විමල් වීරවංශ එජනිස රැස්වීම මගහැරියේ ඇයි?

විමල් වීරවංශ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීම මගහැරියේ ය. 

ඒ ඇයි? 

ඔහුට තිබෙන ප්‍රශ්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මුහුණ දෙස ‍බලන්නට ගට නැතිකම ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති පදවියට පත් විය. 

විමල් වීරවංශට මීට පෙර මේ ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ද තිබිණි. යෝජනා 12ක් ඔස්සේ මහින්දගේ ආණ්ඩුවට කොන්දේසි දමමින්බැන අඬ ගසමින් සිටි කාලයේ විමල් වීරවංශ මහින්දගෙන් ද කට්ටි පනිමින් සිටියේ ය. 

එහෙත්, මහින්දට ගැලරි ප්‍රජාවට ඇමතීම සඳහා ඔහුගේ කට අවශ්‍ය වූ හෙයින් විමල්ට නැවතත් මහින්දගේ අගුපිලේ ඉඩක් ලැබිණි. 

මෛත්‍රීපාල සිරිසේනගේ රජයකට නම් විමල්ගේ කතා අවශ්‍ය වන්නේ නැත. විමල්ට තව දුරටත් මාකට් එක තිබෙන්නේ මහින්ද ළඟ ම ය.  

දුබල පෞරුෂයන් ඇති මිනිස්සු මොබ් ඉදිරියේ මහා වීරයන් වනවාට විමල් කදිම උදාහරණයකි. විමල්ට සරත් ෆොන්සේකාගේ හා මෛත්‍රීපාල සිරිසේනගේ මුහුණ බලන්නට බැරි මේ වීරකම නිසා ය. 

මේ මොබ් වීරයන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්නට මේ නම් හොඳම කාලයකි. තවත් මොබ් වීරයෝ සිටිති. මහින්ද රාජපක්ෂ, මර්වින් සිල්වා, අර බොදු බලේ නායක (දැන් නමත් එක පාරට එන්නේ නැහැ) ගලගොඩඅත්තේ ඥානසාර, එතකොට අර රාවණා බලය එක්ක නැටූ හාමුදුරුවෝ වැනි මොබ් වීරයන් දැන් හැසිරෙන හැටි හැදෑරීම වටිනා ක්‍රියාවකි. මොබ් වීරයන් වැඩි දෙනෙක් හිස් පඹයෝ ය. ඔවුන්ට මොබ් නිර්මානය කර ගන්නට තිබෙන අවස්ථා නැති කළ යුතු ය. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ‍ම මොබ් ආණ්ඩුවකි. එහි තිබුණේ අයුතු ජනරාශියක හැසිරීමයි. 

ඉන්දීය අගමැති මෝදි ද කලෙක මොබ් වීරයෙකි. දැන් තැන්පත් නායකයෙකි. අතුරලියේ රතන හිමි ද මොබ් මානසිකත්වයෙන් මිදුණු පුද්ගලයෙකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් ටොයි වීරයෝ නේද පැරා.

    ReplyDelete
  2. ජෙවීපීය ලංකාවේ මිනිසුන්ගේ ඔලුවලට අවුරුදු ගනනක් තිස්සේ බස්සපු මුග්ධ බටහිර හා ඉන්දියානු විරෝදයත්, ධනපති වෛරයත් (ධනපතිම වියයුතු නෑ, කොලඹ ජීවත්වෙන, ටිකක් උගත් කමක් තියෙන ඉන්ග්‍රීසි කථාකරන පන්තියම මීට අයත් ) හොදට කලමනාකරනය කරගත්තු කෙනෙක් තමා විමල් වීරවන්ස..

    ලංකාවේ නූගත්, දුප්පත් හා පහල මැද පාන්තික, අඩුකුල, ලුම්පන් මිනිසුන් බහුතරයකගේ ඉහල සමාජ පන්ති වෙත තිබෙන වෛරයේ හා ඊර්ශියාවේ හරස්කඩ තමා වීරවන්ස...

    මොහු ඉහතකී සමාජයේ වීරයා වෙන්නේ ඒ නිසා..

    ReplyDelete
  3. දුමින්ද සිල්වා මොන වීරයෙක්ද එතකොට? හිරුනිකා හින්දවත් ඇතුලට දාන්නේ නැතුව ඉන්නේ? ටොයියෝ පව්ද මන්දා. අර නේවි එකෙන් ඇබ්සන්ට් හිටපු යෝෂිත? ටොයියෙක්ගේ යාළුවෙකුටත් ඇබ්සන්ට් පාරක් දාල බලන්න කියපල්ලකෝ.

    ReplyDelete
  4. එන එන ආන්ඩුවත් එක්ක රෙදි ගලවගෙන සෙට් වෙන එවුන් මොබ් මානසිකත්වයෙන් මිදුණු එවුන්.අනේ ගොනෙක් උනාට ගොන් කම හැමතිස්සෙම පෙන්වන්න එපා.උඹත් දැන් අර ෆේස්බුක් දේශපාලන පියරු බබෙක් වගේ..වයසට යද්දී එන්න එන්න බබා වෙනව වගේ..
    උඹට ජ වි පෙ ඉන්නකොටවත් දේශපාලන පසමිතුරුභාවය කියන්නේ මොකක්ද කියල උගන්වලා නැද්ද බං?

    ReplyDelete
  5. හෙට අනිද්දාට රතනයා ආපහු ජාතිවාදි සිවුර කරට අරන් දඟලද්දි කියන්න මොකක් හරි හොයාගනින් දැන්ම...අනේ හුකේ අපි නොදන්න රතන චම්පික..

    ReplyDelete
  6. ඈයි ඔයාට විමල්ගෙ මාද්ය ප්‍රකාශක මුසම්මිලා අමතක උනාද? එයත් පහුගිය කාලෙ ලොකු,ලොකු පොර ටෝක් දුන්නනෙ.

    ReplyDelete
  7. --- 2015 අප්‍රේල් 23 පසු ලංකාව-----

    වීරවංශ ඇමෙරිකාවට (පො.පෙන් නාම යෝජනා නොලැබේ/මහමැතිවරන පරාජය)
    මහින්දගෙ දේශපාලනෙත් අහවරයි.
    වාසු සහ දිනේශ් කටුගෙට.
    ගංමංපිල ඕස්ට්‍රේලියාවට.
    ඥානසාරට අබසරන.
    මහින්ද පස්සෙන් යන අයට සදා සොත්තිය.

    ReplyDelete
    Replies
    1. --- 2015 අප්‍රේල් 23 පසු ලංකාව-----

      රනිල් යාවජිව විපක්ෂ නායක
      රාජිත සිරගෙදර
      රතන / චම්පික මියෙන්මර්
      සිරිසේන / විග්නේශ්වරන් ඉන්දියාව
      අර්ජුන මාමා සහ බැණා සිංගප්පුරුව

      යහපලන් ටෝයියන්ට මෝඩි පිහිටයි ඔබාමා රැකවරනයි !

      Delete
    2. සංකිලි පනික්කියාගේ විමලසේන නමැත්තාගේ දේශපාලන මරණය සිදුවන දිනය: 2015 අප්‍රේල් 23.

      මරණින් පසුව ඒ උපාසකයාට ෂී ජිංපිං පිහිට සහ කිම් ජොං උන් රැකවරණ ප්‍රාර්ථනා කරන්න පින්වත්නී!

      Delete
    3. දවස වැරදිලා --- 2015 අප්‍රේල් 23 පසු ලංකාව----- නොව යෝජිත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන දින ලෙස නිවැරදි විය යුතුය. මේකට අනුව මහින්ද ආයේ විධායකයා කරලා පරණ ගේම එලෙසටම කරගෙන යන්න දඟලන ගොලබාලයෝ රොත්තට සදා සොත්තී තමා. හෙට ඉදලා බලන්න පුළුවං රට පනින පොලිම.

      Delete
  8. පහත උපුටා දක්වන ලද කොටස පළැල තිබුණෙ මූණු පොතේ.

    මේකෙ තියෙන බොහොමයක් කරුණු වලට පැරා එකඟ වෙන එකක් නැහැ (ඇත්තටම නම් පැරා එකඟ වෙනවද නැද්ද කියන එකේ ලොකු වැදගත්කමකුත් නැහැ). නමුත් විමල්ගෙ පෞරුෂයේ පැරා දු‍ටු වර්ගයේ දුර්වල කමක් නැහැ කියන්න නම් මේ ටික ප්‍රමාණවත්. තමුන්ගෙ දේශපාලන ඇරියස් පියව ගන්න අනිත් මිනිස්සුන්ගෙ පෞරුෂ විග්‍රහ කරන්න යෑමෙන් වෙන්න පැරාගෙ පෞරුෂය නිරුවත් වීම විතරයි. ඉඳල හිටල හරි මාත් පැරාගෙ බ්ලොග් එක කියවන නිසයි ලියනෙ. මෙහෙම මෝඩ ජෝක් නොදා හරවත් දේවල් ලියන්න.

    උපුටා ගැනීම:

    පටිසෝතගාමී වීම සහ ගල්ලෙන බිඳීම

    * අනුර දිසානායක කියල කෙනෙක් අහලවත් නැති 90 අග කාලෙ ජවිපෙ කිව්වම මුලින්ම මතක් වෙන්නෙ විමල් වීරවංශ. රූපවාහිනී සංවාදවලදි 88/89 ඝාතන සම්බන්ධ ප්‍රශ්නවලට සෘජුව මූණ දෙමින් ඔහු පක්ෂය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. සමහර වෙලාවට පුද්ගල ප්‍රතිරූපය පවා හානි කර ගනිමින්.

    * 2000-2001 කාලයේ ජ.වි.පෙ ජනප්‍රියම චරිතය වෙලත්, චන්ද්‍රිකා එක්ක ගහපු පරිවාසෙදි ඇමතිකමක් කැමත්තෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

    * 2001-2003 රනිල් පාලනයෙන් රටේ ඒකීය භාවය අහෝසි වෙන තැනට වැඩ වෙනකොට, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, මානෙල් මල් ව්‍යාපාරය හරහා ඊට විරුද්ධ වෙනවා.

    * 2003-2004 වෙනකොට මාක්ස්වාදී පක්ෂයක සිට ජාතිකවාදී පක්ෂයක් බවට ජ.වි.පෙ පත් කරන්න අඩිතාලම දානවා. මේ කාලය වෙනකොට සිරස විමල්ව පට්ට පතුරු ගහනාවා. විමල්ගෙ නිවුස් එකකින් තමයි නිවුස් පටන් ගන්නෙ. කටුස්ස කාටුන්, බෝඩ් මතකයට එනවා.

    * 2005දි මහින්දට ජාතිකවාදයට නායකත්වය දීමට පාර කපනවා සහ පත් කරන්න පූර්ණ සහය දෙනවා. 2005 මහින්ද ජයග්‍රහණයේ පුරෝගාමියෙක් විමල්. මහින්ද දිනුවෙ ඡන්ද 1,80,000න්. දෙවෙනි මනාපයට නොගිහින් බේරුණේ 0.30% කින්. 2005 මහින්ද නාවනන් රටේ ඒකීය භාවය ගැන අපිට කතා කරන්න වෙන්නෙ සීගිරියෙ රනිල් හදන්න ගිය හෝටලේ ඉඳගෙන.

    * 2008 යුද්ධයේ උච්චතම අවස්ථාවේ ජ.වි.පෙ කම්කරු උද්ඝෝෂණ කරල අයවැය පරද්දල ආණ්ඩුව වට්ටන්න යන එකට විරුද්ධව ක්‍රියා කරල පක්ෂෙන් ඉවත් වෙනවා. පක්ෂය ඔත්තු සේවා වල සහ විදේශ රටවල න්‍යාය පත්‍රවලට යටත් කරමින් තියෙනව කියල අනතුරු අඟවනවා. අන්තවාදී මුස්ලිම් සංවිධානයක තියෙන ගෝත්‍රවාදී ලක්ෂණ අඩුවැඩි වශයෙන් ජ.වි.පෙ තිබුණ/තියෙනවා. ඒක නියම ගල් ලෙන බිඳීමක්.

    * 2010 නැවතත් විජාතික බලවේග මහින්ද පැරදවීම සහ ඒ හරහා ඒකීය රට අනතුරට පත් වීම වැලැක්වීමට ගන්න උත්සහය පරද්දන්න උපරිම ශක්තිය යොදල වැඩ කරනවා.

    * 2013 බටහිර සල්ලි හරහා බො.බ.සෙ සහ වෙනත් මුස්ලිම් අන්තවාදය ඔස්සේ ක්‍රියාත්මක උනු බටහිර උගුල නිවැරදිව හඳුනා ගන්නවා.

    * 2014 තරම් මෑත කාලයේ මහින්දගෙ පාලනය ජිනීවා සහ රටේ ආර්ථිකය හසුරවපු ආකාරය ගැන සෘජු විවේචන කරල ඒකීය රටට වෙන්න යන හානිය නැති කරන්න උපරිම වෙහෙස යොදලා හුදකලා සටනක් කරනවා.

    * 2015 සියල්ල අමතක කරල ඒකීය රට තෝරගෙන නැවතත් පුද්ගල ප්‍රතිරූප පැත්තකින් තියල මහින්ද දිනවන්න උපරිම උත්සහය ගන්නවා.

    * මැතිවරණයට පස්සෙත් ඒකීය රටට වෙන්න යන අනතුර වලක්වා ගැනීමට "මහින්ද" ප්‍රවාහය සක්‍රීය කරන්නත් හැකි නම් දිනවන්නත් උපරිම වෙර යොදනවා.

    * ඔය මුළු කාලයම ඇතුලත උ.බු.ජ සහ සිරස විමල්ට එරෙහිව ගාන ජෙල් එක, නෝනගෙ වයස, හදන ගෙදර, කුලය, අධ්‍යාපන සුදුසුකම්, මොබයිල් ෆෝන් එක වගේ වැදගත් බරසාර නූතන මාතෘකා ඔස්සේ නොසෑහෙන්න පහර දෙනවා.

    ඔය ඔක්කොම කරල ක්‍රියාවෙන් පටිසෝතගාමී වෙලා ගල් ලෙන් කීපයක් බින්දත් විමල්ට "පටිසෝතගාමීව ‍x වසක්" කියල පොතක් ලියන්න බැරි වෙනවා....

    ReplyDelete
    Replies
    1. සංකිලි පනික්කියාගේ විමලසේන නමැත්තාගේ දේශපාලන මරණය සිදුවන දිනය: 2015 අප්‍රේල් 23.

      මරණින් පසුව ඒ උපාසකයාට ෂී ජිංපිං පිහිට සහ කිම් ජොං උන් රැකවරණ ප්‍රාර්ථනා කරන්න පින්වත්නී!

      Delete
    2. /////2008 යුද්ධයේ උච්චතම අවස්ථාවේ ජ.වි.පෙ කම්කරු උද්ඝෝෂණ කරල අයවැය පරද්දල ආණ්ඩුව වට්ටන්න යන එකට විරුද්ධව ක්‍රියා කරල පක්ෂෙන් ඉවත් වෙනවා./////

      අනේ බොල, තෝ හිතුවද අපි මැරිලා ඉපදුනා කියලා? විමලයා ජේ.වී.පී. රහස් මහින්දගේ කණේ තිබ්බ නිසායි ඌට පක්ෂෙන් යන්න වුණේ.

      Delete
    3. ඕක ලිව්වා එක විමල්ගේ පුක හෝදලා නැති වෙන්න බෑ. එතකොට විමල්ගේ ගෙදර ලයිට් බිල 140,000 වුනේ අදිරජ්‍යවදී කුමන්ත්‍රණ රෑට ඒවි කියලා එළිවෙනකන් ලයිට් ගෙන ඉදලද ? උගේ පක්ෂේ පටන්ගත්ත දවස් වලම අර තට්ට පියසිරි පෙට්‍රල් බිල් හොරෙන් දාල අහුවුණා මතකද ? මොන බට හිර කුමන්ත්‍රණ කිවත් රාවණ බලය කියල එකක් අටෝගෙන කුමන්ත්‍රණ කොලේ ඔය මුසල බල්ලා නෙවෙයි ද ? ලෙමන් පෆ් උපවසේදී පොලිස් කාරයාගේ තොප්පි ගලවෙව්වේ ඔය ජරා බල්ලා නවෙයි ද

      Delete
    4. //අනේ බොල, තෝ හිතුවද අපි මැරිලා ඉපදුනා කියලා? විමලයා ජේ.වී.පී. රහස් මහින්දගේ කණේ තිබ්බ නිසායි ඌට පක්ෂෙන් යන්න වුණේ.

      එහෙම කියලා තමයි අනුර කිව්වෙ. හැබැයි විමල් යද්දී කිව්වා කුමාර කෙනෙක් කවදා හරි සොමවන්ශව නායකකමෙන් අයින් කරලා පක්ශෙ නායකයා වෙන්න හදනවා කියලා. ඒක ඇත්ත උනා, එතකොට අපි විශ්වාස කරන්න ඔනෙ ආනාගතය පුරොකතනය කරපු විමල්ද? හැම එකාටම චොදනා 10ය ගානෙ කරන අනුරගෙ චොදනාවද?

      Delete
    5. මේ විමලයව මරණ කන්න බලන් ඉන්න UNP JVP බල්ලන්ටයි, ඌ නැත්නම් 2008දි මංගලයි අනුරයි රනිලු රවියි අනුර කුමාරයි එක්ක එකතුවෙලා කරපු දින කුමන්ත්‍රණයෙන් ආණ්ඩුව පෙරලිලා තවම යුද්දේ යනවා! එකත් එක අතකට හොදයි උම්බලවගේ එවුන් බස් බෝම්බෙකට හරි අහුවෙලා මැරෙයිනේ!

      Delete
    6. අනෙද කියන්නෙ මුන්ට කොටින්ට පවා කඩෙ ගිය දෙශද්‍රොහී එවුන් හොදයි විමල්ට වඩා. විමල්ගෙ කට පොඩ්ඩක් හැකරයි කියලා රටට ඇවැඩක් වෙලා තියෙනවද? යුද්දෙ දිනුවට පස්සෙ යුද්දෙට පීතෘ වරු හිටියට සාම ගිවිසුම කාලෙ පාරක් පාරක් ගානෙ ඇවිද්දෙ විමල් නෙද? විමල්ලා මූලික වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුවෙ නැත්නම් යුද්දෙ ඉවර කරන්න පුලුවන් ආණ්ඩුවක් පත් වෙන්නෙ නෑ නෙද?

      Delete
    7. UNP කාරයො සංකිලි පනික්කියාගේ විමලසේන කියල විමල්ව පහත් කරන එක දරා ගන්න පුළුවං, ඒ මේ ජෙප්පො ඕව ඇදගෙන විමල්ව බයිට් කරන එක තමයි කාල ඉන්න බැරි. පටබැඳිගේ දොං නන්දසිරි විජේවීර සහෝදරය 89දි මැරුම් කෑවෙ නැත්තම් මේ වෙන කොට සියදිවි නසාගෙන.

      Delete
    8. මෙතන විමල්ට එරෙහිව ලියල තියෙන බොහොමයක් කතාවල හරි වැ‍රැද්ද කෙසේ වෙතත් විමල්ගෙ පෞරුෂය සම්බන්ධව තියෙන පැරාගෙ කියවිම පදනම් විරහිත බවට කෙරී තියෙන පැහැදිළි කිරීම ඒ එකකින්වත් නිශේධනය වෙන්නෙ නැහැ.

      විමල්ගෙ වැඩ වලට පැරා එකඟ නොවෙන්න පුළුවං, නමුත් මනුස්සයට තියෙන්නෙ දුබල පෞරුෂයක් කියල කෙරෙන චෝදනාව අනිවාර්යයෙන්ම පදනම් විරහිතයි.

      Delete
    9. //UNP කාරයො සංකිලි පනික්කියාගේ විමලසේන කියල විමල්ව පහත් කරන එක දරා ගන්න පුළුවං, ඒ මේ ජෙප්පො ඕව ඇදගෙන විමල්ව බයිට් කරන එක තමයි කාල ඉන්න බැරි. පටබැඳිගේ දොං නන්දසිරි විජේවීර සහෝදරය 89දි මැරුම් කෑවෙ නැත්තම් මේ වෙන කොට සියදිවි නසාගෙන.

      අද ජෙවීපී කියලා ඉන්නෙ නාගරික යූන්පී අම්ම තාත්තගෙ කොල්ලො කෙල්ලො. රනිල්ට චන්දෙ දෙන්න ලැජ්ජාවට සහ "අනුර අයියා" රාජපක්ශලාව කීතු කීතු කිරීමෙ සන්තොශය නිසා ෆෙස්බුක් එකෙ ලයික් එකක් දාගෙන ඉන්න ජවිපෙ කෙඩරයක් දැන් ඉන්නෙ. උන් දන්නවයැ විජෙවීරගෙ කුල ප්‍රශ්නය.

      Delete
  9. ඕනම හොඳ මිනිහෙක් අන්තිමට නරක්වෙන්න පුලුවන් කියන එකට හොඳ උදාහරනයක්

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිහ නරක්වෙනේනේ අන්තිමට නෙවෙයි, ඊට ගොඩක් ඉස්සර, අන්තිමේදී වෙලා තියෙන්නේ ඒබව අපි පරක්කුවෙලා දැනගැනීමයි. සමහරු කවදාවත්ම හොඳ අයවුනේ නෑ, කවුරු හරි එයා හොඳ කෙනෙක් කියලා කිව්ව නිසා, අපි සොයා නොබලා විස්වාස කලා. මේ මං කියන්නේ ඔබ ව්‍යංගාර්තයෙන් කියන මහින්ද ගැන, ඌ හැමදාම හැම දෙයකටම වසලයෙක්. ඌ අහිංසක ගෑනුන්ට කුණුහරුපයෙන් බැනලා සරම උස්සලා පෙන්නන එකෙක් බව මම සහසුද්දෙන් දැනගෙන දැනට අවුරුදු 15, ඒ බව ප්‍රොපයිල් එකෙන් ලියන්න මම අදටත් බයයි.

      Delete
  10. අනේ පැරෝ, හැමෝටම කලින්දා රැ ආප්ප කාල පහුවදා ගිහින් විපක්ෂයේ වාඩිවෙන්න වගේ පාවාදීම් කරන්න බැහැනේ

    ReplyDelete
    Replies
    1. පවාදිම් කියන්නේ ගැන්සි භාෂාවේ වචනයක්, ගැන්සිය කරන දේවල් තවදුරටත් කරන්න සූදානම් නැති නම් ඒකට කියන්නේ පාවාදීම කියලා. ප්‍රජාතත්ත්‍රවාදී සමාජයක හිතට එකඟ නැති දෙවල් වලට එරෙහි වෙන්න පුළුවනි, ගැන්සි මානසිකත්වය කියන බෝවෙන වයිරස් රෝගේ හැඳුනහම ඒක තේරැම් ගන්න බෑ, වයිරසය නැති පරිසරයකට යනකම් රෝගය හොඳ වෙන්නේත් නෑ.

      Delete
    2. පවාදිම් කියන්නේ ගැන්සි භාෂාවේ වචනයක් කියල කියන්න උඹ සන්නස්ගලද? නැත්නම් මේ සන්නස්ගලයගෙන් සිංහල ඉගෙනගත්තු එකෙක් වෙන්න ඕනේ!

      Delete
  11. විමල් වීරවංශ යනු කුමක්ද?

    1987 සිට 2005 පමණ තෙක් ජේ.වී.පී.ය විසින් සමාජ ගත කරනු ලැබූ වහන්තරාවන් හයිජැක් කොට එමඟින් තම සුඛ විහරණය ගොඩ නඟා ගත් කැණහිලෙකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා