නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ යුගය යහපාලනය තුළ අවසන් කළ යුතු ය.

පහත සඳහන් වන්නේ ලංකාදීප පුවත්පතින් උපුටා ගත් සිදු වීමකි. එහි සඳහන් වන ආකාරයට නඩත්තු නො ගෙවීම සම්බන්ධයෙන් සුළු සේවකයකුට අවුරුදු නවයකට වැඩි සිර දඬුවමක් නියම කර, මේ වන විට වසර එකහමාරක් පමණ සිරගත කර තබා තිබේ.

මහේස්ත්‍රාත්ගෙන් නීති විරෝධී සිර දඬුවමක්

අත්තනගල්ල උසාවියේ නඩත්තු නඩුවකදී නඩත්තු නොගෙවී යැයි මාස 116 ක හෙවත් නව අවුරුදු අට මාසයක සිර දඬුවමක් නියමවූ සුළු සේවකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
ඔහු සිය පෙත්සමින් කියා සිටියේ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා තමාට නීති විරෝධී සිර දඬුවමක් නියම කළ බවයි.
බොකලගම අනුර සමන් කුමාර (49) ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණාන්ද තිරානාගම මහතා මගින් කියා සිටියේ මහේස්ත්‍රාත්ගේ නඩු තීන්දුව නීති විරෝධී බවයි. මෙවැනි තීන්දුවක් දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයිද කීවේය.
දැනට මාස 17ක් දඬුවම් ගෙවා ඇතැයිද එම සිර දඬුවම අවසන් වන්නේ 2020 අප්‍රේල් 5 වැනිදා බවත් සිරකරුවකුගේ දිනක නඩත්තුව සඳහා රජයෙන් රුපියල් 300ක් වැය කරන බව බන්ධනාගාරය කියන බවත් ඒ අනුව තමා වෙනුවෙන් නිකරුනේ රජයේ මුදල් රුපියල් 1,044,000 වැය වන බවයි.

සීගිරියේ සංරක්ෂිත කැටපත් පවුරේ කුරුටු ගෑ මඩකලපුවේ තරුණියට දුන් දෙවසරක සිර දඬුවම ද මේ අන්දමින් ම මතභේදයට ලක් වී තිබේ. 

මා හඳුනන වයස අවුරුදු පනස්පහ ඉක්මවූ ගුරුවරයකුට පසළොස් වසරකට පමණ ඉහතදී ආබාධිත දැරියකගේ පපු පෙදෙස ස්පර්ශ කර හිරිඔතප් බිඳීමේ වරදට සය වසරක සිර දඬුවමක් නියම කරන ලදී. මෙම ගුරුවරයාට පෙර වැරදි නො තිබුණු අතර පසුගිය පසළොස් වසර තුළ ඔහුගේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් පැමිණිලි ද ලැබී නො තිබිණි. 

වැරදිකරුවන් දණ්ඩනයට ලක් කළ යුත්තේ ඇයි ද කියන කාරණය සම්බන්ධයෙන් මේ රටේ විනිසුරුවරුන්ට පැහැදිලි අවබෝධයක් තිබේ ද යන්න සැක සහිත ය. වැරදිකරුවකු දණ්ඩනයට ලක් කරන්නේ එක පැත්තකින් එම පුද්ගලයා පුනරුත්ථාපනය කරන්නට ය. අනෙක් පැත්තෙන්, එම පුද්ගලයා නැවතත් එවැනි වැරදි කළ නො හැකි තත්වයට පත් කරන්නට ය. 

මා විසින් ඉහතදී සඳහන් කරන්නට යෙදුණු සිද්ධි තුනේදී විනිසුරුවරුන් දඬුවම් නියම කරන්නේ මේ කාරණය ගැන සලකා බලා ද? 

විනිසුරන් දඬුවම් නියම කිරීමේදී කරන අත්තනෝමතික හෝ ද්වේෂසහගත ක්‍රියාවලින් මානව හිමිකම් උල්ලංඝනය වන පිරිස්වලට යුක්තිය සඳහා ක්‍රියාමාර්ග ගැනීමට තිබෙන අවස්ථා විරල ය. 

මෙවැනි අමානුෂික දණ්ඩනයන් හේතුවෙන් අගතියට පත් වෙන වැරදිකරුවන් හා ඔවුන්ගේ පවුල්වලට දඬුවම ලිහිල් කරවා ගැනීම සඳහා අභියාචනා කිරීම සඳහා පවා සරළ ක්‍රියාමාර්ගයක් නැත. 

ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය මෙම කරුණ සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු ය. විනිසුරන් දඬුවම් නියම කිරීමේදී කටයුතු කරන ආකාරය පිළිබඳ විධිමත් පටිපාටියක් සැකසිය යුතු ය. එසේම, අධිකරණ අභියාචනාවලින් තොරව තමන්ට ලැබුණු දඬුවම පිළිබඳ ඇගයීමක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් වැරදිකරුවන්ට තිබිය යුතු ය. 

එක හා සමාන වැරදිවලට විවිධ විනිසුරුවරුන් විසින්, විවිධ පුද්ගලයන්ට, විවිධ ආකාරයේ දණ්ඩනයන් පැනවීම අතිශය බරපතල වරදකි. එය වැළැක්විය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නීති ක්‍රමය ප්‍රතිසංස්කරණයට පත් කරන්න වෙන්නේත් නීතිඥයින් ම නිසා ඒකත් නඩුත්/බඩුත් එකාගේ වගේම වැඩක්.

    ReplyDelete
    Replies
    1. දවසේ කියමන

      ඇත්තටම මේ පෝස්ට් එකේ තියන දේවල් හැමෝම දන්න නමුත් බලලගෙ කරේ සීනුව බදින්න කවුරුත් නෑ වගෙ ඉස්සරවෙලාම කිසිම කෙනෙක් කට අරින්නෙ නෑ. අධිකරණවලින් ජනතාවට සිදුවන අසාධාරණ ගැන කතා කරන කෙනෙක් නෑ. මුලින්ම මේ ගැන කතා කළේ වික්ටර් අයිවන් නම් වූ මහා පුරුෂයා විසින්. විධායක හා පරිපාල්න ක්‍රියා මෙන්ම අධිකරන ක්‍රියාවලින් සිදුවන අයුක්තියද ඉවත් කළ යුතුයි.
      කල්‍යානන්ද තිරානගම වගෙ එඩිතර නීතීඥයන් දැන් ඉන්නව. නමුත් ඉස්සර අධිකරනය දීවාලයක් වෙලා තිබුනෙ. විධායකයට පලු ණැතිව බණින අය මෙතනදි බයෙන් බිරාන්ත වෙනව. ලංකා ඉතිහාසය පුරාම වැරදි අධිකරන තීන්දු දීල තියනව. සමහරු ඇප ගන්න බැරිව අවුරුදු 45 50 ඉදල.

      කිසිම කෙනෙකුට තමන් කරන ක්‍රියාව ගැන මුක්තියක් හිමිනොවිය යුතුයි. විනිසුරුවරුන්ට දඩුවම් නැද්ද
      මේව ගැන කතා කරන්නෙ සිවිල් සංවිධාන ශක්තිමත් ව තිබෙන වර්තමානයෙ. මෑතක් වන තුරුම නඩුකාරයන්ගෙ හිතුමනාපෙ තමයි.

      Delete
    2. අපරාධය සහ දඩුවම කියන කාරණය ගැන මට තියනව යමක් කියන්න. අපරාධය කියන්නෙ සමාජ පිළිවෙළෙහි යථා සොභාවය වෙනස් වීමක්.
      දඩුවමෙහි පරමාර්ථය විය යුත්තෙ එය යළි ප්‍රකෘතිමත් කිරීම. පලි ගැනීම නොවෙයි. එසේම නීතිවල අරමුණ විය යුත්තෙ සමාජය වියවුල් කිරීම නොවෙයි.
      උදාහරණයක් කියන්නම්.
      දුෂ්කර ප්‍රදේශයක දුප්පත් පවුලක අවුරුදු 15 ක ගෑණු ළමයෙක් තරුණයෙකුට විවාහ කර දෙනව. මේක හේන් සංස්කෘතියක් තියන පළාත්වල සාමාන්‍ය දෙයක්. කොළඹ නීති ඒ මිනිස්සු දන්නෙ නැහැ. හදිස්සියෙම පොලීසියෙන් පනිනවා. පැනල අර කොල්ලව කුදලගෙන ගිහින් උසාවි දානව. කිරි දරුවෙක් එක්ක කෙල්ල පරිවාසෙට දානව. කෙල්ලගෙ දමවුපිය කබලෙන් ලිප්ය්ට වැටිල. එක ගෙදරකට පොලීසියෙන් එනකොට ඕගොල්ලන්ට තියන අමාරුව මොකක්ද කිඅය්ල පොලීසියෙන් අහල. අපිටත් කරන්න දෙයක් නෑ කියල පොලීසිය කියල. ඇත්ත තමයි.
      කිරින්ද ප්‍රදේශයෙ ඔය වගෙ පවුලක කෙල්ලගෙ හත්මුතු පරම්පරාවම නඩත්තු කරල තියෙන්නෙ කොල්ල. ඒකනම් නීතිපති ඉවත් කරගත්තද මන්ද
      වැද්දොත් කුදලගෙන යනවලු ඔය නීතියට. නමුත් මුස්ලිම් අයට බයයි.

      නීතියේ අරමුණ විය යුත්තෙ ප්‍රතිකර්මය. හානියක් වෙලා නැත්නම් අමුතු බෙහෙත් නොකළ යුතුයි. නීතිය මිනිසුන්ට හිරිහැරයක් නොවිය යුතුයි. නීතියෙන් මිනිසුන්ට වෙන හිරිහැර ගැන නීතීඥයන් කතා කිරීම ගැන සතුටුයි.
      නඩුතීන්දු විවේචනය කිරීමේ අයිතිය තිබිය යුතුයි. නීතිය මිනිසා සදහා මිස මිනිසා නීතිය සදහා නොවෙයි.

      මම දැක්ක පත්තරේක තියනව නඩත්තු නඩුවක නීතීඥය වැරදි තැනක අත්සන් කළැ නිසා නඩුව අහක ගියා කියල. ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තිබ්බ කියල මිනීමරුව නිදහස් වුනාලු. මේව මෝඩ දේවල් නේද මෙහෙම නඩු අහක දාන්න පුළුවන්ද ඇයි මේ වරද නිවැරදි කරන්න බැරි. අර නඩත්තු නඩුවෙ කාන්තාවට යුක්තිය ඉටුකරන්න තිබුන යළි නඩුව අහල. ගොයම් කොළය කියන වචනෙ වැරදිලා නඩුව අහක ගියා කියන්නෙ නඩුකාරයගෙ මෝඩකම මිස වෙන දෙයක් නෑ ( එය ප්‍රකට නිසා උදාහරනයට ගත්තෙමි )

      මගෙ මතය කිසිම දෙයකට පූජනීයකමක් ආරෝපනය කරන්න ඕන නෑ. නඩුකාරය කියන්නෙ දෙවියන් වහන්සෙ නොවෙයි.

      Delete
    3. 1. ගොයම් කොලය වචනය නිසා මිනීමරුවා නිදහස් වුනු නඩුවක් ඇත්තටම තිබුනාද නැත්නම් කටකතාවක් පමණද?
      2. එහෙම තිබුනානම් හරි ගොයම් කොලය වෙන එකක් බව කියන්න පැමිණිල්ලට නීතීඥයෙක් හිටියේ නැද්ද? ඇපීල් කරන්නවත් තිබුනේ නැද්ද?
      3. නඩුකාරයා දෙවියෙක් නෙවෙයි. ඇපීල් කරනවා කියල දෙයක් තියෙන්නේ ඒකයි. ඇපීල් එකෙන් තීන්දුව වෙනස් උනත් පලවෙනි තීන්දුව දීපු නඩුකාරයා ගැන හොයන්නේ නැති එක නම් අවුල්.
      4. මුස්ලිම් අයට බය වීම නීතියේ අඩුපාඩුවක්. ඔය නීතිය වෙනස් කරනවට තම්බින්ට කඩේ යන හැමෝම විරුද්ධයි.

      Delete
    4. නඩු කාරයෝ කියන්නේ දෙවියන් වහන්සේ නෙවෙයි +++
      නඩු කාරයෝ වෙන්නේ පරණ පෙරකදොරුවෝ (නිතිඥයො - ඒකියන්නේ දෛවඥයෝ වගේ කට්ටියක්). ගොඩක් රටවල පාලකයොත් එයාලමයි, ලංකාව ගැනම හිතල බලන්නකො පක්ෂ විපක්ෂ නායකයෝ ගැන. වෘත්තීය ආරම්බකිරීමට මූලික සුදුසු දෙකයි. තාක්ෂණික විශයයන් අසමත් වීම සහ වාචාල කටක් තිබීම.

      Delete
    5. 1. ගොයම් කොළේ කතාව මම අහල තියෙන විදිහට පරිවර්ථනයෙ දොසක් අල්ල ගහපු ගේමක් ( ඒ කාලෙ නඩු ඇහුවෙ තනිකර ඉංග්‍රීසියෙන්, සාක්කි පරිවර්ථනය කරේ කුඹුරුවැඩ දන්න අය නෙවෙයි )

      2. ඔහොම දේවලදි ඇපිල් කරල දින්නත්, ඒ කතාව ජනප්‍රිය වෙන්නෙ නෑ. මිනිස්සු කතා කරන්නෙ "වඩා ආකර්ෂනීය" සිදුවීම ගැන විතරයි.

      4. තම්බි ඡන්ද වලට් තියෙන භය සහ උන්ගෙ සල්ලි බලය තමයි හේතුව.


      Delete
  2. ලංකාවෙත් ඔය පොඩි පොඩි වැරදි කරන අයට හිර ගෙය වෙනුවට යම් කාලයක් ප්‍රසිද්ධියේ පාරවල් හෝ උද්යාන පිරිසිදු කිරීම වගේ දෙවල් නියම කලයුතුයි

    ReplyDelete
    Replies
    1. කණගාටුයි. ඔබ නම් කළ කාර්යයන් (ප්‍රසිද්ධියේ පාරවල් හෝ උද්යාන පිරිසිදු කිරීම) ලංකාවට අදාල නැත. කාරුණිකව වෙනත් සුදුසු කාර්යයන් නම් කරන්න.

      Delete
    2. ප.ලි.
      සනීපාරක්ෂක කම්කරු නම් තනතුර හිරගෙදර සිට තාවකාලිකව නිදහස ලබන අය සඳහා වෙන් කර ඇත.

      Delete
  3. වෙන රට වල එහෙම උනත් ලංකාවේ වෙ ලංකාවේ නැහැ .....

    ReplyDelete
  4. මාමාගේ බැංකුවට බෑණාගෙන් වැඩි පොලියට ණය ගන්න එක යහ පාලනය තුල කිසිසේත් අවසන් නොකළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. රනිල ඇරලා
      ටොයි පුකවල් වණ වෙලා

      Delete
  5. /එසේම, අධිකරණ අභියාචනාවලින් තොරව තමන්ට ලැබුණු දඬුවම පිළිබඳ ඇගයීමක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් වැරදිකරුවන්ට තිබිය යුතු ය. /

    1989 දී පැරලා ඉන්දියාවෙන් ගෙන්නපු බොම්බයි ළූණු ගමේ සිල්ලර කඩේ විකිණීම නමැති දරුණු අපරාධයට ඉත්තෑපානේ පීරිස් මුදලාලිට කඩ බක්කියේම මැරෙන්න වෙඩි තිබ්බේ එක පැත්තකින් එම පුද්ගලයා නැවතත් එවැනි වැරදි කළ නො හැකි තත්වයට පත් කරන්නටය.. අනෙක් පැත්තෙන් එම පුද්ගලයා පරලොවදී පුනරුත්ථාපනය කරන්නට ය.

    යූ ඇන් පී ආණ්ඩුව පැරාලව පරලොව යවන්නේ නැතුව එළියකන්ද බෝඩිමේ තියාගෙන හිටිය නිසා පීරිස් මුදලාලිට දඬුවම ගැන ඇගයීමක් පරලොවදීවත් ලබාගන්න හැකියාවක් තිබ්බේ නෑ.

    ReplyDelete
    Replies
    1. මිනි මැරීම වැනි සරල අපරාද වලට අව්රුද්දයි මාසයයි දවසක් පැරාව තියාගත්ත එක හොදටම වැඩියි!

      Delete
  6. I.O සිරිලංකාවMarch 17, 2015 at 9:58 AM

    හොර අලි විනිසුරු තවත් අලිහොරෙකුගේ නඩුවක් අහනවා ඕං මේ කාලේ...කොළඹ පැත්තේ.
    අලිත් නඩුකාරයාගේ, නඩුත් නඩුකාරයාගේ අයියෝ සිරිලංකාව....

    ReplyDelete
    Replies
    1. ඕක පරණ කතාවක්. අලි හොරු විනිසුරුවරු වෙලා හිටියේ ගිය ආණ්ඩුවේ. මේ ආණ්ඩුවේ එහෙම නෑ.

      Delete
  7. //වැරදිකරුවකු දණ්ඩනයට ලක් කරන්නේ එක පැත්තකින් එම පුද්ගලයා පුනරුත්ථාපනය කරන්නට ය. අනෙක් පැත්තෙන්, එම පුද්ගලයා නැවතත් එවැනි වැරදි කළ නො හැකි තත්වයට පත් කරන්නට ය.//

    එපමණක් ම නොවේ.වෙනත් අයට එම වැරැද්ද කිරීමේදී ලැබෙන ප්‍රතිවිපාකය පිළිබඳව නිදර්ශනයක් ලබා දීමද එක් අරමුණකි.

    ReplyDelete
  8. මම වී.අයිවන් නොවෙමි.March 17, 2015 at 11:01 AM

    ලංකාවේ අධිකරන ක්ෂේත්‍රය අන්තෙටම වීනාශ කලේ සරත් එන්.ද සිල්වා කියන අගවිනිසුරු ගොං පකයාය.
    මූ වැදි බණ දෙසාගෙන මීඩීයාවල කරක්ගැහුවේ රටේ ජනාධිපති වෙන්නයි. පස්සේ ට්‍රයිඑකක් දැම්මා පකිස්ථාන් අගවිනිසුරු මෙන් ගොඩයන්න. මහින්දගෙන් ගොඩයන්නත් බැලුවා. දැන් කියනවා හෙල්පින් හම්බන්තොට ඌට වෙච්චී වැරදීමක්ලූ.
    මොහු අගවිනිසුරුව සිටියදී බත්තරමුල්ල ප්‍රදේශයේ කාර් එක ඇතුලේ කාන්තාවකට කටට දෙනකොට පොලිසියට මාට්ටු වී ෂේප් උනා. හැබැයි කෙල්ලක් කොල්ලෙක් පාර්ක් එකක තුරුල් වෙලා හිටියොත් මුන්ට ඉබේම නීති ක්‍රියත්මක වෙනවා.

    -------------------------------------------------------------------------------------------

    නීති හා අධිකරන වැනි ජනතාවට දැඩිව බලපාන ක්ෂේත්‍ර වල සිටින මානසික ව්‍යාධි වලට හා අගතීන්ට ලක්වූවන් ෆිල්ටර් කරන ක්‍රමවේදයක් ලංකාවටද ඉතා අවශ්‍යය. වෙනත් ක්ෂේත්‍රවලටද එසේමය.
    නැතිනම්,යහ පාලනයද පෙර පැවති හීනමාන චින්තනයට වෙනස් නොවේ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. /බත්තරමුල්ල ප්‍රදේශයේ කාර් එක ඇතුලේ කාන්තාවකට කටට දෙනකොට පොලිසියට මාට්ටු වී ෂේප් උනා./

      කාර් එක ඇතුලේ කාන්තාවකට කටට දෙන හැමෝවම පොලීසි ගෙනියමුද?

      එතකොට පැරාව බලන්න අඟුරුවාතොට පොලිසියට යන්න එන්නේ කවුද?

      Delete
    3. අසභ්‍ය ලිංගික වීඩියෝ නැරඹූ නඩුකාරයන් ඉවතට !
      --------------------------------------------------------------------

      සිය රාජකාරි සඳහා ලබා දී ඇති පරිගණක භාවිතා කර කාර්යාලය තුළදී අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට නැරඹූ බ්‍රිතාන්‍යයේ අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු සේවයෙන් පහ කරයි.

      සමාන චෝදනා ලැබ සිටි සිව් වන අධිකරණ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් පැවති නිල පරීක්ෂණය අවසාන වීමට පෙර සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත් වී තිබේ.

      සේවයෙන් පහ කරනු ලැබූ අධිකරණ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බව පරීක්ෂණ පැවැත් වූ බලධාරීහු ප්‍රකාශ කළහ.

      ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ රාජකාරිය සඳහා ලබා දී ඇති උපකරණ අයතා ලෙස පරිහරණය කිරීම සමාව දිය නොහැකි වරදක් බවයි.

      - BBC
      17.03.2015

      Delete
  9. පැරාට දිනමිණ දෙන්ඩ ප්ලීස්.

    එතකොට මේ වගේ දේවල් ගැන දිනමිණේ පල කරලා ජනතාව දැනුවත් කරන්ඩ පුළුවන් ප්ලීස්.

    දිනමිණ දෙනවා කියල කඩේ යවල නොදී ඉන්නකොට නඩු දාන්ඩ පුලුවන්ද කියල හොයල බලන්ඩ ප්ලීස්.

    ReplyDelete
  10. මෙම දෙමළ ජාතිවාදී ලේඛකයා, වටින් කැරකී සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ දෙමළ ස්ත්‍රිය ගැන පොන්න කතා කීමට කටයුතු කර ඇත.
    අයට මෙම ක්‍රියාව කිරීම සඳහා දෙමළුන් අතර සිටින තෙලබෙදන්නන් පිරිසකගේ පෙළඹවීමක් ඇත්දැයි සොයා බැලීමට හමුදා බුද්ධි අංශ හා රහස් පොලීසිය කටයුතු කිරීම අනාගත ත්‍රස්තවාදී අර්බුද හටගැනීම වැලැක්වීමට හේතුවක්වේ.
    එල්.ටී.ටීඊ සංවිධානය බිහිවීමට පෙර ඊනියා ප්‍රජාතාන්ත්‍රික දෙමළ දේශපාලනඥයන් සිංහලයන් මරා, හමගසා සෙරෙප්පු සාදන ආකාරය දේශපාලන වේදිකාවල පැවසූ බව අප අමතක නොකල යුතුය. නියපොත්තෙන් කැටිය යුතු දෙය පොරොවෙන් කැපිය යුතුවන කෙත් වැඩීමට ඉඩ නොදිය යුතුය.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා අනේ ඔයාගෙ හම ගොරෝසු නෑනේ, සෙරෙප්පුවලට ගන්න එකක් නෑ, හැන්ඩ් බෑග් එකකට ගත්තට අවුලක් නෑ නේද?

      Delete
  11. වරදට අනුව නියම කළහැකි උපරිම දඬුවම සොයාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් ඔන් ලයින් දැම්මනං ප්‍රයෝජනවත්.
    කොහොමටත් තියන හැටහුට හමාරක් නීති සහ රීති විසි කරලා දාලා සිම්පල් නීති සෙට් එකක් හැදුවනම් ලෝයර් ලා හැර අනෙක් සියළුදෙනා ගොඩ.
    චන්ද්‍රිකාගේ කාලේ ඉඩම් ආරවුල් වලට ඔහොම එකක් කරනවා කියලා එස්බීයා සද්දයක් දැම්මා, පහුවදාම ලොයර්ලා දාපු ගොරනාඩුවට එස්බීයා මූට්ටුම උනා, හිතා ගත්තහැකිද ඔය කුණුකට මූට්ටුකරන්න නම් කොච්චර ප්‍රබල ගොරනාඩුවක් එන්න ඇද්ද කියලා.

    ReplyDelete
  12. නඩු සිරිසෙනගෙ බඩු රනිල් හාමුගෙ උනාටනම් කමක් නැතුව ඇති නෙද?

    ReplyDelete
  13. මා යාපහුව බොඩි පුජාව දවසේ මිනිසුන්ට සවන් දුනිමි. එහි රැස්වූ මිනිසුන් තම නැණ පමණින් මහින්ද මහතා හා දේශපාලනය ගැන කීදේ හරිම සුන්දර, අව්‍යාජ මෙන්ම අභීත විය. ඔවුන් කිවේ එන පර්ලිමෙන්ත්තු මැතිවරණයේ දී ඔවුන් සහය දෙන්නේ අද මහින්ද වෙනුවෙන් නොබියව පෙනී සිටින මිනිසුන්ට මිස අවස්ථවාදී කුහක දේශපාලකයින්ට නොවන බවයි. ඔවුන් මහින්ද මහතාගේ ජනාධිපතිවරණයට කැපවී වැඩ නොකළ දේශපාලන ක්‍රියාකාරීන් පට්ට ගැසුවේය. ශාප කළහ. තම චන්දයේදී ගෙයින් ගෙට ගමින් ගමට යන සමහර අය මහින්ද මහතාගේ ජනාධිපතිවරණයේදී ඩබල් ගේමක් දුන් බව කිවේ නොබියවය. එවන් මිනිසුන්ට චන්දය කිසිදා නොදෙන බව කිවේ ” ආයේ මහින්ද මහත්තයා කීවත් මේද මහින්ද මහතාට ද්‍රෝහී වූ උන්ට නම් චන්දෙ දෙන්නේ නෑමයි කියාය. මේ සියලු දෙයින් ප්‍රකාශිත ඉතා වැදගත් කරුණ නම්. එන චන්දයේ ශ්‍රී ල නි ප වැඩක් නැති බවත් අවශ්‍ය එකම සහතිකය මහින්ද මහතාට ද්‍රෝහී නොවූ මිනිසුන් පිරිසක් බවත්ය. සරලව කිවොත් දැන් මහජනයා මහින්ද යන නම වටා රොඳ බැඳී සිටිති. මේ මහජන එකමුතුවට නමක් දීම මහින්ද මහතා සතු බවය.
    Wasantha Tennakoon

    ReplyDelete
    Replies
    1. තෙන්නේ,

      නිව්ටන් ගුණරත්නගෙන් පටන්ගෙන 2005 දී මහින්ද මහතා වෙනුවෙන් නොබියව පෙනීසිටි ජනතාවට නොකඩවා පුක පෙන්නුවේ නැත්නම් මහින්ද මහතාට යාපහුවේ බෝධිපූජා තබන්න වෙන්නේ නැත.

      මහින්ද මහතා සමග බෝධිපූජාවට පැමිණෙන ජනතාව මහින්ද මහතාට චන්දය දෙන්නේ නැත.ඔවුන් එන්නේ 2005 සිටි මහින්ද මහතා බැලීමට මිස 2010න පසු මහින්ද මහතා බැලීමට නොවේ. බෝධිපූජාවට පැමිණෙන ජනතාව මහින්ද මහතාට චන්දය දෙනු ඇතැයි නිකරුනේ බයවී සිටින පැරා ඇතුළු ටොයියන් කෙලින පිස්සු පීකුදු නිසා සිරිසේන මහතාට කෙලවීමේ ඉඩක් පවතී.

      Delete
    2. AnonymousMarch 17, 2015 at 5:02 PM, අති විශ්ඨ විග්‍රහයකි!!

      Delete
  14. ලංකාවේ අධිකරණය වගේම පොලීසියත් දූෂිතයි. පෝසත් අයට එක විදිහකටයි දුප්පත් අයට එක විදිහකටයි නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා