කුමාර් ගුනරත්නම් භ්‍රෂ්ටයා හා අනුර දිසානායක

අනුර කුමාර දිසානායක සමග උපුල් ශාන්ත සන්නස්ගල පැවැත්වූ සත්‍යාගාරය වැඩසට‍හනේදී අපූරු සිද්ධියක් දක්නට ලැබිණි. අනුර ඉංග්‍රීසි උගත් කෑගල්ල පැත්තේ ගුරුවරිය ගැන ඇසූ විට ඇය කුමාර් ගුනරත්නම්ගේ මව බව කියන්නට අනුර දක්වන්නේ අතිශය මැලිකමකි. කුමාර්ගේ නම මගහැර යාමට උත්සාහ කරන අනුර 1989 කැරැල්ලේදී මරා දමන ලද ඇගේ අනෙක් පුතා වන, රංජිතන් ගුනරත්නම් ගැන පමණක් කතා කරයි. 

එහෙත්, ඇත්ත නම්, කුමාර් ගුනරත්නම් එක් කලෙක අනුර කුමාර දිසානායකගේ ද නායකයා වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර නායකයකු ලෙස කටයුතු කළ බවයි. ඇත්තෙන් ම, 1989 කැරැල්ලෙන් පසු දේශපාලනිකව පසුබැස සිටි අනුර කුමාර පක්ෂය තුළ ඉදිරියට ගන්නේ ද කුමාර් ගුනරත්නම් ය. 

කුමාර් ගුනරත්නම් සහ තවත් පිරිසක් මතවාදී හේතු මත ජවිපෙන් වෙන් වී දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ක්‍රියාත්මක වෙති. ජවිපෙ නායකයන් ඇඹරෙන්නේ ඔය ටික කියා ගන්නට බැරිව ය. 

මේ වනාහි ස්ටාලින්වාදී වාමාංශිකයන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණයකි. ඔවුන්ගේ ලෝකයේ සිටින්නේ විප්ලවයේ මිතුරන් හා පරම සතුරන් පමණි. කිසියම් හේතුවක් මත පක්ෂයෙන් ඉවත් වූවෙක් වේ නම්, ඒ වනාහි විනාශ කර දැමිය යුතු ද්‍රෝහියෙකි. 

ජවිපෙ කුමාර් ගුනරත්නම් හා තවත් බොහෝ අය ඉවසා සිටින්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව මොකවත් කර ගන්නට බැරිකම නිසා ය. අවස්ථාවක් ලැබුණොත් කුමාර් ස්ටාලින් ට්‍රොස්කි මැරූ පරිද්දෙන් පොරෝ පහරකින් හෝ ඔවුන්ගේ දිවි තොර කරනවා ය. 

ජවිපෙ පමණක් නොව, සමාජවාදී සමානතා පක්ෂය, එක්ස් කණ්ඩායම, හිරු කණ්ඩායම, එල්.ටී.ටී.ඊ. වැනි තවත් බොහෝ සංවිධාන විසින් මේ ලක්ෂණය පෙන්නුම් කර තිබේ.

පක්ෂයෙන් කැඩී ගිය අය හඳුන්වන්නට අපූරු වදනක් සමාජවාදී සමානතා පක්ෂය භාවිතා කරයි. ඒ භ්‍රෂ්ටයා ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජෙප්පන්ගෙ හැටි කොහොමත් ඔහොම තමා... 87-89 කාලෙ ධනවාදී ආන්ඩුවට වැඩකලා කියල ග්‍රාම සේවකයො, අහිංසක ලංගම බස් ඩ්‍රයිවර්ල, ගුරුවරු, විදුහල්පතිවරු කීයක් මැරුවද?

    අවසානයේ 2005 න් පස්සේ සිංහල ජාතිවාදියොත් එක්ක එකතුවෙලා තමන්ගෙ සාමාජිකයින් දාස් ගනන් මරා දාපු හමුදාව "දේවත්වයට පත්කොරන්න" හැදුවෙත් මේ උන්දැලම තමා...

    ReplyDelete
    Replies
    1. ජේවීපී එක වටිනා මෙහෙවරකට කැපවී සිටින පක්ෂයක්. එහි සිටින්නේ වටිනා මිනිසුන් රැසක්. එහෙත් වැරදුන තැන් හදාගනිමින් කාලයට හා දේශයට ගැලපෙන තාලය සොයාගැනීමට නොහැකි අසනීපයකින් පෙළනෙවා. අදාල දර්ශනය මෙහි මුල්බැස ගන්නා පරිදි සකසා ගැනීමට හැකියාවක් නැති නිසා මෙතෙක් ගත් වෑයම් සියල්ල නෙළවරවුනේ පරාජයෙන්. දැනුදු පෙනී යන්නේ අසාර්ථක වීමේ සම්භාවිතාව අධික බවයි.

      Delete
    2. ජවිපෙ උපායමාර්ගය සකස්වී ඇත්තෙ මෙහෙමයි. පොදු සතුරා ලෙස මහින්ද දකින්නෙ මහින්ද විනාශ කර ගත්තොත් ඉන් පසු විනාශවන ශ්‍රීලනිපයෙන් හැලෙන ඡන්ද අහුලාගෙන 2020 දි ප්‍රධානම එජාප විරෝධී බලවේගය වීමයි. ජවිපෙ නායකයන්ගෙ වගේම සාමාජිකයන්ගෙ අභ්‍යන්තර ජීවිතත් පරස්පර විරෝධයන්ගෙන් පිරිලා. වංචනික බව , වෛරය , විනාශකාරී බව, ද්‍රෝහිකම යන ගුණාංග එකතුවෙලයි ජේවීපී කාරයෙක් හැදෙන්නෙ.
      2005 දි මහින්දට උදව් කලේ අනාගනියි කියන පවිත්‍ර චේතනාවෙන්. 1971 දි 1989 දි වගේම මේ පාරත් ජේවීපී එකට වරදිනව. දැන් ජේවීපී එක යූඇණ්පියෙ කොලොප්පන් සේනාංකය වෙලා නිසා.
      ලස්සනම වැඩේ යූඇණ්පී ඡන්ද ජවිපෙට යන්නෙ නෑ.පාවෙන ඡන්ද යම් ප්‍රමානයක් ජවිපෙට යනව. යූඇණ්පිය දුර්වල කලෙ ආණ්ඩු විරෝධී ඡන්ද ජවිපෙට වැටුන. බ්ලොග් ලියන යූඇන්පී අයත් ජවිපෙට දුන්න. මේ පාර ඒ මොනවත් නෑ.

      Delete
    3. පළාත් සභා චන්දෙදි සරත් ෆොන්සේකාටත් අඩුවෙන් චන්ද ගත්ත මහා ලොකු විමුක්තිකාමී මුණිවරු. ඔවුන්ගේ දේශප්‍රේමේ රෙද්ද පල්ලෙන් බේරෙනවා කතා කරනකොට නං. ඉරිසියාකාර , හීන මානෙන් පෙළෙන කුහක හැතිකරේ. උන්ගේ වටිනා මෙහෙවර තමයි අහිංසක කොල්ලො කෙල්ලොන්ගෙ මොළ හෝදල උන්ව නරකාදියට තල්ලු කරන එක.විප්ලව කොරන්න ගිහිං කෙරුවෙත් ඒකමයි. අහිංසක එවුංගෙ ඔළු කුරුවල් කරලා උන් ටික බිලි දුන්න. කැම්පස් ගියොත් ඉගෙනගන්න දෙන්නෙ නෑ.උන්ට හීන මානේ බෝ කරල අලුතෙන් එන එවුන්ට දස වධ දෙනවා. ඉල්ලීම් දුන්නත් නුදුන්නත් වැඩ වර්ජන කරලා මිනිස්සු අපහසුතාවයට පත් කරනවා.

      Delete
  2. oya anura karaya madya sakachcha waladi sarath fonsekage nama kiyanne na sarath fonseka ge goda wedi wei kiyala ane manda oi lankawe deshapalanei rate inna gobbayoi thakata thaka wasiyata pukata puka anith ekaa ranil gobbaya ranil gobbayage anduwak hedenakan balan inna Ajith Perakum Jayasinghe wage wasalayo mahinda wage pattahorekwa raja karanna baiyoi my3 ge niwata amude suwada balana toiyoi wimalla wage anthaa pajatha yakkui ane mandaa oi meka adi hath denage keda heliyata hapan

    ReplyDelete
  3. ගරු වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගෙන් විමසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇති බව අපට පැහැදිළි වේ.

    ඉහත ප්‍රවෘත්තියේ සඳහන් පරිදි මන්ත්‍රීවරයකුට ඉල්ලා අස්වන ලෙස ලිඛිතව බලපෑම් කිරීමට ඔබට බලය ලැබී ඇත්තේ කුමන පනතකින්ද?
    ඔහු අස් නොවුණහොත් ඔබ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඔහු ගැන වාර්තා කරන්නේ කෙසේද?
    නඩුවකින් වැරදිකරුවකු නොවී චූදිතයකු වූ පමණින් කෙනෙකුට දඬුවම් කිරීමට හෝ තනතුර හැර යන්නැයි බල කිරීමට ඔබට ඇති අයිතිය කුමක්ද?

    http://lankaenews.com/news/1476/si

    ගෝඨාභය දේශපාලනේ කරනවා කියල මල පැනල හිටි යහපාලන මහත්තුරු දැක්කද මේ දොස්තරයා සිරස සටනට ඇවිල්ල දුන්නු දේශපාලන ටෝක් ටික. සමහර විට පේන්න නැතුව ඇති?

    ReplyDelete
    Replies
    1. මේ මොකක්ද ඕයි මේ? මඤ්ඤංද? ඉහත ප්‍රවෘත්තිය?

      Delete
  4. ජවිපෙ පෙරටුගාමීන් ගැන දරණ මතය හා හැසිරීම දකින කොට ඔවුන්ට රාජ්‍ය බලය තිබුනානම් අනිවාර්යයෙන්ම මරනවා.විප්ලවය දිනුවානම මරන්න ලැයිස්තු හදල තිබුනෙ. ඒ ලැයිස්තුවල වැඩිපුර හිටියෙ ඒ වනවිටත් උරෙනුර ගැටී සටන් කරන අය. යාපනේ බන්ධනාගාරය බිදින්න ගිය මිල්ටන් එවැන්නෙක්. මිල්ටන් ආණ්ඩුවත් එක්ක සටනේ. ඔහු දන්නෙ නෑ විප්ලවය දිනුවානම් මුලින්ම ඔහුවත් මරන බව.
    ජවිපෙ පක්ෂය හැරගිය අය ගැන දරණ සතුරු ආකල්පය කෙබදුද යත් පොලිස් හමුදා මාධ්‍ය බලයක් තිබුනානම් විරුද්ධ අත දරන අයට ඔකකින් මොනවා වෙයිද දන්නෙ නෑ.
    කොහොමටත් ජවිපෙ ආණ්ඩුවක් අප දන්න සෑම ආණ්ඩුවකටම වඩා බිහිසුණු එකක් වෙනවා නො අනුමානයි.
    ජේ වීපී කාරයන් කරන හොරකම් ගැන කතා කළොත් උන්ට මරණය අත්වේවි.
    හොරුන්ටත් වඩා මිනීමරුවන් හෙළා දකින මිනිස් නිදහ්හස හා අයිතීන් පිළිගන්නා සම්ප්‍රදායක් ඇති කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. /* ජවිපෙ පක්ෂය හැරගිය අය ගැන දරණ සතුරු ආකල්පය කෙබදුද යත් පොලිස් හමුදා මාධ්‍ය බලයක් තිබුනානම් විරුද්ධ අත දරන අයට ඔකකින් මොනවා වෙයිද දන්නෙ නෑ. */

      නන්දන මාරසිංහව මැරුවේ පොලිස්/හමුදා බලතල තිබිලා ද?

      Delete
    2. විරුද්ධවාදීන් හසුරුවන්න බැරි වෙනකොට මරල දාන එක ජවිපෙ විතරක් නෙවෙයි තවත් සමහර දේශපාලන පක්ෂ වල ස්වභාවයක් හැටියටයි මං දකින්නෙ. ලසන්ත වික්‍රමතුංග වගේ අය මැරුණු හැටි එහෙම කොහොම ද කියල මතක් කරගන්න ඕනැ.

      එහෙම නොකරන දේශපාලන පක්ෂ මොනවාද?
      හැබෑට හෙළ උරුමය මොනවගේ දෙයක් කරයිද ගම්මන්පිලට?

      Delete
    3. නන්දන මාරසිංහව මරන කාලෙ ජවිපෙ අත ආයුධ තිබුණා. දැන් නැහැ.

      Delete
  5. විජේදාස රාජපක්ෂගෙන් ලක්ස විසිපහක් ගත් කතාව එතනදි අනුර්ගෙන් ඇසුවා මම දැක්කෙ නැහැ? නමුත් සිංහල බැරි කොතලාවල ඉදිරිපිට වීරයකු වූ සන්නා අනුරගේ පාමුල ඇඹිටිල්ලකුව සිටිනවානම් දැක්කා!

    අර කේන්දර කාරය "ජවිපෙට බලය දීමට තවම මෝරා නැත" යැයි කීම ඒකාගේ අනාවැකි වලට වඩා සත්‍ය සහ වටිනා කතාවකි.

    ReplyDelete
    Replies
    1. ඌ කීවේ ජවිපෙට බලපාන ග්‍රහයන් තවම මෝරා නැත කියායි.

      Delete
    2. හෙහ්..හෙහ් එහෙමනම් ඒක තමා උගෙ එකම නිවැරදි කේන්දර රීඩින් එක

      Delete
  6. /* මේ වනාහි ස්ටාලින්වාදී වාමාංශිකයන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණයකි. */

    මා නම් ඔය වැඩේ වැඩිපුරම දැක ඇත්තේ ට්‍රොස්කිවාදීන් අතරයි.

    ඒ දවස්වල විකොස කණ්ඩායමේ ප්‍රධානම සතුරා තමයි නසසප. කම්කරු මාවත පත්තරේ ලිපිවල එක් ප්‍රධාන අරමුණක් තමයි හරය පුවත්පතට පහර ගැසීම.

    (එය අනිත් පැත්තටත් එසේම වෙන්න ඇතිය යැයි සිතනවා. මා වැඩිපුර සහභාගී වී ඇත්තේ විකොස විසින් සංවිධානය කරන ලද දේශණවලට සහ වැඩිපුර කියවා ඇත්තේ කම්කරු මාවතයි).

    ReplyDelete
    Replies
    1. මෙතන අද මාතෘකාව විරුද්ධවාදීන් මරා දැමීමයි. පහර ගැසීම නොවේ. (මාතෘකාව තෝරන්නේ කොමෙන්ට්කාරයන් විසින්ය. පෝස්ට් එක ලියපු එකාට සිදු වී ඇත්තේ කොමෙන්ට් කාරයන්ට වේදිකාව සාදා දීමට පමණකි.)

      Delete
    2. ඔව් ට්‍රොස්කිවාදීනුත් මේ වගේ. මාඕවාදීන් ඇතුළු සියලු මාක්ස්වාදීන් භාවිතයේදී මෙහෙම තමයි.

      Delete
  7. පෙර‍ටුගාමීන් හරිද....වැරදිද........

    ReplyDelete
  8. ට්‍රොස්කිවාදීන්ගෙයි මාක්ස්ලෙනින් වාදින්ගෙයි ප්‍රධාන වෙනස මොකද්ද?......සමානතා අයගෙයි පෙර‍ටුගාමීන්ගෙයි නම් මට පේන එකම වෙනස සමානතා අය ටයි කෝට් අඳිනව වගේ.....පෙ‍රැට්ටො සෙරප්පු දාල කොන්ඩ ‍රැවුල් වවාගෙන ඉන්නව වගේ......?

    ReplyDelete
  9. වමේ කණ්ඩායම් කීයක් පැරාට භ්‍රෂ්ඨයා කියා අමතනවාද?

    ReplyDelete
  10. ජෙප්පන් කොහොමත් වෙඩි තියන්නේ දුවන ගමන් කිහිල්ලට යටින් පිටිපස්සට. මහින්දට වෙඩි තිබ්බෙත් එහෙම. එජාපය සහ අනෙකුත් කණ්ඩායම් කෙලින් වෙඩි තියපු නිසා මහින්ද වැටුන. දැන් ජෙප්පො කියන්නෙ මහින්ද වැටුනේ දුවනගමන් කිහිල්ලට යටින් පිටිපස්සට තියපු උන්ගෙ වෙඩිපාර වැදිලලු. උන්ට බලයක් නැති නිසා ඔක්කොටම බෙරිහන් දෙනව. විප්ලවයක් කරන්න තරමටම රට පිරිහිලා තිබ්බේ නැති කාලෙක විප්ලවයක් කරලා අහිංසක කොල්ලො කෙල්ලොන්ගේ ඕලු හෝදල මුන්ගේ "රුසියාවෙන් ආනයනය කරපු" විමුක්ති බණ ඔලුවට දාල උන් ටික බිලි දුන්න. අදත් ඉස්පිරිතාල ඇතුළු වැඩිමනක් ස්ට්‍රයික් මගින් මිනිස්සු අපහසුතාවයට ලක් කරනවා. ඕව හින්ද මිනිස්සු මරෙනවත් එක්ක. කැම්පස් වල හීන මාන රැග් වලින් කොල්ලො කෙල්ලෝ මරනවා. මුන් මහා පිළිලයක්. ඉතා සුළුතරයක් වන ලොක්කෝ ටික පොර ටෝක් දෙනගමන් යටින් උගුල් අදිනවා. ඉස්සර ආගමක් නෑ කියපු ජෙප්පො දැන් ශේප් න්‍යායෙන් කතාකරන්නේ. කරන්ඩ පුළුවන් මගුලකුත් නෑ, ඒත් බොරුවට කෑගහනවා. ඉරිසියාකාර හැතිකරේ..

    ReplyDelete
    Replies
    1. උබේ නමටම ගෑලපෙන කතාව.
      හුජ්ජ පඩoගුව කියලා පොඩ්ඩක් විතර නම වෙනස්කරගනින් මෝඩයා.
      අහින්සක මිනිස්සු හූරන්කාපු, මහින්දයකුඩු මුදලාලි ට කෙලවුන නිසානේ බන් උබලට ඔය හිතේ අමාරුව.පව් නේ අපි නොදන්න යු.ඈන්පී ශ්‍රී ලකා කෙරුවාව !

      Delete
    2. සිරාවටම සජ්ජා උඹ හරි. මේ ඇනෝ අනුරගේ චූ කොල්ලෙක් විය යුතුයි.

      Delete
    3. සජ්ජගේ හුජ්ජ කොල්ල

      Delete
    4. ජෙප්පන්ට තමන්ගේ අදහසක් පරාද වෙනව දැක්ක ගමන් කේන්තියනවා. මනෝමූල තත්වයන් සමග විෂයබද්ධ තත්වයන් ගලපා ගැනීම ද විෂයබද්ධ තත්වයන්හා මනෝමූල තත්වයන් ගලපා ගැනීමද මොකද්ද මහ බරට පවසන දේවල් ගැන අහල තියනව. ඒව ගලපගන්න කවදාවත්ම හැකිවී නැත්කම තමයි හරහට ඉන්නෙ. ඔන්න හරිගියා කියල හිතල සන්නා එක්ක කතා කරපු තැනම ඇනුනා.

      Delete
    5. //ජෙප්පන්ට තමන්ගේ අදහසක් පරාද වෙනව දැක්ක ගමන් කේන්තියනවා. මනෝමූල තත්වයන් සමග විෂයබද්ධ තත්වයන් ගලපා ගැනීම ද විෂයබද්ධ තත්වයන්හා මනෝමූල තත්වයන් ගලපා ගැනීමද මොකද්ද මහ බරට පවසන දේවල් ගැන අහල තියනව. ඒව ගලපගන්න කවදාවත්ම හැකිවී නැත්කම තමයි හරහට ඉන්නෙ. ඔන්න හරිගියා කියල හිතල සන්නා එක්ක කතා කරපු තැනම ඇනුනා.//

      මචන් ඈනෝ උබට මොකෑයි බන් උනේ 1
      ප්‍රශ්නෙකට උත්තර දෙන්න බෑරි උනහාම...........මනෝමූල.....විශයමූල....වර්ගමූල.....හා....හා...හා...
      අනේ තොපිවගේ පිස්සො ඵක්කනෙ බන් අපිත් සoවාද කරන්නේ...! ! !

      Delete
  11. කුමාර් ගුනරත්නම් කියන මනුස්සය ගෑන අපේ රටේ සාමාන්ය ජනයා දන්නෙත් නෑ.මිනිහ ජෙප්පොන්ටයි හිටපු ජෙප්පො වන පෙරටුවන්ටයි ලොකු ඈති.මිනිහගෙ විසා නොදී මේ ආන්ඩුව කලෙත් එයාට අනවශ්ය ප්‍රචාරයක් ලබදීමයි.හෑබෑයි අපේ රටේ සාමාන්ය ජනයාට "කුමාර ගුනරත්නම්" ගෙයි "වෙලේ සුදාගෙයි ඈති වෙනසක්නෑ.

    ReplyDelete
  12. ජෙප්පන්ගෙයි, හිටපු ජෙප්පන්ගෙයි ටෝක් එකක් තමයි හෑමවිටම අලින්ගේ අපේවෑඩ ටෝක් දීම.චන්දෙ ඉවරවුනම පෑරා දුන්න ටෝක.(මහමගමරා දමන්න හිටි යායකියල

    ReplyDelete
  13. රංජිදන්ගෙ නංගි කෝ?

    ReplyDelete
    Replies
    1. රංජිදන් කියන්නේ ඇයි?
      අපි නම් ඔහු ඇමතුවේ රංජිතම් කියායි.

      Delete
    2. රසික ජෙයවර්ධන කියනව වගේම තමා.

      Delete
  14. ජ.වි.පෙ ට සම්බන්ද සමහරක් වලව්වල පිලිකන්නේ ඉදුල් අහුලන් කාපු අයයි.ඒ අය සිහින මවන්නේ වලව්වෙ ඉස්සරහට යන්න හාමුලා වෙන්න.ඉතින් අවස්තාව අවහම ඔක්කොම පාවා දීලා සමාජ වාදේ අමතක කරලා ගිහින් ජ.වි.පෙ ට ගහන්නේ උඩ පැන පැන,තව ඉන්නවා කටු කන බල්ලො වගේ පිරිසක් ඒ අයත් එහෙමයි.ඔවුන් සාමන්‍ය ජනතාවට අයත් නෑ.ඒ අය හාමුලා අහුරු කන කොට කට දෙපැත්තෙන් වැටෙන කෑලී කාලා ජීවත් වෙන අය(දේශා පාලකයින්,මාධ්‍යවෙදීන් ) දාස භාවයට පත් වු අය.මෙතන කොමෙන්ට් දමන සමහර අයත් එහෙමයි.කොමෙන්ට් දිහා බැලුවම ඒක පේනවා.හංගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මේ තමුසේ තැන බලල කතා කරනවා හරියෙයි
      මගේ පැරකුම් අයියට කටු කන බල්ලා කියන්න තමුසේ කවුද ?
      - කළු එතනා නගා

      Delete
    2. @ Anonymous March 8, 2015 at 7:32 AM ---
      හරියට ම හරි, මල්ලි....

      ඕකට හොඳ ම උදාහරණය තමයි පනික්කියා.

      Delete
  15. ජනතා විමුක්ති පෙරමුණ පිළිබද දැනගතයුතු මුලික කරුණු සහ ඔවුන්ගෙන් ඇසියයුතු කරුණු
    01. පුද්ගලික දේපල අයිතිය පිළිබද ඔවුන්ගේ මතය.
    02. නිදහස් වෙළදාම පිළිබද ඔවුන්ගේ අදහස්
    03. රැකියා වර්දනය පිළිබද ඔවුන්ගේ සැලසුම
    04. විදේශ වෙළදාම පිළිබද ඔවුන්ගේ ප්‍රතිපත්තිය.
    05. රජය විවේචනය කිරීමට මහජනයාට ඇති අයිතිය සහ දේසපාලන පලිගැනීම් වැළකීමට ඇති වැඩපිළිවල.
    06. විදේශ ආයෝජන ලබා ගෙන රට සංවර්දනය කරනවද නැතිනම් දේශීය ආයෝජනයෙන් එය කරනවද ?
    07. අපේ විදේශ වෙලදාමේදී ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන රටවල් සහ අපනයනය කරන දේ
    08. රජයේ බදු ප්‍රතිපත්තිය (අදායමෙන් කොපමණ රුජු බදු වනවද බදු නිදහස්ව කොපමණ මුදලක් තබාගත හැකිද ?)
    09. ආයෝජනය දිරිගැන්වීමට යොදාගන්න උපක්‍රම මොනවද ?
    10.රජය මැදිහත් වන්නේ කෙලෙසද ? කුමන කර්මාන්ත වලටද ? කෙසේද ?

    මෙය සවිස්තරව බ්ලොග් අඩවියේ සාදන් කලා
    http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html

    ReplyDelete
  16. පැරකුම්, අනුර මේ සමග තව දෙයක් කිව්වා. ඒ කොටසත් එක්ක තමයි ප්‍රකශය සම්පූරණ වෙන්නේ. ඔහු කිව්වේ //මේ සම්බන්ධ කතා කිරීමේ සීමාවන් තිබෙනවා. කව්රු ඒ සීමාවන් අභිබවා ගියත් ජවිපෙ ඒ සීමාවන් රකිනබවත් මොනම හේතුවක් නිසාවත් ජවිපෙ ඒ සීමාවන් බිදනොදමන බව// ත් ඔහු පැවසුවා. කුමාර් ගැන එම සීමාවන්ගෙන් එලියට ගිහින් ඔහුගේ භූමිකාව ගැන ජවිපෙට කතාකරන්න බැහැ. මොකද කුමාර් කියන්නේ විප්ලවය ආයුධ සන්නද්ධ ක්‍රියාවලියක් ලෙස කිරියත්මක වුන කාලේ මුලිකව කටයුතු කල කෙනෙක්. ඒ සම්බන්ධව කතා කරලා ඉන් එහාට සිදුවන ප්‍රශ්න කිරීම් වලදී ජවිපෙට උත්තර නොදී ඉන්නත්
    බැරි, උත්තර දුන්නොත් එය කුමාර්ට එරෙහිව යොදා ගත හැකි වෙනවා. කුමාර් ගේ භුඋමිකව හෙළි කල නොහැකි මෙන්ම කුමාර්ගේම ආරක්ෂාව තකා එලෙස හෙළි කල නොයුතු බව තමයි මගේ නම් හැගීම. මේ හුදෙක් මගේ උපකල්පිත අදහසක් පමණයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා