Posts

Showing posts from March, 2015

කෝච්චි නැත; වයිෆයි ඇත

Image
අවන්ත ආටිගලගේ අනගි කාටුනයක්  නොමිළේ වයිෆයි පහසුකම් ලබා දීම ගැන අපේ කිසිම තරහක් නැත. එහෙත්, අන්තර්ජාලය පාවිච්චි කරන අයට ඒ වෙනුවෙන් භාවිතා කරන උපකරණවලට ගෙවන්නට සිදු වන මිළ සමග සන්සන්දනය කර බැලූ විට තමන් සම්ප්‍රේෂණය කරන දත්ත වෙනුවෙන් ගෙවන්නට සිදු වෙන බිල එතරම් ලොකු එකකැයි මට නම් නො පෙනේ. මට නම් තේරෙන හැටියට නොමිළේ වයිෆයි දීම නරක දෙයක් නො වුණත්, එතරම් ප්‍රයෝජනවත් දෙයකැයි කිව නො හැකි ය. මේ පහසුකම වැඩිපුර භාවිතා වන්නේ වැල බලන්නට, සමාජ ජාල හරහා ලිංගික පහස වෙනුවෙන් කුමන්ත්‍රණ කරන්නට, නොමිළේ වයිෆයි දුන් ආණ්ඩුවට මඩ ගසමින්, ඒකාධිපති පාලනයක් යළි පිහිටුවා ගන්නට, ඕපාදූප දොඩන්නට, කටකතා පතුරුවන්නට හා කඩාකප්පල්කාරී ක්‍රියාවලට ආදියටයි. ලංකාවේ ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව හා ප්‍රජාතාන්ත්‍රික දිවි පැවැත්ම සංවර්ධනය කිරීම අතිශය වැදගත් සාධක දෙකකි. ඒ සඳහා ව්‍යාපෘති දියත් කිරීම නිදහස් වයිෆයි තරමට ම හෝ ඊටත් වඩා වැදගත් ය. මිනිස්සු දුම්රිය ස්ථානයකට හෝ වෙනත් පොදු ස්ථානයකට එන්නේ ගමනක් බිමනක් යාම වැනි නිශ්චිත අරමුණකට ය. වයිෆයි ගන්නට එහි එන පිරිසක් ද බිහි වුණොත් එය අමතර කරදරයක් වන්නට ද පුළුවන. ඒ නිසා වයිෆ

මහින්ද උත්සාහ කරමින් සිටින්නේ කුමකට ද?

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් මහින්ද ඉවත් වීමත් සමග එම පක්ෂයට නවීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වීමේ කදිම අවස්ථාවක් උදා විය. එහෙත්, ශ්‍රීලනිපයට ඒ අවස්ථාව පාවිච්චි කරන්නට බැරි විය. එසේ වන්නට මූලික හේතුව වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශක්තිමත් ලෙස එම කාර්යයට මැදිහත් නො වීමයි. ඔහු සිය හිස මත කඩා වැටුණු පක්ෂ නායකත්වය උපායශීලී ලෙස මෙහෙයවීමට අසමත් වී තිබේ. ඔහු හමුවේ ඇති අභියෝග සුළුපටු නො වේ. එක පැත්තකින් ජාත්‍යන්තර වශයෙන් බලය තහවුරු කර ගන්නට සිදු වී තිබේ. අනෙක් පැත්තෙන් ජාතික වශයෙන් ද ස්ථාවරත්වය පිළිබඳ අභියෝග තිබේ. මෛත්‍රීපාලගේ පාලනය නිරායාසයෙන් ම මහින්ද රාජපක්ෂගේ පාලනය සමග සන්සන්දනය වීම වැළැක්විය නො හැකි ය. විශේෂයෙන් ම ශ්‍රීලනිපයත්, පොදුවේ සිංහල දේශපාලන ප්‍රජාවේ සැලකිය යුතු පිරිසකුත් මහින්දගේ දුර්දාන්ත, දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකත්වය ශක්තිමත් පාලනයක් ලෙස සැලකූ හ. එවැනි සමාජයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් දරා ගැනීමේ ගැටලු තිබේ. දේශපාලන පළිගැනීම් සිදු නොවන විට ලංකාවේ ජනයා හා ජනමාධ්‍ය එය පාලනයේ දුබලකමක් ලෙස හුවා දක්වන ආකාරය දැකිය හැකි ය. ඇතැම් ජනමාධ

රුපියල් දහයෙ ආප්ප; රුපියල් දහයෙ ප්ලේන්ටි

Image
ආණ්ඩුව ජනතාවට සහන සැලසීමේ අරමුණින් යම් ක්‍රියාමාර්ග ගත්තේ ය. තෙල් හා ගෑස් මිළ අඩු කරන ලදී. ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ද අඩු කරන්නට පියවර ගන්නා ලදී. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලද අතර, පෞද්ගලික අංශයේ සේවක වැටුප් ද වැඩි කරන ලෙස ඉල්ලා සිටින ලදී. අඩු කරන ලද බඩු මිළෙහි සහනයන් ජනතාව වෙත ගලා නො යාම පිළිබද ගැටලුවක් දක්නට ලැබිණි. කඩවල බත් පිඟානේ, පාන් ගෙඩියේ, ප්ලේන්ටියේ, ත්‍රිරෝද රථ ගාස්තුවේ අඩු වීමක් දක්නට නො ලැබිණි. ජනතාව මැසිවිලි නගන්නට වූ හ. ආණ්ඩුව යම් අණ කිරීම් කළේ ය. ප්ලේන්ටිය, ආප්පය රුපියල් දහයට දිය යුතු යයි අණ කිරීම ඉන් එක් ක්‍රියාමාර්ගයකි. එහෙත් මේ වන විට ඒවා විහිළු බවට පත් වී තිබේ. කඩවල දැන් පාලන මිළට තේ කෝප්ප භාගය විකිණේ. ඇතැම් කඩ හිමියෝ ආප්ප හැදීම නවත්වා ඇත. සුළු වෙළෙන්දන්ගේ පැත්තෙන් ද කියන කතාවක් තිබේ. කවුරුත් බලන්නේ ලාභ උපරිම කරගන්නට ය. ආප්පයේ, තේ කෝප්පයේ මිළට බලපාන තවත් සාධක රැසක් තිබේ. ජැකලින්ගේ කෑම සූත්‍ර කඩයේ ආප්පයක මිළ ද රුපියල් දහය කරන්නැයි ආණ්ඩුව කියන්නේ නැත. එහෙම කරන්නට බැරි හේතුව එතන විකුණන ආප්පය යනු පිටි, තෙල්, ආප්ප සෝඩා, ලුණු හා ගෑස් පමණක් නො වන

ෆුල් ෆේස්; ෆුල් චාටර්

Image
ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහි උද්ඝෝෂණය සංවිධානය වූ ආකාරය වැදගත් ය. එය සමාජ ජාල හරහා සංවිධානය වූ ව්‍යාපාරයකි. සැබෑ මහජන අවශ්‍යතාවක් වෙනුවෙන් සිදු වූ සැබෑ මහජන අරගලයකි.  උද්ඝෝෂකයන්ට ජෝන් අමරතුංග දැක්වූ ප්‍රතිචාරය ජෝක් ය.  තර්කය සරළ ය. ෆුල් ෆේස් හෙල්මට් දමාගෙන සොරුන් මංකොල්ලකෑමට එනවා ය කියා හෙල්මට් තහනම් කිරීම වැරදි ය. ඇඟිලි සලකුණු වළක්වා ගන්නට සොරුන් අත් මේස් දැම්මොත් ඒවාත් තහනම් කරනවා ද?  දේශපාලකයන් සොරකම් කරනවා ය කියා දේශපාලනය තහනම් කරන්නේ නැහැ නේ ද?  ෆුල් ෆේස් තහනම් කිරීම ආණ්ඩුවේ තවත් ෆුල් චාටර් වැඩකි. ෆුල් ෆේස් තහනම් කළා ය කියා මංකොල්ලකෑම් නවතින්නේ නැත.  මෙවැනි ගොන් ආතල් අයත් වන්නේ කලින් ආණ්ඩුවේ ස්ටයිල් එකට ය. ඒ කාලේ වගේ නො ව දැන් ජනතාව තමන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් පළ කරන්නට බිය නැත. ඒ නිසා ඒ කාලේ වගේ ගැලවෙන්නට බැරි ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ

ප්‍රියන්ත සිරිසේන ඝාතනය හා ප්‍රබන්ධ ප්‍රවෘත්ති 'කලාව'

Image
පහත අමුණා ඇති වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී වන ප්‍රියන්ත සිරිසේන මිය ගිය ආකාරය පිළිබඳ සිදු වන ප්‍රචාරය ගැන එම වීඩියෝවේ කරුණු පැහැදිලි කරන්නේ අපරාධය සිදු වූ ප්‍රදේශය භාර ග්‍රාමසේවකවරයා ය.  ප්‍රියන්ත සිරිසේන මිය ගියේ ඝාතකයාගේ බිරිඳ සමග සංසර්ගයේ යෙදෙද්දී පිටුපසින් පැමිණි සැමියා විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ය යන ප්‍රවෘත්තිය නිර්මානය කළ ආකාරය හා එය ප්‍රචාරය කළ ආකාරය අධ්‍යයනය කළ යුතු ය.  මෙම සිද්ධිය වාර්තා වීමත් සමග එය සිදු වන්නට ඇත්තේ මෙසේ ය යන අනුමානය බොහෝ දෙනෙක් විසින් ඇති කර ගන්නා ලදී. සමාජය ගැන ඇති සාමාන්‍ය අවබෝධය ඒ සඳහා පදනම් විය. එසේම, බොහෝ දෙනෙක් මෙම සිද්ධිය දුටුවේ තමන් ඔස්සේ ය. එය වනාහි තමන් වින්දිතයා හෝ ඝාතකයා වී නම් එය සිදු විය හැක්කේ කෙසේ ද යන්න ගැන තමන්ගේ පරිකල්පනයෙන් කරන ලද නිගමනයකි.  සිද්ධිය සාකච්ඡා සිදු වූ සෑම කවයක ම පා‍හේ මේ අනුමානය කළ අය සිටිය හ. එය ඉතා සාමාන්‍ය පරිකල්පනයකි.  සමාජ මාධ්‍ය ඇසුරු කළ ඕපාදූපකරුවෝ එය මුහුණු පොතේ ලියූ හ. ඔවුන්ගේ යහළු ඕපාදූපකරුවෝ ඒ ගැන අදහස් පළ කළ හ. අතිනුත් දමමින් ප්‍රචාරය කළ හ.  ම

ප්‍රියන්ත සිරිසේනගේ මරණය ගැන ප්‍රීති වන ජනයින් වෙතයි

Image
ජනාධිපතිගේ බාල සහෝදරයකු වූ ප්‍රියන්ත සිරිසේන අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ මරණය මිනීමැරුමකි. ඔහුට පොරෝ පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් මෑතදී අමනාප වූ ඔහුගේ පැරණි මිතුරකු අත්අඩංගුවට ගෙන තිබේ.  ප්‍රියන්ත සිරිසේන ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය පරිසරය හා සම්බන්ධ තරමක් මතභේදාත්මක එකකි. පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි ව්‍යාපාර දැඩි ලෙස දේශපාලනීකරණය විය. ඔහු ද දේශපාලන බලය තම ව්‍යාපාර සඳහා යොදා ගත් අයෙකි.  දැන් සාමාන්‍ය මිනිසකුට තමන්ගේ නිවස හදා ගැනීම සඳහා අසල ඇලෙන් වැලි ටිකක් ගොඩ දාගන්නට බැරි ය. වැලි යනු වටිනා ඛනිජ සම්පතක් වී තිබේ.  වැලි රාජුගේ ව්‍යාපාර ශෛලිය වැලි ගොඩදැමීම, ගල් කැඩීම, ගස් කැපීම, ආණ්ඩුවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්, බාර් වැනි ව්‍යාපාරවල යෙදී සිටින අනෙක් අයගේ ශෛලියට වඩා වෙනස් යයි මම නො සිතමි. මෙබඳු ව්‍යාපාර කරන කිසිවෙක් අවංක නැත. අවංක වන්නට බැරි ය. ඒවා දූෂණ ජාලයක් හා බැඳී තිබේ. ඒ ජාලයේ තවත් බොහෝ අය සිටිති. විශේෂයෙන් ම දේශපාලකයෝ හා නිලධාරීහු ඒවා සමග සම්බන්ධ ය.  සිය සහෝදරයා ජනාධිපති වුණා ය කියා ප්‍රියන්ත සිරිසේනගේ ජීවිතයේ වෙනසක් සිදු වී නැති බව ඔහු ජීවත් වූ හා මරණයට ගොදුරු

නූතනත්වය හා ගතානුගතිකත්වය අතර විභේදනය නිර්මානය කරන මහින්ද

Image
මේ වන විට ආණ්ඩුවත්, විපක්ෂයත් පැහැදිලිව හඳුනාගත නො හැකි අමුතුම පාලනයක් ලංකාවේ බිහි වී තිබේ. එය කෙතරම් අවුල් සහගත තත්වයක් ද යත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය හිමිවිය යුත්තේ කාටද යන්න තමන්ටද ගැටලුවක්‌ව ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මාර්තු 24 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. මේ පිළිබඳ කතා කරමින් ජවිපෙ නායක අනුර කුමාර පෙන්වා දුන්නේ මෙය හවුල් ආණ්ඩුවක් බවත්, ආණ්ඩුවට සම්බන්ධ වූ පක්ෂයේ ම කොටසක් විපක්ෂයේ ද සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නැති බවත් ය. එහෙත්, 2005 සිට ම මේ තත්වය තිබිණි. විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව සමග එක් වී හවුල් ආණ්ඩුවක ස්වරූපයෙන් කටයුතු කරද්දී එජාපය විපක්ෂ නායක ධුරය ද හෙබවූයේ ය. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය එජාප මන්ත්‍රීවරු කිසිවෙක් තමන් එජාපයෙන් ඉවත් වූ බව නිල වශයෙන් පිළි ගත්තේ නැත. එදා තත්වයත් අද තත්වයත් අතර වෙනස වන්නේ එදා විපක්ෂ නායකයා එය අනුමත නො කිරීම හා අද විපක්ෂ නායකයා එය අනුමත කිරීම පමණි. මේ අනුමත කිරීම ද ඇත්තෙන් ම වචන පමණි. එදා මේ චමල් රාජපක්ෂට ම මෙවැනි ගැටලුවක් එදා ඇති වූයේ නැත. මහින්ද රාජපක්ෂගේ මූලික

පැරා කොළඹ පැමිණීම

Image
අද මට කතාවක් ඉදිරිපත් කරන්නට සිදු වී තිබේ.  මම දක්ෂ කථිකයෙක් නම් නො වෙමි.  මස්ඉඹුලගේ සෙංකොට්ටං පොත ගැන ජනරළෙන් කරපු සම්මන්ත්‍රණයේදී මං කරප කතාවෙන් පසු අපේ රසිකාවක් කිව්වේ ලියන ඒවා තරම් කතා රස නැහැ කියලායි.  ඒක නරක නැහැ. ඉස්සර දවසක මහින්ද චන්ද්‍රසේකර (පැන මඩ කඩිති ලියපු) නැති වීම නිසා ඔහුගේ ටැමුපරිය අදින්න කටුනේරියේ බාලිකා පාසලක ජයතිලක බණ්ඩාරත් එක්ක ගී රසවින්දනයක් කළා. ළමයි එහෙම හරි සතුටින් අහගෙන සිටියා ය කියා සිතපු නිසා මාත් උජාරුවෙන් පහළට බැස්සා. මහින්ද චන්ද්‍රසේකරගෙ ගී රසවින්දන බලලා තිබුණු සහෝද‍රයෙක් ඇවිත් මට මූණට ම කිව්වා දේශනය ගන්න දෙයක් නැහැ කියලා.  අපට ඉතින් කවුරු දේශනවලට ආරාධනා කරන්න ද? මං ඉතින් මගේ රස්සාව වන ඉංග්‍රීසි ඉගැන්නිල්ලෙදි උත්සාහ කරනවා ළමයි නිදි නො කර තබා ගන්න.  ඒ කොයි හැටි වෙතත්, ඔන්න නැවතත් මට කොළඹ රටේ ඇවිත් දේශනයක් පවත්වන්න ආරාධනාවක් ලැබිලා. ඒ නිසා අද හවස මං එනවා බ්ලොගිං ගැන කතා කරන්න කොළඹට. ඔය කමෙන්ට්වලින් මාව මරන් කන්න හදන මහත්තුරුන්ට ඕනැ නම් ශාරීරිකව ඒ දේ කරගන්න එන්න පුළුවන්.  කරුණාරත්න පරණවිතානත්, නාලක ගුණවර්ධනත් කතා පවත්වන නිසා මුළු කාලය ම වැඩක් න

බැසිල් පැන්නේ ඇයි?

Image
බැසිල් ගොයිං හෝම් ඡන්දය පැරදුණු සැණින් බැසිල් රාජපක්ෂ රටින් පැන්නේ ය.  යන බවක්වත් තමන්ට නො කී බවත්, ගිය පසු හෝ තමන්ට කතා නො කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මෑතදී පුවත්පතකට කියා තිබිණි.  බැසිල් හා මහින්ද අතර ද ආරාවුල් තිබුණු බව වාර්තා විය. විශේෂයෙන් ම මහින්දගේ පුත්තු බැසිල්ට බරපතල අන්දමින් චෝදනා කළ බව වාර්තා විය.  මේ අතර චමල් රාජපක්ෂ ද වෙනස් මාවතක යන බව පෙනේ.  මහ ලොකු ස‍හෝදර සමාගමටත් කෙළ වී තිබෙන්නේ පැණි වරකා ගහට හෙණ ගැහුවා සේ ය.  මේ සියල්ලට හේතුව අසීමිත තෘෂ්ණාව, ධනයට - බලයට ඇති කෑදරකම හා සොරකමට බිය නො වීමයි. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතාවක්, දිවිනැගුම නිවාසලාභීන්ගේ නිවාස අලුත්වැඩියාවේදී සිදුවූ මුදල් අක්‍රමිකතාවක්, ලිත් තොගයක් මුද්‍රණය කිරීමේදී සිදු වී ඇති මුදල් අක්‍රමිකතාවක්, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දීම සම්බන්ධ සිද්ධියක්, පවත්වන ලද සම්මේලනයක් සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වියදම් කිරීමේ සිද්ධියක් ගැන විමර්ශනය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ආපසු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ඉල්ලා සිටීමට යයි

ජයග්‍රහාහකයින් පරාජිතයින්ට අත දීම: ශ්‍රි ලංකාව යුද්ධයෙන් පසු ඉගෙන නොගත් පාඩම.

Image
මාතෘකාව උපුටා ගත්තෙ මගේ මුහුණුපොතේ මිතුරකු වන චතුර වැල්ලගේගෙන්. මාතෘකාවත් එක්ක ගිය ඡායාරූපය තමයි මේ.  තීරණාත්මක ලෝක කුසලාන තරගයක ඉරණම අන්තිම පන්දුවට පෙර පන්දුවට එල්ල කළ හයේ පහරකින් වෙනස් කළ නවසීලන්ත කණ්ඩායමේ ග්‍රාන්ට් එලියට් මේ නැගිට සිටින්නට අත දෙන්නේ අවසන් පූර්ව තරගයෙන් ලද පරාජයෙන් දුකට පත්ව බිම ඇද වැටුණු දකුණු අප්‍රිකානුවකුටයි.  ග්‍රාන්ට් දකුණු අප්‍රිකාවේ ඉපිද, හැදී වැඩී, පසුව නවසීලන්තයට සංක්‍රමණය වී එහි ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලැබූවෙක්. ලෝකය කෙතරම් සොඳුරු ද? මිනිසුන්ට කෙතරම් පුංචි දෙයකින් මිනිස්කම උත්කර්ෂයට නැගිය හැකි ද?  අපි ක්‍රීඩා කළ යුතුයි. අපේ රටේ ජනතාවත් රූපවාහිනී තිරවල අලවාගෙන සිටින ඇස් ඉවතට අරගෙන හරියට ක්‍රීඩා කරනවා නම් අපටත් මීට වඩා උසස් මිනිසුන් වෙන්න අවස්ථාව තිබෙනවා. මං කියන්නේ යුද්දෙදි වුණත් එහෙමම තමයි.  චතුර කියන කතාව ඇත්ත බවට පත් කරන්න ජයග්‍රාහී සිංහලයිනි, ඔබ තවමත් පමා නැහැ නේ ද? මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ

නැවත සම්ප්‍රදායික යුද්ධයක් විය නො හැකි උතුරේ ඉඩම් හමුදාවට කුමට ද?

Image
අධි ආරක්ෂක කලාප ලෙස නම් කර හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ උතුරේ ඉඩම් අක්කර දහසක් ජනතාවට යළි පවරා දීමට රජය තීරණය කර තිබේ. එහි සංකේතාත්මක මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425ක් ජනතාවට භාර දීම සඳහා යාපනයේ උත්සවයක් පැවැත්විණි. මෙම සංකේතාත්මක මොහොතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා ම සහභාගි වූයේ ආණ්ඩුව ඒ කෙරෙහි දක්වන සැලකිල්ල සංකේතවත් කරමිනි. පසුගිය සමයේ හිටි හැටියේ උග්‍ර දෙමළ ජාතිවාදියකු ලෙස හැසිරුණු උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මෙම උත්සවයේ කැපී පෙනුණු අනෙක් අමුත්තා ය. මේ ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවෝ ඇතැමෙක් පරම්පරාවක කාලයක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. විග්නේශ්වරන් කියන පරිදි ඔවුන් ජීවත් වන සරණාගත කඳවුරු 16ක් වසා දැමීමෙන් රජයට වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් ආපසු ලබා ගත හැකි ය. ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දීම පිළිබඳ අකැමැති වන දෙකොටසක් සිටිති. ඒ වනාහි සිංහල හා දෙමළ ජාතිවාදියෝ ය. සිංහල ජාතිවාදීන්ට අවශ්‍ය මුළු යාපනය ම හමුදා ජනපදයක් කරන්නට ය.‍ දෙමළ ජාතිවාදීන් කරන්නේ හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද සියලු ඉඩම් වහා ආපසු දෙනු

ජාතික ගීය වැදි බසින්

Image
‍ මුහුණු පොතේ සංසරණය වන මෙය ජෝක් එකක විධියට හරි නිර්මානාත්මකයි. මෙය පතුරුවා හරින්නේ ජාතික ගීය දෙමළ බසින් ගයනවාට විරුද්ධ අයයි. ඒත්, මම නම් ජාතික ගීය දෙමළෙන් ගයනවාට කැමතියි. එහෙම ගැයුවා ය කියා එය වැදි බසින් ද ගැයිය යුතු නැහැ. වැදි ජනතාව එහෙම එකක් ඉල්ලලාත් නැහැ. අනෙක වර්තමාන වැදි බස සිංහල භාෂාවේ උපකුලකයක් මිස වෙනම බසකුත් නෙමෙයි.  දැන් මේක ඕනැ නම් මාතර කට්ටිය කියන විධියටත් කියන්න පුළුවන්නේ. "ඔහෙ වේ අප විද්‍යා ඔහේ වේ අප සත්‍යා ඔහේ වේ අප ශක්තී අප හද තුළ භක්තී ඔහෙ වේ ආලෝකේ ඔහෙ වේ අනුප්‍රාණේ  ඔහේ අප ජීවන වේ අප මුක්තිය ඔහෙ වේ" ඒ වුණාට මාතර කට්ටිය වෙනුවෙන් අපි එහෙම කරන්න ඕනැ නැහැනේ.  ජාතික ගීය දෙමළෙන් ගැයුණේ එය ජාතික ගීය ලෙස පිළි ගත් මුල් කාලයේ ඉඳලාමයි. එය තහනම් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. මේ තහනමට අවුරුදු පහකට වැඩිය ඉතිහාසයක් නැහැ. ඒත් අවුරුදු හැටක විතර කාලයක් ප්‍රශ්නයක් නො වී ජාතික ගීය දෙ‍මළෙන් ගායනා කර තිබෙනවා.  මතක තියා ගන්න. මේක ඊලාම් ගීය නෙමෙයි. මේ ඔබේ ශ්‍රී ලංකා මාතා ගීයේ දෙමළ පරිවර්තනය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව ක

බාල චීන බඩු ලංකාවට එන එක නැවැත්විය හැකි ද?

Image
ඉදිරි දින කීපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ කරන සංචාරය අතරතුර දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි.  බාල චීන භාණ්ඩ මේ වන විට ලංකාවේ පාරිභෝගිකයන්ට මෙන් ම වෙළෙන්දන්ටත් හිසරදයක් වී තිබෙනවා.  පසුගිය දිනෙක මා අමතා ලිපියක් ලියා ගත් එක් මහත්මයෙක් චීනයේ සංචාරයක් අතරතුරදී ගෙන ආ පෙන් ඩ්‍රයිව් තොගයක් නිසි ලෙස ක්‍රියාත්මක නො වීම නිසා ඔහු දැවැන්ත පාඩුවක් විඳගෙන තිබෙනවා. ඔහු උත්සාහ කළේ චීන රජයට ඒ පිළිබඳ පැමිණිලි කරන්නටයි. එහෙත්, එයින් කුමන ප්‍රතිඵලයක් ලැබුණා ද යන්න දන්නේ නැහැ.  බාල චීන භාණ්ඩ නිසා මේ වන විට අප සෑහෙන්න බැට කා හමාරයි. එතරම් බාල විධියට භාණ්ඩ හදන්න පුළුවන්කමත් එක්තරා දක්ෂකමක් ය කියා හිතෙන තරම් බාල විධියට ලාභ ලබන්නට චීනයට පුළුවන්.  එහෙත්, මා දන්නා තරමින්, චීනය ‍‍දියුණු රටවලට මෙවැනි කුණුකන්දල් නො යවන්න වග බලා ගන්නවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හොඳම ජාත්‍යන්තර හිතවතා වුණේ චීනය වුණාට චීනය ලංකාව සූරා කෑවේ නම් අන්තිම නින්දිත වි්ධියටයි. බාල භාණ්ඩ මේ සූරාකෑමේ ප්‍රධාන ස්වරූපයයි.  ලංකා‍වට බාල චීන භාණ්ඩ ගලා එන්නේ එක පැත්තකින් ලාංකික ව්‍යාපාරිකයන්ගේ තිබෙන අධික ලාභ

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කර රට ස්ථාවර කරන තෙක් මහ මැතිවරණ පවත්වන්නට ඕනෑ ද නැත

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවේ ඇමති තනතුරු භාර ගැනීමත් සමග මේ වන විට දේශපාලනය පූර්ණ අවුලක් බවට පත් වී තිබේ.  ආණ්ඩුව හා විපක්ෂය හඳුනා ගන්නට බැරි තරම් නූල් බෝලයක් වී තිබේ.  ශ්‍රීලනිපය ආණ්ඩුවට සහාය දෙමින් ආණ්ඩුවේ ද, විරුද්ධ වෙමින් විපක්ෂයේ ද සිටියි. ජනාධිපති ශ්‍රීලනිපයේ නායකයා ය. මේ අතර ශ්‍රීලනිපයේ හිටපු නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පිටින් බලය ඩැහැගැනීම සඳහා ජනතාව බලමුළුගන්වමින් සිටියි.  රාජ්‍ය පාලනය තුළ එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව, උපායමාර්ගය කුමක්දැයි අපැහැදිලි ය. එහෙම එකක් තිබෙනවා ද යන්න ද තේරුම් ගන්නට බැරි ය.  මේ අවුල මැද අප ද අවුල් විය යුතු ද? නැත. එය ඔවුන්ගේ අවුලක් මිස අපේ අවුලක් නො වේ. අප බැලිය යුත්තේ අපගේ න්‍යාය පත්‍රය ඉදිරියට යනවා ද කියා ය.  මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටලුව විසඳා ගත යුතුව තිබේ. මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ය. ඒ සඳහා නො තිබුණු පාර්ලිමේන්තු සහයෝගය දැන් ලැබී තිබේ ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නටත්, යහපාලනය පිහිටුවන්නටත් හේතු වේ.  දූෂිතයන්ට දඬුවම් කිරීම ද යහපාලනය

පාන්කිරිත්තෝ

Image
කුරුල්ලන් ඉන්නෙ අපට ඡායාරූප ගන්න නෙමෙයි. කවි ලියන්න. හැමදාම පාන්දර "අජිත්, අජිත් වේස කොටිය"  කිය කියා මට බනින  කුරුල්ලෙක් ඉන්නවා අල්ලගන්නයි හිටියෙ  මං ඌව බෙල්ලෙන් ම ළඟදි මං දැක්කා කුරුල්ලෙක් කඩිසර අවානක් සේ  පෙඳේ විදහා නටන සුදු ‍තොප්පියක් දමන කිය කියා අර බලු සිංදුව හදනවා කූඩුවක් නිවස ළඟ  පහත අඹ අත්තක ඉල්ලගෙන කන්නයි හදන්නේ හාදයා උඹ බළල්ලුත් සැරිසරති කුරුල්ලොත් තව සිටිති උඹේ ඔය මැටි පාන අනාරක්ෂිත එකකි අපේ උපදෙස් කුමට බර ය බිත්තර බඩට දැම්මෙ පොඩි දිගටි ගෙඩි දෙකක් ඔය යස රඟට එදා සිට ඒ යුවල  රැක්කෝ ය එබිජුවට පියඹමින් කාලයේ බල බලා වටපිට අපේ ගෙදරට එන බළල් රාළයින් හට  යන්න බැරි විය ළඟින් කෙටු‍වෝ ය කුරුල්ලෝ  හොටින් ටික් ටික් හඬින් එක් දිනක් උදේ මම  දුටිමි කිරිලිය තුඩින් බිඳින හැටි බිත්තර සෙලවුණා දෙකක් ගුලි ඇරන් බලි කටවල් මෙන්න දැන් කුරුල්ලන් ලොකු වෙලා තරමකට තොප්පි දාගෙන සිටිති  මව්පියන් වාගේ ම ඉගිලෙන්න ලෝකයට පාන්කිරිත්තන් කළු තඩි බළලුන්  බියපත් කළ හැටි  දුටු මට සිහි

ගෝඨා භය දුරු වීම

Image
මේ දිනවල පුවත්පත්වල හා රූපවාහිනියේ ගෝඨාභය රාජපක්ෂ සමග කරන සම්මුඛ සාකච්ඡා නිරීක්ෂණය කළ විට මහින්ද රාජපක්ෂ පාලනයේ පරා‍ජයෙන් පසු උදා වී තිබෙන මාධ්‍ය නිදහසේ තරම තේරුම් ගත හැකි ය.  වෙනත් දෙවන පෙළ දේශපාලකයන් ප්‍රශ්න කරන  නිදහස් ස්වරූපයෙන් ම ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රශ්න කිරීමට සාමාන්‍ය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවන්ට ගට ලැබී තිබේ. එය ඇත්තෙන් ම ලොකු වෙනසකි.  එපමණක් නොව, බලයෙන් ගිලිහුණු ගෝඨාභය රාජපක්ෂට ද පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ මහත්මා ලෙස හැසිරෙන අභියෝගය භාර ගන්නට සිදු වී තිබේ.  රාජ්‍ය බලය පාවිච්චි කරමින් චන්ඩි භූමිකාවක් රඟ ගෝඨාභය රාජපක්ෂ පෑ කලින් ඇඳගෙන සිටි සන්නාහ ගැලවී නිරුවත් වන විසුළු ස්වරූපය ජනමාධ්‍යයන්ගෙන් නිරූපණය වේ.  ලේක්හවුසියේ වැඩ කළ පෝද්දල ජයන්ත හිංසනයට ලක් කර මරා දමන්නට තැත් කරන්නට පෙර ගෝඨාභය රාජපක්ෂ ඔහු හා සනත් බාලසූරිය ගෙන්වා තර්ජනය කළ ආකාරය ඔවුන් විසින් එකල ජනමාධ්‍යවලට හෙළි කර තිබිණි. ඒ ගෝඨාභය රාජපක්ෂ දැන්නම් තොත්ත බබෙකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි බරපතල සිද්ධි ගැන ඔහු කිසිවක් දන්නේ නැත. දුමින්ද සිල්වා, ගලගොඩඅත්තේ ඥානසාර වැනි අය සමග සම්බන්ධයක් ද තිබී නැත. එපමණක් නොව පළ

හිස සුන් මළ කඳන්, අත් පා කැපූ සිරුරු කොළඹින් හමු වන්නේ ඇයි?

Image
පසුගිය සතියේ දෙමටගොඩ ප්‍රදේශයෙන් හිස හා අත් පා සුන් මළකඳක් හමු විය. එම මළ සිරුරේ ම පා දෙක ඊට පැය කීපයකට පෙර ආසන්න ප්‍රදේශයක කුණු ඇලකින් හමු විය.  ඒ ආසන්න වකවානුවේ ම කුණු වූ මළසිරුරක් දියවන්නා ඔයෙන් හමු විය. එම සිරුරේ ම අතක් නාවල ඇලකින් හමු විය. ඒ අතේ නියපොතු ගලවා වධ දී තිබිණි. මේ සිරුරුවල අත් පා කපා තිබුණේ එක පිහි පහරකින් පළපුරුදු මස් කපන්නකු විසිනි.  මෑත කාලයේදී කොළඹින් පුද්ගල අතුරුදහන්වීම් වාර්තා නො වූ බව පොලිසිය කියයි. එතකොට මේ මරා දමන ලද පුද්ගලයෝ කවුරු ද?  මෙය පාතාල කල්ලි අභ්‍යන්තර ගැටුමකැයි පොලිසිය සැක කරයි.  තවත් සැක කළ යුතු පැති තිබේ.  මේ අය වෙනත් ප්‍රදේශවලින් පැහැරගෙනැවිත් ඝාතනය කළ අය විය හැකි ය.  මේ පසුගිය කාලයේ පැහැරගෙන ගොස් සඟවාගෙන සිටි පුද්ගලයන් විය හැකි ය. කිසියම් අන්තවාදී දේශපාලනික, ආගමික කල්ලියක් මේ පිටුපස ඉන්නවා විය හැකි ය. කෲර අන්දමින් ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ මළසිරුරු ප්‍රදර්ශනය කිරීම දේශපාලනික අරමුණකින් කරනවා විය හැකි ය. එසේ නම්, ඒ කාගේ අරමුණක් ද? මේවා විමර්ශනය කළ යුතු ය. එසේ ම, වහාම මෙම තත්වය පාලනය කර ගත යුතු ය.  රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ග

බලි බලමු. අලි නො බලමු

Image
සත්ව හිංසන ‍චෝදනා මත කන්ඩලමේදී අද දින අත්අඩංගුවට ගන්නා ලද අලි පැටියා යා පිටේ යන්නේ කවුරුද (ඡායාරූපය: ලංකාදීප) හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නම් සංවිධානයක් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේ ය. අරමුණ හීලෑ අලින් ඇති කරන්නන්ට එරෙහිව සත්ව හිංසන නීති ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීමයි.  මේ සංවිධානයේ සාමාජිකයෝ අලින් නො ව අලි අයිතිකාරයෝ ය. පසුගිය කාලයේ රජය හැම අලි අයිතිකාරයකුට ම එරෙහිව කටයුතු කළේ නැත. කටයුතු කළේ අලි පැටවුන් නීති විරෝධී ලෙස සොරකම් කරගෙන රැගෙන විත්, අවසර නොමැතිව, දේශපාලන අනුග්‍රහයෙන් ඔවුන් ඇති දැඩි කළ අයට එරෙහිව ය.  හීලෑ බල්ලන්, බළලුන් හා ඇතැම් විට හරකුන් ආදිය සිටිති. එහෙත් හීලෑ අලි ඇතැයි මම නම් නො සිතමි. මන්ද, මිනිස් සමාජයේ නිදහසේ ජීවත් වන කිසිදු අලියකු දැක නැති හෙයිනි. හීලෑ ය කියන අලින් ද ඉන්නේ පයට විලංගු දමා ය. හීලෑ නම් විලංගු මොකට ද? අලි හිමිකරුවකු වීම එක පැත්තකින් නම්බුවට කාරණයකි. බම්බු නම්බුව කෙසේ වෙතත්, මේ අලි අයිතිකාරයෝ ඉන් පසු අලියා විකුණාගෙන කති. ඉතා අනතුරුදායක පරිසරයන්හිදී කොටන් ඇදීම සඳහා අලින් යොදා ගැනිණි. දැන් එය තරමක් අඩු ය. එහෙත්, ‍‍ඒ වෙනු

ජාතික ගීය දෙමළෙන් ගැයීමට යළි අවසර දීම හරි ද?

Image
ජාතික ගීය දෙමළෙන් ගැයීම නැවැත්වීමට මහින්ද රාජපක්ෂ රජය ගත් තීරණය අවලංගු කර එය දෙමළෙන් ගැයීමට අවසර දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.  ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ජාතික විධායක සභාවේදී මෙම ප්‍රශ්නය මතු කළ පසු ය.  කෙසේ වෙතත් මේ පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිත ය.  ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මානය කරන ලද නමෝ නමෝ මාතා ගීය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කර ජාතික ගීය ලෙස පිළි ගනු ලැබුවේ 1951දී ය. එසමයේදීම එම ගීයේ තනුවට එම් නල්ලතම්බි විසින් 'ශ්‍රී ලංකා තායේ නම් ශ්‍රී ලංකා' නම් ගීය දෙමළ කිවි එන්. නල්ලතම්බි විසින් නිර්මානය කරන ලදී.  දෙමළ ජාතිවාදීන් මෙම ගීය පිළි නො ගත් අතර, ශ්‍රී ලංකා නාමයට පවා කැමැත්තක් නො දැක්වූ හ. දෙමළ ජනතාව අතර ලංකාව සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නේ ඉලංකෛ යන වචනයයි. ශ්‍රී ලංකා යන නිල නාමය සහිත ගීය පාසල් උත්සව ආදියෙහිදී ගායනා කරන ලදී. එය නිල ජාතික ගීය නො වුණ ද ජාතික ගීයේ දෙමළ ස්වරූපය ලෙස පිළිගැනිණි. වසර පනහකට වැඩි කාලයක් ව්‍යවහාරයේ තිබුණු මෙම දෙමළ ගීය

අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය

Image
මතභේදයට තුඩු දී තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී. පරීක්ෂණ අවසන් වන තෙක් තමන් සේවයට වාර්තා නො කරන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනුම් දී ඇති බව අගමැතිවරයා පැවසී ය. සිදුධිය විමර්ශනය සඳහා පත් කර තිබෙන ත්‍රිපුද්ගල කමිටුව ආරක්ෂා කරමින් කතා කළ අගමැතිවරයා කමිටු සාමාජිකයන් තිදෙනාගේ සුදුසුකම් පෙන්වා දුන්නේ ය. පසුව කතා කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ එම කමිටුව තමන්ට පිළි ගත නො හැකි බවයි. ඔහු පවසන්නේ එම නීතිඥවරුන් තිදෙනා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ අය බවයි. එමගින් සිද්ධිය පිළිබඳ විරෝධය යට ගැසීමට රජය උත්සාහ කරන බව ඔහු පැවසී ය. මෙතැන සිදු වී තිබෙන දෙය වන්නේ මෙයයි. රජය පෙබරවාරි 27දා භාණ්ඩාගර බැඳුම්කර නිකුතුව ප්‍රසිද්ධ කළේ 9.5%ක පොළී අනුපාතයකට වසර 30කින් කල් පිරීම සඳහා රුපියල් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමටයි. එහෙත් එය අවසන් වූයේ12.5%ක පොළිය යටතේ රුපියල් බිලියන 10ක් ලබා ගැනීමෙනි. වෙන්දේසියේදී රුපියල් බිලියන 20.7ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම තිබුණු බව වාර්තා වේ. විමර්ශනය කළ යුතුව තිබ

නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ යුගය යහපාලනය තුළ අවසන් කළ යුතු ය.

Image
පහත සඳහන් වන්නේ ලංකාදීප පුවත්පතින් උපුටා ගත් සිදු වීමකි. එහි සඳහන් වන ආකාරයට නඩත්තු නො ගෙවීම සම්බන්ධයෙන් සුළු සේවකයකුට අවුරුදු නවයකට වැඩි සිර දඬුවමක් නියම කර, මේ වන විට වසර එකහමාරක් පමණ සිරගත කර තබා තිබේ. මහේස්ත්‍රාත්ගෙන් නීති විරෝධී සිර දඬුවමක් අත්තනගල්ල උසාවියේ නඩත්තු නඩුවකදී නඩත්තු නොගෙවී යැයි මාස 116 ක හෙවත් නව අවුරුදු අට මාසයක සිර දඬුවමක් නියමවූ සුළු සේවකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ඔහු සිය පෙත්සමින් කියා සිටියේ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා තමාට නීති විරෝධී සිර දඬුවමක් නියම කළ බවයි. බොකලගම අනුර සමන් කුමාර (49) ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණාන්ද තිරානාගම මහතා මගින් කියා සිටියේ මහේස්ත්‍රාත්ගේ නඩු තීන්දුව නීති විරෝධී බවයි. මෙවැනි තීන්දුවක් දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයිද කීවේය. දැනට මාස 17ක් දඬුවම් ගෙවා ඇතැයිද එම සිර දඬුවම අවසන් වන්නේ 2020 අප්‍රේල් 5 වැනිදා බවත් සිරකරුවකුගේ දිනක නඩත්තුව සඳහා රජයෙන් රුපියල් 300ක් වැය කරන බව බන්ධනාගාරය කියන බවත් ඒ අනුව තමා වෙනුවෙන් නිකරුනේ රජයේ මුදල් රුපියල් 1,044,000 වැය වන බවයි. සීගිරියේ සංරක්ෂිත

ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා ද?

Image
ආණ්ඩුව විසින් ගැසට් කර තිබෙන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නැත. සිදු වන්නේ විධායක ජනාධිපතිවරයා විසින් භුක්ති විඳින ලද අසීමිත බලතල ප්‍රමාණයක් සංශෝධනය වීම පමණි. යෝජිත ව්‍යවස්ථාව අනුව ද විධායක ජනාධිපතිවරයා රටේ බලවත් ම පුද්ගලයා වෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුමයැයි උද්ඝෝෂණය කරමින් සිටි ආන්තික කොටස්වලට දැන් මෙය එල්ලෙන්නට හොඳ වැලකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 1977ට පෙර පැවති විධායක අගමැති ක්‍රමය ඇති කළත්, ඇති වන ලොකු වෙනසක් නැත. හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක 1970 - 77 සමයේ රාජ්‍ය පාලනය කළේ ද ‍විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට වඩා ලොකු වෙනස්කමකින් යුක්තව නො වේ. සැබෑ රාජ්‍ය නායකත්වයට විධායක බලතල නො ලැබෙන නවීන ආණ්ඩු ක්‍රම කිසිවක් ලෝකයේ නැත. මේ මොහොතේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විප්ලවවවාදීන්ට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොව තමන්ගේ ඒකාධිපති පාලනය පිහිටුවා ගැනීමට යෝග්‍ය අරාජිකත්වයක් නිර්මානය කර ගැනීමයි.  එහෙත් ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය හා සම්බන්ධ ගැටලුවක් තිබිණි. එම ගැටලුව වන්නේ ලංකාවේ විධායක ජනාධිපතිවරයා සතුව අස