මහ මග නඩු අහන මොබ් උසාවි පිටුදකිමු

නිවැරදි පුද්ගලයන් වරදකරුවන් ලෙස සැලකුණු අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ. 

බ්‍රිතාන්‍ය ජාතික තිමති එවන්ස් 1950දී මරණ දඬුවමට ලක් වුණේ ඔහුගේ සිඟිති දියණිය මරා දැමීමේ වරදටයි. එහෙත් 16 වසරකට පසුව හෙළි වූයේ එම මිනීමැරුම වෙනත් පුද්ගලයකු විසින් කරන ලද්දක් බවයි. මාලා මිනීමරුවකු වූ එම අපරාධකරුවා මෙම මිනීමැරුම සම්බන්ධයෙන් වරද පිළි ගත්තේ ය. මෙම ඓතිහාසික වරද එක්සත් රාජධානියේ මරණීය දණ්ඩනය 1965දී අහෝසි කිරීමට ද හේතු විය.මරා දැමීමෙන් වසර 16කට පසුව 1966දී තිමති නඩුවෙන් නිදහස් කරන ලදී

මෙම වීඩියෝව නරඹන්න. මෙහි වරදකරුවකු ලෙස වෛරයට පාත්‍ර වන ගුරුවරයා ඇත්තෙන් ම වරදකරු විය හැකි ය. එසේ ම ඔහු කිසියම් වැරදි අවබෝධයක ගොදුරක් වූවකු වන්නටත් පුළුවන. වරදක් කර තිබේ නම් පොලිසිය මගින් නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබියදී මේ අයුතු ජන රාශියට මේ අන්දමින් හැසිරෙන්නට පොලිසිය ඉඩ දුන්නේ ඇයි? 

වැරදිකරුවා ය කියන මෙම ගුරුවරයා මෙන් ම මේ අයුතු ජනරාශියේ සිටින පුද්ගලයෝත් නීතිය ඉදිරියේ වැරදිකරුවෝ ය. ඔවුන්ගේ හැසිරීම නින්දිත ය.

අයුතු ජනරාශි හෙවත් මොබ් මේ සමාජයේ පිළිගත් සංස්කෘතියක් බවට පත් වී තිබේ. මොබ් මානසිකත්වය බරපතල සමාජ ගැටලුවකි. මොබ්වල සාමාජිකයන් වන ආවේගශීලී පුද්ගලයෝ වනාහි තර්කානුකූලව සිතන මතන පිරිසක් නො වේ. 


විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ පාලනය ම අයුතු ජන රාශියක පාලනයක් විය. නිරතුරුව ම මොබ් සමග ජීවත් වන මොබ් ඇමතීම වෘත්තිය කර ගත් පුද්ගලයින් පිරිසක් ලාංකීය සමාජයේ නායකයන් ලෙස පිළිගැනීමට ලක් වී තිබේ.

සමාජයක නීතියේ ආධිපත්‍යය පැවතිය යුතු ය. නීතියේ ආධිපත්‍යය යනු මහ මග නඩු අහන මොබ්වල පොල්කටු උසාවි නො වේ. මෙම තත්වය දැන්වත් මැඩලිය යුතු ය. ලාංකීය සමාජය මේ මොබ් මානසිකත්වයෙන් මුදා ගත යුතු ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මට මතක නෑ.February 25, 2015 at 5:34 PM

    88-89 _ ප්‍රතිගාමීන්ට On The Spot දඬුවම් දෙමු.
    2015 _ළමා අපයෝජක ගුරුවරයාට මහ මග නඩු අහන මොබ් උසාවි පිටුදකිමු .

    “සමාජයක නීතියේ ආධිපත්‍යය පැවතිය යුතු ය. නීතියේ ආධිපත්‍යය යනු මහ මග නඩු අහන මොබ්වල පොල්කටු උසාවි නො වේ. මෙම තත්වය දැන්වත් මැඩලිය යුතු ය. ලාංකීය සමාජය මේ මොබ් මානසිකත්වයෙන් මුදා ගත යුතු ය. “
    -අජිත් පැරකුම් ජයසිංහ. 2015.02.25

    ReplyDelete
  2. ඔබට මතක නෑ මට අමතක නෑFebruary 25, 2015 at 7:40 PM

    "නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා."

    "දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේක හරි."

    අජිත් පැරකුම් ජයසිංහ. 2015-01-29

    මොබ් එකකින් අග විනිසූරු ඉවත් කලේ, ඒ වගේ තමයි මේකත්

    "ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි කියලා පැරණි පඬිවරයෙක් කියලා තිබෙනවානේ. "

    "ඒක දැන් ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු."


    ReplyDelete
    Replies
    1. ලොලේ ලොල් .. මම මේ ලිපිය දාපු දවසෙම සේව් කර ගත්තා. හදිස්සියේ පැරාට ලජ්ජා හිතිලා හෙමීට ඉවත් කරලා දයි කියල හිතල. එතරම්ම ගුජුප්සාජනකයි , හිරිකිත දනවන සුළුයි ඒ ලිපිය. ඔබට මතක නෑ අපට අමතක නෑ තමයි හිටං ....

      Delete
    2. කෙනෙක් යමක් තේරුම් ගැනීම ගැන ගැටළුවයි ප්‍රශ්නෙ. අයුතු ජනරාශිය ගන සාකච්ඡාවට ගත යුතුයි. මෙතන මේ ලිංගික හුටප්පරය නැතුව මාල කැඩිල්ලක් වගෙ දෙයක් පාදක කරගෙන සාකච්ඡාව ගෙනයන්න හැකිවුනානම් සාර්ථකයි.
      මාල කැඩිල්ල වගේම අයුතු ජනරාශියත් අනුමත කරන්න බෑ. මාල කැඩුවෙත් ඊට එරෙහිව පොල්කටු උසාවිය දැම්මෙත් එකම සමාජ අවභාවිතයක්. එය නිවැරදිකරගන්නයි පැරාට අවශ්‍ය. ලිංගික කතාව පැත්තකටම දාල මාල කැඩිල්ල ගැන කතා කලේ ලිංගික කියපුවම එන කිතිය නිසයි.

      Delete
    3. @පැරා,

      තමන්ගෙ බ්ලොග් එකේ තමන්ම ඇනෝ කමෙන්ට් දා ගන්න එක අවුල් කියලා හිතෙන්නෙ නැද්ද? (දැන් ඉතින් පුළුවන් නම් කපන්න. පැරාලට කොහොමටවත් අනුන් කියන දෙයක් දරා ගන්න හයියක් නැහැනෙ.)

      Delete
  3. අතවරයට ලක්වූවා යයි කියන දැරියගේ මව මෙම පිරිසට විරෝධය දක්වන අයුරු මම දුටුවා. ඇය ජනමාධ්‍යටත් මේ ගැන වාර්තා කිරීමට පැමිණීම ගැන විරෝධය දැක්වුවා.

    එහිදී එම දැරියගේ මව සහ අනිකුත් දෙමාපියන් සමග බහින්බස් වීමකුත් ඇතිවූවා. අදාල දැරියගේ මව කල්පනා කරන්නේ මෙම සිදුවීම දුරදිග යාම සහ ජනමධ්‍යයේ පෙන්වීම නිසා අදාල දැරියට පසු කාලීනව තවත් ලැජ්ජාවට පත්වීමට සිදුවනු ඇතැයි කියායි.

    මිනිසුන් මේ වගේ නිතිය අතට ගන්නේ උසාවිය/පොලිසිය කෙරේ ඇති විශ්වාසය බිඳ වැටීම නිසයි. මේක කාලයක ඉදලා ඇතිඋන දෙයක්.සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් මගිනුයි මිනිසුන් තුල ඇති මේ සමාජ මානසික මට්ටම වෙනස් කරන්න ඕනි. හැබැයි ඊට ප්‍රථමව නිතිය නිවැරදිව ක්‍රියාත්මක වෙන තත්වයක් ගේන්න ඕනි. ඒ විශ්වාශය ඇති උනා නං මිනිස්සු නිතිය අතට ගන්න යන්නේ නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නනේ අපි මොහාන් පීරිස්ව උපුල් ජයසුරියගේ මොබ් එක දාල එලවල, පස්සේ උපුල්ව BOI සභාපති කළා. එකෙන් නිතිය කෙරෙහි ඇති විශ්වාසය කොච්චර වැඩිඋනාද කියනවනම් ශිරානි තමන්ට එහෙහි නඩුව නීතිපති ඉවත් කිරීමට කැමති උනත් දිගටම පවත්වන් යන්න තීරණය කළා. දැන් ශිරානිට විරුද්ද නඩුව ගෙනියන්නේ ශිරානිමයි.

      Delete
    2. බූරුවන් කිහිප දෙනෙක් පමණක් තප්පු ලෑවාට මහජනතාව යහපාලනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරති.

      Delete
  4. අයුතු ජනරාශි නිර්මාණය කරන්නෙ මාධ්‍ය මගින්.මාධ්‍ය වලට අවශ්‍ය නැහැ මෙයා වැරදිකරුද නිවැරදිකරුද කියන එක. උන්ට ඕන මොකක් හරි සිද්ධියක්. ඒ සිද්ධිය ලෝක විනාසයක් වගෙ පෙන්නනවා.
    තිමති එවන්ස් නිවැරදිකරුවෙක් බව දැනගත්තෙ බ්‍රිතාන්‍ය පශ්චාත් විමර්ශනයන් සිදුවෙන නිසයි. බ්‍රිතාන්‍ය අධිකරනයත් ඉහළ ප්‍රමිතියෙන් යුක්ත වූවක්.
    නමුත් ලංකාවෙ තිමති එවන්ස්ලා විශාල පිරිසක් එල්ලා මරා තිබෙනවා.
    පොඩි අප්පුහාමි කියල ලැජ්ජාශීලී තරුණයෙක් ගුරු පත්වීමක් අරන් ඈත ගමකට ගියාලු. එදාම ගෑනු කෙනෙකුගෙ මිනියක් දොලේ පාවුනාලු. කටකතාවක් ගියා මේක කලේ අලුතෙන් ආපු ගුරුවරය කියල. වධදීමට ප්‍රසිද්ධ රාහුල කියල පොලිස්කාරයෙක් මේ ග්‍රාමීය ගුරුවරය ගෙන් කට උත්තරයක් ගත්තලු. මෙයා එල්ලා මැරුවා.

    තවත් අවස්ථාවක තමන්ගෙ දියනියන් දෙදෙනා දූෂනය කළ දෙදෙනෙකුට වෙඩිතබා මැරූ විදුහල්පතිවරයෙක් එල්ලා මරා තිබෙනවා. මෙය හදිසි කෝපයක් නිසා විධායකයේ අනුකම්පාවවත් ඔහුට හිමිවී නැහැ.
    මෙවැනි සිද්ධි විශාල ප්‍රමාණයක් ධර්මසිරි ගමගේ මහතා සිළුමිනේ පළ කල ලිපි පෙළක තිබුනා.
    අනියම් මිනීමැරුමට වරදකරු කළ හැකිව තිබූ අය ට මිනීමැරුමට දෙන දඩුවම දීල. ප්‍රීවි කවුන්සිලයෙන් අහිංසකයන් විශාල පිරිසකගෙ ජීවිත බේරගෙන තිබෙනවා.
    තිමති වැනි සිදුවීම් වුනේ එවැනි උසස් බ්‍රිතාන්‍ය අධිකරනයෙ. වෙනත් රටවල් ගැන කවර කතාද

    ReplyDelete
  5. @පැරා මේක කපන්නෙ නැතුව උත්තරයක් දෙන්නකෝ (පැරා මගේ කමෙන්ට් ගාණක් කපලා තිබුණා. ඒක නම් කුජීතයි.)

    දැන් පැරාටත් මේ වගේම පොඩි දුවක් ඉන්නවනෙ. පැරාගෙ දුව මේ වගේ ලිංගික අපයෝජනයකට ලක් වුණා නම් පැරාට තරහ යන්නෙම නැද්ද? අනේ දුවේ ඕවා ඔහොම තමයි කියලා මොකුත් නොකර ඉන්නවද? එහෙම නැත්නම් පොලීසියට ගිහිලා පැමිණිලි කරලා දුවට පොලිසියේ දහදෙනෙක් විතර ඉස්සර සාක්කි දෙන්න සලස්වලා ඊට පස්සෙ උසාවියට ගිහිල්ලා රස්තියාදු කරලා, සාක්කි කූඩුවට නංවලා විත්තියේ නීතිඥයාගෙ හරස් ප්‍රශ්න වලට ලක් කරලා දියණිය දරුණු මානසික වදයකට ලක් කරලා නීතියේ සාධාරණත්වය හා සමාජවාදය වෙනුවෙන් පෙනී හිටිනවද?

    අනේ පැරා උත්තර නැත්නම් නොදී ඉන්න. කපන්න නම් එපා. ඒක හරි නෑ නේද? කාටත් අදහස් දැක්වීමේ නිදහස් තියෙන්න ඕනැ නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන විධියත්, ඔබ අගය කරන විධියත් යන දෙක ම වැරදි නිසායි අපි මෙහෙම හඬ නගන්නේ.

      Delete
    2. ඔබ මේ පෝස්ටුව තේරුම් අරන් නෑ වගෙ. පැරා කියන්නෙ මේක හරි කියල නෙමේ. අයුතු ජනරාශිය වැරදියි කියලයි.ඒක ශිෂ්ට සමාජයට නොගැලපෙන බවයි. එසේම සාධාරන නඩුවිභාගයක අයිතිය පුරවැසියාට තිබිය යුතු බවයි.
      මේ මාධ්‍ය කරන වැඩෙන් වැඩි හානිය මේ ළමයාටයි. ළමයාගේ මව උද්ඝෝෂකයන් හා ගැටෙන්නෙ ඒකයි. උද්ඝෝෂකයන්ට අවශ්‍ය ආතල් එකක්. මාධ්‍යයට ඕන මොකක් හරි සිද්ධියක්.ඔබේ ජීවිතය අපට ප්‍රවෘත්ති එහෙමනෙ කියන්නෙ . මේකෙ වේදනාව තියෙන්නෙ ළමයගෙ දෙමවුපියන්ට

      Delete
    3. මම අගයන විදිහ පැත්තකින් තියලා ඔබේ දුවට එහෙම ඉරණමකට මුහුණ දෙන්න වුනා නම් ඔබ කොහොමද හැසිරෙන්නේ කියලා කියන්නකෝ අපටත් ඉගෙන ගන්න එක්ක.

      Delete
    4. @පැරා,

      ඇනෝනිමස් ඇවිත් කමෙන්ට් දාන්න අවශ්‍ය නැහැ. අපි කොණ්ඩෙ බැඳපු චීන්නු නෙවෙයිනෙ. ඔබේ දියණියට මෙහෙම ඉරණමකට මුහුණ දෙන්න වුණා නම් ඔබ හැසිරෙන විදිහ කියන්නකෝ අපට ආදර්ශයට ගන්න.

      Delete
    5. ඒක අහන්නත් දෙයක්ද ඔහු නීතිය ඉදිරියට යයි.පැරා විතරක් නොවෙයි දියණියක් සිටින ඕනම තාත්ත කෙනෙක් බලාපොරොත්තුවෙන්නෙ නීතියෙන් සාධාරණයක්. තමන්ගෙ දුව ට පාරෙ බැහැලවත් යන්න බැරි තත්වයක් ඇතිවෙනවට නොවෙයි. මේ සිද්ධියෙ දරුවගෙ අම්මටත් ලොකුම ප්‍රශ්නෙ මාධ්‍ය.
      කිසිම තාත්තෙක් තමන්ගෙ දුව ස්ත්‍රී දූෂන නාට්‍යයෙ ප්‍රධාන චරිතය වෙනවට කැමති නෑ. මේ ළමය ඉස්කෝලෙ යන්න ඕන ,රස්සාවක් කරන්න ඕන , කසාද බදින්න ඕන. දැන් මේ ළමයට ලැබිල තියන ප්‍රසිද්ධිය බලන්න.

      Delete
    6. ඔබ වැනි අයට පිළිතුරු දීමට මට කිසිදු අවශ්‍යතාවක් නැත.

      Delete
    7. තෑන්ක් යූ පැරා. ඔයා කොයි තරම් මතවාදීව බංකොලොත්ද කියලා පෙන්නුවට.

      Delete
    8. //මතවාදී //... කියන්නේ මත් වෙලා (වගේ) කරන වාද වලට නේද?

      Delete
    9. මෙවන් ක්‍රියා සාධාරණිකරණය තුළ ගොත්‍රිකත්වය හැර වෙන යමක් නැත. ලංකාවට වී ඇති හෙණය මේවා අනුමත කරන කොමෙන්ට් වලින්ම පෙනේ.කළ යුත්තේ නීතිය සහ සාධාරණය උදෙසා බලපෑම් කිරීම මිස හරි වැරැද්ද පිළිගත් ක්‍රමවේදයක් තුළ නොවිමසා ගුටි බැට දීම සහ මරා දැමීම නොවේ....

      Delete
  6. නීතිය හා අධිකරණයක් රටකට අවශ්‍ය මේ පොල්කටු උසාවිවලින් නඩු විසදීම අයෝග්‍ය නිසයි. පොල්කටු උසාවියක විත්තිකරුට තමන්ගෙ නිදහසට කරුණු දක්වන්න බැහැ. දෙපාර්ශ්වයටම සවන් දීමේ ස්වාභාවික යුක්ති මූලධර්ම නැහැ.

    පැමිනිල්ලත් මාධ්‍යවේදිය නඩුකාරයත් මාධ්‍යවේදිය.
    වරදකරුවෙක් ලෙස ඔප්පු කරන තුරු සියල්ලෝම නිර්දෝෂී යැයි පූර්ව නිගමනයක් තිබුනත් මෙහිදී සැකයට බදුන් වන්නා පිරිවරාගත් ප්‍රචන්ඩකාරීන් මිස වෙන දෙයක් නැහ. මේ ක්‍රමයට ඕනෑම කෙනෙකුට දඩුවම් දිය හැකියි. හොරෙක් හොරෙක් කියා කෑගසුවොත් ඕනෑම කෙනෙකුට පහර දී මරා දැමිය හැකියි. ලිංගික කරුණු අරභයා තත්වය වඩා භයානකයි. අපේ සමාජය ලිංගික බඩගින්නක සිටින නිසා තත්වය භයානකයි. අරූ බත් පිගන් දෙකක් කෑව කිව්වොත් ඒක ප්‍රශ්නයක් නෑ ඒත් තව ගෑනියෙක් තියාගෙන ඉන්නව කිව්වොත් ඒක සමාජයට දරන්න බෑ. ඒකට හේතුව ලිංගික බඩගින්නක සිටින අය කාට හරි කෑමක් හම්බවුනහම තියන ඉරිසියාව.

    මේ සිදුවීම් වල වින්දිතයාට යළිත් මාධ්‍ය මගින් දූෂණය වීම වළක්වා සාධාරන නඩු විභාගයක් මගින් ශිෂ්ට ලෙස දඩුවම් දිය යුතුයි. එහි විවාදයක් නැහැ. නමුත් මේ කාර්ය මාධ්‍ය මගින් මෙහෙයවන පොල්කටු උසාවිවලට භාර නොදිය යුතුයි.

    අතකද අර සමෘද්ධි නිළධාරියෙක් ගස් බැදපු සිද්ධිය. ඒක සම්පූර්නයෙන්ම මාධ්‍ය මෙහෙයුමක්.

    මර්වින් මන්ත්‍රීතුමා කීව ගස් බදිනව කියල .කෝ බැන්දද කියල ප්‍රශ්න කරන්න ගත්ත. ඊලඟට තමා ගස් බදින එක වුනේ. හාමුදුරුනමක් ගිනිතියාගත්ත එකත් ම්ලේච්ඡ විදියට ඉදිරිපත් කළේ. මාධ්‍යවේදියො අපරාධ කරල ඒව ඉදිරිපත් කරන්නත් ඉඩ තියනවා.

    ReplyDelete
  7. මිනිස් අයිතිවාසිකම් වගේම වෙනම ළමා අයිතීන් ආරක්‍ෂාව ගැනත් නීති පද්ධතියක් අවශ්‍යයි.

    අපරාධවලට ලක්වෙන හෝ අපරාධ වලට චෝදනා ලබන හෝ අවුරුදු 18 ට අඩු අයගේ නම්, ඡායාරූප, විස්තර, ලිපි, ප්‍රචාරය තහනම් කර එසේ කරන මාධ්‍යවේදීන්ට දඬුවම් නීතිගත කළ යුතුයි.

    සාමාන්‍ය නණීතිය අනුව වැඩිහිිටිේ‍රකුට කළ හැක්කේ පසුව අපහාස නඩුවක් දැමීම පමණයි.

    මීට අමතරව, දුෂණ නඩු වැනි දේ (ළමා/වැඩිහිටි දෙවර්ගයෙම) ඇසිය යුත්තේ මහජන ප්‍රදර්ශන ලෙස නොව වැසූ කාමර තුල සිටයි.

    සිය දිවි නසා ගැනීම් වැනි දේ වාර්තා නොකර සිටීමට හෝ නම් ගම් හෙළි නොකිරීමට මාධ්‍ය මගින් ස්වයං වාරණයක් පනවා ගත යුතුයි කියාත් මා සිතනවා.

    ReplyDelete
  8. ඔය වගේ ඒවත් ඇත්තටම මාධ්‍ය සංදර්ශන.
    අපේ රටේ මිනිස්සු හරි ආසයි ඔය මොබ් සීන් වලට. සමහර විට ඔය මොබ් එකේ ඉන්න ඇති අන්තිම ජරා වැඩ කරපු එවුනුත්. ඒ වුනත් තනියම ඉන්න වෙලාවක කවුරුහරි හොරකමක් ස්ත්‍රී දූෂණයක් මිනී මැරුමක් කරනව දැක්කොත් අහක බලාගෙන යනවා, සාක්කි දෙන්න වෙයි කියන බයට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා