්ගෙ න්යායපත්‍රය ගැන ප්‍රශ්නයක් නෑ. මුන් 15 වැනි සියවසෙ ඉදන් අනුගමන කරපු දෙපිට කාට්ටු ප්‍රතිපත්තියනෙ ඕක. මට තියෙන ප්‍රශ්නෙ බටහිරන්ගෙ න්යායපත්‍රයයි, වම්මුන්ගෙ න්යායපත්‍රයයි එකක් උනෙ කොහොමද? මුන් අධිරාජයවාදයට විරුද්දයි කියලා නෙද දවසට දෙසැරයක් මතුරන්නෙ? අඩුම ගානෙ නූතන ජවිපෙ නායකයො බලපල්ලකො. උන්ටත් 89,90 ට වඩා වැඩගත් කොටින්ට සුදු කොඩි උස්සන් ඉද්දී වෙඩි තිබ්බද කියලා හොයන එකනෙ. මෙ වගෙ කාලකන්නියො ඉන්න රටක අවුරුදු 30කින් හරි යුද්දෙ ඉවර උන එක තමයි තියෙන පුදුමෙ.

      Delete
  21. ෙල්ඛකයා ෙදමළ ජාතිවාදිෙයක් බවත් ෙමවැනි ලිපි පළකිරීෙමන් ෙදමල ජාතිවාදීන් රණවිරුවන්ව යුධ අපරාධ දංෙගඩියට ෙගනයාමට ෙදමල ජාතිවාදී ෙගනයන ක්‍රියාවලියට ගැලෙපන ෙලස සිංහල ජනමතය ෙවනස් කිරීමට තැත්කරන බවත් සලකන්න

    ReplyDelete
    Replies
    1. ප්‍රබාකරන් මළ වෙලෙ දෙමල ඩයස්පොරාව සපත කරලා කිව්වා අපි මහින්දගෙන් සහ හමුදාවෙන් පලිය ගන්නවා කියලා. අපි එදානම් හිනා උනා. අවුරුදු 5කට පස්සෙ වෙමින් තියෙන දේ ගැන පුදුමත් හිතෙනවා. සින්හල ගොන්නුන්ගෙ ජනමතය වෙනස් කිරීමෙ මෙහෙයුම ඉතාමත් භයානක විදියට කෙරෙනවා.

      Delete
    2. ලේඛකයා දෙමල ජාතිවාදියෙක් නොවේ දෙමල ජාතිවාදීන් වෙනුවෙන් මුදලට කෑගහන එකෙක්.

      Delete
  22. පැරාට දැන් හොඳ කලක් ලැබිලා. මේ ලිපියට කීයක් ලැබුනාද?

    ReplyDelete
    Replies
    1. පුක කළුවො උඹ පීචං වෙච්ච හරිය මදිද මේ නොදන්නා මගුල් කතාකරන්නේ?

      Delete
  23. එන්න එන්නම ජයසිංහ බංකොලොත් වෙනවා නේද? අදත් ඇදගෙන නාලා. ඇල්ටෝ කතාවෙන් පස්සෙවත් මං හිතුවා ගොනා විකුණයි කියලා. කොහේද ඉතිං ගොනාට තමංවම විකුණ ගන්න බැහැනේ.

    ReplyDelete
  24. ඕනෑම දේක දෙපැත්තක් තියනවා. වැසිකිලි සැප දෙන්න ආණ්ඩුවේ හමුදාවට රාජ්‍ය අනුග්‍රහය නියමිත තැන් සහ වෙලාව තිබුන නිසා එහෙම කරන්න ඇති. වැරදියි. සතෙකුට උනත් හිංසා කරන්න හොඳ නෑ, ශාරීරිකව හෝ මානසිකව. ඒ වගේම කියන්න ඕන ඔය සහෝදර වරුත් අර කලින් කියපු පහසුකම් තිබුන නං UNP කාරයන්ට , රාජ්‍ය සේවකයන්ට සහ තමුන්ගෙ මතයට විරුද්ධව යන ඕනෑම කෙනෙකුට වැසිකිලි සැප සැප කනේ හිටින්න දෙන්න තිබ්බ. එහෙම සැප දුන්න හෝ නුදුන්නා තමුන්ගෙ මතය වෙනුවෙන් ඔය අති උත්තම සහෝදර වරුත් මිනී මැරුව. ප්‍රේමදාසත් මිනී මැරුව. සහෝදරවරු තමුන්ගෙ මතවාදය වෙනුවෙන් මිනී මැරුව. ආණ්ඩුව තමන්ගෙ අයිතිවාසිකම් රැකගන්න මිනී මරල ආණ්ඩුවට විරුද්ධ බලවේග පරාජය කළා. දෙපැත්තේම වරදක් නෑ.එහෙම බැලුවම . ඒත් එක හරිද? දැන් මරුන එවුං මතකද? ඒවා කරපු හැටි මතකද? මහින්ද ඒකාධිපති කියල ඒකැ පරද්දන්න ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් ගැහුවා නං අද රටේ තත්වේ කොහොමට තියෙයිද? ඔබතුමා ඒ දවස් වල මුළාවෙ වැටිලා ඉඳල සහෝදරයා. ඒ මුළාව නිසා අනියතේ දුක් විඳලා.. කණගාටුයි එහෙම කාලයක් ඔබට තිබ්බ එක ගැන. ඇත්තටම.

    ReplyDelete
  25. පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයාගේ ලිපියක් නැතුව මට සික් එක වගේ. මම මොනවා හරි කරගෙන ඉස්පිරිතාලෙට ගෙනාවොත් දොස්තරලට කිට්ටු වෙන්න දෙන්න එපා. නර්ස්ලට ඔක්කොම කරන්න දෙන්න.

    ReplyDelete
  26. සිරිසෙන එන්ගලන්තෙට ගිහින් පොරොන්දු උන යුධ අපරාධ අධිකරනයට පෙර එන කස කාරයො තමයි මෙ පැරාලගෙ ගොන් තර්ක. ජවිපෙ මර්දනය මෙහෙයවූයෙ එකල එජාපෙ නායකයො කියලා ඔනෙ එකෙක් දන්නවා. එජාප නායකයො ජවිපෙ මර්දනය කල විදියටම මහින්ද කොටි මර්දනය කරා කියලා කියන්නෙ කොහොමද? මෙ හදන්නෙ රටෙ සාමාන්ය ජනයාගෙ හමුදාව ගැන ඇති අතිමහත් ගෞරවය නැති කරන්න ජනමතය හදන එක. ලැජ්ජයි පැරා, සල්ලි නැත්නම් හිගා කාපන්, එක එකාගෙ කස කාරයො නොවී.

    ReplyDelete
  27. අනේ පැරා මොනවහරි ලියන්න. මට සික් එක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා