ජයග්‍රහාහකයින් පරාජිතයින්ට අත දීම: ශ්‍රි ලංකාව යුද්ධයෙන් පසු ඉගෙන නොගත් පාඩම.

මාතෘකාව උපුටා ගත්තෙ මගේ මුහුණුපොතේ මිතුරකු වන චතුර වැල්ලගේගෙන්.

මාතෘකාවත් එක්ක ගිය ඡායාරූපය තමයි මේ. 

තීරණාත්මක ලෝක කුසලාන තරගයක ඉරණම අන්තිම පන්දුවට පෙර පන්දුවට එල්ල කළ හයේ පහරකින් වෙනස් කළ නවසීලන්ත කණ්ඩායමේ ග්‍රාන්ට් එලියට් මේ නැගිට සිටින්නට අත දෙන්නේ අවසන් පූර්ව තරගයෙන් ලද පරාජයෙන් දුකට පත්ව බිම ඇද වැටුණු දකුණු අප්‍රිකානුවකුටයි. 

ග්‍රාන්ට් දකුණු අප්‍රිකාවේ ඉපිද, හැදී වැඩී, පසුව නවසීලන්තයට සංක්‍රමණය වී එහි ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලැබූවෙක්.

ලෝකය කෙතරම් සොඳුරු ද? මිනිසුන්ට කෙතරම් පුංචි දෙයකින් මිනිස්කම උත්කර්ෂයට නැගිය හැකි ද? 

අපි ක්‍රීඩා කළ යුතුයි. අපේ රටේ ජනතාවත් රූපවාහිනී තිරවල අලවාගෙන සිටින ඇස් ඉවතට අරගෙන හරියට ක්‍රීඩා කරනවා නම් අපටත් මීට වඩා උසස් මිනිසුන් වෙන්න අවස්ථාව තිබෙනවා. මං කියන්නේ යුද්දෙදි වුණත් එහෙමම තමයි. 

චතුර කියන කතාව ඇත්ත බවට පත් කරන්න ජයග්‍රාහී සිංහලයිනි, ඔබ තවමත් පමා නැහැ නේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජයග්‍රහනය සංඛ්‍යාලේඛන වලට ඒකතුවන මුත් මෙවැනි ක්‍රියා වසර ගනණකට පසුවත් මිනිසුන් විසින් සිහිපත් කරනවා ඇත. අපේ සමහරු තාම ඉන්නෙ 2009 මැයි 18.

    ReplyDelete
    Replies
    1. කෙන්ට් ෆාම් ඩොලර් ෆාම් ශ්‍රී මහා බෝධිය අරන්තලාව මරදාන පිටකොටුව දෙහිවල කෝච්චිය අපි අමතක කරනවා. අපි ඉන්නේ 2015 ජනවාරි 9.

      Delete
    2. AnonymousMarch 25, 2015 at 7:16 AM

      රිදුනද බබෝ?

      Delete
    3. අපිට දැන් රිදෙන්නේ නෑ. ඇමතිකමක් එහෙම අරගෙන ආතල් එකේ ඉන්නවා. යුද්දෙට ගිය ගොංහරක් මැරුණට අපි මේ හොඳට ඉන්නේ. මාලක මල්ලිගේ කතාව බැලුවේ නැද්ද ඊයේ?

      Delete
    4. වෘෂභ රාජMarch 25, 2015 at 11:48 AM

      දෙරණ ගාලට සිරස හරක් පැනලා මේකද ගවපාලනය කියන්නේ ?

      Delete
  2. අම්මෝ මෙහෙව් එකෙක් තරු ගොඩක් එල්ල ගත්ත රටක අපි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. චතුර වැල්ලගේ කියන්නෙ ප්‍රබාත් ජයසුරියගෙ මස්සිනා නේද?

      Delete
  3. ඇයි bat ekken ekak deela smathala nokare ?

    ReplyDelete
  4. /චතුර කියන කතාව ඇත්ත බවට පත් කරන්න ජයග්‍රාහී සිංහලයිනි, ඔබ තවමත් පමා නැහැ නේ ද?/

    නැහැ. ඒකනේ අපි අල්ලගෙන හිටපු ඉඩම් ටික දීල දාන්නේ. විග්නේශ්වරන් මහත්තයා ඉල්ලන දේවල් ටිකත් දීල දාලා අපි උසස් මිනිස්සු විදිහට ඉතිහාසගත වෙනවා. රනිල් මෛත්‍රී චන්ද්‍රිකා තුන්දෙනාම නොබෙල් සාම තෑග්ග ගන්නවා. ඇයි අවුල්ද?

    අනුන්ගේ ඉඩම් අස්සේ රිංගන්න ගිහිං මැරුම් කාපු ලලිත් ජයසිංහ වගේ එවුන්ගේ පෙන්ෂන් එකත් නවත්තන්න ඕන. පව් ඒ මෝඩයකා ඉපදෙන්න හිටිය ළමයාගේ මූණ බලන්නෙත් නැතුවම මැරිලා ගියා. පරම වීර විභූෂණ කියල දීපු කොලේ දැන් රෝල් කරලා කොහෙ හරි ගහගන්න තමයි පොඩි එකාටයි ගෑනිටයි වෙන්නේ. හොඳවැඩේ උඩ හිටපු සොඳුරු මිනිස්සුන්ට කරදර කරන්න ගියාට.

    දෙමල මිනිස්සු ගැන කණගාටුවෙන පැරාලට සොඳුරු ලෝකයේ උසස් මිනිස්සු විදියට මිනිස්කම උත්කර්ෂයට නගන්න ඕන කියල 89දී හිතුනනම් තව සිංහල මිනිස්සු කීදෙනෙක් ජීවත්වෙලා ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. දැන් උඹල බලෙන් අල්ලගෙන හිටපු ඉඩම් කැමැත්තෙන් දෙනවද?

      Delete
    2. කැමැත්තෙන් දෙනවදත් අහනවා. ඇයි දැක්කේ නැද්ද රට කරවන තුන්දෙනාම ගිහිං හිටියා උත්සවේට. නැතිවූ ජීවිත ඇරෙන්න අනිත් හැමදේම දෙනවා. 18 පැනල හිටිය උන්ට ඒ දවස්වල ඉඳල බඩු ගහන්න බැරිවෙච්ච ඇරියස් එක කවර් කරගන්න රබර් බෝනික්කොත් දෙනවා.

      Delete
    3. අනුන්ගෙ ඉඩම් බලෙන් අල්ල ගත්ත එක වැරදි නැද්ද දැන්?

      Delete
  5. අනේ පැරෝ ඉස්සෙල්ල පරාජිතයා පරාජය පිලිගස්න්න ඕනේ! අපේ මහින්ද මාමා වගේ !

    ReplyDelete
    Replies
    1. පැරාටත් පුළුවන් ගෙදර ගිහින් ජනේලෙ එල්ලිලා ජාතිය අමතන්න.

      Delete
  6. දෙමල මිනිස්සුන්ට අතදෙන අමාත්‍යාංශයක් හදල ඇමති රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති කියල තව තුන්දෙනෙකුට දෙමුද?ටොයියෝ මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තව මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි

      http://www.lankadeepa.lk/index.php/articles/304949

      Delete
  7. පැරා,
    ඇස් ගිනි කන දනවන චායාරූපයක්, මම ඊයෙ ඕක දැක්කම විනාඩි ගානක් එක දිගට ඒක දිහා බලාගෙන හිටිය. ක්‍රීඩාවේදී සිදු වන පරාජය සහ ජනවාර්ගික ගැටුමකදි සිදු වූ පරාජය අපි එක ලෙස සලකන්නෙ කොහොමද පැරා?
    අපි කොහොමද ඒ දෙක සංසන්දනය කරන්නෙ?
    ක්‍රීඩාශීලී කම පරාජය පිළිගැනීමයි, නමුත් යුද්ධය සෙල්ලමක් නෙවෙයි මිනිස් ජීවිත අහිම වන අවස්ථාවක්. මතවාදයක් වෙනුවෙන් සටන් වැදීමක් යුද්ධයක් දකවා දිග් ගැස්සී එයින් පරාජයට පත් වීම එම මතවාදය පරාජයට පත් වීමක් ලෙස පරාජයට පත් වූ පිළ පිළිගනීද? පරාජයට පත් කල පිළ පිළිගනීද?
    යුද්ධයෙන් පරාජයට පත් වූ පිළ වෙනුවෙන් යුද්ධයෙන් පසුව සිදු විය යුතු දේ පිළිබදව ලෝක සම්මතයන් අප පිළිගත යුතුද?

    ReplyDelete
    Replies
    1. ඔයා මොනවද දන්නේ? පැරා එක ලෙස සලකන්න කියල කියනවනම් ඒක පිළිගන්න. පැරා හැමදේම දන්නවා. බොරු කියල හිතෙනවනම් රාජ්ගෙන් අහල බලන්න.

      Delete
  8. ඇයි අපි මහින්දගේ පැත්තේ අයට ඇමතිකම් දුන්නේ

    ReplyDelete
    Replies
    1. හයියෝ ජගා ඔයාට හැමතිස්සෙම පැටලෙනවානේ.

      මහින්දගේ පැත්තේ අයට ඇමතිකම් දුන්නේ සහයෝගය ලබාගන්න..

      දෙමල ජනතාවට ඉඩම් ආපහු දෙන්නේ සංහිඳියාව ඇතිකරන්න.

      ඇලෝසියස්ට භාණ්ඩාගාර බිල්පත් දුන්නේ හම්බකරන්න අවස්ථාව ලබාදෙන්න.

      සජින්ව ලන්සාව දුමින්දව අල්ලන්නේ නැත්තේ මිනිස්කම උත්කර්ෂයට නගන්න.

      මහින්දව හිරේ දාන්න කියන්නේ අනිත් අයට පාඩමක් ඉගෙනගන්න.

      යහපාලනය විවිධාකාරයි. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් කියල පැරා කිව්වේ. මතක නැද්ද>

      Delete
    2. @AnonymousMarch 25, 2015 at 10:11 AM
      ඇයි ඇනෝ .. ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු. දැන් ඉතින් යහපාලනය ස්ථාපිත කරන්න අරගල කරමු. කියල කියපු එක අමතක කරන්න පුලුවන්ද ?

      එදායින් පස්සේ නේ මාත් තරු පහේ සුපිරි යහපාලන පිම්පියෙක් බවට පත් වුනේ.

      Delete
    3. @jagath pathiranaMarch 25, 2015 at 9:36 AM
      //ඇයි අපි මහින්දගේ පැත්තේ අයට ඇමතිකම් දුන්නේ//

      ගොනෝ මහින්දගේ පැත්තක් කොහෙද තියෙන්නේ. ඒ ඇමතිකම් ගත්තේ මයිත්‍රී ගේ පැත්තේ අය නේ. ඒකෙ මොන වැරැද්දක් ද ?

      Delete
    4. දෙමළ මිනිස්සුන්ට ඉඩම් ආපහු දෙන්නෙ ඒවා ඒ මිනිස්සුන්ගෙ ඉඩම් නිසා. ආමි එක බලෙන් අල්ල ගත්තා කියලා හැමදාම ඒ චන්ඩිකම් බෑ.

      Delete
  9. මෙහේ සාමාන්‍ය සිද්ධියක් ඕක. සාමාන්‍යයෙන් කියන්නේ ක්‍රීඩාවෙන් වෙන්න ඕනෑ සමගිය ඇතිවීම කියලනේ.

    තරග දිනපු අය මුලින්ම කරන්නේ ප්‍රතිවාදියා දක්‍ෂයෙක් යැයි කීම. අර්ජුන 1996 දී එහෙම නොකියපු එක හොඳට කැපී පෙනුණා!

    පැරදුණු එකා මුලින්ම කරන්නේ ප්‍රතිවාදියාට සුභ පැතීම.

    එදා සිඩ්නිවල තිබුණු ලංකා-දකුණු අප්‍ර්‍රිකා අතර ක්වාටර් ෆයිනල් එක දවසේ පැරදුණු පිලේ සපෝටර්ස්ලා යි, දිනපු පිලේ සපෝටර්ස් ලා යි දෙගොල්ලෝම පපරේ බෑන්ඩ් එකේ මියුසික්වලට නටමින් සැහෙන වෙලා දිනුම-පැරදුම බෙදා ගදා ගත්තා!

    ReplyDelete
    Replies
    1. ආ ඇත්තද ? මුරලිට එල්ල කරපු පන්දුව ගසා දැමීමේ චෝදනා කැපී පෙනුනේ නැද්ද. වෙලාවකට අර ඇනොල තැන තැන කියන කතා කැඩිච්ච කතා ඇත්තද කියලත් හිතෙනවා අයිසේ !

      Delete
    2. අයියෝ මසොපි මෙතන අර්ජුනව පහත් කරන එකනේ වැදගත් දේ. ඔයා ඔය නොවැදගත් දේවල් කියල රසිකලොජිස්ට්ගේ අරමුණ අල කරන්න හදන්න එපා.

      Delete
  10. වියලි කලාපයේ කමෙන්ටුවෙක්.March 25, 2015 at 11:27 AM

    ᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥ
    ᴥ ᴥ
    ᴥ නෙළුම්යායට සුභ පැතුම් ! ᴥ
    ᴥ ᴥ
    ᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥᴥ

    ReplyDelete
  11. හිට් වැඩි වේවා!

    පැරාට දිනමිණ ලැබේවා!

    ReplyDelete
  12. ශ්‍රීලංකා උන්ට ඇමති කම් දීම ජස්ටිෆයි කර තව දුරටත් එජාපයට කඩේ යාමට පොටක් පාදා ගැනීමට සුදුසු අයිඩියා එකක් එනතුරු සිල්ලර කතන්දර පමණක් සාකච්චාවට ගැනෙන බව කරුණාවෙන් සලකන්න. එතකන් දේශපාලන ප්‍රවෘත්ති නොදැක්කා වගේ සිටින බව ද සලකන්න. අපිට කියලත් ගූ කන්න පුළුවන් වොලියුම් එකක් තීනවා නේ.

    - පැරා

    ReplyDelete
    Replies
    1. පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයාට කරන ලද අපහාසය තරයේ හෙලා දකිමින් බලවත් කනස්සල්ල පලකරනවා. ඒ වගේම උඹවැනි නොදරුවන්ට අපි අනුකම්පා කරන බවත් මතක් කල යුතුයි.

      පැරාගේ නම ඇහුවත් රනිල් මෛත්‍රී චන්ද්‍රිකා ට්‍රිබලගේම ඇඟේ හිරිගඩු පිපෙනවා. මයිල් කෙලින් වෙනවා. එහෙව් එකේ පැරා අකමැතියි කිව්වොත් ශ්‍රීලංකා කාරයන්ගේ ඇමතිකම් විනාඩි පහෙන් ඉවත් කර ගන්නේ නැතුව ඉන්නවද? පැරා ගියාම රනිලුයි මෛත්‍රීයි පොරකනවා ඇල්ටෝ එකේ දොර අරින්න. චන්ද්‍රිකා අතට අත දෙන්නේ කකුලෙත් මේස් ගලවලා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා