හිස සුන් මළ කඳන්, අත් පා කැපූ සිරුරු කොළඹින් හමු වන්නේ ඇයි?

පසුගිය සතියේ දෙමටගොඩ ප්‍රදේශයෙන් හිස හා අත් පා සුන් මළකඳක් හමු විය. එම මළ සිරුරේ ම පා දෙක ඊට පැය කීපයකට පෙර ආසන්න ප්‍රදේශයක කුණු ඇලකින් හමු විය. 

ඒ ආසන්න වකවානුවේ ම කුණු වූ මළසිරුරක් දියවන්නා ඔයෙන් හමු විය. එම සිරුරේ ම අතක් නාවල ඇලකින් හමු විය. ඒ අතේ නියපොතු ගලවා වධ දී තිබිණි.

මේ සිරුරුවල අත් පා කපා තිබුණේ එක පිහි පහරකින් පළපුරුදු මස් කපන්නකු විසිනි. 

මෑත කාලයේදී කොළඹින් පුද්ගල අතුරුදහන්වීම් වාර්තා නො වූ බව පොලිසිය කියයි. එතකොට මේ මරා දමන ලද පුද්ගලයෝ කවුරු ද? 

මෙය පාතාල කල්ලි අභ්‍යන්තර ගැටුමකැයි පොලිසිය සැක කරයි. 

තවත් සැක කළ යුතු පැති තිබේ. 

මේ අය වෙනත් ප්‍රදේශවලින් පැහැරගෙනැවිත් ඝාතනය කළ අය විය හැකි ය. 

මේ පසුගිය කාලයේ පැහැරගෙන ගොස් සඟවාගෙන සිටි පුද්ගලයන් විය හැකි ය.

කිසියම් අන්තවාදී දේශපාලනික, ආගමික කල්ලියක් මේ පිටුපස ඉන්නවා විය හැකි ය.

කෲර අන්දමින් ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ මළසිරුරු ප්‍රදර්ශනය කිරීම දේශපාලනික අරමුණකින් කරනවා විය හැකි ය. එසේ නම්, ඒ කාගේ අරමුණක් ද?

මේවා විමර්ශනය කළ යුතු ය. එසේ ම, වහාම මෙම තත්වය පාලනය කර ගත යුතු ය. 

රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සඳහා පොලිසිය ප්‍රමාණවත් හා නීත්‍යානුකූල අන්දමින් මැදිහත් විය යුතුව තිබේ. 

උදා වූ නිදහස අපරාධ රැල්ලක් මතු කර ගැනීම සඳහා අවස්ථාව කර ගැනීමට ඉඩ නො දිය යුතු ය. 

විශේෂයෙන් ම තරුණ ජනයා කෙරෙහි රටේ අවධානය යොමු විය යුතු ය. පසුගිය ජනවාරියේ මහ දවල් කොළඹ කොස්ගස්හන්දියේදී බිල්ඩර් ප්‍රසාද් නම් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර පයින් ම පළා ගිය කොට කලිසම් ඇඳි හිරිමල් තරුණයෝ පස්දෙනා තවමත් නිදැල්ලේ ය. 

මගේ මිතුරකුගේ ඥාතියකු අහංගම ගොයියාපාන ප්‍රදේශයේ ගඟක දිය නෑමට ගොස් සිටියදී ඔවුන් සමග සිටි ගැහැනු ළමයින්ට එහි සිටි බීමත් තරුණ පිරිසක් විසින් විහිළු කර තිබේ. මෙහිදී ඇති වූ ගැටුමකින් පසු, අසල තැනකින් යගදාවක් රැගෙන ආ තරුණ පිරිසෙන් එක් අයෙකු විසින් පහර දීම නිසා මගේ මිතුරාගේ ඥාතියාගේ හිස් කබලේ තැනක් කුඩු වී තවමත් සිහි නැතිව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ආසන්න නිවෙස්වල පදිංචිකරුවන් විය හැකි බව මගේ මිතුරා කියයි. පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නට කටයුතු කර නැති බව ඔහු චෝදනා කරයි. 

මේ දිනවල බිග් මැච් අතරතුර බීමත් තරුණ පිරිස් හැසිරෙන ප්‍රචණ්ඩ ආකාරය ද අධ්‍යයනය කරන විට තරමක් නරක තත්වයක් නිරීක්ෂණය කළ හැකි ය. අවනීතික බලහත්කාරය විසින් රබර් බෝලයක් සේ යට ගසාගෙන සිටින ලද සමාජ ප්‍රචණ්ඩත්වය උදා වූ නිදහසත් සමග යළි හිස ඔසවමින් තිබේ. 

සුදු වෑන් භීතිකාව හෝ සැකකරුවන් පළා යන්නට තැත් කළ මුවාවෙන් ඝාතනය කිරීම මෙයට විසඳුම නො වේ. ප්‍රචණ්ඩත්වය නීති මාර්ගයෙන් හා සමාජ අධ්‍යාපනයෙන් පිටුදැකිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ දිනවල පිටපත කියවමින් සිටින ධනංජය කරුණාරත්න ගේ ජූරිය නාට්‍යය සිහි වේ.

    ReplyDelete
  2. kudu duminda gana oththu dun ewunwa hoyala maranawa. dumindage golayo mewa karanne.

    ReplyDelete
  3. "සුදු වෑන් භීතිකාව හෝ සැකකරුවන් පළා යන්නට තැත් කළ මුවාවෙන් ඝාතනය කිරීම මෙයට විසඳුම නො වේ. ප්‍රචණ්ඩත්වය නීති මාර්ගයෙන් හා සමාජ අධ්‍යාපනයෙන් පිටුදැකිය යුතු ය."

    ඇයි පැරාල 88/89 දී කලාවගේ මරල දාල දමරිකටන්ට මරණය කියල පෝස්ටරයක් තියල ගියානම් හරිනේ

    ReplyDelete
  4. Replies
    1. අපරාධ යටපත් කිරීම උදෙසා???

      Delete
  5. නීතිය හා ක්‍රියාත්මක වීම කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී අවසානයි... ආණ්ඩුවේ මැති ඇමති වරුන් පවා නීතිය ක්‍රියාත්මක වීමේ ගොලුබෙලි දෙබිඩි පිළිවෙත් ගැන නහයෙන් අඬන සමයක පොදුජනයා නීතිය අතට ගැනීම හා එය මඬලන මුවාවෙන් විරුද්ධවදීන් මැඬලීමක් (භීශනයක්??) එන ලකුණු පෙනේ.

    ReplyDelete
  6. එක් ප්‍රකට බ්ලොග්කරුවකුගේ (ඔහු සමඟ වැඩි ඇයි හොඳයියක් නැති) මල්ලී කතා කර "අයියා තවම ඉන්නවාද?" අසා ඇත. මේ අනුව සිතා ගත හැක්කේ මේ බ්ලොග්කරුවා පාතාල කල්ලි සමඟ සම්බන්ධකම් පවත්වන බව ඔහුගේ මල්ලී දන්නා බවත්, එනිසා මල්ලී බියට පත්වී ඇති බවත්ය. මේ නිසා පැරා ඇතුළු අනෙකුත් බ්ලොග්කරුවන්ද පරෙස්සම් වන්නේ නම් මැනැවි. නැතිනම් ඒරාෂ්ඨකයක් තිබුණා කියා පසුව කරදර වීමට සිදුවනු ඇත.

    ReplyDelete
  7. /හිස සුන් මළ කඳන්, අත් පා කැපූ සිරුරු කොළඹින් හමු වන්නේ ඇයි?/

    යහපාලනය නිසානේ හිටං.

    පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයා කියල රාජ් ලවා කියව ගන්න ටොයියෙක් කිව්වෙ මහින්ද දින්නනම් මිනිහගේ මල සිරුර පාරක් අයිනෙන් හම්බ වෙන්න තිබ්බා කියල. ඉතින් ඒවගේ මෛත්‍රී දින්නම බයියෙක්ට ෂොට් එක හම්බ වෙන්න ඇති.

    නැත්නම් තාම ගෝටගේ සුදු වෑන් එනව ඇති.

    ReplyDelete
  8. /මේවා විමර්ශනය කළ යුතු ය. එසේ ම, වහාම මෙම තත්වය පාලනය කර ගත යුතු ය. /

    හා. බුවා, හෙනහුරා, කකා, පැරා, උපශාන්ත පෙරමුණ ගන්ඩ. මොකද ටොයියෝන්ගේ ආණ්ඩුවනේ තියෙන්නේ. ගිනිගන්න ගෙදරින් එලියට ආපු එක්කෙනෙක්ගේ නම් ෂර්ට් එක තෙමිළලු.

    /රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සඳහා පොලිසිය ප්‍රමාණවත් හා නීත්‍යානුකූල අන්දමින් මැදිහත් විය යුතුව තිබේ. /

    තිසේරා රාලහාමිට ඒ දවස්වල බැන්නා වගේ මට මතකයි හිටං.

    /කෲර අන්දමින් ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ මළසිරුරු ප්‍රදර්ශනය කිරීම දේශපාලනික අරමුණකින් කරනවා විය හැකි ය. එසේ නම්, ඒ කාගේ අරමුණක් ද?/

    දැන් තියෙන ආණ්ඩුවේ අරමුණක් වෙන්ඩ එපැයි. නැත්නම් කරන අය අල්ලයිනේ හිටං.

    /උදා වූ නිදහස අපරාධ රැල්ලක් මතු කර ගැනීම සඳහා අවස්ථාව කර ගැනීමට ඉඩ නො දිය යුතු ය. /

    ටොයියෝ පව් නේද හිටං.

    /ඥාතියාගේ හිස් කබලේ තැනක් කුඩු වී තවමත් සිහි නැතිව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය. /

    බෙහෙත් කරන්නේ නර්ස්ලද හිටං?

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 21, 2015 at 9:50 PM >>>>>
      රටේ "ප්‍රජාචන්ත්‍රවාදය" විනාශ කළ මහින්ද ස්වර්ගස්ථ වේවා!

      Delete
    2. මිට අදාල අදහස් දැක්වීමක් නෙවේ මම කරන්නේනම්.ඇත්තටම මමත් මේ වෙනසට චන්දය දුන් කෙනෙක්.2005,2010 වාර දෙකේදීම මහින්ද මහතාට චන්දය දුන් නමුත් මෙවර සිරිසේන මහතාට චන්දය දීමට තීරණය කලේ යහපාලන උදවිය වේදිකාව මත කිවූ සියල්ල ඇත්ත යි සිතාය.නමුත් අද මම පෞද්ගලිකව කණගාටු වෙනවා මේ වියසනයට මමත් දායක උනා නේද කියා.මම පමණක් නොවේ අපේ ගෙදර පිරිස මගේ ලමඊ සමගම චන්දය බාවිතා කලේ යහපාලනයට.එදා මම ගත්ත තීරණයට අද මගේ ලමඊ මට බනිනවා.මෙය තම අද මම වගේම බහුතරයගේ මතය.මම සේවය කරන්නේ රජයේ කාර්යාලයක,මගේ කාර්යමණ්ඩලයේ පවා යහපාලනයට චන්දය දුන් බොහෝ අය දැන් පසුතැවෙනවා.

      Delete
    3. @AnonymousMarch 21, 2015 at 10:06 PM

      බොරු කියන්ඩ එපා හිටං. ටොයියන්ගේ යහපාලනය වටේ ජනතාව රැස්වෙන්නේ ගූ බෙට්ටට නිල මැස්සෝ වහනවා වගේනේ හිටං.

      බස් එකේ කොන්ද මාව නග්ගගත්තේ හෝල්ට් එකට පිටිං නවත්තල ඌම දොර ඇරලා හිටං. ටිකට් කැඩුවේ ග්ලවුස් ගලවලා. පැරා කිව්වේ විමල්ගේ පර්සනැලිටිය අවුල් කියලා.

      Delete
    4. @ AnonymousMarch 21, 2015 at 10:06 PM

      ඔහේ දෙමලෙයි? ලමඊ කියන්නේ මොකද්දැයි?

      Delete
    5. මොකා ටොයියා, මොකා බයියා වුනත්, මා නම් ටොයියෙක් ද නොවේ, බයියෙක් ද නොවේ!
      http://rasikalogy.blogspot.com.au/2015/03/toyiya-vs-bayiya.html

      Delete
    6. අපි එහෙමයි නොවැ....

      Delete
    7. රසිකොලොජිස්ට් - RasikologistMarch 22, 2015 at 7:56 AM
      ".. මා නම් ටොයියෙක් ද නොවේ, බයියෙක් ද නොවේ!.."

      අපි දන්නවා! ඔයා මොකටවත් නැති මමත්වයෙන් ඔලුව උදුම්මව ගත්තු පුස්සෙක් කියල!

      Delete
  9. මයිත්‍රී විසින් සුදු වෑන් දඩයම අරඹයි

    මයිත්‍රීපාල සිරිසේන මහතා ගේ ඍජු මෙහෙයවීම මත ක්‍රියාත්මක වන අතුරු සන්නද්ධ කල්ලියක් මගින් මේ වන විට තමන්ට ඉදිරි මැතිවරණයකදී තර්ජනයක් විය හැකි පුද්ගලයන් දඩයම් කිරීම ආරම්භ ඇත.

    මේ යටතේ ඉදිරි මැතිවරණයකදී විරුද්ධ පක්ෂ වල මැතිවරණ වැඩ සඳහා මුදල් වියදම් කරන ව්‍යාපාරිකයන් බිය වැද්දීම සහ කප්පම් ගැනීම මේ දිනවල සීග්‍රයෙන් ඉහලගොස් ඇති බව වාර්තා වෙන අතර කප්පම් දීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් දරුණු වධ හිංසා වලට ලක් කොට මරා දමා අන් ව්‍යාපාරිකයන් හට බිය දනවන ආකාරයෙන් තැන් තැන්වල දමා යන බව වාර්තා වේ.

    මේ වධකාගාරය සඳහා රාජගිරිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් ප්‍රයෝජනයට ගන්නා බවත් පොලිසිය මේ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඉහලින්ම ලැබෙන උපදෙස් අනුව සිදුවන බවත් සඳහන්.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්ඩ එපා හිටං

      Delete
  10. කෑලි වලට කපන ලද මළ සිරුරු දෙකක් හමු වීම අසුබ පෙර නිමිත්තක් වුනත් කෑලි නොකැපූ මිනී දෙකක් හමු වීම සුබ පෙර නිමිත්තක් නොවේ. යහ පාලනය ගැන, බයියන් ටොයියන් ගැන කොමෙන්ට් කරන හිත් පිත් නැති කාලකණ්ණි වනචාරීන් පිරිසක් සමග ජීවත් වන අපේ රටේ මහජනතාවට මෙයට වඩා හොඳ හෙට දිනක් උදා කර දීම කර ඇරිය නොහැකි අවශ්‍යතාවක්. මළ මිනියක් දැකීම අපේ මිනිස්සුන්ගෙ හිත් කම්පා කරවන දෙයක් වෙලා තිබුනු යුගය අවසන් කළේ, සංවේදී හදවතක් තියනවයි කිය කියා මිනිස්සුන්ව නිර්වින්දනය කළේ, තමන් විතරක් යහතින් හිටියොත් ඇති කියන පුරුද්ද තියන පරම්පරාවක් මේ රටට දායාද කළේ, මොන තරම් සංවේදී ලිපියකට වුනත් විහිළු සහිත කමෙන්ට්ස් එවන්න පුළුවන් පුබ්බඩයන් රෑනක් බිහි කළේ රාජපක්ෂලාගේ අවිචාර පාලන සමය විසින් කියන එක නම් අතීතය මතක කාටත් පැහැදිළියි. මේව දින සීයෙන් හදන්න පුළුවන් දේවල් නෙවෙයි. අනිත් එක ආණ්ඩුවට පත් වෙලා ඉන්න සමහර යූ ඇන් පී කාරයො මිනී මැරිල්ල ගැන නොදන්න එවුනුත් නෙවෙයි.

    මේවා ගැන, මේ මිනී මැරුම් ගැන, නීති විරෝධී වැඩ ගැන මහජනතාවත් මීට වඩා උනන්දු විය යුතුයි.

    -ශනි

    ReplyDelete
    Replies
    1. අනේ හෙනේයෝ, තොගේ වයස කියාද? තෝ ධර්මිෂ්ට රාජ්ජය කාලෙ හිටියේ කොහෙද? නැති-බැරි අය ඇති-හැකි කරපු පුෂ්පකුමාරගේ කාලෙ හිටියේ කොහෙද?

      Delete
    2. "හෙනහුරා (ශනි शनि)March 19, 2015 at 11:32 PM
      .....
      බාල වයස්කාර කෙල්ලො උස්සන්න පුළුවන් කමක් තියන නිසානෙ රාජිතගෙ පුතා එහෙම කරන්නෙ. ඔයාට බැරි හින්දනෙ ඔයා එහෙම කරන්නෙ නැත්තෙ. තේරුනාද?..."

      අනේ බැල්ලිගෙ පුතෝ, මෙහෙම කුජිත කටහ්වක් කියපු තෝ කොහොමද යකෝ මිනිස්සුන්ගේ සංවේදීතාව මනින්නේ!

      Delete
    3. අපේ ගෙදර ඉස්සරහ පාරේ ඉන්න බැල්ලි පව් :(

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා