මොකක්ද මේ ජවිපෙ පුවත්පත් කලාව?

ලංකාවේ අතිශය ජනප්‍රිය ගොසිප් වෙබ් අඩවි කරන අය බොහෝ විට කරන්නේ උදේ පාන්දරින් පත්තර ටික අරගෙන එහි තිබෙන සංවේදී පුවත් එහෙමම තමන්ගේ වෙබ් අඩවියේ පළ කරන එක. වානිජ අරමුණු සහිත වෙබ් අඩවි එහෙම කරන එක කමක් නැහැ කියමුකෝ. විප්ලවවාදී පක්ෂයක් ය කියන ජවිපෙත් කරන්නේ ඒකමනේ.

ලසන්ත රුහුණගේ අප දන්නා හොඳ ගවේශනාත්මක පුවත්පත් කලාවේදියෙක්. පුවතක් ගවේශනය කරන්නට ඔහු සෑහෙන වෙහෙසක් දරනවා. 

මේ ඔහු ඉතා මහන්සියෙන් ගවේශනය කළ පුවතක්. එය මේ සතියේ රාවය පුවත්පතේ මුල් පුවත. එය තවම රාවය වෙබ් අඩවියේ පළ වී නැහැ. 

ලංකා ටෲත් කියන්නේ ජවිපෙ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක්. ඔවුන් කර තිබෙන්නේ මොකක් ද? රාවය සිකුරාදා උදෙන් වෙළඳපොළට එනවා. ගත්තා රාවය. ටයිප් කළා ප්‍රවෘත්තිය. දැම්මා තමන්ගේ වගේ. 

අඩු ගානේ අර පුවත ගවේශනය කළ මාධ්‍යවේදියාට ස්තුති කරපිය. නැහැ. ඉන් පසු මේවා උපුටා ගන්න වෙන වෙබ් අඩවි ස්තුති කරන්නේ ලංකා ටෲත්ට. 

මෙන්න ලංකාවේ ජනමාධ්‍යවේදය හා රටේ අනාගතය භාර ගන්න ඉන්නවා ය කියන ජවිපෙ එය භාවිතා කරන හැටි. 

ජවිපෙ පුවත්පත් කලාවේ කැතකමේ තරම කියන්නේ රාවය පුවතේ මුල් වගන්තිය අකුරක් නෑර කොපි පේස්ට් කරන ගමන් මේ වාක්‍යයේ තිබෙන 'රාවයට' කියන වචනය විතරක් කපා දමනවා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නුගේගොඩ මිරිහානේ පිහිටි නිවසේ ලියාපදිංචි ලිපිනය වශයෙන් පවත්වාගෙන ගොස් ඇති සමාගමක් පිළිබඳව රාවයට තොරතුරු අනාවරණය වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නුගේගොඩ මිරිහානේ පිහිටි නිවසේ ලියාපදිංචි ලිපිනය වශයෙන් පවත්වාගෙන ගොස් ඇති සමාගමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ.
අදාල සමාගම Chesmi Consolidated (Pvt) Ltd නම් වන අතර එහි ලියාපදිංචි ලිපිනය වශයෙන් සඳහන් වන්නේ අංක 175/2 පරණ කොට්ටාව පාර මිරිහාන නුගේගොඩ යන්නය. එම ලිපිනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වාසය කරන කොළඹ නිවස වේ. එම සමාගමේ අධ්‍යක්ෂවරයා වශයෙන් සඳහන් වන හිමාල් ලලින්ද්‍ර හෙට්ටිආරච්චි මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරියගේ පුත්‍රයා වේ.
මෙම සමාගම ජනාධිපති පුත් නාමල් රාජපක්ෂට 2012 වර්ෂයේදී රුපියල් මිලියන 15ක (රුපියල් එක්කෝටි පනස් හත්ලක්ෂ හැත්තෑ තුන්දහස් පනස් හයක රු. 15,773,056) පෞද්ගලික ණයක් ලබාදී ඇති අතර ඊට අමතරව එම වර්ෂයේදීම CSN නාලිකාවට රුපියල් මිලියන 25ක (රුපියල් දෙකෝටි පනස් දෙලක්ෂ හැත්තෑ පන්දහසක රු. 25,275,000) ගෙවීමක් සිදුකර ඇත.
මීට අමතරව Chesi Trading (Pvt) Ltdයට රුපියල් මිලියන 9ක (රුපියල් අනූනවලක්ෂ හැත්තෑදහස් එකසිය තිස් තුනයි ශත පනහක රු. 9,970,133.50) මුදලක්ද Celera Solution (Pvt) Ltdයට රුපියල් මිලියන 7ක (රුපියල් හැත්තෑ හත්ලක්ෂ අටදහස් දහඅටයි ශත එකොලහක රු. 7,708,018.11) මුදලක්ද ගෙවා තිබේ.
මෙම සමාගම ඩයලොග් සමාගමේ උතුර සහ නැ‍ගෙනහිර පළාත්වල නිෂ්පාදන හා සේවා බෙදාහරින්නා වශයෙන්ද කටයුතු කර ඇත.
ඉහත ඡායාරූපයෙන් ‍දැක්වෙන්නේ එම සමාගමේ අධ්‍යක්ෂවරයා වශයෙන් සඳහන් වන හිමාල් ලලින්ද්‍ර හෙට්ටිආරච්චි මහතාගේ ඡායාරූපයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,
    නාමල් රාජපක්ෂට 2012 වසරේදී දුන් නය විතරද ඔබට පෙනුනෙ. යහපත්පාලන රජයේ මහා බැංකු ලොක්කාගේ බැනට භාණ්ඩාර බිල්පත් බිලියන 5000ක් ගන්න ලංකා බැංකුව රුපියල් බිලියන 1000ක් ණයදී තිබෙන බව රාජිත සේනාරත්න ඇමතිතුමා මිට කිහිප දිනකට කර තිබු ප්‍රකාශය ඔබේ ඇසට හමු උනේ නැද්ද? නැත්නම් බිලියනයක් කියන්නේ මිලියනයකට වඩා අඩු සොච්චම් ගණනක් කියා ඔබට හැඟුනද?
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මේකනේ සමරසේකර අන්කල්, අපේ පුරවැසි මාධවේදී පැරා තුමාට ඔය භාණ්ඩාගාර බැදුම්කර පිලිබදව විස්තර කරන්න තරම් දැනුමක් නැහැ. එතුමාගේ නිහතමානී කමට එතුමා තමන් නොදන්නා දේවල් පළිබදව විග්‍රහ කරන්නේ නැහැ. හැබැයි එතුමා පොර්ට් සිටියේ උමා ඔයේ ඉංජිනේරු ශක්‍යතාව ගැන හොදට දන්නවා. එකනේ බය නැතුව ඒගැන ලිව්වේ.

      Delete
    2. හෙහ් හෙහ් .... යන්නේ කොහෙද? ... මල්ලේ පොල්

      පැරා පොස්ට් එකට ලේබල් හතරක් දමා ඇත (Labels: lanka truth, පුවත්පත් කලාව, රාවය, ලසන්ත රුහුණගේ) එවා අතර නාමල්රාජපක්ෂ, ණය, යහපත්පාලනය, රජයේ මහා බැංකු, ලොක්කාගේ බැනා, භාණ්ඩාර බිල්පත්, ලංකා බැංකුව, රාජිත සේනාරත්න, නැත.

      Delete
    3. බ්ලොග් ලෝකයේ සිටින වැඩි දෙනෙක් අනුන්ගේ අදහස් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ අනුන්ගේ අදහස් යයි තමන් සිතන දෙයට පිළිතුරු දීමයි.

      Delete
    4. ඔයා හරි පැරා. ඔයා සර්වඥනේ. ඔය සමරේ අංකල් අහන එකට උත්තරයක් දෙන්නකෝ වංගු ගහන්නේ නැතුව. ඔයා වගේ හැමෝම ගණන් ගන්න පොරක් තමන්ගේ ප්‍රශ්නෙකට උත්තර දුන්නම ඒ වයසක මනුස්සයට සන්තොසයිනේ.

      Delete
    5. මහ බැංකු අධිපතියා සහ බෑනා ගැටඹේ දේවාලයට සල්ලි අල්ලස් දී ඇති නිසා නීති කැඩිය හැක!

      Delete
    6. Ane yanna sidny saluwadana methana gon katha nokiya!

      Delete
  2. භාණ්ඩාගාර බිල්පත් කේස් එක අහනකොට ටොයියෝ ගම් බෝතල් බීපු රිලව් වගේ ඉන්නකොට මට නම් මාර ආතල්.

    පැරා බුවා හෙනහුරා කකා උපශාන්ත හොයා ගන්නවත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ගෝඨා බෝට්ටුවකින් මාලදිවයිනට පනින්න හදලා !
      ගෝඨාභය රාජපක්ෂ ගාලු වරායේ සිට මුහුදු මාර්ගයෙන් අද (13) උදෑසන 3.30ට පමණ මාලදිවයිනට පැන යාමට උත්සාහ ගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ. අධි සුඛෝපභෝගී බෝට්ටුවක් මගින් මෙසේ පැනයාමට උත්සාහ ගෙන ඇති අතර ඒ සදහා ඔහුගේ සමීපතමයෙකුගේ බෝට්ටුවක් පිළියෙල කොට තිබූ බවටද තොරතුරු වාර්තාවේ.


      මෙම බෝට්ටුව අධිවේගයෙන් ගාලු වරාය ආසන්න මුහුදේ සිට දියඹට දියත් කරනු දුටු පොලිස් නිලධාරියෙකු විසින් ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම බෝට්ටුව පසුපස හඹාගොස් නතර කොට ඇත.

      අදාළ බෝට්ටු හිමියාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔහු හසුවීමට විනාඩි 10කට පෙර ගෝඨාභයට රාජපක්ෂට දුරකථන ඇමතුමක් හා ඊට පෙර බොහෝ දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ගෙන තිබූ බවත් සටහන්ව ඇති බවද වාර්තාවේ.
      එසේම ගෝඨාභය සමග ඔහුගේ සමීපතමයින් 15 දෙනෙකු මේ ගමනට සම්බන්ධවීමට නියමිතව තිබූ බවටද තොරතුරු වාර්තාවේ.

      lankan.com
      www.theindependent.lk

      Delete
    2. ටොයියට රිදුනද පැටියෝ? හොඳට ගහපු බැසිල් ගියෙත් බෝට්ටුවකද? කුඩු බිස්නස් කරපු ලන්සා දුමින්ද එහෙමත් බෝට්ටුවකින් පනියිද? එතකොට පගාවට ගත්තු ප්ලේන් එකක් තාම කටුනායක තියන් ඉන්න සජින් ඒක දාලා බෝට්ටුවකින් යයිද? කතාකරන්නකෝ ටෝයියෝ. අඩුගානේ රවී වගේ අපි එක්ක සෙල්ලම් කරන්න එපා කියලවත් කියන්නකෝ.

      කෝ මේ බුවා හෙනහුරා කකා උපශාන්ත?

      Delete
    3. @AnonymousMarch 15, 2015 at 11:30 AM
      ආ ඕකේ තව කට්ටිය අඩුයි ඇනෝ
      පැරකුම් , රසික , බුවා , මාතලන් , රාජ් , ඉවාන් පවුලුෂා , හෙනහුරා , ප්‍රා ජේ , උපශාන්ත , සිරා ගේ කාමරේ , විචාරක , කෙන්ජි කියන සක්කිලි ටොයියෝ (සක්කිලි යන වචනය ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍ර වාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය තුමන් තමන්ගේ විරුද්ධ වාදීන් ඇමතීමට භාවිතා කරන ගෞරවනීය වදනකි ) ඔක්කොම දැන් ගං බීපු හිවල්ලු වගේ. නෝ කතා.

      මං හිතන්නේ ලෝක ඉතිහාසයේම නැතුව ඇති බලයට පත්වෙලා දින 60 කිං මෙච්චර ජනතා අප්‍රසාදයට පත් වුන , පීචන් වෙච්ච ආණ්ඩුවක්. උන්ව බලයට ගෙන්න සයිබර් මෙහෙයුම කරපු මේ සක්කිලි ටොයියෝ දැන් තමන්ගේ ලැජ්ජාව වහ ගන්නේ ටොයි ප්‍රස්තාර අන්දලා , මහින්ද රාජපක්ෂ පාක්ෂිකයෝ ගැන ටොයි සමීකරණ ව්‍යුත්පන්න කරලා. උන්ට තාමත් විවේචනය කරන්න ඉන්නේ ඒ මිනිහම විතරයි. නොදකින් විතරක්.

      ජනවාරි 8 වෙනිදට කලින් සිටම මේ රටට වෙන අනතුර දැකල ටොයියන්ගේ කැනහිල් නාදය මැද සියලු බයියන් නිහඬව පසුවූ පසුබිමක මගේ ප්‍රොෆයිල් එකෙන්ම ඒ සම්බන්ධව අදහස් දැක්වීමට හැකිවීම ගැන දැන් නම් මට ඇත්තෙන්ම සතුටුයි.

      Delete
    4. පැරාට මුකුත් කියන්න එපා. එයාට දුක හිතිලා මං ඉන්න එක ඔබට ප්‍රශ්නයක්ද අහලා පෝස්ට් එකක් පුරෝලා අඬනවා. රාජ් ඉතිං නර්ස්ලගේ හස්බන්ඩ් සංගමේ ෆිට් එකට පැරා එක්ක එකඟ වෙනවා මිසක් මතයක් තියෙන කෙනෙක් නෙවෙයි.

      අනිත් අය නම් මේ දවස්වල ක්‍රිකට් වලට සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ. නැත්නම් ඇලෝසියස්ගේ රෙදි ගලවලා මෙලහට.

      Delete
    5. Million Dollar බේබී.March 15, 2015 at 1:34 PM

      මේ රටෙන් අන්තදූෂීත, මිනිමරු,මෝඩ රාජපක්ෂලා අතුගා දැමීමට හැකි වූයේ යමක් සිතීමට හැකි ලක්ෂ 62 ක මිනිස් බහුතරක උත්සහය හා ජාත්‍යන්තර සහයෝගයෙනි.

      රටකාපු මෙවැනි කාලකන්නින් විනාශවීම නිසා තවමත් දුක්වන අන්ධභක්තිකයන් හා බඩට වියත නැතිවුවන්ට අප අනුකම්පා සහගතව කෙලවිය යුතුය.මක්නිසාද යත් මොවුන් බඩගැන පමනක් සිතන ඌරන් නිසා.

      රාජපක්සලා රටෙන් හොරකම් කල මුදල් හා වස්තුවල වටිනාකම් ඉදිරියේදි බලාපොරොත්තුවන්න...

      Delete
    6. රාජපක්සලා රටෙන් හොරකම් කල මුදල් හා වස්තුවල වටිනාකම් අද නොවෙයි හෙට බලාපොරොත්තු වෙන්න

      Delete
    7. සසිඳු නිලමෙ හැර යයි අද කතරගම !

      http://www.lankadeepa.lk/index.php/top_story/302805

      Delete
    8. මගේ නම් එදත් අදත් කිසිවෙකුට කොන්දේසි විරහිත පක්‍ෂපාතීත්වයක් නැත.
      පිළිම වන්දනාවක් ද නැත.

      Delete
    9. ""රසිකොලොජිස්ට් - RasikologistMarch 15, 2015 at 6:47 PM
      මගේ නම් එදත් අදත් කිසිවෙකුට කොන්දේසි විරහිත පක්‍ෂපාතීත්වයක් නැත.
      පිළිම වන්දනාවක් ද නැත."

      නමුත් විවේචනය කරන්නේ එක පැත්තක් විතරයි නේද සිඩ්නි අය්යේ ?

      Delete
  3. ලංකාවේදී කොපි කිරීම මැඩ පැවැත්වීමට තියෙන නීතී මෙන්ම සම්මුතීන්ද ඉතා පහලයි..
    ලමයි පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙන්නේ කොපි කිරීම.....ලමයි විතරක් නෙවෙයි කොපි කරල උපධි නිබන්දන ලියපු ආචර්‍ය මහාචර්‍යවරු ඉන්නෙත් ලංකාවේ....තමන්ගෙම ශිෂ්‍යයන් තමන්ට දුන් නිර්මාන තමන්ගේම වගේ ඉදිරිපත් කරන සම්මානනීය මාහාචාර්‍යවරු ඉන්න රටේ නිකංම නිකං ගොසිප් කාරයන්ගේ කොපි කිරීල්ල හරියට මෝය කටෙන් පොල් ලෙල්ලක් ගසා ගෙන ගිය වැඩක් වගේ....

    ප.ලි මෙහිදී උපුටා ගත් ග්‍රන්තය හා කතුවරයා සදහන් කරමින් ලියවෙන සටහන් කොපිකිරීම යටතේ අදාල නොවන බව කිව යුතුයි. අනුන්ගේ අදහසක් , නිර්මානයක්, ලිපියක් තමන්ගේ යැයි හඟවන විදිහට පාඨකයාට ඉදිරිපත් කිරීම (ප්ලෙජ්‍රිසම්) යන්න මා අදහස් කර ඇති වබ කිව යුතුයි. මේ වරද බ්ලොග් අවකාශයේද දක්නට ලැබෙනවා..පැරාගේ ඇතැම් ලිපි තුලත් මේ තත්වය තිබෙනවා...නමුත් බ්ලොග් සටහන් යනු ශ්‍රාස්ත්‍රිය මට්ටමේ ප්ලේජරිසම් වලින් තොර සටහන් මෙන් සංකීර්ණ විය යුතු නැතැයි කියන ස්ථාවරයේද මා සිටිනවා...

    ReplyDelete
  4. Replies
    1. ගෝඨාභය ත්‍රස්ථ සංවිධානවල අවි සැපයම් කරුවෙක් , ජ්‍යත්‍යන්තර පොලීසීයෙන් විමර්ශණ-

      ගෝඨාභය රාජපක්ෂ ලෝකයේ මෙලේච්ච ත්‍රස්තවාදී සංවිධාන සහ මුහුදු කොල්ලකාර සංවිධාන සමග ගණුදෙනු කරමින් එම සංවිධාන වෙත අවි ආයුද විකුණා ඇති බව අනාවරවරණයවේ. රජයේ අවි ආයුද මෙන්ම එල්. ටී. ටී. ඊ සංවිධානයන් අත්පත්කරගනු ලැබූ ආයුධ ඇවන්ගාඩ් සමාගම හරහා විකුණා විශාල මුදලක් උපයාගන ඇත.

      lankaherald.com

      Delete
    2. බස්නාහිර පළාත් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුගේ පැමිණිල්ලකට අනුව අද දින උදෑසන ගෝටාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස වලාන දුෂණ මර්ධන හදිසි වැටලීම් ඒකකය මගින් පරික්ෂා කර තිබෙනවා.

      මිනී මෝරුන් නිවස තුල තබාගෙන ඇතිබවට ලැබුණු මෙම පැමිණිල්ලට අනුව විමර්ශනය කල මේ පොලිස් නිලධාරීන් පසකට කැඳවාගෙන ගොස් ඇති රාජපක්ෂ මහතා තම කලිසමේ සිපය ව්වුර්ථ කොට මිනී මෝරා ඉවතට ගෙන පෙන්වීමෙන් පසු දැඩි සේ ලැජ්ජාවට පත්වූ දුෂණ මර්ධන නිලධාරින් යහපාලනයට දෙස් දෙවොල් තබමින් එසැනින් තම පරීක්ෂණ කටයුතු සමාප්ත කොට එයින් නික්ම ගොස් ඇතිබව වාර්තා වෙනවා.

      timesoflanka.lk

      Delete
    3. අඩෝ, ටොයියන්ගේ තරම පෙන්නන්නම් උඹලට අප්‍රේල් 23 දාට.

      Delete
  5. පෑරකුම්ගෙ මාද්ය කලාව.අමුතුම එකක්,ඉස්ලාම් ත්‍රස්තයන් ලොවපුරා මාද්ය වේදීන් ඝාතනය කරද්දී අන්ද.ගොලු,බීරා වගෙ.මෙහෙ මුස්ලිම් මිනිහෙක් බස් එකක ටිකට් නෑතුව ගිහින් ඈල්ලුවත් පඩේ වෙඩිල්ල කරගෙන,ආර්ටිකල් ලියනවා.කතාවනම් මද්ය වෙනුවෙන් ජිවිතේ දෙන්න.මුනුදෙකේ ලේකකයා.

    ReplyDelete
  6. ඉස්සර කාලෙ කාක්කො දෙවර්ගයයි හිටියෙ.කොලබ කාක්කොයි.කෝරලේ කාක්කොයි කියලා.පස්සෙ වර්ග 3ක් උනා,ඩොලර් කාක්කො කියලා.දෙන් කාක්කො හතර වර්ගයක් වෙලා.අලුත්ම කාක්කො තමයි ඩිනාර් කාක්කො.මේත් එකෙක්.

    ReplyDelete
  7. JVP කාරයො ඇත්තටම වැඩ කාරයො. උන් මේ පොස්ට් එක සම්පූර්නයෙනම කැලේ යැව්ව. අනිත් ටොය්යොය්, බය්යොය් ඔක්කොම උන්ට යටවෙලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා