සරත් නන්ද සිල්වා නම් බළලා ගලේ පැහැරූ වසුරු ගොඩ වසා දැමීමට කැමති කෙනෙක් සිටී නම් ඉදිරිපත් වන්න

මහින්දගේ හෙල්පිං හම්බන්තොට දූෂණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන මෙන් යළිත් වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඕනෑම පුද්ගලයකුට තවමත් අවස්ථාව තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා බීබීසියට පවසා තිබේ. 

දේශපාලන බලපෑමක් මත පොලිසිය එම නඩුව පැවරීමට උත්සාහ කළ බව කියමින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් නඩුව පිළිගත් අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි මුදල් ගෙවන මෙන් පැමිණිලිකරු කබීර් හෂීම් මන්ත්‍රීවරයාට, එවක පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුට සහ එවක රහස් පොලිසියේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සරත් නන්ද සිල්වා පසුගිය වසරේ ප්‍රසිද්ධ සභාවකදී සමාව ඉල්ලා සිටියේ ය. 

ඔහුගේ වැරදි නඩු තීන්දුව හේතුවෙන් අගතියට පත් වූ කබීර් හෂීම් වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙකි. 

ඔහු හෝ වෙනත් පුරවැසියෙක් නැවත මෙම විමර්ශනය ආරම්භ කරන ලෙස පැමිණිලි කළ යුතු ය. 

එසේම අසරණ සරත් නන්ද සිල්වා නම් බළලා ගලේ පැහැරූ වසුරු ගොඩ වසා දැමීමට කැමති කෙනෙක් සිටී නම් කවුරු හෝ ඔහුට උදව් කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සරත් නන්ද සිල්වා! ඕකද? ඕක තමයි දවසකටවත් පුතය!

    ReplyDelete
  2. සරත් නන්ද සිල්වාට විරුද්ධව "බලය අයුතු ලෙස පාවිච්චි කිරීම" හෝ "වෘත්තීය නොසැලකිලිමත්කම" ගැන හෝ පැමිණිල්ලක් දාන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්ණේ ඒකයි.. ඒ යකාම වැරදි කළා කියද්දි, වෙන සාක්කි ඕනත් නෑ නේ.. මාසෙකට හරි බෙලෙක් පිඟනේ බත් කවන්න ඕන එකෙක්..

      Delete
    2. ජහපාලනෙට කඩෙ ගිය/යන උන්ට නඩු නෑ කියලා දන්නෙ නැද්ද.

      Delete
    3. පැමිණිලි කළ යුත්තේ කඩේ ගිය අය නොවෙයි, ජවිපේ වගේ ස්වාධීනව හිටපු අයයි. වික්ටර් අයිවන් කලින් සෑහෙන්න සටනක් දුන්නා නේද? ඒවාට මොකද වුනේ?

      Delete
  3. Agavinisurukama karalaa kujeetha unaa.Paarlimenthu giya un atikiththo unee meka nisaa.Ingirisiyen bana kiyanna giyath ahanna kenek hitiye nehe.Welaawata My3 pilata pena gaththath wedak welaa nehe wage.

    ReplyDelete
    Replies
    1. ඇගවිනිසුරුකම කරලා කුජීත උනා පාර්ලිමෙන්තු ගිය උන් ඈටිකිත්තො උනේ මේකා නිසා.ඉන්ග්‍රීසියෙන් බන කියන්න ගියත් අහන්න කෙනෙක් හිටියෙ නෑ.වෙලාවට මය්ත්‍රී පිලට පෑන ගත්තත් වෑඩක් වෙලා නෑ වගෙ.
      සින්හලෙන් දාපන් බන්
      chamika ran

      Delete
  4. mව කේස් එක නැවත ඇදලා සල්ලි හොරකම් කල මරාටයි අසාධාරණ නඩු තීන්දුවක් දුන්න බඩු සරත්ටයි දෙන්නටම දඬුවම් කලයුතුයි.

    ReplyDelete
  5. මේ ආණ්ඩුව තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ව කටයුතු කරන තවත් ආණ්ඩුවක් මෙරට තිබී නැත. අගවිනිසුරු ඉවත් කිරීමේ දී ආණ්ඩුව ව්‍යවස්ථාවට පටහැණි ව ක්‍රියා කළේ ය. එයටත් වඩා ආණ්ඩුව පත්වූයේ ම ව්‍යවස්ථාවට පිටින් ගොස් ය. මේ ආණ්ඩුව නීත්‍යානුකූල නො වේ

    නීත්‍යානුකූල නොවන ආණ්ඩුවකට නීතියට පිටින් යෑම මහා කජ්ජක් නො වේ. ජනාධිපති දැන් සැරසෙන්නේ ඊනියා ජනාධිපති කොමිසමක් පත්කර වරදකරුවන්ට දඬුවම් කිරීමට ය. චම්පික රණවක මහින්දට දඬුවම් කළ යුතු යැයි බෙරිහන් දෙද්දී මේ කොමිසමෙන් සිදුවන්නේ කුමක් දැයි දැනගැනීමට අටුවා ටීකා අවශ්‍ය නො වේ. බටහිරයන්ට ද ආණ්ඩුවට ද අද ඇති ප්‍රධාන තර්ජනය මහින්ද රාජපක්‍ෂ ය. ඔහු කිනම් ආකාරයකින් වුවත් ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රාශියකගේ සහාය ඇතිව මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ වැළැක්විය හැකි නො වේ.

    මහින්්ද රාජපක්‍ෂ එසේ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වීම වැළැක්විය හැක්කේ ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමෙනි. ඒ සඳහා විශේෂ බලතල සහිත ඊනියා ජනාධිපති කොමිසමක් පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව පෙනෙයි. සිංහල ජාතිකත්වයට ලැබුණු නායිකාවගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමට මින් පෙර බටහිරයන්ගේ නියෝජිත එ ජා පක්‍ෂය ක්‍රියා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගොස් වුව ද, සිංහල ජාතිකත්වයට ලැබුණු නායකයාගේ ද ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීම බටහිරයන්ගේත් ඔවුන්ගේ හෙංචයියලාගෙත් හෙංචක්කලාගේත් අවශ්‍යතාව වී ඇත.

    ReplyDelete
    Replies
    1. Hmmm. .. now I got it. We need to teach those westerners a lesson this time by appointing Mahinda

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා