පාන්කිරිත්තෝ



කුරුල්ලන් ඉන්නෙ අපට ඡායාරූප ගන්න නෙමෙයි. කවි ලියන්න.
හැමදාම පාන්දර
"අජිත්, අජිත් වේස කොටිය" 
කිය කියා මට බනින 
කුරුල්ලෙක් ඉන්නවා
අල්ලගන්නයි හිටියෙ 
මං ඌව බෙල්ලෙන් ම

ළඟදි මං දැක්කා
කුරුල්ලෙක් කඩිසර
අවානක් සේ 
පෙඳේ විදහා නටන
සුදු ‍තොප්පියක් දමන
කිය කියා අර බලු සිංදුව
හදනවා කූඩුවක්
නිවස ළඟ 
පහත අඹ අත්තක

ඉල්ලගෙන කන්නයි
හදන්නේ හාදයා උඹ
බළල්ලුත් සැරිසරති
කුරුල්ලොත් තව සිටිති
උඹේ ඔය මැටි පාන
අනාරක්ෂිත එකකි

අපේ උපදෙස් කුමට
බර ය බිත්තර බඩට
දැම්මෙ පොඩි දිගටි ගෙඩි
දෙකක් ඔය යස රඟට

එදා සිට ඒ යුවල 
රැක්කෝ ය එබිජුවට
පියඹමින් කාලයේ
බල බලා වටපිට
අපේ ගෙදරට එන
බළල් රාළයින් හට 
යන්න බැරි විය ළඟින්
කෙටු‍වෝ ය කුරුල්ලෝ 
හොටින් ටික් ටික් හඬින්

එක් දිනක් උදේ මම 
දුටිමි කිරිලිය තුඩින්
බිඳින හැටි බිත්තර
සෙලවුණා දෙකක් ගුලි
ඇරන් බලි කටවල්

මෙන්න දැන් කුරුල්ලන්
ලොකු වෙලා තරමකට
තොප්පි දාගෙන සිටිති 
මව්පියන් වාගේ ම
ඉගිලෙන්න ලෝකයට

පාන්කිරිත්තන්
කළු තඩි බළලුන් 
බියපත් කළ හැටි 
දුටු මට සිහි කළෙ
ප්‍රේමකීර්තිගෙ
පාන්කිරිත්තා

'පාන්කිරිත්තා 
නැටුම නවත්තා
කේන්තියෙන් ආවා
කෑදැත්තාගේ 
කළු අත්තටුවෙන්
අල්ලා සෙලවූවා'

තොප්පි දාන් උන්
පැටවුන් දුටු විට
කැමිලස්ගේ සිරිබිරිස්
සිහිපත් විය මට
ඉපදෙනකොටමත්
සිරිබිරිස් දරුවන්
තොප්පි දමාගෙන 
ඉපදී සිටි හැටි 

මා ඉපදී ඇති
මේ දිවයින ගැන
එහි මිනිසුන් ගැන
කුරුළු සතුන් ගැන
අව් වැසි ගුණ ගැන 
සතුටක් ඉපදිණ
මට දුන් දේ ගැන

 - අජිත් පැරකුම් ජයසිංහ - 2015- 03 - 21


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Niyamai. Ada dekke palaweni wathawata kawi set ekak :)

    ReplyDelete
  2. ගජමෑන් නෙමෙයි බං... සිරි බිරිස්

    ReplyDelete
  3. ඔව්! සිරිබිරිස් කමයි. නිවැරදි කරන්නම්.

    ReplyDelete
  4. හොදයි.... හොඳ අනාගතයක් තියෙන හැඩයි. තව ලියන්න.

    ReplyDelete
  5. පාංකිරිත්තා මතක් කරා කියන්න........ පැරා ජය

    ReplyDelete
  6. //කුරුල්ලන් ඉන්නෙ අපට ඡායාරූප ගන්න නෙමෙයි. කවි ලියන්න.//
    පොඩි ළමයෙක් අළුත් ඇඳුමක් ඇඳන් 'මේ..න්' කියලා පෙන්නන සතුටක් ඒ වචන අස්සෙ දැක්කා.. සුන්දරයි.
    (වේස කොටිය කියන එකාගෙ නෙ මේ හැඩ කියන්නෙ )

    ReplyDelete
  7. ඔබේ අඩවියේ මගේ කුළුදුල් කමෙන්ටුව මෙය විය යුතුයි. ඡායාරූපයක් දිග කථාවක් බවට පෙරළා ඇති ආකාරයට මම මනාපයි.

    ReplyDelete
  8. කැබිනටි ඇමතිවරු 39
    නියේජ්‍ය ඇමැතිවරු 23
    රාජ්‍ය ඇමැතිවරු17

    යහපාලනයට දින 72

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා