ශ්‍රීලනිපයට යෝධ ඉදිරි පිම්මකට අවස්ථාවක්

මහින්ද නැවතත් ක්‍ර්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව ද, ඔහු අගමැති අපේක්ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත් කිරීම සඳහා උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර පෙරමුණ උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වේ. 


මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබා ගැනීම දුෂ්කර ය. එය ඉදිරියට ගෙන එන උදය ගම්මන්පිල විසින් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන උපායමාර්ගය ඔහු සිය පක්ෂයට දමාගෙන තිබෙන පිවිතුරු හෙළ උරුමය  නම් වදන්වලට ද අපහාසයකි. උදය කියන්නේ නැවත ඇමතිකම් අවශ්‍ය වී තිබෙන හිටපු ඇමතීන්ට ඇමතිකම් ලබා ගැනීමට නම් මහින්ද රාජපක්ෂ වැනි ඡන්ද දිනිය හැකි නායකයකු යට‍තේ තරග කර මහ මැතිවරණය දිනිය යුතු බවයි. ඒ අනුව මහින්ද ගෙන එන්නේ කලින් සිටි ඇමති පෙරේතයන්ට යළි තැන හදා දෙන්නට ය. 


මහින්දව ස්ථානගත කිරීමට මීට වඩා ප්‍රතිගාමිත්වයෙන් අඩු තැනක් සොයා ගැනීමට උදය ගම්මන්පිලට නො හැකි වීමෙන් ඔහුගේ තත්වය ද හෙළිදරව් වේ. චම්පිකලාගේ, රතනලාගේ සෙවණේ සිටි උදය ගම්මන්පිලට වඩා මහින්ද‍ගේ අගු පිලේ ලගින උදය ගම්මන්පිල දුර්වල ය. 

අනෙක් පැත්තෙන්, අද වන විට සිටින්නේ 2015 ජනවාරි 08දාට පෙර සිටි ප්‍රෞඪ මහින්ද නො වේ. ඔහුගේ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ හා අන්තේවාසිකයන්ගේ වංචා, දූෂණවලට එරෙහිව ක්‍රියාමාර්ග නො ගත්තත්, මේ වන විට ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබේ. එසේම, ඔහුගේ සංදර්ශනාත්මක ජනාධිපතිකමට එදිරිව වෘත්තිකමය ජනාධිපතිකමක් මෛත්‍රීපාල සිරිසේන විසින් මේ පොළවේ පැළ කර තිබේ.මහින්දගේ නාස්තිය, දූෂණය හා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වෙනුවට අරපිරිමැස්ම හා මහජනතාවට සහන සැලසීම පිළිබඳව ද, ඒකාධිපතිවාදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ද ජනතාව අතර කතිකාවක් නිර්මානය වී තිබේ. 

මහින්දට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබා දීම යනු පක්ෂය නැවතත් රාජපක්ෂ පවුලට ලියා දීමකි. එයට එරෙහි වන්නන් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක නිමල් සිරිපාල හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි නායකයන් ද සිටින බව නියත ය. පළවා හළ රාජපක්ෂ පවුල යළි ශ්‍රීලනිප අගමැති අපේක්ෂක මට්ටම දක්වා ගෙන ඒම අතිශය දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත.

මහින්ද රාජපක්ෂ වෙනම පෙරමුණක් ඔස්සේ ඡන්දය ඉල්ලීම තරමක් දුරට 2010දී සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධ‍ානයෙන් ඡන්දය ඉල්ලීම වැනි ය. සරත් ෆොන්සේකාගේ පක්ෂයට ආසන හයක් දිනා ගත හැකි වූ මුත්, මහින්ද රාජපක්ෂ ඉදිරියට දමාගෙන එන පෙරමුණකට දිනා ගත හැක්කේ ආසන දෙකක් පමණි. ඒ මහින්ද රාජපක්ෂගේ ආසනය හා ජාතික ලැයිස්තුවෙන් එක් අසුනක් පමණි. පැරණි ක්‍රමය වෙනස් කර ඡන්දය පවත්වන විට තත්වය මීටත් වඩා නරක අතට හැරෙනු ඇත. මූලික හේතුව වන්නේ ඔහුගේ පෙරමුණෙන් ඡන්දය ඉල්ලන සෙසු පිරිස කුජීත දේශපාලකයන් කැලතක් වීමයි. ඔවුන් බලන්නේ මහින්දගෙන් ගොඩ යන්නට ය. නැතිව මහින්දව ගොඩ දමන්නට ඔවුන්ට බැරි ය. 

අනෙක් පැත්තෙන් ශ්‍රීලනිපයට අනාගතයක් තිබෙන්නේ ගම්මන්පිලගේ මුග්ධ යෝජනාව වන ඇමතිකම් තොරොම්බල් කර පැරණි දූෂිතයන්ගේ සහයෝගයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිකමට පත් කර ශ්‍රීලනිපය තුළ යළි රාජපක්ෂ පවුල නඟා සිටුවීමෙන් නො වේ.

ශ්‍රීලනිප නායකත්වය කටයුතු කළ යුත්තේ වඩා වෘත්තිකමය, බුද්ධිමත්, තරුණ දේශපාලනඥයන් පිරිසක් ඉදිරියට ගනිමින් එක්සත් ජාතික පක්ෂය අභිබවා යන්නට ය. ඒ සඳහා ඔවුන්ට එජාපයට නැති අවස්ථාවක් ලැබී තිබේ. එජාපයේ ඉදිරියට එමින් සිටින්නේ රාජපක්ෂ ක්‍රමය තුළ බිහි වූ පැරණි පන්නයේ දේශපාලනඥයන් පිරිසකි. පාලිත තෙවරප්පෙරුම, ජෝන් අමරතුංග වැනි අය විසින් සංකේතවත් කරන්නේ එම පරම්පරාවයි. එජාප නායකත්වයට ඔවුන් කපා දැමිය නො හැකි ය. එ‍සේම, ඔවුන් සමග බලාපොරොත්තු වන නවීනත්වය වෙත ළඟා වන්නට ද බැරි ය. 

මේ දිනවල ජෝන් අමරතුංගට එරෙහිව ගෙනැවිත් තිබෙන දෝෂාභියෝගය පැරදවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් භාවිතා කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවනු ලබන බවට තර්ජනයයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත්, වසර පහක සේවා කාලය නිසා මහජන මුදලින් ජීවිත කාලයට ම ලැබෙන විශ්‍රාම වැටුප මන්ත්‍රීන් 47කට අහිමි වන බවට තර්ජනයයි. මේ එජාපයේ නවීනත්වයේ දිග පළලයි.

දූෂිත දේශපාලනඥයන්ට නාම යෝජනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතාන්ත්‍රික පිළිවෙතක් ඔස්සේ නවීන පරපුරක් ඉදිරියට ගනිමින් අභ්‍යන්තර ශෝධනයක් කිරීමේ හැකියාව ශ්‍රීලනිපයට උදා වී තිබේ. මෙය එජාපයට නො ලැබෙන අවස්ථාවකි. ශ්‍රීලනිපයට ඒ ඔස්සේ යෝධ පිම්මක් පැනීමට අවස්ථාව ලැබේ. ලාංකීය දේශපාලනයේ මීළඟ විපර්යාසකාරකයා වීමේ අවස්ථාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා ශ්‍රීලනිපයටයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ශ්‍රී.ල.නි.ප යේ අනාගතය මේ කියන තරම් සොදුරු නැත. මෛතිපාල සිරිසේන ජනාධිපති තුමාගේ සභාපතිත්වය පක්ෂයේ උන්නතියට හේතු පාදක වන ආකාරය පැහැදිලි නැත. ඔහු එකවර දීග දෙකක පැටළි සිටී. පෞද්ගලිකව තමාව විධායක ජනාධිපති ධුරය කරා රැගෙන යාමේ ගෞරවය එ.ජා.ප යට හිමිවේ. ඒ සඳහා එම පක්ෂයට ප්‍රති උපකාර කළ යුතුව ඇත. අවම වශයෙන් ද්‍රෝහි නොවි සිටිමට නම් එ.ජ.ප ය පරාජය කරවීමට තරම් පුළුල් මැතිවරණ ව්‍යාපාරයකට ඔහු පෞද්ගලිකව මැදිහත් නොවිය යුතුය. ඔහුට ජනාධිපතිවරණය ජය ගැනීමට පොලොන්නරුව දිස්තුික්කය හැර අන් ප්‍රදේශ වලින් ශ්‍රී.ල.නි.ප ඡන්ද ලැබුණේ 10%ක හෝ ඊට අඩු ප්‍රමාණයකිනි. එවන් පක්ෂයකට මහ මැතිවරණ ජයග්‍රහණයක් ළඟාකර දීමට ඔහු කටයුතු කරතැයි අපේක්ෂා කළ හැකිද? අනෙක් අතට මහින්ද, මෛත්‍රී. යන ප්‍රබලයින් දෙදෙනා මත මිස ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයින්ගේ විශ්වාසයක් හෝ ලැදියාවක් අනෙක් නායකයින් කෙරේ රැඳි නොමැත. මෙවන් පසුබිමකදි ඔවුන් ඡන්දය ප්‍රකාශකිරිමෙන් වැළකි සිටිමේ ප්‍රවනතාවයක් ඇත. මෙහි වාසිය නිතැතින්ම එ.ජා.ප. යට ලැබීමේ ඉඩ කඩ වැඩිය.

    ReplyDelete
    Replies
    1. ශ්‍රීලනිප අනාගතේ බාරගන්න ඉන්නෙ නිල් බලුකායෙ හිටපු මැර හොර රැල

      Delete
  2. කව් රු මොනව කිව්වත් ඊ ලග පාර unp ආන්ඩුවක් තමය් පුදුමෙය් කියන්නෙ මාතලන් බූරුවට ඒ ක නොතෙරීමය්
    chamikaran

    ReplyDelete
  3. මහින්ද වෙනම ම ඉල්ලනවානම් තමයි රනිල්ට යි අලින් ටයි හොඳ..

    ReplyDelete
  4. Rajapaksa sahodrarayin hathara denaama samath usaspela vishayayan ganana thunai kiyalaa Ranil parlimenthuwedi kiwwaa mata mathakai. Dinesh, Vaasu, DEW,Gammanpila hathara denaatama chanda panasdaahak wath ganna beri bawai mage adahasa.

    ReplyDelete
  5. //දූෂිත දේශපාලනඥයන්ට නාම යෝජනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතාන්ත්‍රික පිළිවෙතක් ඔස්සේ නවීන පරපුරක් ඉදිරියට ගනිමින් අභ්‍යන්තර ශෝධනයක් කිරීමේ හැකියාව ශ්‍රීලනිපයට උදා වී තිබේ.//

    මමත් හිතන්නෙ ශ්‍රී ල නි ප සුද්ද කරගන්න එක පහසුයි එ ජා ප සුද්ද කරගන්නවට වඩා. හැබැයි ඒ සුද්ද කිරිල්ල හරියටම කරන්න ඕනැ උගුරට හොරා බේත් කන්න හදන්නෙ නැතුව.

    ඒ වුනත්..................

    ReplyDelete
  6. මහින්දව නැවත වරක් ශ්‍රී නිදහස පක්ෂයේ අගමැති අපේක්ෂකයා කිරීමට පක්ෂයේ සිටින නායකයින් වැඩිම දෙනෙක් කැමති වෙන්නේ නැහැ , චන්ද්‍රිකා කීව ලෙස එදා 59 න් 56 ක් මහින්දට කැමති වුන්ව් නැහැලු . සමහර විට අද තත්වය ටිකක් වෙනස් වෙන්න පුළුවනි මොකද මහින්ද හරහා හොරා කෑව පිරිස මහින්දට ඉන්න නිසා . නමුත් මෛත්‍රී හෝ චන්ද්‍රිකා කිසිවිටෙක කැමති වෙන්නේ නැහැ මහින්දව ඉදිරියට ගන්න .,
    මෛත්‍රී කීව මහින්ද දිනුවානම් ඔහු ඉන්නේ පස් යට කියලා , චන්ද්‍රිකා කීවා මහින්ද එයාව කපලා කැවී කියලා ,
    අනික තමා මහින්දගේ විදුලි පුටු , හේග් අදිකරණ , චන්ද ගන්න කියපු බොරු නිසා ගැහැණු වැඩි දෙනෙක් මහින්දට චන්දෙ දුන්නා , මහින්දගේ 57 න 7 ක් ලැබේවි අනාත පෙරමුණට නැවත චන්දෙට ඉසිරිපත් වුනොත් .

    ReplyDelete
  7. ගොන්මන්පිල බොඩි ලැන්ග්වේජ් එකෙන් බුද්ධිමතෙක් කියලා පෙන්වන්න හදන්නේ ඇයි කියන එක හූන්දින් බැලුවොත් පේනවා. එයා දේශපාළණ ලදරුවෙක් කියලා මාතලන් කිව්වේ බ්ලොග් ලියන්න ගත්ත මුල්ම කාළේ. මොකෝ අපේ පන්තිවලත් හිටියා ඔහොම හරක්. ටියුෂන් ක්ලාස් වලදි ඔය ගොන් පාට් දාපු. මම ගොන්මන්පිලලට වඩා මර්වින්ලට කැමති ඒකයි. ඒක එයාගේ ක්‍රමය. මට දුක ඔය යකාගේ ගිලි කන ගොන් හරක් ගැන. එයාලා නම් කුඩු. මහින්ද එයාලා එක්ක ගියොත් පැරා කියනවා වගේ එයා විතරක් එයි.

    අපි කෑ ගහන්නේ නිකං නෙමෙයි. මේ ලබපු ජයග්‍රහණය පවත්වා ගන්න. සිරි ලංකා එකේ හරක් අවුරුදු 20 ක්ම කෑවා නේ. තාමත් ජනතාව බලවත්. ඕන් සිරිසේන ලොක්කට මතක් වෙලා එක්සෙකටිව් පවර් යූස් කොරන්න. ජනාධිපති කොමිසමක් දානවය කියන්නේ තෝරූ මෝරූ අල්ලන්න. බලමුකෝ ඒකත් කොරලා..

    අඬන්න ඕන්ලු කිරි එරෙන්න..

    ReplyDelete
  8. අද කාලේ ඉන්න මන්ත්‍රී කියන උන්ට වැටහෙන්නේ තර්ජන විතරයි. ඒ නිසයි රනිල් තර්ජනයක් දැම්මේ. ජොන්නා පොලීසි වලට පාට් දාන ප්‍රාදේශීය සභාවලට ගහන ගොන් මැට්ටෙක් වුණේ ඌව හරියට පාලනය කරන්න රනිල් අකමැති නිසා. ඒ නිසා ඌව අයින් කරන්න රනිල්ට කොන්දක් ඕනෙ. ඕකා ගියා කියලා යූඇන්පියට ලොකු හානියක් නැහැ.

    මහින්ද අගමැති අපේක්ෂක සටනට එන්න දැඟලීම හොඳයි. ශ්‍රීලනිපෙ කෑලි වලට කැඩීමේ ආරම්භය එතනයි. ඒක තමයි රනිල්ගේ පූරුවේ පින් පලදීම. යූඇන්පියට මහින්ද එදා කලදේ අද ශ්‍රීලනිපෙට වෙනවා. කළකම් පළදෙනවා. ඊළඟ මැතිවරනෙන් රනිල් දිනනවා. මෛත්‍රී යූඇන්පියට කළගුණ සැලකීම සඳහා කිසිම දේශපාලන වේදිකාවකට නගින්නේ නැතුව හිටියම ඇති.

    ReplyDelete
  9. මහාචාර්ය මාතර සුනිල්.
    ඉදිරි අවරුදු දෙක තුලදී මහින්ද සක්‍රීය දේශපාලනයට නොආ යුතුය. ප්‍රතිපත්ති මත විමල්, ගම්මන්පිල, ඇතුළු සන්දානයට පිටත සිට සහයෝගය දියුතුය. හව්ල් ආණ්ඩුවක් සදහා ශ්‍රීලනිපය මෛත්‍රී සමග ඉදිරිපත් වනු ඇත. එවිට මෙම හව්ලට (JVP, UNP , MY3 ) ඇති එකම විකල්පය එම ජාතික පෙරමුණ පමණි. අවම වශයෙන් 10% වත් බොහෝවිට 20% චන්ද ප්‍රමාණයක්, ඔව්න් ලබාගනු ඇත. අවරුදු දෙකකින් මෙම රජය බලය බෙදීම හරහා සිංහල පමණක් නොව නැගෙනහිර මුස්ලිම් දෙමල ආරුව්ල් වැඩිකරනු ඇත. UNP MY3 හෙල උරුම ආරවුල් වැඩිවී ආර්ථිකයද පස්සට යනු ඇත. එවිට යොදාගතහැකි සියලු ජාතීන් පිළිගන්නා එකම නායකයා මහින්ද පමණි. එතෙක් පටු වාසි තකා ඔහු බිලිනොදී රකගතුතුය.

    ReplyDelete
  10. ඇත්තෙන්ම ගොම්මන්පිලට වඩා වීරවන්ස වුනත් ටිකක් හොඳයි වගේ. වීරවන්ස කරන්නෙ කොන්ත්‍රාත් ක්‍රමයට කාට හරි හෝ මොකකට හරි ඇටෑක් කරමින් ජනතාව මුලා කිරීමට තැත් කිරීම. වීරවන්ස ගොම්මන්පිල වගේ හොර උපාසක වෙස් ගන්නෙ නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා