ෆුල් ෆේස්; ෆුල් චාටර්

ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහි උද්ඝෝෂණය සංවිධානය වූ ආකාරය වැදගත් ය. එය සමාජ ජාල හරහා සංවිධානය වූ ව්‍යාපාරයකි. සැබෑ මහජන අවශ්‍යතාවක් වෙනුවෙන් සිදු වූ සැබෑ මහජන අරගලයකි. 

උද්ඝෝෂකයන්ට ජෝන් අමරතුංග දැක්වූ ප්‍රතිචාරය ජෝක් ය. 

තර්කය සරළ ය. ෆුල් ෆේස් හෙල්මට් දමාගෙන සොරුන් මංකොල්ලකෑමට එනවා ය කියා හෙල්මට් තහනම් කිරීම වැරදි ය. ඇඟිලි සලකුණු වළක්වා ගන්නට සොරුන් අත් මේස් දැම්මොත් ඒවාත් තහනම් කරනවා ද? 

දේශපාලකයන් සොරකම් කරනවා ය කියා දේශපාලනය තහනම් කරන්නේ නැහැ නේ ද? 

ෆුල් ෆේස් තහනම් කිරීම ආණ්ඩුවේ තවත් ෆුල් චාටර් වැඩකි. ෆුල් ෆේස් තහනම් කළා ය කියා මංකොල්ලකෑම් නවතින්නේ නැත. 

මෙවැනි ගොන් ආතල් අයත් වන්නේ කලින් ආණ්ඩුවේ ස්ටයිල් එකට ය. ඒ කාලේ වගේ නො ව දැන් ජනතාව තමන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් පළ කරන්නට බිය නැත. ඒ නිසා ඒ කාලේ වගේ ගැලවෙන්නට බැරි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා ෆුල්ෆේස් මඟුලක් කියවනවා..

    අන්න...,නීලා වික්‍රමසිංහ මහින්දට බල කරනවා යහ පාලන ලක්ෂ62 කට ගහලා හෝ මරලා බලය නැවත ලබාගන්නා ලෙස...
    කොහොමද අම්මංඩිගෙ දේශපාලන චින්තාවලිය යකෝ මේකිට වඩා මර්වින් සිල්වා හොඳයිනේ..

    .ගිය අත්මෙත් මෙහෙම දුෂ්ඨ වැඩ කරලා ඇතිනේ. ඊලඟ ආත්මේදී මේවත් පලදෙයි

    ReplyDelete
    Replies
    1. උඹ මෙතන බයිලා කියෝනවා

      අන්න ඊයේ කැලණිය පන්සලේ තිබ්බ රැස්වීමකදී සරත් පොන්නසේකා වෙල් විදානේ තුමා කියල තියනවා රට අරාජික වෙන්න එනවා කියල එතුමාට තේරුනොත් හමුදා කුමන්ත්‍රණයක් කරලා හරි බලය ගන්නවා කියල. නොකරන මිනිහෙක් නෙවෙයි එයා.

      ලංකාවට සොරිම වෙන්න යන්නේ

      Delete
    2. ආයිස් අප්පා ගුඩුං!

      එහෙනං අපිට තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබෙන්නයි යන්නේ!

      Delete
    3. ආයිස් අප්පා ගුඩුං නෙවෙයි ඕයි ආයිස් අප්පා ගුණ්ඩු

      Delete
    4. ආයිස් අප්පා ගුඩුං නෙවෙයි ඕයි ආයිස් අප්පා ගුණ්ඩු නෙවෙයි ඕයි ආයිස් අම්මා ගුණ්ඩු

      Delete
    5. කිසිවෙකු පහත් කිරීමකින් තොරව රසිකලොජිස්ට් දැමූ කමෙන්ටුව වෙනුවෙන් අපේ විප්ලවීය ආචාරය!

      එම කමෙන්ටුවේ ස්පෙලින් මිස්ටේක් හොයන ඩබලට අපගේ බලවත් කනස්සල්ල!

      කාගේ වැරදි පෙනුනත් පැරාගේ වැරදි නොපෙනෙන රාජ්ට අපගේ බොක්ක!

      Delete
  2. සමාජ ජාල මෝඩ ආතල් පිළිබඳව අජිත්ට ජොලියක් ගිහින් වගෙයි.
    ෆුල්ෆේස් හෙල්මට් තහනම කලයුතු දෙයක් බවයි මම නම් හිතන්නේ.
    ෆුල්ෆේස් තහනම් කලාම හොරකම් නතර වෙනවද, කලිසම් ඇදන් ගිහින් හොරකම් කරන නිසා කලිසම් අඳින එකත් තහනම් කරනවද දාහක් ගොන් තර්ක ..

    සමාජ විරෝධී යමක් , හොරකම් , ස්ත්‍රී දූෂණ , මිනීමැරුම් ඔය මොන දේකින් පස්සේ උනත් කෙරෙන පස්චාත් පරීක්ෂණ වලදී වැදගත් වෙන කාරණයක් තමා අපරාධකරු හඳුනාගැනීම . ෆුල්ෆෙස් හරහා අපරාධකරුට අවකාස ලැබෙනවා සිය අනන්‍යතාවය වසන් කර ගැනීමට . මෙය එකම කාරනය නොවූවත් ෆුල්ෆෙස් හෙල්මට් අපරාධකරුවන්ට ඉතා හොඳ ආරක්ෂක පළිහක් .

    සම හරක්ට දත් ටික ආරක්ෂා කරගන්න ෆුල්ෆෙස් හෙල්මට් ඕනලු. උන්ගේ දත් කෙසේ වෙතත් ඔවුන් ගොඩක් දෙනෙක් බයික් පදින විදිය නිසා මගතොට යන අයගේ නම් දත් නැති වෙලා ඇති.

    රටක නීති පනවද්දී එයින් සමහර අයට යම් යම් අපහසුතා ඇති වෙන එක වලක්වන්න බෑ . ඒ උනත් පොදු සමාජ යහපත වෙනුවෙන් යම් කැපකිරීමක් කිරීමේ සමාජ යුතුකම අපි හැමෝටම තියෙනවා නේද අජිත් පැරකුම් මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. හරකුත් දැක්කා මේ වගෙ හරක් නොදැක්කා

      Delete
    2. යහපාලන ආණ්ඩුවක් ආව කියල රජ්ලගේ හොර ගැහිලි නතර වෙනවද?

      Delete
    3. පැරකුම්ගේ මතය වෙනුවෙන් නොබියව සටන් කරන රාජ්ට අපගේ විප්ලවීය ආචාරය!

      Delete
    4. Banning fulface helmets to identify robbers?????It is legal to wear a half face helmet then wear a pair of sunglasses to protect you from UV and a face mask to protect you and your kids from dust.Senaka induwara must be driving a Ferrari to his work place with shutters closed and Ac full on. Wake up man!!!

      Delete
    5. senaka induwara මේක ඔලු දෙකේ හරකෙක්
      හොරුනේ උඹලට කියන්නෙ ෆුල් ෆේස් තහනම් කරොත්, ඇස් දෙක විතරක් පේන්න ලොකු ලේන්සුවකින් මූණ හොදට වැහෙන්න බැදගෙන, ඊට උඩින් ෆුල් ෆේස් නොවන හෙල්මටයක් දාගෙන, අර ඉස්සරහ තියෙන කෑල්ල පහලට දාල ආතල එකේ උඹලගෙ වැඩේ කර ගනින්.
      ඊට පස්සෙ ෆුල් ෆේස් තහනම් කරපු උන්ට පුක පැත්තෙන් හිනාවක් දාපන්.

      Delete
  3. ලංකාවේ හොරකම් පඩියෙන් සිදුවන්නේ පැජෙරෝ, ඩිෆෙන්ඩර් යානා භාවිතයෙනි. වහා පැජෙරෝ, ඩිෆෙන්ඩර් තහනම් කරවු!

    ReplyDelete
  4. පොලීසිය තහනම් කරනු!

    ReplyDelete
  5. අර කාර් එකේ යන ගමන් හුජ්ජ කරන එක ගෑනිට පෙනුන කියල ටෝක් දීපු දවසෙයි, කාර් මිල බැහැපු දවසෙයි මූ කියපු කතා වලින් මට නම් තේරිලා තිබුනේ මූ සමාජවාදී ටෝක් දුන්නට සුළු දනේෂ්වර මානසිකත්වෙත් හිඟනම එන්ඩ් එකේ හීනමාන කාර හිඟන්නෙක් කියල. අද ඒක ඔප්පු උනා..... එක කතාවක් හම්බ උණු ගමන් ෆේස්බුක් ප්‍රොෆයිල් පික් එක වෙනස් කරගෙන......

    මුන් වගේ උන් නම් සමාජේ එක්ක තියන වයිරේ උන්ට සමාජෙන් කිසි තැනක් නැති එක........... "අපි අල්පේච්චයි", "අපිට ඕව ලොකු නැහැ" අරව මේවා ලොකු ටෝක් දෙන්නේ තමන්ට එෆෝඩ් කර ගන්න බැරි සැප වලට තමයි.......

    ReplyDelete
    Replies
    1. මේකට සාමාන්‍යයෙන් කියන්නේ හඳ පෙන්නුවා ම ඇඟිල්ල දිහා බලනවා කියලායි. ඔච්චර නො වැදගත් මාව ඔයාගේ ඔලුවේ ප්‍රශ්නයක් කරගන්න එපා.

      Delete
    2. අනේ ඉහත කමෙන්ට් කර ඇති නොදන්නා ගැත්තාට අනුකම්පා කරන්ඩ ජයසිංහයනි!

      ඉහත ගොං කමෙන්ටුව කොටන ලද ගතානුගතික භ්රෂ්ටයාට දැනගැනීම පිණිස මේ ටික සටහන් කල යුතුයි.

      තෙත්කලාපයේ ජීවත්වන ජයසිංහයන් යනු නම අසූ පමණින් මහින්ද ගෝටා ඇඳිවත තෙත් කරගන්නා, රනිල් චන්ද්‍රිකා මෛත්‍රී ට්‍රිබල මයිල් කෙලින් කරගන්නා, ගමේ මරණාධාර සමිතියේ සිට අගනගරයේ නෙලුම්යායේ කතා පැවැත්වීමට අරාධනා ලබන්නාවූ ලොකු පොරකි. එතුමා ජීවත්වන කාලයේ ඉපදීම අපලද මහත් භාග්‍යයකි.

      ජයසිංහයන් ගැන වැඩි විස්තර සහ එතුමාට කලයුතු වන්දනාමාන පුද කටයුතු සහ වත්පිළිවෙත්වල වැඩි විස්තර සඳහා රාජ් මහතා අමතන්න.

      Delete
  6. ලෝකෙන්ම උතුම්ම සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව රජවරුන් සහ ප්‍රභූ වරුන් තමන්ට රිසි ලෙස නීති පැනවීම අනර්ඝ ක්‍රියාවකි. රටේ පුරවැසියන්ට එය මහත් ගෞරවයකි. නීති පැනවීම නිසා සුළු සුළු අපහසුතා ගැන දෝශාරෝපනය කිරීම කසිකබල් බටහිරයන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍ර වාදයේ අංගයකි. කසිකබල් ප්‍රජාතන්ත්‍ර වාදයට අනුව පොදු ජනතාවට බලපාන තහනමක් නීති ගත කල යුත්තේ එය පුළුල් ලෙස සමාජයට බලපාන්නේනම්ය. එන්ජීඕ කාරයන් පවසනු ඇත්තේ ෆුල්-ෆේස් හෙල්මට් තහනම අපරාධ මැඩලීමේ ක්‍රියාවලියේදී එතරම් වැදගත් නොවන බවයි. වෙසක් වෙස් මුහුණුද ඉතා කාර්යක්ෂම ලෙස මුහුණ ආවරණය කිරීම සිදුකරන බව එන්ජීඕ බටහිර ගැත්තන් පෙන්වාදෙනු ඇත. අතිමහත් රටවලද ෆුල්ෆෙස් හෙල්මට් තහනමක් නැති අතර ඒ රටවල පොලිසිය ඉතා කාර්යක්ෂම ලෙස හොරුන් අල්ලන බවද දේශ ද්‍රෝහීන් පවසනු ඇත. එහි සත්‍ය අසත්‍යතාවය සෙවීම නිෂ්පලය. සත්‍යය යනු පංචේන්ද්‍ර සංජානනය තුලින් ප්‍රස්තුත වන සංකල්පයකි. ඒ කසිකබල් බටහිර සංකල්ප අපට අවශ්‍ය නැත. එකී රටවල ජාතික ගී ගයන්නේ එක් භාෂාවකින් වීම පමණක් අපට අදාලය.

    අපේ අති ප්‍රෞඩ ඉතිහාසයේ පුරවසියන් හට බත් මුඛය පාදා ගැනීමට රැවුල කපා ගැනීමටද රජගෙන් අවසරය ඉල්ලා සිටිය යුතු විය. සැබෑ සිංහල බෞද්ධයන් ඒ නීතිවලට අවනත වුයේ ඉමහත් සතුටකින්ය. පර දෙමලාට එරිහිව යුධ කල දශක වල දේශ ද්‍රෝහීන් මෙල්ල කර ගැනීමට අවශ්‍ය වූ විට "මහජන ආරක්ෂාව පිණිස" යැයි පවසා අපේ අති උතුම් නායකයන් රිසි ලෙස නීති පැනවූහ. දැන් යුද්ධයක් නැති නමුත් සත්‍ය දේශප්‍රේමීන් "මහජන ආරක්ෂාව පිණිස" යන ලේබලය දුටුවිට ඕනෑම නීතියක් සතුටින් පිළිගනිති. එකී නීති ප්‍රශ්න කරන්නන් දුෂ්ටයන්ය.

    ෆුල් ෆේස් හෙල්මට් වහා තහනම් කරනු! එළඟට නිකාබය තහනම් කරනු!!

    ReplyDelete
  7. ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්නේනම් නිකාබය තහනම් කරනු!!

    ReplyDelete
  8. පොලීසියේ නොහැකියාව ෆුල් ෆේස් මතින් යාම...

    පොලීසියේ තරු ගහගෙන ඉන්න උන්ගෙන් බහුතරයත් හාල්පාරුවෝ.. හොරුන්ගෙන් කන උන්.. කුඩ්ඩන්ගෙන් ජීවත් උන පොලිස්පති කෙනෙක් හිටපු රටේ.. මේවා ගොන් ජෝක්...

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද බන්, ආරක්ෂක ලේකම් ත්‍රස්තවාදියෙකුට මචන් කියල කතාකරපු එකේ!

      Delete
    2. ඕකත් මොකද්ද බං අගමැති කෙනෙක් ත්‍රස්ථ්වාදියො එක්ක ඩීල් දාල ඡන්දෙ දින්න එකේ, උන්ගෙ සල්ලි වලින් බිස්නසුත් කරපු එකේ.

      Delete
    3. ඒ අගමැති ගේ ඩීල් එක හින්ද තමයි ඉන්දික අද ලංකාවේ කොටි ත්‍රස්තවාදයක් නැත්තෙ. අනිත් එකා එවෙලේ ජනාධිපති උනා නම් අර ආරක්ෂක ලේකම් තාමත් කොටින්ට මචං කියනවා. රනිල්ට කඩේ ගියාට කමක් නෑ බන් ඔච්චර කුහක වෙන්න එපා.

      - 2010 සිට මහින්දට විරුද්ද උණු එකෙක්

      Delete
    4. පොඩ්ඩක්වත් කුහක නෑ මචෝ. අනික අපි එදා උන්නෙත් ඒ ඩීල් කාරයගෙ පැත්තෙ. මෙතන සිද්ධිය ගැන මිස එහි ප්‍රථිඵල ගැන අදහසක් නෑ.

      - යුද්දෙ ඉවරකරන මහින්දගෙන් ලොකු සේවයක් උනා කියල පිලිගන්න කෙනෙක්.

      Delete
  9. ගමක බලය අරන් තියෙන්නෙ ගමේ ඉන්න කසිප්පු ගහගෙන කුණුහරුප කියන්න ලැජ්ජ නැති ඒව්වො. නගරයක බලය අරන්තියෙන්නෙ හෙළුවැල්ලෙන් ඉන්න මහ හයියෙන් අනුන්ට බැන අඬගහන්න ලැජ්ජාව නැති එව්වො. රටෙ බලය අරන් තියෙන්නෙ උන්ගෙ නියෝජතියො. ඕනම දේකට ලැජ්ජාව බය නැති එවුන්. හැම පක්ෂෙම එහෙමයි. උනුත් එකයි ! මුනුත් එකයි ! උන්ටයි මුන්ටයි දෙගොල්ලටම අයිති නෑ කියාගන්න එව්වොත් එකයි !!! පැරා වගේ අය අසරණයි. මෙතන නමවත් ලියාගන්න හයිය නැති මම අන්ත අසරණයි

    ReplyDelete
  10. /මෙවැනි ගොන් ආතල් අයත් වන්නේ කලින් ආණ්ඩුවේ ස්ටයිල් එකට ය. ඒ කාලේ වගේ නො ව දැන් ජනතාව තමන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් පළ කරන්නට බිය නැත. ඒ නිසා ඒ කාලේ වගේ ගැලවෙන්නට බැරි ය./

    විනිවිද භාවයෙන් කටයුතු කරන අපේ යහපාලන ආණ්ඩුව සමග සෙල්ලම් කරන්ඩ එන්ඩ එපා කියල අපි කියන්ඩ කැමතියි. මේ සම්බන්ධයෙන් අපි කමිටුවක් පත්කරල හොයල බලල ඒ අනුව කටයුතු කරනවා. මැදවච්චියට හරි පාමංකඩට හරි ගිහිල්ලා කමිටුවට සහයෝගය දෙන්ඩ පුළුවන් කියල මතුගම පැරකුම් මැතිතුමාට මතක කරන්ඩ කැමතියි.

    ReplyDelete
  11. 1. යහපාලනය යටතේ නමින් පෙනීසිටීමට බිය විය යුතු නැත.
    2. පුරවැසි මාධ්‍ය කලාවේ පෙරගමන්කරු වන අජිත් පැරකුම් ජයසිංහයන් නම් රාජපක්ෂ රෙජීමය යටතේදීත් ගෝටාභයගේ සුදුවෑන් වලටත් නොබියව සටන්කළේය.
    3. බිරිඳ අරාබියේ කුලීවැඩට යැවූ වෘත්තීය බේබද්දකු වන අපේ ගමේ ප්‍රේමසිරි මාමාද ගිය ආණ්ඩුව කාලයේ මහින්ද ගෝටා බැසිල් පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන්වද හන්දියේ කඩපිලේදී නොබියව විවේචනය කළේය.
    4. ගිය ආණ්ඩුව කාලයේදී ටැබූ නම් අන්වර්ථ නාමයෙන් පෙනීසිටි විශ්වවිද්‍යාල ආචාර්යවරයා හවුස් ඔෆ් ෆැෂන් ආයතනයෙන් ඇඳුම් අරන්දී පොන්නයෙක් ගැසූ බව තම බ්ලොගයේ නොබියව සටහන් කළේය. රංග මිගාර වීරක්කොඩි නමැති වර්ගවාදී විශේෂඥ වෛද්‍යවරයා ටැබූ යනු පැරකුම් ජයසිංහයන් වැනිම ප්‍රතිපත්ති ප්‍රතිපත්තිගරුක පුළුල් බුද්ධියක් සහිත සිතුමිණ රත්නමලල මහතායයි මඩ ප්‍රචාරයක් ගෙන ගියේය.
    5. ගිය ආණ්ඩුව කාලයේදී අභීත එදිරිසිංහ මහතාව ඉන්දික උපශාන්ත මහතා විසින් නමින්ම විවේචනය කරන ලදී.
    6. ලකෆ්රාන්ස් නමැති බ්ලොගයෙන් බ්ලොග්කරුවන් සම්බන්ධ විවේචනාත්මක සහ විවාදාත්මක තොරතුරු පලවන්නේද ගිය ආණ්ඩුව යටතේය.

    ReplyDelete
    Replies
    1. 7. තව අනොනිමසා නමින් පවතී බ්ලොග් අඩවියක් මගින් දේශප්‍රේමී බ්ලොග් රචක රාචිකාවියන් දැඩිලෙස විවචනයට ලක්විය. එමගින් ප්‍රසංශාවට ලක්වුයේ මමත්වයෙන් තොර පරාර්ථකාමී සිඩ්නි සළුවඩන මහතා රචිත ප්‍රවාද බ්ලොගයයි.

      Delete
    2. සිඩ්නි සළුවඩන කියන්නේ කවුද දන්නේ නෑ. කියල දෙන්න පුලුවන්ද?

      -හෙනහුරා වගේ බොරුවට දන්නේ නෑ නෙමෙයි. ඇත්තටම දන්නේ නෑ.

      Delete
  12. අනෙ අම්මාපල් මේ පොලෝසියෙ උන්දැලට තමන් විහින් චාටර් වෙනවයි කියලාම් තේරෙන්නැති හැටි. පොලෝසියට අවනම්බු වෙනවය කියලා අර "කොස්තාපල් පුඤ්ඤසෝම" චිත්තර පටියට කෑ ගහනවා. මේ විගඩම් දැක්කම ඒ වගෙ අයත් ඉන්නවා කියලා රටේ උදවිය හිතා ගනීවි. අනික ඔය නීතිය ආයෙත් ගේනාව කියලා කියනකොට ජෝන් ඇමති තුමා දන්නෙ නැතෙයි කියන්නේ...

    ReplyDelete
  13. John ta "Buddhasaasana Emathikama" enge hahalaa aanduwe pana beragannai thibune. (Budu haamuduruwo epaa kiyapu deval karanna kuwuru emathiya unaama mokada).
    Kelawelaa yanakota "Full Face Helmet' ekak daaganna beriya.

    ReplyDelete
  14. මන්හිතන්නේ මේ යන විදියට යට ඇදුම් පිටින් ගියොත් වඩා ආරක්ෂාකාරී සමාජයක් ඇතිවේවි (කිසිදු අවියක් තම ඇදුමේ සගවා ගැනීමට ඇති අපහසුව )
    පොලිසියට ජනතාව පරික්ශා කිරීමට ඇති පහසුව

    ReplyDelete
  15. ජේෂ්ටමාධ්‍යවේදී අබිලිංMarch 30, 2015 at 11:22 AM

    පැරා ,
    day-to-day සීන් පොස්ට් ගහන එක දැන් ඇති.
    ඒ වැඩෙන් කමෙන්ට් ආතල් වර්ධනය උනත්, පැරා එක තැන කුණුවෙන වේගය ඉක්මන්කරන මෙවුවා එකක් එහි අඩංගුය.
    අනික පැරා ඔබව කමෙන්ට්කරුවන් විසින් ගිලගෙන ඇත.කමෙන්ටුවන් හෝ සහෝදර බොගයන් පරද්දන්න හෝ පිකප් කරන්න ඔබ යන මේ ගමන කෙටිය.
    විශාල සමාජ-දේශපාලන අත්දැකීම් සහිත සිංහල බ්ලොග්කරුවන් අතර ඔබ ප්‍රමුඛයකී. මාධ්‍යකරුවෙක් ලෙස පිම්මක් පැනීමට ඔබට ඇවැසි ඇති. නමුත් ඔබට ලැබී ඇති මෙම සයිබර් අවකාශය පහත සදහන් අකාරයන්ගෙන් යොදාගතහොත් හොඳයැයි මට සිතේ.

    1.පම්පෝරී නොගැසීමට
    2.යම් සිදුවීමක් කාලරේඛාවක් ඔස්සේ තාමාට කැමති සමාජ-දේශපාලන කෝණයකින් කරුණු පැහැදිලි කිරීම.
    3.ගැටළු වලට ක්‍රියාකාරී විසදුම් යෝජනා කිරීම.
    4.සමාජ යහපත සඳහා ,පුද්ගල අගතීන්ගෙන් තොර රළු විවේචන.

    ReplyDelete
    Replies
    1. /විශාල සමාජ-දේශපාලන අත්දැකීම් සහිත සිංහල බ්ලොග්කරුවන් අතර ඔබ ප්‍රමුඛයකී. මාධ්‍යකරුවෙක් ලෙස පිම්මක් පැනීමට ඔබට ඇවැසි ඇති. නමුත් ඔබට ලැබී ඇති මෙම සයිබර් අවකාශය පහත සදහන් අකාරයන්ගෙන් යොදාගතහොත් හොඳයැයි මට සිතේ./

      ස්ස්ස්....නොදන්න දේවල් ගැන අදහස් නොදක්වන්න.

      තෙත්කලාපයේ ජීවත්වන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් යනු පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයාය. එතුමාට තව පැනීමට පිම්මක් නැත. කන ලඟින් මිස් වුනු දිනමිණ සීන් එක ගැන දැන් අදින එක කැතය.

      පැරාට ලැබී ඇති මෙම සයිබර් අවකාශය යොදා ගන්නේ කවර ආකාරයකටදැයි තීරණය කලයුත්තේ එතුමාම බව එතුමන්ගේ රසිකයන් කිහිප විටක්ම නුඹ වැනි අඳබාලයන්ට කියාදී තිබේ.

      Delete
    2. දේශපාලනය ගලා යන්නේ එදිනෙදා සිද්ධි ඔස්සේ නිසා එදිනෙදා සිද්ධි දේශපාලනය කියවිමේදී වැදගත් ය. අනෙක් පැත්තෙන් සමාජවාදී දේශපාලනය යනු සමාජවාදය සඳහා අරගලයකි. කුමන සිද්ධියක් වුව සමාජවාදී ඇසකින් විග්‍රහ කිරීමට සමාජය පුහුණු විය යුතු ය.

      අප සමග සිටින පාඨක ප්‍රජාව රැක ගත යුතු ය. දේශපාලනය සාකච්ඡා කළ හැක්කේ එවිට ය. හුදු න්‍යායික ඉදිරිපත් කිරීම්වලින් සමාජයට ඇති වන බලපෑම අවම ය. ජනතාවට තේරෙන බසකින් සංවාදය පවත්වාගෙන යා යුතු ය.

      ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අබිලිං කියන කරුණු පිළිබඳ අපට ගැටලුවක් නැත. අප කොහොමත් කටයුතු කරන්නේ එපරිද්දෙනි. අනෙක් අය සමග අපගේ තරගයක් නැත. එසේ ම කමෙන්ට්කරුවන් සමග ද අපට අරෝවක් නැත. අප තේරුම් ගෙන ඇති පරිදි නම් වැඩි පිරිසක් අප වෙත එන්නේ ලිපිය කියවන්නට මිස කමෙන්ට් පමණක් කියවන්නට නො වේ.

      Delete
  16. සමහරු ජාතික ඇඳුම ඇඳන් හොරකම් කරනවාය.. ඒ නිසා ජාතික ඇඳුම තහනම් කල යුතුය.. අර හිජාබය ඇඳන් වහන් වෙලා හිටි පාතාලයා අසුවූ විට හිජාබය තහනම් කල යුතු යැයි මේ එකෙක්වත් නොකීවේ මන්දැයි නොතේරේ.

    පැරාගේ 'ශාස්තෲ' පොතට ස්තූතියි. ඒ මත අත්සනක් ලබා ගැනීමට තරම් ඉසිඹුවක් නොලැබීම ගැන අදටත් දුක්වෙමි.

    ReplyDelete
    Replies
    1. අැයි සිවුර

      Delete
    2. සිවුර සහ නිකාබය යනු සමාජයෙන් තුරන් කළ යුතු අයිතමයෝ වෙති.

      Delete
  17. ෆුල් ෆෙස් දාන්න වෙන්නේ මොටර් බයික් පදින නිසානේ, කොහොමටත් මෝටර් බයික් පදිය අයටත්, පදිකයන්ටත් දෙගොල්ලන්ටම අපලයි. පාරේ බල්ලන්ටත් අපලයි. මෝටර් බයික් නිසා අපට වින කරන්නම හදන ඉන්දියාවට අපේ විදේශ විනිමය ඇදී යනවා, මේ සියල්ල සලකා බල බයික් තහනම වඩා සුදුසු යයි සිතමි.

    ReplyDelete
  18. නගරය අවලස්සන වෙනවා කියා සිංගප්පූරුවේ චුයින්ගම් තහනම් කළේ දශක ගණනාවකට කලිනි, අදටත් චුයින්ගම් තහනම්ය. 70/80 දශකවලදී සිංගප්පූරුවේ යතුරු පැදි මගින් අපරාධකර පලා යන්නන් (විශේෂයෙන්ම අවුරුදු 25ට අඩුවූවන්) බහුල විය. ඒ නිසා යතුරුපැදි බලපත්‍රයක් ලබා ගැනීම (විශේෂයෙන්ම අවුරුදු 25ට අඩුවූවන්ට ) ඉතා අපහසු කාරණයක් විය. අද මෙවැනි අපරාධ නැතත් යතුරු පැදිවලින් සිදුවන අනතුරු බහුල නිසා යතුරුපැදි බලපත්‍රයක් ලබා ගැනීම ඉතා අපහසුය. කොතරම් හොඳින් ධාවනය කළත් ඉතා සුළු වරදකට ට්‍රයල් එක ෆේල්වීම සිදුවේ. එහිදී මෙවැනි ගොන් තර්ක කවුරුත් ගෙන ආවේ නැත. තුන්වෙනි ලෝකයෙන් පළවෙනි ලෝකයට යාමට ඉතා දැඩි නීති අවශ්‍යවේ. තුන්වෙනි ලෝක මාසිකත්වයකින් පෙලෙන ලංකාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යෝග්‍ය නොවේ.

    ReplyDelete
    Replies
    1. අනේ ගොනෝ... එහෙනම් ලාබාල අපරාධකරුවන් අපරාධ කරනවා කියලා වයස 25 අඩු උන් තනිවම පාරෙ යෑමත් තහනම් කරමුකෝ...
      සිංගප්පූරුවේ මෝටර් බයිසිකල් පදින තරුන උන් ඔනෑ තරම් ඉන්නවා.. අනිත් අතට මෝටර් බයිසිකල් වලින් වෙන අනතුරු අඩු කරන්න ලීක්වාන් යූ කලේ ඔනෑම මිනිහෙකුට කාර් එකක් මිලදී ගතහැකි ආර්ථිකයක් ගොඩ නැගීම...

      ගොනෙක් වුනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා..

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා