රනිල් - ජෝන් - මහින්ද අශුද්ධ සන්ධානයක් ඇති වන හේතුව මෙන්න

රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර අශුද්ධ සන්ධානයක් පිළිබඳ බරපතල සැකයක් මතු වේ.

අපි මේ පිළිබඳව මුල් ම අනතුරු ඇඟවීම කළේ ජනවාරි 09 උදෑසන කුමන්ත්‍රණ සිද්ධි සමගයි. එම ලිපිය ‍මෙතැනින් කියවන්න >> ජන අරගලය පාවා දුන්නා ද?

ආණ්ඩුව බලයට පත් වී මාසයකුත් සතියක් ඉක්ම ගොසිනි. දින සීයේ වැඩසටන තරමක් දුරට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් එක් ප්‍රබල අඩුපාඩුවක් ඇත. ඒ රාජපක්ෂ රජයේ මහා වංචනිකයන්ට හා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට නො ලැබීමයි. 

මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල්, යෝෂිත, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, දුමින්ද සිල්වා, මහින්ද බාලසූරිය වැනි අංක එකේ දූෂිතයෝ නිදැල්ලේ සිටිනවා පමණක් නොව  දැන් දැන් ඔවුන්ගේ ඇම්බැට්ටයෝ දූෂණ විරෝධී ජන බලවේගවලට කෝචොක් කිරීමට ද පටන් ගෙන තිබේ. " කෝ තොපි දූෂණ ඇල්ලුවා ද?" යි ප්‍රසිද්ධියේ අසන ඔවුහු ඉහත කී පුද්ගලයන් නිර්දෝෂී බව ප්‍රවර්ධනය කරන්නට එම තත්වය භාවිතා කරති. 

එපමණකින් නො නැවතී මේ ප්‍රතිගාමීන් නැවත දේශපාලනයට ගෙන ඒම සඳහා පිඹුරුපත් ද සකස් කර තිබේ. පෙබරවාරි 18දා කොළඹදී පැවැත්වෙන රැළිය උදාහරණයකි. 

මෙම තත්වයට මූලික හේතුව ඇමති ජෝන් අමරතුංගගේ යටතේ තිබෙන පොලිසියේ අකාර්යක්ෂමතාවයි. පොලිසිය අකාර්යක්ෂම බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. එය ක්ෂණිකව කාර්යක්ෂම කරන්නට බැරි ය. විශේෂයෙන් ම දේශපාලනඥයන්ට එරෙහිව ඇති දූෂණ චෝදනාවලදී පොලිසිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව ය. එසේම, ඉහළ දේශපාලන නායකත්වයෙන් තම ක්‍රියාමාර්ගවලට ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව ද පොලිසිය විමසිලිමත් ය. 

පොලිසිය හොරට නිදාගෙන සිටින බව පැහැදිලි ය. පාලිත තෙවරප්පෙරුම සම්බන්ධයෙන් පොලිසිය නීතිය ඉහළින් ම ක්‍රියාත්මක කළේ ය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැදිහත් වූ නිසා ය. තිස්ස අත්තනායකට එරෙහිව ඇති නඩුව අවුල් කළ බවට ද පොලිසියට චෝදනා එල්ල වී තිබේ. දුමින්ද සිල්වා සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස වෘත්තීය සමිති අකුරට වැඩ කරන ආකාරයටයි.

මේ සියල්ල මැද ‍ඇමති ජෝන් නිහඬ ය. ජෝන් මහින්ද රාජපක්ෂ පවුලේ ඉත්තකු බව කවුරුත් දනිති. මහින්ද මැද පෙරදිග හා වතිකානුවේ සවාරි යන විට ජෝන් ද පස්සෙන් එල්ලාගෙන ගියේ ය. ජනාධිපතිවරණ සමයේ පවා ජෝන් ආණ්ඩුවට හේත්තු වන්නට ඔෆර් එකක් ලැබෙන තෙක් බලා සිටියේ ය. එහෙත්, මහින්ද ඔහු ගත්තේ නැත. දැන් මහින්ද ඔහුගෙන් වැඩ ගනියි. ඒ රනිල්ගේ අනුග්‍රාහකත්වය ඇතිවයි. 

රනිල් මෙසේ හැසිරෙන්නේ ඇයි? රහස මෙයයි.

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂය යම් ප්‍රමාණයකට උර දුන් බව ඇත්ත ය. එහෙත්, එය තනිකර ම එජාපයේ වැඩක් නො වේ. මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පදනම වන්නේ ඔහු වටා එක් රැස් වූ ඒකාධිපති විරෝධී ප්‍රජාතාන්ත්‍රික ජන බලවේගයයි. එහි නියම නායකයා වුණේ මෛත්‍රීපාල සිරිසේන මිස රනිල් වික්‍රමසිංහ නො වේ. 

ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ද මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ ජනවරමට අනුකූලව කටයුතු කරන බව පැහැදිලිව පෙනේ. ඔහුට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ආකාරය මතභේදකාරී ය. රනිල් මෛත්‍රීට වඩා ඥාති - මිත්‍ර සංග්‍රහයට ලොල් බව ඇමති මණ්ඩලයට රුවන් විජේවර්ධන‍, අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, ජෝශප් මයිකල්, ගාමිනී ජයවික්‍රම වැනි අය පත් කිරීමෙන් පෙනිණි. 


මෛත්‍රී යනු ශූර‍ දේශපාලකයෙකි. බිම් මට්ටමේ සිට ඉහළම තැනට ආ ඔහු පහසුවෙන් අල්ලේ නටවන්නට බැරි බව පැහැදිලි ය. ඔහු වැඩි සද්දයක් බද්දයක් නැතිව ශූර ලෙස ශ්‍රීලනිපයේ බලය තහවුරු කරගෙන එහි මෙහෙයුම සියතට ගත්තේ ය.එපමණක් නොව, මහින්ද රාජපක්ෂ නම් නරක් වූ දත ස්ථිරව ම ගලවා දමා, පක්ෂය අභ්‍යන්තර ශෝධනයකට ලක් කිරීමට ද මුල පුරා ඇත. 


නවීන පක්ෂයක් බවට පත් කරමින් යෝධ පිම්මක් පැනීමේ හා අනාගත විපර්යාස කාරකයා බවට පත් වීමේ විභවය මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය අත්පත් කර ගනිමින් සිටියි.

මහින්ද රාජපක්ෂගෙන් මුදාගත් ශ්‍රීලනිපය ඉදිරියේ රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය හරියට අබලන් කරත්තයක් වැනි ය. එහෙත් දැන් ක්ෂණිව එජාපය නවීකරණය කරන්නට බැරි ය කීම පිළිගත නො හැකි ය. ඒ සඳහා දැන් සිට ම පියවර ගත හැකි ය. ඇමති ජෝන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට ඔහු ඉවත් කිරීම එවැනි එක් රැඩිකල් පියවරකි. රාජපක්ෂවාදී පැරණි විලාසිතාවට අයත් ජෝන් අමරතුංග, ජෝශප් මයිකල්, ගාමිනී ජයවික්‍රම, පාලිත තෙවරප්පෙරුම, රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස වැන්නන් වෙනුවට අලුත් පරපුරක වෘත්තීය දේශපාලනඥයන් ඉදිරියට ගත යුතු ය. එහෙත්, ඒ ඥාති හා මිත්‍ර සංග්‍රහය මත පදනම්ව නො වේ.  එජාපයේ ප්‍රජාතාන්ත්‍රික පදනම ශක්තිමත් කර, වඩා සුදුසු පුද්ගලයන්ට එජාපයෙන් නාම යෝජනා ලබා ගත හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු ය.

එසේම, රාජපක්ෂ පාලනයේ දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කිරීම එජාපයේ අව්‍යාජත්වය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //එහෙත් එක් ප්‍රබල අඩුපාඩුවක් ඇත. ඒ රාජපක්ෂ රජයේ මහා වංචනිකයන්ට හා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට නො ලැබීමයි. //

    එයට ප්‍රධාන හේතුව වන්නේ දේශපාලුකයන් අතර පවතින නිහඩ සම්මුතියකි. මහින්දගේ දුෂණය ට එරෙහිව නීතිය ක්‍රියා කලොත් එයින් ස්ථාපනය වන precedent එකට අනුව ඊළඟ වාරයේ මෛත්‍රී ට එරෙහිව නීතිය ක්‍රියා කෙරේ. එකෙක්ගේ දූෂණයක් ඇල්ලුවොත් මුලු පාර්ලිමෙතුවම අනතුරට පත් වෙති. ඡන්දයෙන් ඡන්දයට දේශපාලන පලිගැනීම් සිදුවනු ඇත. මෙය හොරුන්ට ඉතා අහිතකර තත්වයකි. එනිසා නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නීතිය ක්‍රියාත්මක නොකරම සිටිය හැකි අවස්තාවලදී පමණි.

    ReplyDelete
    Replies
    1. අපේ ගුරුතුමා ඇත තවමත් පිට්ටනියේ....මතුගම කලාපයේ ගුරුවරුන්ගේ ක්‍රීඩා උළෙල

      ආව් ආව් අජිත් පැරකුම් අයියාත් නෙට්බෝල් ගහලා,ගෝනි රේසුත් ගිහිං. ලංකාදීපේ පින්තුරත් එක්ක දාලා තියෙන්නේ.

      Delete
  2. අජිත් පැරකුම්ට unp ඇලජික් එකක් තියෙන බව සක් සුදක් සේ පැහැදිලියි . සමහරවිට අතීත jvp සීන් වල අති අමිහිරි පරිප්පු වල රස unp කියද්දී නිරායාසයෙන්ම මතකෙට එන නිසා වෙන්න ඇති. ඔය අසනීපෙ victor ivan ටත් තියෙනවා. නමුත් ඕවාට බේත් නැ .

    අජිත්ලා කියන විදියට john අවුල් .. හම්පඩ නාකි එවුන් ..උනුත් එපා... අකිල විරාජ් .. මිනිහා තරුණයි උගත් ඒ උනාට රනිල්ට කිට්ටු වැඩියි ඒ නිසා ඌත් එපා ... මොන මගුලක්ද යකෝ කියන්නේ ... මරු කියෝනවද ...

    චන්දේ තියලා අදට දවස් 37 ... තමුන් කියන්නේ අවුරුදු විස්සක් තිස්සේ සන්දාන හැත්ත කාපු රට දවස් තිස් හතෙන් තව්තිසාව කරන්න කියලද ...ඒ වැඩේ රනිල්ට බෑ ... සක්කරයට කියනවා .

    රනිල් කියන්නේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියෙක් ... එයාගෙන් මහින්දගෙ වැඩ බලාපොරොත්තු වෙන්න එපා...

    රනිල් පිළිවෙලට රට දියුණු කරයි . හොරු අල්ලන එකත් ගානට කරයි . වතුර රත් වෙනකන් කකුළුවෝ නටපුවාවේ .

    ශ්‍රී ලංකා එක යෝධ පිම්මක් පනියි. බලන් හීටාන් කට ඇරන් .. අනිත් හිලත් ඇරන් හීටාන් කැමතිනන් ..

    යකෝ මූට රනිල්ගේ ඇද ඕසෙට පේනවා .. ශ්‍රී ලංකා එකේ එපාම කරපු එකෙක් විපක්ස නායක වෙලා ඉන්න එක පේන්නේ නැ ..ඕකා නිලියෙක් එක්ක ඇමති කමෙරේදීම හෙළුවෙන් ඉදළා උගේ ගැනිගෙන්ම ගුටීකාපු එකා. යෝද පිම්ම පනින හදන්නේ චූ හිලට වෙන්න ඇති.

    මෛත්‍රී ජනාධිපති උනේ unp චන්ද නිසා නෙමේ කියලා කියන උන් පිස්සෝ .. මෛත්රිටත් ඕන නම් ටෙස් කරලා බලන්න පුළුවන් ...එයා unp එකට පුක හැරෙව්වොත් එයා තමා මේ ලෝකේ ඉන්න වසලම වසලයා. ඉතිහාසයේ තමන්ගේ නම වසලයෙක් විදියට ලියනවද,නැද්ද කියල එයා තීරණයක් ගනීවි. දැන් එයා වට කරගෙන අපේ ජනාධිපති කියන ගූ කැලි එයා ගැන මොනවද කිව්වේ කියල දැන ගන්න ඕන නම් ඒ කතා you tube එකේ ඕන තරම් තියෙනවා

    රනිල් කියන්නේ දක්‍ෂයෙක් .. අති දක්ෂයෙක් බොහෝ ඇසු පිරු තැන් ඇති කෙනෙක්. ලෝකෙම පිළිගන්න නායකයෙක්..අපි ඔහුට රට දියුණු කරන්න ඉඩ දී හැකි උදව්වක් කරමු ... කරුණාකර අපත විවේචන වලින් වැළකෙමු.අතීත පටු අවස්ථාවාදී කෝන්තර අමතක කරමු.

    jvp එක 94 දීත් 2000 දීත් චන්ද්‍රිකා හා මහින්ද සරණ ගියෙත් unp උමතු වෛරය නිසා ... මම නෙමේ කියන්නේ අනුර කුමාර දිසානායක . එයා කියනවා එයාලා දැනගෙන හිටියලු මහින්ද හොද නෑ කියලා . හොද නැති එකාව විධායක බලතල තියෙන පුටුවේ ඉන්දුවේ ඇයි කියලා කියන්නේ නෑ

    unp උමතු වෛරය අත ඇරපල්ලා ...... මම මේක කියන්නේ ලංකාවේ ඔක්කෝම එවුන්ට...

    ReplyDelete
    Replies
    1. '' අති විශ්ෂිස්ටයි "

      Delete
    2. සේනක ඉඳුවර, ඔබගේ ප්‍රවේශය තමයි එජාපයේත් ප්‍රවේශය. ඕක එක්තරා යාදින්නක් මිසක් තාර්කික අදහසක් නෙමෙයි.

      ඔබ රනිල් ගැන කියන දේ අදාළ වුණේ මහින්දට සාපේක්ෂවයි. මෛත්‍රීපාල සිරිසේන චරිතය නැඟී සිටි පසු රනිල්ගේ ඔය ලක්ෂණවල කැපී පෙනීම අඩු වුණා.

      රනිල්ට බලය අවශ්‍ය නම් රනිල් මුලින් ම ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට සිවිල් සමාජයට හැකි විධියට කටයුතු කරන්නට ඕනැ.

      අපි ජෝන්ට විරුද්ධ ඔහු නාකි නිසා නොවෙයි. ඔහු පැරණි ආකෘතියකට අයිති නිසා. අපි අකිලට, රුවන්ට තනතුරු දීම විවේචනය කරන්නේ එය ඥාති මිත්‍ර සංග්‍රහය නිසා. රවි කරුණානායක විනිමය සම්බන්ධ නඩුවක විත්තිකාරයෙක්. ඔහුට මුදල් ඇමතිකම නො දිය යුතුව තිබුණා. ඒ වගේ ම තමයි අපි සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, එරාන් වැනි අයට වැඩි වගකීම් දිය යුුතු බව කීවා.

      නිමල් සිරිපාල ගැන ඔබ කියන සිද්ධිය මීට වසර බොහෝ ගණනකට පෙර සිදු වූ දෙයක්. අපි ඔය ලිංගික කාරණා ගැන සදාචාර විනිශ්චයන් කරන අය නොවෙයි. අපි රනිල්ට බැක් කරන්න එක් හේතුවක් වුණේ ඔහු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පැත්තෙන් සුළුතරයක නියෝජිතයෙක් වීම.

      අපට එජාප එක්ක විශේෂ වෛරයක් නැහැ වගේ ම විශේෂ පක්ෂපාතිත්වයකුත් නැහැ. අපි කැමති දියුණු දේශපාලන පක්ෂ එක්ක වැඩ කරන්න. මම උදාහරණයක් කියන්නම්.

      මම ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළේ. මෙන්න ඒ පැත්තේ එජාප මන්ත්‍රීන් වෙන්න සිටින අය. පාලිත තෙවරප්පෙරුම (කලහකාරයෙක්). ජගත් විතාන (ෂයිලොක් කෙනෙකු ලෙස ව්‍යාපාර ආරම්භ කළ‍ කෙනෙක්). කිත්සිරි කහටපිටිය (නීති විරෝධීව අලියෙක් ළඟ තබාගෙන මෑතදී අසු වුණා).

      මේ තත්වය තමයි එජාපය සම්බන්ධයෙන් රට පුරා ම තිබෙන තත්වය. මේක ටිකක් ගොඩ දාගන්න අමාරු ප්‍රශ්නයක්. ජනතාව ඡන්දෙදි බලන්නේ කවුරුද අපේක්ෂකයන් කියන එකයි.

      Delete
    3. // මම ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළේ. මෙන්න ඒ පැත්තේ එජාප මන්ත්‍රීන් වෙන්න සිටින අය. පාලිත තෙවරප්පෙරුම (කලහකාරයෙක්). ජගත් විතාන (ෂයිලොක් කෙනෙකු ලෙස ව්‍යාපාර ආරම්භ කළ‍ කෙනෙක්). කිත්සිරි කහටපිටිය (නීති විරෝධීව අලියෙක් ළඟ තබාගෙන මෑතදී අසු වුණා). //

      කරුණාකර ඔබ ඉන්න පැත්තේ සන්දානෙන්, මන්ත්‍රීන් වෙන්න ඉන්න අය කවුද කියලාත් සඳහන් කරන්න පුලුවන්ද ?

      Delete
    4. පැරා ලංකාවේ තියෙන දියුණු දේශපාළණ පක්ෂ මොනවද කියලා කියනවද...?

      සිරි ලංකා එක කියලා නම් කියන්න එපා.. මොකෝ අවුරුදු 20 ක්ම මේ රට විනාශ කරලා තියෙන්නේ යුධ ජයග්‍රහණය හැරුණු විට අන් සියල්ලම් ෆේල්..

      මම නම් හිතන්නේ තියෙන දියුණුම පක්ෂය එජාපය..

      Delete
    5. අපි රනිල්ට බැක් කරන්න එක් හේතුවක් වුණේ ඔහු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පැත්තෙන් සුළුතරයක නියෝජිතයෙක් වීම. //
      ඔබතුමාට පැටලීමක් වෙලා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන්නෙ සමරිසිබව නොවෙයි.

      Delete
    6. එතකොට සමරිසි පුද්ගලයන් සමාජමය වශයෙන් ස්ථානගත වන‍ තැනක් නැද්ද?

      Delete
    7. තියෙනවා . බම්බලපිටියේ වැල්ල.

      Delete
  3. //වර්ජනය ගැන අවසන් තීන්දුවට වෛද්‍ය සංගමය අද රැස්‌වෙයි

    අජිත් අලහකෝන්

    දිවයිනේ සෑම රජයේ රෝහලකම බදාදා (18 දා) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (16 දා) පෙරවරුවේ රැස්‌වේ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔක්‌තෝබර් මස අයවැයෙන් වෛද්‍යවරුන් සඳහා ඉහළ දැමූ වැටුප් සහ දීමනා පෙබරවාරි මස වැටුපට එකතු කිරීම සහ අතුරු අයවැය මගින් රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දසදහස වැටුප් පරතරයට හානි නොවන සේ ලබාදිය යුතු බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යැමට තීරණය කළ බව එම සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා "දිවයින" ට කීවේය.

    ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ දීමනාව රුපියල් 15,000 කින්ද, විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීමනාව රුපියල් 20,000 කින් ද අතුරු විශේෂඥ වෛද්‍යවරුන්ගේ දීමනාව රුපියල් 10,000 කින් ද වැඩි කළමුත් මෙතෙක්‌ එම මුදල් තම වැටුපට එකතු කර නැතැයි වෛද්‍ය හේරත් මහතා කීවේය.

    එමෙන්ම අතුරු අයවැය මගින් රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් 10,000 නිසා රජයේ සේවක වැටුප් පරතරය 1(4 සිට 1(2 දක්‌වා පහළ වැටෙන බව ද එනිසා එම වැටුප් වැඩිවීම දීමනාවක්‌ ලෙස ලබාදෙන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටිති.

    කෙසේ වෙතත් තම ඉල්ලීම් සම්බන්ධව අද සවස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක්‌ පවත්වන බව ද කී වෛද්‍ය හේරත් මහතා කෙසේ වෙතත් පෙරවරුවේ පවත්වන මධ්‍යම කාරක සභාවේදී දීපව්‍යාප්ත වර්ජනය පිළිබඳ අවසන් තීන්දුව ගන්නා බව කීය.
    // para moko me gana kiyanne ?

    ReplyDelete
    Replies
    1. මොකුත් කිව්වොත් දොස්තරලා එන්නේ සරම ක‍රට අරගෙන නේ. ඒ නිසා නිකම් ඉන්නවා.

      අනෙක් එවුන් වගේ මාත් අපේ ළමයින්ව දොස්තරලා කරන්නයි ඉන්නෙ.

      Delete
    2. Well done Para.
      That's how you go with the flow :D

      Delete
    3. අපෝ බන් උබේ මහා ලොකු සමාජ පරිවර්තනේ. මහින්දට වුනත් ගේම ඉල්ලන පැරා මොකෝ බන් මේ පහත්ම තුච්ච නින්දිතම මානව හිමිකම් නොදන්නා තමුන්ගේ පඩිය මොක වුනත් අනික් එකාගේ පඩිය වැඩි වෙනවට ඊරිසියාවේ පැලෙන, රාජකාරිය හරියට නොකර චැනල් සර්විස් වලින් ලෙඩ්ඩු මංකොල්ල කන, Bachelor of Medicine, Bachelor of Surgery කියන (MBBS) ප්‍රථම උපාධි 2ක් විතරක් තියාගෙන postgraduate හෝ second entree degree එකක් වෙන MD එකක් තියෙනවා වගේ නම මුලට Dr. කියල හොරට දාගන්න, ලෝකේ ඉන්න උගත් වෘත්තිකයන්ගෙන් පහත්ම නීචම වෘත්තිකයෝ වෙච්ච කාලකන්නි දොස්තරලට ඔච්චර බය ?

      Delete
    4. //පහත්ම නීචම වෘත්තිකයෝ වෙච්ච ලංකාවේ කාලකන්නි දොස්තරලට ඔච්චර බය ?//

      Delete
  4. රනිල් වික්‍රමසිංහ තවමත් මහින්ද රාජපක්‍ෂට බය ය. ඔහු දුමින්ද සිල්වාට නම් බය නැත. දුමින්ද සිල්වා ගැන ප්‍රශ්නය ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ය. ඇය දුමින්ට බය දැයි අපි නො දනිමු. ඒ කෙසේ වෙතත් දුමින්ද ගැන චෝදනා එල්ල වූයේ වක්‍ර ව මහින්දට චෝදනා කිරීමට දැයි අපි නො දනිමු. මහින්ද විසින් දුමින්ද ආරක්‍ෂා කරනු ලැබුවේ ය යන්න වක්‍ර චෝදනාව විය. එහෙත් දැනට ද එක්කෝ දුමින්ද ආණ්ඩුවේ ඉහළ ම ප්‍රබලයකු විසින් ආරක්‍ෂා කරනු ලැබෙයි. එසේත් නැත්නම් දුමින්දට එරෙහිව උසාවියක දී ඔප්පු කළ හැකි චෝදනා නැත.

    අද මෙරට ඇත්තේ බය මත පදනම් වූ දේශපාලනයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් අති විශාල පිරිසකට ඇත්තේ නාමයෝජනා බය ය. තමන්ට නාමයෝජනා ලැබේ ද නැද්ද යන්න ඔවුන්ට ඇති බලවත් ම ප්‍රශ්නය ය. සංධාන, විසංධාන ආදී සියල්ල නාමයෝජනා මත පදනම් වෙයි. ශ්‍රී ල නි පක්‍ෂයේ පළාත්සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් බොහෝ පිරිසකට නම් ඒ බය නැත. ඔවුන්ට ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ වීමේ බය ඇත් දැයි නො දනිමු.

    රනිල් වික්‍රමසිංහට ආරුගම්බේ දී තවත් මාළිගාවක් හමු වී ඇත. ඔහු කී ලැම්බෝගිනි ඔහුවත් දැක ඇත් දැයි නො දනිමු. මේ මාළිගා ගැන රනිල් කියන්නේ මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වේ ය යන බය නිසා ය. මුහුණක් නැති මුහුණු පොතට මේ රසවත් කතාවකි. රනිල් වික්‍රමසිංහට සුදුසු තනතුරක් ඇත. ඒ අද්‍යතන පුරාවිද්‍යා ගවේෂක යන්න ය. පුරාවිද්‍යාඥයෝ පැරණි මාළිගා සොයා ගනිති. අද්‍යතන පුරාවිද්‍යාඥයෝ මේ සියවසේ තැනූ මාළිගා සොයා ගනිති. සංස්කෘතික ඇමතිට හා අධ්‍යාපන ඇමතිට අද්‍යතන පුරාවිද්‍යාව යන විෂය රටට හඳුන්වා දිය හැකි ය.

    එහෙත් මෙි මහින්දභීතිකාව විහිළුවක් නො වේ. කොහොමටත් බය යන්න විහිළුවක් නො වේ. අද ආණ්ඩුවට ඇත්තේ මහින්දභීතිකාව ය. එය රනිල්ට මෙන් ම මෛත්‍රිපාලටත් ඇත. එය බටහිරයන්ටත් ඉන්දියානුවන්ටත් ඇත. බටහිරයන්ගේ මහින්දභීතිකාව ඇමරිකානු රාජ්‍ය ඇමති කෙරීගේ ප්‍රකාශවලින් ද සොල්හයිම්ගේ කයිවාරුවලින් ද පැහැදිලි වෙයි. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය වීම ගැන මේ සියල්ලෝ සතුටු වෙති. එහෙත් ඔවුන්ට ද ඇති බය මහින්ද අගමැති වේ ද යන්න ය.

    රනිල් සිරිසේන ආණ්ඩුව සූදානම් වන්නේ කෙසේ නමුත් මහින්ද අගමැති වීම වැළැක්වීමට ය. ආණ්ඩුවේ නිල වෙබ් අඩවියට ලියන ලූෂන් රාජකරුණානායක නමැත්තකු පසුගිය දා ලියා තිබුණේ ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තුවන ව්‍යවස්ථා සංශෝධනයේ දී දෙවරක් ජනාධිපති ධුරය දැරූ අයකුට (වසර හය බැගින් හෝ අඩුවෙන් හෝ) ජනාධිපති ධුරයට පමණක් නොව අගමැති ධුරයට ද පත්වීමට නොහැකි බව සඳහන් වන වගන්තියක් ඇතුළත් කිරීම ගැන දැන් සාකච්ඡා වන බව ය. බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් පුද්ගලයකුට මෙතරම් බිය ඇයි ද

    ReplyDelete
    Replies
    1. අනේ මෙහෙමත් කඩේ යාමක්

      Delete
    2. අයියා නිකන් බයයි බයයි වගේද ?? රනිලට මෙදා පොටෙත් කෙළ වෙයිද ??

      Delete
  5. Bachelor of Medicine, Bachelor of Surgery කියන (MBBS) ප්‍රථම උපාධි 2ක් විතරක් තියාගෙන postgraduate හෝ second entree degree එකක් වෙන MD එකක් තියෙනවා වගේ නම මුලට Dr. කියල හොරට දාගන්න

    අම්මටහුඩු........... සිරාවටමද?

    ReplyDelete
  6. ධනවාදය ක්‍රියා කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම සඳහා හැමෝම ගන්නේ එකම කාලයක් නොවේ. සමහරු ඒ සඳහා පර්යේෂණ ගණනාවක් කර විශාල කාලයක් නාස්ති කරති. විශාල සමාජයීය පිරිවැයක් දරති. ඊට ඇතැම් විට මනුෂ්‍ය ඝාතන ද ඇතුලත් වෙයි. රෝදය නැවත සොයා ගැනීම කිසිම සමාජයක සාපරාධී ක්‍රියාවක් ලෙස සලකනවා යැයි අපි නොසිතමු. එහෙත් එය එතරම් වීර ක්‍රියාවක් ද නොවේ. කෙනෙකුට විශ්‍රාම යන වයසේ දී ත් හෝඩියේ පන්තියේ සිටිය හැක. එහෙත් අන් අයට ත් හෝඩියේ පන්තියේ අයනු ආයනු කියවීමට ආරධනා කිරීම, අඩුම තරමින්, මනුෂ්‍ය සංහතියේ ප්‍රගමනය පැත්තෙන් එතරම් සාධාරණ නොවේ.

    ReplyDelete
    Replies
    1. කෙස්ස පැහුණු පසුත් හෝඩියේ පන්තියේ සිටීමට කැමති අය හිඟ නැති බව පෙනේ.

      https://www.facebook.com/nirmal.dewasiri.3/posts/946848365334658

      හොඳට කියවලා සාකච්ඡාවට ලක්කරලා තවත් මොනවා හරි කරලා අනිත් අය දැනටම දන්න දේ තේරුම් ගන්න.

      ගර්භනී මවුවරුන්ගේ මන්දපෝෂණය අඩු කිරීම සඳහා සටන් වැදීම විප්ලවයේ ජයග්‍රහණය වෙනුවෙන් අත්‍යාවශ්‍ය බව පෙනේ.

      Delete
  7. Lamai,dostharala kerilla kesewethath.Parageth awasana ilakkaya.austaliya.usa hri batahira europiya ratakata Pawula pitin beri unoth,Daruwo hari Ringawannai.(Me wage samajawadeen Api dekala thiyenawa! (isis la adath 21 denekuge belikapala-eka harineda?)

    ReplyDelete
  8. වෙලාවේ හැටියට ඕක අටවාගත්තට කරගන යන්න බැරිවෙයි. මතකනේ බොදුබල සේනා. අන්තිමේදි චොර උනා. මේ සන්ධානයේ ඉන්නේ හොරු සහ බොරු කාරයෝ

    ReplyDelete
  9. /** ඕක එක්තරා යාදින්නක් මිසක් තාර්කික අදහසක් නෙමෙයි. */

    මම හිතන්නෙ ඕක අදාළ වෙන්නෙ මෙන්න මේ දේ ට.

    /** එජාපයේ ප්‍රජාතාන්ත්‍රික පදනම ශක්තිමත් කර, වඩා සුදුසු පුද්ගලයන්ට එජාපයෙන් නාම යෝජනා ලබා ගත හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු ය. */

    ReplyDelete
  10. පැරා, මේ වනතෙක් සෞක්‍ය වර්ජන නිසා ජීවිත ගොඩක් අහිමි වෙලා තිබෙනවා. දැන් නැවත සෞක්‍ය සේවක වර්ජනයක් එන ලකුණු පේනවා. තමාට ලැබිය යුතු සෞක්‍ය පහසුකම් වෙනුවෙන් බදු ලෙස මුදල් පෙර ගෙවීමක් කර තිබියදී එම සේවාව ලබා නොදී මරණයට පත්වීමට ඉඩහැරීම හෝ දීර්ග කාලීන රෝගාබාධයන්ට ලක්වීම ඉඩ හරිමින් අත්‍යවශ්‍ය සේවයක් පැහැර හැරීම සම්බන්ද්යෙන් දේශීය හෝ ජ්‍යාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයට පැමිණිලි කරීමට බැරි ද ? මනිස්සි මැරුණට පස්සේ නඩු දාල කාවවත් හිරේ ඇරලා වැඩක් නැති නිසා, මේ වර්ජනය එන්න කලින් ජයත්යන්තර මානව හිමිකම් කවුන්සිලය හරහා මේ වර්ජනය අත්හිටුවීමේ නිර්දේශයක් හෝ ඉල්ලීමක් ලබාගන්න බැරිද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා