මහින්ද උත්සාහ කරමින් සිටින්නේ කුමකට ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් මහින්ද ඉවත් වීමත් සමග එම පක්ෂයට නවීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වීමේ කදිම අවස්ථාවක් උදා විය.

එහෙත්, ශ්‍රීලනිපයට ඒ අවස්ථාව පාවිච්චි කරන්නට බැරි විය. එසේ වන්නට මූලික හේතුව වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශක්තිමත් ලෙස එම කාර්යයට මැදිහත් නො වීමයි. ඔහු සිය හිස මත කඩා වැටුණු පක්ෂ නායකත්වය උපායශීලී ලෙස මෙහෙයවීමට අසමත් වී තිබේ.

ඔහු හමුවේ ඇති අභියෝග සුළුපටු නො වේ. එක පැත්තකින් ජාත්‍යන්තර වශයෙන් බලය තහවුරු කර ගන්නට සිදු වී තිබේ. අනෙක් පැත්තෙන් ජාතික වශයෙන් ද ස්ථාවරත්වය පිළිබඳ අභියෝග තිබේ.

මෛත්‍රීපාලගේ පාලනය නිරායාසයෙන් ම මහින්ද රාජපක්ෂගේ පාලනය සමග සන්සන්දනය වීම වැළැක්විය නො හැකි ය. විශේෂයෙන් ම ශ්‍රීලනිපයත්, පොදුවේ සිංහල දේශපාලන ප්‍රජාවේ සැලකිය යුතු පිරිසකුත් මහින්දගේ දුර්දාන්ත, දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකත්වය ශක්තිමත් පාලනයක් ලෙස සැලකූ හ. එවැනි සමාජයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් දරා ගැනීමේ ගැටලු තිබේ.

දේශපාලන පළිගැනීම් සිදු නොවන විට ලංකාවේ ජනයා හා ජනමාධ්‍ය එය පාලනයේ දුබලකමක් ලෙස හුවා දක්වන ආකාරය දැකිය හැකි ය. ඇතැම් ජනමාධ්‍ය ප්‍රකාශනයේ නිදහස භාවිතා කරන්නේ වැඩි වැඩියෙන් ජාතිවාදය හා වෛරය පැතිරවීම පිණිස ය.

සොරුන්ට එරෙහිව නීති මාර්ගයෙන් පමණක් කටයුතු කරන විට, දේශපාලන බලය පාවිච්චි කර සාක්ෂි වසන් කළ වංචනිකයෝ 'කෝ අපිව ඇල්ලුවද?' යි අසන්නට තරම් එඩිතර වී සිටිති.

සමාජය සෙමෙන් වෙනස් වෙමින් තිබේ. ඒ වෙනස දරා ගත නො හැකි අය ආණ්ඩුව පෙරළීමට වේගයෙන් වැඩ කරති.

වෙනසක් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන බලවේග දැන් ඔලු අවුල් කරගෙන ය. තමන් කළේ කුමක් ද යන්න ඔවුන් මුලින් ම සිහිපත් කර ගත යුතු ය. 2015 ජනවාරි 08දා අප මුල පිරූ වෙනස නිර්මානය කිරීමේ වගකීමෙන් අපට අත්මිදිය නො හැකි ය.

ගතානුගතිකවාදී, ප්‍රතිගාමී ප්‍රතිවිප්ලවය නුගේගොඩින්, නුවරින්, අනුරාධපුරෙන්, රත්නපුරෙන්, කුරුණෑගලින් ඉදිරියට යමින් තිබේ. දූෂිත, දුර්දාන්ත, ඒකාධිපති පවුල් පාලනය යළි පිහිටුවන්නට දරන මෙම උත්සාහය පරාජය කිරීමේ වගකීම අප අත්හළ යුතු නැත.

මහින්ද නැවත බලයට ගෙන ඒමේ ව්‍යාපාරය විසින් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා හමාර ය. මහින්ද උත්සාහ කරමින් සිටින්නේ සිය පුද්ගල බලය තහවුරු කළ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වළක්වා ගැනීමට බව පැහැදිලි ය.

ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ඔහු නිර්මානය කරමින් සිටින අවුල මේ වන විට වෙනස වෙනුවෙන් කැප වූ බලවේග වෙත ද කාන්දු වෙමින් තිබේ. වෙනසෙහි මූලික අභිප්‍රාය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට නො යනයා නො හැකි සිරවීමකට හසු වී තිබේ.

වෙනස වෙනුවෙන් දායක වූ ජවිපෙ, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය වැනි බලවේග මේ වන විට සෙලවී ඇති බවක් පෙනේ. ඔවුන්ගේ අවධාරණයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවතට යොමු වී තිබේ. එළඹෙන මහ මැතිවරණයේදී සිය බලය තහවුරු කර ගන්නා ආකාරය ඔවුන්ගේ මූලික අවධානය වී ඇති බව පෙනේ.

එහෙත්, මේ රටේ ජනතාවට මහ මැතිවරණයට වඩා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ මූලික අරමුණ කෙරෙහි වහා අවධානය යොමු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මං හිතුවර වඩා මෛත්‍රී හොඳ බව මේ කතා කොටස නැරඹූ පසු මට ඊයේ වැටහුණා.
    https://youtu.be/kHMaNNYhTsk

    නමුත් සිරිලංකා එකට ඕනෑ මේ වගේ පොරක් නොවෙයි වගේ!

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස්ට්, වැඩේ වෙලා තියෙන්නේ ලංකාවේ පය ගහලා ඉන්න අපිට වඩා ලංකාව දාලා ගිය මහසොහොන් පිල්ලිය වගේ එවුන්ටයි මෛත්‍රීව එපා වෙලා තියෙන්නේ.

      නිදහසින් පස්සේ ලංකාවේ දිදුලනම නායකයා බවට පත් වන්නේ මෛත්‍රී.

      Delete
    2. @ AnonymousMarch 31, 2015 at 7:56 AM,

      මචන් සිඩ්නි තියෙන්නේ ලංකාවේ කොහේ හරියේද? එකට මතුගම ඉදන් තනි බස් එකෙන් ගියහැකිද?

      Delete
    3. //රසිකොලොජිස්ට්, වැඩේ වෙලා තියෙන්නේ ලංකාවේ පය ගහලා ඉන්න අපි//

      හපොයි මේ වගේ හරකෙක් :D

      Delete
    4. හරකුන්ට අපහාස කරන්න එපා මසොපි.

      Delete
    5. @//AnonymousMarch 31, 2015 at 8:33 AM මචන් සිඩ්නි තියෙන්නේ ලංකාවේ කොහේ හරියේද? එකට මතුගම ඉදන් තනි බස් එකෙන් ගියහැකිද?//

      ඔව්..එක බස් එකයි. මතුගම කලුතර බස් එකේ කලුතරට ගිහින්.. එතන ඉඳල බෝට්ටුවක යන්න තියෙන්නෙ..

      Delete
    6. මේ රසිකොලොජිස්ට් කියන එකා තමන්ගෙ පවුලගෙ පිහිටෙන් ඔසී පැන්න එකෙක්. විස්සවිජ්ජාල කාලෙ හරිම ප්‍රගතිශීලි, රැඩිකල්වාදියා. අනේ එලියට එනකොට ලොකු දෑවැද්දක් එක්ක දොස්තර නෝනෙක් ඕනෙ බඳින්න. අවුරුදු 16ක් ඔසීවල, දැන් එහෙ පුරවැසිකමත් අරන් එනවා මෙතන ලංකාවෙ දේශපාලනය ගැන පඬි කතා කියන්න. ලංකාවෙ පොලොවෙ පය ගහල ඉන්න එකෙක් ඕනෙ (පැරා වගේ) මෙහේ දේශපාලන මතවාද පතුරන්න. අනික මේ රසිකය දාල තිබුණා ඌ අර IELTS කියන ඉංග්‍රීසි විභාගෙන් band width එක 8.5 ක් (සම්පූර්ණ band width එක 9) ගත්තා කියලා. මූගෙ පුරාජේරු ඒකෙන්ම පේනවා, IELTS Band width එක 8.5ක් ගන්න native English speaker කෙනෙක්ටත් අමාරුයි, ඒ කාලෙ ගොඩේ බයියෙක් වුණ මූ කොහෙ ගන්නද. මට ආරංචියි මූට අවමයවූ 4 තියෙනවා කියලා.

      Delete
    7. මා මගේ කමෙන්ටුවේ සිරිලංකා යැයි කීවේ ශ්‍රී ලංකාව (රට) ට නොව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටයි. ඇත්තටම ඒ වීඩියෝව බලන්න. විනාඩි දහයක පමණ එකක්. මෛත්‍රීපාල ඉතා හොඳින් කතා කරනවා.

      Delete
    8. @ Anonymous March 31, 2015 at 5:53 PM

      ඔබ මා ගැන කියා ඇති තොරතුරු වල වැරදි කිහිපයක් ඇත. ඔබේ කතාවට පිළිතුරු දීම මට අත්‍යවශ්‍ය නොවුණත්, මා පිළිතුරු නොදී ඉන්නා විට, මෙවැනි දේ සත්‍යය යැයි සළකන අය සිටින නිසා මෙලෙස ලියමි.

      1. මා ඕස්ට්රේලියාවට සංක්‍රමණය කළේ අදාල සංක්‍රමණ ක්‍රමය යටතේ අයැදුම්පතක් ඉදිරිපත් කර ඒ අනුවයි.

      2. විශ්ව විද්‍යාලයේ මා දැරූ දේශපාලන අදහස් වෙනස් වී නැත.

      3. ඉංජිනේරු පීඨයේ ඉගෙන උපාධි ලබා පිටවෙන අය ඉංජිනේරුවෝ වෙති. ඒ ආකාරයට ම, වෛද්‍ය පීඨයේ ඉගෙන උපාධි ලබා පිටවෙන අය දොස්තර ලා වෙති. මගේ බිරිඳ උගත්තේ පේරාදෙනිය වෛද්‍ය පීටයේ ය. ඇය විශ්ව විද්‍යාලයේ දී මට වසරක් කණිෂ්ඨ ශිෂ්‍යාවකි. "ලොකු දෑවැද්දක් එක්ක දොස්තර නෝනෙක් ඕනෙ බඳින්න" යන යෙදුමෙන් කියවෙන්නේ ඔබේ ඇති හීනමානයක් මිස වෙන කිසිවක් නොවේ. ඇත්තටම මට ඔබ ගැන "පව්" කියා සිතේ!

      4. මා දැනට වසර දහනමයයි මාස එකොළහක් තිස්සේ ඕස්ට්රේලියාවේ වාසය කරමි.

      5. මගේ ප්‍රථිඵල ගැන මා ලීවේ කොතැනදැයි මට සොයා ගත නොහැක. ඒ මගේ බ්ලොගයේ නම් නොවේ. කෙසේ වෙතත් එතැනට අදාල නිසා ඒ විස්තරය ලිව්වා විය හැක.

      මා ඒ කතාව ලියූ තැන ඒ ලියන්නේ මතකයෙන්, පසුව ප්‍රථිඵල සටහන බලා නිවරැදි කරන්නම් කියාත් ලියා තිබුණාද?

      මෙන්න මගේ ප්‍රථිඵල විස්තරය.

      Centre Number: LK001
      Year: 1992
      Quarter: 3
      Candidate Number: 0259
      Test Date: 02/12/1992
      Module: A

      Results
      Reading (Version 2) - Band 8.0
      Writing (From 5) - Band 8.0
      Listening (Version 3) - Band 8.5
      Speaking (Task 1) - Band 8.0
      Overall Band 8.0

      ඔබේ මිම්මෙන් මා නොමනින්න.

      දැන් ගිහිං බයියං කටක් කා බයිය බබා කරන්න.

      Delete
    9. /* IELTS Band width එක 8.5ක් ගන්න native English speaker කෙනෙක්ටත් අමාරුයි,*/

      සභාවේ සිනා!

      දන්නවද දැන් අවුරුදු විස්සක් විතර තිස්සේ මං ඕස්ට්රේලියාවේ කරන ජොබ් එක? සුද්දන්ට ඉංගිරිසි ඉගැන්වීම.

      සභාවේ තදින් සිනා!

      Delete
    10. අනේ ගොන් රසික, උඹගෙ myself ඉවරද ?? උඹ කොහොම වෙතත් උඹගෙ පවුලනම් හරිම හොඳ කෙනෙක්, දාහකින් හොයා ගන්න බෑ, ඒ නිසා උඹගෙ කසාදෙ විස්තර මෙතන දැමීම ඒ මනුස්සයාට අපහාසයක්. හැබැයි උඹගෙ IELTS කතාවට නම් මට පුකෙන් හිනා, මොකද ඔය 92 විභාගෙ ප්‍රථිඵල දැන් චෙක් කරන්න බෑනෙ, මොකද IELTS වලංගු අවුරුදු 2යි. හැබැයි මෙහෙම කියමුකො, ලංකාවෙ ඉඳන් ඔසී ඉගෙන් ගන්න එන රෝයල්, ට්‍රිනිටි වගේ ඉස්කෝලවල කොල්ලොත් අවුරුදු 3/4 ඔසී ඉගෙනගෙන IELTS එකට වාඩිවෙලා ගන්නෙ band width එක 7/7.5 වගේ අගයන්. හරි උන්ට එච්චර ඉංග්‍රීසි බෑ, හැබැයි මරදානෙ ආනන්දෙ අවුරුදු 2ක් ඉගෙන ගත්ත උඹට පුළුවන් කියමුකො. හැබැයි අර සුද්දන්ට ඉංග්‍රීසි උගන්නන එකටනම් සභාවෙ උන්ට තදින්ම පුකෙන් හිනා. ඇත්තට රසිකයො, ඔය ඔසී සුද්දන්ට ඉංග්‍රීසි බැරිද බන් ?? එන්ගලන්තෙ පාර අතුගාන උනුත් කියන්නෙ ඔය වගේ කතානෙ බන්, සුද්දන්ට ඉංග්‍රීසි ඉගැන්නුවා, බකිම්හැම් මාලිගාවෙ වැඩ කලා. මට දුක උඹ ඉන්ජිනේරු උපාධියකුත් තියාගෙන මේ වගේ කතා කියන එක. අපි හිතුව්‍ර උඹ කියයි කියල senior Engineer, Principle Engineer හරි අඩුම නැත්නම් Engineering Manager කියල.

      Delete
    11. AnonymousMarch 31, 2015 at 7:27 PM, උඹ ඔච්චර රසිකව බයිට් කරන්න එපා බන්, ඌ සුද්දන්ට ඉංග්‍රීසි උගන්නල පාඩුවෙ ජීවත්වෙන (අවුරුදු 50 මේ අවුරුද්දෙ ලබන්න ඉන්න ) කොල්ලෙක්නෙ. උඹට ඔසී එන්න බැරි වුණාට රසික පලිද ??

      Delete
    12. කවුදඩෝ අපේ ඉංග්‍රීසි සර්ට සද්දෙ දාන්නෙ, උඹල ඔක්කොටම ගේම් එක දෙනව මම ලංකාවට ආවොත්... ටේලර් (ඔසීවල රසික සර්ගෙ ඉංග්‍රීසි පන්තියෙ සිසුවෙක්, පොඩ්ඩක් සිංහලත් ඉගෙන ගත්ත ඉංග්‍රීසියෙන්ම )

      Delete
    13. @ Anonymous March 31, 2015 at 5:53 PM = Anonymous March 31, 2015 at 7:27 PM

      මා ඒ පිලිතුරු ලීවේ ඔබට නොවේ. ඔබේ අසත්‍ය ප්‍රචාර දැක ඒවාට මා උත්තර නොලීවොත්, ඒවා ඇත්තයි කියා සිතන අයගේ දැන ගැනීම පිණිසයි.

      ඔබ කියා ඇති රෝයල් ට්‍රිනිටි ආදී කතා නිසා මට ඔබ ගැන ඇති අනුකම්පාව වැඩි වුණා. ඇත්තටම මේවැනි පරාධීන, හීනමාන චින්තනයක් ඔබට ආවේ කොහොමාද?

      ඔබට ඉංගිරිසි බැරිකම නම් පුශ්ණයක් නොවේ. නමුත් මා සභාවේ තදින් සිනා යන යෙදුමද සහිතව උපහාසයට ලියා ඇති මා සුද්දන්ට ඉංගිරිසි උගන්නනවා කියන කතාවේ සරදම නොතේරීමට තරම් ඔබේ සිංහල දැනුම අඩු බව පෙනීම නම් දුකකි!

      බයි, බයි, බයි බයිය බබා!

      ගිහිල්ලා අප්පච්චිගෙන් සූප්පුවක් ඉල්ලා ගන්න.

      Delete
    14. ලංකාවෙ තාම රෑ 10යි, පවු සිඩ්නිවල පාන්දර 3ත් පහුවෙලා, සිඩ්නිවල රසික සර් තාමත් comments දානවා.මොනවා වුණත් ඔය රසික සර් ඉංග්‍රීසිවල basic grammar වරද්ද ගත්ත කෙනෙක්. මිනිහගෙ බ්ලොග් එකේම තියෙනවා මෙහෙම "ඡන්ද ඔට්ටුවක් - "මෙදා පොටේ දුන්න බැටේ!" : I was an UNPer once " ඉංග්‍රීසිවල a,e,i,o,u වලට ඉස්සරහින් 'an' දැමීම සාමාන්‍ය දෙයක්. ඒත් 'u' අකුර 'අ' ශබදය දෙන 'umbrella' වගේ වචනවලට ඉස්සරහින් 'an' වුණාට, 'යු' ශබ්දය දෙන 'university' වගේ වචනවලදි මේක වෙනස්. ඒ නිසා 'an university' නෙවෙයි 'a university'. එතකොට 'UNP' වුණත් 'a UNP' මිසක් 'an UNP' නෙවෙයි. මෙහෙම තමයි එන්ගලන්ත සුද්දා ඉංග්‍රීසිය හදලා තියෙන්නෙ. හැබැයි ඔසීවල සුද්දනට ඉංග්‍රීසි උගන්නන රසික සර් වෙනස්. අනේ මන්ද මේ හාදය essay එකක් ලිව්වොත් මොනවා ලියයිද කියල. මම ගහන්නෙ මඩලු, ලැජ්ජාවට සංස්කරණය කළේ නැත්නම් මේ තියෙන්නෙ link එක, (http://rasikalogy.blogspot.sg/2014/12/i-was-unper-once.html) ගිහින් බලන්න. මම වැරදිනම් පැරා මාව නිවැරදි කරන්න. මොකටත් මම බ්ලොග් එකේ screen shot එකක් අරන් තියෙන්නෙ.

      Delete
    15. රසික, ඔබ මා ගැන අනුකම්පා නොවන්න. ඔබ ඔබ ගැන අනුකම්පා වන්න. රෝයල්, ට්‍රිනිටි, ශා.තෝමස් යනු ලංකාවේ සුද්දා ඇති කළ මානසිකත්වයයි. ඉංග්‍රීසි උගත් ඉහළ පන්තියට සීමාවුණු මෙම පාසැල්, අදද සාමන්‍ය පන්තියේ ළමයෙක්ට යන්න ලැබෙන්නේ ශිෂ්‍යත්වය හෝ සා.පෙල ඉහලින් සමත් නම් පමණි. මෙය නැති කිරීමට යැයි ගෙන ආ ආනන්ද, නාලන්ද පාසැල්ද රෝයල් පන්නයේම පන්තියක් නිර්මාණය කළා මිස සුද්දාට ගැති මානසිකත්වය වෙනසකට ලක් නොවිනි. මේ නිසාම තමයි රසික ළමයත් සා.පෙළ සමත්වීමෙන් පසු ආනන්දෙට ඇතුල් වෙන්නෙ. හබැයි රසික ළමයම සඳහන් කර ඇති පරිදි, මාත් අත්දැකීමෙන් දන්නා දෙය නම් මෙම පාසැල් තුල හෝඩියේ සිට ආපු අය හා පසුව එකතුවූවන් අතර වෙනසයි. හෝඩියේ සිට පැමිණියවුන් එම පාසලේ මුල් අයිතිකරුවන්වන අතර පසුව පැමිණියවුන් පිටස්තරයන්වේ.

      Delete
    16. ඇත්තටම පැරා අපිට සමා වෙන්න ඕනෙ, ඔබගේ බ්ලොගයේ සිටිනා රසික වැනි දෙබිඩි, බොරු පුරාජේරුකාරයන්ට අප පහර ගසන්නේ, අපට වෙනත් තැන්වලදී මොවුන් අල්ලා ගැනීමට නොලැබෙන නිසාය. මොවුන් ලංකාවේ දුප්පත් මිනිසුන්ගේ බදු සල්ලිවලින් උසස් අධ්‍යාපනය ලැබ, පසුව මුදල් හා සුඛ විහරණය පතා සුද්දන්ගේ රටවලට සංක්‍රමණයවී, සුද්දන්ගේ රටවලල බැලමෙහවරකම් කරමින්, ලංකාවේ දේශපාලනය ගැන පඬි කතා කියති. පුරන් අප්පුටත් වඩා දෙශප්‍රේමීන් වෙන්න යති (කතාවෙන්) හැබැයි තමන්ගේ ශ්‍රමය සුද්දන්ට පුදමින් උන්ගෙ රටේ සංස්කෘතියට අනුගතවීමේ නොහැකියාව නිසා ලංකාව දෙස බලමින් හූල්ලති. රසික වැන්නන් සංක්‍රමණයවී අවුරුදු 20-25ක් එනම් පරම්පරාවක් ගත්වුවත්, ලංකාවේ වෙසෙන අපට වඩා ලංකාවේ දේශපාලනය ගැන පඬි කතා කියති. මෙය තමන්ගේ මුදල්වලින් පිටරට උසස් අධ්‍යාපනය ලැබ, බටහිර රටවල පදිංචිවී සිටින්නන්ට අදාල නොවේ. එසේ සිටින්නන් ලංකාවේ සිදුවන දේවල් එතරම් තැකීමක් නොකරන අතර පඬි කතා කොහෙත්ම නොපවසති. ඔවුන් බොහෝවිට එම රටවල සංස්කෘතියට බද්ධවී සිටිති. රසික මෙන් ආතක් පාතක් නැති ගන්ධබ්බයෝ නොවෙති.

      Delete
    17. මේ වාදයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. අවසාන කිරීමට මෙසේ කියමි.

      1. ඊයේ මා අවසන් කමෙන්ටුව තබා ඇත්තේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී 746 ට ය. එවිට සිඩ්නි තදාසන්නයේ වේලාව රාත්‍රී 1246 වේ. මෙහි වේලාව පාන්දර 0300 වෙන්නේ ලංකාවේ 09ඃ30 ය ය.

      2. මට විභාගයෙන් උපරිම ලකුණු 9.0 නොලැබී 8.0 ක් ලැබීමට හේතුව පෙන්වා දුන්නාට ඔබට ස්තුතියි.

      3. කෙසේ වෙතත් මා උසස් පෙල හැදෑරූ පාසල අනුව මගේ ලකුණු තිරණය විය යුතුයි දිගින් දිගටම අදහන ඔබ ගැන මා පමණක් නොව මෙය කියවන බොහෝ දෙනෙකු අනුකම්පා සිතනවාට සැක නැත.

      4. මා ලංකාවේ ඡන්ද බලය හිමි පුරවැසියෙකි. ලංකාවේ දේශපාලනය ගැණ කතා කිරීමට මට ඇති අයිතිය ඔබට නැති කළ නොහැක.

      ස්තුතියි.

      Delete
  2. ඕයි පැරකුම්, තමුසේ රෙදි නැතුව කඩේ ගියා සිරිසේන ගේ මල්ලි ගැන කියපු කතා බොරු මඩ කියලා. එච්චර අහිංසක එකාගෙ මළ ගෙදර එහෙනම් සිරිසේන නෙවෙයි පොරගේ පවුලේ එකෙක්වත් අඩු ගානේ ඇමති මණ්ඩලේ වත් ගියේ නැත්තේ මොකෝ ඕයි? මූණ පෙන්නන්න වත් හිටියේ කරුවා විතරයි.

    ආයෙත් රෙදි නැතුව කඩේ ගිහින් පුක පලා ගත්ත නේද? ඕක නේ කියන්නේ ගූතලන් වගේ දෙපැත්ත කන්න කියලා. එතකොට මොන පැත්ත පෙරලුනත් "අපි ඕක එදා ඉඳන්ම කිව්වා" කියල ජාමේ බේරගන්න තිබුනා.

    අනික බලනව කෝ මෙන්න අර හොරකම් කරා කියපු වාහන ලිස්ට් එක. http://www.inside.gossiplankanews.com/2015/03/ckms-ldhdfha-wreokajq-jdyk-18-l-wxl.html සිය ගානක් කිව්වා දැන් බලන කොට ඔක්කොම දහ අටයි. එයිනුත් ගොඩක් හරිය පරණ යකඩ වලට වත් වටින්නේ නැති ලදරම්. කෝ මේ ඉන්දිකලා රාජ් ලා. පුකවල් මහනවා ද?

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 31, 2015 at 4:48 AM ----

      එතකොට නාමල් රාජපක්ෂ ආවේ උඹේ මළගමටද?

      ජනපති සොහොයුරුට හිටපු ජනපති පුතුගෙන් ගෞරව

      Delete
    2. ඇත්තටම වැලි රාජූ ඉපදෙන්න තිබුනේ රාජපක්ෂ පවුලේ. ඒ පවුලට නම් නියමෙටම ගැලපෙනවා.. ඒක නේ මල ගෙදරත් එන්නේ..

      Delete
    3. ඇනෝ AnonymousMarch 31, 2015 at 7:48 AM ගොනෝ,

      හතුරෙක් ගේ උනත් මළ ගෙදර පුළුවන් කමක් තියනවා නම් යන එක සිරිතක්. ඉතින් සිරිසේන ගේ මලයා මැරුණම ඒකට නාමල් යුතුකමක් හැටියට යන එකේ අවුලක් නැහැ. මොකද සිරිසේන ගේ මල්ලි කොච්චර චාටර් උනත් ඒකේ අවුල නාමල් ට නෙවෙයි. හංගන්න ලජ්ජා වෙන්න දෙයක් නැත්නම් ආණ්ඩුවේ උන් ගියේ නැති එකයි අවුල ජනාධිපති ගේ මල්ලි ගේ මරණෙට.

      දහම් සිරිසේන චීනේ එක්කන් යන්නත් උනන්දුයි නේ බන් ඔයිට වඩා.

      මාතලන් ගොනා ගොන් කම පෙන්නනවා. එතකොට වැඩේ පබ්ලික් වෙන්න කලින් මූ හෙලිකොප්ටර් වලින් කොළඹ අරන් ආවෙත් නාමල් රාජපක්ස ද බූරුවෝ?

      Delete
    4. වැලි රාජුගේ නෝනා නාමල්ට කිව්වලු..

      අනේ සෑර් බලන්න වෙච්චි දේ.. අපේ එක්කෙනා ඉපදෙන්න තිබුනේ සිරිසේන පවුලේ නෙමෙයි, රාජපක්ෂ පවුලේ... කියලා.

      Delete
    5. රාජපක්ෂ උනත් සිරිසේන උනත් හේවගේ පරම්පරගේ වගේ දෙපිටකාට්ටු නිහම්මු නැහැ!

      Delete
  3. අප්පච්චි මලා. අප්පච්චිගේ භූමදාන කටයුතු සිද්ද වෙන්නේ ඊළඟ මැතිවරණයෙදි. ඔය විමල්, 100 හිඟන්නා, වාසිදේව, දිනේස් ලා කරන්නේ අවමංගල උත්සවේ සංවිධානය කිරීමේ කටයුතු. නොමිලේ ගල් කාලයි, බත් පැකට් එකයි, රුපියල් 500 යි, බස් එකයි නැත්නම් බලා ගන්න තිබුනා ඉන්න ගනන.

    බස් වල එන උන් ඇර අනිත් එන උන් ඔක්කොම පාතාල කාරයොයි. හොරුයි. අපරාදේ කියන්නේ උන් කෙලෙහි ගුණ දන්න උන්. අදටත් මහින්දගේ සෙට් එක පාවිච්චි කරපු වාහන හොයා ගන්නත් නෑ. මහින්ද මහත්තයට බැරිද දන්නේ නෑ මේ ටික හොයන්න උදව් කරන්න.

    ReplyDelete
    Replies
    1. උඹලගේ පොන්න හාමු පරාදවෙලා කීපාරක් භූමදාන කලද බන්?

      Delete
    2. @ Anonymous March 31, 2015 at 8:36 AM ---

      රනිල්ගේ සහ මහින්දගේ වෙනස ---

      රනිල් 29 වතාවක් පැරදිලත් සන්සුන්ව, උපශාන්තව, ධෛර්යවන්තව නොපසුබට උත්සාහයෙන් මැතිවරණවලට මුහුණ දීලා 30 වෙනි වතාවේ දිනනවා.

      මහින්ද එක වතාවක් පැරදිලා ඒක උහුල ගන්න බැරිව වවුලා වගේ ජනෙල්වල එල්ලිලා, ජාතිවාදය පතුරවලා, කවට අන්දරේලා 4 දෙනෙක් ලවා ජෝගි නටවලා ආයෙම පස්ස දොරෙන් පියන් රස්සාව ගන්න හදනවා.

      ඕක තමයි රනිල් නමැති ශිෂ්ට මිනිහාගෙයි, මහින්ද නමැති අශෝභන මිනිහාගෙයි වෙනස.

      Delete
    3. /අදටත් මහින්දගේ සෙට් එක පාවිච්චි කරපු වාහන හොයා ගන්නත් නෑ. මහින්ද මහත්තයට බැරිද දන්නේ නෑ මේ ටික හොයන්න උදව් කරන්න./

      ස්ස්ස්..... වැඩිය හොල්ලන්න එපා මාතලන්.නඩුව පරදියි.

      http://www.inside.gossiplankanews.com/2015/03/ckms-ldhdfha-wreokajq-jdyk-18-l-wxl.html

      Delete
    4. @ AnonymousMarch 31, 2015 at 8:51 AM; රනිල් කොහෙද බන් දිනුවෙ, මෛත්‍රීනෙ දිනුවෙ. රනිල් කියන්නෙ මෛත්‍රීගෙ නැට්ටෙ එල්ලිලා අගමැතිකම ඩැහැගත්ත එකෙක්. කලින් ෆොනීගෙ නැට්ටෙ එල්ලිලා යන්න හැදුවා, මේ සැරේ මෛත්‍රීගෙ නැට්ටෙ එල්ලිලා ගොඩ ගියා. අනික රනිල්ගෙ මොන ශිෂ්ඨකමක්ද?? 29 වතාවක් පැරදිලා සේරම පාක්ෂිකයො ගෙදර යන්න කියනකොට කෘත්ති අධිකාරියෙ ගොට්ටො ටිකක් දාලා පුටුව අල්ලන් හිටිය එකෙක්...

      Delete
  4. මහින්දට මොනවට උත්සාහ කලත් ඊලඟ වතාවේ ඉල්ලන්න හම්බුනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කමකින් එහාට යන්න වෙන්නේ නෑ.. ඔය කෑ ගහන උන් දෙතුන් දෙනෙකු ඇර බහුතරයකගේ හිතෙන් දැන් මහින්ද මැකිල ඉවරයි.. ප්‍රශ්ණේ ඒක නෙවෙයි.. මෛත්‍රී ත් සීග්‍රයෙන් වඳ වී ගෙන යන එක..

    ReplyDelete
  5. කවුද ඔය කවට රිලවු හතර දෙනා?

    වාසිදේව --- 1970 ගණන්වල ඉඳලම කොන්ඩම් වෙච්ච චරිතයක්. යාන්තම් පාර්ලිමේන්තු ආසනයක් දිනා ගත්තා පොදු පෙරමුණට හේත්තු වෙලා. ඒ වුණත් 2000 දී පරාදයි.

    දිනේෂ් --- 1990 ගණන්වල ඉඳලා කොන්ඩම් චරිතයක්. 1994 දී පරාදයි. යාන්තම් 2000 අවුරුද්දේ පොදු පෙරමුණට හේත්තු වෙලා මනාප ක්‍රමයෙන් පාර්ලිමේන්තු ආසනයක් දිනා ගත්තා.

    100 හිඟන්නා --- සෝම හාමුදුරුවන්ගේ මළකඳ උඩින් ඇවිල්ලා තවමත් පොරක් වෙන්න දඟලන ගොබිලෙක්. මූ තවම පාර්ලිමේන්තුවේවත් නැහැ.

    රිලාවංශ --- ජෙප්පන්ට පින් සිද්ධ වෙන්න චරිතයක් හදා ගෙන අන්තිමේදී ජෙප්පන්ටම පුක පෙන්නලා මහින්ද එක්ක හොරකමට සෙට් වෙච්ච නරුමයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය කවට රිලවු ගැන කල්පනා කරලා ජොකා තෙත් කර ගන්න එපා මචං. එච්චර වැදගැම්මකට නැති උං ගැන මෙච්චර ආවේග වෙලා මොකද ??

      //මහින්ද එක්ක හොරකමට සෙට් වෙච්ච //
      ආණ්ඩු බලය උඹල ගෙ නේ. මෝඩ ගූ කතා කියන්නේ නැතිව අල්ලලා දඬුවන් කරහන්කෝ. ගැනිව උස්සං යනවා වගේ පොන්න සාමි වැඩ විතරද පුළුවන් ?

      Delete
    2. අනේ මසොපි මොනවද මේ කියන්නේ? ආණ්ඩු බලය ඒ අයගේ උනාට දේශපාලන බලය තියෙන්නේ වෙන කාගෙවත් ළඟ කියල පැරා මේ කියල තියෙන්නේ? කමෙන්ට්ම කියවන්නේ නැතුව පොඩ්ඩක් පෝස්ට් එකත් කියවන්නකෝ නෝටිය වෙන්නේ නැතුව.

      /සොරුන්ට එරෙහිව නීති මාර්ගයෙන් පමණක් කටයුතු කරන විට, දේශපාලන බලය පාවිච්චි කර සාක්ෂි වසන් කළ වංචනිකයෝ 'කෝ අපිව ඇල්ලුවද?' යි අසන්නට තරම් එඩිතර වී සිටිති./

      නැත්නම් පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයාගේ වෑයමට මොකද වෙන්නේ?

      Delete
    3. ම.සො.පි.,

      මම කිසිම ආවේගයක් නැතුවයි මේ තොරතුරු ලිව්වේ. උඹ තමයි උදේ පාන්දරම චූ කරන්නත් කලින් ලංකාවේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලලා පිජාමාව තෙමා ගන්නේ.

      උඹ හරකෙක් බව උඹ ලියලා තියෙන එකෙන්ම පේනවා....
      යකෝ, විමල් වීරවංස වගේ ආනාදි හොරෙක්ව අල්ලන්න කලින් ඌ කරලා තියෙන හොරකං, හොර සල්ලි හංගලා තියෙන ස්විස් බැංකු ගිණුම්, හොර සල්ලි බෙදා ගත්තු එවුන් කියන මේ තොරතුරු ගොනු කරන්න කාලයක් යනවා. නැතුව හදිස්සියට නඩුවක් ගොනු කරපුවහම මුල්ම නඩු දවසෙම නඩුව අහක යන්න පුළුවන්.

      උගේ ගෑනි කරලා තියෙන වැරැද්ද හොර පාස්පෝට් හදපු එක විතරක් නිසා ඒ නඩුව ඉක්මන් වුණා.

      උඹට ඒක පොන්න සාමි වැඩක් වගේ පේන්නේ උඹ නූගත් බයියෙක් නිසායි.

      ඉන්න රටක තියෙන කක්කුස්සියක් සුද්ද කරගෙන හිටපං යකෝ අපිට පව් නොදී!

      Delete
  6. /සොරුන්ට එරෙහිව නීති මාර්ගයෙන් පමණක් කටයුතු කරන විට, දේශපාලන බලය පාවිච්චි කර සාක්ෂි වසන් කළ වංචනිකයෝ 'කෝ අපිව ඇල්ලුවද?' යි අසන්නට තරම් එඩිතර වී සිටිති./

    දැන් එතකොට තාම දේශපාලන බලය තියෙන්නේ හොරු ගාවද? මම හිතන් හිටියේ ටොයියෝ පත්කරපු යහපාලනය කරන කට්ටිය ගාව කියලනේ. සොරි සොරි. ඒක තමයි වරෙන්තු කරපු රදලියගොඩව ඇතුලට දාන්න නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ නේද?

    /ගතානුගතිකවාදී, ප්‍රතිගාමී ප්‍රතිවිප්ලවය නුගේගොඩින්, නුවරින්, අනුරාධපුරෙන්, රත්නපුරෙන්, කුරුණෑගලින් ඉදිරියට යමින් තිබේ. දූෂිත, දුර්දාන්ත, ඒකාධිපති පවුල් පාලනය යළි පිහිටුවන්නට දරන මෙම උත්සාහය පරාජය කිරීමේ වගකීම අප අත්හළ යුතු නැත./

    ඒ සඳහා දූෂිතයන්ට ඇමතිකම් දිය යුතුද? නැත්නම් දීම සාධාරණීකරණය කරමින් සිටිය යුතුද? එහෙම නැත්නම් මහින්දට සපෝට් කරන නිසා ප්‍රාදේශීය සභාවල් ටික විසුරවල දැම්මම හරිද?

    මහින්ද පිනුමක් ගහපං කිව්වම මුළු වෙරදානවා පිනුම නොගහ ඉන්න. මහින්ද හිට ගනිං කිව්වම වාඩිවෙලාම ඉන්නවා. ඕකද ටොයියන්ගේ යහපාලනය? මහින්දගේ ඇක්ෂන් වලට රිඇක්ෂන් මිසක් වෙන ඇක්ෂන් මුකුත් නෑ.

    මහින්ද පැරදුනේ මහින්දගේ වැරදි නිසා මිසක් වෙන මුකුත් හින්ද නෙවිනේ. ඉතිං මහින්දව අමතක කරලා හරියට වැඩ කරගෙන ගියා නම් මහින්ද බලයට එන එක ඉබේම වැළකෙනවා නේද? රවීට මුදල් ඇමතිකම දීගෙන ඇලෝසියස්ලට හම්බ කරන්න දීගෙන ශ්‍රීලංකා එකේ හිටිය අධීක්ෂණ මන්ත්‍රීලට වාහන දෙක ගානේ දීගෙන ඊට පස්සේ උන්ට තව ඇමති පට්ටමුත් දීගෙන වැඩ බාරගන්න දුමින්ද සිල්වාටත් එන්න කිව්වම මොකද වෙන්නේ?

    ReplyDelete
  7. ලංකාවේ වැඩි දෙනෙකුට දිරවගන්න බැරි වගේම තවත් පිරිසකට තේරුම් ගන්න බැරි විදිහට බොහොම සෙමින් පාලනයේ සහ රටේ වෙනසක් සිදුවෙමින් යනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය දරා ගන්න බැරි බහුතරයක් තමයි ලංකාවේ තාම ඉන්නේ. ඒ අයට ඕනේ පච්ච සිරා වගේ නීතියට ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් ගිහිල්ලා ගමේ චන්ඩියා වෙන චරිතයක්. දියුණු වෙන ලෝකේ ප්‍රශ්න විසදන්න පිළුවන් ගිරිය කැඩෙනකන් කෑ ගහලාවත්, චන්ඩි පාට් දාලවත් නෙවෙයි, ප්‍රශ්න දිහා මැදිහත්ව බලලා කියලා ඒ අයට තේරුම් ගන්න බැහැ සමහරුන්ට තේරුම් ගන්න උවමනාවක් නැහැ. මම නම් දකින්නේ මෛත්‍රි සහ රනිල් කියන දෙන්නාම බොහොම උපායශිලී අය. මේ අය යන ගමන ස්ථාවරයි, වගේම ස්ථිරයි.

    ReplyDelete
    Replies
    1. අපේ අති උත්කෘෂ්ට ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ දුටුගැමුණු වගේ චරිතයක් මිස කසිකබල් බටහිරින් පැමිණි ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙවෙයි. දුටුගැමුණු චරිතයෙන් අප හට බොහෝ දේ ඉගනීමට ඇත. ඔහුගේ පියාටවත්, ඔහුගේ මෑනිගේ පියාටවත් නොතිබුණු දෙමල කැක්කුමක් දුටුගැමුණුට තිබුණි. එළාරගේ හතලිස් වසරක ඊනියා සාමකාමී පාලනය දෙස මැදිහත්ව බැලීමට එතුමාණන්ට අවශ්‍යතාවයක්ද නොතිබුණි. ඒ අති උතුම් සිංහල බෞද්ධ රජුට අවශ්‍ය වුයේ දෙමළ පාලනය නැතිකර රට එක්සේසත් කිරීමයි. දුටුගැමුණු ඓතිහාසික වීරයෙක් වන්නේ යුද්ධ කල නිසයි. බටහිර ගත්තන්ටනම් ඒ අති උතුම් චරිතය ගමේ චන්ඩියා වනු ඇත. නමුත් සැබෑ කැක්කුමක් ඇති සිංහල බෞද්ධයන්ට ඔහු වීරයෙකි.

      Delete
    2. අනිවා KAS.

      උපායශීලී ට්‍රිබල වන රනිල් චන්ද්‍රිකා මෛත්‍රී

      රවී අර්ජුන් ඇතුළු යූ එන් පී කාරයන්ට හම්බකරගන්න දෙනවට අමතරව

      දුමින්දටයි සජින්ටයි වාහන දෙකකුයි පෙට්‍රලුයි දීලා එස් බී ව ඇමති මණ්ඩලේට අරගෙන ඇමතියෝ වැඩ බාරගන්න උත්සවේට දුමින්දවත් ගෙන්නගෙන යන ස්ථාවර ස්ථිර ගමන කොහෙටද කියල මට නම් තේරෙන්නෙත් නෑ හිතාගන්ඩත් බෑ.

      බැසිල්ගේ රෙකෝඩ් එකත් කඩයිද මන්දා.

      Delete
    3. @AnonymousMarch 31, 2015 at 10:43 AM

      දුටුගැමුණු පිස්සෙක්. මෑතකාලයේ දුටුගැමුණු වෙන්න හදපු ඩෙන්සිල් කොබ්බැකඩුව සිට සාලිය අලදෙණිය, ෆස්ලි ලෆීර්. ගාමිණී කුලරත්න හරහා ලලිත් ජයසිංහ වෙනකම් උන් පට්ට මෝඩයෝ.

      බිඳුණු හිත් හදන්න. සංහිඳියාව ඇති කරන්න. ජෙයකුමාරි නිදහස් කරන්න. ශවේන්ද්‍රව එල්ලන්න. මහින්දව ගෝටව හිරේ දාන්න. මර්වින්ට ඇමතිකමක් දෙන්න.

      Delete
  8. ///දූෂිත, දුර්දාන්ත, ඒකාධිපති පවුල් පාලනය යළි පිහිටුවන්නට දරන මෙම උත්සාහය පරාජය කිරීමේ වගකීම අප අත්හළ යුතු නැත.///

    මොන පිස්සුද ලොක්කා? මක් කරලා හෝ මේ මහින්ද මාමා ගේ දූෂිත, දුර්දාන්ත, ඒකාධිපති පවුල් පාලනය යලි සිරි ලන්කාවේ පිහිටුවිය යුතුයි....

    ReplyDelete
    Replies
    1. //වෙනස වෙනුවෙන් දායක වූ ජවිපෙ, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය වැනි බලවේග මේ වන විට සෙලවී ඇති බවක් පෙනේ. //
      පැරදුන මහින්දගේ බලේ ... දැක්කද ?

      Delete
  9. අන්තෝ ජටා බහි ජටා තත්වෙන් මිදෙන්න මහින්ද ඕන එකයි එපා එකයි ලං කරගෙන වරදාන දුන්නා.ඒ හයියෙන් ජාත්‍යන්තරේට කොකා පෙන්නලා රට ඇතුලෙ පොර උනා... ඌත් කෑවා.
    මෙයාල හිතුවෙ ගේම තියෙන්නෙ ඇතුලෙ විතරක් කියලා.නෑ.. පිටින් සර දාන කොට නැට්ට පුකේ ගහගෙන හැරෙන කොට මහින්ද හොඳට දන්නවා ආණ්ඩුව පච කරන්න ඕනෙ කොහොමද කියලා.මිනිහා ඇතුලෙ අවුල් වැඩි කරනවා.(රනිල්/චන්ද්‍රිකා කලා වගේ)
    දැං ඉතින් උන්ගෙ අරක්කු උන්ටම ගහනවා වගේ වැඩක් අලුත් ආණ්ඩුවට වෙලා තියෙන්නෙ.
    අපිට ඉතින් ...

    ReplyDelete

  10. වාහනේ එක එක ජාතියේ රෝද
    හෙමිනුයි ගමන පීරිගාමින් ප්‍රතිරෝධ
    හෙළ උරුමේ, මොකද පස්සට අදිනවාද
    ජවිපෙ වැට උඩ ටොයි- බයි අතරමැද


    ReplyDelete
  11. මෛත්‍රීපාලට පක්ෂෙ සභාපති කම කතාකරලම දුන්නෙ කාල වරෙන් කියල ,මෝඩය ඒකට අහුඋනා..දැන් ඉතින් කොරගන්න දෙයක් නෑ..අවුලෙ මුල ඒකනෙ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා