ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා ද?

ආණ්ඩුව විසින් ගැසට් කර තිබෙන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නැත. සිදු වන්නේ විධායක ජනාධිපතිවරයා විසින් භුක්ති විඳින ලද අසීමිත බලතල ප්‍රමාණයක් සංශෝධනය වීම පමණි. යෝජිත ව්‍යවස්ථාව අනුව ද විධායක ජනාධිපතිවරයා රටේ බලවත් ම පුද්ගලයා වෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුමයැයි උද්ඝෝෂණය කරමින් සිටි ආන්තික කොටස්වලට දැන් මෙය එල්ලෙන්නට හොඳ වැලකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 1977ට පෙර පැවති විධායක අගමැති ක්‍රමය ඇති කළත්, ඇති වන ලොකු වෙනසක් නැත. හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක 1970 - 77 සමයේ රාජ්‍ය පාලනය කළේ ද ‍විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට වඩා ලොකු වෙනස්කමකින් යුක්තව නො වේ.

සැබෑ රාජ්‍ය නායකත්වයට විධායක බලතල නො ලැබෙන නවීන ආණ්ඩු ක්‍රම කිසිවක් ලෝකයේ නැත. මේ මොහොතේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විප්ලවවවාදීන්ට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොව තමන්ගේ ඒකාධිපති පාලනය පිහිටුවා ගැනීමට යෝග්‍ය අරාජිකත්වයක් නිර්මානය කර ගැනීමයි. 

එහෙත් ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය හා සම්බන්ධ ගැටලුවක් තිබිණි. එම ගැටලුව වන්නේ ලංකාවේ විධායක ජනාධිපතිවරයා සතුව අසීමිත බලතල තිබීමයි. ලංකාවේ විධායක ජනාධිපති ධුරය ව්‍යවස්ථානුකූල ඒකාධිපතියකු නිර්මානය කරන්නක් විය. 

ඒ බව ඔප්පු කර පෙන්වූයේ මහින්ද රාජපක්ෂයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී දෙමළ ජාතිවාදී කැරැල්ල මර්දනය කරන්නට ඔහු සමත් වීමත් සමග ම ඔහු අතිශය ප්‍රබල තත්වයකට පත් වූයේ ය. එයට අමතරව සටකපටකම් හා අශීලාචාරකම් ඔස්සේ ඔහු දැවැන්ත බලයක් ගොඩනගා ගත්තේ ය. අවසානයේදී, විධායක ජනාධිපති ක්‍රමය එහි නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන පවා ජීවත්ව සිටියා නම් ලජ්ජාවට පත් කරන තරමේ අවසානයක් කරා ඔහු ගෙන ආවේ ය. 

2009 ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව පරාජය කළේ ඒ රාජපක්ෂ ක්‍රමයයි. විධායක ජනාධිපති ක්‍රමය නො වේ. 

රාජපක්ෂ ක්‍රමය කෙතරම් මුල් විහිදුණු එකක් ද යත්, පසුගිය දිනවල රාජපක්ෂ පවුලේ අය හා ඔවුන්ගේ බත් බැලයන් සිහින දකිමින් සිටියේ දින සීයෙන් පසු එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ විධායක ජනාධිපති බලතල මුළුමනින් ම අහෝසි කර දමා, ඡන්දයෙන් පත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නාමික රූකඩයක් බවට පත් කර, බලවත් විධායක අගමැති ධුරය නැවත වතාවක් මහින්ද රාජපක්ෂ අතට පත් කර සුපුරුදු ක්‍රමය යළි පිහිටුවන්නයි. 

මෙම තත්වය හමුවේ දින සීයෙන් පසුව රාජපක්ෂ ක්‍රමය පැරදවීමේ විප්ලවය අවසන් වේ ද යන අභියෝගය අප ඉදිරියේ තිබිණි. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අනුව එවැන්නක් සිදු වන්නේ නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තව දුරටත් ආණ්ඩුවේ නායකයත්වයේ රැඳී සිටියි. එපමණක් නොව, ඔහුට නැවත වතාවක් ජනාධිපති ධුරය සඳහා තේරී පත් විමේ අවස්ථාව ද තිබේ. මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපති වන්නට ලැබෙන්නේ නැත. රාජපක්ෂ යුගය නියත වශයෙන් ම අවසාන ය. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩා වැදගත් වන්නේ රාජපක්ෂ ක්‍රමය අහෝසි කිරීම බව අපේ මතයයි. ශිෂ්ට විධායක ක්‍රමයක පූර්වාදර්ශය නිර්මානය කිරීමේ අවස්ථාව පොළොන්නරුවේ ගොවි ජනපදයක ඉපිද පඩියෙන් පඩිය නැගී ආ අව්‍යාජ ගැමියාට දැන් ලැබී තිබේ. 

රාජපක්ෂට නැවත නැගී සිටීමට බැරි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට බලපෑම් කෙරුණේ ශ්‍රීලනිපයෙන් වීම ගැන ද අවධානය යොමු කර මහින්ද රාජපක්ෂ ගෞරවනීය විශ්‍රාම දිවියකට උත්සාහ කරනවා නම් සුදුසු ය. ‍එහෙත්, සොරකම් කළ මහජන දේපල නම් ආපසු දිය යුතු ම ය. එසේම, යුද්ධයේදී සිදු වූ වැරදි කෙසේ වෙතත්, යුද්ධය මුවාවෙන් සිතා මතා කරන ලද අපරාධවලට ද ඔහු දඬුවම් ලැබිය යුතු ය. 

මේ ආණ්ඩුවේ ජනමාධ්‍ය පරිපාලනයේ බරපතල ගැටලුවක් ඇති බව අපි ආණ්ඩුවේ අසාර්ථකත්වය හා මාධ්‍ය බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නම් ලිපියෙහි ද පෙන්වා දුන්නෙමු. අද උදෑසන වන විටත්, කැබිනට් අනුමැතිය ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දිනමිණ හෝ ඩේලි නිව්ස් පුවත්පත්වල පළ කරන්නට බැරි වීමෙන් අප කියන දෙය ඔප්පු වේ. මේ සම්බන්ධ දිනමිණ මුල් පුවත කියවා බැලීමෙන් මාධ්‍යකරණයේ අසාර්ථකත්වයේ තරම පෙනේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. //සැබෑ රාජ්‍ය නායකත්වයට විධායක බලතල නො ලැබෙන නවීන ආණ්ඩු ක්‍රම කිසිවක් ලෝකයේ නැත. මේ මොහොතේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විප්ලවවවාදීන්ට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොව තමන්ගේ ඒකාධිපති පාලනය පිහිටුවා ගැනීමට යෝග්‍ය අරාජිකත්වයක් නිර්මානය කර ගැනීමයි. // pahadiliy.. Ekenma..

    ReplyDelete
  3. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි. අයින් කරන්න ඕනේ එහි තිබෙන ඒකාධිපති බලතල පමණයි. නිකම් වැඩක් නැති අගමැති කෙනෙක් ආවොත් ජාතිවාදී පක්ෂ වලට ආයෙත් රට අවුල් කරන්න ඉඩ ලැබෙනවා.

    ReplyDelete
  4. මහින්දව එලවන්න චන්දෙ ඉල්ලනකොට එහමයි රනිල්/මෛත්‍රී/පැරාල කරනකොට මෙහෙමයි නේද!

    ReplyDelete
  5. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා රටේ බහුතරයක් ඉල්ලලත් නෑ එහෙම අවශ්‍යතාවයකුත් ඇත්තටම නෑ.

    ReplyDelete
  6. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩා වැදගත් වන්නේ රාජපක්ෂ ක්‍රමය අහෝසි කිරීම බව අපේ මතයයි. ශිෂ්ට විධායක ක්‍රමයක පූර්වාදර්ශය නිර්මානය කිරීමේ අවස්ථාව පොළොන්නරුවේ ගොවි ජනපදයක ඉපිද පඩියෙන් පඩිය නැගී ආ අව්‍යාජ ගැමියාට දැන් ලැබී තිබේ. ++++++++++

    ReplyDelete
  7. විධායකේ එක්ක පැරාට මොන ප්‍රශ්නයක් තිබ්බත් රටට විධායකය අවශ්‍යයි

    ReplyDelete
  8. /රාජපක්ෂ ගෞරවනීය විශ්‍රාම දිවියකට උත්සාහ කරනවා නම් සුදුසු ය. ‍එහෙත්, සොරකම් කළ මහජන දේපල නම් ආපසු දිය යුතු ම ය. /

    දවස් හැටට ඇලෝසියස් ගහපුවා ආපහු දෙන්න ඕන නෑ නේද?

    රාජපක්ෂ එලවීමෙන් එහාට කරන්න ඕන රනිල්ගේ සෙට් එකට කාගෙන යන්න දෙන එකද?

    නම අසූ පමණින් රනිල් චන්ද්‍රිකා මෛත්‍රී සහ රාජපක්ෂ පවුලම හුනස්නෙන් නැගිටින තරම් සලකන අපේ කාලයේ පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයා වන අජිත් පැරකුම් ජයසිංහයන්ගේ දේශපාලන දැක්මේ දිග පළල මැනවින් විදහා දක්වන මිනි පහනකි මෙම ලිපිය. ලොකුජයසිංහයන් සරමේ පිහිදා නොගැනීම ගැන අනිවාර්යෙන් ආඩම්බර වනු ඇත.

    ReplyDelete
  9. සැබෑ රාජ්‍ය නායකත්වයට විධායක බලතල නො ලැබෙන නවීන ආණ්ඩු ක්‍රම කිසිවක් ලෝකයේ නැත. මේ මොහොතේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විප්ලවවවාදීන්ට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොව තමන්ගේ ඒකාධිපති පාලනය පිහිටුවා ගැනීමට යෝග්‍ය අරාජිකත්වයක් නිර්මානය කර ගැනීමයි. //
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  10. නැවත මහින්ද කවදාවත් බලයට එන්නෙ නැහැ. ඔහු වරෙක කීවා ගිය නුවන ඇතුන් ලවාවත් අද්දගන්න බෑ කියල. එහෙම කිව්වෙ ශ්‍රීලනිපයට කළ ව්‍යවස්ථා සංශෝධනය නිසා වෙන්න ඇති.
    වෙන පක්ෂෙකින් ඉල්ලල ඔහුට යන්න පුළුවන් උපරිම දුර විපක්ෂනායක කම. ඒකත් පහසු ඉලක්කයක් නොවෙයි.
    සොරකම් කළ දේපොළ නම් ආපසු දිය යුතුයි.
    ඔහුගෙ ව්‍යාජ හැසිරීම්වලත් අඩුවක් නෑ. අර ළමයි වඩා ගැනිල්ල විකාරයක්නෙ. කොහෙන්හරි ළමයෙක් ගේනව වඩා ගන්න . අහම්බෙන් දැකල වඩාගන්න ඒක වෙනම දෙයක්. දැන් ඒක විකාරයක්. කැළැනිය පන්සල ලගදි අම්ම කෙනෙක් ළැමය අරන් දුවගෙන ආව ජනාධිපති වඩාගනීවි කියල . වඩා ගත්තෙ නැහැල්ලු.පවු. මං බුකියෙ ඒ දවස්වල දැක්ක පොටෝ එක.ළමයි වඩා ගැනිල්ලත් තෝරල බේරලලු කෙරුවෙ

    මෙයාට දැන් 71 ක්.දුර ගමනකට මේ වයස හොඳ මදි. නාමල් ල එහෙම මහ අහංකාර නරුමයො කියල සමාජය දන්නව. මහින්ද කරපු ඇන්දිල්ල අනෙක් අයට කරන්න බෑ. පක්ෂයෙන් ඔහුට තියන විරෝධායත් එක්ක ගමන ලේසි නෑ.

    ReplyDelete
    Replies
    1. මහින්ද මේ දවස්වල වල්ලෙ ගිනිගත්ත හනුමා වගේ තමයි කැන්වසිං දුවන්නේ, ගිය සතියේ අග අනුරාධපුරේ පුරා දිව්වා එකතැන විනාඩි 10යි, අර ඉස්සර සජිත් හම්බන්තොට තිබ්බ රැස්වීම් වගේ තමයි. එකතුවෙන සෙනගෙන් භාගයක්ම එයා එක්කම එන අය. ඇම්බියුලන්ස් එකක් වගේ එකකුත් ස්කෝඩ් එකේ යනවා.
      මිනිහට විස්වාස නෑ ගොලයෝ, තනියෙන් කැන්වසින් ගිහිල්ලා හරි අනුරාධපුරේ රැස්වීමට සෙනඟ ගෙන්න ගන්න උත්සහය, එකටනම් මනුස්සය අනිව එයි.

      Delete
    2. ගහන්න තියෙන හැම තුරුම්පුවම ගහලත් දිනන්න බැරිවෙලා පුක බිම අනිච්ච මහින්දට ටොයියෝ මෙච්චර බය ඇයි? යකුනේ ඒ මිනිහට ආයේ එන්න බෑ. හැබැයි ඒ මිනිහට ආයේ චන්දෙ දිනන්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ඒ මිනිහව බලන්න මිනිස්සු එන්නේ නෑ කියල. මිනිස්සු එන්නේ 2010ට කලින් මහින්දව බලන්න. චන්දෙ ඉල්ලන්න ආවොත් එන්නේ 2010 න් පස්සේ මහින්ද නිසා චන්දෙ දෙන්නේ නෑ.

      ටොයියෝ කලිසමේ චූ දාගෙන දඟලලා පුළුවන් නම් නිමල් සිරිපාල අගමැති කර ගනිල්ලා. මර්විනුයි ලන්සායි දෙන්නම මධ්‍යම කාරක සභාවටත් පත් උනා. උන් දෙන්නත් ඇමතිලා උනාම ෂෝක් නේද?

      Delete
  11. මහින්දට එන්න බෑ ටොයියනේ බය වෙලා කලිසමේ චූ දාගන්න එපා. වැරදිලා හරි ආවත් නවත්තපු තැන ඉඳල පිස්සු කෙලින්න අරගෙන ඉක්මනටම ගෙදර යනවා.

    පොඩ්ඩක් යහපාලනය හරි පාරට ගන්න බලපල්ලකෝ. දුමින්දලා ලන්සාලා කුඩු විකුනලම නැද්ද? සජින්ලා බැසිල්ලා ගහලම නැද්ද? රවී එක්ක සෙට් වෙලා ඇලෝසියස් ගැහුවේම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++

      Delete
  12. peraa thamuselaa wage unta thiyenne samaja asahane, thamuselaa samaje hadanna wage kathaa karata karanne samajeta waira karana eka, thamuselage sithagiyawata anuwa palakayo shaa samaje hesirun naththan samaja perali kiyala karanne samajen paliganna eka thamuselaa wage unwa sinhala jathiyata kelalak oi palayan uthurata gihilla unta kiyaa dipalla rate anannya thawe winsha karana heti ungen pali ganna heti aithi nethi nija bim aithi kara ganna heti umbala gena thamai yako darma pala thuma kiuwe kalu suddo bowenawa un merata kadala winasha karanawa kiyala thamusetatah thiyenne para pidaa kamukaththwe wage para pidaa samaja asahane

    ReplyDelete
    Replies
    1. තමුන්නාන්සේ කියන එක තමුසේ කියලා කෙටි කරලා භාවිත කරන එක වගේම ඌ, මූ, වගේ වචන කතාකරන ලියන එකත් ඔය කියන සමාජ අසහනයේම ලක්ෂණයක් තමයි. ලඟකදී රනිල්ටත් මල පැනලා (අසහනය උපරිමයට ගිහින්) ඔහොම කියලා තිබ්බේ.

      Delete
    2. ධර්මපාල තුමත් ගලගොඩ අත්තේ වගේම මල අතින්ම අරන් ඉපදිච්ච කෙනෙක්නේ නේද? ඉංදියාවේ තපස් රකින්න ගිහිල්ලා මිනිස්සුත් මැරුවා කියනවා නේද?

      Delete
  13. දැන් බලාගෙන යද්දි ව්යවස්ථාව වෙනස් කරන්නෙ මහින්දට ආයෙත් දෙශපාලනයට එන්න තියෙන ඉඩ අහුරන්න මිසක් රටෙ අවශ්යථාව අනූව නෙවෙ.

    විධායක ජනාධිපතිකම අහොසි කරනවා කියාගෙන මයිත්‍රී අඩද්දී අපිනම් කිව්වා මෙ අහොසි වෙන ජනාධිපතිදූරයක් නෙවෙ, බොරු මිරුගු පස්සෙ ගිහින් රටට කොන්දක් දුන්නු නායකයා නැති කරගන්න එපා කියලා.

    ReplyDelete
  14. ජනාධිපත්දූරය රැක ගැනීමෙ ගෞරවය යන්න ඔනෙ විමල්, ගම්මන්පිල, වාසු, දිනෙශ් සහ මහින්දටයි. මොකද මෙ නරි ටික ජනාධිපතිදූරය අහොසි කිරීම නැවැත්තුවෙම මහින්ද අගමැති සටනට එයි කියන බයට. කොහොම කොහොම හරි ජනාධිපතිදූරය අහොසි වෙලා, පලාත් සභා ශක්තිමත් වෙලා, රට අස්ථාවර වෙන එක වැලකුන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ හුටප්පරෙන් රනිල් සහ UNP ය තව දශක ගනනාවකට ඇති වෙන්න පිච්චන් උනා. රනිල්ගේ බටලන්දේ වික්‍රම , සජිත්ගේ නිදන් වික්‍රම , ටයර් උඩ පිළිස්සෙන මල සිරුරු නොදැකපු තරුණ පරම්පරාව තුල කිසියම් හෝ ප්‍රසාදයක් ඔවුන් වෙනුවෙන් තිබ්බ නං ඒකත් වාෂ්ප වෙලා ගිහිල්ල.

      මයිත්‍රී තමන්ගේ විධායක අඬුවෙන් , SLFP මන්ත්‍රීන් සියල්ලන්ගේ බිජ්ජවල් අල්ලං උන් පොන්නයෝ කරගෙන , තමන්ට බලයට එන්න උදවු කරපු UNP ආණ්ඩුවට අබිමතයක් කරන්න දීල, තමන්ගේ කෘත ගුණ දක්වන , විපක්ෂයක් නැති වටපිටාවක සාමාන්‍ය මිනිස්සු අපේක්ෂා කරන ඒ විපක්ෂයේ හඬ හරි අපුරු විදියට දෝලනය වෙන්නේ මිනිස්සු දෙන්නෙක් වටේ. ඒ ගම්මන්පිල සහ විරවංශ.

      උං දෙන්න ක්‍රීඩකයෝ නැති පිටියක පොන්නයෝ එවන පන්දු වලට ඇත දිග ඇරලා හයේ ඒවා ගහනවා. ඇත්තටම අපි උන් දෙන්නට කෘතඥ විය යුතුයි ජනතාවගේ හඬ ඒ ආකාරයෙන් එළිදක්වනවාට.

      පහුගිය මාස කීපයේ තරම් දේශපාලන පාරාජිකාවට පත්වූ දේශපාලකයෝ වෙන කවදාවත් ඉඳ නැහැ. චම්පික , රත්නේ වගේම නිමල් සිරිපාල , රාජිත වැනි අයට ලබන මැතිවරනකින් චන්ද මගින් බලයට පත්වීම සිහිනයක් පමණක් වෙයි. ජනදිපතිවරණයෙන් පසු සෝභිත උන්නැහේට දානේ වේලවත් ලැබෙන්නේ නැති බවයි පංසලේ කෙනෙක් පැවසුවේ.

      අනිත් අතට ගම්මන්පිල සහ විරවංශ මේ විපක්ෂ දේශපාලන රික්තකය සාර්ථක ලෙස කැපිටලයිස් කරමින් ජනතාව අතර සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් සාර්ථක ගමනක් යන බව පේනවා. පැරාට නං කටු අනිනවා වගේ ඇති .....

      Delete
    2. ම සො පි,

      ඔබ කියන ප්‍රමාන වලින් ඔය දේවල් (අඩුතරමින් දැනට) වෙලා නෑ. ඒ ටික වෙන්න කලින් තමයි දඩිබිඩියේ චන්දෙ තියන්න හදන්නේ.

      අනිත් එක SLFP උන් මහින්දගේ කාලේ හිටියෙත් පොන්නයෝ වගේ නිසා කිසිම වෙනසක් නෑ. ඒ කාලේ විමල්ගේ ගම්මන්පිලගේත් වෙනසක් තිබ්බේ නෑනේ. මහින්ද කියන හැම දේටම පොන්නයෝ වගේ අත ඉස්සුවා.

      පැරා හෙනහුරා බුවා කකා උපශාන්ත වගේ ටොයියෝ ඉස්සර සිංහයෝ වගේ ටෝක්ස් දුන්නට දැන් පොන්නයෝ වගේ ඉන්නවා අර්ජුන් මහේන්ද්‍රන් ගහපු ගැහිල්ල ගැන ඇහුවම.

      Delete
    3. // පැරා හෙනහුරා බුවා කකා උපශාන්ත වගේ ටොයියෝ ඉස්සර සිංහයෝ වගේ ටෝක්ස් දුන්නට දැන් පොන්නයෝ වගේ ඉන්නවා අර්ජුන් මහේන්ද්‍රන් ගහපු ගැහිල්ල ගැන ඇහුවම. //

      මට හිතෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් කොලඹ රාජකීය විද්යාලයේ ආදි සිසුවෙක් වීම නියා පැරා ඔහු ට ෆුල් ලවු කියා ය...

      Delete
    4. මෙන්න කක්ක තුමාගේ ප්‍රතිචාරය!

      "රසිකොලොජිස්ට් - RasikologistMarch 15, 2015 at 11:48 AM
      මහ බැංකු අධිපතියා සහ බෑනා ගැටඹේ දේවාලයට සල්ලි අල්ලස් දී ඇති නිසා නීති කැඩිය හැක!"

      "රසිකොලොජිස්ට් - RasikologistMarch 15, 2015 at 6:47 PM
      මගේ නම් එදත් අදත් කිසිවෙකුට කොන්දේසි විරහිත පක්‍ෂපාතීත්වයක් නැත. පිළිම වන්දනාවක් ද නැත."

      හැබැයි විරුද්දව කතා කරන්නේද නැත! ඒකනිසා පුකද නැත! (පුක යනු කුනුහරුපයක් නොවේ කාකා)

      Delete
    5. මහසොහොන් පිල්ලිය ---
      'විමල් වීරවංශ' කියන බොරු නමින් පෙනී හිටින කැණහිලාගේ දේශපාලන මරණය සිද්ද වෙන්නේ 2015 අප්‍රේල් 23 දා.

      Delete
  15. / අද උදෑසන වන විටත්, කැබිනට් අනුමැතිය ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දිනමිණ හෝ ඩේලි නිව්ස් පුවත්පත්වල පළ කරන්නට බැරි වීමෙන් අප කියන දෙය ඔප්පු වේ. මේ සම්බන්ධ දිනමිණ මුල් පුවත කියවා බැලීමෙන් මාධ්‍යකරණයේ අසාර්ථකත්වයේ තරම පෙනේ. /

    මට දිනමිණ දෙන්ඩ ප්ලීස්.

    -පැරා

    ReplyDelete
    Replies
    1. හාහා ඒවා දින සියයෙන් පස්සේ! රනිල් කිව්වා මුලින් රැවුල එහම කපල මනුස්සපටට ඉන්න කියල!

      Delete
  16. // විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩා වැදගත් වන්නේ රාජපක්ෂ ක්‍රමය අහෝසි කිරීම බව අපේ මතයයි. //

    බලං ඉන්න හිටං

    ReplyDelete
  17. ඇත්තටම ප්‍රස්නෙ තිබුනෙ,විධායක ජනාදිපති ක්‍රමයෙ නෙමේනෙ.එතෙන්ට ආපු මහින්ද කියන කාලකන්නි මනුස්සය හින්දනෙ.සමානුපාතික චන්ද ක්‍රමයටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි.සුදුස්සො සුදුසු තැන්වලට ආවොත් ඔය ක්‍රමවේද ගැන කරදර වෙන්න ඕන නැහැ.

    ReplyDelete
    Replies
    1. එතකොට උඹලට ජේ ආර්ගේ, ප්‍රේමේගේ චන්ද්‍රිකාගේ විධායක පාලනය හොදයිද? ඕක 2005දි රනිල්ට ගියානම් මෙලහකට රට තුනට කැඩිලා තුන්ගොල්ලෝම ගහගන්නවා

      Delete
    2. මෙන්න කක්ක තුමාගේ ප්‍රතිචාරය!

      "රසිකොලොජිස්ට් - RasikologistMarch 15, 2015 at 11:48 AM
      මහ බැංකු අධිපතියා සහ බෑනා ගැටඹේ දේවාලයට සල්ලි අල්ලස් දී ඇති නිසා නීති කැඩිය හැක!"

      "රසිකොලොජිස්ට් - RasikologistMarch 15, 2015 at 6:47 PM
      මගේ නම් එදත් අදත් කිසිවෙකුට කොන්දේසි විරහිත පක්‍ෂපාතීත්වයක් නැත. පිළිම වන්දනාවක් ද නැත."

      හැබැයි විරුද්දව කතා කරන්නේද නැත! ඒකනිසා පුකද නැත! (පුක යනු කුනුහරුපයක් නොවේ කාකා)

      Delete
  18. ඇත්තටම ප්‍රශ්නෙ විධායක ජනාධිපති ක්‍රමයෙ තමයි. වඩාත් නිවැරදිව කිව්වොත් ලංකාවෙ තිබුන විධායක ජනාධිපති ක්‍රමයෙ තමයි වැරැද්ද තිබුනෙ. වැරැද්ද තමයි අසීමිත බලතල සහ නීතියට යටත් නොවීම. පැරා කියනව වගේ විධායක ජනාධිපතිකමයි විධායක අගමැති කමයි අතරෙ ලොකු වෙනසක් නෑ. තනි පුද්ගලයකුට විධායක බලය නොගිහින් කැබිනට් එකට නැත්නම් ඇමති මණ්ඩලේට විධායක බලය ගියා වුනත් මණ්ඩලේ එකට සෙට් වුනාම අර සන්තෑසියම තමයි.

    ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ මේ විධායකය (ජනාධිපති වුනත් අගමැති වුනත් සාමූහික මණ්ඩලයක් වුනත්) රටේ මූලික නීතියට සහ ව්‍යවස්ථාවට යටත් වන විදිහේ ව්‍යවස්ථාවක් හදා ගැනීමයි. විශේෂයෙන් “පත් කිරීම්“ වලදි තනි මතයට තීන්දු ගැනීමට ඉඩකඩ නොතැබිය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. අර්ජුන් මහේන්ද්‍රන් පත්කරෙත් තනි මතයටද හෙන අයියා? අයියල වගේ ටොයියල ඒ ගැන මුකුත් නොකිය ඉන්නෙ ඇයි අයියා.

      ඉස්සර නම් මහින්ද බිජ්ජ මිරිකල ඔක්කොමල පොන්නයෝ වගේ තියන් ඉන්නවා. අපි එහෙම ඉන්නේ නෑ කියල සිංහ නාද කරලා නේද අයියලා කඩේ ගියේ. දැන් මොකද අයියා සද්දෙ වහලා.

      Delete
    2. හේනේ මෙයා, දෙමෙල්ලු ජාතිවාදී වෙන්නෙත් හොරු වෙන්නෙත් එකම ජානේ නිසාද මෙයා? එතකොට රාජිතගේ පුතා බාලවයස්කාර කෙල්ලෝ උස්සන්නේ මොකද මෙයා?

      Delete
  19. Para take the pill or go to Angoda hospital. Your bull shit is better for people like you.

    ReplyDelete
  20. රාජපක්ශ ක්‍රමය එපානම් උබට ඔනෙ ජේර් ක්‍රමයද? ප්‍රෙමදාස ක්‍රමයද? චන්ද්‍රිකා ක්‍රමයද? යුද්දයක් ඉවර කරපු රටෙ ජාතික නිශ්පාදනය 3න් ගුනයකින් වැඩි කරපු නායකත්වයට අපිනම් එපා කියන්නෙ නෑ. පැරාලනම් ඉතින් විකුර්ති කට්ටියනෙ. හොයන්නෙම නිවට දීන නායකත්වයක් තමයි.

    ReplyDelete
    Replies
    1. මහින්ද හැඳි ගෑවිලාම පලයන් දෙයියනේ...

      Delete
    2. //මහින්ද හැඳි ගෑවිලාම පලයන් දෙයියනේ...

      කොටින්ගෙ ප්‍රාර්තනාව

      Delete
  21. මේක පුමුද වැඩක්නේ හලෝ .......... ආදරේටත් වෛර යටත් අපේ උං ලියන්නේම මහින්ද ගැනනේ. අර රත්‍රං වටින මෛත්‍රි පැටියා ගැන මේ ලෝකේ එකෙක් කතාකරන්නේ නැහැ. ලිපි ලියන්නෙත් නැහැ. බලා ගෙන ගියාම පැරාලා වගේ මහින්දගේ හෙවනැල්ලටත් බය වෙන උනුත් මහින්ද අතහරින්නම බැරිව සුසුම් හෙළන උනුත් දෙගොල්ලෝම කරන්නේ මහින්දගේ වටිනාකම වැඩි කරන එකයි. බලන්නකෝ ඒකෙත් හැටි !

    ReplyDelete
  22. තෙත් කලාපේ හිටපු සමාජවාදී වර්තමාන අමතියෙක්කුගේ පුතකු බාලවයස්කාර කෙල්ලෝ උස්සන ඒවා හිටපු සමාජවාදියෙකු වන පැරාට පෙන්නේ නැත්ද? නැත්නම් එපිලිබදව විශේෂඤ දැනුමක් නැති නිසා නොලිය ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැහැදිලිවම කිව්වනේ මෙතන වෙලා තියෙන සිද්ධිය.... ඒ ගෑනු ළමයා ස්වකැමැත්තෙන් ම තම යි ඔය පිරිමි ළමයා එක්ක ගිහින් තියෙන්නේ. ඒ වෙන කොට ගෑනු ළමයාගේ වයස අවුරුදු 16 ට වැඩි යි. ලංකාවේ නීතියේ හැටියට ගෑනු ළමයෙකුගේ වයස අවුරුදු 16 ට වැඩි නම්, ඒ ළමයාගේ අකැමැත්ත තියෙද්දී එයාව දෙමව්පියන්ට ආපසු භාර දෙන්න බෑ.

      අනික, මේ ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවලා තියෙන්නේ සංකිලි පනික්කියාගේ විමලසේන. එයාගේ කාර්යාලයෙන් තමයි මාධ්‍ය ආයතනවලට ආරාධනා යවලා තියෙන්නේ.

      කරුණාකරලා මේකත් කියවලා ම ඉන්න ---
      විමල්, අමාත්‍ය රාජිතට ඇනූ මඩ ගහන්න පෙර උලාගෙන!

      Delete
    2. කෙල්ල රාජිතගෙ ගෙදර නැවතුනෙ ගියෙ අවුරුද්දෙ. ඒ කියන්නෙ අවුරුදු 15යි. ඒ ඔක්කොම පැත්තකින් තියමු. දැන් පොලීසිය ඉස්සර වෙලා රජිතගෙ ගෙදර සොදිසි කරලා අදාල ලමයගෙන් ප්‍රශ්න කරලා ඉන්න ඔනෙ නැද්ද? රාජිතගෙ මතය අපිට කියන්නනම් පොලීසියක් ඔනෙද? ඕකද පස්ස විකාගෙන හොයපු යහපාලනෙ?

      අනික සුජාත භාවයෙ හිනිපෙත්තටම ගියපු යහපාලකයො කැමැත්තෙන් ආවා කියලා අවුරුදු 16ක ගෑනු ලමයෙක් තමන්ගෙ ගෙදර තියන් ඉන්නවද? තරුණ ගෑනු ලමයෙක් ගැන තොපෙ තියෙන ආකල්පය ඔහොමනම් රට ගැන කොහොම හිතනවා ඇතිද? තුක් විතරක් මෙ යහපාලන ටොයියන්ගෙ රෙද්ද පල්ලෙන් බෙරෙද සධාචාරෙ.

      Delete
    3. ඊයෙ දෙරණ නිව්ස් දැක්කද? ඒ කෙල්ලගෙ දෙමාපියො මාධ්‍ය වලට ලියුමක් ඒවල තියෙනව. ඒකෙ උප්පැන්න සහතික කොපියක් අමුණල, පැහැදිලිවම පිළි අරගෙන තියෙනව ඒ ළමයට වයස 16 මාස 2 කියල 2014 අප්‍රේල් වලට. එතකොට කොහෙද අපරාදෙ?

      තමන්ගෙ පුතා කැමති ගෑණු ළමයට වයස හරිනම්, ඒ ළමයත් කැමතිනම්, ඒ දෙන්නට එකට ජීවත් වෙන්න ඉඩ දෙන එකේ වරද මොකද්ද? තව මාස හතරකින් ඒ ගෑණු ළමයට 18 උනාම උන්දෙන්න බැඳල යන්න යයි. ඊට කලින් විමළය ට්‍රයි කලා මේක අල්ලල යහපාළනේට කෙලින්න, පව් මිනිහ එකෙනුත් නෑව!

      Delete
    4. දේශපාලකයෝ තරුණ පුත්තුන්ට ගෙදර තියාගන්න බෝනික්කෝ ගෙනත් දෙන එක අළුත් විලාසිතාවක් වගේ, හැබැයි එයාලගේ පැත්තෙන් බැලුවොත් මේ අමන පුත්තු දාගන්න මජර කේස් මීඩියා එකට යන එකෙන් බේරගන්න හොඳම ක්‍රමයක්. මර්වින් වගේ ගූ වලින් ම ප්‍රසිද්ධ වෙන්න දගලන අයට පුත්තුන්නේ කේස් අවුලක් නොවුනට සුද්ධවන්තයෝ විදිහට පෙනි සිටින්න දඟලන දේශපාලුවන්ට මේක හො විසඳුමක් රජ ගෙදරත් දෙකක් හිටියා කියලා මඩක් ගියානේ, සමහර වෙලාවට එක්ත ඇත්තක් වෙන්න ඇති. කොයි අම්ම තාත්තද අකමැතිවෙන්නේ රට වෙනුවෙන් යමක් කරලා පවුලටත් යමක් කරගන්න නේද?

      Delete
    5. පුරාණ සිරිත් ඒ විදිහටම රකින එක හොඳ ජාතියට ලැදි පුරවැසියන්ගේ සිරිතක්, ඉස්සර වලවු වල පුංචි නිලමෙලාට හුරතල් කරන්න ගෙනාපු බෝනික්කියෝ කියක් නම් හිටියාද ? මේ මඟුලේ යහපාලනයක් නිසා ජාතික උරුමය සුරකින එකටත් බාදාවක්.

      Delete
  23. පැරා ඇමරිකන් යටකලිසමත් ගලවලා නිරුවතින්ම නටනවා වගෙයි පෙන්නෙ. රටක ව්යවස්ථාව එක මිනිහෙක් දෙශපාලනයෙන් අයින් කිරීම වෙනුවෙන්ම වෙනස් කිරීමද යහපාලනෙ?

    ReplyDelete
    Replies
    1. එතකොට, රටක ව්‍යවස්ථාව එක මිනිහෙකුගේ සදාකාලික පැවැත්ම වෙනුවෙන් ම වෙනස් කිරීම ද ආසියාවේ ආශ්චර්යය?

      ඔන්න මහින්ද නම් තාමත් නිරුවතින් ම නටනවා...
      ඇමරිකාව තමයි රාජපක්ෂලාගේ මව්බිම. ඒකනේ බැසිල් 'ටුස්' ගාලා මාරු වුණේ...

      Delete
    2. ටොයියෝ,

      /එතකොට, රටක ව්‍යවස්ථාව එක මිනිහෙකුගේ සදාකාලික පැවැත්ම වෙනුවෙන් ම වෙනස් කිරීම ද ආසියාවේ ආශ්චර්යය?/

      කිසිසේත් නැත. ආශ්චර්යයේ ආතල් ගැනීමට ඒ මිනිහා ගෙදර යවා ඇත.

      /ඔන්න මහින්ද නම් තාමත් නිරුවතින් ම නටනවා.../

      කලින් චන්දෙ තියල ඉල්ලගෙන කාලා පුක බිම ඇනිච්ච මිනිහෙක් බොරුවට දඟලන එක ඔච්චර සීරියස් ගන්නේ ඇයි? මහින්ද නිරුවතින් නටන්නේ පැරදිච්ච හින්දනේ. දිනපු මිනිස්සු ඒක දැකලා බයවෙලා ජංගියේ චූ කරගන්නේ ඇයි?

      /ඇමරිකාව තමයි රාජපක්ෂලාගේ මව්බිම. ඒකනේ බැසිල් 'ටුස්' ගාලා මාරු වුණේ.../

      හොරුන්ට පැනල යන්න දෙන එකද ටොයියන්ගේ යහ පාලනය? ගිය ආණ්ඩුවෙන් වැඩියෙන්ම හම්බ කර ගත්තු එකාව ප්ලේන් එකකින් රට යැව්වා. කුඩු ලන්සාව වැඩබලන මහ ඇමති කරලා. මර්වින් මධ්‍යම කාරක සභාවට ඇවිත්. සිංගප්පූරුවෙන් ගෙන්නපු මාමා බෑනා එක්ක සෙට් වෙලා එක රෑට බිලියන ගානක් හොයනවා. ටොයියෝ තාම මහින්දට බයේ වෙවලනවා.

      Delete
    3. බයියෝ,

      (1) ආශ්චර්යයේ ආතල් නෙවෙයි, පරම්පරා ගණනක ණය නම් මිනිහා ඉතිරි කරලා ගිහින් තියෙනවා.

      (2) ටොයියලා ජංගියේ චූ කර ගන්නවා නෙවෙයි, මහින්ද පරදින්න කලින් සිටම නටන නිරුවත් නැටුම, අර ජන කතාවක එන පොඩි ළමයා වගේ පෙන්වලා දෙන එකයි කරන්නේ.

      (3) මෙතන නම් මම ඔයාගේ මතයට 100% ක් එකඟයි ("ටොයියෝ තාම මහින්දට බයේ වෙවලනවා" කියන එකට හැර).

      මීට,
      ඇනොනිමස් ටොයියෙක්.

      Delete
    4. /එතකොට, රටක ව්‍යවස්ථාව එක මිනිහෙකුගේ සදාකාලික පැවැත්ම වෙනුවෙන් ම වෙනස් කිරීම ද ආසියාවේ ආශ්චර්යය?

      තවත් ටොයි පචයක්. සදාකල් ඉන්න ක්‍රමය වෙනස් කරගත්තනම් ඒ මිනිහා චන්දෙන් ගෙදර ගියෙ කොහොමද? තමන්ගෙ හොර නායකයො කියන ඕන ගොන් කතාවක් ගිරව් වගෙ රිපීට් නොකර හිතන්න මතන්න බුද්ධිය හදාගන්න ඔනෙ මෙ ටොයියො.

      ඔන්න ආයෙත් ඇහුවා, එක මිනිහෙක් ඉලක්ක කරලා ව්යවස්ථාව වෙනස් කිරීමද යහපාලනෙ?

      Delete
    5. ඇනොනිමස් ටෝයියෝ,

      (1) ආශ්චර්යයේ ආතල් නෙවෙයි, පරම්පරා ගණනක ණය නම් මිනිහා ඉතිරි කරලා ගිහින් තියෙනවා.

      මිනිහව ගෙදර යැව්වේ ඒකනේ. දැන් ගණන් හිලව් ඇතුව ඕවා ඉදිරිපත් කරානම් සාක්ෂි එක්ක මොකද වෙන්නෙ? ගහපු ගිවිසුම්, ගෙවපු වව්චර්/ කුවිතාන්සි වගේ දේවල් තියෙන්න ඕනනේ. එහෙම ගිවිසුම් නැත්නම් ණය ගෙවන්න ඕන නෑනේ.

      (2) ටොයියලා ජංගියේ චූ කර ගන්නවා නෙවෙයි, මහින්ද පරදින්න කලින් සිටම නටන නිරුවත් නැටුම, අර ජන කතාවක එන පොඩි ළමයා වගේ පෙන්වලා දෙන එකයි කරන්නේ.

      මහින්ද සරම කඩා ගත්තේ ගොඩක් කලින්නේ. ඕක ආයේ ආයේ පෙන්නලා දෙන්න දෙයක් තියෙනවද? මේ රටේ මිනිස්සුන්ට තමන්ව ගස් බැඳ ගනිපු හැටි, සෙල්ලම් පිස්තෝල, තමන්ටම ගහ ගන්න මේජර්ලව අමතකයි කියල හිතනවද? වැරදිලා හරි මහින්දට ආයේ එන්න පුළුවන් කියල හිතන තරමට ටොයියෝ බංකොලොත් ද?

      (3) මෙතන නම් මම ඔයාගේ මතයට 100% ක් එකඟයි ("ටොයියෝ තාම මහින්දට බයේ වෙවලනවා" කියන එකට හැර).

      මහින්දට බය නැත්නම් ඉතිං මහින්දව අමතක කරලා ඔය මම කියපු දේවල් නිවැරදි කරලා ඉමුකො. අපි වගේ බයියන්ට දුක හිතෙන හින්ද මහින්දයි ගෝටයි අමතක කරන්නකෝ. ටොයියලත් කීයක් හරි හම්බ කරගන්න ඕන හින්ද මාමයි බෑනයි රවී ලොක්කවයිත් පැත්තකින් තියන්නකෝ. හිරුනිකා කියන හින්දවත් පොඩ්ඩක් දුමින්ද ගැනවත් පොඩ්ඩක් හොයන්නකෝ. දුමින්ද කුඩු බිස්නස් කරේ නැත්නම් ඔච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලවත් අහන්නකෝ.

      දැන් අහන්න එපා ඒ දවස්වල සද්දේ දැම්මේ නැත්තේ මොකද කියලා. ඒ දවස්වල සද්දේ වහල හිටියේ බයේ කියමුකෝ. විකල්පයක් නැතුව මහින්ද ගෙදර යවනවද ඇහුවම හෙනහුරා ඇතුළු ටෝයියො කිව්වේ "ගෙදර ගිනිගන්නවා. එළියේ හීතලද වැස්සද හොයන්න එපා. එලියට එන්න." කියලා. දැන් අපි අහන්නේ එළියේ මොකද වෙන්නේ කියලා.

      Delete
    6. @AnonymousMarch 17, 2015 at 11:55 AM
      /////තවත් ටොයි පචයක්. සදාකල් ඉන්න ක්‍රමය වෙනස් කරගත්තනම් ඒ මිනිහා චන්දෙන් ගෙදර ගියෙ කොහොමද?/////

      මිනිහා සදාකාලිකවම ඉන්න තමයි ගියේ....
      හමුදාවෙනුයි පොලීසියෙනුයි ඊට ඉඩක් නැහැයි කියලා දැන ගත්තම ගෙදර ගියා.

      Delete
    7. @AnonymousMarch 17, 2015 at 12:58 PM
      /////විකල්පයක් නැතුව මහින්ද ගෙදර යවනවද ඇහුවම හෙනහුරා ඇතුළු ටෝයියො කිව්වේ "ගෙදර ගිනිගන්නවා. එළියේ හීතලද වැස්සද හොයන්න එපා. එලියට එන්න." කියලා. දැන් අපි අහන්නේ එළියේ මොකද වෙන්නේ කියලා./////

      ගිනි ගනිමින් තිබුණු ගෙදරින් එළියට පැමිණීම ගැන ඇත්තේ පුදුමාකාර සතුටක්. තව ටිකක් ඇතුළේ හිටියා නම් මේ අකුරු කොටන්නවත් අපි ඉතුරු වෙන්නේ නැහැ; අඟුරු වෙලාම යනවා. දැන් එළියේ පොඩි හිරිකඩ වැස්සක් යනවා. ඒක නිසා ෂර්ට් එක පොඩ්ඩක් තෙමිලා. එහෙම වුණත් තව ටික වෙලාවකින් පොද වැස්ස නවතින ලකුණු තමයි තියෙන්නේ. ආකාශයේ එක පැත්තක වළාකුළු පහව යමින් තිබෙනවා. ඒ අතරින් අව්වත් පොඩ්ඩක් එබිකම් කරනවා. තව ඩිංගිත්තකින් යහපත් කාලගුණයක් උදා වෙනවා. ඒක නිසා ෂර්ට් එක පොඩ්ඩක් තෙමුනාට කමක් නෑ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා