නෙත් එෆ්. එම්. බැලුම්ගල හා මාධ්‍ය ත්‍රස්තවාදය


2012 නොවැම්බර් 09දා වැලිකඩ බන්ධනාගාරයේදී ඇති වූ බව කියන ගැටුමකට පසු තෝරා ගත් රැඳවියන් පිරිසක් මරා දැමීම පිළිබඳ ඇසින් දුටු සාක්කි කීපයක් පසුගිය දිනවල එළි දුටුවේ ය. එම සිද්ධිය සිදු වෙද්දී වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් කීපදෙනෙක් නිදහස් වී පැමිණි පසු එය පිළිබඳ හෙළිදරව් කරමින් ඕනෑම විධිමත් පරීක්ෂණයකදී සාක්ෂි දීමට සූදානම් බව කී හ.

වැලිකඩ ඝාතනය පිළිබඳ විරෝධය අලුත් දෙයක් නො වේ. එහිදී රජය සිරකරුවන් පිරිසක් ඝාතනය කළ බවට සාධාරණ සැකයක් එ් දිනවල ම මතු කරන ලදී. එකල රජය අපරාධ සම්බන්ධයෙන් දැරූ අප්‍රකාශිත ස්ථාවරයක් වන්නේ අපරාධකරුවන් නීතියට පිටින් ඝාතනය කිරීමෙන් අපරාධ මැඩලිය හැකි බවයි. මෙම සිරකරුවන් ඝාතනය කිරීමට අමතරව, තවත් සිරකරු ඝාතන රැසක් ද, ඝාතක කල්ලි යොදාගෙන පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් ආදිය ද රජය විසින් කරන ලද බවට සැක මතු කර තිබේ.

මේවා නතර කළ යුතු ය. නතර කිරීමට නම් එම සිද්ධිවල වින්දිතයන් හා සාක්කිකරුවන් ඉදිරිපත් වී ඇත්ත හෙළිදරව් කළ යුතු ය.

වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් කළ යුතුව තිබෙන්නේ විධිමත් පරීක්ෂණයකි. එසේ නොමැතිව සාක්කිකරුවන්ට අපහාස කිරීම හා ඔවුන් අනතුරට ලක් කිරීම නො වේ.

නෙත් එෆ්.එම්. බැලුම්ගල මාධ්‍යකරුවන් පිරිසක් විසින් කර තිබෙන පහත සඳහන් වැඩසටහනේ අරමුණ මෙම සාක්කිකරුවන් සිංහල කොටි පිරිසක් බව කීම, මිය ගිය පිරිස භයානක අපරාධකරුවන් පිරිසක් නිසා ඒ ඝාතන සාධාරණ බව කීම හා මෙම සිද්ධිය මතු කිරීම සිංහල ජාතියට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන කුමන්ත්‍රණයක් බව කීමයි.

මෙම ජනමාධ්‍යකරුවන් විසින් කරනු ලබන්නේ ත්‍රස්ත ක්‍රියාවකි. ඔවුන් කරන්නේ කිසියම් මුල්‍යමය වාසියකට හෝ වෙනත් අරමුණකින් අපරාධකරුවන් පිරිසක් ආරක්ෂා කර ගැනීම සඳහා භයානක සමූහ ඝාතනයක සාක්ෂිකරුවන් සමාජ වෛරයට පත් කරමින් අනතුරේ හෙළීමයි.

මෙය ඉතා පැහැදිලිවම මාධ්‍ය ත්‍රස්තවාදයකි. ඔවුන් විසින් කරනු ලබන කිසිදු අනාවරණයක් නැත. ඔවුන් කරන්නේ ඔවුන් රටට එරෙහි පිරිසක් ලෙස හඳුන්වන සමාජ තීරුවකට එරෙහිව සමාජ වෛරය ඇති කිරීමයි. ඒ සඳහා පුද්ගලයන් කීපදෙනෙකුගෙන් ලබා ගත් ප්‍රකාශ කීපයක් පාවිච්චි කරන අතර එහි වැඩිපුර ඇත්තේ එහි මාධ්‍යකරුවන් දෙදෙනෙකුගේ වහසි බස් හා පම්පෝරි ය.

මේ මාධ්‍යකරුවන්ට තිබෙන මූලික ගැටලුව ඔවුන්ට කිසිදු සමාජ දැක්මක් නැතිකම යයි මට සිතේ. එසේම, මාධ්‍ය ආචාර ධර්ම, නීතිය හා මානව හිමිකම් ගැන ද ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පෙනේ. ඒ සියලු නූගත් අඳබාලකම් වසා ගන්නේ දේශප්‍රේමිත්වයකට මුවා වෙමිනි. ඇත්තෙන් ම බොහෝ දේශප්‍රේමීන්ගේ තත්වය මෙයයි.  

මෙම වැඩසටහන අතරතුර ඔවුන් නිරතුරුව ම කියන්නේ අපි බය නැහැ, අපි දන්නවා, අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා, අපි දෙනව වැඩේ වැනි දේයි. 

මේ වනාහි හඩ්සන් සමරසිංහගෙන් ජනමාධ්‍යකරණය උගත් පරපුර විය හැකි ය. මොවුන් පුනරුත්ථාපනය කළ යුතු ය. 

මේ පිළිබඳව උදුල් ප්‍රේමරත්න කරන පැහැදිලි කිරීම මෙසේයි:



වැඩසටහන මෙසේ ය:





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සාක්කි කාරයෝ NGO මුදල් ලබාගෙන බොරු සාක්කි දෙන කොටි කියල ළදරුවොත් දන්නවා පැරා

    ReplyDelete
    Replies
    1. NGO කියන්නේ ඔබ හිතන තරම් බිල්ලෙක් නෙමෙයි. ඔබට නො තේරෙන සියලු දේ NGO හා කොටි කියා කියන්න එපා. මිනිස්සු අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. එහෙම නැතිනම් මේ ලෝකයේ යුක්තියක්, සාධාරණයක් පවතින්නේ නැහැ. මේ සාක්කිකාරයෝ මේ දේ දුටු බව කියන අය. ඇයි ඒ සාක්කිය අහන්න ඔබ බය? මෙතන සිට මිය ගිය කෙනෙක් ඔබේ ඥාතියෙකු මිතුරකු වෙන්න බැරි ද? ඇයි ඒ මිනිසුන්ව මරලා දැම්මේ? ඇයි එහෙම අහන අය කොටින් ය කියා හිතන්නේ?

      හිරගෙවල්වල ඉන්නේ මේ සමාජයේ ම ඉන්න මිනිසුන් මිස පිටසක්වල ජීවීන් නොවෙයි. ඔබ හෝ ඔබ දන්නා හඳුනන වෙනත් කවුරු හෝ හිර ගෙදරක නැති ද කියා කල්පනා කරලා බලන්න. හිරගෙවල් කියන්නේ විශෝධන මධ්‍යස්ථාන. විශෝධනයට ඉංග්‍රීසියෙන් කියන්නේ correction කියලා. ඒ කියන්නේ නිවැරදි කිරීම. වැරදි කර ඇත්නම් නිවැරදි කිරීම මිස කාගේ හෝ අම්මා කෙනෙකුගේ දරුවකු මෙසේ මරා දැමීම අනුමත කරන එක නෙමෙයි මිනිසුන් ලෙස අපි කළ යුත්තේ.

      Delete
    2. මරණාධාර සමීතියක්ද NGO වක් වන්නේය‍.



      Delete
    3. ඊනියා දේශප්‍රේමීන් හිතාගෙන ඉන්නේ NGO කියන්නෙ ත්‍රස්තවාදීන්ට කියන තවත් නමක් කියල. උන්ගෙ තියන ගැතිකම තමයි සියළු සංවිධාන රාජ්‍ය සංවිධාන විය යුතුයි කියන එකටත් වඩා රාජ්‍ය සංවිධාන කරන සියල්ල යුක්ති ගරුකයි කියන එක.
      සමහර වෙලාවට රාජ්‍ය සංවිධාන තමයි දරුණුම ත්‍රස්තවාදී වැඩ කරන්නෙ.

      Delete
    4. A non-governmental organization (NGO) is an organization that is neither a part of a government nor a conventional for-profit business. Usually set up by ordinary citizens, NGOs may be funded by governments, foundations, businesses, or private persons.
      Source: NGO Network

      Humanitarian assistance is given by governments, individuals, NGOs, multilateral organisations, domestic organisations and private companies.
      Source: Humanitarian Aid

      "The diversity of NGOs strains any simple definition. They include many groups and institutions that are entirely or largely independent of government and that have primarily humanitarian or cooperative rather than commercial objectives. They are private agencies in industrial countries that support international development; indeginous groups organized regionally or nationally; and member-groups in villages. NGOs include charitable and religious associations that mobilize private funds for development, distribute food and family planning services and promote community organization. They also include independent cooperatives, community associations, water-user societies, women's groups and pastoral associations. Citizen Groups that raise awareness and influence policy are also NGOs"

      Source: World Bank

      Delete
    5. බැලුන්ගල චන්ඩිබාන, පුලුවන්නං "HELPING HAMBANTOTA" NGOවේ සිදුවු මගඩි ගැන ප්‍රෝග්‍රැම් එකක් කරමු. මොකද කියන්නේ කෝලර්ස්ලා අපි දෙන්නං. වැලිකඩ සීන් එකේ වගේ නාන්නැතුව වැඩේ නැගලා යයි.
      ඒක අමාරුනං මේක කරමු...
      ජනාධිපති රාජපක්ෂ බිරිද ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානය වූ සිරිලිය ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවේ සුදු වැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිනුම (අංක 143100146235069) සඳහා ශිරන්ති රාජපක්ෂ නමට 222222222V නම් ව්‍යාජ හැදුනුම්පත් අංකයක් භාවිතා කරන ලද්දේ කෙසේ ද?


      හාල් මැස්සෝ අල්ලන FM මැට්ටනි, පුලුවන්නං එන්න තෝරු මෝරු අල්ලන්න.
      මොකද කියන්නේ.
      පුක නැතිවෙයි කියලා බයයි නේද?

      Delete
  2. මේ වැඩසටහන නම් මා බැලුවෙ නැහැ. නමුත් මා දැක තිබෙනවා බලුම්ගලේ මාධ්‍යකරුවන්ගෙ ත්‍රස්ත හැසිරීම. දේවාල කියන්නෙ මිනිස්සු ගසාකන තැන් තමයි. වරෙක එක් කපු ගෑනියක් මහ රෑ අතුරුපාරවල් දිගේ ඇවිද්දෙව්වා. තව පොඩ්ඩක් ඉස්සරහ , නෑ නෑ අර ලයිට් කණුව ලග ආදී වශයෙන්.
    ඔය මාධ්‍යකරුවො දෙන්න මිනිසුන්ට අන්වර්ථ නම් වලින් තර්ජනය කරනවා. ඒව රෙකෝඩ් කරල විකාශනය කරනවා.පුදුම තෘප්තියක් ලබන්නෙ.
    මට හිතෙනව මුන් මිනිස්සු බ්ලැක්මේල් කරල සල්ලි ගන්න ව කියල.
    තව මං නිරීක්ෂණය කරල තියන එකක් මොවුන්ගෙ සමහර සාක්ෂි අසත්‍ය බව.
    මාධ්‍යවේදියා යනු ත්‍රස්තවාදියෙක් නොවෙයි. ඔවුන්ට මෙහෙම බ්ලැක්මේල් කරල පුද්ගලයන් හිංසාවට ලක් කරන්න බැහැ.ඔවුන්ගෙ තර්ජනත් හරිම අප්‍රසන්නයි. මේ දෙදෙනා පුනරුත්ථාපනය කළ යුතුයි තමයි.

    ReplyDelete
  3. අයියෝ පැරා, ඔය රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ගියා කියලා කිසිම බලපෑමක් වෙන්නේ නෑ. මිනිස්සු ඒ වෙලේට ඕක අහයි,ඊට පස්සේ ආයේ කතාවක් නෑ. දැන් ගණන සරලම උදාහරණ දෙකක්. එකක් ගාල්තැන්න දේවාලය, අනික පානදුරේ හාමුදුරුවෝ. ඔය දෙන්නා ගැනම නෙත්එෆ්එම් බැලුම්ගල වැඩසටහන් රාශියක් ගියා. හැබැයි ඔය කියන දෙන්නා අදටත් බොහොම යහතින් තමන් කරගෙන ආපු වැඩ ඒ විදියටම කරගෙන ඉන්නවා. බැලුම්ගල වැඩසටහන් කරාම මිනිස්සු ඒ වෙලේට ඒක ගැන කතා කරනවා. හැබැයි ඊට පස්සේ ආයේ ඔව්වා මිනිස්සුන්ට ගානක් නෑ.

    ඔය මාධ්‍යය වලින් කරන කියන දෑ තඹ සතේකට ගණන් ගන්න එපා. මිනිස්සු දැන් දැන් එච්චරම ඔව්වාගේ යන එව්වා ගැන තැකීමක් කරන්නේ නෑ. ගොඩක් වෙලාවට මිනිස්සුන්ට සමහර දේවල් ගැන තමුන්ගේම මත තියෙනවා. ඒක වෙනස් කරන්න කවුරු කොහොම දග දැම්මත් මිනිස්සු වෙනස් වෙන්නේ නෑ.

    ඔය ජෝතිෂ්‍යය ගැනත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට බැලුම්ගලෙන් විවේචනය කිරිම අදාළ පුද්ගලයන්ට හෝ සංවිධාන වලට නොමිලේ ලැබෙන ප්‍රචාරයක්!

      Delete
  4. පෑරා ...හරි.... නෙත් එෆ් එම්. බෑලුම්ගල උන් කතා කරන්නෙ නීතිය ක්‍රියාත්මක කරන්නෙ හරියට උන් වගේ.. මම කියන්නෙ සමාජයේ තියන වෑරදි අඩු පාඩු පෙන්නන එක හොඳයි. නමුත් ඒව ඉදිරිපත් කරන ක්‍රමයක් තියනව. සමාජයේ වෛරය ඈති කරන්න හොඳ නෑ.. උන් නිකන් වීරයො වෙන්න හදනව කියල තමයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පිස්සු වැඩසටහනක් නේ.. උන් දෙන්නා පිස්සෝ දෙන්නෙක්.. පිස්සන් කොටුවේ ඉන්න ඕන..

      තව එකෙක් ඉන්නවා සිරසේ... "සටන" වැඩසටහනේ.. අර සුදේව ද සුදීක ද මොකෙක්ද කියලා එකෙක්.. උන් පොලිස් කාරයෝ වගේ හැසිරෙන්නේ..

      Delete
    2. මම ලාස්ට් සමුරායි වෙමි.February 16, 2015 at 11:43 PM

      මීඩීයා කාන්තාවන් යවන ෆුල්ටොස් පන්දු වලට, පසු පාදයේ ආරක්ෂාකාරී පහර එල්ල කරන්න ගොස් තුනම ගලවා ගන්නා සුපර්මෑන්ස්ලා දැක්කම තනි ඇසට කඳුළු ....ඕයි.
      ලැජ්ජාවට හරාකිරි කරගන්න හිතෙනවා..

      Delete
  5. මේ වගේ ප්‍රවුර්තියක් ජාතික පුවත් පතක පලවන රටක ජීවත් වෙන්න ලැබෙනවානම් කොච්චර හොඳයිද, පැරගේ මතයට හැමවිටම එකඟ නොවුනත් පැරා කරන්නේ ලොකු සේවයක් අවරුදු දෙක තුනක ඉඳල ලිපි කියවනවා, comment කලේ නැති වුනාට හදවතින් අගය කරනවා, ඒවා පැරා බලාපොරොත්තු නොවෙන බවත් දන්නවා.

    ReplyDelete
  6. මහල්ලා සහ මළ මුහුදFebruary 16, 2015 at 11:28 PM

    දේශපාලනයේ නන්නත්තාර වුවන්ගේ රැස්වීම බලන්ට.පැරා 18 නුගේගොඩට එනවැයි.
    ඔය හාදයෝ ආයේ පාර්ලිමේන්තු යනවනං බොරු.
    ඒක නෙවෙයි වැදගත්ම..
    විමල්ට දැන් නං සිගිරිය බලන්ට යන්නත් පුලුවං ඕං.

    ReplyDelete
  7. පස් දුන් රටේ රෝයලිස්ට්February 17, 2015 at 3:18 AM

    මහින්ද ආපසු චන්දය ඉල්ලා අතට ගත් දේ කටට දා ගැනීමට නොලැබෙයි සුළුදිය පහවන කට්ටිය,

    1. කුට්ටිය මදි වෙච්ච් යු.එන්.පී කාරයෝ,
    2. NGO ග්‍රාන්ට් වලට ඉල්ලුම්පත් දාපු පුකේ වම්මු,
    3. ෆයිල් උස්සන් උසාවි ගිහින් විපක්ෂය වෙන්න බලන් හිටපු ජ.වී.පී කාරයෝ,
    4.විමුක්තිව ගම්පහට දාන්න බලන් හිටපු චන්ද්‍රිකගේ සෙට් එක,
    5.නිදහස් පක්ෂේ ජාතික සංවිධායක වෙන්න බලන් හිටපු ප්‍රා රාජිතගේ සෙට් එක,
    6. අනාගත අගමැති වෙන්න සිහින දකින චම්පිකගේ ඌරු මියෝ,

    මොකෝ මේ සැලිලා, ඔයා අයිති වෙන්නේ මොන කුලකයටද ?

    ReplyDelete
  8. hik hik hik. terrorism???
    ආරුගම්බේ ඉතා රහසිගතව ඉදිකරන බව පවසමින් පසුගිය දෙදින තුල මාධ්‍ය ඔස්සේ ඉදරිපත් කරන ලද ඇතැම් පින්තූර ආරුගම්බේ සංචාරක හෝටලක බව හෙළිව ඇත.

    පානම, ආරුගම්බේ පිහිටි ‘මාලිමා ලැගූන් කබානා’ හි ප‍්‍රාශකයෙකු අප වෙත සඳහන් කලේ එසේ මධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශණය වූ ඇතැම් පින්තූර තම හෝටලයේ බවත් එය නීත්‍යනුකූල ලෙස පවත්වාගෙන යන බවත්ය.

    කෙසේ වෙතත් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වූ ඇතැම් පින්තූරවල සඳහන් ඉදිකිරීම් තම ආයතනයේ නොවන බවත් ඒ ගැන කිසිත් කිව නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කීය.
    http://www.easternsrilanka.com/content/malima-lagoon-cabanas-panama-arugamby-srilanka/sriE4CC1BEAC682FF055

    ReplyDelete
    Replies
    1. NGO කුට්ටිය මදිFebruary 17, 2015 at 8:27 AM

      සැබවින් ම ජනපතිතුමා මුසාවාද කියතියි මම නොසිතුවෙමි. අගමැතිතුමා නම් කටට එන එන දේ කියන කෙනෙකු බව දැනසිටියෙමි. කෙසේ නමුත් අද දෙදෙනා ම තරගයට බොරු කියන බව පැහැදිළියි. මෛත්රී ජනපතිතුමා මහින්ද මහතා බකිංහැම්මාලිගයෙන් සිය පුතාට සුදු අශ්වයකු සහ පුතුන් තිදෙනාට හෙලිකොප්ටර් 3 ගෙනාබව කියනවිට මම විශ්වාස කළෙමි! පසුව ඒවා බොරුබව දැනගත්තත් මැතිවරණවලදී ඒවා සාමාන්යමයැයි සිතුවෙමි. නමුත් ජනපති බවට පත්වූවිට එවැනි බාල මුසා නොකියතියි සිත හදාගතිමි. නමුත් පසුව මහින්ද මහතා සිය පරිහරණයට අධිසුඛෝපබෝගී ගුවන්යානයක් ගෙනා බවත් කියනවිට සහ රටපුරා ජනපතිමන්දිර ඉදිකළායැයි අපේ ජනපතිතුමා කියද්දී එතුමන් ජනපති බවට පත්වූ පසුව බොරු නොකියතියි යන විශ්වාසය උඩ මම ඒ කතා දෙකම විශ්වාස කළෙමි! ඒවා අමුම අමු මුසා බව දැනගත් පසුව බෙහෙවින් කම්පා උනෙමි! අනුරකුමාර, රවිකරුණානායක වැනි මහතුන් බොරු කියනවිට ඒවා ඒ අයගේ ස්වභාවය නිසා කම්පා නොවීමි. අනතුරුව චම්පික වැනි අය බොරුකියන විට සමහරවිට ඇත්ත ද වියහැකියැයි සිතුවෙමි! නමුත් අද වනවිට මේ සියල්ලම මුසාව මත පදනම්වී ඇති ආකාරය දැකියහැකිය!
      මැතිවරණ කාලයේ තරුණියක්(නිලියක්!) බලකායකින් ගුටිකා රෝහලට ගෙනා පසු TV ගතකළාට පසුව නැගිට යන ආකාරය දුටිමි! NGO කටයුතු ගැන මනාව දන්නා බැවින් එය එතරම් දෙයකියි නොසිතුවෙමි. නමුත් ඡන්ද ව්යා පාරය පුරාම මේවා සිදුවූ අයුරු පසුව දුටිමි.වෙනිසියුලාවේ සහ උක්රේනයේ “ජනතා නැගිටීම්වලදී“ රජයේ හමුදාවෙන් වෙඩිතියා සියගණන් මියෙන අයුරු පෙන්වනලදි! සැබවින් ඒ දෙවතාවේම වෙඩිතියා තිබුණේ තුන්වන පාර්ශ්වයකින් බව හෙළිවිය!

      Delete
    2. කවුරුහරි කියන දේවල් නිකම් විශ්වාස නොකළ යුතුයි. විමසා බලා සත්‍යයැයි හැඟේනම් පමණක් විශ්වාස කළ යුතුයි.
      මා දන්නා පරිදි ජනවාරි 8 මැතිවරණයේදී බොහෝ දෙනකුට අවශ්‍ය වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට නොව මහින්ද රාජපක්ෂ මහතා පැරදවීමටය. ඒ අපේක්ෂාව ඉටු වී ඇත.
      රට හැදීම, යහ පාලනය හෝ දූෂණ මැඬලීම කොන්ත්‍රාත් දී කරවාගැනීමට හැකි වැඩ නොවෙයි. අපි සැම දෙනාම ඒවාට සම්බන්ධ වී කටයුතු කළ යුතුය.

      Delete
  9. අජිත් පැරකුම් නිදහස් අදහස් දරන්නෙකු නොව අතිශය අගතිගාමයෙක් බව එජාපට සම්බන්ද ඔහුගේ සටහන් දෙකෙන් පෙනේ. ශ්රීරලනිපය වලව් දෙකක නායකත්වයෙන් යුතු අතිශය වැඩවසම් වාදී පක්ෂයක්. 18 වන සංශෝදනය හරහා ජනාධිපති බලය තර කර ගන්නා විට එක ශ්රී්ලංකා කාරයෙක් වත් තමන්ගේ විරෝධය එලිපිට ප්රහකාශ කලේ නැහැ. ශ්රිටරණි බන්ඩාරනායකව එලවන විට එක ශ්රී ලංකා කාරයෙක් වත් කතා කලේ නැහැ. අඩු තරමේ රාජිත හෝ මෛත්රී වත්. නමුත් එජාපයේ ප්රේාමදාස ගේ වන් මෑන් ෂෝ එකට දැවැන්ත විරෝධයක් අභ්යතන්තරයෙන් ආවා. ඒ විරෝධයි නැවත ශ්රීජලනිපය බලයට ගෙනාවේ. අද මෛත්රීෝ මගින් ජය ගැනීමට නියමිත එජාපයේ විකල්ප මතධාරීන් එදා දැරූ අදහසයි.
    පැරා එජාපයේ අභ්යධන්තර අරගල ගැන මුකුත් දන්නේ නැහැ. වැඩවසම් වාදීන් උඩ දාන්නේ නැතුව මාසයකට කලින් මේ රටේ සිදුවූ දේවල් ගැන බලන්න. පොදු අපේක්ෂකයා ලෙස මෛත්රීම අවේ අහසින් නොවේ. ඒ වන විට එජාපය නිළ වශයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් තෝර ගෙන ඉවරයි. රනිල් ගේ අපේක්ෂකත්වය වෙනුවෙන් රනිල්, සජිත්, තිස්ස පක්ෂයේ නායකත්ව තුන් කට්ටුවම පෙනී සිටියා. පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කල යුතු බවට දැවැන්ත අභ්ය න්තර අරගලයක් එජාපය ඇතුලේ සිදු උනා. ඒ ප්රෙධාන නායකයන්ට විරුද්ධව. රනිල්වාදීන් වෙච්ච මංගල, විජේදාස වගේම සජිත් වාදීන් වූ තලතා වැනි අයත් පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වෙනුවෙන් පක්ෂයෙන් පිටත සිටින නමුත් එජාපයේ මතය දරන අයත් ඉදිරියට ආවා. පැරා රනිල් වාදීන් කියන රුවන් සහ අඛිල පවා මේ කාරණයේදී රනිල් වාදීන් උනේ නැහැ. ස්වාධීන මතයක සිටියා. අජිත් පෙරේරා, හර්ෂ වැනි පිරිස් ඉදිරියට ආවා. මේ භාවිතය කිසිම දිනක ශ්රීටලනිපයේ සිදු වන්නේ නැහැ. සිදු වෙලාත් නැහැ. ශ්රී ලනිපයේ නායකත්වය වලව් දෙකකන් ගලවා දැම්මෙත් එජාපයයි. දැන් රනිල් ගේ භාවිතය අපහැදිලි නම් පලමුව විරෝධය එන්නේ එජාපයෙන් මයි. මේ වන විට කිසිම පක්ෂයක නැති අභ්ය්න්තර භාවිතයක් එජාපයේ තියනවා. එය එජාපය ආභරණයක් ලෙස සලකන්නේ නැහැ. අවශ්යල වෙලාවේදී පාවිච්චි කරනවා. එය පාවිච්චි වන්නේ පරන ජවිපෙ එවුන්ට ඕනෑ ලෙස නොවෙයි. එජාප පාක්ෂිකයින්ට ඕනෑ ලෙසයි. මේ රටේ අඩු කුලේ මිනිහෙක් රාජ්යෙ නායකයා කලේ එජාපයයි. ගමේ ගොවියෙක් ජනාධිපති කලේත් එජාපයයි. රොස්මිඩ් වලව්ව හෝටලයක් කර පොහොසතුන්ට විවිර වන විට කොතලාවල වලව්ව රටේ දුගීන්ට විවර උනා. වෝඩ් පෙදෙසේ ජේ. ආර් ගේ නිවස ජාතියට හිමි උනා. මැදමුලන විසින් රටේම ජාතික ධනය එක් රැස් කර ගත්තා.
    අද ශ්රීතලනිපය තුල වෙලා තියෙන්නේ නැවත වරක් ශ්රීවලංකා කාරයෝ නිළ නායකත්වය ඉදිරියේ දනින් වැටීමයි. තමන් මීට මාසයටක කලින් දැරූ මතය අමු අමුවේ නව නායකයා ඉදිරියේ පාවා දීමයි. කලක් චන්ද්රිතකාව මකා දැම්මා වගේ මහින්දවත් මකා දමාවී. මෙවැනි දෙයක් කිසි දිනක එජාපයෙන් වෙන්නේ නැහැ. එජාප අදත් ප්රේමමදාසව තමන්ගේ නායකයෙක් ලෙස සලකනවා. ඒ හරහා ප්රේ මදාස ගේ වැරදි වල වගකීම ගන්නවා. ඔය බයිලා කියන්නේ නැතිව මහින්ද ගේ පාලනයේ වගකීම ශ්රීසලංකා කාරයින්ට ගන්න කියන්න. රටේ වෙච්ච විනාශයේ වගකීම ගන්න කියන්න.
    පැරා හුදු එජාප විරෝධියෙක් පමණයි. මේ එජාප විරෝධය නිසා කිසිම පැරා ගේ විචාර බුද්ධිය යට ගිහිල්ලා.

    ReplyDelete
  10. බැලුම්ගල එක්තරා ආකාරයට ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන බව පැහැදිළියි. ඒත් ඒකෙන් සැළකියයුතු මට්ටමකට සමාජ මතක වෙනස් වීමක් සිදුනොවන බවයි මගේ මතය. කොහොම වුනත් බැලුම්ගල වගේ වැඩසටහනක් ඔයිට වඩා සාර්ථක ලෙස කළ හැකියි. සංකල්පය හොඳයි. අදාළ මාධ්‍යකරුවන් දෙදෙනාගේ මෝඩකම තමයි ගැටළුව.

    ReplyDelete
  11. http://sinhala.lankanewsweb.net/news/15827-2015-02-16-23-37-17

    ReplyDelete
  12. බැලුම්ගල කරන උන් පිටට පෙන්නන්නෙ ඊට වැඩිය සුද්දවන්තයො රටේ නෑ කියල. හැබැයි දැන් බැලුම්ගලේ මැනේජර් චරිත් ගෑණියි ළමයයි අතෑරල බැලුම්ගලේම දිනිත එක්ක පවුල් කනව. අවුරුදු ගාණක් මේ දෙන්න ඉන්නෙ එකට..... ආයතනෙ ලොක්කො මේව දන්නව දන්නෙ නෑ වගග් ඉන්නව....

    ReplyDelete
  13. බැලුම්ගල ගවේශනාත්මක මාධ්‍ය කියලා කිව්වට තනිකර මෝඩ චූන් දෙන ජෝක් එකක්... ඕවා අහන්නේ අර ලක්ස 58 අයයි

    ReplyDelete
  14. පැරා,

    " NGO කියන්නේ ඔබ හිතන තරම් බිල්ලෙක් නෙමෙයි." මෙය ඔබසමග එකග විය නොහැක්කේ ඔබ සිතන තරම් මෙම සංවිදාන අහිංසක නැත,
    ලොව සිටින ඉහලම මානව දයාව ඇති රට ලෙස ඇමරිකාව පෙනී සිටියත් ඔවුන් කරන සෙල්ලමේ ඉතා හොද ඉත්තකු වන්නේ මේ ම NGO යි.

    මහින්ද නින්දිත ආකාරයට මිනිසුන් රැවටු බව ඇත්ත උනත් මෙම රජය පත් කරගන්න NGO උපකාර කලත්, ඔවුන් එසේ කරන්නේ අපට ආදරේ ට නොවනබව මතකතබගත යුතුය. දමිල ප්‍රශ්නය ඔවුන් තම බලය තබාගැනීමට යොදාගනී.

    ලගදී සිදුවූ පෙරළියේ මම සිතුවේ දෙමල ජනයා ශ්‍රී ලංකික අන්නන්ය තාවයක් සමග දුෂණ යෙන් තොර රටක් ඇතිකර ගනීවි කියා, නමුත් ඔවුන්ට ඉතා සුළු බලයක් ලැබුණු උතුරු පළාත් සබාවේ ලගදී සම්මතකරගත් යෝජනාව කුමක්ද ? ඔසුන් කියන්නේ සිංහලයන් අතින් ඔවුන් සමුල ගාතනය වූ බව නොවේද ?
    මෙය සත්‍යක්ද කරුණාකර Genocide යන වචනයේ තේරුම බලන්න.

    මෙරටේ මිනිසුන් බුද්ධිමත් නොවුනොත් අපගේ (දමිල ජනය ඇතුළුව) අනාගතය ඉතා අදුරු එකක් වනු ඇති.

    ReplyDelete
  15. NGO කුට්ටිය මදිFebruary 17, 2015 at 10:01 PM

    හෙනහුරා (ශනි शनि) - - - -මහින්දව පැරදවීමට???? දෙමළුන්ටයි තම්බින්ටයි නම් හේතු පැහැදිළියි. උඹ සිංහල නන්, උඹට???....... බඩ.... හිකිස්....

    ----- මීහරක් වගේ රැවටිලා ඒ රැවටීම උඹලා දැන ගෙන උනත් උඹලා උඹලාගේ උද්දච්ච කම නිසයි, ගොන් කම නිසයි පිළි ගන්න කැමති නෑ රැවටුනා කියලා.



    1. වරාය නගරයෙන් පරිසර දූෂණය වෙන්නෙත් නැතිලු, ඉඩම් අයිතිය චීනට දීලත් නැතිලු.
    2. ලම්බෝගිනිත් නැහැල්ලු.රතරන් අස්සයොත් පෝනියො වෙලා 80000කට විකුනලාලු.
    3. පරිප්පු වලට බදු ගහලත් නැහැල්ලු.
    4. පොඩ්ඩක් ඉන්නලු මන්දිර බද්ද සහ සුපිරිවාසි බද්ද සන්ශොදනය කරනම්ලු (චන්දෙන් පස්සේ :::; !!!!එතකොට සරදියෙල් ????)
    5. ආරක්ශක ලේකම්ගෙ ගිනුමත් හරිලු
    6. ඇවෙන්ගාර්ඩ් , රක්නා ලන්කා නීත්යනුකූලයිලු.
    7. අකුරුගොඩ හදන ආරක්ශක මුලස්තනයත් හොදය්ලු
    8. ඉන්දන වල බ්ද්ද සම්පුර්නයෙන්ම ඉවත් කරන්නත් බරිලු.
    9. බදු ගහල කැසිනො ටිකත් තියගම්මුලු.
    10. ගුවන් යනයත් ලන්කවෙ හදපු ඇන්ටික් බඩුවක්ලු
    11. මහින්දගෙ A-350 ත් VIP Kit එක නොමිලේ දීපු එකක්ලු
    12. හම්බන්තොට ගලකුත් නැහැල්ලු වහන්නෙත් නැහැල්ලු.
    13. ව්දුලිබල මණ්ඩලයේ ඉන්ජිනරුවන්ට පඩි වැඩි කරල තියෙන්නෙත් චම්පිකමලු
    14. රන්ජා පෙන්නපු මලිගවේ රන් කඩු , පාට කරපු විසිතුරු බඩුලු
    15. 3000 + 5000 = 8000 ලු . 2500 + 1000 = 3500 ලු
    16. චන්ද්‍රිකාට බැන්නලු මර්වින්ට ගැහවුවලු . (නරකද? )
    17. නව රුසියානු තානාපති කාර්යාල වැඩබිමට කඩා වැදී බැලුවට දුෂණ නැහැල්ලු (රුසියනු රජයේ දුෂණද ?? උඩ ගිය තරම)
    18. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු ගෝඨාභයගෙ නෙමෙයිලු
    19. ටෙලිකොම් සභාපති කුමරසින්හ මල්ලිලු, ම්යිත්‍රී බැන ආරක්ශක සම්බන්දීකරන ලඛම් ලු ,හැබැයි පවුල්වදය නෙමේලු
    20. එක්වරක් ක්‍රියාත්මක බදු ගහල සහන දුන්නා. ලබන අවුරුද කන්නේ කොහොමද? UNP / චන්ද්‍රිකා, එදා වේල ක්‍රමය; විකුනමු සෙවනගල, ශ්‍රි ලන්කෙන්,රක්ශණ සන්ස්ඨාව, නොරච්චොලේ, හම්බන්තොට…..
    21. හැම පාරම නිදහස් දිනයෙදි මිය ගිය රණවිරුවො සහ ජනතාව සිහි කර විනාඩි 2ක නිහඩියාවක් කළා. මෙවර මියගිය ජනතාව සිහි කළා. එතකොට කොටි සහ රණවිරුවො දෙගොල්ලොම අයිතියිනෙ. ඒක TNA එක සතුටු කරන්න නෙමේලු (මෙම කාරනයේදී එලාර රජතුමාට මියගියපසු දුටුගමුනු රජතුමා ගවුරව කිරීම, සහ ප්‍රභාකරන් පටලවා නොගන්න. එලාර සහ ප්‍රභාකරන් කිසිසේත් සමාන නොවේ)
    22. මෙවර නිදහස් දිනයේදී, වාහන වල නිවෙස් වල සිංහ කොඩිය දැක්කේ කලාතුරකින්. හේතුව නම් පහැදිලි නැ
    23.සෝමරත්න දිසනායක, සනස්ගල, වන්දිබට්ට නැහැල්ලු.කිසිදු වරප්‍රසාදයක් නොගත් ජැක්සන් වන්දිබට්ටයලු
    24. කොච්චර දේශපාලනිකව බංකොලොත්ද යත් ,,, කජු සංස්ථාවේ එකෙක් අල්ලාගෙන අසුචි වලත් ඉස්සෙව්වා හොරෙන් කජු කිලෝ 2/3 ක් දානයකට නොමිලේ අරන්ගියා කියලා .
    25. රත්තරන් උකස් තියපුවට පොලී ඉවත් කරපු එකත් දැන් කියනවා දරිද්‍රතාවයට පත් වෙලා කියලා ඔප්පු කරන්න පුළුවන් අයට විතරලු ඒ සහනේ ලැබෙන්නේ.
    26. තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේලු.
    27. ආරුගම්බේ ඉතා රහසිගතව ඉදිකරන බව පවසමින් පසුගිය දෙදින තුල මාධ්‍ය ඔස්සේ ඉදරිපත් කරන ලද ඇතැම් පින්තූර ආරුගම්බේ සංචාරක හෝටලක ලු...

    වැඩක් නෑ බං උඹලව අන්දලා... රනිලයි මෛතියයි... උඹල හොදට ඇදගෙන දැන් නාගෙන යනවා. තව අවුරුදු දෙකක් බලපන්. :-) :-)

    ReplyDelete
    Replies
    1. NGO වගේද INGOFebruary 17, 2015 at 10:39 PM

      එතකොට මහින්ද රාජපක්ෂ බබාලා වඩා ගත්තෙම නැද්ද ?

      Delete
    2. NGO වගේද INGOFebruary 17, 2015 at 11:30 PM

      එතකොට මහින්ද රාජපක්ෂ හොරකම් කලේම නැද්ද ?

      Delete
  16. අනෙ පැරො, NGO කියන්නෙ ඔබලාම කියන අධිරාජ්යවාදී රට වල සල්ලි මත යැපෙන වෙනම ව්යාපාරයක්. ඒකත් ඒ රටවල රජයන් වලින් පොම්ප කරන සල්ලි. ඔබතුමාලාම කියන අධිරාජ්යවාදී රටවල ආණ්ඩු කොටි ගනන් සල්ලි පොම්ප කරන්නෙ අදෙශපාලනික හෙතු වෙනුවෙන් කියලා හිතන්න තරම් නූතන විප්ලවවාදියො මොඩ වෙලාද නැත්නම් උනුත් සල්ලි වලට විකිනිලාද?

    හොදම උදාහරණය, USAID කියන ඇමරිකන් රජයට කෙලින්ම සම්බන්ධ ආයතනය ලන්කා නීතීජ්ජ සන්ගමයට (BASL) කොටි ගානක ආධාර දුන්නා. ඔවුන් තනිකර දෙශපාලනික මුහුණුවරකින් පොදු අපෙක්ශකයට උදව් කරා. අලුතෙන් පත් උන ආණ්ඩුව දෙශීය යුධ අපරාධ පරීක්ශනයකට පොරොන්දු උනා. මෙ ටික සම්බන්ධ කරගන්න බැරි මිනිස්සුත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. බොදු බල සේනාවට “නෝර්වේ ගෝඩ් ටෙම්ප්ලර් යූත් ඇසෝසියේෂන්' එකෙන් රුපියල් කෝටි ගානක් ආධාර කරනකොට එ්වා ධාර්මික NGO මුදල්ද පිංවත්නි.

      http://www.elakiri.lk/forum/showthread.php?t=1550155

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා