ප්‍රියන්ත සිරිසේන ඝාතනය හා ප්‍රබන්ධ ප්‍රවෘත්ති 'කලාව'

පහත අමුණා ඇති වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී වන ප්‍රියන්ත සිරිසේන මිය ගිය ආකාරය පිළිබඳ සිදු වන ප්‍රචාරය ගැන එම වීඩියෝවේ කරුණු පැහැදිලි කරන්නේ අපරාධය සිදු වූ ප්‍රදේශය භාර ග්‍රාමසේවකවරයා ය. 

ප්‍රියන්ත සිරිසේන මිය ගියේ ඝාතකයාගේ බිරිඳ සමග සංසර්ගයේ යෙදෙද්දී පිටුපසින් පැමිණි සැමියා විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ය යන ප්‍රවෘත්තිය නිර්මානය කළ ආකාරය හා එය ප්‍රචාරය කළ ආකාරය අධ්‍යයනය කළ යුතු ය. 

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග එය සිදු වන්නට ඇත්තේ මෙසේ ය යන අනුමානය බොහෝ දෙනෙක් විසින් ඇති කර ගන්නා ලදී. සමාජය ගැන ඇති සාමාන්‍ය අවබෝධය ඒ සඳහා පදනම් විය. එසේම, බොහෝ දෙනෙක් මෙම සිද්ධිය දුටුවේ තමන් ඔස්සේ ය. එය වනාහි තමන් වින්දිතයා හෝ ඝාතකයා වී නම් එය සිදු විය හැක්කේ කෙසේ ද යන්න ගැන තමන්ගේ පරිකල්පනයෙන් කරන ලද නිගමනයකි. 

සිද්ධිය සාකච්ඡා සිදු වූ සෑම කවයක ම පා‍හේ මේ අනුමානය කළ අය සිටිය හ. එය ඉතා සාමාන්‍ය පරිකල්පනයකි. 

සමාජ මාධ්‍ය ඇසුරු කළ ඕපාදූපකරුවෝ එය මුහුණු පොතේ ලියූ හ. ඔවුන්ගේ යහළු ඕපාදූපකරුවෝ ඒ ගැන අදහස් පළ කළ හ. අතිනුත් දමමින් ප්‍රචාරය කළ හ. 

මේ අතර ඕපාදූප වෙබ් අඩවි අතර ඇති තරගය ද ඉස්මතු විය. මෑතදී මෙවැනි වෙබ් අඩවියකින් බිඳී විත් එම අඩවියේ නම හා සමාන නමක් ප්‍රවර්ධනය කර ගන්නට උත්සාහ කරන්නෙක් මෙම ප්‍රවෘත්තිය නිර්මානය කර එය සමාජ ජාල ඔස්සේ බෙදන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. මෙම වෙබ් අඩවිය මහින්දට පක්ෂ ප්‍රචාර සිදු කරමින් ඒ පැත්තෙන් ආර්ථික ආධාර අපේක්ෂා කරමින් හෝ ලබමින් සිටින බවක් පෙනේ. 

මෙම ප්‍රවෘත්ති නිර්මානය කරන ආකාරය ඉතා රසවත් ය. මෙම ප්‍රවෘත්ති නිර්මානකරුවා මුලින් කීවේ මෙම මරණය ප්‍රියන්තත්, ඝාතකයාත් එක ගෙයි කෑමක් සමග ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවයි. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ සිට සිය මල්ලීට බැන වැදුණු ආකාරය ද ලියුවේ ය. නැවතත් මෙම ප්‍රවෘත්තිය 'ෆලෝ අප්' කරමින් ජනාධිපති මෛත්‍රීපාල ඝාතන සැකකරුගේ කටඋත්තරය වෙනස් කර ඇති බව ද වාර්තා කළේ ය. 

මෙම ප්‍රවෘත්ති නිර්මාන සඳහා කිසිදු මූලාශ්‍රයක් අවශ්‍ය නැත. ඔවුන් කරන්නේ අදාළ චරිත තමන් හා තමන් දන්නා වෙනත් අය සමග සමපාත කර ගනිමින් ඔවුන්ගේ සිතුවිලි හා හැසිරීම අනුව සිදු විය හැකි දෙයක් ප්‍රවෘත්තියක් ලෙස ලියා පළ කිරීමයි. 

නිදසුනක් ලෙස, ප්‍රියන්ත සිරිසේන හා ඝාතන සැකකරු වැනි අය අපේ ගම්වල ද සිටිති. මෙවන් ප්‍රවෘත්ති කලාවක් මා කරනවා නම් කරන්නේ අපේ ගමේ එකාගේ කැරැට්ටුව මේ අයට ආරෝපණය කර ප්‍රවෘත්ති ලිවීමයි. 

මෙම ගොසිප් ඊළඟට බලපාන්නේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට ය. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී යම් වගකීමකින් කටයුතු කරන්නට උත්සාහ කරන වෙබ් අඩවියක් ඝාතනය සිදු වූ ප්‍රදේශයේ ජනතාව ප්‍රදේශය හැර යමින් සිටින බව වාර්තා කළේ ය. 

මේ වන විට ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල වෙබ් අඩවි පවා අනුගමනය කරන්නේ ගොසිප් ශෛලියයි. මේ සඳහා හොඳම උදාහරණය ලංකාදීප වෙබ් අඩවියයි. 

වෙබ් අඩවියක් ජනප්‍රිය කර ගැනීම සඳහා ඕපාදූප හා ප්‍රවෘත්ති ප්‍රබන්ධ කෙතරම් ඉවහල් කර ගත හැකි ද යන්නට විමල් වීරවංශ පක්ෂය විසින් පවත්වාගෙන යන ලංකා සී නිව්ස් උදාහරණයකි. මෑතක සිට ජවිපෙ ලංකා ටෲත් වෙබ් අඩවිය ද මෙම මාර්ගයට පිවිසෙමින් සිටියි. 

මෙම ප්‍රවෘත්ති ප්‍රබන්ධ ඉන් පසු ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලටත් බලපායි. එහෙත්, ඒ වන විට ඒවා සමාජයට කාන්දු වී බොහෝ කල් ය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සිදු වන්නේ හානි ප්‍රතිපූරණය කිරීමේ කාර්යයට අතගසන්නට ය. ඔවුන්ට වෙළඳපොළ හැදෙන්නේ එතැනිනි. ප්‍රධාන ධාරාවේ හානිපූරක වාර්තා ඉන් පසු නැවතත් ගොසිප් වෙබ් අඩවිවල ද පළ වේ. ඒවා කුමන්ත්‍රණ බව ද, එම කුමන්ත්‍රණ සිදු වූයේ මෙසේ යයි ද තවත් වාර්තා පළ වේ. මෙය තනිකරම ප්‍රවෘත්ති විෂම චක්‍රයකි. 

සමාජ ජාල ඔස්සේ මේ ප්‍රවෘත්ති ප්‍රබන්ධ පැතිරී යන්නේ අධිවේගයෙනි. එසේ වන්නේ ඇයි? ඒවා ෂෙයා කරන අය ඒවා විශ්වාස කරනවා ද? සම්පූර්ණයෙන් ම විශ්වාස කරනවා යයි කියන්නටත් බැරි ය. මේවා ෂෙයා කරන්නන් තුළ එක පැත්තකින් දේශපාලනික උවමනාකම් තිබේ. අනෙක් පැත්තෙන් මේ ගොසිප්වල ඇති කුණු රසයට ‍බොහෝ දෙනෙක් කැමැත්ත දක්වති. තවත් පැත්තකින් වෙනත් අයට නැති තොරතුරු මූලාශ්‍ර තමන්ට තිබේ ය කියා පෙන්වන්නටත් සමාජ ජාල පරිහරණය කරන්නෝ කැමැත්තක් දක්වති. 

අවසානයේ මේවායින් සිදු වන්නේ කුමන අන්දමක වුව මළ මිනිසකුට අපේ සමාජය දැක්වූ මානුෂික ගරුත්වය පවා නැති වී යන පරිහාණියක් සමාජයේ ඇති වීමයි. 

සියල්ල සැක කරන, හැම තැනක ම කුමන්ත්‍රණයක් දකින සමාජයක් නිර්මානය වීමයි. 

මේ ප්‍රවෘත්ති ප්‍රබන්ධවල වින්දිතයන්ට සිදු වන දේ ගැන කිසිවෙක් අවධානය යොමු නො කරති. 

මීට බොහෝ කලකට පෙර, සමාජ ජාල ප්‍රචලිත වෙන්නට පෙර යුගයකදී ජනමාධ්‍ය පාවිච්චි කිරීම  හෙවත් මීඩියා මැනිපියුලේෂන් සිදු වූ ආකාරය ගැන නිර්මානය වූ අනගි චිත්‍රපටයක් මට සිහිපත් වේ. එය වනාහි බැරි ලෙවින්සන් අධ්‍යක්ෂණය කළ, ඩස්ටින් හොෆ්මාන් හා රොබට් ඩි නීරෝ රඟන වැග් ද ඩෝග් චිත්‍රපටයයි. 
ජනපති සොහොයුරු සහ ඝාතකයා ගැන ‘ග්‍රාම නිලධාරී’ අපට කියූ කතාව
Posted by News Album on Saturday, March 28, 2015

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පසුගිය 2010 ජනාදිපති වරණයෙන් පසුව විපක්ෂය විසින් වර්ධනය කර පෝෂණය කර සමාජය වෙත මුදා හරින ලද ප්‍රබන්ධ මාධ්‍ය කලාව (කොම්පුටර් ජිල්මාට් , ලම්බෝගිනි , සුදු කොඩි , රත්තරන් අශ්වයන් , රටපුරා මන්දිර , බිලියන ගණන් මෙගා ඩිල් , හෙලිකොප්ටර් , මිනී මෝරු ... ) දැන් එය පටන් ගත් උං වෙතම පාරාවළල්ලක් වී පැමිණීම තරම් දයිවයේ සරදමක් තවත් ඇද්ද ? පුල් ආතල්

    කුම්බලා මාළු කෑවා නං විඳවපන් පැරෝ !!!

    ReplyDelete
    Replies
    1. ඕක අලුත් දෙයක් නෙමෙයි මචෝ, වික්ටර් අයිවන්ලා, සුනන්ද දේශප්‍රියලා, සුනිල් මාධව ප්‍රේමතිලකලා අනූවේ දශකයේදි විකල්ප පත්තරවලින් කළෙත් ඕකම තමයි.

      හැබැයි ප්‍රේමදාස, මහින්ද වගේ ඒකාධිපතියන් පන්නන්න ඒවා ප්‍රයෝජනවත් වුණා.

      දැන් ඔය වැඩේ පරණ වෙමින් තිබෙනවා. මොකද, දැන් සමාජය දියුණු වෙමින් තිබෙනවා.

      අපි හදන්නේ උඹලා කුම්බලා මාළු කාලා ගලේ පහරලා වහගන්න බැරිව ඉන්න හැටි සමාජයට පෙන්නන්.

      එහෙම නැතිව අපට උඹලාට වගේ කොන්ත්‍රාත් නැහැ. ඒ වගේ ම මේ බ්ලොග් එක අධ්‍යයනය කර බලන්න. අපි ඔය ඔබ කියූ වර්ගයේ ප්‍රබන්ධ ප්‍රවෘත්ති ප්‍රමෝට් කරලා නැහැ. අපි ආමන්ත්‍රණය කරන්නේ ඒවායින් චූන් වෙන පාඨක පිරිසකට නෙමෙයි.

      හැබැයි අර සුදු කොඩි කතාව ලැයිස්තුවෙන් අයින් කර ගත්තා නම් හොඳයි. මන්ද, ඒක ප්‍රබන්ධයක් නෙමෙයි ඇත්තක්.

      Delete
    2. ප්‍රේමදාස පන්නන්න බැරි උනා නේ මචං. තමන් ම කිරි දීල හදපු ත්‍රස්තවාදියෙක් අතිං සත්තපෝච්චි නොවුන නං මිනිහ දෙවෙනි සැරෙත් ජනපති. (මයිත්‍රී ටත් ඒක වෙයිද දන්නේ නෑ )

      //දැන් ඔය වැඩේ පරණ වෙමින් තිබෙනවා. මොකද, දැන් සමාජය දියුණු වෙමින් තිබෙනවා. //
      නැහ් .. ඔය කට්ටිය මීට මාස ගානකටත් කලින් කරලා ප්‍රතිඵල නෙලා ගත්තේ. තාක්ෂනය දියුනුවුනාට මිනිස්සුන්ට මොලය දෙන්න බෑ නේ. උන්ට අමතන්න මේක තමයි හොඳම ක්‍රමය තාමත්. ආයි දෙකක් නැහැ

      //එහෙම නැතිව අපට උඹලාට වගේ කොන්ත්‍රාත් නැහැ.//
      මෙම ප්‍රවෘත්ති නිර්මාන සඳහා කිසිදු මූලාශ්‍රයක් අවශ්‍ය නැත. පැරා කරන්නේ අදාළ චරිත තමන් හා සමපාත කර ගනිමින් ඔහුගේ සිතුවිලි හා හැසිරීම අනුව සිදු විය හැකි දෙයක් ලෙස ලියා පළ කිරීමයි.

      //හැබැයි අර සුදු කොඩි කතාව ලැයිස්තුවෙන් අයින් කර ගත්තා නම් හොඳයි. මන්ද, ඒක ප්‍රබන්ධයක් නෙමෙයි ඇත්තක්.//
      ඒ කියන්නේ අනිත් ඒවා ප්‍රබන්ධ කියල පිලි ගන්න එක නේ. රයිටෝ තැන්කියු. හිකිස් :v

      Delete
    3. ප්‍රියන්ත සිරිසේනගේ ඝාතකයා වූ ලක්මාල් නැමැත්තාගේ බිරිද ඉන්නේ විදේශයක බව හෙළිකරමින් කුමාර රත්නායක නමැති ඒම ප්‍රදේශයේ ග්‍රාමසේවක යයි සඳහන් අයෙක් මාද්‍ය සඳහා අදහස් දක්වා ඇත.

      ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු නැමැත්තා සහ ලක්මාල් නැමැත්තා අතර කලක සිට ඉතාමත් සමීප මිතුදමක් පවතී බව මාධ්‍ය වෙත වාර්තා වී තිබුණි. නිතර ලක්මාල් නමැත්තාගේ නිවසට පැමිණ මධු පානෝත්සව වලටද සහභාගී වූ ප්‍රියන්ත සිරිසේන සහ ලක්මාල් ගේ බිරිය අතර පැවති අනියම් සම්බන්ධය අවට වෙසෙන තතු දන්නා අයට රහසක් නොවේ. කලක සිට රහසක්ව පැවති මේ සම්බන්ධය ලක්මාල් නමැත්තාගේ කණ වැකි තිබෙන්නේ , මොවුන් දෙදෙනා රමණය කරන ආකාරය දුටු දෙමවුපියන්ගේ මාර්ගයෙනි. එතැන් පටන් ප්‍රියන්ත සිරිසේන සහ ලක්මාල් නැමැත්තා අතර ගැටුම් ඇරඹි තිබිණ.

      මෙම සම්බන්ධය ප්‍රසිද්ධ වූ පසු පවතී ගැටුම් නිසා නිවසේ සිටීමට අපොහොසත් වූ ඔහුගේ බිරිඳ මාස 4 කට පෙර නිට්ටඹුව ප්‍රදේශයට ගොස් ජිවත් වී ඇති අතර ඉන්පසු හොර රහසේම තමන්ගේ දරුවන් තුන්දෙනාද දමා විදේශ ගත වී ඇත්තේ මිට මාස 3 කට පමණ පෙරය. තමන්ගේ අනියම් බිරිඳ තමන්ගෙන් වෙන්කිරීම සම්බන්ධයෙන් කෝපාවිෂ්ට වූ ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු නැමැත්තා තමන්ගේ දේශපාලන බලය සහ මැර බලය යොදා ගනිමින් අවස්ථා ගණනකදීම ලක්මාල් නැමැත්තා ගේ නිවසට පැමිණ ඔහුගේ දෙමවුපියන්ට තර්ජනය කර ගොස් තිබුන අතර අවසාන අවස්ථාවේදී ඔවුන්ට පහර දීමටද තැත් කිරීම නිසා ලක්මාල් නමැත්තාගේ පොරෝ පහරට ලක්වීමට සිදු වී ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

      Delete
    4. තම දිවි පරදුවට තබා සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින රංග වීරක්කොඩි නම් වෛද්‍යතුමා සේවය කරන එංගලන්තයේ රෝහළේ පර සුද්දන්ගේ විහිළු වලට ලක් වීමට එම වෛද්‍යතුමාට සිදුව ඇත. ඒ නිසා එතුමා ශ්‍රීලංකාවේ ජාතිකවාදී දේශප්‍රේමින් වෙත පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ වහාම පාරට බැස උද්ගොෂණය කර සිරිසේන පාලනය පෙරළාදමා නැවතත් මහින්ද පාලනයක් ගෙන ඒමට පෙළ ගැසෙන ලෙසයි.


      https://www.facebook.com/SinhalaBuddhists1/photos/a.790117121061680.1073741828.790109741062418/848051295268262/?type=1&theater

      Delete
    5. //


      මහසොහොන් පිල්ලියMarch 29, 2015 at 5:41 AM

      පසුගිය 2010 ජනාදිපති වරණයෙන් පසුව විපක්ෂය විසින් වර්ධනය කර පෝෂණය කර සමාජය වෙත මුදා හරින ලද ප්‍රබන්ධ මාධ්‍ය කලාව (කොම්පුටර් ජිල්මාට් , ලම්බෝගිනි , සුදු කොඩි , රත්තරන් අශ්වයන් , රටපුරා මන්දිර , බිලියන ගණන් මෙගා ඩිල් , හෙලිකොප්ටර් , මිනී මෝරු ... ) දැන් එය පටන් ගත් උං වෙතම පාරාවළල්ලක් වී පැමිණීම තරම් දයිවයේ සරදමක් තවත් ඇද්ද ? පුල් ආතල්

      //


      ගරිල්ලා මාකටිං පාවිච්චි කර චන්දේ කල හිටං ට බූමරැං ......

      Delete
    6. ////// දැන් ඔය වැඩේ පරණ වෙමින් තිබෙනවා. මොකද, දැන් සමාජය දියුණු වෙමින් තිබෙනවා.
      ///////

      ඉතින් පරණ වෙලා නම් මෙහෙම අඬා වැලපිලා පෝස්ට් දාන්නේ මොකද පාඩුවේ හිටපන් කෝ.......

      මහින්දලා ගේ රත්තරන් අස්සයෝ ගැන, නිදන් හාරපුව ගැන, කෝටි ගණන් මන්දිර ගැන ඔහොම ෆේස්බුක් මඩ ගහන කොට වගේ වගක් නැතුව හිටි උන්ට දැන් මාද්‍ය සදාචාරේ මතක් වෙලා....... අනේ නිකන් හු*හන් බන්. ලොල්........... ඉස්කෝල ගුරු කමේ නම්බුවත් කනවා .........

      මිනිස්සු සිරිසේනගේ වැරදි පෙන්නන කොට තෝ කිව්වේ මහින්දගේ වැරදිත් ඔහොම කතා කරාද කියල නේද.......? දැන් ඉතින් උඹත් ඒ විදිහටම කටයි පුකයි වහන් හිටපන්......

      Delete
    7. අවසාන නිගමනය:

      මෛත්‍රිපාල සිරිසේන ගූ ගොඩක් නම් මහින්ද රාජපක්ෂ ගූ ලොරියකි.

      Delete
    8. [තම දිවි පරදුවට තබා සිංහලයන් . . . . . පාලනය පෙරළාදමා නැවතත් මහින්ද පාලනයක් ගෙන ඒමට පෙළ ගැසෙන ලෙසයි. ]

      ඔය උඹ කොරන පැරොඩි පේජ් එකනේ බං. නිකං ඇනෝ ඇවිල්ල රුන්නට උඹේ ගූවල ගඳ රටම දනන්ව. පේජ් එක හිට් කොරන්ඩ ඕනේ නම් පොන්න වැඩ නොකර කෙළින්ම ලිංක් එක දාපං.

      Delete
    9. ඉතින් යකෝ ඔය රංග වීරක්කොඩි කියන එකා ඔය තරම් දේශප්‍රේමියෙක් නම් පර සුද්දන්ට බේත් දිදී ඉන්නෙ නැතුව ලංකාවට එන්න කියපන්කො.

      Delete
  2. "...දැන් ඉතින් සමනලී ෆොන්සේකා බොරු කළා ය කියා අඬලා වැඩක් නැත. සිදු වූ දේ වෙලා හමාර ය. දේශපාලනය තේරුම් ගන්න...."

    ඕක තම මගේ අරක්කු මටම ගහනවා කියන්නේ! ටෝයියන් පසුගිය ජනපත්වරණය සමයේ ගෙනෙගිය කටකතා මාලාව තමන්ටම අපසු කරකැවී ඇත. බොරු කළා ය කියා අඬලා වැඩක් නැත. සිදු වූ දේ වෙලා හමාර ය. දේශපාලනය තේරුම් ගන්න!

    ReplyDelete
  3. මේවට තමයි දිට්ටධම්මවෙදනිය කර්ම කියන්නේ!

    What goes around comes around!

    ReplyDelete
  4. "...මීට බොහෝ කලකට පෙර, සමාජ ජාල ප්‍රචලිත වෙන්නට පෙර යුගයකදී ජනමාධ්‍ය පාවිච්චි කිරීම හෙවත් මීඩියා මැනිපියුලේෂන් සිදු වූ ආකාරය ගැන නිර්මානය වූ අනගි චිත්‍රපටයක් මට සිහිපත් වේ. එය වනාහි බැරි ලෙවින්සන් අධ්‍යක්ෂණය කළ, ඩස්ටින් හොෆ්මාන් හා රොබට් ඩි නීරෝ රඟන වැග් ද ඩෝග් චිත්‍රපටයයි. ..."

    ඇයි මේ පරණ චිත්‍රපට උදාහරණයට ගන්නේ, පැරා, (ප)රාජ්, මාතලන්, විචාරක, හෙනහුරා වැන්නන් පසුගිය ජනපතිවරණය සමයේ ගෙනෙගිය පුරවැසි මාධ්‍යකරණය ඊට වඩා ළඟ උදාහරනනේ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්, අපිත් මීඩියා මැනිපියුලේෂන් කළා තමයි. හැබැයි, මේ වගේ බාල විදියට නෙමෙයි. අපි කරපු මැනිපියුලේෂන් ගැන පුළුවන් නම් මේ වගේ විශ්ලේෂණය කරලා පෙන්නන්න.

      අපි කළේ ජනමතය ගොඩනැගීමක්. අපට පුළුවන් අප කළ දේ ගැන පෙනී සිටින්න. අපි කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින එක. ඒකාධිපතිවාදය, පසුගාමිත්වය, රදළ අදහස්, ජාතිවාදය, සොරකම ආදියට එරෙහිව මත ගොඩනගන එකයි. අපි අදත් ඒක කරනවා.

      අපි රජෙක් ප්‍රමෝට් කරන්නේ නැහැ. කේන්දරකාරයන් ශාස්තෲවරුන් කරන්නේ නැහැ. අපි කරන්නේ විසඳුම් නිර්මානය කරගන්න ජනතාව පොළඹවන එක.

      අර කවුරුද අහනවා වගේ ඇයි අවුල් ද?

      Delete
    2. ඔව් අවුල් තමයි! ඔයා කියන්නේ ඔයාලගේ 'මතය' අනුන්ට කාවද්දන්න මේවගේ මීඩියා මැනිපුලේශන් කලාට කමක් නැහැ හැබැයි අන්නුන් කරනකොට එක හොඳ නැහැ කියලනේ!

      දැන් රන්ජන්ලා, රංගේ-බණ්ඩාරලා අරලියගහ මැදුරේ ගොන් පාර්ට් දානකොට කටයි පුකයි වාහන හිටියේ ඇයි?

      Delete
    3. "...ඔව් ඉතින්, අපිත් මීඩියා මැනිපියුලේෂන් කළා තමයි. හැබැයි, මේ වගේ බාල විදියට නෙමෙයි. අපි කරපු මැනිපියුලේෂන් ගැන පුළුවන් නම් මේ වගේ විශ්ලේෂණය කරලා පෙන්නන්න. ..."

      ඔව් අපි එළියේ රුන්න තමයි, හැබැයි අපේ ගූ විමල්ගේ ගූ තරම් ගඳ නැහැ. ඕනෙනම් ඉඹල බලන්න...

      Delete
    4. මොනවාද පැරා... වයසේ විදියටද මේ වැඩ ?
      රසිකෝ , රාජෝ , හෙනහුරෝ , මාතලනෝ හනික වරෝ
      පැරකුම් සර් කක්කුස්සි වලේ ආයි වැටුනෝ
      ගොඩ ගන්න වරෝ

      Delete
    5. @ Anonymous March 29, 2015 at 7:46 AM,
      /////දැන් රන්ජන්ලා, රංගේ-බණ්ඩාරලා අරලියගහ මැදුරේ ගොන් පාර්ට් දානකොට කටයි පුකයි වාහන හිටියේ ඇයි?/////

      පැරාගේ බ්ලොග් එකේ ලිවිය යුත්තේ කුමක් ද, නොලිවිය යුත්තේ කුමක් ද කියලා තීරණය කරන්නේ පැරා මිසක් ඔයා නෙවෙයි. ඔයාට යමක් කියන්න ඕනේ නම් ඔයා ඔයාගෙ ම බ්ලොග් එකක් ලියන්න.

      Delete
    6. "...පැරාගේ බ්ලොග් එකේ ලිවිය යුත්තේ කුමක් ද, නොලිවිය යුත්තේ කුමක් ද කියලා තීරණය කරන්නේ පැරා මිසක් ඔයා නෙවෙයි. ඔයාට යමක් කියන්න ඕනේ නම් ඔයා ඔයාගෙ ම බ්ලොග් එකක් ලියන්න...."

      මෙයකාගේ බ්ලොග් පදන්ගුවේ ඌ ඕනේ රෙද්දක් ලියපුදෙන්, අප ප්‍රශ්න කරන්නෙන් උගේ ජපාලන ටොයි මල්ලිලිලා මේවගේ ගූ වැඩ කරද්දිදී කටවහගෙන් ඉදල ප්‍රියන්ත සිරිසේන කෙස් එකදි මුන් රහත් වෙලා වගේ ටෝක්ස් දෙන්නේ යු කියල?

      Delete
    7. //// පැරාගේ බ්ලොග් එකේ ලිවිය යුත්තේ කුමක් ද, නොලිවිය යුත්තේ කුමක් ද කියලා තීරණය කරන්නේ පැරා මිසක් ඔයා නෙවෙයි. /////

      ඇනෝ March 29, 2015 at 9:07 AM මැටි මෝලෝ,

      එතකොට අනික් උන්ගේ ෆේස්බුක් පේජ් වල පෝස්ට් කරන ඒවා තීරණය කරන්නේ පැරාද? නැත්නම් මෙහෙම පෝස්ට් දාන්නෙ ලබ්බටද?

      ගොනා උනාට කමක් නෑ උම්බෑ කියල නිකන් කුජීත වෙන්න එපා!!

      Delete
    8. පැරයියා වගේම අපේ මාරයා අයියාත් මීඩියා මැනුපියුලේෂන් කළා. දෙන්නාම ක්ලළේ දෙන්නාගේ පක්ෂපාතකම් වෙනුවෙන්. නැතුව අපි වෙනුවෙන් නෙවෙයි.

      Delete
    9. //අපි රජෙක් ප්‍රමෝට් කරන්නේ නැහැ. කේන්දරකාරයන් ශාස්තෲවරුන් කරන්නේ නැහැ. අපි කරන්නේ විසඳුම් නිර්මානය කරගන්න ජනතාව පොළඹවන එක.//

      අම්මපා.... ඒකට වෙන්න ඇති.... ඔය එක එකාට සුදු හුණු ගගා කඩේ යන්නේ.......

      බොරුවට ප්‍රජාතත්ත්‍රවාදේ ගැන ලොකු ටෝක් දෙන්න එපා.... ඇත්ත තමා මේ...

      // පැරයියා වගේම අපේ මාරයා අයියාත් මීඩියා මැනුපියුලේෂන් කළා. දෙන්නාම කළේ දෙන්නාගේ පක්ෂපාතකම් වෙනුවෙන්. නැතුව අපි වෙනුවෙන් නෙවෙයි //

      අපි හැමෝටම තමන් කැමති කෙනෙකුට පක්‍ෂපාත වීමේ අයිතිය තියනවා... ඒ මහින්දටද මෛත්‍රීටද කියන එක අදාල නෑ... හැබැයි ඒදේ කොන්ද පණ ඇතිව පිළිගන්න කෙන‍ාට අපි ගරු කරනවා... මාරයා නම් හෙමයි.....
      එහෙම නැතිව ප්‍රජාතත්ත්‍රවාදෙයි, අරකයි මේකයි ගැන ලොකු ටෝක් දෙන එවුන් අපි සලකන්නේ පොන්නයෝ විදියට......

      Delete
  5. "In Sri Lanka lies are used for political gains, to taint someone’s reputation or to seek attention."

    - Erik Solheim, 2010

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත!

      Delete
  6. උඹල ඇති කරපු තුප්පහි ක්‍රමය උඹලටම විරුද්ධව එනකොට ඒක වැරදියි.
    අනේ පලයන් ගොන් පැරෝ යන්න

    උඹ මොනවද මේ රටේ වෙන දේවල් දන්නේ. නිවූස් වල එක එක කටු කන උඹල වගේම බල්ලෝ කියන දේවල් වලට වඩා දන්න කියන එකෙක් ඒ පැත්තේ ඉන්නවනම් අහල බලපන් ඇත්ත සිද්ධිය මොකක්ද කියල
    ලක්මාල් ගේ ගෑණිට මැරිච්ච එකා හොර කොටන්න ආව නිසා පොරෝ පාර කාපු එක උඹට දැනගන්න පුළුවන් වෙයි යස අගේට
    දැන් ලක්මාල්ගේ ගෑණි රට ගිහින් කියල කියනවා. ඒ ගෑණි රට ගියත් යවන්න ඇත්තේ මු පොරෝ පාර කෑවට පස්සේ

    උඹල රට යහපාලනේට ගෙනියන්න ගෙනාපු සුදනාගේ පවුලේ උන් මේ වගේ තුච්ච උන් බව මිනිස්සු දැනගන්න එක වළක්වන්නයි උඹල දැන් සුදු හුණු ගාන්නේ.
    සිරිසේනගේ පවුලේ තව එකෙක් ඉන්නවා කොටු පනින්න ගිහින් කඩු පාරක් කාල අතක් නැතුව, ඒවා උඹ දන්නේ නැද්ද, ඒවටත් සුදු හුණු ගාපන්.
    සිරිසේන ලොක්කගේ කොටු පැනිලි ගැනත් සුදු හුණු ගාපන්

    හුණු ගාන ගමන් උන්ගේ ගූ ටිකක් හොයාගෙන ඇවිත් පුච්චලා කාපන් ඒක ඊට වඩා හොඳයි උඹ වගේ එකෙකුට

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 29, 2015 at 9:25 AM,,,

      නියම නමින් වරෙං බූරුවෝ...

      ඔය තරම් තොරතුරු දන්නවා නම් ගිහිල්ලා දාපං සී.අයි.ඩී. එකට පැමිණිල්ලක්... හරියට මර්වින් සිල්වා කළා වගේ...

      තෝ ඇනෝ එන්නේ තෝ අල්ලේ පැලවෙන බොරු කියන නිසා යි. ගිහිං මැදමුලනේ දංකුඩ කාපිය බඩගිනි නම්.

      Delete
    2. 10:11 පොන්නයා,
      තෝ නියම නමින් ඇවිත්ද සද්දේ දාන්නේ, අවලමා. උඹ ගිහින් සිරාගේ ශුක්‍රාණු කාපන්

      සී.අයි.දී. එකේ මොන බිජ්ජක් දාන්නද. සිරාගේ පවුලේ ඉන්නේ හොර බඩු කාරයෝ බව රටේ මිනිස්සු දැන ගත්තම ඇති.
      වැලි රාජු රටට මහගු සේවයක් කලා. අලුත් ප්‍රස්තා පිරුලක් සිංහලට එකතුකරා
      "වැලි රාජු හොර කොටන්න ගියා වගේ"
      පැරාට පුළුවන් ඉස්කෝලේ ළමයින්ට මේක උගන්නන්න.

      Delete
    3. අපේ මාරයා අයියාට ගොනා, බූරුවා, පොන්නයා වැනි වචන වලින් ඇමැතීම හෙළා දකිමු.

      Delete
    4. @ Anonymous March 29, 2015 at 1:30 PM,,,

      අඩෝ බයියා, තෝ ඔය ප්‍රස්ථා පිරුල ගිහිං තොගේ ළමයින්ට උගන්නපිය ඉස්සෙල්ලාම.

      Delete
  7. මහින්දවාදී බයියලා මේකත් කියවලා බැලුවා නම් (විශේෂයෙන්ම අවසාන ඡේද දෙක)....

    "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එක් මලයෙක් වන බුද්ධදාස ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු අද (28) පාන්දර ජීවිතයෙන් සමුගෙන ගිය පුවත මේ වන විට අන්තර්ජාලය ඔස්සේත් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යන් ඔස්සේත් විශ්ව ගම්මානයම කියවමින් සිටී.

    වැලි රාජුගේ මරණයට විවිධ අර්ථකතන ලැබෙමින් පවතී. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මිය ගිය මලයා ජනාධිපතිගේ පවුලේ උදවිය මීට වසර 6 - 7 කට ඉහතදී පවුලෙන් පන්නා දැමූවෙක් බවයි. ජනාධිපතිවරයා හා ඔහු අතර කිසිම සම්බන්ධතාවයක් නොතිබුණු බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී. එවිට මහින්දවාදීන් අසන්නේ ‘හෙලිකොප්ටරයෙන් කොළඹ ගෙනාවේ සම්බන්ධයක් නොතිබුණ නිසාද? පොලොන්නරුවේදී අනතුරට පත්වන අනෙක් අයත් එසේ හෙලිකොප්ටරෙන් කොළඹ ගේන්නේද?' යන්නයි.

    ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලිරාජු යනු සැබෙවින්ම ගමක ජීවත්වූ මැරයෙකි. ඔහුගේ ජීවිකාව ‘රජරට බිල්ඩර්ස්' නමින් ව්‍යාපාරයක් අටවා ගෙන අනවසර වැලි ගොඩදැමීමයි. ඇත්තෙන්ම ඔහු නිසා මෛත්‍රීපාල සිරිසේනට මූණ සාක්කුවේ දා ගැනීමට අවස්ථා කීපයකදීම සිදුවිය. අය්යා ජනාධිපති වුනා කියා වැලි රාජු තම දෛනික කටයුතු වෙනස් නොකලේය. ජනතා විමුක්ති පෙරමුණ නැවත වැලි ගැන වලි අදිනකම්ම වැලි රාජු අනවසර වැලි ගොඩ දැමීය. ඔහු සරමක් ඇඳගෙන දවස පුරා විට හපමින් පුලතිසිපුරයේ ගමක් ගමක් හන්දියක් හන්දියක් බෝක්කුවක් බෝක්කුවක් ගානේ කරක් ගැසුවේ පෙර පරිදිය. ඇහැට කනට පේන මියුලැසියන් දුටු විට මදක් නැවතී කහට ගැහුණු දත් පෙන්නා සිනාවක් දැමීමට අමතක නොකලේය. හැන්දෑවට භාගයකට හෝ බෝතලයකට වගකියා දන්නා කියන ගේකට රිංගීම ඔහුගේ දෛනික චාරිකාවේ අවසාන අංගය විය. එකී අවසාන අංගය ජීවිතේද අවසාන අංගය බවට පත්විය.

    එසේ ඔහු මේ හැම කාරියක්ම කලේ තනිවමව මිස එස්කෝට් ජීප් බැකප් දමා ගනිමින් මරසෙනග පිරිවරා නොවේ. අවම වශයෙන් ජීවාතාරක්ෂාවට කියා පිස්තෝලයක්වත් පාවිච්චි කලේ නැත. එතනින්ම ජනාධිපති අයියාගේත් වැලිරාජු මල්ලීගේත් සම්බන්ධතාවය වටහා ගත හැක. අවසානයේ ඔහුව හෙලිකොප්ටරයෙන් කොළඹට රැගෙන එන්නේ ඔහු විසින් ඉල්ලා හෝ චීනයේ සිටින ජනාධිපති අය්යා කියා හෝ නොවේ. ජනාධිපති අය්යාට හිතවත් පිරිස් ස්වේච්ඡාවෙන් ඉටු කළ කාරියකි එය.

    අපේ රටේ අය්යා ජනාධිපති වූ විට නිල නොවන ජනාධිපතිවරු වන්නේ මල්ලිලාය. හරිනම් වැලි රාජු මේ වන විට සිටිය යුතු වූයේ ඇමරිකාවේ ලාස් වේගාස් වල කැසිනෝ ගසමින්ය. නැත්නම් ලන්ඩන් ‘සෝහෝ' වල සුදු යුවතියන්ගේ පයෝධර අතර කිමිදෙමින් ඔවුන්ගේ තට්ටම්වල පවුම් නෝට්ටු කෙලගා අලවමින්ය. අවමයෙන් බැංකොක් තායි යුවතියකගෙන් ‘බොඩි ටු බොඩි' මසාජ් එකක් ගනිමින්ය. පහුගිය කාලයේ අප අත්විඳි සැබෑ මල්ලිලා හා පුතාලා හැසිරුනේ අන්න ඒ ආකාරයටය. ඒ වෙනුවට වැලිරාජු කලේ අවුරුදු ගණනක් පුරුදු විදිහට කටේ විට අතට ගෙන ගුඩු ගුඩු ගා බාගයක් බී පුරුදු ගුබ්බෑයමකට රිංගීමය. රිංගපු තැන හිටපු එකා මූ ජනාධිපතිගේ මල්ලී යැයි වගේ වගක් නොහිතා දෑත බැඳ දර පලන්නා සේ වැලි රාජුගේ හිස දෙපළු කලේය. තවමත් ඌත් ඌගේ ගෑණිත් මව්පියනුත් යහතින් සිටී. යහපාලනය විසින් උන් හිටපු ගෙවල් දොරවල් දවා අලු නොකලේය. සැකකරු රිමාන්ඩ් භාරයට පත්විය. ජනාධිපතිගෙන් ලකුණු ගැනීමට පොරෝ පහර දුන් ලක්මාල්ට ගේමක් දීමට එකෙක්වත් උත්සාහ නොකළේය. නීතියට ඉඩදී සැමෝම බලා සිටී.

    මහින්දවාදීන් කියන්නේ මේ සේරටම වග කිව යුතු වන්නේ ‘මෛත්‍රීගේ නෝන්ජල්කම' කියාය. අය්යා කෙලින් හිටියානම් මල්ලිලාට මෙසේ වෙන්නේ නෑ කියාය. කෙලින් හිටපු අය්යලා සහ මල්ලිලා රටට කෙලිය හැටි මේ ගොං වාහේලාට අමතකය. රටක වල් වැදුනු නීතිය නැවත ක්‍රියාත්මක වනු දැකීම මෙම ගෝත්‍රිකයන්ට නෝන්ජල් කමකි. අවසාන වශයෙන් ලංකාදීප පුවත්පතේ ‘ප්‍රින්ටින් මිස්ටේක්' එකකින් මෙම ලියවිල්ල නිමා කරනු කැමැත්තෙමි. එහි සඳහන් වූයේ ‘මහින්ද අවසන් බුහුමන් දක්වයි' කියා මරා දැමුණු රත්ගම සභාපතිගේ මළගෙදර හිටපු ජනාධිපති ගිය කතාවකි. ගොඩක් අය කියන්නේ හෙඩිමේ ‘ට' යන්න අඩුය කියාය. ගොඩ ඒමට කැමති අයට කැමති විදිහකට එය සිතාගත හැකිය."

    උපුටා ගත්තේ --- http://sinhala.lankanewsweb.net/news/16364-2015-03-28-11-33-28

    ReplyDelete
    Replies
    1. මරු. මේ තියෙන්නේ සිරාගේ මලයාගේ කැරැට්ටුව ලස්සනට.

      මේ වගේ තුට්ටු දෙකේ මජර පවුලක එකෙක් ට නේ ටොයියෝ රජකම දුන්නේ. තියෙන දීන කම ජනාධිපති කමෙන් වහන්න බැරි බව පේනවා එලිසබත් අත්වැසුම් ගලෝල අත දුන්න හැටියේ සරමේ ධාතු පහවුනා කියල උජාරුවෙන් කියපු විදියට.

      Delete
    2. @ Anonymous March 29, 2015 at 11:58 AM,
      අනේ බං, මොන පවුලෙන් ආවත්, මලයා මොනවා කළත් ජනාධිපති මෛත්‍රී කොළඹ ටොයියෙක් විදියට හැසිරෙනවා නම් ඒකේ වැරැද්දක් නෑනේ.

      අනික, මහින්දට කොච්චර නම් ඕනේ වුණාද එලිසබැත් රැජිනගේ අත්වැසුම් නැති අතට අත දීලා සරමේ ශුක්‍ර ධාතු පහ කර ගන්න.... කෝ පුළුවන් වුණාද? අන්තිමේදී පින්තූරයක් ෆොටෝෂොප් කරලා ආසාව ඉෂ්ට කර ගත්තා. ඒත් මහජනයාගේ අතේ මාට්ටු...

      Delete
    3. මහින්දට, ගෝථාභයට ඉන්නවා වගේ අම්බ කැත ගෑණු අපටත් හිටියා නම් අපි හැමෝටම වෙන්නේ ස්වයං වින්දනවල යෙදෙන්න සරමේ ශුක්‍ර ධාතු පහ කර ගන්න තමයි.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මිනිස් ඉතිහාසයේ කතන්දර ගෙතීමේ, බිනීමේ සහ ප්‍රබන්ධකරුවෝ සැමදා ජයගත්තා පමණක් නොව අද වෙන තෙක්ද එම බොරු වඳිමින් පුදමින් ඇදහීමට තරම් සමහරු මෝඩයන්ය. ගෞතම සිද්ධාර්ථ, යේසුස්, මහම්මද් මෙන්ම රාමායණය හා මහාවංශය හොඳම උදාහරණයන්ය. මෑත කාළයේ ගත හැකි ජාත්‍යන්තර උදාහරණය ජේ කේ රෝලින්ස්ය. දේශීයව නම් මහින්ද රාජපක්ෂයන්ය. එදා මහාවංශය මෙන් අද පචවංශගේ "සී නිව්ස්" එම කාරිය මනාව ඉටු කරයි. මිනිසුන් කුණු රසට කැමතිය. මාතලන් උනත් උදයේම ගොඩ වන්නේ "සී නිව්ස්" වෙතයි. උන් කියන ඒවා අතේ රෝල් බවට ඇති හොඳම උදාහරණය. සමහර නිව්ස් ඉවත් කරන්නට සිඳු වීමයි.

      ස්වයංවින්දනයද ඇබ්බැහිවීමක් දක්වා ගෙනයාම මහින්දගේ දරුවන්ට අහිතකර විය හැකි බව අවවාදයක් ලෙස දක්වමි.

      Delete
    2. මහින්දගෙ දරුවො ස්වයං වින්දනේ කරන්නෙ මොකද බං රටේ බයියලාගෙ අම්මලා, සහෝදරියො භාර්යාවො ඔක්කෝම ලෑස්තිවෙලා ඉන්නකොට උන් එක්ක ඇඳට නඟින්න?

      Delete
    3. අනේ පලයන් පකිස් බූරුවෝ යන්න. උඹල ලෝකේ තියෙන ඔක්කොම කෙප්ප ටික කෙලලා මහින්දව ගෙදර අරිය. දැන් උඹ උඹේ පොන්න හාමුගේ ආණ්ඩුව රකින්න කෙප්ප කෙලිනවා. ළඟදීම උඹේ සම්මානය පුකේ තමය් ගහගන්න වෙන්නේ!

      Delete
    4. @ Anonymous March 29, 2015 at 9:28 PM,,,

      ලෑස්තිවෙලා හිටපං.... ඊළඟට මහින්දට යන්න වෙන්නේ ගෙදර නෙවෙයි, හිරේ...,
      හොරකම් කරපුවාට....

      Delete
  9. මෙන්න මේවා තමයි නිව්ස් ----
    (ක්ලික් කරලා බලන්න)

    ලංකාවේ අපරාධ වැඩිවීම සම්බන්ධව කියන්න මහින්ද ජිනීවා යාමට සැරසෙයි

    කලකදී වහළු කලකදී රස වෙනවා ලු!!!

    ReplyDelete
  10. වැලි රාජුගෙ හැසිරීම මට අදාළ නොවේ. ඔහු අපට වර්තමානයේ පවතින්නේ යහපාලනයක්ද නැද්ද තීරණය කිරීම පිණිස අපූරු දර්ශකයක් හදා දුන්නේය.

    1. වැලි රාජු මැරුවාය කියන සැකකරු ඉදිරි දින කිහිපය තුළ සඟවා ඇති ආයුධ පෙන්වන්න ගොස් ගඟකට පැණ හෝ බෝම්බ ගැසීමට ගොස් සිය දිවි නසා ගන්නේ නම් හෝ සැකකරු ලක්මාල්ගේ ගෙවල් දොරවල් ගිණිබත් වන්නේ නම් මේ රටේ තියෙනවා කියන යහපාලනය ගැන අපට සැක සිතීම නිසැකය.

    2. එසේ නැතිව සාමාන්‍ය විදිහට සැකකරු පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන්නේ නම් හා/හෝ සැකකරුගේ ඥාතීන්ට කිසිම අතවරයක් සිදු නොවන්නේ නම් මේ රටේ යහපාලනයක් ඇති බව තහවුරු වන අතර රටේ සිටින්නේ ජනාධිපති කෙනකු මිස රජකු නොවන බව ජනතාවට තේරුම් ගත හැකිය.

    අපි බලා සිටිමු.

    අපට මේ දර්ශකය තනා දුන්නාට වැලිරාජු, ඔබට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අපේ පැතුමද අංක (2)යි. අපි බලමු, පාලකයන් නිවැරදි ආකාරයට කටයුතු කරන විට ජනතාවද එම ආදර්ශය ගනු ඇත!

      Delete
  11. වැලි රාජු කියන අපහාසාත්මක නාමයෙන් හදුන්වන ජනපති බාල සොහොයුරා කුරා කුහුබුවකුටවත් හිරිහැරයක් නැතුව සක්මන් භාවනාවෙ යෙදී සිටියදී මහින්ද රාජපක්ශගෙ සින්හල ජාතිවාදී බලවෙගයට අයත් අධාරකරුවෙක් ඔලුවට පොරො පහරක් දී ඝාතනය කර ඇත. ඝතානයෙන් නොනැවතී සින්හල ජාතිවාදීන් ජනපති සොහොයුරාට අපහාසාත්මක මඩ ප්‍රහාරයක් ආරම්භ කර ඇත. - ගලෙ පැහෑරු පැරා.

    ReplyDelete
  12. සිරිසෙනගෙ චන්ඩි ව්යාපාරික සොහොයුරෙක් මල දවසෙ ඉදන් පැරා දවසට බ්ලොග් දෙක ගානෙ ලිය ලියා මෙ වහගන්න හදන්නෙ මොකක්ද ඇත්තට? තමන්ගෙ මොලෙ තරම නෙද?

    ReplyDelete
  13. පැරකුම් මාස්ටර්ගෙ ශබ්ද කෝසෙ මීයො කාල, අකුරු හැලිල හායි ගාල. මාස්ටර්ට යකා නැගල, ට්‍රාන්ස්ලේට් අවුල්වෙලා දැන්න්,

    ReplyDelete
  14. බහරේන් ටෝයියගේ යහපාලන විවිචනය!

    %%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
    රෙද්දෙ යහපාළනේ...



    නාටක අංක එක -

    "හොඳ වෙලාවට xxතො අපේ තාත්ත මේ ආන්ඩුවෙ අගමැති තියා ඇමති කමක්වත් නොගත්තෙ.."

    අනුරාධයගෙ කතාවට කට ඇරිච්චි පාර මගේ කටේ හිටිය දැල්ල සුරුස් ගාල බඩට රිංගුවෙ උගුරෙවත් නොගෑවි. ඌට පාර වැරදුනනං එහෙම ස්කයි බාර් එකේම මාත් අවසන් ගමන් යනව.

    "අර මොකෝ බං? "

    දැල්ලට ඉක්මනට යන්න මම විස්කි වීදුරුවම එකපාර උගුරට දාගත්ත.

    "ඇයි කියන්නෙ යකෝ..එකෙක් ජනාධිපතිගෙ මල්ලිට පොරොවෙන් කෙටුව එහෙන්. මෙහෙන් ඒක දෙක කරල ෆේස් බුක් එකේ සිරාගෙ ඇටේ මයිලුත් ගලෝනව බුලත්විට කාල පයින් ගිහින් බඩුගහන්න ගියාය කියල. අදහෙට ඉම්පීච්මන්ට් එහෙකුත් එන්න බැරිනෑ!"

    අනුරාධයගෙ ටෝන් එක වැඩිවෙලා, එහා ටේබල් එකේ උන් ඇස් පේන්නැති ගානට ඇරපු කටවල් වලින් මේ පැත්ත බලාගෙන.

    "යකෝ කොහොමද මම එහෙම මේ වගේ කාලෙක එම්.එස්.ඩී එකත් එක්ක ගිහින් බඩුවක් උස්සන් ආවනං ඉස්සර වගේ. අම්මට හැමිනිල තියෙයි නේද? තාත්තට අංස නෙමෙයි ෆුල් භාගෙ හැදිල මහය්යාවෙ තමයි නවත්තන්න වෙන්නෙ. බඩුවක් ගහන්න ෆ්‍රීඩම් එක නැති ෆකින් බුල්ෂිට් යහපාලනේ."


    ...............................................................................................................................................................

    නාටක අංක දෙක -

    අඩෝ පොන්නය, තෝ ලැජ්ජ නැතුව ආවනේ ආයි. අද උඹෙ වෙලාවට පැන්නට ආයි මේ පැත්තෙ ආවොත් දෙන්නෙ පොරෝ පාර ඔළුව පළු වෙන්න.... කාලකන්නිය..


    තාත්ති...කෑ ගහන්න එපා.. අර එහා ගෙදර අයත් රූෆ් ටොප් එකේ ඉඳන් වීඩියෝ කරනවද කොහෙද...


    ඉතින් කරගත්තදෙන්...හෙහ්... ඌ හිතන්නැති ඉස්සර සෙල්ලං ආයි දාන්න...

    අඩෝ...පොන්නය..මේක යහපාළනේ...දැනගනින්..දැන් තීන්නෙ අපේ ආන්ඩුව.. තොපිට දැන් මගෙ ගෙටම රිංගල, එස්.ටී.එෆ් එක වටේට පාන අල්ලන්න දාල මගේ ගෑණිට හැමිනිල ගිය කාලෙ ඉවරයි. දැන් ඉතින් මයෙ ගෑණිට බලෙන් කෙලින්න එන උන්ට බයේ මාද්දිය සාකච්ඡා දීල හැන්ගෙන්න ඕන්නෑ...හිටං..කෙලිනව පොරෝ පාර ආයි බොරැල්ලෙම නවතින්න.

    අඩෝ..හුලා...හූ....
    %%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

    පුක නැති සාන්තයෝ,

    අලෝසියෙසා උඹට රුපියල් සියයක්වත් දුන්නද මේවගේ අප්පුල්ල්න්න!
    නැත්නම් කුජිත 16යෙ බඩුවකට ෂොට් එකක් සෙට් කළාද?

    ReplyDelete
  15. පත්තර කාලෙ ගමට ඔයවගේ ප්‍රවෘත්ති ආවෙ කවිකොල වලින්ලු. ඒව පත්තරවලට වඩා ජනප්‍රිය වුනාලු. පස්සෙ රේඩියෝ අාවලු. ඒ වෙනකොට කවිකොල කැළෑ පත්තර කියමින් අයින් වෙලා ගියාලු. දැන් තියන මාධ්‍ය මේ මාධ්‍යවලට සමාන කරන්න පුළුවන්ද තමන්ට ඕන විදිහට ප්‍රවෘත්තියකින් නාට්‍ය හදල නිර්මාණය කරල ජනතාවට පෙන්වන එක තමයි ඉස්සර වගේම දැනුත් කෙරෙන්නෙ

    ReplyDelete
  16. සිංගප්පුර් චාලීMarch 29, 2015 at 10:34 PM

    මල් යහනාවකි ලෝකේ - නැහැවෙයි චන්ද්‍රාලෝකේ
    යන නොසිතු වෙලාවක වියැකී - ජීවය තණ අඟ පිනීබිදකී.
    - M S

    ReplyDelete
  17. බයියො ටොයියො ඔක්කොම මේක අහගන්න.
    අපි මහින්ද එළෙව්වෙ රජෙක් වෙන්න හදපු නිසා.
    මෛත්‍රිපාල දිනෙව්වෙ වෙන මහින්ද එළවන්න ක්‍රමයක් තිබුනෙ නැති නිසා.
    අපට යූ ඇන් පී ආණ්ඩුවක් ඕනෑම නෑ. ඒත් කරන්න දෙයක් නෑ, වෙන විකල්පයක් තිබුනෙ නෑ.
    ශ්‍රී ලංකා එකෙයි සන්ධානෙයි හිටපු එවුන්ගෙන් වැඩි හරියක් යූ ඇන් පී කාරයො, හොරු, පාහරයො, මිනී මරුවො.

    වැලි රාජා හොඳ එකෙක් නොවන විත්තිය කවුරුත් දැනගෙන හිටිය, විශේෂයෙන් පොළොන්නරුවෙ මිනිස්සු. එහෙම වුනා කියල මෛත්‍රිපාල දිනවන්නෙ නැතුව මහින්දවම තියාගෙන ඉන්න තිබුනා කියලද කියන්නෙ?
    (අපි කියල කිව්වෙ ලක්ෂ 61න් යූ ඇන් පී කාරයෝ නොවන කට්ටිය)

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් හෙනේයෝ යන්න! උඹට සම්මාන ලැබුනේ නැති නිසා බයිලා ගහන්න එපා! තොපි අර්ජුන මාමා බැනා කොටි ගණන් ගහනකොට කටයි පුකයි වාහන ඉදල දැන් එනවා

      Delete
  18. මේක මගෙ යාළුවෙක් කියපු කතාවක්. මිනිහ ඉන්නෙ කොළඹ. එයාගෙ ඥාති සහෝදරයෙක්ද කොහෙද හිටියලු මයියංගනේ පැත්තෙ. මේ ඥාතියා ටිකක් විතර වාහන පිස්සෙක්ලු.
    ඔන්න දවසක්දා ඥාතියා කොළඹ එන්න පිටත් වුනාලු විකුණන්ඩ තියන වාහනයක් බලන්න. වාහනේ බලල රෑට අපේ මෑන්ගෙ ගෙදර නවතින්න තමයි ප්ලෑන් කරල තියෙන්නෙ. වාහනේට ඇඩ්වාන්ස් දෙන්න එහෙමත් ලෑස්ති වෙලාලු ආවයි කියන්නෙ. ඔය එන අතරවාරෙ නුවරදි විකුණන්න තිබුන වාහනයක් සෙට් වෙලා ඒක බලන්න යන කතාවකුත් කියල තිබුනලු.
    කොහොමහරි අදාළ දවසෙ රෑ ඥාතියා කොළඹ අපේ යාළුවගෙ ගෙදරට ඇවිත් නෑ. ආරංචියකුත් නෑ, මේ සිද්දිය මොබයිල් ෆෝන් යුගයට කළින් වෙච්ච එකක්. දැන් කට්ටිය කලබල වෙලා නුවර පැත්තෙ නෑදෑයන්ගෙ යාළුවන්ගෙ ගෙවල් වලින් කෝල් කරල අහල බලල ඥාතියා ආ ගිය අතක් හොයා ගන්න බැරුව හෙන කළබැගෑනියක්. ඒකෙන් මේකෙන් අපේ යාළුව තීරණය කරල තියනව පහුවදා වැඩට ගිහින් දවල් වෙනකොට ආරංචියක් නොලැබුනොත් වරුවක් නිවාඩු දාල ඥාතිය හොයන්න යන්න.
    ඉතින් නිවාඩු දාන්ඩ බොසා ගාවට ගිහින් විස්තරේ කිව්වලු. බොසා කියල තියෙන්නෙ මොකක්ද දන්නවද?
    “අපොයි ඕකට කළබල වෙන්න එපා මිනිහට බඩුවක් සෙට් වෙන්න ඇති, ඒකයි රෑ ඔයාලගෙ ගෙදර නාවෙ“ කිව්වලු බොසා.

    ReplyDelete
    Replies
    1. එයි හේනේ, ඔයාටත් බඩුවක් සෙට්වුනනේද මේ පැත්තේ නාවේ? හැබැයි හොරට කොට්ටනන් යන්න එපා! පොරෝ පොජ්ජ ඔලුවහන්සේ චුම්බනය කරයි!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා